දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද
{ 0:00:00 } : මාර බාදක වලින් මිදී නිවැරදිව අරිය මඟ වඩමු
(ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පැණයක් කියවති): මේ ආර්ය මාර්ගයේ හරියට ගමන්කරනකොට මාරයාට හසු නොවන බව එක්තරා දේශනාවක කියලා තියෙනවා කියලා පෙන්නනවා. එතකොට ආර්ය මාර්ගයේ යන අයට මාර බාධක ඇතිවෙන බවත් පෙන්වල තියෙනවා. එතකොට මේ අදහස කොයි ක්‍රමයෙන්ද පෙන්වන්නෙ කියලා අහනවා. දැන් අපි මේ ගැටළුව විසඳගන්න ඕනෙ.
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): මෙතනදි පෙන්වපු එක්තරා දේශනාවක් තියෙනවා, මේ කැට කිරිල්ලක් උපමා කරගෙන කරපු දේශනාවක්. කැට කිරිල්ලි කියන්නෙ ඔය කුඹුරු වල ඉන්න කුරුළු වර්ගයක්. මේ කැට කිරිල්ලි ගහක අත්තක වහලා ඉන්න වෙලාවෙදි එක්තරා උකුස්සෙකුට අහුවෙනවා; මේක උපමා කතාවක්. ඒ උකුස්සා අල්ලගෙන යනකොට මේ කැට කිරිල්ලි කෑගහනවා “මේ කාළකන්ණි උකුස්සට මං අහුවුනේ මගේ කුඹුරෙ හිටපු නැති නිසයි… මගෙ බිමේ හිටියා නම් මේ උකුස්සට මාව අහුවෙන්නෙ නෑනෙ…!” කියලා මේ විදිහට කෑගහන්න පටන්ගත්තා.
මෙන්න මේ වෙලාවෙදි උකුස්සා කියනවලු “මේකිගෙ තියෙන අහංකාරකම! මේකි හිතාගෙන ඉන්නෙ මට අල්ලගන්න බෑ කියලා කොහෙ හිටියත්…” කියල “උඹේ බිම කොහෙද?” කියල ඇහුවලු. “අර (..1:19 පැහැදිලි නැත..) නැතුව කොටල තියෙන, පස් කැට තියෙන කුඹුර තමයි මගෙ බිම… මගෙ බිමේ ඉන්නෙ නැතුව අහකට ගිය හින්දයි මම උඹට ගොදුරු වුනේ…”
මෙහෙම කියනකොට “උඹේ අහංකාර කතාව! ඇත්ත පෙන්නන්නම්කො…” කියලා (කැට කිරිල්ලිය) නිදහස් කරලා “උඹ ඉන්න තැනට පලයං මං අල්ලන්නෙ නැද්ද බලන්න” කිවුවා. කැට කිරිල්ලිය නිදහස් වෙලා ගිහිල්ලා පස් කැටයක් උඩ ඉඳලා “ඉතින් උකුස්සො, පුළුවන් නම් මාව අල්ලගං!” කිවුවලු.
උකුස්සා බොහෝම වේගෙන් ඇවිදිල්ලා අල්ලගන්න හදනකොට කැට කිරිල්ලි එක සැනකින් අර කැටයක් අස්සට රිංගගත්තහම උකුස්සා ඇවිල්ලා බිම වැදුනලු, අර කැටේ පපුවෙ වැදිලා, උකුස්සා එතනම මළාලු, කැට කිරිල්ලි බේරුණාලු.
දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම උපමාවත් එක්කලා කියනවා “මහණෙනි, ඔබලාට තියෙනවා බිමක්. ඔබලාගෙ බිම සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය නැමැති බිමේ ඔබලා ඉන්නවා නම් ඔබලා මාරයාට ජයගන්න බෑ…” {{ත්‍රිපිටක සූචිය}} මාරයා නිකන් ඉන්නෙ නෑ, දැන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පස්සෙනුත් මාරයා නොයෙක් අවස්ථාවල ඇවිදිල්ලා තමන්ගෙ බාධක පමුණුවන්න ආවා. නමුත් උන්වහන්සේට බාධක පමුණුවන්න බැරිවුනා, මොකද උන්වහන්සේගේ කිසිම අඩුපාඩුවක් නෑ, සර්ව සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානයෙන් යුක්ත නිසා.
භික්ෂූණ් වහන්සේලාටත් එබඳු අවස්ථා වල සතර සතිපට්ඨානයෙන් අහක් වෙලා ඉන්නවා නම්, ඔය අවස්ථාව “මාර පාක්ෂිකයින්ට” ගොදුරුවෙන අවස්ථාවක්. යම් කෙනෙක් රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවෙන කටයුතු වල යෙදිලා ඉන්නවා නම්, මෙන්න මේ අවස්ථාව තමයි සතර සතිපට්ඨානයෙන් අහක් වෙච්චි අවස්ථාව. එතකොට රාගයන්ගේ ආදීනව, ද්වේෂයන්ගේ ආදීනව, මෝහයන්ගේ ආදීනව සිහිකරගෙන, නිවනේ ආනිසංස සිහිකරගෙන, ආර්ය මාර්ගය අනුගමනය කරගෙන, යන-එන, කරන-කියන සියලු කටයුතු වලදි මනා සිහියෙන් හිටියා නම්, සතියෙන් හිටියා නම්, එතනින් එයා සතර සතිපට්ඨානයේ ඉන්නවා. සතර සතිපට්ඨානය තුළ ඉන්න කෙනෙක් මාර පාක්ෂික බලවේග වලට ගොදුරු කරගන්න බෑ. ඒකෙන් අහක් වුන වෙලාවක් වුනොත් තමයි මාර පාක්ෂිකයින්ට ගොදුරු වෙන්නෙ.
මාර පාක්ෂිකයො කිවුවම “වසවර්ති මාර – දේවපුත්ත මාර” කියන්නෙ එක්කෙනෙක් විතරයි. “පංච මාර” කියල තියෙනවා තවත් හිත පිළිබඳ කෙළෙස් මුල්කරගත්ත මාර කොටස් හතරක්. “කර්ම මාර”, ඒවගේම තව “අභිසංඛාර මාර” ආදී වශයෙන් ඔය කාරණය පෙන්වලා තියෙනවා, “ක්ලේෂ මාර” ඔය ආදී වශයෙන්. එතකොට මෙතනදි ඔය “පස් මරුන්” කියන ඒවයෙදි කෙළෙස් සිත මුල්කරගෙන හතර කොටසකටත්, පුද්ගල මුල්කරගෙන එක කොටසකටත් මාර විග්‍රහයෙදි තියෙනවා.
හැබැයි කොයි ක්‍රමයෙන් හරි පුද්ගලයා කෙළෙස් වලට ජයගන්න පුළුවන් කමක් නෑ ධර්මය තුළ ඉන්නවා නම්. මාර පාක්ෂික බලවේග, පුද්ගල බලවේග කොච්චර කරදර කරන්න ආවත් අර “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” කියන ගුණය තුළින් එයා රැකෙනවා, ධර්මය තුළ ඉන්නවා නම්. බාධක පමුණුවන්න එන්න පුළුවන්, නමුත් ජයගන්න බෑ. ඉතින් මේවගේ අවස්ථා වලදි මාර පාක්ෂිකයෝ ගොඩක් අවස්ථාවල බුද්ධ ශ්‍රාවකයින් කෙරෙහි ඒවගේ අවස්ථා ගොඩනඟලා තියෙනවා. කරදර කරන්න ඇවිදින් තියෙනවා. නමුත් එබඳු අවස්ථා වල ඒ අයට දිනන්න හම්බුනේ නෑ. ධර්මය ජය අරගෙන ධර්මානුකූලව උන්වහන්සේලා ජයගත්තා, මාර්ගඵල අවබෝධය ලබාගත්තා.
දැන් මෙතෙනදි “මාරයාට අසුවෙන්නෙ නෑ” කියලා කිවුවහම, “මාරයාට අසුවෙනවා” කියල කියන්නෙ රාගය, ද්වේෂය, මෝහය කියන මේවට ගෝචරව කටයුතු කළොත් ඔහු ඉන්නෙ මාර පාක්ෂික දහමක. මාර පාක්ෂික දහම් තුළ ඉන්න කෙනා හැමවෙලේම මුළාවට පත්වෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළාවට පත්කරන දහම. ඒ තුළ ඉන්න පුද්ගලයට යථාර්තය වටහාගන්න බැරුව යනවා. ඒ නිසා පුද්ගලයා ඒවට ගෝචර වුනහම, “මරුට ගෝචර වුනා” කිවුවා. රාගයට ගෝචර වෙච්ච පුද්ගලයට “මාර ගෝචර පුද්ගලයෙක්” කියලා කියනවා. ද්වේෂයට, මෝහයට ගෝචර වෙලා කටයුතු කරන පුද්ගලයා “මාර ගෝචර පුද්ගලයෙක්”.
“මාර” කියන වචනෙදි “පුද්ගල මාර” විතරක් අරගත්තොත් තමයි අපි එතන පටලවාගන්නෙ. “කෙළෙසුන්” කියන කෙළෙස් වලට වසඟ වුනානම් එයත් මාර වසඟයට අහුවෙලා. එහෙනම් රාග, ද්වේෂ, මෝහ කියන කෙළෙසුන්ට වසඟ වුනොත් ඔහු මාර වසඟයට අහුවෙච්චි පුද්ගලයෙක්. ඒකෙන් බේරෙන්න නම් ඒකෙ ආදීනව දැකලා, නිතර මනා සිහියෙන් යුක්තව, රාග ද්වේෂ මෝහයන් ක්ෂය කිරීමෙන් ලැබෙන ආනිසංස දැකලා, ඒ තුළ ගතවෙලා කටයුතු කරන්න ඕනෙ. එහෙම කටයුතු කරන කෙනෙකුට ධර්ම මාර්ගය ප්‍රධාන වෙලා, ධර්ම මාර්ගයේ අවබෝධය ලබාදීලා ඒ තුළින් අර මාර වසඟයන්ගෙන් මුදවනවා. ඒ නිසා එයාට මාරයන්ට මූණදෙන්න පුළුවන් කියන්නෙ අන්න ඒකයි. ඉතින් ඒ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, තේරුම්ගන්න බැරි තැනක් හරි, වෙනසක් තියෙනවා නම් මොනවහරි, ඒක දැනගන්න අහන්න.
{ 0:06:37 } : මේ කාලයෙත් මාර්ග-ඵල ලබන්න පුළුවන්, ධර්මාවබෝධ කරන්න පුලුවන්
(ස්වාමීන් වහන්සේ ලැබුණු පැණයක් කියවති): කොපමණ කළක් අධිගමලාභය හෙවත් නිවන් ලබාගැනීමේ හැකියාව පවතීදැයි ගෝතමී සූත්‍රයට අනුකූලව පැහැදිලි කරදෙන්න කියලා ඉල්ලලා තියෙනවා.
ඉතින් මේ කියන මේ ගෝතමී සූත්‍රයේ පෙන්වලා තියෙන සත්‍යයක් තමයි, “ආනන්දය, ඉතින් මාගම තථාගත ප්‍රවිද්ධ ධර්ම විනයෙහි ගිහි ගෙයින් නික්ම, අනගාරික පැවිද්ද නොලැබූ නමුත් ආනන්දය, සස්න තිරස්තිථික විය”. දැන් මේ අධිගම කියන වචනයක් වරහන් ඇතුළෙ දාලා තියෙනවා, හැබැයි ඒක කොහේ තියෙන එකක්ද කියලා නෑ. සත්ධර්මය වර්ෂ සහශ්‍රයක්ම ඉක්මෙයි – අවුරුදු දාහක් සත්ධර්මය පවතිනවා කියලා පෙන්නනවා. එතකොට, “ආනන්දය, යම් හෙයකින් මා …(7:26 පැහැදිලි නැත )… තථාගත …(7:27 පැහැදිලි නැත )… ධර්ම විනයෙහි ගිහි ගෙයින් නික්ම සස්නට වැදගත්තෙහිද ආනන්දය, දැන් බ්‍රහ්මචරිය චිරස්ථිතික නොවේ. ආනන්දය, දැන් සත්ධර්මය පස්වාසියක් – අවුරුදු පන්සීයක් පවතී.”
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): දැන් මේකයි ඔතන මේ විග්‍රහ කරලා පෙන්වන්නෙ. එතකොට දැන් මේ කියන විදිහට “අධිගම” කියන වචනය මෙතන මේ වරහන් ඇතුලෙ දාල තියෙන, වැඩිපුර විස්තර කරන්න පස්සෙ ආචාර්ය මතයක් වශයෙන් දාපු වචනයක් තමයි “අධිගම” කියන්නෙ. එතකොට මේ “බ්‍රහ්මචරිය” කියන වචනෙදි, බ්‍රහ්මචරිය කියන්නෙ දැන් මෙහෙමයි, “අබ්‍රහ්මචරියාව” සහ “බ්‍රහ්මචරියාව” කුමක්ද කියන එක විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය බ්‍රහ්මචරියාව හැටියටත්, අනාර්යෂ්ටාංගික වූ මිච්චා දිට්ඨි, මිච්චා සංකප්ප ආදී වශයෙන් යන මාර්ගය අබ්‍රහ්මචරියාව හැටියටත් දේශනා කරල තියෙනවා. ඔය දෙකෙන් බ්‍රහ්මචරියාව සහ අබ්‍රහ්මචරියාව කියන එකේ කියන වෙනසත් පෙන්වල තියෙනවා.
භික්ෂූණ් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලවම කටයුතු කරනවා නම් – බාදකයක් නැතුව, අන්න ඒක සත්ධර්මයේ චිරස්ථිතිකව පිහිටීමට හේතුවෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමේදී ඒකට බාධකයක් වෙන කරුණු පෙන්වලා තියෙනවා, මේකෙ තව උපමාවකුත් පෙන්වලා තියෙනවා.
“පුරුෂයන් අල්ප වෙච්චි ගෙදරක, හොරුන්ගෙන් ඇතිවෙන්නාවූ අපහසුතාවයන් යම් සේ එනවද, මෙන්න මේ වගේ ස්ත්‍රියක් පැවිදි වීම නිසා නැත්තං මේ සාසනික අනගාරික පැවිද්දට බැසීම නිසා ඒ බ්‍රහ්මචරිය ස්ථිර වෙන්නෙ නෑ” කියල උපමාවක් පෙන්වනවා. දැන් පිරිමින්ට විතරද, පිරිමි නම් ඉන්නෙ, වැඩිපුර පිරිමි ඉන්නවා නම්, හොරු එන්න බයයි. ස්ත්‍රීන් වැඩිනම්, දුර්වල බව දැනගත්තහම ඒ ස්ථානය හොරුන්ට ගෝචර ස්ථානයක් වෙනවා. මේක උපමාවක්.
එතකොට ඒවගෙම කියනවා, “සුදු කරල් රෝගය කියන රෝගයක් ඇතිවෙනවා ගොයම් වලට. මෙන්න මේ සුදු කරල් හැදෙන රෝගය, නැත්නම් මේ කඳ විදින පණුවන්ගෙන් හැදෙන රෝගය, ඒ රෝගය හැදුනොත් එහෙම ඒ වගාව ස්ථිරත්වයෙන් පවතින්නෙ නෑ …(9:59 පැහැදිලි නැත)… ව පවතින්නෙ”. ඒ තව උපමාවක් පෙන්වනවා. අන්න ඒවගේ මාගම (ස්ත්‍රිය) ගිහිගෙයින් නික්මිලා පැවිද්ද ලැබුවට පස්සෙ මෙන්න මේ විදිහට අර කඳ පණුවො ආවා වගේ එකක් වෙනවා. ගහකට කඳ පණුවො ආවට පස්සෙ ගහ නැතුව යනවා වගේ බාධකයක් පැමිණෙනවා. දැන් ඉතින් මෙතනින් අපි මේ උපමා දෙකම තෝරගෙන අපි දැනගන්න ඕනෑ මේ දෙකෙන් පෙන්නුවෙ මොකද්ද කියලා.
දැන් කඳපණු රෝගයක් ආවා කියන්නෙ සියලු අස්වැන්න සහමුළින් නැතිවෙලා නෙමෙයි. ඒ උපමාව තෝරගන්න ඕනෙ. ගොයමක තිබ්බ සියලුම සරුසාර අස්වැන්න සර්වප්‍රකාරයෙන් ගන්න තියෙන හරිය නැතිවෙලා යනවා කඳපණු රෝගය ආවහම. හැබැයි සියේට සීයක් කඳපණු රෝගය නිසා අස්වැන්න නැතිවෙන්නෙ නෑ. මෙන්න මේ හා සමාන එකක් තමයි ස්ත්‍රීන් පැවිදිවීම නිසා සාසනයට කඩ කිළුටක් ඇතිවුනා.
මොකද ඒකට හේතුව, ආර්ය උත්තමයොම නෙමෙයි මේ සාසනයේ මහණවෙන්නෙ. පෘතග්ජන පුද්ගලයෙක් මේ සාසනය තුළ මහණවෙලා ආර්ය මාර්ගය අනුගමනය කරමින් කටයුතු කරලා ඒ ඵලය ලැබුවට පස්සෙ නම් කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අන්න ඒ මූළික අවස්ථාවෙ හැඩතලය සකස් කරන්න තමයි සාසන බ්‍රහ්මචරිය ගුණයක් වෙන්කරලා මේ බුද්ධ සාසනය පැවැත්වීමේදී භික්ෂු සාසනය සහ භික්ෂුණී සාසනය පැවැත්වීමට දුන්නෙ. ඒකට අවශ්‍යය කරන ක්‍රම රටාවක් දුන්නා. අන්න ඒ ක්‍රම රටාව දෙනකොට, මේ ක්‍රම රටාව හුරු පුරුදු කරගෙන නිරන්තරයෙන්ම හැම මොහොතකම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න පුලුවන් මාර්ගයට එනකොට, මාර්ගඵල ලාභීත්වය තුළින් ඇවිල්ලා තියෙන්න ඕනෙ සුදුසු තත්වයට.
අනෙක් කෙනෙක් එතෙන්ට උත්සාහයෙන් – වීර්යයෙන් කටයුතු කරමින් බාදක ඉවත් කරගෙන යන්න ඕනෙ. අන්න ඒ බාධක ඉවත් කරගෙන යන පුද්ගලයා ඒ මූලික අවස්ථාවෙ රාගය, ද්වේෂ, මෝහය ක්ෂය කරපු කෙනෙක් නෙමෙයි. මෙන්න මේ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “යම් පුරුෂයෙකුට මේ ලෝකයේ මන වඩන ඉහළම පැවැත්මක තියෙන ස්ත්‍රී රූපයෙත්, ස්ත්‍රී ශබ්දයෙත්, ස්ත්‍රී ගන්ධයෙත්, ස්ත්‍රී රසයෙත්, ස්ත්‍රී ස්පර්ශයෙත් තරම් පුරුෂයාගේ හිත බඳින තවත් දෙයක් මේ ලෝකෙ මට පේන්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. {{ ත්‍රිපිටක සූචිය }} “ඒ වගේම ස්ත්‍රියට පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රසය, පුරුෂ ස්ඵර්ශය තරම් සැප තව දෙයක් දකින්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එහෙනම්, මේ පෘතග්ජන අවස්ථාවේ ආර්ය මාර්ගය වඩන්න පටන්ගෙන බලාපොරොත්තුවෙන් පැවිද්දට ආපු අය අර උත්තරීතර ඵලයට එන්න ඉස්සෙල්ලා නිතර ඇහැට දර්ශනය වෙන්න, කතාබහට එකතුවෙන්න, ලංවෙලා කටයුතු කරන්න ඇසුරට වැටුනොත් අර තම තමන්ට ස්ත්‍රී – පුරුෂ වශයෙන් විරුද්ධ පාක්ෂිකයො, අර කියන මාර්ගයට ලොකු බාධාවක් වෙනවා; සුදු කරල් හටගත්තා වගේ.
මෙන්න මේ නිසා, පුරුෂ පක්ෂය විතරක් හිටියා නම් එතන ඔය කියන …(13:27 පැහැදිලි නැත)… වෙන්නෙ අර දර්ශනයට, නැත්නම් අර හිත බඳින ලෞකික දර්ශනයන්ට හිත බඳින අවස්ථාව එතන උදාවෙන්න තිබුණු හේතු. නමුත් ස්ත්‍රී පැවිදි වුනාට පස්සෙ පෘතග්ජන ස්ත්‍රියක් නම්, පෘතග්ජන පුරුෂයෙක් නම් ඒ ස්වාමීන් වහන්සේ සහ ඒ මෙහෙණින් වහන්සේ, ඔතෙන්දි අර කියන ස්ත්‍රී රූප, ස්ත්‍රී ශබ්ද, ස්ත්‍රී ගන්ධ, ස්ත්‍රී රස, ස්ත්‍රී ස්ඵර්ශයන්ට ආසන්න කාරණා ඉටුවෙනවා. මෙන්න මෙහෙම වුනොත් මොකද වෙන්නෙ, අර කියන ශුද්ධතාවය හරි ආකාරව ගෙනියන්න බැරිවෙන්න බාධකයක් පැමිණෙනවා. මෙන්න මේ නිසා මේ සාසන බ්‍රහ්මචරියාව උපද්‍රවයක් නැතුව, කඩ කිළුටක් නැතුව යන්න තියෙන එකට බාධා පැමිණෙනවා.
කුඹුරෙ ගොයම් ගස් දාහක් තියෙන පොඩි කෑල්ලක ගොයම් ගස් දහයක් – පහළොවක් සුදු කරල් රෝගය හැදුනහම ඉතුරු ගොයම් ගස් දාහෙ ඉතුරුටික ඔක්කොම බොල් වෙන්නෙ නෑ. හැබැයි කොටසක් බොල් වෙලා යනවා, ඒකට ගෝචර වෙච්ච හරිය. අන්න ඒක කඩ කිළුටක්, ඒ ප්‍රයෝගය. අන්න ඒ වගේ සාසනය තුළ කොටසකට හරි ඒක සිද්ධ වුනොත් ඒක කඩ-කිළුටක්. මෙන්න මේ හේතුව නිසා මොකද වෙන්නෙ, අර ආර්ය මාර්ගය ප්‍රගුණ කරගැනීමට තියෙන මාර්ගයට බාධා පැමිණෙනවා. මෙන්න මේ නිසා නිරුපද්‍රිතව පවතින තත්වය තමයි නැතිවෙන බව පෙන්නුවෙ, සහමුළින් නැතිවෙනවා කියන එක නෙමෙයි. ඉතින් සංඝයා, “භික්ෂූව ප්‍රතිපත්ති පුරන තුරු මේ සාසනය රහතුන්ගෙන් හිස්වෙන්නෙ නෑ” {{ ත්‍රිපිටක සූචිය }} කියලත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. එහෙනම් මේ “පන්සීයක් පමණයි පවතින්නෙ, ඉතිරිය මහණ කළාට පස්සෙ කිවුව දවසෙ, ඊටපස්සෙ බෑ” කියල ගත්තොත්, ඉතින් අර දේශනාව සමඟ පරස්පරයි. එහෙනම් පරස්පර නොවෙන්න මේක හරි ආකාරව තේරුම්ගන්න ඕනෙ. එහෙම නැත්නම් පරස්පර වෙනවා. බුද්ධ දේශනාව පරස්පර වෙන්න විදිහක් නෑ. එහෙනම් එක තැනකට තව තැනක් පරස්පර කරලා හදාගන්න බෑ. ඒ දෙකේම අර්ථය හරි ආකාරව විග්‍රහ කරගන්න ඕනෙ.
මෙන්න මෙතනයි මේ පෙන්නල තියෙන්නෙ, කාරණා කීපයකම බුදුරජාණන් වහන්සේ පෙන්නුවා, උපමා පෙන්නලා. ඒ වගේම උක් ගහට අර රතුපාට රෝගය හැදුනොත් ඒ උක් වනාන්තරයට …(15:35 පැහැදිලි නැත)… වුනා වගේ බාධකයක් වෙනවා. එහෙනම් උක් ගහට රතුපාට රෝගය හැදුනොත් සියලුම උක් ගස්ටික ඒකට ගෝචර වුනා කියන වචනෙ නෙමෙයි එතන කිවුවෙ. හැබැයි වැඩිහරියකට උක් ගස් වලින් එක්තරා කොටසකට ඒක හැදුනොත් අස්වැන්න බාල වෙනවා. ගන්න තියෙන පැණි රසය ගන්න බැරිවෙනවා, එහෙම බලාපොරොත්තුවෙන් සියේට සීයම ගන්න බැරිවෙනවා ඒ රෝගය හැදුනහම. එක ගහකට දෙකකට රෝගය හැදුනොත් එහෙම තව ගස් කීපෙකට බෝවෙන්න පුලුවන්. හැබැයි සීයට සීයක්ම සියලුම උක් වනාන්තරයට ඒ රෝගය බෝ වුනා කියන එක නෙමෙයි එතන කියන්නෙ.
මෙන්න මේ වගේ මේ කාරණා තුනකින් පෙන්වල තියෙනවා ඔය විදිහට, කාන්තාව පැවිදි වීම නිසා ඔන්න ඔය කියන ආකාරයේ බාධකය පැමිණෙනවා. එහෙනම් සීයට සීයක් භික්ෂූන් වහන්සේලාට අධිගම ලාභයක් ලබාගන්න බැරිවෙන විදිහට වුනා කියන එක නෙමෙයි ඔතන කියන්නෙ, බොහෝ පිරිසකට ඒ බාධකය පැමිණියා. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ඒ නිසා මම තදට වැට බැඳලා තියෙනවා, ස්ත්‍රියගේ පැවිද්දෙදි ඇතිවෙන බාධකය රැකගන්න ඒ වගේ වැටක් බැන්දා” යි කියලා. ඒ නිසාවෙන් “ගරුධර්ම අටක්” පණවලා පැවිද්ද දුන්න විදිහ පෙන්වලා තියෙනවා.
{ 0:16:46 } : මහා පරිනිර්වානයෙන් අවුරුදු දහසකට පසු අධිගම අන්තර්ධාන වේද?
ඉතින් දැන් ඔය ක්‍රමයෙ තියෙන විදිහ බලනකොට අපිට හොඳට පැහැදිලිව පේනවා කළක් යනකොට සාසනයට සිද්ධවෙච්ච දේ. අර වර්ෂ පන්සීයක් යන කාලය වෙනකොට තමයි අභයගිරි සහ මහාවිහාර භේදය හටගෙන භික්ෂූන් වහන්සේලා අතර විපරීතයක් හටගත්තෙ. ඔය කියන කාරණය, අවුරුදු පන්සීයක කාලයෙදි ඕක ඔහොම්මම වුනා. එහෙනම් බුද්ධ දේශනාව බොරු වෙලත් නෑ. භික්ෂූන් වහන්සේලා භේද බින්න වෙන්න කටයුතු සිද්ධවුනා, හිතුවක්කාර වුනා. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට එකට පොහොය කරන්න බැරිවුනා, ඉවත් කරන්න සිද්ධ වුනා. ඒ වෙලාවෙ හිතුවක්කාර කමට මොකද කරන්නෙ, ඉවත්වෙලා ගිහිල්ලා, අවංකව, ධර්මානුකූලව ඒකට අවශ්‍යය ප්‍රතිකර්ම නොකර, අභයගිරියට ගිහිල්ලා කොටසක් පදිංචිවෙලා, ඒගොල්ලො වෙනම ඒගොල්ලන්ට පාක්ෂික විදිහට පිරිසක් හදාගත්තා. අන්න සාසනේ ඇතුළෙ භේදයක් හටගත්තා. හැබැයි සාසනේ භේදයක් හටගත්තට මහා විහාරෙ හිටපු, අවංකව හිටපු පිරිසිදු භික්ෂූන් වහන්සේලාගෙන් අධිගමය හිස් වුනේ නෑ. හැබැයි අභයගිරියට ගිය කට්ටියට අධිගමයක් හම්බුනේ නෑ.
නමුත් ඒ අන්තිමට ගිහාම රාජපාක්ෂික වෙච්චි අභයගිරිවාසීන් නිසා රජ්ජුරුවන්ගේ මානසිකත්වය අරගෙන මහාවිහාර වාසීන්ට විරුද්ධව විශාල කැරැල්ලක් ඇතිකළා. මෙන්න මේ නිසා මොකද වුනේ, සාසනයට විශාල කඩ කිළුටක් සිද්ධවුනා. උන්වහන්සේලා …(18:06 පැහැදිලි නැත)… මහා විහාරයේ ඒ කටයුතු කරගෙන, හැබැයි එතන පටන්ගෙනත් බොහෝ කාලයක් යනකන් අධිගම ලාභීන් ඇතිවුනේ නෑ. නමුත් සාසනය තුළ, භික්ෂූන් වහහ්සේලා අතර භේදයක් හටගෙන දෙපොළක් ඇතිවුනා. එතනින් හටගත්තා කඩ කිළුටක්. අන්න “සුදු කරල්” රෝගය හැදුනා වගේ, උක් වනාන්තරයට අර විනාසය සිද්ධවුනා වගේ විනාසයට පත්වෙච්චි එක නම් කවදාවත් …(18:30 පැහැදිලි නැත)… ඒ වගේම සුදු කරල් රෝගය හැදුන එකෙන් වී අස්වැන්නක් ගන්න බැරිවුනා, හැබැයි සියළුම ඒවයෙ නෙමෙයි, ඒ රෝගය හටගත්ත, රෝගයට ගොදුරු වෙච්ච ටිකේ. හැබැයි ඔය රෝගය තිබුණෙ නැත්නම් ඒ ටිකටත් ඕක වෙන්නෙ නෑ, හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධ සාසනයට අරවගේ කැළලක් ඇතිවුනේ නැත්නම් සියේට සීයක්ම ශුද්ධ අස්වැන්නක් අද වෙනකන් ගන්න තිබුණා. අද කියන්නෙ… කාලයක් ගන්න තිබ්බා.
ඉතින් “භික්ෂුව ප්‍රතිපත්ති පුරනතුරු මේ සාසනය අරිහතුන් වහන්සේලාගෙන් හිස්වෙන්නෙ නෑ” කියල ගත්ත දේශනාවට එතකොට බාධකයක් නෑ. ප්‍රතිපත්ති පුරන්නෙ නැති එක තමයි බාධකය. ප්‍රතිපත්ති පුරාගන්නෙ නැතුව ඉන්න හේතුව තමයි සුදු කරල් රෝගය හැදුනා වගේ අර විස භාග අරමුණු නිසා ඇතිවෙන වික්ෂිප්තතාවය. ඉතින් ඔතෙනදි ඕක පටලවාගන්න හොඳ නෑ “සීයට සීයක්ම අධිගම ලාභීන් ඇතිවෙන්න නොහැකියි…” එහෙම වුනා කියල ගත්තොත්, අපි ධර්මය නියමාකාරයෙන් තෝරගෙන නෙමෙයි ගත්තෙ. ලෝකෙ අද හුඟදෙනෙක් හිතනවා මේ කියන කාරණයෙන් පස්සෙ අධිගම ලාභීන් ඇතිවෙන්න හේතුවක් නැහැ, මේ තියෙන සූත්‍ර දේශනාව අනුව. සූත්‍ර දේශනාවෙ එහෙම එකක් පෙන්නලා නෑ. එකින් එකට තෝරාගත්තා නම් අපිට දැනගන්න පුලුවන් සියේට සීයක් අධිගම ලාභීන් නැතිවෙන්න හේතුවක් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ පෙන්වලා නැති බව. එතකොට ඉතින් ඒ පිළිබඳ ප්‍රශ්න මොකුත් තියෙනවද? මොනවහරි ගැටළුවක් තියෙනවා නම් අහන්න.
(ශ්‍රාවක මහතෙක් ස්වාමීන් වහන්සේගෙන් පැණයක් විමසයි) : “බණ වලින්මනෙ අපි අහලා තියෙන්නෙ, අවුරුදු දහසයි අධිගම සත්ධර්මය පවතින්නෙ, ඒ අධිගම සත්ධර්මය පවතින්නෙ එහෙමයි කියලා, ඔය කියන සූත්‍රයේම කියලා තියෙනවා, බුදුහාමුදුරුවො ලු කියල තියෙන්නෙ, අවුරුදු දහසක් විතරයි අධිගමය, එතනින් එහාට භික්ෂු සාසනය හෝ භික්ෂුනී සාසනය අහෝසි වෙනවා කියන එක නෙමෙයි, ධම්මචරියාව අහෝසි වෙනවා කියන එකත් නෙමෙයි, ඔය නවලෝකෝත්තර ධර්මය කියන එක අවුරුදු දාහෙන් මෙහාට පවතින්නෙ නෑ කියලා ඔන්න අට්ඨකතා වල තියෙනවා කියලා….”
(ස්වාමීන් වහන්සේ): හරි හරි, ඒක තමයි, මේ ඒකෙන් එකක් තමයි මේකෙ තියෙනවා කියන්නෙ, මේ ආර්ය අරුතෙන්. අට්ඨකතා නෙමෙයි, අට්ඨකතා වල තියෙන්නෙ පන්දහසක් අවුරුදු පවතිනවා, සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා පළවෙනි (අවුරුදු)දාහ, ඊට පස්සෙ ත්‍රිවිද්‍යාලාභී රහතන් වහන්සේලා දෙවෙනි දාහ, එතකොට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා තුන්වෙනි දාහට, ඒ වාගෙම අනාගාමී අය හතරවෙනි දාහට, ඔය ආකාරයෙන් ගිහිල්ලා, පස්වෙනි පන්දාහ පූර්ණය වෙනකොට සෝවාන් පුද්ගලයගේ අන්තිම පුද්ගලයා ඉවරයි, මේ අධිගම අන්තර්ධාන වෙනවා” කියලා අට්ඨකතාවක තියෙනවා. {{ ත්‍රිපිටක සූචිය }} ඉතින් ඒකෙ අට්ඨකතාව කියන්නෙ පෙළ දහමද?
(ශ්‍රාවක මහතා): එහෙමනම් එතකොට ඔය පන්දහේ කතාවකුත් තියෙනවා.
(ස්වාමීන් වහන්සේ): පන්දාහෙ කතාවත් පෙන්වලා නෑ. ඒකත් හදාගත්ත, අට්ඨකතාවත් එක්ක, ආචාර්ය වාදත් එක්ක තියෙන එකක්.
(ශ්‍රාවක මහතා): ඔය අවුරුදු දාහෙ කතාව බුදුහාමුදුරුවො ගෝතම සූත්‍රයේදී දේශනා කලේ නෑ කියන එක තමයි ඔබවහන්සේ එතනදි…
(ස්වාමීන් වහන්සේ): දැන් මේ හොඳටම පෙන්නලා තියෙනවනෙ, සත්ධර්මය වර්ෂ දහසක් ම පවතින්නෙ “ස්ථිරව” ඒ කියන්නෙ “චිරස්ථිතිවම” පවතිනවයි කියලා කියන්නෙ කිසිම කඩ කිළුටක් නැතිව පවතිනවා කියන එක. සම්පූර්ණයෙන්ම සත්ධර්මය අතූරුදහන් වෙන කතාවක් දේශනාවෙ නෑ.
(ශ්‍රාවක මහතා): එතකොට මම අහලා තියෙනවා මෙහෙම, “වස්ස සහස්සමේව සද්ධම්මෝ පතිට්ඨේ…” පාළි පොතෙත් තියෙන්නෙ එහෙම. එතකොට එතන ඔය කියන කතන්දර නෑ… “වස්ස සහස්සමේව සද්ධම්මෝ පතිට්ඨ්‍යය” කියන එකේ ඒ ව්චන වල තේරුම නම් තියෙන්නෙ “අවුරුදු දහසක්ම සත්ධර්මය පවතින්නේය” කියන එකයි. මේ සිංහල පොතේ තමයි ඔයවගේ අර්ථකථන තියෙන්නෙ.
(ස්වාමීන් වහන්සේ): එතකොට “වස්ස සහස්සමේව සත්ධම්මෝ පතිට්ඨති”… ඔවු ඔවු, දැන් මෙතන තියෙනවා ඒකෙ.
(ශ්‍රාවක මහතා): එතන සිංහල පොතේ තියෙන එකේ අපෙ හාමුදුරුවනේ වෙන එකක් පෙන්නල තියෙන්නෙ. (ශ්‍රාවක මහතා දිගටම මේ පිළිබඳව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරයි, උන්වහන්සේ සාවදානව සවන් දෙති…)
(ස්වාමීන් වහන්සේ): “තිරට්ඨිතිතං ආනන්ද, බ්‍රහ්මචරිය පරිස්සති” එතකොට එතන කියනවා “තිරට්ඨිතිතං” කියන්නෙ මොකද්ද, බොහෝ කාලයක්. එතකොට ථිර වශයෙන්ම, ස්ථිර වශයෙන්ම කියන එක
(ශ්‍රාවක මහත්මා තවදුරටත් “තිර” සහ “චිර” යන පද වල අර්ථ පිළිබඳව ස්වාමීන් වහන්සේට ඒ මහත්මාගේ මතය ඉදිරිපත් කරයි, ස්වාමීන් වහන්සේ සවන් දෙති…)
(ස්වාමීන් වහන්සේ): දැන් මෙතෙන්දි දැකගතයුතු විශේෂ දෙයක් තියෙනවා. දැන් අපි මේ පෙළ දහම අරගෙන කතාකරනකොට, මේ පෙළ දහමෙ ලියල තියෙන වාක්‍යය සහ මේ දැනට ලියල තියෙන අකුරු, “වට අකුරු” ශාස්ත්‍රය, මේකෙ ආරම්භය කවද්ද? රහතන් වහන්සේලාගේ ධර්ම සංඝායනා කළා කියපු කාලෙ ලිවුව භාෂාවද, එහෙම නැත්නම් ඊට අවුරුදු දාහකට මෙහා හදාගත්ත භාෂාවකින් ලියාගත්ත වචන මාලාවද මේ තියෙන්නෙ? දැන් මේක අපිට තෝරගන්න ඕනෙ, වැදගත් දෙයක්.
මොකද, නාගර භාෂාව තුළින් තමයි ඒ කාලෙ තිබිච්ච භාෂාවක් අපි කියන්නෙ, “බ්‍රාහ්මී අක්ෂර”. බ්‍රාහ්මී අක්ෂර තමයි දැනට අවුරුදු දාහකට ඉස්සෙල්ලා, ලංකාවෙ භාවිත කරලා තියෙන්නෙ ලිඛිත භාෂාවක් වශයෙන්. ශිලා ලේඛණ තියෙන්නෙ බ්‍රාහ්මී අක්ෂර වලින්. එතකොට ඒ කාලෙදි ලේඛණගත කරපු ත්‍රිපිටකයක් තිබුණා නම් එහෙම මාතලේ අළු විහාරෙ, අනුරාධපුර යුගයෙ, තිබිය යුත්තෙ මේ කියන නාගර භාෂාවෙන්. නමුත් එතකොට දැන් අපිට හොඳට පැහැදිලි වෙලා තියෙනවා මේ අවුරුදු දාහකින් මෙහා ඒ ගත්ත අදහස දැනට තියෙන සිංහල භාෂාවට පරිවර්තනය කරලා තමයි මේ පාළිය ලියල තියෙන්නෙ. දැන් මෙතෙනදි අපිට එකපාරම නිගමනය කරන්න බැහැ ඒ පාළිය ලියල තියෙනකොට මේ අය හරියටම අදහස අරගෙනද මේ පාළි වාක්‍යය ගොඩනැඟුවෙ කියලා. දැන් මෙතෙන්ට ආවට පස්සෙ අපිට එක ප්‍රශ්නයක් මතුවෙනවා, ඔය වෙලාවෙදි ඒ එදා තිබිච්ච, දැන් එදා ලිවුවා නම් ලියල තියෙන්න ඕනෙ මාතලේ අළු විහාරෙදි ග්‍රන්ථාරූඪ කළා නම්, එදා තිබිච්ච අර බ්‍රාහ්මී අක්ෂර වලින්මයි. මොකද හේතුව, මෙ කියන මේ වට අකුරු සාස්තරය ඒ කාලෙ තිබුණෙ නෑ.
(ශ්‍රාවක මහත්මා යළිත් බ්‍රාහ්මී අක්ෂර පිළිබඳව ස්වාමීන් වහන්සේට පැහැදිලි කරයි, ඊට සවන් දෙමින් ස්වාමීන් වහන්සේ ඉදිරියට පැහැදිලි කරති)
නෑ දැන් බලන්න කල්පණා කරලා, අපි එක දෙයක්, අපි කතාකරපු ශබ්ද රටාව පවා දැන් අද තියෙන භාෂා රටාවෙ වෙනස් වෙනවා. දැන් “යාහුලෝවාද සුත්තං” කියල තියෙනවා “රාහුලෝවාද සූත්‍රය” කියලා අපි කියනවා. දැන් “යාහුල” කියන එක “රාහුල” කියලා අද යෙදිලා තියෙනවා. දැන් ඉතින් එතකොට මෙන්න මේ වගේ වැඩපිළිවෙලකදි, ඔය අපි කියන භාෂාවෙදි අපි ඒ පොත බලලා, මේ පාළි භාෂාවයි, කියලා දැනට තියෙන පාළි භාෂාවෙන් අර්ථ ගත්තොත්, අපි සිහිබුද්ධියෙන් මෙතන දකින්න ඕනෙ මාර්ගය හරි නම් ඵලය හරි.
ඉතින් එතකොට අනික් කාරණය මේ වෙනකොට මළියදේව මහරහතන් වහන්සේ පිළිබඳ කථාවක් යැයි කථාවක් අපි අහලා තියෙනවා. ඔය අවස්ථාව ගැන ජන කථාවකින් හරි ආවද කියන්න අපි දන්නෙ නෑනෙ ඊට එහා දෙයක් කියන්න. එතකොට ඒ අවස්ථාව තුළදි අපි දකිනවා නමුත් රහතන් වහන්සේලා ඊට පස්සෙ හිටිය බවට, මේ අවුරුදු දාහකට කළින් හිටිය බවට සාක්ෂි නොයෙක් පොත් වලින් අපිට සඳහන් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනෙ, මොනවහරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා ඊට පස්සෙ. එතකොට වර්ෂ දාහකින් පස්සෙ නෑ කියන වචනය පිළිගත්තොත් අපිට වර්ෂ දාහකට පස්සෙ කිසිම රහතන්වහන්සේ නමක් ගැන අහන්න සිද්ධවෙන්නෙ නෑ කියන එකට බහින්න ඕනෙ. එහෙම වුනොත් එහෙම අපිට සිද්ධවෙන්නෙ, අපිට එහෙනම් මේකෙ ඇත්ත හොයන්න වෙනවා.
(ශ්‍රාවක මහත්මා යළිත් “වස්ස සහස්ස….” ආදී පාළි වැකියක් පැහැදිලි කිරීමට උත්සාහ දරයි. ස්වාමීන් වහන්සේ): ඒක හරි, දැන් මං ඒක තාම මේ විග්‍රහ කරනවා. දැන් අපි ඒ වචනෙ අරගෙන ඉවරවෙලා ඔය නිගමනයට බැස්සොත්, අපිට ඊලඟ ප්‍රශ්නයක් උද්ගත වෙනවා, එහෙනම් මළියදේව මහරහතන් වහන්සේ කොයි වගේද? ඊට මෙහා හිටපු රහතන් වහන්සේලා වැරදි අයද? මේ වගේ.
(ශ්‍රාවක මහත්මා): මළියදේව මහරහතන් වහන්සේනෙ අවසන් රහතන් වහන්සේ කියලා කියන්නෙ.
(ස්වාමීන් වහන්සේ): එතකොට මේ කියන කතාව ඉටුවෙන්න කොහොමත් විදිහක් නෑ. අවුරුදු දහසකින් පස්සෙ සත්ධර්මය නැතිවුනා කිවුවනම් එහෙම, අවුරුදු දාහකින් එහා රහතන් වහන්සෙලා හිටියද කියලා ඊටපස්සෙ කවුරුවත් දැනගන්න විදිහක් නෑ. එහෙනම් මෙතෙන්දි අපිට එක ප්‍රශ්නයක් මතුවෙනවා මේක විසඳගන්නෙ කොහොමද?
අවුරුදු දාහකට පස්සෙ භික්ෂූන් වහන්සේලා අතර මේ කියන කතාව ඇත්තනම්, ඒ කියන්නෙ අවුරුදු දාහකට පස්සෙ සත්ධර්මය නෑ කියන කතාව ඇත්ත නම්, කිසිම රහතන් වහන්සේ නමක් තියා මඟ ඵල ලාභියෙක්වත් හොයන්න බෑ. තේරුණාද? සෝතාපන්න පුද්ගලයො වත් බිහිවෙන්න බෑ. නමුත් අපේ කතා අනුව, ඉතිහාස කතා අනුව, වංශකතා අනුව අපිට තියෙනවා ඊට පස්සෙ ඉතා මෑතක් වෙනකන්, දැන් මේ අවුරුදු දෙදාස් ගාණක් ගිහින් නේ.
එතකොට මේ කාලෙ මෑතක් වෙනකම්ම, දෙදාස් පන්සීයක්ම ඔය අතරතුර හිටියයි කියන සාක්ෂි තියෙනවා. එතකොට අපිට මේ සාක්ෂි වලින් බලාගන්න පුළුවන්, අනිත් එක පස්සෙ කතා හදපු ඔක්කොම බොරු, කෝකද ඇත්ත? අපිට ඔයිට වැඩිය බලන්න පුලුවන් මේ පොතට වහල් වෙන්නෙ නැතුව අපිට ධර්මය ටිකක් තේරුම් අරං, ධර්මානුකූලව යන කෙනා ඒ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වෙන බවට කරුණු තියෙනවද? තියෙනවා නම් දැනගන්න ඕනෙ, අපිට ඕනෙ එච්චරයි!
(ශ්‍රාවක මහත්මා යළිත් ප්‍රතිචාර දක්වමින්, මෙම සාකච්ඡාව පොදු ධර්ම දේශනාව අතර පවත්වාගෙන යනු වෙනුවට පසුව වෙනම ඉදිරියට කරගෙන යෑමට යෝජනා කරයි. එම සාකච්ඡා කොටසේ සියලු කරුණු පැහැදිලිව පටිගත වී නැත. ස්වාමීන් වහන්සේ ඕනෑම කෙනෙකුට ඇතිවුනු ප්‍රශ්නයක් සාකච්ඡා කර විසඳා ගෑනීමේ වටිනාකම, තර්ක කර ජයගැනීමට සහ ඒ හේතුවෙන් මිත්‍යා දෘෂ්ටිගත වීමට වඩා ඉතා වැදගත් බව දේශනා කරති)
{ 0:33:59 } : සෝවාන් ආදී සේඛ උතුමන්ටත් ස්ථූප බැඳීම සුදුසුයි
(ස්වාමීන් වහන්සේ ශ්‍රාවක පැනයක් කියවති): මේ තව ප්‍රශ්නයක් අහනවා, මෙහෙම දෙයක්. අරිහත් නොවූ උතුමන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනාවට සුදුසුද කියල අහනවා, …(34:07 පැහැදිලි නැත)… වන නිසා කියල කියනවා.
දැන් මෙතනදි අපි දකින්න ඕනෑ මෙහෙම. මේ ධාතූන් වහන්සේලා අරිහත් නොවූ අයට පිහිටන්න හේතු නෑ, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වුන අයගේත් ධාතූන් වහන්සේලා පිහිටලා තියෙන්නෙත් ..(34:19 පැහැදිලි නැත)… ධාතූන් වහන්සේලා සහ අළු කියන්නෙ දෙකක්. දැන් මිනියක් පුච්චපුහම අළුවෙලා ඇට කෑලි ඉතුරුවෙනවා. කොටසක් අළු වෙනවා, ඒවා එක එක විදිහටයි තියෙන්නෙ. අඟුරු වෙච්ච කෑලිත් ඉතුරුවෙනවා. ඒවා ධාතූන් වහන්සේලා නෙමෙයි. මේ ධාතූන් වහන්සේලා කියන ඒවා එහෙම අළු වෙන වර්ගයක් නෙමෙයි, අධිෂ්ඨානයක් මත පවතින ඒවා. කෙස් ගහක්වත් පිච්චිලා අළුවෙන්නෙ නෑ, ඒ සියල්ලම කැටිවෙලා, එක්තරා අධිෂ්ඨානයක් අනුව ද්‍රව්‍යමය කැටිවෙච්චි කොටස් බවට පත්වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තමයි ධාතූන් වහන්සේලා කියන්නෙ. දැන් අපි ධාතූන් වහන්සේලා දැකල තියෙනවා. නොයෙක් ආකාරයෙන් වඩින අවස්ථාත් අපි දැකල තියෙනවා. වැඩල තියෙන අවස්ථාත්, කරඬුව ඇතුළට වඩින අවස්ථාත් දැකල තියෙනවා. ඒ වුනාට පිච්චිච්ච කෑලි එහෙම ඒ එකකවත් නෑ. බොහොම පිරිසිදු, ශුද්ධ, මුතු ඇට වගේ එක එක මට්ටමෙන් තමයි ධාතූන් වහන්සේලා තියෙන්නෙ. අළු වෙච්ච කෑලි, අඟුරු වෙච්ච කෑලි එහෙම ධාතූන් වහන්සෙලාගෙ නෑ.
සාමාන්‍යය කෙනෙක්ගෙ ..(35:14 පැහැදිලි නැත).. කළොත් එහෙම, ඔය අභිඥා බල ලාභී උත්තමයන් වහන්සෙලාගේ අධිෂ්ඨානයන් පරිදි ඔය විදිහට බිඳිච්චි ..(35:19 පැහැදිලි නැත).. දැන් බුදුරජාණන් වහන්සේගෙ කෙසඟක් තරම්වත් කොටසක් අඩුවුනේ නෑ. දැන් දෙශනාවෙ විග්‍රහ කරනකොට පෙන්වනව “සළු පන්සියයකින් එතුවට පස්සෙ ඇතුලෙම සළුවයි, උඩම සළුවයි දෙක අළු වෙලා නෑ. ඒ දෙක ඉතුරු වෙලා මැද ටික අළු වුනා” කියලා. {{ත්‍රිපිටක සූචිය}} මේවා අධිෂ්ඨාන. දැන් ස්වභාවිකව වෙන භෞතික ක්‍රියාවලියක් එක්ක තියෙන අළුවීමක්, අඟුරු වීමක් නෙමෙයි අර බුද්ධ දේහයේ සිද්ධවුනේ. එතකොට ඇතුළෙම සළුවෙන් ඇතුළෙ තිබුණ එකම කෙසඟක් තරම්වත් ප්‍රමාණයක් අළු වෙලා නෑ. ඒවා අධිෂ්ඨානයන් පරිදි කැටිවෙලා ගිහිල්ලා තමයි ධාතූන් වහන්සේලා බවට පත්වුනේ. ඉතින් ධාතූන් වහන්සේලාගේ ස්වභාවය වෙනම එකක්, අළු වෙනවා කියන ස්වභාවය තව එකක්.
අළුවෙලා ඉතුරුවෙන එක “භෂ්මාවශේෂ” කියනවා. ධාතූන් වහන්සේලා කියන්නෙ භෂ්මාවශේෂ කියන, අර අළුවෙලා ඉතුරුවුන කොටස් නෙමෙයි. ඉතින් ඕක තේරුම්ගන්න ඕනෙ. ඉතින් එතකොට ඒ නිසා අනික් අයගෙ …(36:08 පැහැදිලි නැත)… මේ ස්ථූප හදන පුද්ගලයො හැටියට පෙන්වල තියෙන්නෙ බුදු, පසේබුදු, මහරහත් නෙවෙයි, ආර්ය ශ්‍රාවක, සක්විති. “ශ්‍රාවක” කියන වචනයෙන් පෙන්වල තියෙන්නෙ. ශ්‍රාවක කිවුවහම සෝතාපන්න පුද්ගලයත්, ශ්‍රාවකයින් අතර සක්විති රජ කෙනෙක් කළාවෙන් කළාවක වත් තියන්න බෑ කියනවා සෝතාපන්න පුද්ගලයගෙ ස්වභාවය අනුව. සක්විති රජකමට අහළකටවත් ලංකරන්න බැහැ සෝතාපන්න පුද්ගලයා. ඒ තරම් උසස් කෙනෙක්, …(36:36 පැහැදිලි නැත)…
නමුත් සක්විති රජ්ජුරුවන්ටත් ථූප හදන පුද්ගලයෙක් හැටියට සෑයක් බැඳලා ගරුකරන්න වටිනවා කියනවා සක්විති රජ්ජුරුවො. දැන් අපේ අය හිතං ඉන්නෙ රහතන් වහන්සේ විතරයි ඉන්නෙ කියලා ථූප හදන පුද්ගලයන්ට, බුදු පසේබුදු මහරහත් සක්විති රජ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, මේ කිසියම් රටක සෝතාපන්න පුද්ගලයෙක් ඉන්නවා නම්, සක්විති රජකෙනෙක්ගෙ රාජ සම්පත්තියට ඒ සෝවාන් පුද්ගලයගෙ ලැබූ ශක්තියෙන් කළාවෙන් කළාවක් වත් අගය කරන්න බෑ.” ඒ තරම් උතුම්.
එහෙනම් ඒ අර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කියන තුන්දෙනා කෙරෙහි තියෙන ගුණය බැලුවොත් එහෙම, සක්විති රජ්ජුරුවන්ට අහළකට ලං කරන්නවත් බෑ. එහෙනම් ඒ තුන්දෙනා අත්හැරලා, රහතන් වහන්සේ විතරක් එතෙනින් අරගෙන, අර ඔක්කොටම වඩා ගුණවන්ත පුද්ගලයින් එතනින් අත්හැරලා ඊටපස්සෙ අන්තිම පල්ලෙහා ඉන්න සක්විති රජ්ජුරුවන්ගෙ ථූප හදපු කෙනෙක් කියල ගත්තොත් ගැළපෙනවද? එහෙනම් බුදු, පසේබුදු, ශ්‍රාවක; බුද්ධ ශ්‍රාවක. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා නම් සෝවාන් පුද්ගලයාගේ පටන්ගෙන ආර්ය ශ්‍රාවක. එතෙන්ට වෙනකන් ථූප හදන්න සුදුසුයි. ඊට පල්ලෙහා ඉන්න පෘතග්ජනයෙක් වුනාට සක්විති රජ්ජුරුවන්ගෙ එකත් සුදුසුයි කියල පෙනවනවන්නෙ. ආර්ය පුද්ගලය ගැන මොනව කරන්නද?
අසූහාරදාහක් පෘතග්ජන පුදලයින්ට දන් දෙනවට වැඩිය, එක සෝතාපන්න පුද්ගලයෙකුට එක බත් හැන්දක් දුන්නොත් ඒකටත් ආනිසංස තියෙනවා කියලා දේශනාවෙ පැහැදිලිව දේශනා කරනවා {{ත්‍රිපිටක සූචිය}} එහෙනම් එබඳු සෝතාපන්න පුද්ගලයට ථූප හදන්නෙ නැද්ද, අර පෘතග්ජන සක්විති රජ්ජුරුවන්ට ථූප හදනකොට?
අන්න, “බුද්ධ ශ්‍රාවක” කියන වචනය වරද්දලා පස්සෙ ලියාගත්ත පොත්වල මේ මහරහත් කියන වචනය විතරක් අරං තියෙන්නෙ. “බුදු, පසේබුදු, මහ රහත්, සක්විති රජ” කියලා. එතකොට ශ්‍රාවකට මොකද්ද වෙන්නෙ? ශ්‍රාවක කිවුවම සෝතාපන්න පුද්ගලයටත් ථූප හදනවා. ස්ථූපයක් හදලා වන්දනාමාන කරන්න “යදිධං චත්තාරි පුරුස යුගානි අට්ඨ පුරිස පුග්ගලා, ඒස භගවතෝ සාවක සංඝෝ” කියල අපි වැන්දෙ නැද්ද, පිදුවෙ නැද්ද අෂ්ට ආර්ය පුද්ගලයින්ට? දැන් සෝවාන් මාර්ග අනුප්‍රාප්තිකයාත් අෂ්ට ආර්ය පුද්ගලයෙක් නේද? එක්කෙනෙක් නෙ ඒ… එහෙනම් ඒ අයට දොහොත් මුදුන් තියලා වැන්දා මිසක් අපි සක්විති රජ්ජුරුවන්ට වඳින්නත් යනවද? අහළකින් වත් තියන්න පුළුවන්ද …(38:35 පැහැදිලි නැත)… සෝවාන් පුද්ගලයට වඳින්නෙ නැද්ද? ඒ සෝවාන් ගුණයට වඳින්නෙ නැද්ද? සක්විති ගුණයටත් වැන්දද? නෑනෙ, නවගුණයට වත්, බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ වලට වත් අයිති නැති එකක්නෙ සක්විති ගුණ කියන්නෙ. එහෙනම් එයාටත් ථූප හයිකරන්න පුලුවන් නම්, ඒ ඒකාන්තයෙන් ගුණ ඇති සෝතාපන්න පුද්ගලයට, අෂ්ට ආර්ය පුද්ගලයෙක්නෙ, ථූප හදන්න ඕනෙ.
ඉතින් මේවා හොඳට තේරුම්ගන්න ඕනෙ. එහෙම පොත්වල තියෙන එකක් අරගෙන අපි ඒක බලාගෙන හිටියොත් එහෙම අපි අමාරුවෙ වැටෙනවා. විමර්ශනය කරල බලන්න ඕනෙ හරි ආකාරව මේකෙ හේතු ඵලය, ඉතින් ඒකෙන් තේරුම්ගන්න ඕනෙ. ඒකයි ථූප හදන්න …(39:10 පැහැදිලි නැත)…
{ 0:39:16 } : උතුරු සළුව දැමීමේ පරමාර්ථය
දැන් මේ උතුරු සළුව දැමීමේ පරමාර්ථය මොකද්ද කියල අහනවා. දැන් මේකත් අපි දැනගතයුතු වැදගත් දෙයක්. “උතුරු සළු” කියන්නෙ මේ “උත්තරීතර බව” පෙන්වන්න ගන්න සළුව. යම්කිසි කෙනෙක් මේ භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා කියන මේ සිවුවනක් පිරිස තුළ ඒ ආර්ය මාර්ගයට බැහැලා කටයුතු කරන විශේෂ අවස්ථාවක් වුනහම ඉන්නෙ මහ විශේෂ ගුණයක. ලෝකයේ අති දුර්ලභ ගුණයක් මේ බුද්ධ සාසනයක් පවතින කාලෙක ලෝකෙ විද්‍යාමාන වෙන්නෙ. එබඳු උතුම් ගුණයක් දරාගැනීමට අවස්ථාවක ඒ පුද්ගලයාගෙන් මතුවෙන ගුණය අප්‍රමාණයි!
එතකොට මෙන්න මේ අවස්ථාවෙදි එක දෙයක් සිද්ධවෙනවා. අපි සාමාන්‍යය ලෝකයා දකින්නෙ අපි ඇඳුමක්, නිකං ඇඳුමක් ඇඳලා ඉන්නකොට සාමාන්‍යය කෙනෙක් වගේ. හැබැයි සාමාන්‍යය කෙනෙකුට කතාකරන චාරිත්‍රයෙන්, ඒ සිරිත් – විරිත් මාලාවෙන් අර උත්තරීතර උත්තමයකුට කථාකළොත් එහෙම ඔහුට පවු සිද්ධවෙනවා, නිගරුවක් සිද්ධවෙනවා. එයා දන්නෙ නැති නිසා එහෙම කරන්න පුලුවන්.
දැන් අපි හිතමු මෙතන වැඩ ඉන්නවා නිකං කෙනෙක්, ඒ කියන්නෙ උතුරු සළුවක් නැතුව නිකං ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් නිකං මේ සිල් සමාදන්වෙලා ඉන්නවා. හැබැයි උත්තරීතර ගුණය කියන එකට පත්වෙලා ඉන්නෙ, සළුව ප්‍රශ්නයක් වුනේ නෑ සිල් ගන්න. ඒක හිතේ පවතින ගුණයක්. හැබැයි ඔය ගුණය අනිත් අයට බලනකොට එලියට ගියාට පස්සෙ දකින්නෙ එයා සිල් ගත්ත කෙනෙක් නෙමෙයි, නිකං කෙනෙක් වගේ. ඉතින්, අර යාළුකමට එහෙම “අද කොහෙද ගියෙ? උඹ කොහෙ ඉඳන්ද ආවෙ?” මෙහෙම ඇහුවොත් එහෙම මොකෝ වෙන්නෙ, අර උත්තමයගෙන්, සිල්වත් උත්තමයගෙන්? දැන් ඒක ඇහුවට පස්සෙ අපි නොදැනුවත්කමට නමුත් විශාල පාපයක් සිද්ධ කරගන්නවා. මෙන්න මේ අවස්ථාවෙන් බේරන්න තමයි එයාගෙ විශේෂත්වය පෙන්නන්න “මේ උත්තරීතර බවක් මම දරාගෙන ඉන්නවා” යි කියන එක පෙන්නන සංකේතය තමයි උතුරු සළුවක් පාවිච්චි කිරීම. ඒ වෙලාවට එයාව දකින පුද්ගලයා දන්නවා, “අද සිල් අරං, අද උපාසකයෙක්, නැත්නම් උපාසිකාවක්. අද …(14:15 පැහැදිලි නැත)… දුරුවෙලා වගේ ඉන්නවා. අන්න ඒක දැනගන්නවා. මෙන්න මේ අයගෙ තියෙන වටිනාකම නිසා තමයි කියන්නෙ උතුරු සළුවක් පාවිච්චි කරද්දි ඕවට හොඳ අවස්ථාවක්. ඕවා බොහොම වැදගත් දෙයක්; ඒක තේරුම්ගන්න ඕනෙ. නැත්තම් “සළුව නැතුවට සිල් නැතුවා” එහෙම නෙමයි. එක වෙන අංශයක්, අරක වෙන අංශයක්. ඔය දෙක තේරුම්ගන්න ඕනෙ.
{ 0:41:39 } : බුදුරජාණන් වහන්සේ භික්ෂුණී පැවිද්ද තෙවරක් ප්‍රතික්‍ෂේප කිරීම
“බුදුරජාණන් වහන්සේ භික්ෂුණී පැවිද්ද තෙවරක් ප්‍රතික්‍ෂේප කිරීමෙන්, ඉන් ශාසනය කෙටි වූ බව දක්වා තිබුණා“ දැන් මේ මේකම අපි අර ඉස්සෙල්ලා කතාකරපු කතාවම නේ මේ තියෙන්නෙ. ශාසනය කෙටිවෙනවා කියන්න හේතුව අර අපි අර ඉස්සෙල්ලා කිවුව පුහු කරල් රෝගය ඇතිවෙනවා වගේ දෙයක් ඇතිවීම මුල්කරගෙන. ඉතින් ඒ නිසයි කිවුවෙ එහෙම වෙන්න හේතුව. දැන් සාසනේ පිරිහුනු බව දකිනවා කියල කියන්නෙ …(42:03 පැහැදිලි නැත)… සිද්ධියමයි. ඒ ප්‍රශ්නෙ ගැන මොනවහරි අහන්න එකක් තියෙනවනම් අහන්න.
{ 0:42:20 } : නිවන් මඟ හෙළි කරන නිවැරදි “අනිච්ඡ භාවනාව”
දැන් මේ තව එකක් තියෙනවා, “උදාහරණ කීපයක් ගෙනහැර දක්වමින් අනිච්ඡ භාවනාව දිගු කළක් වැඩීම සඳහා උපදෙස් ලබාදෙන්න”. දැන් මේක තමයි මම කිවුවෙ අපි දැන් මේ වචනෙ ගෙනියනකොට, මේ වචනවල අදහස් කොයිතරම් වෙනස්වෙලා තියෙනවද කියල පස්සෙ මෙනෙහිකරලා බලන්න ඕනෙ.
දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, පද …(43:01 පැහැදිලි නැත)… කරන්න පුලුවන් ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.
ඒ නිසා තමයි කිවුවෙ, පරම්පරාවෙන් ගෙනාවට, පොතේ පතේ තිබුණයි කිවුවට, මගෙන්ම අහගත්තයි කිවුවට, මගෙන් අහගත්ත පිරිසගෙන් අහගත්තයි කිවුවට ගන්නෙ නැතුව, මනා නුවණින් විමසල, හේතු ඵල අනුව විමසලයි තේරුම්ගන්න ඕනෙ. කිවුවෙ අන්න එහෙමයි. ඉතින් එක එක ඒවා කියද්දි බලන්න ඕනෙ ධර්මයට එකඟද කියල බලන්න ඕනෙ. මොන ධර්මයද? අපේ හෘද සාක්‍ෂියට අනුවයි මතුවෙන්න ඕනෙ ඒ ධර්මය. බලාගන්නෙ මොකෙන්ද? ඒ කියන්නෙ යමක් කිවුවට පස්සෙ අපිට තේරුම්ගන්න පුළුවන් නම්, එහෙම නුවණක් අපිට තියෙනවා නම්, “මේක මේ ආකාරයෙන් වෙනවා, මේ ආකාරයට ගැලපෙන්නෙ නෑ“ අන්න ඒ දෙකෙන් අපි විමසන්න ඕනෙ. ඒ විමසීමෙන් ආරම්භ කරන දවසට නුවණ වැඩීමේ අන්තිම ප්‍රතිඵලය තමයි ඉතාම ගැඹුරු දහම් පවා එවෙළෙ තෝරාගන්න පුළුවන් ශක්තිය.
මුළදි බොහෝවිට කරන්නෙ ඒක නෙමෙයි. …(44:01 පැහැදිලි නැත)… ඒක තේරුම්ගන්න කියනකොට, මේ මොකුත් දන්නෙ නැති පෘතග්ජනයෙක් සතර මහා භූත විදිහ ගැන අහන්න ගියොත් පුළුවන්ද කරන්න? එහෙම කරන්න බෑ. දැන් මගෙන් ඇහුවා කිවුවට, මගෙන අහගත්ත කෙනෙක්ගෙන් අහගත්තා කිවුවට, එහෙම පිළිගන්නත් එපා, අහක දාන්නත් එපා, විමර්ෂණය කරන්න. දැන් ධර්මයට අනුව බහා බලන්න කියලා දැන් අපි ඕක ගන්නවා ත්‍රිපිටකයෙන්. ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකය ගන්නවා. “ඒවං මේ සුතං…” කියල ඒකෙත් සූත්‍ර තියෙනවා – “මා විසින් මෙසේ අසන ලදී..” අර සූත්‍රයක තියෙනවා “මගෙන් අහගත්තයි කියල තීරණයක් ගන්න එපා, ධර්මයට බහා බලන්න”. දැන් ඉතින් සූත්‍ර පිටකයේ තියෙන්නෙ”ඒවං මේ සුතං” කියල තියෙන සූත්‍ර පිටකයට බහා බලන්නෙ කොහොමද එහෙම? ඒක බහා බලන්නෙ තව විදිහකට.
මෙන්න මෙතනදි තමයි බුදුරජාණන් වහන්සේ හැමවෙලේම ස්වයං …(44:45 පැහැදිලි නැත)… තමන් වෙතින් එන්නෙත්, ධර්මානුකූල තීරණයට ධර්මානුකූල නුවණින් විමසලා පිළිතුරක් ගන්න කිවුවෙ ඔතන. අන්න එතකොට කවුරුහරි පටලවලා දාලා තිබුණත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ එතන. අපි එක එක දෘෂ්ටි – වාදයන්ට ගෝචර වෙන්නෙ නෑ. ඒක ඥානවන්තයින් විතරක් සාකච්ඡා කරන්න කිවුවා. සාකච්ඡා කිරීමෙන් තමයි අන්තිමට ගැටළු විසඳිලා විසඳිලා අන්තිමට ගැටළුවක් නැති “අතක්ඛාවචර” ධර්මය ඇතිවෙන්නෙ. ඒකට තර්ක කරන්න දෙයක් නෑ අන්තිමට. හේතු ඵල න්‍යායට එකඟ නම්, මොනම ඥානවන්තයො කල්පණා කරල බැලුවත් ඒක එහෙම නෙමෙයි කියන්න බෑ නෙ, ඒ හේතුව හරිනෙ… අන්න එහෙනම් ගැලවිලා තියෙනවා.
දැන් තවත් ඔය “ගෝතමී සූත්‍රය” {{සඞ‍්ඛිත‍්ත ගොතමියොවාද සුත‍්තං}} කියල පුංචි සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදි මේ ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “ස්වාමීණි! දැනටමත් ඔබවහන්සේ දේශනා කළ ධර්මයට විපරීත අදහස් දක්වනවා මේ භික්‍ෂූණ් වහන්සේලා, මතු පස්චිම ජනතාව ඔබවහන්සේ දේශනා කළ ධර්මයට ශුද්ධ ඇතුව කොහොමද දැනගන්නෙ?” ඔය ප්‍රශ්නය අහනවා.
අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ගෝතමිය, ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි, යම් මඟක් ඇසුරු කරනකොට රාගක්‍ෂය වෙනබව, ද්වේෂක්‍ෂය වෙනබව, මෝහක්‍ෂය වෙනබව පේනවා නම්, ඒවා බුද්ධ දේශනා; ඒක වෙන්නෙ නැත්නම් බුද්ධ දේශනා නෙමෙයි!” ඔයටික තෝරගන්න ඕනෑ.
දැන් මෙතෙනදි හොඳ පැහැදිලි දෙයක් තමයි කිසිම කෙනෙකුට වහල් නොවී, කිසිම ගෙනාපු දේකට, විශ්වාසයකට ව්හල් නොවී, අපි අපේ ප්‍රඥාව, මුහුකුරා ගිය ප්‍රඥාව යොමුකරලා ඒකෙන් එන්නාවූ දත්තය, මේ මඟ ගියොත් රාගක්‍ෂයට හේතු තියෙනවනම් අපිට පේනවා, වැටහෙනවා. ද්වේෂය ක්‍ෂයවෙන්න හේතු තියෙනවනම් පේනවා, වැටහෙනවා. මෝහය ක්‍ෂයවෙන්න හේතු තියෙනවනම් පේනවා, වැටහෙනවා. එහෙනම් ඒ විදිහටම හොයාගන්න ඕනෑ, ඒක නිවන් මඟ …(46:22 පැහැදිලි නැත)… බුද්ධ දේශනාව.
අන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි ඒවා හොයාගන්න ක්‍රම. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපි දකින්න ඕනෙ ඔය භාවනාවල අපිට මේ දීලා තියෙන මූලධර්ම අපි අරගෙන බැලුවහම අපි කොයිතරම් දුරට ඒකෙ ධර්මානුකූලද? ධර්මයේ හැසිරිලා තියෙනවද? එහෙනම් ධර්මධරයන් විසින් සාකච්ඡා කරන්න ඕනෙ. සාකච්ඡා කරනකොට තමයි එක්කෙනෙකුට අහුවෙලා තිබ්බෙ නැති එකක් තියෙනවනම් අනික් කෙනාට අහුවෙලා එයා ඒක මතුකරනවා. “ඕකෙ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ඒකට මොකද්ද කලේ?” මෙතෙනදි තර්ක-වාදයක් වත් ප්‍රශ්න භේදයක්වත් නෑ. ධර්මය පිළිබඳ ජයගැනීම කියල කියන්නෙ කවුරුත් එකතුවෙලා හොයාගෙන යනකොට අන්තිමට තීරණයක් එනවා “මේක අපි පොදුවේ කාටත් තේරුම්ගන්න පුළුවන් න්‍යායාත්මක උත්තරයක්, එහෙනම් අපි ඒක ගමු…“ අන්න එතෙනදි වෙන්නෙ මඟ හරියනවා. එහෙනම් හේතුව හරිනම් ඵලය හරි. ඒකෙ ඵලය ලැබෙනවා. මෙන්න මෙතනයි ධර්ම මාර්ගය.
නැතුව එක්කෙනෙක් ඉගෙනගත්ත කෙනා, අනික් කෙනා නැති කෙනා, එක්කෙනෙක් එක වාදයක්, අනික් අය තව වාදයක්, “ඉධමේව සච්ඡං – මෝඝ මඤ්ඤං“ කියන විදිහට අරගෙන, මේක සත්‍යයි අනික බොරු කියන ඔය පදයෙන් ගිහිල්ලා, මේ ධර්මය පිළිබඳ සාකච්ඡා කරන එක ඒ කට්ටියට තමයි බුදුරජාණන් වහන්සේ පණවන්නෙ. “අතක්කාවචර ධර්මය“ කියන්නෙ එහෙම කරන්න දෙයක් නෑ. එහෙම බලාපුවා බලාගෙන යනකොට ඒ ඒ විදිහට අදහස් වශයෙන් හරියටම ගැළපිලා එන්න ඕනෙ. අන්න එතකොට ධර්මයේ පථයට අයිතියි. එහෙම නැත්තම් ධර්මය යටයනවා. යටවුනොත් ප්‍රතිඵලය නෑ. ඉතින් දැන් ධර්මයේ ප්‍රතිඵලයක් නැතිවෙන්න හේතුවත් අපි ඔයවිදිහට දකින්න ඕනෙ.
දැන් “යල්ල ස්ථිර නෑ” කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවද? “නාම ගොත්තං නජීරතී” {{ නජීරතිසුත‍්තං }} කියල තියෙනව තැනක මෙහෙම කියලා. “නාම ගෝත්‍ර දිරන්නෙ නෑ“ ලු. මොකද්ද “නාම-ගෝත්‍ර” කිවුවෙ? දැන් නාම ගෝත්‍රයෙ විග්‍රහ කරල තියෙනවා අපි විසින් දැන් පෙර විසූ කඳ පිළිවෙල මතුකරල පෙන්නුවම, පෙර මෙහෙම භවයක හිටියා, මෙබඳු උපතක් ලබල හිටියා, මෙබඳු දේ කෑවා – බිවුවා, මෙහෙම පිරිසක් එක්ක හිටියා, මෙහෙම නම්-ගොත් හිටියා, මෙහෙම භාෂාවල් කතා කළා, මේ ආකාරයෙන් ආයති නාම – ගෝත්‍ර සිහිකරනව කියල දේශනාවක් තියෙනවා. දැන් නාම-ගෝත්‍ර කියල ගන්නෙ ඔය මතක සටහන් ඔක්කොම තියෙන්නෙ නාම-ගෝත්‍ර. දැන් මතක සටහන දිරන්නෙ නැතිබව නම් ඔප්පු වෙනව කියල සාධක තියෙනවා.
අපි පුංචි කාලෙ ගහකින් වැටුනා, අපේ ඔළුව පැළුණා, නැත්නම් මොනවහරි එකක් වුනා කියල කවුරුහරි ගැහුවා, මොනවහරි එකක් වුනා, අපිට දැන් ඕක මතක් කළහැකි. දැන් වයස කීයද? අවුරුදු පනහයි, හැටයි, හැත්තෑවයි හිතමු. පුංචි කාලෙ මතක් කරපුහම අපිට පුංචි කාලෙ අපි ඒ මතකයට වයස කීයද දන්නෙ නෑ. “පුංචි කාලෙ මට මතකයි ඔංචිලි පදින්න ගිහිල්ලා වැටිලා කොහොමහරි ඔළුව වැදුනා. දැන් මට මතක් කරන්න පුලුවන්”, දැන් අවුරුදු පනහක් ගියාට පස්සෙත් මතක් කරනවනෙ ඒක. අර පුංචි කාලෙ තිබුණු රූප කාය එතෙනදිත් මතක්වෙනවා, ඒ ලාබාල කාලෙ තිබුණු ආකාරය එහෙමම මතක්වෙනවා.
සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට එපිට ගත්තොත්, අර දීපංකර පාද මූලයෙදි විවරණ ගත්ත ආකාරය සුමේධ තාපසයගෙ, සිහිකරන වෙලාවෙදි සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ගිහිල්ලා සුමේධ තාපසයා වෙලා හිටපු කාලෙ උන්වහන්සෙ සිහිකරනකොට එක රැවුල් ගහක් නැහැ කියල පෙනුණා නම්, ඒ ආකාරයෙන්මයි නිරූපණය වෙන්නෙ. ඉතින් ඒකට වයස ගිහිල්ලා නෑ. අන්න නාම-රූපය දිරුවෙ නෑ කිවුවෙ ඔන්න ඕකයි. හැබැයි නාම-ගෝත්‍රය කියන්නෙ මේ උපන් ජාතියෙ ප්‍රතිඵලයක් නේද? අපි කරපු – කියපු – හිතපු දේ මතක සටහන් සටහනක් තිබුණා. එතකොට එහෙනම් ඒක ස්ථිර නෑ කියල එහෙම කිවුවහම කොතනද ඒ, මොකද්ද ඒ ගන්න තැන? ඔය හිතපු නැති එකක් වෙන්නත් එපැයි. එහෙනම් “සියල්ල ස්ථිර නෑ” කිවුවෙ එකද කිවුවෙ ඒ? එහෙනම් මොකද්ද ඔතන කිවුවෙ?
“අනිච්ඡ” කියන වචනෙ, “ඉච්ච” කියන්නෙ කැමැත්ත. “අනිච්ඡ” කියන්නෙ කැමැත්තට නෑ. යමක් කැමැත්තට නැත්තම් ඒක දුකයි. මෙන්න දුකට මුළ, “ස්ථිර නැති” නිසා නෙමෙයි “කැමැත්තට නැති” නිසා. දැන් මෙහෙම තැනකදි පැටලිලා තියෙනවා. පැටළුනොත් මොකද වෙන්නෙ? ධර්මය අවබෝධයට බාධකයක් වෙනවා.
දැන් ලෙඩක් රෝගයක් අපට හැදෙනවා. “යමක් ස්ථින නැත්තම් ඒක දුකයි!” කියනවා. ඉතින් ඒ ලෙඩ රෝගය ස්ථිර නැත්නම් නේද හොඳ කරගන්නෙ? ස්ථිර වුනානම් එහෙම? මොකද, සැපද? ස්ථිර නැත්නම් දුකයි කියන්නෙ ස්ථිර නම් සැප වෙන්නෙපැයි! එහෙනම් අපිට අනිෂ්ට – අප්‍රිය අරමුණක් විදිහට හැදෙන රෝග, ඒවා ස්ථිර වුනානම් සැපද? ඒවා ස්ථිර නැති නිසාම නේද අපි මිදිලා යන්නෙ? මේ සසර ගමන ස්ථිර වුනානම් එහෙම සැපද? අනාතෙන් අනාතයි නේද! ඒකෙන් මිදෙන්න පුළුවන්කමක් තිබුණෙ ඒක ස්ථිර නැති නිසානෙ. එහෙනම් ඒකෙන් අපිට මොකදද පේන්නෙ?
අන්න අපිට තර්කයක් අද මෙතන මතුවුනා, හේතු – ඵල ඇතුව විමසන්න. ස්ථිර නැත්නම් දුකක් කියන එක එකපැත්තකින් කොටසයි සාර්ථක. අපි ප්‍රිය කරන, මනාප කරන වටිනා කියලා අපි නිගමනය කරපු දෙයක් ස්ථිර නැත්නම් ඒකෙන් අපිට දුක එනවා. අපි අප්‍රිය කරන, අමනාප කරන දෙයක් ස්ථිර නැත්නම් අපි ඒකෙන් සැනසුමක් ලබන්නෙ. එහෙනම් “සියල්ල ස්ථිර නැති නිසා දුකයි” කිවුවට ධර්මයට ගැළපෙනවද?
මෙන්න මේක තමයි මම කිවුවෙ මේ භාෂාවක් තුළින් අපිට මේ පද වැළක් අරං ආවට පස්සෙ, කළින් කළ මේ භාෂා විශාරදයො තමංගෙ අදහසින් මේ ලිවුව පදවැල් වලට අදහස් කිවුව නිසා, දහම් අදහස යටපත් වෙච්ච තැන් තියෙනවා. එහෙම වුනොත් අපිට ධර්මාවබෝධය ලබාගන්න බාධකය ඕක තමයි.
දැන් අපි කියනව “සියල්ල කැමති සේ නැති නිසා දුකයි”. අපිට කියන්න ඔප්පු කරන්න පුලුවන්ද කැමති දෙයක් තියෙනවා කියල ඔතන? ප්‍රිය මනාපයෝ එනවා, නැතිවෙනවට කැමති නෑ, ගෙවිලා යනවට කැමති නෑ. නමුත් ගෙවිලා යනවා. අප්‍රිය අමනාපයෝ එනවා, එනවට කැමති නෑ, නමුත් එනවා. ඕක නේ “දුක” කියන්නෙ?
එහෙනම් ප්‍රිය මනාප හෝ අප්‍රිය අමනාප යමක් ඇත්නම් සියල්ලම කැමති සේ නෑ නේද? මෙන්න, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා “කැමති සේ නැති නිසා දුකයි” – “යංපිච්ඡං න ලභති තම්පි දුක්ඛං” කැමති සේ යමක් ලැබෙන්නෙ නැත්නම් ඒක දුකයි. දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ පළවෙනි තැන බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ස්ථිර නැති නිසා දුක් කතාවක් පෙන්නුවෙ නෑ, නමුත් කැමති සේ නැති නිසා දුක් කතාවක් පෙන්නුවා.
මෙන්න දුක්ඛ ආර්ය සත්‍යය ලබාගැනීමේදී අපි ඉස්සෙල්ලා දුක දකින්න ඕනෙ ලොකෙ. “අපි කැමති සේ පවතින ලෝකයක් නෑ, ඒකනෙ ලෝකෙ හැටි” මෙන්න මේක තේරුම්ගත්ත දවසට අපි ලෝක ධර්මයේ හැටි තේරුම්ගන්නවා. මේ ලෝක ධර්මය කැමති සේ නෑ. කැමති සේ තියෙනවනම් අපිට ප්‍රශ්නයක් නෑ. ඔප්පු කරන්නෙ කොහොමද? අප්‍රමාණ සංසාර ගමනෙදි ආපු සසරෙ ගමනක් තිබුණා නම්, අපි එක ආත්මෙක වත් අඩු තරමෙ මැරෙනවට කැමති නෑ, ජරාවට පත්වෙනවට කැමති නෑ. දිරනවට කැමති නෑ. දිරුවෙ නැද්ද? ජරාවට පත්වුනේ නැද්ද? මැරුණෙ නැද්ද?
අපිට ලැබුණානම් අපි කැමති සේ පැවැත්මක් අපි එතන නේද අද? එහෙනම් අද මෙතන ඉන්නෙ මොකද? මෙතෙන්ට ආවෙ අපි මොන අත්බැවක් ලබාගෙන හිටියත් කාමාවචර, රූපාවචර, අරූපාවචර තුන් ලෝකෙ, තුන් භවයෙ කොතන උපන්නයි කිවුවත්, කැමති සේ පවත්වන්න පුළුවන් අත්බැවක් අපිට ලැබුණා නම් අපි අද එතන මිසක් මෙතන ඉන්නවද? එහෙනම් අපි එකඟ වෙන්න ඕනෙ අපිට ලැබුණු හේතු – ඵල තියෙන නිගමනයක්. අනන්ත සංසාරෙ පටන් සසර ගමනක් තිබුණා නම්, අපිට කැමති සේ පවතින ලෝකයක් හම්බවෙලා නෑ.
නමුත් කැමැත්තක් අපේ තිබුණෙ නැද්ද? මොකද නැත්තෙ? ජීවත්වෙන්න කැමැත්ත පළවෙනියෙන්ම තිබුණා. නොමැරී ඉන්න කැමැත්ත පළවෙනි එක. ඒක තමයි ලොකුම කැමැත්ත. ඊටපස්සෙ වින්දනය කර කරා ඉන්න කැමැත්තක් තිබුණා, මිහිරක් හොයලා. රැස් කරගෙන ඉන්න කැමැත්තක් තිබුණා …(53:32 පැහැදිලි නැත)… ඔය කැමති තුනම කැමති සේ නැති හින්දා විනාස වෙනවා.
එහෙනම්, මේ ලෝකෙ අපි දැක්ක එක දෙයක් තියෙනවා, ලෝක ධර්මතා තිබුණෙ අපිට වෙනස් කරන්න බැරි ඒවා. අපි කොච්චර කැමති සේ ඉන්න හැදුවත් කැමති සේ ඉන්න බෑ! කැමති සේ පවතින දෙයක් ලෝකෙ නෑ. එහෙම කැමති සේ පවතින්නෙ නැති ලෝකෙක කැමති සේ පවත්වන්න අපි හිතුවොත් එහෙම, මොකද්ද අපි කරල තියෙන්නෙ? අවිද්‍යාවේ, මුළාවේ තීරණයකට අපි බැහැල ඉන්නවා, කැමති සේ පවත්වන්න හිතාගෙන.
කැමති සේ පවත්වන්න බැරි දෙයක් බව දැක්කෙ නැතුව හිටියා නම් ඕං එතන අවිද්‍යාව, “ඇත” තියෙනවා. “ඇත” තියෙන නිසා නිගමනයක් දකිනවා කොහොමහරි කැමති සේ පවත්වගන්න මොනවහරි. ඔය කැමති සේ පවත්වන්න තියෙන බලාපොරොත්තුව තියෙනකල් අපිට බැරි දේකට කරන්න පුළුවන් දෙයක් උත්සාහ කරනතාක් අපිට සිද්ධවෙනවා “යදනිච්ඡං තං දුක්ඛං!”
අන්න ඒ කැමති සේ පවත්වන්න බැරිද, ඒකම කරන්න හිතාගෙන ඉන්නවා…(54:23 පැහැදිලි නැත )… අන්න අපිට අසහනය කොතනින්ද හටගත්තෙ බැලුවොත්, කැමති සේ පවත්වන්න බැරි ලෝකයක් කැමති සේ පවත්වන්න කළ උත්සාහය නිසා අසහනය හටගන්නවා.
ලෝකෙ හැටි හරියට දැනගත්තා නම්, පැටලිල්ල හරියට දැක්කා නම් මොකද කරන්නෙ? “කැමති සේ පවත්වන්න බැරි ලෝකෙ ඔහොම නම් මොනවද මං මේ හොය හොයා කරන්නෙ? මොනවද මං මේ රැස් කරගන්න හදන්නෙ?” එදාට ලෝකෙ අවසන් වෙයි නෙ…
ඔන්න අපිට වැහිච්ච තැනක් තියෙනව, මං මේ මතුකරල පෙන්නන්නෙ. “ස්ථිර නැති නිසා දුකයි” කිය කියා අපි ඉන්නවා “කැමති සේ නැති නිසා දුකයි” කියන එක ගත්තා නම් ඉවරනෙ. අපිට ඒනිසා මේ “ස්ථිර නැති නිසා දුකයි” කියන එකට ඔච්චර වාද කරන්න යන්න ඕනෙ නෑ. අපිට එකක් තියෙනවා. “කැමති සේ නැති නිසා දුකයි” කියන එක ධර්මානුකූල බවට කිසි ප්‍රශ්නෙකුත් නැ. මංගල ධර්ම දේශනාවෙදි කියනවා “යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං” කියලා. {{ ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තං }} කැමති සේ යමක් ලැබෙන්නෙ නැත්නම් ඒක දුකයි කියලා.
එහෙනම් අපි බලනකොට කැමති යමක් ලැබෙනවද? අපේ කැමැත්ත මොකද්ද? කැමැත්තට අනුව පවතින එකක් තියෙනවද කියල බලාගෙන යනකොට, අපිම රැවටිල්ලෙන් අපි හිතාගෙන ඉන්නව මිසක් එහෙම එකක් තියෙනව කියල, එහෙම එකක් නෑ ලෝකෙ, කොතනකවත් නෑ!
එහෙනම් ලෝකෙට මොනවද තියෙන්නෙ? ඇස ලෝකයට අයිතියි, කන ලෝකයට අයිතියි, දිව ලෝකයට අයිතියි, නාසය ලෝකයට අයිතියි, කය ලෝකයට අයිතියි, මන ලෝකයට අයිතියි මේක එකතුකරගෙන “මම” කියන පුද්ගලයා හදාගන්නවා. රූප ලෝකයට අයිතියි, ශබ්ද ලෝකයට අයිතියි, ගන්ධ ලෝකයට අයිතියි, රස ලෝකයට අයිතියි, ස්ඵර්ශ ලෝකයට අයිතියි, ධර්ම ලෝකයට අයිතියි, “මගෙ” කියල එකක් හදාගෙන ඉන්නෙ ඕක තමයි, හදාගත්ත එක. මෙන්න මෙච්චරයි ලෝකෙ තියෙන්නෙ. ඔය ටික හංගලා ආයි ලෝකයක් පණවන්න කිවුවොත් පණවන්න එකක් නෑ. මුළු ලෝකයක් ගැන පැණෙවුවත් ඔය ටික තමයි පණවන්නෙ.
දැන් ඉතින් ඔතනින් පටන්ගමු. ස්ථිර කතාව පැත්තකින් තියල පොඩ්ඩකට, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මංගල ධර්ම දේශනාවෙ “දුක” තේරුම්ගන්න තිබුණෙ “කැමති සේ නැත්තම් ඒක දුකයි” කිවුව වචනයක්ද, ඇහැ කැමති සේ පවතිනවද? කන කැමති සේ පවතිනවද? නාසය කැමති සේ පවතිනවද? දිව කැමති සේ පවතිනවද? කය කැමති සේ පවතිනවද? මන කැමති සේ පවතිනවද? විමර්ශනයක් කරන්න. රූප කැමති සේ පවතිනවද? සද්ද කැමති සේ පවතිනවද? ගන්ධ කැමති සේ පවතිනවද? රස කැමති සේ පවතිනවද? ස්ඵර්ශ කැමති සේ පවතිනවද? ධර්ම කැමති සේ පවතිනවද? දැන් ඒකෙ ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න.
පස්සෙදි අපිට දකින්න හම්බෙනවා, ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටිකෙයි, රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධර්ම කියන ඒ ටිකෙයි කැමති සේ පවත්වන්න පුළුවන් එකක්වත් කොච්චර පරියේෂණය කළත් මට හම්බෙලා නෑ. මට පරීක්‍ෂණයෙන් කියල දුන්න නිගමනය මොකද්ද, “මේ එකක්වත් කැමති සේ පවත්වන්න බෑ”. එහෙනම් කැමති සේ පවත්වන්න බැරි එකකට නේද “මම” කියල මේ බදාගෙන ඉන්නෙ? “මගෙ” කියල ගොඩගහගන්න හදන්නෙ? එහෙනම් “මම” කියල බදාගන්න හදන එකක්, “මගෙ” කියල බදාගන්න හදන එකක් කැමති සේ පවත්වන්න ගිහිල්ලා හිතං ඉන්න සහනය ලැබෙන තුරු, “අවිද්‍යාවේ නිගමනය” නිසා තමයි මං ඒ ගොඩගහන්න හදන්නෙ කියල තේරුම්ගන්න ඕනෙ. ඒ නිසාමයි ලෝක සත්වයා අසහනයට පත්වෙලා ..(56:52 පැහැදිලි නැත ).. දැන් දුකත්, දුකට හේතුවත් ඔතන ඇති නේද?
කැමති සේ පවත්වන්න බලාපොරොත්තුව යම්කිසි තණ්හාවක්. “යායං තණ්හා පෝනෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දිනී – සෙය්‍යතීධං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා…” {{ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තං}} ඒක තමයි මේ කැමති සේ පවත්වන්න ..(57:06 පැහැදිලි නැත ).. ඕක තමයි හේතුව. ඔය දුකට හේතුව. දැන් මෙන්න මේක දැනගත්තොත්, අපි දැන් මොකද්ද බලන්න ඕනෙ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නිරෝධ කරගන්න නම් කුමක් බලන්නද? දුක බලන්නද? නෑ! දුකට හේතුවෙන තෘෂ්ණාවේ ඉදිරිපස බලන්න ඕනෙ.
“යෝ තස්සා ඒව තණ්හාය අසේස විරාග නිරෝධෝ – චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ” මේ තෘෂ්ණාවේ ශේෂයක් නැතුව විරාගයට, නිරෝධයට පත්වීමක් ඇත්ද, ත්‍යාගයක් ඇත්ද, පිළිනොගැන්මක් ඇත්ද, මිදීමක් ඇත්ද, නොඇල්මක් ඇත්ද, මෙන්න දුක්ඛ නිරෝධය. ඔන්න දුක නැතිකරන හැටි.
එහෙනම් අපි දැන් බලන්න පුරුදුවෙලා තියෙන විදර්ශනා කර්මස්ථාන වඩනවා කියල කරන්න පුරුදුවෙලා තියෙන්නෙ මොකද්ද? මේ පවතින දෙයක තියෙන ජරාවට පත්වෙන එකයි, ව්‍යාධියට පත්වෙන එකයි, මරණයට පත්වෙන එකයි බල බලා ඉතින් දුක් වෙවී ඉන්නවා මිසක්, ඒකට හේතුවෙච්චි කාරණය හොයලා ඒකෙන් අත්හැරෙන මඟක් හොයන්නෙ නැද්ද?
දුකට හේතුවෙන තෘෂ්ණාව පිළිබඳ අසාරයි කියලා දැක්ක දවසට, හේතුවෙන් මිදෙනවා. හේතුවෙන් මිදුණම ඵලය ගැන කතාකරන්න දෙයක් නෑ, හේතුව නිරෝධ නම් ඵලයත් නිරෝධයි. අන්න, දුක නිරෝධ කරගන්න ඕනෙනම් දුක හටගන්න හේතුව හොයන්න ඕනෙ. හේතුව හොයපුහම එනවා ඒ ඒ තැන ඇළුම් කරන්නාවූ තෘෂ්ණාවක් ඇත්නම් “ප්‍රියයි – මනාපයි” කියලා, …(58:15 පැහැදිලි නැත )… ඒ නිසා තමයි දුකට වැටෙන්නෙ. දුකෙන් නිදහස් වෙන්න ඕනෙ නම් “ප්‍රිය මනාපයේ අසාරත්වය” දැකලා ඒකෙන් මිදුනු දාට හේතුවෙන් මිදිලා ගියා, එතනත් ඵලය ඉවරයි.
එහෙනම් හේතුවෙන් මිදෙන්න තියෙන මාර්ගය අපි දන්නෙ නෑ. “කෙස් කැතයි, ගඳයි, පිළිකුලයි. ලොම් කැතයි, ගඳයි, පිළිකුලයි” කිය කියා මේ ලෝකෙ හටගත්ත ද්‍රව්‍ය වස්තුවක් අල්ලගෙන, ඵලයක් අල්ලගෙන, ඵලයෙ ආදීනව ගැන හිත හිත… අපිට කරන්න කිවුවෙ මොකද්ද? ඕක නෙමෙයි කරන්න කිවුවෙ, ඔය කෙස් හටගත්තෙ කොහොමද? මොන හේතුවකින්ද? ලොම් හටගත්තෙ කොහොමද? මොන හේතුවකින්ද? නියපොතු හටගත්තෙ කොහොමද? මොන හේතුවකින්ද? දත් හටගත්තෙ කොහොමද? මොන හේතුවකින්ද? අන්න ඒ හේතුව හොයලා බලලා, හේතුව අසාරයි කියල දැක්කා නම්, අසාර හේතු එතනින් ගෙවිල ගියාට පස්සෙ ඵල ද නිදහස් වෙනවා, හේතුවෙන් පසු ඵල එන්නෙ නෑ. මෙන්න මඟ, දුක නැතිකරගන්න විදිහ.
එහෙනම් හේතුව නැති කරගැනීමෙන් දුක නැති කරගන්නවා මිසක්, හේතුවෙන් හටගත්ත ඵලය ගැන කොච්චර හිතුවත් හරියනවද? ඵලය එපා නම් ඵලයට හේතුව හොයන්න ඕනෙ. යමක් අපිට එපා නම්, “ඇයි ඒක හටගත්තෙ? මොකක් තිබුණොත් ද?” අපි දකින්න ඕනෙ. අන්න ඒක නැතිවෙච්චි දාට ඒකෙ ඵලය නෑ. එහෙනම් හටගත්ත ඵලයට කරන්න දෙයක් නෑ, මැරෙනකන් ඉන්න ඕනෙ. ඒකට මොනවා කරන්නද? ඒක නැති කරගන්න පුලුවන්ද? හැබැයි මැරෙනකොට ඒක නතරවෙන්නෙ නැහැනෙ අර හේතුව තිබුණොත්. අන්න, හේතුව නැති කරගත්තා නම් මතු ඵලයක් හටගන්න විදිහක් නෑ, ඒක එතනින් ඉවරයි. අන්න නිවන් මඟ.
එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ යම් තැනක ප්‍රිය මනාප ආදී වශයෙන් හිත බැඳගෙන තියෙනවා නම්, “නානාභාවයට – විනාභාවයට” පත්වෙනවා කියලා, පැවිද්දන් වශයෙන් සිහිකරන්න. “පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති – පබ්බජිතේන අභින්නං පච්ඡවෙක්ඛිතබ්බං“ {{දසධම‍්ම සුත‍්තං}} ප්‍රිය මනාපය ගැනයි බලන්න කිවුවෙ, වැඩක් නෑ කියලා. අපිට වෙලාතියෙන්නෙ අප්‍රිය අමනාප කරන එකම බල බලා අපි ඒකෙ කළකිරි කළකිරී ඉන්නවා, පිළිකුල් කර කරා ඉන්නවා. අපිට කරන්න තියෙන්නෙ ඔය පිළිකුල් කරන්න කිවුවෙ මොකද්ද? කළකිරෙන්න කිවුවෙ කොතනටද? ඵලයට නෙමෙයි, හිතේ හටගත්ත හේතුවට. හේතුව අසාර බව දැක්ක දාට හේතුවෙන් මිදෙනවා, හේතුවෙන් මිදිච්චි දාට ධර්මතාවයක් වශයෙන් ඵලයෙන්, හේතුව නිරෝධ වුනදාට ඵලය නිරෝධයි.
දැන් ඵල නිරෝධ කරගෙන දුක නිරෝධ කරගන්න ඕනෙනම් දුකට හේතුව නිරෝධ කරගන්න ඕනෙ. දුකට හේතුව නිරෝධ කරන්න නම් හේතුවේ ආදීනව බලන්න ඕනෙ, ඒකෙන් මිදීමේ ආනිසංස බලන්න ඕනෙ. මෙන්න ආර්ය මාර්ගය. අද ආර්ය මාර්ගය කියල වඩන්නෙ මොකද්ද, අර ඵලය නිසා හටගන්නාවූ දේ පිළිබඳ, ඒවයෙ තිබෙන්නාවූ අර දොස් හිත හිතා ඒකෙ ඉන්නවා මිසක් ඒකෙන් එහාට යන්නෙ නෑ. එතකොට කොහොමද අපි යන්නෙ? මේ පංච උපාදානස්කන්ධය යම් කෙනෙක් දුකයි කියල දැක්කද, එයා “අනුලෝමක්‍ශාන්තියට” පත්වෙනවා, එයින් එහාට යන්නෙ නෑ. ඒ පංච උපාදානස්කන්ධයෙන් මිදීම සුඛයි කියලා දැනගත්තා නම් “සම්‍යත්ත නියාමයට” බහින්න පුළුවන්. අන්න හරිම ක්‍රමය. නිවන් දකින්න. අනුලෝමක්ශාන්තියට පත්වෙන්නෙ නැතුව “නිවන සුවයි” කියලා නිගමනය කරන්න බෑ. අන්න නිවන සුවයි කියලා නිගමනය කරන්න නම් ලෝකෙ දුකයි කියලා දැකලා තියෙන්න ඕනෙ. “ලෝකෙ දුකයි දුකයි” කිය කියා හිටියොත් එහෙම අනුලෝමක්ශාන්තියෙන් එහාට යන්න බෑ, මාර්ග-ඵල හම්බෙන්නෙ නෑ. “අනුලෝමක්ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ත නියාමයට බස්නේය යනු සිදු නොවන්නකි. සම්‍යත්ත නියාමයට නොපත් කෙනෙක් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන මාර්ග ඵලයන්ට පත්වීම යනු සිදු නොවන්නකි”.
දැන් අපිට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන ඵලයන් ලබන්න ඕනෙනම් මොකද වෙන්න ඕනෙ, “නිවන සුවයි” කියලා හැමවෙලේම දකින්න ඕනෙ. “ලෝකෙ දුකයි” කියලා දැක්කහම අනුලෝමක්ශාන්තියට පත්වෙනවා, “නිවන සුවයි” කියලා හිතලා ආවර්ජනය කරනකොට මාර්ග ඵල ලැබෙනවා. දැන් අපි නිවන සුවයි කියලා කර්මස්ථානයක් කොහෙවත් දෙනවද? හැමතැනම ලෝකෙ දුකයි කියන එක තියෙන කර්මස්ථාන තියෙනවා. කෝ අනික් කෑල්ල? නිවනෙ ආනිසංස බලන එක? ලෝකෙ ආදීනව බැලුවහම අනුලෝමක්ශාන්තියට පත්වෙවී ඉන්න පුලුවන්. නිවනෙ ආනිසංස දැක්ක දාට ආර්ය මාර්ගයට බැහැලා මාර්ග ඵල ලබනවා. දේශනාවෙ පෙන්වනවා, හතළිස් ආකාරයකින් බලන්න පෙන්වනවා. අනිච්ඡ වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන්, ඒ වගේම ගණ්ඩ වශයෙන්, රෝග වශයෙන්, ඉඳි වශයෙන්, ඔය ආදී නානාප්‍රකාර විහිහට හතළිස් ආකාරයකින් විග්‍රහ කරල තියෙනවා මේක, මේ සසර පැවැත්ම වළක්වන්න. මෙන්න මෙහෙමයි අනුලෝමක්ශාන්තියට පත්වෙන්නෙ. එතකොට “ලෝකය දුකයි” කියලා දකිනවා නම් අනුලෝමක්ශාන්තියට පත්වෙනවා. “නිවන සුවයි” කියලා දකිනකොට සම්‍යත්ත නියාමයට පත්වෙනව. අන්න එතකොට තමයි සම්‍යත්ත නියාමයට පත්වෙච්චි කෙනාට මාර්ග ඵල අවබෝධය තියෙනවා.
එහෙනම් අද පිළිකුල් කරන්නෙයි, ඔක්කොම කරන්නෙයි, බලන්නෙයි, දුකයි කියල බලන්නෙයි, කැඩෙනවා, බිඳෙනවා, විනාස වෙනවා, නාකි වෙනවා, මෙහෙමත් බල බලා ඉන්නවා මේ ලෝකෙ පිළිබඳව. දැන් මං පොඩි උපමාවක් ඕකට කියන්නෙම්. අපි මේ දුක බලපුහම අපි අහනවා “මහළු වෙන එක දුකද, සැපද?” දුකයි. ලෙඩවෙන එක? දුකයි. මැරෙන එක? දුකයි. ඕක දුක්ඛ ආර්ය සත්‍යයද? ඇහුවොත් එහෙම කියනවා “ඔවු ඉතින් දුක්ඛ ආර්ය සත්‍යය තමයි ඕකෙන් පෙන්නලා තියෙන්නෙ“
අපි දැකලා වත් නෑ දුක්ඛ ආර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය එකක්වත් බුදුරජාණන් වහන්සේ නැති කාලෙක හෝ අබුද්ධෝත්පාද කාලෙක හෝ තියෙනවද? බුද්ධ දේශනාවෙ පැහැදිලිව පෙන්වල තියෙනවා “චතුරාර්ය සත්‍යය නැමැති මේ ධර්මය මේ බුද්ධ සාසනය තුළ ඇර වෙන කාටවත් නෑ, අනිත් සාසනයකත් නෑ”. ඉතිං අපි දුක දැකල තියෙනවා, කොහොමද? ජරාවට පත්වෙනකොට, ව්‍යාධියට පත්වෙනකොට, මරණයට පත්වෙනකොට ඒකත් දුක. “ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං…” ආදී වශයෙන් අපි ඔය විදිහට කියනවා.
අපි අහනවා ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි කෙනෙක්ගෙන් හරි වෙනත් ආගමක ඉන්න කෙනෙක්ගෙන්, “ජරාවට පත්වෙන එකේනෙ ඔයාලට දුක තියෙන්නෙ, කැමතිද?” අර මුස්ලිම් මනුස්සය අහයි, “ඇයි අයියා එහෙම කියන්නෙ? අපිටත් ශැපයි කියල පේනවද?” කියල අහයි. “අපිට පේන්නැද්ද ඒක දුකයි කියලා?” අහයි. “ඉතින් මැරෙණ එක දෙයියන්ගෙ තීරණය නෙ, ඉතින් අයියා අපිටත් දුකයිනෙ…” අපිට දැන් කියන්න පුලුවන්ද චතුරාර්ය සත්‍යය දන්නවා කියලා ඒ මුස්ලිම් මනුස්සයා? පොඩ්ඩක් හරි දන්නව කියලා? ඇයි අපි දන්න ටික එයත් දන්නවනෙ. එහෙනම් අපි ඔය ප්‍රශ්නෙ ඇහුවොත් මොනව කියයිද? අපෙන් ඇහුවොත් “ඔහෙල දැකල තියෙනවද අපි දැක්කෙ නැති දුක?” කියලා, එතකොට මොකක් කියන්නද? “අපිට වැටහෙන්නෙ නැති දුක ඔයාලට බුදුහාමුදුරුවො කියල දුන්න විදිහට අපිට කියාදෙන්න” කිවුවොත්? අපිට පුලුවන්ද කියන්න ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වෙන එක දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකයි, කැමති යමක් නොලැබෙන එක දුකයි කියලා අපි දන්නවා, උඹලා ඒක දන්නෙ නෑ කියලා?
“අයියා අප්‍රියයන් හා එක්වෙන එක අපිටත් දුකයිනේ… ප්‍රියයන් ගෙන් වෙන්වෙන එක, ඉතින් අපිටත් දුකයිනෙ, අපිත් දන්නවනෙ එහෙනම්. කැමති යමක් ලැබෙන්නෙ නැත්නම්, ඉතින් අපිටත් එහෙමනෙ…” ඒගොල්ලො කියනවා. ඉතින් එතකොට අපි කියන්නද “ආ එහෙනම් අපේ බුදු හාමුදුරුවො පහලවෙන්න ඕනෙ නෑ, උඹලත් චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ ආර්ය සත්‍යය දැකල තියෙනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය සත්‍යය එකක් දැක්කොත් අනික් ඒවත් දකිනවා. දුක්ඛ ආර්ය සත්‍යය දැක්කා නම් සමුදය ආර්ය සත්‍යයත් දකිනවා, නිරෝධ ආර්ය සත්‍යයත් දකිනවා, මාර්ග ආර්ය සත්‍යයත් දකිනවා. එහෙනම් එහෙම අපි දැකල තියෙන ටික උන් දැකලා තියෙනවනම් එහෙම, බුදුරජාණන් වහන්සේ පහලවෙන්න ඕනෙත් නෑ, මුස්ලිම් කට්ටියටත් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්. දැන් කෝ දුක්ඛ ආර්ය සත්‍යය? කෝ …(1:05:18 පැහැදිලි නැත)…
දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවනෙ මෙච්චරකල් කතාකරලත් දුක්ඛ ආර්ය සත්‍යය ගැන මොකුත් දන්නෑ කියලා, ඉතින් චතුරාර්ය සත්‍යය ගැන මොනවද? චතුරාර්ය සත්‍යය දැක්කා නම් එහෙනම් සෝතාපන්නයි අඩුගානෙ. ඉතින් දැන් අපි දැකලා තියෙන දුක්ඛයක් ගත්තහම, අරගෙන ඉතින් ඕක කතාකරන්න ගිහාම “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං, සංකිච්චේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා” කියලා අර බුද්ධ දේශනාවෙ කියපු ටිකමත් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා “අයං වුච්චති භික්ඛවේ දුක්ඛං අරිය සච්චං” කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනෙන් කියන්නෙ. වැටහුණාද? දුක්ඛ ආර්ය සත්‍යය වැටහුනාද ඕගොල්ලන්ට? දැන් ඔප්පුකරගන්න පුලුවන්ද? අර ප්‍රශ්නෙ ඇහුවොත් දැන් කොහොමද ඔප්පුකරලා පෙන්නන්නෙ? “නෑ නෑ, උඹලට වැඩිය එකක් අපි දැකලා තියෙනවා. ඒක ඒක මෙහෙම එකක්, ඒක උඹලා දකින්නෙ නැති හේතුව මෙන්න මේකයි” කියල අපිට කියන්න පුලුවද? කොතෙනින්ද අපි ඒක කියන්නෙ?
මං පුංචි උපමාවක් කියන්නම් ඕක තෝරන්න. හැබැයි අනික් අය දකින ලෝකෙ ඔය කියපු විදිහටම තමයි අපි දුක දකින්නෙ. දකින්නෙ නැතිවෙන්න හේතුවත් කොතනද තියෙන්නෙ කියල වැහිලා තියෙනවා නම්, මෙන්න මේක හොයාගන්න ඕනෙ. අපි හිතමු මේ කන්ණාඩියට (ඇස් කන්ණාඩියක්) පහන් දැල්ලක් හරි මොනවහරි අල්ලලා, අඳුරු කරලා, යන්තමට එහා – මෙහා පේන්න හදලා, ඔය කන්ණාඩිය කෙනෙකුට අල්ලගන්න දීලා, “මාසයක් කල් දෙනවා මෙන්න මේ වස්තුවෙ නියමාකාරය දැකලා කියන්නකො ඕගොල්ලො ඔය කන්ණාඩිය දාලා. හොඳට පරීක්‍ෂා කරන්න ඕකෙන්”. අපි අර කන්ණාඩිය, අර අඳුරු කරපු කන්ණාඩිය පැළඳගෙන, අපි මාසයක් තිස්සෙ දුන්න දේ අරගෙන එහාට පෙරළලා බලනවා, මෙහාට පෙරළලා බලනවා, පාට කියන්න හදනවා, ඔක්කොම… මාසයක් පර්යේෂණය කරන්න කල් දුන්නා. පටන්ගත්ත දවසෙ ඉඳන් දැක්කෙ මොකද්ද? මාසෙ අවසාන වෙනකන් බැලුවත් ඒකමයි දැකල තියෙන්නෙ. මොකද හේතුව? අපිට කණ්නාඩියෙන් පෙණුනෙ එච්චරයි. ඔයින් එහා කොච්චර බල බලා හිටියත් පේන්නෙ එච්චරයි.
“දැන් බැලුවද? දැන් හරියට හැඩේ තෝරගත්තද? ආකාරය දැක්කද?”
“මං දන්නෑ, මාසයක් තිස්සෙ බැලුවා බැලුවා බැලුවා මට නම් ඔයිට වඩා දෙයක් පේන්නෙ නෑ” ඒ කියන්නෙ යමක් දැකල තියෙනවා හැබැයි, එයින් එහාට නෑ.
“එහෙනම් පොඩ්ඩක් අරගන්නකො ඔය කණ්නාඩිය, මේකෙ ලොකු දැල්ලක් බැඳලා තියෙනවා. ඔය රෙදි කෑල්ලක් අරගෙන ඕක පිහිදාන්න. පිහිදැම්මද? දැන් දැල්ල තියෙනවද? දැන් නෑ… දැන් දාගන්නකො කණ්නාඩිය, දැන් බලන්නකො…”
“ආ… මේ පුදුම දෙයක්නෙ. මාසයක් තිස්සෙ පරීක්‍ෂණය කරලා බලන්න බැරිවෙච්චි එකෙ හැඩේ මේ තියෙන්නෙ අපූරුවට!” දැන් බලන්නකො මහන්සි වුන එක. මොකේටද ඕකෙ මහන්සි වියයුතු? බොහොම සුළු මොහොතකින්, දාගෙන ඉන්න කණ්නාඩියෙ තියෙන කහට අඳුර කපාගන්න බොහෝදුරට වීර්යයක් ගත්තා, උත්සාහයක්. දැන් බලන්නත් උත්සාහ කළා. පිරිසිදු කණ්නාඩිය දාගෙන බලනකොටම ඒ තුළින් පේනවා එකපාර. අන්න, මාසයක් තිස්සෙ බලන්න බැරිවෙච්ච ආකාරයක් කණ්නාඩිය දැල්ල පිරිසිදු කරලා දාගෙන බලනකොටම දැක්කා. දැන් ඒ දැකීමත් අර අඳුරු කණ්නාඩිය දාගත්ත කට්ටිය බලනකොට පේනවද?
එහෙනම් අපිටත් තියෙනවා අපේ මනස තුළ අඳුරු කණ්නාඩියක් වගේ අඳුරු ආවරණයක්. රේඛා වර්ණ තියෙනවා. මුළින්ම තියෙනවා ආවරණ පහකින් කොටුවෙලා. “කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා” කියන “නීවරණ” වලට ආවරණය වෙලා, කොටුවෙලා තියෙනවා අපේ මනස. අපි ඔය පහෙන් ඇතුළෙ ඉඳගෙන, ඔය පහ එළිකරගන්නෙ නැතුව, සුද්ධ කරගන්නෙ නැතුව, අන්න ඔය තුළ ඉඳගෙන දුක බලන්න යනවා. ඕකෙන් පේන්නෙ නෑ, අපිට මොකද්ද පේන්නෙ? අර ආවරණ පහෙන් වැහිලා තියෙන එකෙන් පේනවා, මහත් සේ පේනවා, උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් උදේ වෙනකන් දුක ගැන කතාකළත් ඔච්චරයි හම්බවෙන්නෙ. ඔයිට එහා දුක්ඛ ආර්ය සත්‍යයක් එතන හම්බවෙන්නෙ නැහැ. කාටත් පේන මට්ටමට පේනවා. ඉතින් “ජරාවට පත්වෙන එක දුකයි, මරණයට පත්වෙන එක දුකයි, අප්‍රියයන් හා එක්වෙන එක දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකයි” කිය කියා අපි ඉන්නවා. අපි දකින්නෙ ඒකෙන් හදපු දුක්.
දුක දකින්න ඕනෙ නම් අඳුරු පටලය කපන්න ඕනෙ. ඔය පටලය පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවා නම්, “අවිද්‍යාව සහ තෘෂ්ණාව” නැමැති පටලය ඔය. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැමැති පටලයෙන් හිරවෙලා බැඳිලා තියෙන්නෙ මේ මනස. ඔය අතරින් රිංගවලා බැලුවට මේ ලෝකෙ දිහා අපිට කවදාවත් ආර්ය සත්‍යය හතරෙන් ආර්යයෝ දකින්න පුළුවන් වෙන්නෙ නෑ. අපි දකින්නෙ ලෝකෙ කවුරුත් දකින දේ. එහෙනම් ඔය තුළින් අපි කොච්චර බල බලා හිටියත් මේ ලෝකෙ කැඩෙනවා, බිඳෙනවා, විනාස වෙනවා, ජරාවට පත්වෙනවා, මේ කොච්චර හිටියත් අපිට වැටහුණා නම් මේ දුකක් විඳින්නෙ කියලා, මේ කළකිරෙන ස්වභාවයක් ආවා නම් එහෙම අපිට එන්නෙ සාමාන්‍යය ලෝකයා බලන මට්ටමෙන්, උදේ ඉඳලා රෑ වෙනකන් අවුරුදු කීයක් බැලුවත්.
මෙන්න මේකෙන් අද ඉන්න බෞද්ධයින්ට දුක්ඛ ආර්ය සත්‍යය බලාගන්න බැරුව, දුක්ඛ ආර්ය සත්‍යය කියලා වචන ටිකක් පටලවාගෙන කියෝ කියෝ උදේ ඉඳන් රෑ වෙනකන්, ඒක කටපාඩම් කරගෙන, “මම දුක්ඛ ආර්ය සත්‍යය දන්නවා” කියලා, “මං අවබෝධ කරගත්තා” කියලා මේ බාහිරට පේන්න, අනික් අයටත් පේන්න කියෝ කියෝ ඉන්නවා. කෝ දැන් මොකද හේතුව?
“ආස්වාදය” නැමැති කඩතුරාවකින් “ආදීනවය” වහලා තියෙන්නෙ. මේ පේන දේට දුකෙන් සීයට එකයි පේන්නෙ. ආස්වාදය නැමැති කඩතුරාවෙන් අනූ නවයක් වහලා. එහෙනම් සීයට සීය පූර්ණය කරලා බලනකොට දුක්ඛ ආර්ය සත්‍යය පේනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනෙ? කඩතුරාව ගලවලා දමන්න ඕනෙ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැමැති කඩතුරාව ගලවලා දාලා, බුදුරජාණන් වහන්සේ පෙන්නුවා “දුකට හේතුව යනු, ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇත්ද, මෙන්න මේකෙ ආදීනව බලන්න” අන්න ඒකෙ ආදීනව බලන්න පුරුදුවෙනකොට “මේකෙ මෙච්චර කල් අපි ප්‍රියයි – මනාපයි කියල හොඳට ලෝකෙ ඇත්තටම බදාගන්න හැදුවෙ මේ වටිනා දේකට, හරයක් ඇති දේකට නෙමෙයි…” අන්න ඒක දැකපු දාට කඩතුරාව කැපිලා යනවා. දැන් තියෙනවා හරයක් නැතිබව දැක්කා, ආස්වාදය හරයක් නෑ කියලා දැක්කට පස්සෙ, අල්ලගන්න ගිය ලෝකෙ කොච්චර කුණු ගොඩක්ද කියලා අන්න දකිනවා. අන්න එදාට දකිනවා චතුරාර්ය සත්‍යය, එයාට ආර්ය මාර්ගය වැඩෙනවා.
ආර්ය මාර්ගය වැඩෙන්නෙ නැත්තෙ ඔය හේතුව හින්දයි. අපි මෙච්චර කල් පුරුදු කරගෙන හිටියෙ “කෙස් දුකයි, කෙස් කැතයි, කෙස් ගඳයි, කෙස් පිළිකුළයි, ලොම් කැතයි, ලොම් ගඳයි, ලොම් පිළිකුළයි…” දැන් මේ විදිහට තිස් දෙකක් කෑලි කැතයි, ගඳයි, පිළිකුළයි කිය කියා ඉන්න මිසක්, අපි පොඩ්ඩක්වත් ඔය ඇති තිස්දෙකක් එකතුවෙලා හැදිච්ච කුණුගොඩට මොකක් නිසාද ඵලය? ඔය තිස් දෙක හැදිලා තියෙන්නෙ මොනවද, ඉනද්‍රිය පහකින්. ඇස කන දිව නාසය ශරීරය. ඔය තිස් දෙකට බෙදලා කෑලි දුකයි දුකයි කිය කියා ඉන්නෙ නැතුව ඔයටික බලන්න.
ඔය පහ මොකද හටගත්තෙ? ඔය තිස් දෙක කුමක් නිසාද හටගත්තෙ? මන වඩන රූප බලන්න තියෙන ආසාව, මන වඩන ශබ්ද අහන්න තියෙන ආසාව, මන වඩන ගන්ධ අරගන්න තියෙන ආසාව, මන වඩන රස ගන්න තියෙන ආසාව, මන වඩන පහස ගන්න තියෙන ආසාව කියන මේ තියෙන මේ අවිද්‍යාව නිසා හරි වටිනා දෙයක් කියලා බැහැලා මේක හොඳයි කියලා නිගමනයක අපි බැහැලා ඉන්නෙ. බැහැල තියෙන්නෙ මේ “ආස්වාද නිසා” මේක අරගෙන, ඒකෙ හේතුවෙ ඵලයක් වශයෙන් මෙන්න මේක ආයිත් මැරෙන්න මැරෙන්න හටගන්නවා. එහෙනම් “පංච කාම ආස්වාදය” නැමැති ආසාවට මුලාවෙච්චි මානසිකත්වය තමයි මේ දුක් මුල හදන්නෙ. එහෙනම් අපි දැන් මේ දුක් මුළ අයින්කරන්න නම් “ඒක දුකයි” කියන එක නෙමෙයි ප්‍රශ්නෙ, මේක අල්ලගන්න හේතුවෙන පංචකාම ආස්වාදය කියන එක හරයක් නැති එකක්. අන්න ඒ කෙරෙහි අපේ හිත යොදන්න වෙනවා, මේකට කියනවා “නිවන් දකින මඟ”. එහෙනම් “පංච කාම ආස්වාදයෝ අසාරයි” කියලා දකින යම් මඟක් ඇත්ද, ඒක නිවන් මඟ. ඒකෙන් (පංච කාම ආස්වාදයන්ගෙන්) හටගත්ත කුණුගොඩ අසාරයි කියලා කවුරුත් දන්නවා. දැක්කයි කියලා ඉතින් මොනවා කරන්නද? කෝ හේතු විනිශ්චය? හේතුවේ යථාර්තය දකිනකන් හේතු අයින්කරන්න බෑ. හේතු අයින්කරන්න බැරිනම් ඵලය අයින්කරන්න බෑ.
එහෙනම් බුදුදහම තියෙන්නෙ, හේතුව ප්‍රියයි – මනාපයි ලෝක සත්වයාට. හේතුවෙන් හටගත්ත ඵලය දුකයි, කරදරයි. කොච්චර දුක් කරදර තිබුණත් ඒක ඔක්කොම වහගන්නවා ප්‍රිය මනාප කියන කඩතුරාවෙන්. වහලා, මහා දුකක් විඳිනවා සැපක් හැටියට. ඒක දාලා යන්න කැමති නෑ. එහෙනම් අපි හැමවෙලේම බලන්න ඕනෙ මෙච්චර කල් අපිව මුළා කරේ මොකද්ද? අපිව මේ මඩ වගුරට දැම්ම ඇම මොකද්ද? මෙන්න මේක හොයන්න ඕනෙ.
අන්න ඊගාවට තේරෙනවා, මන වඩන රූප බැලීමේ ආසාව එක ඇමක්, මන වඩන ශබ්ද වලට තියෙන ආසාව, ගන්ධ වලට, රසයට, පහසට තියෙන ආසාව තමයි මේ ඇම කියන්නෙ. මෙන්න මේ ඇම ගිලගෙන ඉන්නකන් අපිට මේ දුක නැමැති මේ සාගරයෙන්, මේකෙන් අපිට ඉක්මෙන්න බෑ. එහෙනම් අපි දැනගන්න ඕනෙ ඇම ගිලින්නෙ නැතුව ඉන්න. ඇම ගිල්ලෙ නැත්නම් ඔයටික වෙන්නෙ නෑ. පංච කාම නැමැති ඇම හොයාගෙන ඒකෙ අසාරත්වය බලන්න පුරුදුවෙන්න ඕනෙ. අන්න අසාරත්වය බලන්න ඕනෙ “මේ ලෝකය විඳිනවා කියලා පෙනි පෙනී ඉන්නෙ මේ දුකේ නෙ” මේ දුක් අසාර බව කවුරුත් දන්නවා. නමුත් නොදන්න එකක් තියෙනවා. “දුකට හේතුව අසාරයි” කියලා දැක්කෙ නැති එකයි තියෙන ප්‍රශ්නෙ. දුකට හේතුව සාරයි කියල හිතං ඉන්න එකයි අවිද්‍යාවේ ප්‍රත්‍යය කියන්නෙ.
මොකද්ද ඒ? “පංච කාම ආස්වාදයෝ ප්‍රියයි, මනාපයි, යහපතයි”. මෙන්න හේතුව. අපි හරය හොයාගෙන යථාර්තය හොයාගත්තම ප්‍රියයි, මනාපයි, යහපතයි කියල අපි හිතාගෙන ඉන්න පංච කාම ආස්වාදය ගැන කියන තර්කය මොකද්ද? “ඒක හරවත් ද?”. මෙන්න මේකයි වෙලාතියෙන්නෙ. ධර්මානුකූලව දැනගෙන ගියා නම්, ඒක මතුකරගත්තෙ අර බුදු දහමෙන්. අන්න ඒකෙන් බලාගෙන ගියානම් පේනවා “පංච කාමයෝ අසාරයි! මේවා මර උගුල්!” ඒක සිහි කරන්න, සිහි කරන්න මොකද වෙන්නෙ, මෙච්චර කල් සිහි නොකළෙ ඔන්න ඕකයි. “පංච කාමයෝ සාරයි” කියලා හිතාගෙන ලෝක සත්වයා සැරිසරන්නෙ, ඒවා හොයාගෙන, ඒවා ගොඩගහගෙන පිහිටක් හොයනවා. අසහනකාරීව දැවි දැවී, තැවි තැවී සතර අපායෙන් යුක්තව.
එහෙනම් දැනගන්න ඕනෙ යම් දවසක හේතුව …(1:14:11 පැහැදිලි නැත)… සාරයි කියලා හිතං ඉන්න පංච කාමයෝ සාරද නැද්ද? මෙන්න මේක හොයන්න ඕනෙ. අන්න එදාට තියෙනවා අසාර දේ දකින්න. “ලෝකෙ අසාරයි” කියලා දකිනවා වෙනුවට “ලෝකෙ ආස්වාදය අසාරයි” කියලා දකිනවා. ආස්වාදය අසාරයි කියල දැක්කහම ආස්වාදයට බැඳිලා තිබිච්ච මානසිකත්වය නිදහස් වෙනවා. එදාට ලෝකෙන් නිදහස්! මෙන්න, හේතුව නැතිකළොත් ඵලය නෑ කිවුවෙ ඔන්න ඕක. දැන් අපි කර්මස්ථාන වඩන්න ඕනෙ දුකේ දුක බලන්න නෙමෙයි, දුකට හේතුවේ තියෙන අසාරත්වය බලන්න. දුකට හේතුව ප්‍රියයි, මනාපයි. අන්න ඒ ප්‍රිය මනාපයේ අසාරත්වය දැක්ක දවසට ලෝකෙන් මිදෙනවා, ඒක නිවන් මඟ.
දැන් අද දීලා තියෙන කර්මස්ථානයක්, “ජීවිතං අනියතං – මරණං නියතං, මරණං නියතං, මරණං නියතං…” මරණ සතිය. උදේ ඉඳන් රෑ වෙනකන් වඩනවා. එක්කෙනෙක් ඉන්නවා ඇවිදිල්ලා මොකද කරන්නෙ, පිහියක් අරගෙන, බලලා හොඳ වෙලාවක්, බලනවා “මූ විතරයි අද සිල් අරගෙන, කවුරුවත් නෑ වෙන. දැන් මූ මරලා දාලා යන්න හොඳ වෙලාව” කියලා පිහිය අමෝරාගෙන ආවොත්, “මරණං නියතං” කියපු කෙනා “මෙන්න මිනී මරනෝ!!!” කියලා මර ලතෝනි දීලා කෑ ගහනවා. බේබද්දෙක් ඉන්නවා, ඌ මොකද කරන්නෙ, ඌට පෙන්නනවා පිහියක්. “වර! එක සැරයයි උපන්නෙත් එකයි, මැරෙන්නෙත් එකයි. වර! මං මැරෙනවට බය නෑ… එක සැරයක් නෙ ඕයි මැරෙන්නෙ. උපන්නා නං මැරෙනවා තමයි, වර!” යකෝ… අර ජාතියෙ මරණ සතියක් බේබද්දට වැඩිලා තියෙනවනෙ, අර උදේ ඉඳන් රෑ වෙනකන් “ජීවිතං අනියතං – මරණං නියතං” කියනවට වැඩිය..!
එහෙනම් මොකද්ද කරන්න කිවුවෙ? කෝ කරන්න කිවුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මරණ සතිය කෝ? කෝ මරණ සතිය? මැරෙනවා කිය කියා සිහි කර කරා ඉන්නද තියෙන්නෙ? කර්මස්ථානයෙන් බාගයක් කපලා. අපි දන්නෙ නෑ කවුද කැපුවෙ, කොයි කාලෙද කැපුවෙ කියලා. කොයි කාලෙ හරි කැපුවෙ නැත්නම් මෙහෙම තියෙන්න විදිහක් නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා එක අවස්ථාවක…
“මහණෙනි, මරණ සතිය වඩන භික්ෂූණ් වහන්සේලා මෙතන ඉන්නවද?”
“ස්වාමීණි, මමත් වඩනවා”
“මහණ, කොහොමද ඔබ වඩන්නෙ?”
“ස්වාමීණි, එක දවසක් මගේ මේ ජීවිතය මේ විදිහට පවතී කියලා මට විශ්වාස කරන්න බෑ. ඒක හින්දා මැරෙන්න පුළුවන් කොයි වෙලේදි හරි. හැබැයි මම ප්‍රමාද වුනොත් එහෙම මට විශාල බාදකයක්, ලොකු පාඩුවක්. ඒ නිසා ආර්ය මාර්ගය පූර්ණය කරගන්න ඕනේ, දවසක්වත් ප්‍රමාද නොවී කියලා හිතාගෙන මං මේ …(1:16:18 පැහැදිලි නැත)… මෙන්න මං වඩන හැටි…”
“තවත් ඉන්නවද?” “ස්වාමීණි, මමත් වඩනවා”
“මහණ, ඔබ මොකද්ද වඩන්නෙ?”
“ස්වාමීණි, එක වරුවක් වත් මගේ ජීවිතේ මෙසේ පවතීවිද කියලා මට විශ්වාස කරන්න බෑ. වරුවක් හරි මම ප්‍රමාද වුනොත් මට විසාල පාඩුවක්. ඒ නිසා මම උත්සාහය වීර්යය අරගෙන ආර්ය මාර්ගය වඩනවා. මෙන්න මම වඩන හැටි”
“තවත් වඩන අය ඉන්නවද?”
“ස්වාමීණි, මමත් වඩනවා”
“කොහොමද ඔබ වඩන්නෙ?”
“ස්වාමීණි, එක පැයක් වත් මගේ ජීවිතේ මෙසේ පවතීවි කියලා මට විශ්වාස කරන්න බෑ. පැයක් හරි මම ප්‍රමාද වෙලා කාලෙ ගෙවුවොත් එහෙම මට විශාල පාඩුවක් බව සිහිකරලා, එතෙක් වත් ප්‍රමාද නොවී, පැයක් වත් ප්‍රමාද නොවී මම ආර්ය මාර්ගය වඩනවා, ඒ කටයුතු කරනවා..”
“තව ඉන්නවද?”
“ස්වාමීණි, මමත් වඩනවා”
“මහණ, ඔබ කොහොමද වඩන්නෙ?”
“ස්වාමීණි, යටත්පිරිසෙයින් බත් පිඟානක් අරගෙන වළඳලා ඉවරවෙනකන් වත් මගෙ ජීවිතේ මට විශ්වාසයක් තියන්න බෑ. ඒ නිසා ඒ වෙලාව වත් ප්‍රමාද කරන්නෙ නැතුව අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණය කරගන්න මම උත්සාහ කරනවා.”
“තවත් ඉන්නවද?”
“ස්වාමීණි, බත් පිඬක් අරගෙන අනලා ගිලිනකන් වත් වෙලාවක් මගෙ ජීවිතය මට මෙසේ පවතී කියලා විශ්වාස කරන්න බෑ. ඒ වෙලාව හරි ප්‍රමාද වුනොත් මට පාඩුවක් කියලා හිතලා මම ආර්ය මාර්ගය පූර්ණය කරගන්න බලනවා. මම එහෙම වඩනවා.”
“තවත් ඉන්නවද?”
“ස්වාමීණි, මමත් වඩනවා”
“කොහොමද?’
“හුස්මක් අරගෙන අරින තරම්වත් වෙලාවක් ස්වාමීණි මගේ ජීවිතය මට විශ්වාස කරන්න බෑ. ඒ තරම් වෙලාවක් වත් ප්‍රමාද වුනොත් මට පාඩුයි කියලා දැනගෙන මං එතෙක් වත් ප්‍රමාද නොවී වඩනවා.”
“මහණ, මෙතෙන ඉන්න සියළු පිරිසම මරණ සතිය වඩනවයි කියන එක මම පිළිගන්නවා. මේ අතරින් හුස්මක් ගෙන පහත හෙළන තරම්වත් වෙලාවක් මගේ ජීවිතය විශ්වාසයක් නෑ, ප්‍රමාද වෙලා බැහැ කියලා වඩන කෙනාත්, බත් පිඬක් අනලා ගිලින තරම්වත් වෙලාවක් මගේ ජීවිතය මට විශ්වාසයක් නෑ කියලා ප්‍රමාද නොවී අප්‍රමාදව වඩන කෙනාත් අග්‍ර අන්දමින් මරණ සතිය වඩනවා කියලා මං පිළිගන්නවා” කියලා දේශනා කළා. {{පඨම මරණසති සුත‍්තං}} දැන් පැය ගාණක් මොකද්ද කරන්න කියන්නෙ? මැරෙන බව දැනගෙන අප්‍රමාදයට යනකන් කරන්න කිවුව ආර්ය මාර්ගය හැමෝම සිහිකරනවද? “මැරෙනවා මැරෙනවා“ කිය කියා ඉන්නවා. මමත් මැරෙනවා –
“මහා සම්පත්ති සම්පත්තා – යථා සත්තාමතා ඉධ
තථා අහං මරිස්සාමි – මරණං මම හෙස්සති”
පටන්ගන්නවා එහෙම, මරණ සතිය. මහා සම්පත්තියක් තිබුණු මහ බෝසතාණන් වහන්සේලා, මහ බුදුපියාණන් වහන්සේලා, මේ සක්විති රජවරු, මේගොල්ලොත් මළා නම් මං වගේ එකෙක් ගැන මොනවා කියන්නද? මමත් මැරෙනවා. උදේට පායපු ඉර හවසට පල්ලෙහට බැහැලා යනවා වගේ මේ ජීවිතය උදා වුනා, මේ ගියා – මැරුණා. ඉතින් ඔය වගේ එකින් එකට උපමා කිය කියා මැරෙන හැටි කිය කියා ඉන්න හිතනවා මිසක්, කෝ ඉතුරු ටික? කරන්න කිවුවෙ මැරෙන එකද? අන්න අඩු තැන. දැන් “මරණ සතිය“ ද වඩන්නෙ, මරණ සතියෙ කෑල්ලක් වඩ වඩා ඉන්නවා, කෝ ඉතින් මරණ සතිය? සතියද මේ?
දැන් මේවා ආවෙ කතෝලිකයින්ට. …(1:18:40 පැහැදිලි නැත)… කර්මස්ථාන වෙනයි. ඉතින් බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, අසුභානුස්සතියෙ “මේ කය කැතයි, මේ කය ගඳයි, මේ කය පිළිකුලයි, මේක ජරාවීමයි” කිය කියා ඉන්නවා මිසක්, කෝ මේකෙන් සුද්ධ වෙයිද කිළුට? “හෙළ අටුවා” කියලා අපි ලඟ එකක්වත් නැහැ දැන්, පත් ඉරුවක් වත් නෑ. අපේ කළින් තිබුණ හෙළ අටුවා කියන එක, අපේ රහතන් වහන්සේලා ලඟ තිබුණ දහම් අදහස් මතුකරලා දුන්නා. ඒ දීපු අදහස් එකක්වත් අද නෑ. අපි නොදන්න දේවල් මේ ශාසනයෙ සිද්ධවෙලා තියෙනවා. මේ ශාසන මාර්ගය තුළ බොහෝම උපක්‍රමශීලීව ආර්ය මාර්ගය වහලා. හැබැයි හොයන්න බැරිවෙන්න දීලා තියෙනවා “මෙන්න මාර්ගය තියෙනවා“ කියලා. නමුත් මේක මහ උපක්‍රමයක්. කවදාහරි ඕක පෙනුන දවසක්, එහෙම දවසක් එයි, ඕක දැකපු දවසක් එන්නෙ දිවැසක් පහල වුනහම. අතීතස්ස ඥානයක් මතුවුනහම, මාත්‍රයක් හරි මතුවුනොත් දකින්න පටන්ගනියි අපිට වෙලා තියෙන දේ. එතකං අපිට දකින්න බෑ.
අපි දකින්න ඕනෙ පැත්තක් තියෙනවා. මං ඕක පුංචියට පොඩ්ඩක් කියන්නම්, අද වැහිල තියෙන එකක්. “කේසා භාවනාවක්” කරන්නෙ කොහොමද? මේ “කේසා” කියන වචනයෙ තියෙනවා “නිරුක්තියක්”. ඒ නිරුක්තිය අද නෑ, ඒ නිරුක්ති ක්‍රමයත් වැහිලා තියෙන්නෙ. “ක්‍ෂයට ආසා කරන්නෙ, ක්‍ෂය වෙන දේට ආශා කරන්නේ – කේසා“. මොනවද ක්‍ෂය වෙන්නෙ? පංචකාමයෝ අල්ලගන්න ගියොත් අපිට සිද්ධවෙන්නෙ පහත් බවට පත්වෙන්න, ක්‍ෂය වෙන්න. මේ සාසනේ ක්‍ෂය ඔන්න ඕකයි. පංචකාමයට වැටෙන්න ගියොත්, ක්‍ෂයට ආසා කරන කෙනාට ක්‍ෂය – ආසා කියන එකේ හේතුවේ ඵලය වශයෙන් කේසා කියන ඵලය බිහිවෙනවා. දැන් නරකයි කියන්න ඕනෙ කෙස්වලට නෙමෙයි, කෙස් හොඳ නැත්නම්, ක්‍ෂය වෙන පංච කාමයට තියෙන ආසාව දුරුකරගන්න ඕනෙ.
ලෝමා නම්, මේ ලෝකය මහ කුණු ගොඩක්. හැබැයි මේක අමෘතයක් …(1:20:27 පැහැදිලි නැත)… ලෝකය අමෘතයක් වැනි හා සළකනවනම්, …(1:20:32 පැහැදිලි නැත)… එහෙම මානසිකත්වයක් තියෙනවා නම්, ඒ හේතුවේ ඵලය ලෝමා. එහෙනම් කළකිරෙන්න ඕනෙ මේ ලෝකයේ අසාර දේකට සාරයි කියල හිතාගෙන මුළාවෙන තැන, කළකිරෙන්න ඕනෙ ඔන්න ඔතන. වෙන අයින්කරන්න දේවල් නෑ.
“නාක දේවල්” නම් ඔක්කොම අරං තියෙන්නෙ හොඳයි කියලා හිතලා, හොඳයි කියල ගන්න එකක්වත් නෑ, ඔක්කොම “නාකයි”. නාක ඒවා තමයි “නඛා” හොඳයි කියල හිතාගෙන ඉන්නෙ නරක දේවල් කියලා ධර්මානුකූලව දකිනකොට පේනවා නඛා අහක් කරගන්න එකේ පිළිවෙල.
මේ ආස්වාද පස්සෙ ගිහිල්ලා අන්ත දෙකකට වැටෙනවා. අත්ථකිලමතානුයෝගයයි, කාමසුඛල්ලිකානුයෝගයයි කියන අන්ත දෙකට බැහැලා ලෝකෙ හඹායනවා. ද්ව+අන්තයට බැහැලා, ද්ව+අන්තා වලින් මිදෙන්න බැරිනම් “දන්තා” වලින් මිදෙන්න බෑ. එහෙනම් මිදෙන්න ඕනෙ එක ද්ව+අන්ත. කළකිරෙන්න ඕනෙ ඔන්න ඕකටයි, පිළිකුල් කරන්න ඕනෙ අන්න ඒකයි. අන්ත දෙක පිළිකුල් කරගන්න, ඉවත්වෙන්න.
ඊටපස්සෙ තියෙනවා “අච්ඡ” කියන්නෙ ඉක්මගිහිල්ලා. ඉක්මයන පැත්ත තහවුරු කරගත්තා නම් ත+අච්ඡ හෙවත් “තඡ” වෙනවා. අපට පෙනෙන්නෙ ඒකෙදී ඔන්න ඔය ලෝකෙ ඉක්ම යායුතු, වැඩක් නැති, අසාර පැත්තෙ යනවනම්, මෙන්න මේක තහවුරු කරගෙන තියෙන්න ඕනෙ මුළාවට, ඔන්න ඔය මුළාවෙන් අහක් වුනානම් “තඡ” ඉවරයි. ඔයටික වුනානම් සසර ගමන ඉවරයි.
මෙන්න පිළිකුල් කළයුතු භාවනාව ඕකයි. නමුත් උඩින් මත්තෙන් කියන කෙනෙකුට පේන්නෙ මේ ඇඟේ තියෙන කෑලි වගේ. උදේ ඉඳන් රෑ වෙනකන් ඕක කියල ඉවරවෙලා, අන්තිමට ඇඟ ඔක්කොම කුදුවෙලා ගිහිල්ලා, කන්නත් බෑ මොකුත් බෑ, අජීර්ණ හදාගෙන, …(1:21:56 පැහැදිලි නැත)… වැහැරිලා යනවා කළකිරිලම. කළකිරුනයින් පස්සෙ මොකද වෙන්නෙ? ගැටීමෙන් නෙ ඉඳලා තියෙන්නෙ, උපේක්‍ෂාවෙන් යුක්තව, සතියෙන් යුක්තව නිවන් මඟ ගත්තහම හේතුව දකින්න ඕනෙ. ඔය විදිහට එකින් එක බලන්න තියෙන්නෙ, ඔය තිස් දෙකටම තියෙනවා.
ඔය තිස් දෙකම ආශා තිස් දෙකක්. දූෂ්‍ය මට්ටමට බහින්න ආපු පෘතග්ජනයෙක්ගෙ ආශා තිස්දෙකක් තමයි ඔය කියල තියෙන්නෙ. “මංසං, නහාරු, අට්ඨි, අට්ඨි මිඤ්ජා, වක්කං…” ඔය ඔක්කොගේම තියෙනවා කෙළෙස් ඉන්ද්‍රියෙන් බැඳුනාවූ තිස්දෙආකාරයක්. මේවා අද නෑ, ඕවා එදා තිබුණා හෙළ අටුවා වල. හෙළ අටුවා අද නැති නිසා අපේ අය නිවන් දකින කර්මස්ථානය දන්නෙ නෑ. ඒකනෙ ගොතලා තියෙන්නෙ, උඩින් මත්තෙන් තිබෙන්නාවූ කෑලි තිස් දෙකකින් ඉතින් මේ කයේ තිස්දෙක ගැන අඬ අඬා, කැතයි කැතයි කිය කියා ඉන්නවා. ඔන්න අපිට ලැබිලා තියෙන අසුභ කර්මස්ථානය, මරණ සතිය.
බුද්ධානුස්සතිය පටන්ගන්නවා, පටන්ගන්නකොටම මොකද කරන්නෙ, නව අරහාදී බුදුගුණ වඩනවා “ඉතිපිසෝ භගවා අරහං….” ධර්මයේ පැහැදිලිව පෙන්වා දීල තියෙන පදයත් වෙනස් කරලා තියෙන එක ..(1:23:04 පැහැදිලි නැත).. ට පත්කරනවා. “බෙණේක නයෙක් – බෙණේ කණයෙක්” වගේ. “ඉතිපි සෝ භගවා” කියන එක පටන්ගන්නකොට, “ඉතිපිසෝ භගවා” කියලා පටන්ගන්නවා (ස්වාමීන් වහන්සේ “ඉතිපි“ සහ “සෝ“ යන වදන් දෙක අතර ඉඩ තබමි නිවැරදි ක්‍රමයට උච්ඡාරණය කර පෙන්වති – නිවැරදි උච්ඡාරණය සඳහා දේශනාවට සවන් දෙන්න). “ඉතිපි සෝ භගවා, අරහං, සම්මාසම්බුද්ධෝ…” මේ ආදී වශයෙන් යා යුතු එක “ඉතිපිසෝ භගවා අරහං…” කියලා තමයි භාවිතා කරන්නෙ. කවද්ද මේ වචන පැටලෙවුවෙ? හොඳට පැහැදිලිව පොතේ අදටත් කියල තියෙනවා “ඉතිපි” කියලා කොමාවකුත් දාල තියෙනවා. නමුත් අපි භාවිතා කරන්නෙ කොහොමද? “ඉතිපිසෝ” කියලමයි භාවිත කරන්නෙ. {{ ධජග‍්ගසුත‍්තං }} ඕං අපිට දහම් මාර්ගයට එනකොට මුළම කැපුවනෙ! මේ අක්‍ෂර – පද වල පුංචි වෙනසක් ඇතිවුනහම, ඔය ශබ්ද සාස්ත්‍ර දන්න අය දන්නවා “මේ වෙනස ඇතිවුනාට පස්සෙ මේක වැඩෙන්නෙ නෑ නෙ”… අමුත් ඒක අපි දන්නෙ නැතිවුනාට ඔය ත්‍රී වේද පරප්‍රාප්ත බමුණො ඕක දන්නවා, දැනගෙන හිටියා. භාෂා ශාස්ත්‍ර, ඝන ශාස්ත්‍ර, අක්‍ෂර ශාස්ත්‍ර කියලා. ඔය පුංචි පොඩ්ඩ වෙනස් කරල දුන්නට පස්සෙ අපි උදේ ඉඳන් රෑ වෙනකන් වඩනවා ගාථාව, අපිට පදයක් තෝරගන්න බෑ.
“ඉතිපි සෝ භගවා” දැන් ඒක දැක්කා නේද, (ස්වාමීන් වහන්සේ උච්ඡාරණය කර පෙන්වයි. නිවැරදි උච්ඡාරණය සඳහා දේශනාවට සවන් දෙන්න) “ඉතිපි” කියලා පොඩ්ඩක් ඉඳලා “සෝ භගවා” කියල කියන්න පුරුදු කරගන්න. මොකද මෙච්චර කල් පුරුදු කරල තියෙන්නෙ “ඉතිපිසෝ භගවා” කියන්නයි, පුරුදු කරල තියෙන්නෙ. ඕවා හිතලා බලලා ඔය දෙකේ වෙනස කොහොමද කියලා වඩනකොට පෙනෙයි, තමන්ට තියෙන වෙනස. “ඉතිපිසෝ භගවා” කියලා වැඩුව වගෙම “ඉතිපි සෝ භගවා අරහං…” කියලා කර්මස්ථානයක් වශයෙන් නවගුණ පාඨය වඩාගෙන වඩාගෙන යනකොට වෙනස පෙනෙයි අපූරුවට, නවගුණ විතරක් පේන කෙනෙක් නැහැ. අර්ථය දැනගන්න ඕනෙ ඊටපස්සෙ දැනෙන්න, විස්තරය නෙමෙයි.
මෙත්තානුස්සතිය පටන්ගත්ත තැන පටන්ගෙන මොකද කරල තියෙන්නෙ, ලෞකික මෙත් වැඩීමක් තියෙනවා මිත්‍රත්වයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මිත්‍රත්වය සංඝනිකා දෝෂ සහිතයි, ඥානවන්තයෝ අනුමත කරන එකක් නෙවෙයි“ අපේ අය කියනවා “ම්ත්‍රත්වය වඩන්න”. බුදුරජාණන් වහන්සේ කියනවා “සංඝනිකා දෝෂ සහිතයි, වඩන්න එපා” කියලා. “පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීම යයි යමක් ඇත්ද, මෙයම දයාවයි, මෙයම කරුණාවයි, මෙයම අනුකම්පාවයි” ඒකයි මිත්‍රත්වය.
එක් අවස්ථාවකදි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ කාලෙ එක්තරා පිරිසක් එක්තරා ගමකට ගියාට පස්සෙ අන්‍ය පරිබ්‍රාජකයින් සමඟ සාකච්ඡා කළා. ඒ වෙලාවෙ මොකද කරන්නෙ, ඒ අය ගිහිල්ලා කතාකරනකොට අහනවා…
“ඇවැත්නි, ඔබලාගෙ භවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රී කර්මස්ථානය දෙනවද?”
“ඇවැත්නි, දෙනවා”
“ඒ කියන්නෙ මෙහෙමද?” කියල ඒගොල්ලොම දෙනවා, අන්‍ය පරිබ්‍රාජකයො…
“අප්‍රමාණ වූ, අවෛරී වූ, මහත්ගත වූ, සිත එක් දිසාවකට වඩන්න, එසේම දෙවෙනි දිසාවටත්, තුන්වෙනි දිසාවටත්, හතරවෙනි දිසාවටත්, උඩ යට ආදී වශයෙන් සියළු දිසාවන්හි තමා හා සමාන කර සිහිකරමින් මේ මෛත්‍රිය පතුරුවන්න. ඔහොමද දෙන්නෙ?”
“ඔහොම තමයි දෙන්නෙ”
“ඉතින් එබඳුම කරුණා සිත එක දිසාවකට වඩන්න, දෙවෙනි දිසාවට, තුන්වෙනි දිසාවට, හතරවෙනි දිසාවට, උඩ යට ආදී සියලු දිසාවන්ට අසීමිතව, අප්‍රමාණව, තමා සේ සිහිකරමින්, ලෝක සත්වයා කෙරෙහිම වඩන්න. ඕකනෙ දෙන්නෙ?”
“ඔවු ඉතින්, ඕක තමයි” මුදිතා, උපේක්‍ෂා කියන හතර ගැන කියල තියෙන්නෙ.
“ඉතින් ඇවැත්නි, අපි අපේ ශ්‍රාවකයො ඉගෙනගෙන තියෙන්නෙ ඔය විදිහට. භවත් ගෞතමයන් වහන්සේ ඔබලාට දෙන මෛත්‍රී භාවනාවෙත්, අපි අපේ අයට දෙන මෛත්‍රී භාවනාවෙත් වෙනස මොකද්ද?” ඒක අහනවා. උන්වහන්සේ උත්තර දෙන්නෙත් නැතුව, නිහඬව නැගිටල ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණය කියා සිටිනවා.
“මහණ, පද වැලක් ගලාගෙන ඒ කාලෙ හිටන් එනවා. ඔය පිරිස එයින් එහා යමක් දන්නෙ නැතුව මම පෙන්නන මෛත්‍රී භාවනාව සමකරන්න එනවා ඒගොල්ලන්ගෙ මෛත්‍රී භාවනාවට. ඔය පිරිසගෙන් ගිහින් අහන්න මෙසේ වඩන ලද මෛත්‍රී භාවනාව, මෙලොව කෙබඳු ඵලයක් ලබාදෙනවද? පරලොව කෙබඳු ඵලයක් ලබාදෙනවද? අවසානය කොහොමද? මෙසේ වඩන ලද කරුණා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? අවසානය කොහොමද? එසේ වඩනලද මුදිතා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? අවසානය කොහොමද? එසේ වඩන ලද උපේක්‍ෂා භාවනාව මෙලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? පරලොව කෙබඳු ප්‍රතිඵලයක් ලබාදෙනවද? එහි අවසානය කොහොමද? මෙන්න මේ කාරණා අහන්න”
“පදවැලක් පමණක් දරාගෙන ඉන්න මේ පිරිස එයින් එහා යමක් දන්නෙ නැති නිසා ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න දන්නෙ නෑ. මම පෙන්නපු මෛත්‍රී භාවනාව ලෝකෙ යමෙක් දැනගත්තා නම් මා හෝ මගෙන් අහගත්ත කෙනෙකුගෙන් ඇරෙන්න දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිට, ශ්‍රමණ බමුණන් සහිත මේ තුන් ලෝකයේ කවුරුවත් දන්නෙ නෑ ඒ භාවනාව, මං පෙන්නපු මෛත්‍රී භාවනාව.”
දැන් අපෙන් ඇහුවොත් එහෙම “කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව?” එහෙම කියල තව කෙනෙක්? අර අන්‍ය පරිබ්‍රාජකයන් කියපු ඇර වෙන එකක් කියනවද? තමන්ගෙ ගෙදරත් ඒ මෛත්‍රී භාවනාව, අර කියන දස දිසාවට වඩන්නෙ කියලා, අප්‍රමාදව වඩන්නෙ කියලා, ඔය කියන එක ඇරෙන්න, බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රී භාවනාවෙ ප්‍රතිඵල කියල ඇහුවොත් එහෙම? දැන් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරනවා “මා හෝ මගෙන් අහගත්ත කෙනෙක් ඇරෙන්න මං පෙන්නපු මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් තුන් ලෝකෙම නෑ”. එහෙනම් කෝ මේ සාසනයෙ මෛත්‍රී භාවනාව?
මේකයි කිවුවෙ, “මම පෙන්නපු මෛත්‍රී භාවනාව මේකයි, විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ඣංගය වඩන්න, ධම්මවිජය සම්බොජ්ඣාංගය වඩන්න, විරිය සම්බොජ්ඣංගය වඩන්න, ප්‍රීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය වඩන්න, උපෙක්‍ෂා සම්බොජ්ඣංගය වඩන්න.”
“විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී කරුණා සහගත සති සම්බොජ්ඣංගය වඩන්න, ධම්මවිජය සම්බොජ්ඣාංගය වඩන්න, විරිය සම්බොජ්ඣංගය වඩන්න….”
“විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී මුදිතා සහගත සති සම්බොජ්ඣංගය වඩන්න, ධම්මවිජය සම්බොජ්ඣාංගය වඩන්න, විරිය සම්බොජ්ඣංගය වඩන්න, ප්‍රීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය වඩන්න, උපෙක්‍ෂා …”
“ඔයාදී වශයෙන් සප්ත බොජ්ඣංග වඩන්න. විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ගපරිණාමී කියන කාරණා හතරෙන්ම උපේක්‍ෂා සහගත සති සම්බොජ්ඣංගය වඩන්න, ධම්මවිජය සම්බොජ්ඣංගය වඩන්න, ප්‍රීති සම්බොජ්ඣංගය වඩන්න, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්න ඒ පිළිබඳ විරිය සම්බොජ්ඣංගය වඩන්න, සමාධි සම්බොජ්ඣංගය වඩන්න, උපේක්‍ෂා සම්බොජ්ඣංගය වඩන්න. මෙන්න මම පෙන්නපු මෛත්‍රී භාවනාව”.
ඒ මෛත්‍රී භාවනාව වැඩූ කෙනා මෙත්තා සහගත මෛත්‍රිය වැඩුනොත් මෙලොව වශයෙන් මෙත්තා සහගත චේතෝවිමුක්තිය ඇති අප්‍රමාණ ධ්‍යාන සමාධි ලැබෙනවා. මෙලොව ඒ සමාධීන්ගෙන් ජීවත්වෙනවා. මෙළොවදී අරිහත්වයට පත් නොවුනොත් ඔවුන් ගිහිල්ලා “සුභකිණ්න” කියන ලෝකයේ “සුභ” කියන දෙවියන් අතර උපදිනවා. ඒ දෙවියන්ගේ යම් ආයුෂයක් ඇත්ද ඒ ආයුෂ ගෙවිලා එහෙ පිරිණිවන්පානවා මිසක් ඔහු කවදාවත් සසර ගමනට එන්නෙ නෑ. කෙළවර කරන්නෙ එහෙන්.
මේ ආකාර කරුණා භාවනාව වැඩූ කෙනා මෙළොවදී කරුණා සහගත චේතෝවිමුක්තිය ලබමින් සමාධියෙන් ජීවත්වෙනවා. අප්‍රමාණ සමාධි ලබනවා. මෙළොවදී අරිහත්වයට පත් නොවුනොත් “ආකාසානඤ්චායතන” කියන බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඒ අයට යම් ආයුෂයක් ඇත්ද, ඒ කාලය එහෙට වෙලා ඉඳලා පිරිණිවන්පානවා මිසක්, එහෙ කෙළවර කරනවා මිසක් නැවත සසර ගමනට එන්නෙ නෑ, ගමන ඉවරයි.
මෙබඳුම ආකාරයෙන් මුදිතා භාවනාව වැඩූ කෙනාට මෙළොව ඵල වශයෙන් මුදිතා සහගත චේතෝවිමුක්තියෙන් අප්‍රමාණ සමාධි ලැබෙනවා. ඒ සමාධි තුළින් මෙළොව ජීවත්වෙලා ඉන්නවා, මෙළොවදි අරිහත්වයට පත් නොවුනොත් ඔහු ගිහිල්ලා “විඤ්ඤාණඤ්චායතන” දෙවියන් අතර උපදිනවා. විඤ්ඤාණඤ්චායතනයේ දෙවියන්ට තියෙන යම් ආයුෂයක් ඇත්ද, ඒ ආයුෂය ජීවත්වෙලා, ඒ ආයුෂයත් කෙළවර වෙනවා මිසක් සසර ගමනට එයා එන්නෙ නෑ, ගමන ඉවරයි. එන්න ඒකෙ ප්‍රතිඵලය.
උපේක්‍ෂා භාවනාව වැඩුවොත් මෙළොවදි උපේක්‍ෂා සහගත චේතෝවිමුක්තිය නැමැති අප්‍රමාණ සමාධියෙන් ජීවත්වෙනවා. මෙළොවදි අරිහත්වයට පත් නොවුනොත් ඔහු ගිහිල්ලා “ආකිඤ්චඤ්ඤායතනයේ” දෙවියන් අතර උපදිනවා. ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට යම් ආයුෂයක් ඇත්ද, ඒ කාලය ගෙවිලා ඉවරවෙලා එහෙ පිරිණිවන් පානවා, කෙළවර කරනවා මිසක් නැවත සසර ගමනකට එන්නෙ නෑ. ගමන අවසානයි. මෙන්න මම පෙන්නපු භාවනාවෙ මෙළොව, පරළොව සහ කෙළවර තියෙන ප්‍රතිඵල“. {{ මෙත‍්තසුත‍්තං }}
දැන් ඉතින් ඔය භාවනාව පුළුවන්ද? අද මෛත්‍රී භාවනාව කියල මොකද්ද කරන්නෙ? කෝ මෛත්‍රී භාවනාව? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව කෝ හැබෑට? “තපෝ ගුණය හැර, බොජ්ඣංග ධර්ම හැර, නිවන හැර, ලෝ සතුන්ට තවත් සුවයක් මම නොදකිමි!” අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු සුවපත්වීම. අපේ සුවපත්වීම් මොකද්ද අද තියෙන? මඟුල් ගෙදර වගේ කාලා බීලා සංතෝසෙන් ඉන්න අයත් එක්කලා සංතෝස වෙනවනම්, ඒක තමයි සුවපත් වීම. අද එක එක්කෙනා කියල තියෙන ආචාර්යවාදත් කියන්න බෑ ඒවා, මොනවත් කියල කියන්න බෑ. මඟුල් ගෙදරක සංතෝසවෙන එක රාග ද්වේෂ මෝහ කියන එකෙනුයි අලෝභ අදෝස අමෝහ කියන එකෙනුයි කෝකෙන්ද වැඩි? ලෝභ, මෝහයෙන් අහක් කරපු මඟුල් ගෙදර සංතෝස වීමක් තියෙනවද? …(1:31:53 පැහැදිලි නැත)… අරකයි, මේකයි පත්තු කරකර…(1:31:56 පැහැදිලි නැත)…
ඉතින් මඟුල්ගෙදර සංතෝසයෙන් ඉන්නව වගේ සංතෝසයෙන් ඉන්නවද කියල අන්න සතුටුවෙන්න ඕනෙ බුදු දහමෙන්. දැන් ලෝභ මෝහයෙන් – රාග මෝහයෙන් මත්වෙලා ඉන්න පුද්ගලයෙකුට මුළාවක් නිසා අත්කරගන්නෙ, ඔහු සතර අපායට පාර කපාගන්නවා. …(1:32:11 පැහැදිලි නැත)… ඌ කරල තියෙන්නෙ තිරිසන්ගත පාපකර්ම ඒ කරගන්නෙ. මොනව කරන්නද, ඕක දැකල සංතෝස වෙනවද බෞද්ධයො? බෞද්ධයෙකුට පුළුවන්ද සංතෝසවෙන්න? කෝ ඉතින් බෞද්ධ ධර්මයේ අර්ථය? කෝ බුදු දහම එතන? කෝ සුඛය?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට සුඛය නම්, අන්න ඒක සපිරුණා හරියටම. “තපෝ ගුණය හැර…” නිවන් දැකීම සඳහා වෙන්කරගත්ත මේ බ්‍රහ්මචාරී ගුණයට පත්වෙලා ඉන්නවනම් ඒ ගුණය හැර, “බොජ්ඣංග ධර්ම හැර…” මේ යථාවබෝධය ලබාගැනීම සඳහා කටයුතු කරන්නාවූ සති සම්බොජ්ඣංගය, ධම්මවිජය සම්බොජ්ඣංගය ආදිය හැර, “නිවන හැර, රාගක්‍ෂය, ද්වේශක්‍ෂය, මෝහක්‍ෂය හෙවත් නිවන හැර, තවත් ලෝ සතුන්ට සුඛයක් මම නොදකිමි!” අන්න බුදුපියාණන් වහන්සේ දැක්ක සුඛය දැකලා සංතෝස වෙනවනම් බුද්ධාගමේ.
අපිට පුළුවන් නම් ඒ සුවය දැකලා සංතෝසවෙන්න, අන්න ඒ ගිහි ජීවිතය අත්හැරලා, බ්‍රහ්මචාරී දිවියට බැහැල ඉන්න ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය කොච්චර ශාන්තද, ගිහි කාලෙ එහෙම නෑ නේද? සතුටුවෙන්න පුළුවන්නම් අන්න බුද්ධාගමේ. අන්න උන්වහන්සෙලා ඇවිදින් ආර්ය මාර්ගය පූර්ණය කරගන්න යන උත්තමයන් වහන්සෙලා, උන්වහන්සෙලා මේ මේ ගුණවත් උත්තමයන් වහන්සෙලා, මේ කොච්චර ශ්‍රේෂ්ටද? සතුට කියන්නෙ ඔයවගේ දෙයක්, සැනසුම කියල ඉවරනෙ. …(1:33:25 පැහැදිලි නැත)… මෙන්න බුද්ධාගම. “අනේ උන්වහන්සේ රාගක්‍ෂයයි, ද්වේෂක්‍ෂයයි, මෝහක්‍ෂයයි, කෙළවර වෙනකන්ම බුදුරජාණන් වහන්සේ උගන්වනවා. කොච්චර ශ්‍රේෂ්ටද? කොච්චර උත්තම ගුණයකට පත්වුනාද? උන්වහන්සෙට රාග ගිණි නෑ, ද්වේෂ ගිණි නෑ, මෝහ ගිණි නෑ, මටත් රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි නැතිවුනා නම් කොච්චර සංතෝස වෙනවද?” ඔන්න සිහිකරන්න බුද්ධ ධර්මය.
අද කියන්නෙ මොකද්ද? මඟුල් කිරිබත් කනකොට සංතෝසයි කියලා බුදුදහම. ඔය උගන්නලා තියෙන්නෙ බුදු දහමද? ඕකද බුදු දහම? අපේ අය පණ්ඩිතකම් කතාකරන්නෙ මොකද, මොනව ඉගෙනගෙනද? හේතු – ඵල බලන්න ඕනෙ. හේතු – ඵල බලපුහම හොඳ ලස්සනට පෙනෙයි බුදු දහම. බුද්ධානුස්සතියත් වරද්දලා, මෙත්තානුස්සතියත් වරද්දනවා, අසුභානුස්සතියත් වරද්දනවා, මරණානුස්සතියත් වරද්දනවා, හතරම වඩන්න, වඩලා ඉවරවෙලා කියනවා…
“බුද්ධානුස්සති මෙත්තාච – අසුභං මරණස්සති
ඉතිඉමා චතුරාරක්ඛා – භික්ඛුභාවෙය්‍ය සීලවා”
සිල්වත් භික්‍ෂූණ් වහන්සෙගෙ අවස්ථා හතරම මරලා, දැන් මොකද්ද වඩන්න තියෙන්නෙ? හතරම වරද්දලා “මොකද අපි කරන්නෙ?“ ආයුධ සන්නද්ධව සටනට ගිය චතුරංගනී සේනාවක් ඉන්නවා. චතුරංගනී සේනාව තමයි බුද්ධානුස්සතියයි, මෙත්තානුස්සතියයි, අසුභානුස්සතියයි, මරණානුස්සතියයි. හතරම මරලා දාලා …(1:34:31 පැහැදිලි නැත)… ඉතින් මෙන්න අපි දැකගන්න ඕනෙ දේවල්. කෙනෙකුට පල් කරන්නවත්, කෙනෙකුට අපහස කරන්නවත් නෙමෙයි, හේතු ඵල ඇතුව දහමට විරුද්ධ වෙලා තියෙන, දහම වැහිල තියෙන කාරණා හොයාගන්න ඕනෙ. හොයල තේරුම්ගත්ත දාට අපිට තේරෙනවා අපි මොනව පස්සෙද ගිහින් තියෙන්නෙ කියලා. අන්න එදාට අපිට නිවන් මඟ හම්බෙනවා.
අද උදේ ඉඳපු කර්මස්ථානය මොකද්ද, දුකක් නම් මේ සංසාර දුක මිසක් …(1:34:56 පැහැදිලි නැත)… දුකෙන් මිදීමෙන් සැනසුමක් ආවා නම් සංසාර දුකෙන් මිදිලා ආපු සැනසුමයි. අන්න, “පංචස්කන්ධය දුකක් කියලා දකින්නේ, අනුලෝමක්‍ෂාන්තියට පත්වෙයි. නිවන නිදුකක් සේ දකින්නේ සම්‍යත්ත නියාමයට බස්නේය. අනුලෝමක්‍ෂාන්තියට පත්වෙන්නේ සම්‍යත්ත නියාමයට බසිනු යනු සිදුවන්නකි. සම්‍යත්ත නියාමයට පත්වන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන ඵලයට පත්වීමද සිදුවන්නකි.” අන්න කර්මස්ථානය නිවන් දකින. සංසාර දුකෙන් මිදෙන්න ඕනෙ. අන්න පැතුම ලෝක සත්වයාගෙ. විවේක නිශ්‍රිතයි, විරාග නිශ්‍රිතයි, නිරෝධ නිශ්‍රිතයි, වොස්සග්ගපරිනාමියි, සතියෙන් යුක්තයි. සති සම්බොජ්ඣංගය ඔතන නැද්ද? සංසාර දුක නිවාගන්න තියෙන වැඩපිළිවෙල. ධම්මවිජය නැත්ද ඔතන? ධර්මය විචක්‍ෂණව නැඟිලා නැද්ද? ධම්මවිජය සම්බොජ්ඣංගයත් ඔතන තියෙනවා. නිරාමිස ප්‍රීතිය නැද්ද? ඒකත් එතන, ප්‍රීති සම්බොජ්ඣංගයත් තියෙනවා. සැහැල්ලුව නැද්ද? පස්සද්ධි සම්බොජ්ඣංගයත් ඔතන තියෙනවා. උත්සාහයෙන් වීර්යයෙන් කළයුත්තෙ ඕක, විරිය සම්බොජ්ඣංගයත් ඔතන තියෙනවා. අකම්ප්‍ය වන සමාධියත් ඔතන, සමාධි සම්බොජ්ඣංගයත් ඔතන, ලෝකය ගැන උපේක්‍ෂාවත් තියෙනවා …(1:35:59 පැහැදිලි නැත)… තේරුම්ගන්න බැරි එක අවිද්‍යාව. කවදහරි මේකෙන් මිදිච්ච කෙනාට …(1:36:04 පැහැදිලි නැත)…
මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව, වඩනකොට ඕකෙන් මෛත්‍රී භාවනාව සිද්ධවෙනවා. අද මෙත්තා භාවනාව කියන්නෙ මොහොකටද?
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-04
සැළකිය යුතුයි:-
පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ බොහෝ අපැහැදිලි තැන් ඇත. පිටපත් කිරීමේදී යම්කිසි වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කමාව ලැබේවා! දේශනාව කියවීමේදී යම් අපැහැදිලිතාවයක් ඇතිවූයේ නම් ඒ සියල්ල දේශනාවට සවන් දීමෙන් එසේ පැහැදිලි කරගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි!