චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම
අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි ඔය ගතිලක්‍ෂණ අට මුල්කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූලධමය මනසෙ ක්‍රියාත්මක වෙනවා. මේන්න මේක තමයි “ආපෝ තේජෝ වායෝ පඨවි වණ්න ගන්ධ රස ඕජා” කියන ශුද්ධාෂ්ඨකය හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුනානම් බලාපොරොත්තු වෙච්චි දේ නිෂ්පාදනය කරනතුරු මනසින් ඒවට ගැබ් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා.