Category: 13 සංයුක්ත තැටිය

13 සංයුක්ත තැටියමූලික දේශනා

ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය

එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ.

13 සංයුක්ත තැටියඅභිධර්මය

චිත්ත බලයෙන් ශුද්ධාෂ්ඨක නිපදවීම

අවිද්‍යාවෙයි තෘෂ්ණාවෙයි ඔය ගතිලක්‍ෂණ අට මුල්කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූලධමය මනසෙ ක්‍රියාත්මක වෙනවා. මේන්න මේක තමයි “ආපෝ තේජෝ වායෝ පඨවි වණ්න ගන්ධ රස ඕජා” කියන ශුද්ධාෂ්ඨකය හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුනානම් බලාපොරොත්තු වෙච්චි දේ නිෂ්පාදනය කරනතුරු මනසින් ඒවට ගැබ් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා.

13 සංයුක්ත තැටියමූලික දේශනා

ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය

“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය…. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් සසර කෙළවර විමුක්ති ලාභියෙක් වුනා මම” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා.

13 සංයුක්ත තැටියභාවනාමූලික දේශනා

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.

13 සංයුක්ත තැටියපිලිසමුපාභාවනා

ස්ත්‍රී පුරුෂ සංඛාර, පටිච්ච සමුප්පාදය, සෝවාන් ලක්ෂණ, ආනාපානසතිය…

ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රීන් උපදිනවා, පුරුෂ සංඛාරයෙන් පුරුෂයො උපදිනවා. මේක පිං – පවු දෙක අනුව වැඩක් කියලා නිගමනය කරන්න පුලුවන් එකක් නෙමෙයි. දැන් දෙවඟනක් වෙන්නෙ පිං කරලා. එතකොට “පවු වලින් ස්ත්‍රීන් වෙනවා” කියල ගත්තහම, පවු කරලා දෙවඟනක් වෙන්න බෑනෙ! පිනක ඵලයක් වශයෙන් උපන්නා නම් එහෙ දෙවඟනන් උපදිනවා. දෙවඟන කියන්නෙ ස්ත්‍රියක්. එහෙනම් මේ පිං – පවු දෙකෙන් හොයන්න ගිහාම මේක ‍තෝරා බේරාගන්න බැරුව යනවා.

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.