Category: පිලිසමුපා

පටිච්ච සමුප්පාදය

04 සං‍යුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

කුසළ මූල පටිච්ච සමුප්පාදය පිළිබඳ දුර්ලභ විග්‍රහයක්

පටිච්ච සමුප්පාදය කියලා අපි දැනට භාවිතා කරන්නෙ මොකද්ද? මේ කියන කාරණා දෙකත් ඉතාම හොඳින් තේරුම්ගන්න ඕනෙ. මොකද මේ කාලෙ වෙනකොට “කුසළ මූල පටිච්ච සමුප්පාදය” කියලා එකක් තියෙනවද කියලවත් අහන්නෙ නෑ. ධර්මය තුළ තිබුණට ඒ සියල්ලම යටපත් වෙලා, පොත් වලට සීමා වෙලා තියෙනවා, ඒවා පිළිබඳව හැදෑරීමක් නැති නිසා හෝ අපිට අහන්න දේශනාවක් වශයෙන් වත් ලැබිලා නෑ.

“අවිජ්ජා පච්චයා පුඤ්ඤාභිසංඛාරා, අවිජ්ජා පච්චයා අපුඤ්ඤාභිසංඛාරා, අවිජ්ජා පච්චයා ආනෙඤ්ජාභිසංඛාරා” කියලා ඔහොමත් විග්‍රහ කරනවා. පාලියෙන් පෙන්නනකොට “තත්ත කතමා අවිජ්ජා පච්චයා සංඛාරා, පුඤ්ඤාභිසංඛාරා, අපුඤ්ඤාභිසංඛාරා, ආනෙඤ්ජාභිසංඛාරා අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරා” කියලා එහෙමත් විග්‍රහ කරනවා. අන්න අවිජ්ජා පච්චයෙන් පුඤ්ඤාභිසංඛාර වෙනවයි කියපු තැන, පුඤ්ඤාභිසංඛාරයක් සිද්ධ වෙනවා නම් අලෝභ, අදෝස, අමෝහ කියන මේවා මුල් කරගෙන ඕනෙ.

04 සං‍යුක්ත තැටියපිලිසමුපාභාවනාවිදර්ශනාව

නිවන් මඟ හෙළි කරන නිවැරදි කේෂා ලෝමා භාවනාව

“කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා සිහි කරනකොට ජරාවක්, ලෝක සම්මත ජරාවක් පිළිකුල් කරනකොට නිවන් දකිනවා නම්, මේ ලෝකයා නිරන්තරයෙන් කරන වැඩේ ඕකනෙ, ලෝකයා නිරන්තරයෙන් නිවන් දකිනවා, බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ. මේ ඇඟේ තියෙන කෑලි දැකලා “කැතයි, ගඳයි, පිළිකුලයි” කියනකොට ඒක නිවන් මඟ නම්, එහෙම නිවන් දකින්න පුලුවන් නම්, ඔප්පු කරන්න පුලුවන් වෙනවා අපිට, අනික් අයටත් නිවන් තියෙනවා.

කොච්චර කැත වුනත්, කොච්චර ගඳ වුනත්, කොච්චර පිළිකුල් වුනත්, ආස්වාදයට කැමති නිසා ලෝක සත්වයා මේ කැත, ගඳ, පිළිකුල ශරීරය පරිහරණය කරනවා….. ආසාවන් සිහි කරනකොට ආසාවන් නැතිවෙනවද? වැඩිවෙනවද? යම්කිසි ආශාවක් පුද්ගලයෙකුට ඇති වුනහම ඒ ආශාවම යළි යළි සිහි කළොත් “ආශාවක්, ආශාවක්” කියලා, ඒක වැඩිවෙනවා මිසක් අඩුවෙන්න පුලුවන්ද?

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 1 කොටස

අපිට තව කෙනෙකුට සිතක් පහල කරන්න බැරිවුනාට, සිතක් පහල කරන්න අරමුණු කරන්න ඕනෑ කරන සටහන දුන්නහැකි. රූප කළාපයක් සකස් කරලා, සෙත් කරලා දෙන්න පුලුවන්. අන්න “සෙත වදිනවා” කියන්නේ ඕකයි. සිත දෙන්න බෑ, මගේ හිත මං ලඟ. ඒක ආවා, උප්පාද – තිඨි – භංග වුනා, ඉවරයි!

02 සංයුක්ත තැටියපිලිසමුපාමූලික දේශනා

සංඛාර හැදෙන හැටි, සංඛාර වල අසාරත්වය තුළින් ධර්මය දැකීම

ගෘහය කියන්නේ සංඛාරයක් නෙමෙයි සංඛතයක්. ගෘහය ගොඩනැගුනේ සංඛාර නිසා. එනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩනගන්න. මෙන්න මේ “සං” කියන එකතූන් ක්‍රියාත්මක කරන්න අපි දාඩිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමය “ඛාර!”

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

ශුද්ධාෂ්ඨක, කරණීය මත්ත සූත්‍රය, ආනාපානසතිය

…මේක ඝනීභවනය වෙනවා, තව අවස්ථාවක්! අන්න ඒකෙන් හටගන්නා ඊලඟ අවස්ථාව ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු කියලා ධාතු බවට ඝනීභවනය වෙනවා. අන්න ඒ ධාතු හතර එක් වීමෙන් තමයි මේ ලෝකේ සත්ත්ව-පුද්ගල-ද්‍රව්‍යය-වස්තු පහල වෙන්නේ!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…