ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය
“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය…. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් සසර කෙළවර විමුක්ති ලාභියෙක් වුනා මම” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා.