Category: ආර්ය මෛත්‍රිය

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. …. ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ….. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි.

101 සංයුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාවිදර්ශනාව

මහත්ඵල වූ ආර්ය සහ ලෞකික මෛත්‍රී භාවනාව

ඉතින් අන්න ඒ ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ ඔන්න ඒ බුදුපියාණන්වහන්සේ දුන්න කළණ වැට. එදා මඛාදේව රජ්ජුරුවෝ වෙලා දීපු කළණ වැට තමයි අද ගෙනියන්නේ, “නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” කියලා පෙන්නන ලෞකික කළණ වැට. පිනක්, බඹ ලොවට යන්නත් හේතු වෙනවා. හැබැයි ගිහින් ආපහු ඇවිදිල්ලා ආයේ සැරයක් සසර ගමනේ සැරිසරනවා. හොඳ වුනාට නිවන් නෙවෙයි.