Tag: සතර සතිපට්ඨානය

13 සංයුක්ත තැටියමූලික දේශනා

ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය

එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ.

13 සංයුක්ත තැටියමූලික දේශනා

ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය

“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය…. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් සසර කෙළවර විමුක්ති ලාභියෙක් වුනා මම” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා.

13 සංයුක්ත තැටියභාවනාමූලික දේශනා

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.