Category: ගාථා / සූත්‍ර විග්‍රහයන්

14 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්පටිභාන කවි

රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කවියෙන්…

යහපත පතා මුනි රජිඳුන් එම දානේ
සදහම් ගුණය දෙවමින් යහපත මානේ
යම් දා විසාලා යන පුර එම තානේ
රෝ බිය දුරු කරපු හැටි සිහිවනු ඕනේ

දෙවු බඹ පිරිස් සහ සැම ලොව තුළ ඉන්නා
සැම මහ පිරිස ඒවා ගුණ දකිමින්නා
පවතින දුක් ද දුරුකර සෙත ගෙන දෙන්නා
මහ මුණි රජානන් අනුහස පවසන්නා

17 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

මහා මංගල සූත්‍ර විග්‍රහය

මංගල කියලා හිතා හිටියාට ඒක මංගල වෙලා නෑ! එහෙනම්, බුදුරජාණන් වහන්සේ මංගල්‍යයක් හැටියට පෙන්නුවා නම්, හැබෑ මංගල්‍යය මොකද්ද, කවදා හරි විමුක්තිය ලබා ගත්තා නම්, අන්න හැබෑ මංගල්‍යය ඔහුට සිද්ධ වුනා. නැවත ඔහු දුකට වැටෙන්නේ නෑ! සසර දුකෙනුත් සදහටම නිදහස්! අන්න ඒටික සිද්ධ වුනා නම්, ඔහු ඇසුරු කරලා තියෙන්නේ වැදගත්ම කාරණයකට ඔහුගේ මාර්ගයේ යහපතක්ම සිද්ධ කළා වෙනවා.