Tag: යෝනිසෝ මනසිකාරය

13 සංයුක්ත තැටියපිලිසමුපාභාවනා

ස්ත්‍රී පුරුෂ සංඛාර, පටිච්ච සමුප්පාදය, සෝවාන් ලක්ෂණ, ආනාපානසතිය…

ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රීන් උපදිනවා, පුරුෂ සංඛාරයෙන් පුරුෂයො උපදිනවා. මේක පිං – පවු දෙක අනුව වැඩක් කියලා නිගමනය කරන්න පුලුවන් එකක් නෙමෙයි. දැන් දෙවඟනක් වෙන්නෙ පිං කරලා. එතකොට “පවු වලින් ස්ත්‍රීන් වෙනවා” කියල ගත්තහම, පවු කරලා දෙවඟනක් වෙන්න බෑනෙ! පිනක ඵලයක් වශයෙන් උපන්නා නම් එහෙ දෙවඟනන් උපදිනවා. දෙවඟන කියන්නෙ ස්ත්‍රියක්. එහෙනම් මේ පිං – පවු දෙකෙන් හොයන්න ගිහාම මේක ‍තෝරා බේරාගන්න බැරුව යනවා.

03 සං‍යුක්ත තැටියමූලික දේශනා

සදහම් පැන විසඳුම්

මෙම දේශනාවෙහි අරිය කාන්ත සීලය, අපිලාපන හා උපහන්හන ස්මෘති, අෂ්ට සමාපත්ති , බ්‍යාමමත්තේ කලේබරේ, ගිරි භාණ්ඩ, සෘද්ධි, අරිය මෙත, සුවාසූ දහසක්, දෙවුදත් තෙර, උපේක්ෂාතර උපේක්ෂාව, අරි අටඟි මඟ, පබස්සර සිත, ආලෝක කර්මස්ථානයක් යන දහම් කරුණු මූලිකව තවත් බොහෝ දහම් කරුණු සම්බන්ධ පැහැදිලි කිරීම් අන්තර්ගත ය.