Tag: හේතු – ඵල

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 1 කොටස

අපිට තව කෙනෙකුට සිතක් පහල කරන්න බැරිවුනාට, සිතක් පහල කරන්න අරමුණු කරන්න ඕනෑ කරන සටහන දුන්නහැකි. රූප කළාපයක් සකස් කරලා, සෙත් කරලා දෙන්න පුලුවන්. අන්න “සෙත වදිනවා” කියන්නේ ඕකයි. සිත දෙන්න බෑ, මගේ හිත මං ලඟ. ඒක ආවා, උප්පාද – තිඨි – භංග වුනා, ඉවරයි!

අභිධර්මයසදහම් සාකච්චා 1

භෞතික ලෝකය, නාම ලෝකය, නාම-ගෝත්‍ර හා නිවන

දැන් අපි හීනයක් දැක්කා, මොකක්ද දැක්කෙ? මේ ලෝකෙ මං මෙහෙම එකක් දැක්කා. ඒ දැකපු හීනේ, අපි දැක්ක බව හොදටම දන්නවා, දර්ශනය කරපු බවත් දන්නවා. ඉතින් ඔච්චර පැහැදිලි එක කොහෙද තියෙන්නේ, කොයි පැත්තෙද? ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න බැහැනේ. මොකද, මේ දිසා සහිතව අල්ලාගත්තේ භෞතික ලෝක සිද්ධාන්තයකටයි මේ දිසාවක්, තැනක් අපි නිගමනය කරගෙන ඉන්නේ, භෞතික වස්තු දැකපු අත්දැකීම. භෞතික වස්තුවක් නම්, කොතන හරි තියෙනවා කිව්වොත්, තියෙන තැනක් ඕනේ. දිශාවක් ඕනේ. ඒ භෞතික “රූප වස්තු” මනින මිම්ම. “නාම වස්තු” මනින්න ඔය මිම්මෙන් බෑ. අන්න ඒකයි වෙනස…

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”