Category: අනත්ථ

07 සංයුක්ත තැටියඅනත්ථභාවනා

කර්මස්ථාන වැඩීමට පසුබිම සකස් කරගැනීම

අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහලා. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල!

68 සංයුක්ත තැටියඅනත්ථඅනිච්ච

මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම

“පෙටෙකොපදෙසය” කියන්නේ බොහොම පැරණි අටුවා ග්‍රන්ථයක්. අතීතයේ “හෙළ අටුවා” කාලේ තිබිච්ච, පරිවර්තනය කරනකොට අහුවෙලා නැති ඒවා. අර කුරුන්දි අට්ටකතා, මහා අට්ටකතා ආදී ඒවා තමයි පරිවර්තනය කරලා, ඒ පොතක් ඇහැටවත් දකින්න නැත්තේ. නමුත් මේ පොත් තුනක් තවම ඉතිරි වෙලා තියෙනවා කොහොමහරි, පටිසම්භිධාමග්ගප්‍රකරණයයි, නෙත්තිප්‍රකරණයයි, පෙටෙකොපදෙසේයයි. එතකොට ඒ ටිකේ තියෙනවා විවිධාකාර අර්ථ විග්‍රහ කරලා. මේ ත්‍රිලක්ෂණයට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඒවාගෙන් අපිට හුගක් බලාගන්න ආධාර වෙනවා.

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – තෙවන කොටස

“මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්….ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට…..

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – පළමු කොටස

අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනත්ථානුපස්සනාවත් කියන මේ කාරණා තුනට ම අනුපස්සනා කරනවා කියන වචනයත් ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අනුපස්සනා කරනවා කියන්නේ, අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුබ කියන ටිකෙන් බලනවා. නිච්ච, සුඛ, අත්ථ, සුබ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නෑ!