Tag: අවංකයි පිවිතුරුයි පිරිසිදුයි පබසරයි

13 සංයුක්ත තැටියමූලික දේශනා

ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය

එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ.

10 සංයුක්ත තැටියභාවනාවිදර්ශනාව

කාම ලෝක අනාථයි – කර්මස්ථාන භාවනා විග්‍රහය

අනාථයි කියල දැනගත්තනම්, දුක දැකලත් ඉවරයි. අනාථත්වයේ පැවැත්මක් ඇත්ද, දුකට හේතුවයි කියල දැකලත් ඉවරයි. අනාථත්වයේ අත්හැරීම, දුක නිදහස්වීම කියල දැකලත් ඉවරයි. අනාථත්වය අත්හරින්න මොකද කරන්න ඕනෙ? අනාථයි කියන තත්වයම සිහිකරල බලන්න ඕනෙ. එහෙනම් ඒක මාර්ගයයි. චතුරාර්ය සත්‍යම ඔතන දැකල ඉවරයි. “අරිහත් ඵලයෙන් කෙලවර වෙන භාවනාවක්”