Tag: සං – අරුත

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

නිවැරදිව දුක්ඛ අරිය සත්‍යය දකිමු – 2 කොටස

“දුකට හේතුව” නිසා කොටු වෙනවා, දුකට පිරිලා බැඳගන්න සිද්ධ වෙනවා. එහෙනම් “දුක” දුක හැටියට දකින්න ඕනෙ, “දුකට හේතුව” දුකට හේතුව හැටියට දකින්න ඕනෙ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කියලා දැක්කෙ නැත්තම් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද, අපි “දුක” දැකලත් නෑ, “දුකට හේතුව” දැකලත් නෑ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නෑ.

වචන කියාගෙන ගිහෑකි, “යායං තණ්හා, පෝණෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා…” කියලා “දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” තේරුවට, තේරුණාද? අන්න නොතේරෙන තැන. තෝරාගන්න නම් ඔය ක්‍රමයට දකින්න ඕනෑ, හරි ආකාරව දුකයි, දුකට හේතුවයි.

02 සංයුක්ත තැටියපිලිසමුපාමූලික දේශනා

සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

02 සංයුක්ත තැටියමූලික දේශනා

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවා” කියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව “විද්‍යාව” හරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට.

01 සංයුක්ත තැටියඅරි අටඟි මඟ

නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා එය වැඩෙන හැටි

දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “ඔන්න ඕක භාවනා කරන්න!” ඔන්න භාවනාව! ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා කරන්න ඕනේ කිවුවා, “තං ඛෝ පණිධං දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං භාවේතබ්බංතිමේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි!” කියලා…