Category: භාවනා

Samatha, Vidarshana, සමථ, විදර්ශනා, මෛත්‍රිය, කරුණා, මුදිතා, උපෙක්ඛා, සතර සතිපට්ඨාන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා කිරීම, metta, karuna, mudita, upekka

04 සං‍යුක්ත තැටියපිලිසමුපාභාවනාවිදර්ශනාව

නිවන් මඟ හෙළි කරන නිවැරදි කේෂා ලෝමා භාවනාව

“කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා සිහි කරනකොට ජරාවක්, ලෝක සම්මත ජරාවක් පිළිකුල් කරනකොට නිවන් දකිනවා නම්, මේ ලෝකයා නිරන්තරයෙන් කරන වැඩේ ඕකනෙ, ලෝකයා නිරන්තරයෙන් නිවන් දකිනවා, බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ. මේ ඇඟේ තියෙන කෑලි දැකලා “කැතයි, ගඳයි, පිළිකුලයි” කියනකොට ඒක නිවන් මඟ නම්, එහෙම නිවන් දකින්න පුලුවන් නම්, ඔප්පු කරන්න පුලුවන් වෙනවා අපිට, අනික් අයටත් නිවන් තියෙනවා.

කොච්චර කැත වුනත්, කොච්චර ගඳ වුනත්, කොච්චර පිළිකුල් වුනත්, ආස්වාදයට කැමති නිසා ලෝක සත්වයා මේ කැත, ගඳ, පිළිකුල ශරීරය පරිහරණය කරනවා….. ආසාවන් සිහි කරනකොට ආසාවන් නැතිවෙනවද? වැඩිවෙනවද? යම්කිසි ආශාවක් පුද්ගලයෙකුට ඇති වුනහම ඒ ආශාවම යළි යළි සිහි කළොත් “ආශාවක්, ආශාවක්” කියලා, ඒක වැඩිවෙනවා මිසක් අඩුවෙන්න පුලුවන්ද?

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. …. ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ….. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි.

02 සංයුක්ත තැටියඅනිච්චමූලික දේශනාවිදර්ශනාව

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම

එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!

101 සංයුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාවිදර්ශනාව

මහත්ඵල වූ ආර්ය සහ ලෞකික මෛත්‍රී භාවනාව

ඉතින් අන්න ඒ ආර්ය මෛත්‍රී භාවනාව කියන්නේ ඔන්න ඒ බුදුපියාණන්වහන්සේ දුන්න කළණ වැට. එදා මඛාදේව රජ්ජුරුවෝ වෙලා දීපු කළණ වැට තමයි අද ගෙනියන්නේ, “නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” කියලා පෙන්නන ලෞකික කළණ වැට. පිනක්, බඹ ලොවට යන්නත් හේතු වෙනවා. හැබැයි ගිහින් ආපහු ඇවිදිල්ලා ආයේ සැරයක් සසර ගමනේ සැරිසරනවා. හොඳ වුනාට නිවන් නෙවෙයි.

01 සංයුක්ත තැටියමූලික දේශනාවිදර්ශනාව

අස්සාස දහම්, පස්සාස දහම්, අනන්තර සමනන්තර ප්‍රත්‍යය

“ආනාපානසතිය කියන එක ඕනේම තැනකදි වඩන්න පුලුවන්, යන – එන, කරන – කියන, කතා කරන, කතා නොකරන හැම තැනකදීම පහ කළ යුත්ත දැනගෙන පහ කරනවා, ඇසුරු කළ යුත්ත දැනගෙන ඇසුරු කරනවා.” කුමක් ඇසුරු කළ යුතුද? කුමක් පහ කළ යුතුද? යම්කිසි අවිද්‍යා – තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක් ඇත්ද, පහ කළ යුතුයි!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

ශුද්ධාෂ්ඨක, කරණීය මත්ත සූත්‍රය, ආනාපානසතිය

…මේක ඝනීභවනය වෙනවා, තව අවස්ථාවක්! අන්න ඒකෙන් හටගන්නා ඊලඟ අවස්ථාව ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු කියලා ධාතු බවට ඝනීභවනය වෙනවා. අන්න ඒ ධාතු හතර එක් වීමෙන් තමයි මේ ලෝකේ සත්ත්ව-පුද්ගල-ද්‍රව්‍යය-වස්තු පහල වෙන්නේ!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – තෙවන කොටස

“මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්….ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට…..

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – පළමු කොටස

අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනත්ථානුපස්සනාවත් කියන මේ කාරණා තුනට ම අනුපස්සනා කරනවා කියන වචනයත් ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අනුපස්සනා කරනවා කියන්නේ, අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුබ කියන ටිකෙන් බලනවා. නිච්ච, සුඛ, අත්ථ, සුබ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නෑ!

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – දෙවන කොටස

දුක්ඛානුපස්සනාව කියන්නේ මොකද්ද? එතන පෙන්වපු දුක මොකද්ද? අන්න එතන විග්‍රහ කරනවා සැරියුත් මහ රහතන් වහන්සේ දුක, “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන” කියලා. “භය අර්ථයෙන් දුක” කියනවා. එතකොට, මොකද්ද ඒ භය අර්ථය කියලා කිවුවේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට, “අනේ, මේ ප්‍රියයි – මනාපයි – යහපතයි!” කියන කර්ම බීජය ගොඩනඟන මේ ආස්වාද මායාවට ඡන්ද රාගයෙන් බැඳුනොත්, මේ එකොලොස් ගින්නක් ගොඩ නැඟි – නැඟී අනන්ත දුක් විඳිනවා වාගේ, ඔය කාමච්ඡන්දාදී නීවරණත් ගොඩනැඟෙනවා මත් වෙලා ඒ කාමයන් ගෙන්. එතකොට, දස අකුසල් කෙරුණහම අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි, සතර අපායේ උපදින්න කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්ත්වයා නිරයේ උපන්නොත්, අනන්ත ගිණි වලින් දැවෙනවා – පිච්චෙනවා අප්‍රමානව! කොයි කාලයක්, අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙනවා, බලවත් පාප කර්ම කරගත්තොත්.

උපමාවක් අරන් බැලුවොත්, යම් කිසි මනුස්සයෙක් මාලු අල්ලන්න යනවා, මාලු අල්ලන මනුස්සයෙක්. එයා මොකද කරන්නේ? මාලු අල්ලන්න අවශ්‍යය කරන – බිලී බාන්න යනවා නම්, බිලී පිත්තක්, ඒකේ ගැට ගහන රැහැනක්, ඒකේ අග ගහන බිලී කොක්කක්….

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – පළමු කොටස

“කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා? ඉදානන්ද භික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨීයති, හරායති, ජිගුජ්ඡති, අයං වුච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා” කියලා මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ අනිච්ච සංඥාව විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රී මුඛ දේශනාවට විරුද්ධ වෙනවා නම්, ඒක මහා භයානකයි! ඒ ශ්‍රී මුඛ දේශනාව…

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – තෙවන කොටස

අන්න සැරියුත් මහ රහතන් වහන්සේ අනිච්ච විග්‍රහ කරලා දුන්නා, එහෙනම් උන්වහන්සේ ට වැඩිය විග්‍රහ කරන්න සමතෙක් තව ශ්‍රාවකයෝ අතර නෑ! ඔන්න අනිච්ච මොකද්ද අහපුවාම සංස්කෘත පදය දාලා බේරෙන්න බෑ, “අනිත්‍යයි” කියලා…

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනිච්ච විග්‍රහය – දෙවන කොටස

දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම දෙයක්, ලෝකේ රූප ඕනේ තරම් තියෙනවා. හරි ලස්සන රූප තියෙනවා කියලා, ලෝක සත්ත්වයා බලනවා. බලන්නේ කොහෙන් ද? ඇහෙන්! ඇහැ හොඳට පේනවා නම් රූප බැලිය හැකියි. ඇහැ පේන්නේ නැත්තම් එහෙම, රූප පේනවා ද, කොච්චර තිබුණත්? හිතලා බලන්න. කොච්චර ලස්සන රූප තිබුණත්, අන්ධයාට මොකටද? අන්ධයාට ඇස් වලට, කොච්චර ලස්සන රූප ලෝකේ තිබුණත් අන්ධයාට වැඩක් නෑ! අන්ධයාට…

63 සංයුක්ත තැටියවිදර්ශනාව

සිත පාලනය කර ගැනීමට කළයුතු දෙය

ප්‍රශ්නය : ලෝකයේ ස්වභාවය ගැන කියවෙන ත්‍රිලක්ෂණය අසා දැනගෙන, එය මෙනෙහි කරන විට, මෙම ආස්වාදයන් පසුපස හඹා යෑම මුලාවක් බවත්, […]

92 සංයුක්ත තැටියවිදර්ශනාව

ලෝභ – ද්වේෂ – මෝහ නිරෝධ කරන ආකාරය

“ලෝභ ද්වේෂ මෝහ සිතිවිලි නිතරම ගලාගෙන එනවා, අතමිදීමට මොකද්ද කරන්න ඕනේ, මේ නිරෝධ කරගන්න මාර්ගය කියන්න” කියලා ඉතින්. ජීවිතය සහ ජීවිතයක් කියන වචන දෙකක් තියෙනවා, මේක තෝරාගන්න ඕනේ. “වැහැරී වැනසෙන ජීවිතය ගෙවන හැටි!” මේ තමන් ගැන හිතන හැටි…