Tag: මම-මගේ දෘෂ්ඨිය

02 සංයුක්ත තැටියමූලික දේශනා

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවා” කියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව “විද්‍යාව” හරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට.

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…

01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 1 කොටස

නිවන් දැකීමට දැන් පැවිදි වෙන්නම අවශ්‍යය නෑ! ගිහි වතේ ඉඳන් ඕන තරම් නිවන් අවබෝධ කරලා තියෙනවා, තමන් ගේ අඹු – සැමි ජීවිත ගත කරලා තියෙනවා, පවුල් ජීවිත ගත කරලා තියෙනවා, එහෙමමත් වෙලා, අනාගාමී ඵලයට පත් වෙලත් ඉඳලා, පසුව මේ කෙළවර කරලා තියෙනවා – අන්තිමට අරිහත්වයට පත් වෙලාත් කෙළවර කරලා තියෙනවා – ගිහි වතේමත් ඉඳගෙන! මේ බුද්ධ සාසනයේ…

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – තෙවන කොටස

“මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්….ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට…..

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”