ස්ත්‍රී පුරුෂ සංඛාර, පටිච්ච සමුප්පාදය, සෝවාන් ලක්ෂණ, ආනාපානසතිය…
ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රීන් උපදිනවා, පුරුෂ සංඛාරයෙන් පුරුෂයො උපදිනවා. මේක පිං – පවු දෙක අනුව වැඩක් කියලා නිගමනය කරන්න පුලුවන් එකක් නෙමෙයි. දැන් දෙවඟනක් වෙන්නෙ පිං කරලා. එතකොට “පවු වලින් ස්ත්‍රීන් වෙනවා” කියල ගත්තහම, පවු කරලා දෙවඟනක් වෙන්න බෑනෙ! පිනක ඵලයක් වශයෙන් උපන්නා නම් එහෙ දෙවඟනන් උපදිනවා. දෙවඟන කියන්නෙ ස්ත්‍රියක්. එහෙනම් මේ පිං – පවු දෙකෙන් හොයන්න ගිහාම මේක තෝරා බේරාගන්න බැරුව යනවා.