Tag: සංස්කෘත දහම් අරුත් විකෘතිය

68 සංයුක්ත තැටියඅනත්ථඅනිච්ච

මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම

“පෙටෙකොපදෙසය” කියන්නේ බොහොම පැරණි අටුවා ග්‍රන්ථයක්. අතීතයේ “හෙළ අටුවා” කාලේ තිබිච්ච, පරිවර්තනය කරනකොට අහුවෙලා නැති ඒවා. අර කුරුන්දි අට්ටකතා, මහා අට්ටකතා ආදී ඒවා තමයි පරිවර්තනය කරලා, ඒ පොතක් ඇහැටවත් දකින්න නැත්තේ. නමුත් මේ පොත් තුනක් තවම ඉතිරි වෙලා තියෙනවා කොහොමහරි, පටිසම්භිධාමග්ගප්‍රකරණයයි, නෙත්තිප්‍රකරණයයි, පෙටෙකොපදෙසේයයි. එතකොට ඒ ටිකේ තියෙනවා විවිධාකාර අර්ථ විග්‍රහ කරලා. මේ ත්‍රිලක්ෂණයට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඒවාගෙන් අපිට හුගක් බලාගන්න ආධාර වෙනවා.

02 සංයුක්ත තැටියඅනිච්චමූලික දේශනාවිදර්ශනාව

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම

එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!

01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 1 කොටස

නිවන් දැකීමට දැන් පැවිදි වෙන්නම අවශ්‍යය නෑ! ගිහි වතේ ඉඳන් ඕන තරම් නිවන් අවබෝධ කරලා තියෙනවා, තමන් ගේ අඹු – සැමි ජීවිත ගත කරලා තියෙනවා, පවුල් ජීවිත ගත කරලා තියෙනවා, එහෙමමත් වෙලා, අනාගාමී ඵලයට පත් වෙලත් ඉඳලා, පසුව මේ කෙළවර කරලා තියෙනවා – අන්තිමට අරිහත්වයට පත් වෙලාත් කෙළවර කරලා තියෙනවා – ගිහි වතේමත් ඉඳගෙන! මේ බුද්ධ සාසනයේ…

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – පළමු කොටස

අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනත්ථානුපස්සනාවත් කියන මේ කාරණා තුනට ම අනුපස්සනා කරනවා කියන වචනයත් ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අනුපස්සනා කරනවා කියන්නේ, අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුබ කියන ටිකෙන් බලනවා. නිච්ච, සුඛ, අත්ථ, සුබ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නෑ!

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – දෙවන කොටස

දුක්ඛානුපස්සනාව කියන්නේ මොකද්ද? එතන පෙන්වපු දුක මොකද්ද? අන්න එතන විග්‍රහ කරනවා සැරියුත් මහ රහතන් වහන්සේ දුක, “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන” කියලා. “භය අර්ථයෙන් දුක” කියනවා. එතකොට, මොකද්ද ඒ භය අර්ථය කියලා කිවුවේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට, “අනේ, මේ ප්‍රියයි – මනාපයි – යහපතයි!” කියන කර්ම බීජය ගොඩනඟන මේ ආස්වාද මායාවට ඡන්ද රාගයෙන් බැඳුනොත්, මේ එකොලොස් ගින්නක් ගොඩ නැඟි – නැඟී අනන්ත දුක් විඳිනවා වාගේ, ඔය කාමච්ඡන්දාදී නීවරණත් ගොඩනැඟෙනවා මත් වෙලා ඒ කාමයන් ගෙන්. එතකොට, දස අකුසල් කෙරුණහම අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි, සතර අපායේ උපදින්න කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්ත්වයා නිරයේ උපන්නොත්, අනන්ත ගිණි වලින් දැවෙනවා – පිච්චෙනවා අප්‍රමානව! කොයි කාලයක්, අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙනවා, බලවත් පාප කර්ම කරගත්තොත්.

උපමාවක් අරන් බැලුවොත්, යම් කිසි මනුස්සයෙක් මාලු අල්ලන්න යනවා, මාලු අල්ලන මනුස්සයෙක්. එයා මොකද කරන්නේ? මාලු අල්ලන්න අවශ්‍යය කරන – බිලී බාන්න යනවා නම්, බිලී පිත්තක්, ඒකේ ගැට ගහන රැහැනක්, ඒකේ අග ගහන බිලී කොක්කක්….

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – පළමු කොටස

“කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා? ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති, අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා” කියලා මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රී මුඛ දේශනාවට විරුද්ධ වෙනවා නම්, ඒක මහා භයානකයි! ඒ ශ්‍රී මුඛ දේශනාව…

අනිච්චතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනා

තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – පළමු කොටස

අද වන විට “මාර්ග-ඵල” කියන වචනය හාස්‍යයට ලක් වන තරමට පහත් වෙලා තියෙනවා. යම් කෙනෙක් කිවුවත් ඒක හාස්‍යයට ලක් කරනවා, “සෝවාන් වෙනවා” කිවුවත්. හැබැයි, බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ දී සැවැත් නුවර ජනගහනය හත් කෝටියකින්, කෝටි පහක් ම මාර්ග-ඵල ලාභීන් කියලා සඳහන් වෙනවා. එහෙනම්, ඒ තරමට ඒ මාර්ග-ඵල…