චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

ගිහි වතක සිට නිවන් දකින හැටි – 2 කොටස හා සම්බන්ධයි

 

දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)

ගිහි වතේ සිට නිවන් දකින්න තිබෙන හරි මඟ කුමක්ද? - 3 කොටස

 

{00:00} මේ කය බිඳුන පසු මතු කයකට යනවා, නමුත් චුති පටිසන්ධි අතර අතරකුත් නෑ! : අතරක් නෑ කියන එක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා, අභිධර්මයේ. ඇත්ත වශයෙන් ම ඒ සත්‍යය ම සත්‍යයයි! ඒ ගැන මොනවත් කතා කරන්න දෙයක් නෑ. හැබැයි, සත්‍යය බව දැනගන්න විදිහක් නැතුවයි කියන්නේ ඒක බොරු කියලා, පෙලක් අය පිලිගන්නේ නෑ කියන්නේ. එහෙනම්, පිලිගන්න පුලුවන් විදිහට මං හේතු පෙන්වන්නම්. ඒ වාගේම, මේ කය මලාට පස්සේ, මතු කයකට යනකන් අතරක් තියෙනවා කියන එකත් සත්‍යය ම සත්‍යයයි! ඒකටත් මං හේතු පෙන්වන්නම්. දෙක පරස්පර නොවෙන බවත් පෙන්වන්නම්, ධර්මයෙන්. හැබැයි, මෙච්චර කල් විසඳලා නැති ප්‍රශ්නයක් මේ විසඳලා පෙන්වන්නේ, තේරුණා නේ!

 

{00:31} ජාති කියන්නේ 6 ආකාරයක සම්පිණ්ඩනයකටයි : “කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ කාරණා 6ක් පෙන්වලා, “අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද? විග්‍රහ සහගතව ම ජාති 6 ආකාරයකට වෙනස් වෙන ආකාරය පෙනවනවා. 6 ආකාරයක සම්පිණ්ඩනයකුයි මේ ජාති කියලා මේ ලෝකයා කියන්නේ. මොකද්ද මේ පෙන්නුවේ? ඉස්සෙල්ලාම පෙන්නුවා ජාති කියලා එකක්. ඒ එක් අවස්ථාවක්. සත්ත්වයෙක් ගේ උප්පත්තියේ දී හටගන්නා ආකාරය. දෙවැනි අවස්ථාව සංජාතික අවස්ථාව, තුන්වෙනි එක ඔක්කන්ති අවස්ථාව, හතර වෙනි එක අභිනිබ්බත්ති අවස්ථාව. පස් වෙනි එක ඛන්දානං පාතුභාවෝ අවස්ථාව, හය වෙනි එක, ආයතනානං පටිලාභෝ – ආයතන ප්‍රතිලාභය යළි ලැබුවා. ඇහැට රූප – කණට ශබ්ද ඇහෙන්න, දිවට රස – නාසයට ගන්ධ ආදිය එන්න, ආයතන ප්‍රතිලාභය නැවත ලැබුවා. ඒ කියන්නේ, ආයි මස් – ලේ කයක් ලබාගෙන ආවා. මෙන්න මේ සම්පිණ්ඩනය යි “ජාති” කියන්නේ!

 

{01:42} බඩේ ඔක්කන්ති වෙනවා මිසක් පටිසන්ධි වෙන්නේ නෑ! අවසන් චිත්ත වීථිය අරන් බලමු : එහෙනම්, දැන් බුදුරජාණන් වහන්සේ ජාති පෙන්වපු එකෙත්, අන්න අභිධර්මයේ පෙන්වපු චුති – පටිසන්ධි අතර තිබිච්චි ජාතිය පෙන්වලා තිබුණු තැනක් තියෙනවා ඉස්සෙල්ලාම, ආං ජාති අන්න පෙන්නුවා ඉස්සෙල්ලාම, 6 ආකාරයෙන් පළවෙනි එක, අන්න චුතියයි පටිසන්ධියයි අතර අතරක් නැති ජාති අවස්ථාව! සංජාති – අන්න අර අන්තරාභවිකව කිවුව අවස්ථාව! ඔක්කන්ති – ඔන්න ඔය අන්තරාභවිකයාට තමයි ගන්ධබ්බා වක්කන්ති හොන්ති” – ඔක්කන්ති වෙනවා මිසක් පටිසන්ධි වෙනවාද බඩේ? මේ බුද්ධ දේශනාවේ බඩේ පටිසන්ධියක් ගැන කියලා නෑ කොතැනක වත්, බඩට යන්නේ ඔක්කන්තිය! කොතනක වත් පෙන්නලා නෑ! “ඔක්කන්තික්කනේ නාම-රූපං, අඤ්ඤ – මඤ්ඤාං, සහජාත පච්චේන පච්චේව, පටිසන්ධික්ඛනේ විපාකාබ්‍යාකතානං, කටත්ථාජ රූපානං, කම්ම පච්චේන පච්චේව!” පටිසන්ධි ක්ෂණය කොතනද? විපාක අව්‍යාකෘත සහ කර්මජ රූප! අව්‍යාකෘත විපාකය, මෙන්න මේකයි පටිසන්ධියේදී අවශ්‍යය වෙන්නේ, “කාය දසක – භාව දසක – වත්ථු දසක” කියන රූපක්ෂණ 3යි. පටිසන්ධියට කර්මජ රූපයන් ගෙන් හටගන්නේ! අන්න, ඇහි පිය ගහන මොහොතක මේක වෙලා ඉවරයි, චුති – පටිසන්ධිය. එහෙනම්, චුතියයි – පටිසන්ධියයි අතර සිද්ධ වෙන්නේ කොහේද? දැන් හිතන් ඉන්නේ, “මෙතන චුත වුනා, බඩේ පටිසන්ධි වුනාකියලා, කාගේ හරි! චිත්ත වීථියේ මොකද්ද තියෙන්නේ? මරණාසන්න චිත්ත වීථියක් අරගත්තහාම, අන්න මරණාසන්න චිත්ත වීථියක, යම් කෙනෙක් මරණාසන්න මොහොතේ මලොත් එහෙම, චුත වුනොත්, එවෙලේ පටිසන්ධියක් ලබන චිත්ත වීථියක් තියෙනවා. ඔන්න ඔය චිත්ත වීථිය අවසාන චිත්ථ වීථිය කියලා ගම්මුකෝ, දැන් අවසාන චිත්ත වීථිය – හදවත ඇසුරු කරගෙන, අන්තිම හෘද රූපය හටගන්නවා, චිත්තක්ෂණ 17, කියන්නේ අන්තිම මරණාසන්න චිත්ත වීථිය.

 

{03:15} ජීවිතයක අවසානය චුති සිත මද? : “අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්චේද” චිත්තක්ෂණ 3ක් ගෙවුනා. ඒ අන්තිම, අපි හිතමුකෝ දැන් මරණාසන්න චක්ඛුද්වාර චිත්ත වීථියක් ආවා කියලා, හටගන්නකොට. ඉතින් ඊලඟට භවාංග උපච්චේද, පංචද්වාර ආවජ්ජන, ඒකෙන් චක්ඛු විඤ්ඤාණ. දැන් මේ ආපු පංචද්වාරයෙන් බැලුවත්, චක්ඛු විඤ්ඤාණයට ආවා. දැන් චිත්තක්ෂණ 5ක් ගෙවුනා. සංපටිච්චන, සංතීරණ, වොත්තපන – 6, 7, 8ක් ගෙවුනා. ජවන ජවන ජවන ජවන ජවන – 5ක් ගියා, චිත්තක්ෂණ 13ක් ගියා. 14 වන චිත්තක්ෂණ අවස්ථාව චුති, 15 වැනි චිත්තක්ෂණ අවස්ථාව පටිසන්ධි, තව භවාංග 2ක් තියෙනවා නේද ඉතුරු? (ශ්‍රාවක මහතෙක්) : “භවාංගෙට – භවාංගෙට ගිහිල්ලා, දැන් චුතියෙන් ඉවරයි නේ ද ඒ භවය? ජීවිතයක අවසාන සිත චුති සිත නේ ස්වාමීන් වහන්ස! (ස්වාමීන් වහන්සේ) : මේකයි මහත්තයා, මෙන්න මෙහෙම එකක් තියෙන්නේ, දැන් ඔතන හුඟාක් ගැඹුරුයි. දැන් අපි දැන් අරන් තියෙන්නේ අර කියන අභිධර්මයේ මූල අභිධර්මයට පස්සේ ගත්ත අටුවා. ඕක හොඳට තෝරා ගන්න ඕනේ තැනක්! දැන් “චුතිය” යි “පටිසන්ධිය” යි කියන වචන සිද්ධ වෙන තැනදී සිද්ධ වෙන ආකාරය මේ විග්‍රහ වෙන්න ඕනේ.

 

{04:26} එක චිත්ත වීථියකට අවසාන වන තෙක් මූලාශ්‍රය එක හෘද රූපයයි : චුතියක් – පටිසන්ධි, භවාංග, චුති කර්මජයි නේද ඔක්කෝම? පූර්ණ කර්මජ නේ? එතකොට චිත්ත වීථිය චිත්තජ නේ? ඔව්, කර්මජ චිත්තජ දෙකක්, තේරුණා නේ! චිත්තජ වූ කර්ම වීථිය හෘද රූපයේ හටගන්න, චිත්තක්ෂණ 17ක හෘද රූපය, චිත්ත රූපයක් සමඟ සකස් වෙලා යි චිත්තජ වෙන්නේ. ඒක මාධ්‍යයේ හටගන්නේ උප්පාද – ථිති – භංග කියන, අවස්ථාවක් – අවස්ථාවක් ගානේ කර්මජ රූප ක්‍රියාත්මක වෙනවා චිත්තක්ෂණයක් ගානේ. ඒ ක්‍රමයට ඒකෙන් යන්නේ. එතකොට දැන් පටිසන්ධි – යම්කිසි චිත්ත, අන්තිම – අවසාන චිත්ත වීථිය හටගන්නකොට, එයිට එහා චිත්ත වීථියක් හටගන්නවන්න කර්ම ශක්තිය ඉඩ මදි වෙලා අවස්ථාව, දැන් චුත වෙන්න අන්තිම තියෙන චිත්තජ රූපය නිෂ්පාදනය කරන, පලවෙනි හෘද රූපය නිපදවපු – අන්තිම හෘද රූපය නිෂ්පාදනය කරපු අවස්ථාව! ඒ නිෂ්පාදන අවස්ථාව අවසාන වෙනකොට, එයින් එහාට ගෙනියන්න පුලුවන් කර්ම ශක්තියක් නැති අවස්ථාවේ තමයි අන්තිම, අවසාන චිත්ත වීථිය පහල වෙච්චි අවස්ථාව. මෙන්න මේ අවස්ථාව තුළදී, නිෂ්පාදනය කරලා තියෙන, අතින් ගලක් ගහලා අතහැරපුහාම අතින් ගිලිහිච්චි ගල දුන්න ශක්තිය අරගෙන ඒ මට්ටමට ගිහිල්ලා වැටෙනවා වාගේ, අන්න ඉතුරු ටික ගමන් කරනවා ඒ චිත්ත වීථිය අන්තිමට හදලා දුන්නහාම. මෙන්න මේකේදී, අන්තිම – අවසාන චිත්තක්ෂණ 17 චිත්ත වීථිය ආරම්භ කරලා දීලා, ඒක චුතියට ගියාට පස්සේ, හෘද රූපය – මෙහෙම තියෙනවා යම් චිත්ත නියමයක්, යම්කිසි චිත්ත වීථියක හෘද රූපයක් හටගත්තහාම, ඒ චිත්ත වීථිය අවසාන වන තුරු ම වස්තු බීජය වන්නේ ඒ හෘද රූපය යි!” එහෙමනම්, චිත්ත වීථියක් හටගෙන අවසාන වෙනකන් ම, චිත්තක්ෂණ 17 යනකන් ම යම් හෘද රූපයක් මූලාශ්‍රය කරගෙන ද හටගත්තේ, ඒ අතරේ තව හෘද රූපයක් හටගන්න බෑ! ඒ 17 ඉවර වෙන්න ඕනේ. ඉතින්, මෙන්න මේ කියන්නා වූ 17 වෙනි එක අවසාන වෙනකන්, ඉස්සෙල්ලා කර්ම ශක්තියෙන් නිෂ්පාදනය කරලා දුන්න එක තමයි ක්‍රියාත්මක වුනේ. ඒ කර්ම ශක්තියෙන් තව චිත්ත වීථියක් ගොඩනඟන්න අවස්ථාවක් නැති අවස්ථාවේ තමයි අවසාන චිත්ත වීථිය පහල කරන්නේ. ඒ පහල කරලා ගියාට පස්සේ, ඒකේ මැදක් ගියාට පස්සේ චුත වෙන අවස්ථාවට තමයි කර්ම ශක්තිය තිබුණේ!

 

{06:42} කර්මජ චිත්තජ, අපට පැටළුණු තැන මොකද්ද? : එහෙනම්, චුති කියලා කියන්නේ චිත්තයක් නෙමෙයි, චුති කියන්නේ කර්ම ශක්තිය! මේ චිත්තක්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා හදලා දුන්න චිත්ත වීථියෙන්. මරණාසන්න චිත්ත වීථියේ ක්‍රියාවලිය ඒකයි. හදලා දීලා ඉවරයි දැන්! දෙවෙනි කර්ම ශක්තිය නිෂ්පාදනය කරන්න ශක්තියක් නැතුවහාම, පළවෙනි එකෙන් හදලා දීපු එක අවසාන වෙනකොට, චුත වෙන ස්ථානයේදී, චුතිකියලා කිවුවේ කර්මජ චුතිය!” භවාංගය යි චුත වුනේ! පටිසංධි වෙලා, භවාංගයෙන් ආපු ශක්තිය තුළ අන්තිම කර්ම වේගය අවසාන වීමයි චුතිකිවුවේ. එතකොට අපි ක්‍රියාත්මක වෙන චිත්ත වීථිය ඒ අවසානය එන්න ඉස්සෙල්ලා, අවසානයට හදලා දුන්න චිත්ත වීථිය. චිත්ත නියමය මොකද්ද, “වස්තු රූපය චිත්තක්ෂණ 17 අවසාන වෙන තුරු තව වස්තු රූපයක් හටගන්න බෑ! වස්තු රූප දෙකක් එක්කෙනෙකුට හටගන්නේ නෑ! හැදූ වස්තු රූපයක් අවසාන වෙනකන් නවත්වන්නත් බෑ! ඒක අවසාන භවාංග 2ට යනකන් ඒක ගියාට පස්සේ, අන්න නව කර්ම වේගයෙන් තමයි ඊලඟ චිත්ත වීථිය පහල කරන්නේ!” එතකොට, වස්තු රූපය හදලා ඉවරයි, නව කර්ම වේගයේ වස්තු රූපය ඊලඟට හදන්නේ. දැන් ඔතනින්, දැන් චුතිය ගන්න හදනවා, චුතියට චිත්තය ගන්න බලාපොරොත්තු වෙනවා. “චුති චිත්තය” කියලා, ඒකට අපි දැන් හිතාගෙන ඉන්නවා පටිසන්ධි – භවාංග – චුති කියන ඒවායි, පටිසංධි චිත්ත – භවාංග චිත්ත – චුති චිත්ත කියන ඒවායි, මේ දෙක පටලැවිල්ලක් කරගෙන තියෙන්නේ. භවාංගයයි, භවාංග චිත්තයයි කියන්නේ දෙකක්! භවාංගය කර්මජයි, කර්ම වේගයෙන් ගොඩනඟන එකයි චිත්තය! ඒක ඒකෙන් ගොඩනැඟෙන එක. එතකොට, කර්ම – චිත්ත කියන්නේ රෑන් දෙකක්! කර්මජ රෑන තමයි අපේ ක්‍රියාත්මක වෙන්නේ, ඒ ක්‍රියාත්මක වෙන එකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි චිත්ත පහල වෙන්නේ! මනංච පටිච්ඡ ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං!” මන යි ධර්මයෝයි පුරේජාතයි. මනෝ විඤ්ඤාණය පච්ඡේජාතයි. පුරේජාත ව හටගන්නේ කර්ම ශක්තිය. විඤ්ඤාණය හටගත්තාට පස්සේයි චිත්තජ වැඩ කරන්නේ. ඒ කර්ම ශක්තිය තමයි කර්මජ රූප වශයෙන් පටිසන්ධි භවාංගය ට, භවාංග වලට සම්බන්ධ වෙන්නේ.

 

{08:49} චිත්ත වීථියක් හටගෙන නිම වෙන තුරු එයට අරමුණ ද්වාර අරමුණ මයි! : දැන් මේකේදී වැදගත් දෙයක් තියෙනවා. දැන්, අපි හිතමුකෝ දැන් අන්තිමට චුති චිත්තය ගන්නකොට, අපිට අද කියලා දීලා තියෙන්නේ “පෙර භවයේදී ගත්තා වූ කර්ම, කර්ම නිමිති, ගති නිමිති නිසා ලැබූ පටිසන්ධිය ලැබුවාට පස්සේ භවාංග වශයෙන් ආපු අරමුණ මයි චුති චිත්තයට අරමුණු වෙන්නේ” කියලා නේද අපිට උගන්වන්නේ? එහෙම නේ උගන්වන්නේ, එහෙම නේද මහත්මයා? දැන් බලන්න කල්පනා කරලා මෙහෙම දෙයක්, චක්ඛුද්වාරික අරමුණකින් හටගත්ත යම් චිත්ත වීථියක් ඇත්නම්, සෝතද්වාර – ඝානද්වාර – ජිව්හාද්වාර ආදී අරමුණක් ඒකේ හටගන්නේ නෑ කියලා නීතියක් තියෙනවා නේ, සම්පූර්ණයෙන් ඒ නීතිය එහෙමනේ! හොඳයි, අපි හිතමු පෙර භවයේදී සෝතද්වාරික වන්නා වූ කර්ම, කර්ම නිමිති, ගති නිමිති පහල වෙලා, සෝතද්වාර චිත්ත වීථියකින් ඒගොල්ලෝ චුතියෙන් පස්සේ භවාංගයට පත් වෙලා ආවා නම්, ඒ භවාංග චිත්ත වීථියට අරමුණ වුනේ සෝතද්වාරිකයි නේද එතකොට? හොඳයි, මේ අත්බැවයේ මරණාසන්න මොහොතේ චක්ඛුද්වාරික අවසාන චිත්ත වීථියක් හට ගත්තා නම් එහෙම, ඒ අවසාන චිත්ත වීථිය චක්ඛුද්වාරික නේද? එහෙනම්, චක්ඛුද්වාරික චිත්ත වීථිය චුතිය කියන තැනට සෝතද්වාරික චිත්ත වීථියක්, පෙර භවයේ එකක් සම්බන්ධ කරන්නේ කොහොමද? කෝ විනය? (ශ්‍රාවක මහතෙක්): ඒක තමයි, මේ චුති සිතට අනුව නෙමෙයි පටිසන්ධිය ඇති වෙන්නේ, අර මරණ අවස්ථාවේදී තිබිච්චි අර ජවන් සිත් පහ ට අනුවයි ප්‍රතිසන්ධියක් හටගන්නේ… (ස්වාමීන් වහන්සේ): දැන් මෙහෙමයි, “ආවර්ජන චිත්තයේ පටන් ගෙන චිත්ත ඒ වීථියේ අවසාන වෙන තුරු ඒකට අරමුණ විය යුත්තේ ගත්තාවූ ද්වාර අරමුණ මයි!” කියලා පෙන්වලා තියෙනවා නේ, ධර්මයේ පෙන්වලා තියෙනවා පැහැදිලිව.

 

{10:24} චුතියේ දී සිදු වන්නේ කර්මජ රෑන අවසන් වීමයි : දැන් යම්කිසි චිත්ත වීථියක් හටගත්තහාම, ආවර්ජන චිත්තයේ පටන්ගෙන ඒකට අරමුණ විය යුත්තේ ඒකට ගත්තා වූ ද්වාරික අරමුණයි! වෙන එකක් අතරමඟට එන්න බෑ, ඒක චිත්ත නියමයක්. (ශ්‍රාවක මහතෙක්) : නමුත්, ඒක චිත්ත නියමය එක හරි, නමුත් මෙතන නැවත අර චුති සිතට අනුව නොවෙයි සිදු වෙන්නේ පටිසන්ධි සිත. මොකද, ඉස්සෙල්ලා ජවන් සිත් 5 ට අනුව තමයි කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත ට අනුව තමයි ඊලඟ භවයේ ප්‍රතිසන්ධිය හටගන්නේ. (ස්වාමීන් වහන්සේ): හරි, දැන් ජවන් සිත් 5ක් ගියාට පස්සේ 6 වෙනි තැනට නේ චුති එන්නේ? (ශ්‍රාවක මහත්මා) : චුති සිත භවාංග වෙන්නත් පුලුවන්, තදාරම්මණ වෙන්නත් පුලුවන්. (ස්වාමීන් වහන්සේ): ඈ? ඉතින් තදාරම්මණ වෙනවා නම් අවසානයට යන්න ඕනේ. දැන් තව එකක් තියෙනවා, මූල චිත්ත නියමයක් තියෙනවා. ජවන් සිත් 7ක් හටගන්න යම් චිත්ත වීථියකට හේතු නැත්නම්, එක හිතක් වත් හටගන්නේ නෑ!” එතකොට, 5ක් වුනාට පස්සෙ 6 වෙනි එක වෙන සිතක් වෙන්න පුලුවන් කමක් නෑ! එහෙනම් මොකද්ද වෙන්නේ? ඇයි ඒකට චුතිකිවුවේ? එතෙනදී කර්ම ශක්තිය එන කර්මජ රෑන අවසානයි! මේ චිත්තජ රෑනක් මේ යන්නේ, චිත්තක්ෂණ වලින් පෙන්වන්නේ. ජවන් චිත්තක්ෂණ හෝ, එතන පෙන්වන චිත්තක්ෂණ කියන්නේ චිත්ත වීථියේ චිත්තක්ෂණ 17 හා සම්බන්ධ එකක්. චිත්තක්ෂණ 17ක ආයු කාලයක් සම්බන්ධ වෙන තැන පටන් ගෙන, හටගත්තා වූ චිත්තක්ෂණ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ඒ තියෙන්නේ. එතකොට, චිත්තක්ෂණ 7ක් යන තුරු, ජවන් සිත් 7ක් යනකන්, යන්න අයිති නැත්නම්, – බැරි නම්, එක සිතක් වත් පහල වෙන්නේ නෑ කියන එක ධර්මයේ මුලින් ම පෙන්වලා තියෙන එකක්. එක්කෝ, “අති මහන්තාරම්මණ, මහන්තාරම්මණ…… (ශ්‍රාවක මහත්මා): එතකොට මරණාසන්න චිත්ත වීථියේ ජවන් සිත් 5 යනවා කියන එකත්, ඒකත් නියමයක් නේ. (ස්වාමීන් වහන්සේ) : ඔව්! දැන් ජවන් සිත් 5 කියන්නේ, 5 ගිහිල්ලා, 6, 7 යනවා. (ශ්‍රාවක මහත්මා): 6, 7 එහෙනම් ජවන් නෙමෙයිද? (ස්වාමීන් වහන්සේ): ඒක ජවන් කියනවා වෙනුවට පෙන්වන්නේ කර්මජ ක්‍රියාකාරී දෙයක් චුති – පටිසන්ධි දෙකට ගැඹුරින් සම්බන්ධ වෙන එකක් ඒක. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. චුති චිත්තයයි පටිසන්ධි චිත්තයයි කියන එකක් නේ මේ හදාගෙන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. චුතිය යි පටිසන්ධියයි කියන්නේ කර්මජයි. කර්මජ එක ක්‍රියාවලියක්, චිත්තාවලියක් නෙමෙයි! ඒක ලෝක ක්‍රියාවලියක්, කර්මජ කියන්නේ. චිත්තජ කියන එකයි චිත්තාවලියට සම්බන්ධ වෙන්නේ.

 

{12:40} කර්මය හේතුවෙන් චිත්තය හටගන්නා අයුරු : එහෙනම් කර්මජ ක්‍රියාවලියෙන් දෙවෙනි වතාවට ඒකෙන් ගොඩනඟන එකයි ච්ත්තාවලිය. එහෙනම්, කර්මජ ක්‍රියාවලිය පුරේජාතයි, චිත්තාවලිය පච්චේජාතයි. පුරේජාත ව මුලින් පහල වෙනවා කර්මජ ක්‍රියාවලිය, පච්චේජාත ව පසුව පහල වෙනවා චිත්තජ ක්‍රියාවලිය. පසුව කියන්නේ, අත්පුඩි ගහනකොට ශබ්දය – අත්පුඩිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, ශබ්දය පිට වෙන්න ඕනේ. ඒ කියන්නේ අත්පුඩිය ගහලා විනාඩි ගාණක් ගියාට පස්සේ සද්දේ පිටවෙන්වා කියන එක නෙමෙයි, ඒ එක්කලා ම ආසන්නයෙන් ඊලඟට පහල වෙන එක. ඒ වගේ කර්මජ ක්‍රියාවලියක්, දැන් “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” එහෙනම්, චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති කියන්නේ ඒ චක්ඛු – ඇහැයි, රූපයයි ඝට්ඨනය වෙලා, ඒක නිසා හටගන්නා වූ ඡන්ද රාගයත් එක්ක ඝට්ඨනයෙන් ඔතන පෙන්වන්නේ – ඒකෙන් උපදින්නේ චක්ඛු විඤ්ඤාණය. එහෙනම්, චක්ඛු විඤ්ඤාණය පච්චේජාතයි, චක්ඛු රූප පුරේජාතයි. චක්ඛු සහ රූප – සෝත සහ ශබ්ද – ඝාන සහ ගන්ධ ඒවා පුරේජාතයි, හැම මොහොතක ම ඒකේ ක්‍රියාවලියක් තුළින් ගොඩනැඟෙන එකයි “චිත්ත!” ඒක පච්චේජාතයි. විඤ්ඤාණය හැම වෙලේම පච්චේජාතයි. එහෙනම්, පච්චේජාත ක්‍රියාවලියේදී චුතිපතිසන්ධි කියන්නේ කර්මජ ක්‍රියාවලියක්, ඒක පුරේජාතයි – මුලින් පහල වෙනවා. එහෙනම්, පුරේජාත එක ඒ ආසන්නයේ ඒකම ක්‍රියාත්මක කරන්න, ඒ ප්‍රතිඵලය ගොඩනඟන්න පහල වෙච්චි මූල හේතුව නිසා, ඒකට කියනවා චුතිය මුල් කරගෙන හටගන්නා හිත චුති සිත, පටිසන්ධි ක්‍රියාවලිය මුල් කරගෙන හටගන්නා සිත පටිසන්ධි චිත්තය!” දැන් ඔතනයි සම්බන්ධ වෙන්නේ.

 

{14:01} විපාකය කර්මයක් සම්භවය කරනකල් උප්පත්තියක් ලබා දෙන්නේ නෑ : දැන් මෙතෙනදී ඔය “පැරණි අරමුණ” නෙමෙයි ඔතෙන්ට එන්නේ. අර භවාංග උපච්ඡේද කියන තැනට එනකන් එනකොට, “අතීත භවාංග – භවාංග චලන – භවාංග උපච්ඡේද” මෙන්න මේ භවාංග උපච්ඡේදය කියන, භවාංගය සිඳෙන තැනට ආවාට පස්සේ, ඉස්සෙල්ලා ආත්මයේ කර්ම – කර්ම නිමිති – ගති නිමිති වලට ආපු භවාංග උපච්ඡේදයෙන්, එතනින් ඉවරයි! දැන් ආවර්ජනය මුල් කරගත්තා වූ ඊලඟ නව ක්‍රියාත්මක වෙන චිත්තය තමයි මරණාසන්න චිත්තය කියන්නේ. ඒකට අරමුණ වුනේ කර්ම, කර්ම නිමිති, ගති නිමිති වලින් ඒ ආසන්න කර්මය නිසා එතනින් ලැබිච්ච අරමුණ! අන්න ඒක තමයි, ඒක ආරම්භ වෙලා එතනින් පටන් ගන්නේ ආවර්ජනා චිත්තයේ දී ආවර්ජනා කරපු චිත්තය පහල වෙන්න. අන්න, ආවර්ජනා අරමුණ තමයි කර්ම, කර්ම නිමිති, ගති නිමිති වලින් අවසාන මොහොතේ විපාක චිත්තයක් පහල කරන්න ආපු එක. “විපාකෝ කම්ම සම්භවෝ” කරන්න ඕනේ. විපාකය කර්මයක් සම්භවය කරනකල් උප්පත්තියක් ලබා දෙන්නේ නෑ. ඉස්සෙල්ලාම දෙන්නේ විපාකය.

කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ

තස්මා පුනබ්භවෝ හෝති ඒවං ලෝකෝ පවත්තති

(විශුද්ධි මග්ගො, කඞ්‌ඛාවිතරණවිසුද්‌ධිනිද්‌දෙසො, 688 ගාථාව)

ලෝකේ පවතින ක්‍රමය ඒකයි. එහෙනම් මේ, ඉස්සෙල්ලාම විපාක චිත්තයක් හටගන්වනවා. විපාක චිත්තය අන්න, කර්ම සම්භවය කරන්න ඕනේ නැවත යළි අත්බැවක හටගන්න. අන්න, වොත්තපනකියන ස්ථානයේදීයි විපාකෝ කම්ම සම්භවෝපටන් ගන්නේ. අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, තව ඒවා විපාකයට ගිය ඒවා. ඒවා විපාක අවස්ථාව!

 

{15:21} “විපාකෝ කම්ම සම්භවෝපටන්ගන්නේ වොත්තපනයෙන් : එතකොට එතනින් ඇවිදිල්ලා, ඊටපස්සේ සම්පටිච්චන, සංතීරණ – එතකොට මේ එතනින් පටන්ගත්තහාම එනවා භවාංග උපච්ඡේද ආවර්ජන – ක්‍රියා සිතක්. එතකොට ඒකත් තව කර්ම වලට බැස්සේ නෑ! ඊට පස්සේ ආයි සම්පටිච්චන, සංතීරණ විපාක සිත්. වොත්තපනය ක්‍රියා සිතක්. අන්න වොත්තපනයට, අන්න විපාකෝ කම්ම සම්භවෝ පටන් ගන්නේ අන්න වොත්තපනයෙන්. වොත්තපනයේදී ගත්තා වූ නිගමනය අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යුක්ත ව තිබුණා නම් තමයි මතුවට මොකද්ද මං මේකට කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ?” කියලා නිගමනය කරලා, ක්‍රියාත්මක කරන්නේ ඊලඟ චිත්ත ටිකෙන්. අන්න ඒ ආවර්ජනය පටන් ගත්තහාම කර්ම නිපදවෙනවා එතන ඉඳන් – විපාකෝ කම්ම සම්භවෝ! අන්න, ජවන් 5ක් යනකොට, බලවත් ම කර්ම ශක්තිය බලවත් වෙලා ඉවරයි – ආසේවන ප්‍රත්‍යය ලබලා එකින් එකට. එකින් එක, පලවෙනි ජවනයෙන් ආසේවනය දෙවනි එකට, දෙවෙනි ජවනයෙන් තුන්වෙනි එකට, ඔහොම – ඔහොම ගිහිල්ලා, ක්‍රියාකාරී බලයක් නිපදවන එක පස්වෙනි එකට එනකොට නැඟිලා ඉවරයි. දැන් ඒ ආපු ජවන් මාර්ගය තුළ ඒ අරමුණ ම තමයි දැන් ඇවිදිල්ලා අර දිගටම 6 වෙනි ජවනයට එන්නේ! 6 වෙනි ජවනයට ආවාට, අපි ඒ 6වෙනි ජවනයේදී නිෂ්පාදනය කරලා දුන්නේ ඉස්සෙල්ලා ආපු අර කර්ම ශක්තියෙන් ගෙනත් දුන්න මේ මූල විපාකයේ කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා ඉවරයි. පෙර භවයෙන් ගෙනාපු කර්ම ශක්තියේ අවසාන පුරුක ඔතනදීයි!

 

{16:35} 7 වෙනි ජවනය තමයි ඊලඟ භවය ලබා දෙන්නේ : නමුත් එතනින් ඒක අවශ්‍යය නෑ දැන්, ගොඩනඟලා දුන්න එක තමයි මේ දැන් චුතියට දීලා තියෙන්නේ චිත්තජ – චිත්ත වීථි, චිත්තක්ෂණ – 6 වෙනි චිත්තක්ෂණය! ඕකට “චුති සිත” කියලා අපි කිවුවේ මොකද්ද? චුත වෙන්නා වූ අවස්ථාවේදී පහල වෙලා තියෙන චිත්තක්ෂණය නිසා. ඒ චිත්තක්ෂණය ගොඩනඟලා තියෙන්නේ චුතියෙන් නෙමෙයි, ඒක ගොඩනඟලා තිබුණේ චිත්ත වීථිය ආරම්භයේ, මුල් කරන වෙලාවේ කර්ම ශක්තියෙන්. ඒ කර්ම ශක්තියෙන් එයින් එහාට යන්න විදිහක් නැති වෙලා අවසානයේ චුත වුනේ එතෙනදීයි. ඊට පස්සේ “පටිසන්ධි” කියන කර්ම ශක්තිය, නැවත කර්ම ශක්තියේ ආරම්භය පටන් ගත්තා, දෙවෙනි අවස්ථාව – ඊලඟ චිත්තක්ෂණයෙන්, පටිසන්ධි කියන 7 වෙනි ජවනයෙන්. ඔන්න, 7 වෙනි ජවනය ඊලඟ භවයට විපාක දුන්නේ නැත්නම් අවසාන වෙනවා කියලා කියලා තියෙනවා නේද? දැන් පළවෙනි ජවනය මෙලොව ලැබෙන විපාක වලට, 7 වෙනි ජවනය අවසානයේ ඊලඟ භවයේ ලබන විපාක වලට. මැද ජවන් තමයි මතු සංසාර ගමනට හේතු වන්නා වූ, කවදා හරි විපාක දෙන ඒවාට ලැබෙන්නේ කියනවා. අන්න 7 වෙනි ජවනය තමයි හැම වෙලාවක ම ඊලඟ භවය ලබා දෙන්නේ! පටිසන්ධි කරන්නේ 7 වෙනි ජවනයෙන්, මොකද5ක් ගිහිල්ලා, චුති – පටිසන්ධි කියලා දෙකක් යනවා. චුති – පටිසන්ධි කියන්නේ? කර්ම වේගය, යටින් යන එක. ගොඩනැඟිලා තියෙන්නේ චිත්ත වේගය. ඒක චිත්ත වීථියේ!

 

{17:43} කර්ම ශක්තියෙන් ගොඩනඟන්නේ සිතක් නැති වස්තු රූපයයි : අන්න ඒකයි චුති – පටිසන්ධි වෙලාවෙදී තියෙන චිත්තක්ෂණ දෙක ඉස්සෙල්ලා හදපු චිත්ත වීථිය මුල ඉඳන් යන එකේ හටගත්ත එක. ඒක මුලදී නිර්මාණය කරලා ඉවරයි මේ කර්ම වේගය ඉවර වුනාට. අවසාන චුතිය වෙන වෙලාවෙදී පෙර භවයෙන් ආපු කර්ම ශක්තිය ඉවරයි! කර්ම ශක්තිය එකක්, කර්ම ශක්තියෙන් ගොඩනඟන මානසිකත්වය එකක්. කර්ම ශක්තියෙන් ගොඩනඟන්නේ වස්තු රූපය. වස්තු රූපයට හිතක් නෑ! වස්තු රූප ගොඩනඟනවා කර්ම ශක්තියෙන්. ඒ වස්තු රූපයට “මනංච පටිච්ඡ ධම්මේච උප්පජ්ජති” කියන එක සිද්ද වෙන්න ඕනේ. ධර්මයක් ඝට්ඨනය වුනහම තමයි මනෝ විඤ්ඤාණය හටගන්නේ! ඒ විඤ්ඤාණයක් හටගන්නකොටත්, චක්ඛුද්වාර විඤ්ඤාණය හටගෙන වීථිය කෙළවර වෙනකන් සෝතද්වාරයක් ඒකේ ගැටෙන්න, විඤ්ඤාණයක් හටගන්නේ නෑ! ඝානද්වාරයකින් තව එකක් එන්නේ නෑ! චිත්ත වීථිය අවසාන වෙලා, “අනුබද්ධ ආධාරක” චිත්ත වීථි 3ක් යන්න ඕනේ! දැන් ඕකේ ගැඹුරු හරියක් තියෙනවා ධර්මයේ හැඟවිලා. දැන් චක්ඛු ද්වාර හෝ චිත්තක්ෂණ වීථියක් ගිහාම, අනුබද්ධ ආධාරක චිත්ත වීථි 3ක් ගිහින් තමයි තව චිත්ත වීථියක් හට ගන්නේ. සෝතද්වාර හටගන්න බෑ එයින් එහා. ඒ කිවුවේ, මනෝද්වාරික වශයෙන් හටගන්නවා අනුබද්ධ ආධාරක චිත්ත වීථි 3ක්. ඒකෙන් භුක්ති විඳලා තමයි ආයි සැරයක් චිත්තක්ෂණ හෝ ආයි සැරයක් නැවතත් චිත්ත වීථියක් ද්වාරයකින් හටගන්නේ. ඒකයි ද්වාර රටාව. හරී ගැඹුරු හරියක් ඔතන තියෙන්නේ.

 

{19:04} චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාද චක්‍ර හතර : ඉතින් ඔතන යනකොට, අන්න චිත්තක්ෂණ හටගැනීමේ දී “පටිසන්ධි” කියන වචනයේදී, අපි දැන් ඔය අරගෙත්තේ, කොහොමද මේ පටිසන්ධිය හටගන්නේ? හැම චිත්තක්ෂණයක ම උප්පාද අවස්ථාවේදී පටන් ගන්නවා එක පටිච්ච සමුප්පාද චක්‍රයක්. ඒක අවිද්‍යා ප්‍රත්‍ය කරගෙන තිබිච්චි යම්කිසි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තා නම්,

  • අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං එන්නේ නෑ එතෙන්ට! විඤ්ඤාණ පච්චයා නාමං, නාම පච්චයා ඡට්ඨායතනං. ඡට්ඨායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං!

අන්න, ළදරු අවස්ථාවේ ජරාමරණය. අවස්ථා මරණයක් මිසක් චිත්තක්ෂණයේ මරණය නෙමෙයි ඔය! පුද්ගල මරණයත් නෙමෙයි, එතන පටිච්ච සමුප්පාදය කිවුවේ. ළදරු අවස්ථාව සම්පූර්ණ කරලා ඉවරයි! ඒ අවස්ථාව ජරා මරණය කිවුවේ ඒකයි. ආයි පහල වෙනවා දෙවෙනි චිත්තක්ෂණය, මේ චිත්තක්ෂණයේ උප්පාද අවස්ථාව වර්ධනය කරන්න. නැත්නම් ළදරු අවස්ථාව නම්, ළමා අවස්ථාව කියලා අපිට උපමාවක් වශයෙන් ගත්තහැකි!

  • අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමං – ඒත් එහෙම්මමයි, නාම පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං, දෙවෙනි අවස්ථාවත් ඉවරයි!

තව චිත්තක්ෂණය මළේ නෑ, චිත්තක්ෂණයේ අවස්ථා 2ක් ඉක්ම ගියා. ඒ අවස්ථා මරණ තමයි කිවුවේ, ජාති පච්චයා ජරා-මරණං කිවුවේත්, ජාති කිවුවේ චිත්තක්ෂණයේ ලාබාල අවස්ථාව, නැත්තම් උප්පාද අවස්ථාවේ ඉඳන් ථිති අවස්ථාවට යන අතර. 3 වෙනි අවස්ථාවක් හටගන්නවා.

  • අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම-රූප පච්චයා ඡට්ඨායතනං, තව සළායතනං වුනේ නෑ! ඡට්ඨායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං! අවස්ථා 3ක් ගියා. හතර වෙනි අවස්ථාවට හටගන්නවා,

  • අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම-රූපං, නාම-රූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා-මරණං! අවස්ථා භංගයක්. අන්න ථිති අවස්ථාව වෙලා භංගවුනා.

ඔන්න චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාද හතර! ඔය පටිච්ච සමුප්පාද හතර, ඔය හතරාකාරයෙන් ම, අවිජ්ජා පච්චයා සංඛාරා – අවිජ්ජා සම්පයුක්තා, සංඛාර පච්චයා විඤ්ඤාණං – විඤ්ඤාණ සම්පයුක්තං, විඤ්ඤාණ පච්චයා නාමං – නාම සම්පයුක්තං, නාම පච්චයා ඡට්ඨායතනං – ඡට්ඨායතන සම්පයුක්තං…. මේ වගේ එනවා සම්පයුක්ත පටිච්ච සමුප්පාදයකියන්නේ මේකට. ඒ යන ක්‍රමයක්. අවිජ්ජා පච්චයා සංඛාරා – සංඛාර පච්චයා අවිජ්ජා, සංඛාර පච්චයා විඤ්ඤාණං – විඤ්ඤාණ පච්චයා සංඛාරා, විඤ්ඤාණ පච්චයා නාමං – නාම පච්චයා විඤ්ඤාණං…. ඔය විදිහට යනවා අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදයකියලා එකක් ඔය එක්කලා. ඕකෙම ක්‍රියාවලියන් ඔය කියන්නේ. යනකොට හැදෙන හැටි!

 

{21:57} පටිසන්ධි සිත හැදෙන හැටි : එතකොට, අවිජ්ජා පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං… හේතු පතිච්ච සමුප්පාදය. එතකොට, අවිජ්ජා පච්චයා සංඛාරා – අවිජ්ජා හේතුකා, සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර හේතුකං, විඤ්ඤාණ පච්චයා නාමං – විඤ්ඤාණ හේතුකං ඔය විදිහට යනවා හේතු වෙන හැටි. එතකොට හේතු පටිච්ච සමුප්පාදය, ප්‍රත්‍ය පටිච්ච සමුප්පාදය, ඊලඟට සම්පයුක්ත පටිච්ච සමුප්පාදය, අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදය, ඔන්න ඔය කියන හේතු, ප්‍රත්‍ය, සම්පයුක්ත, අඤ්ඤමඤ්ඤකියන හතරාකාරයකින් ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාද චක්‍ර 4ක් ඔය උප්පාද, ථිති, භංග කියන අවස්ථා තුනේ යන ථිති අවස්ථාව සම්පූර්ණ වෙනකොට, ඔය චිත්තක්ෂණයක් ක්‍රියාත්මක වෙලා තමයි ඔය පටිසන්ධි චිත්තයක් උපදවන්නේ. එක චිත්තක්ෂණයක් තුළ ඔය පටිච්ච සමුප්පාද 4ක් ක්‍රියාත්මක වෙනවා. මේක අධි වේගවත්, අධි – මේ අපේ මනසට ගෝචර කරන්න පුලුවන් එකක් නෙමෙයි, මේක සර්වඥ ගෝචර දහමක්! ඉතින් එතකොට මේකේ හටගන්න අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියන, අර මේ පටිසන්ධි චිත්තක්ෂණයේ උදය – ඒ කියන්නේ ඉස්සෙල්ලාම ආරම්භ වෙන අවස්ථාවේ, ඒ කියන්නේ මේ හටගැනීමේ දී – හටගන්න මූලික අවස්ථාව, උප්පාද අවස්ථාවේදී, පළවෙනි පටිච්ච සමුප්පාද අවස්ථාවෙත් පටිසන්ධි අහු වෙලා ඉවරයි! ඉතින් පටිසන්ධි කියන එක කොච්චර සූක්ෂම දෙයක්ද? එතන පටන්ගෙන ලැබූ පටිසන්ධියේ දී ඊට පස්සේ එකින් එක ජනිත කරගෙන, ජනිත කරගෙන, හතර වතාවක් ගිහාම තමයි පටිසන්ධි චිත්තක්ෂණය සම්පූර්ණ වෙන්නේ. ඇහි පිය ගහන එකෙන් කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් වෙලාවෙදී මේ ඔක්කෝම වෙලා ඉවරයි!

 

{23:33} ත්‍රිජ කායිකයා, සූක්ෂම කායිකයා හෙවත් සංජාතිකයා : මේ තරම් අති සූක්ෂම චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙලා, ඔතන පටිසන්ධිය අල්ලන්නේ! පටිසන්ධිය අල්ලනකොටත් දැන් මැරිච්චි තැන මෙතන. භවාංගයක් යනකොට, පැරණි හෘද රූපය පැරණි නිෂ්පාදනය කරලා දුන්න කර්ම ශක්තිය මුල් කරගෙන නිෂ්පාදනය කරන හෘද රූපය අවසාන චිත්තක්ෂණ 2ක කාල සීමාව තව ඉවර නෑ! එහෙනම්, භවාංග 2ක් ගිහාමයි මේ ටික ඉවර වෙන්නේ. අන්න, නව හෘද රූපයේ කර්ම ශක්තිය දැන් නව කර්ම ශක්තිය නිපදවලා ඉවරයි. ඒකෙන් තමයි නව හෘද රූපය, බලු නම් බලු විදිහට හටගන්නේ, ඒ කියන්නේ ප්‍රසාද රූපයෙන්. ප්‍රසාද රූපයයි මේ හෘද රූපය කියන එකයි, මේ අපි හිතා ඉන්න හෘදයයි දෙකක්! ප්‍රසාද රූපයට තියෙන්නේ එක දසකයක්,වත්ථු දසකය පමණයි! ඒක ඒ කියන්නේ කායප්‍රසාදයට කාය දසකය. කාය දසක, භාව දසක, වත්ථු දසකකියන මේ දසක තුනකින් යුක්ත වන පටිසන්ධියට ඔච්චරයි ඉස්සෙල්ලාම පළවෙනි චිත්තක්ෂණය ආරම්භ කරන්නේ. ඕක පූර්ණ කර්මජයි! ඊට පස්සේ ඊලඟ චිත්තක්ෂණය පටන්ගෙන “භාව රූප” 70ක් වෙනකන් හදනවා. චක්ඛු දසක, සෝත දසක….” ආං ඒක තමයි සංජාතිඅවස්ථාව. ජාති ලඟට සංජාති වුනා, ජාති සමඟ එක් වන්නේද…” සංජාතික වුනා! අන්න දසක 70ක් කැටුව හටගත්ත අර ඉස්සෙල්ලාම ප්‍රසාද රූපය හටගන්නවා. ඔය ප්‍රසාද රූපයත් එක්කලා ම හටගන්නවා චිත්තජ රූප නැඟිලා, “චිත්තජ රූපය” දැන් කර්මජ කය චිත්තජ කය දෙකක් කියලා උතුජ කාය ත් එක්ක එන එක ඔය විපර්යාසය – සෘතු විපර්යාසයෙන්, ත්‍රිජ කායික සත්වයෙක් හටගන්නවා. මෙන්න මේ ත්‍රිජ කායික සත්ත්වයා මොකද කරන්නේ, මෙයාට කියනවා අන්න හටගත්ත එක්කෙනා තමයි අර සූක්ෂම කායිකයාකියලා පෙන්වුවේ, අන්න “සංජාතිකයා!” ඔය සංජාතිකයා සැරිසරාගෙන ඉන්නවා කර්ම ශක්තිය මෙහෙයැවිලා, ඊට අවශ්‍යය වන්නා වූ ගර්භයක් හෝ උප්පත්ති ස්ථානයක් සකස් වෙන තුරු, කර්ම ශක්තිය සම්බන්ධ වෙලා ඒක සකස් වෙනකන් කාලයක් ඉන්න පුලුවන්. (ශ්‍රාවක මහතෙක්) : ඔය ගන්ධබ්බ කියන්නේ… (ස්වාමීන් වහන්සේ): අන්න! ගන්ධබ්බ කිවුවේ ගන්ධයේ එල්බගෙන වාසය කරනවා. මොකද්ද? එක්කෝ සීල සුගන්ධය, එක්කෝ දුස්සීල දුර්ගන්ධය! මේකයි ගන්ධ කිවුවේ, මේ ගඳ – සුවඳ, ඒක නෙමෙයි! මූලිකව තියෙන්නේ සීල සුගන්ධය හෝ දුස්සීල දුර්ගන්ධයේ, එල්බ ගන්නේ. අන්න ඒ ගන්ධයේ එල්බ ගත්ත නිසා තමයි කිවුවේ “උපාදානය කරගන්නේ තණ්හාවෙන් අල්ලා ගත්ත දේ” කියලා.

 

{25:42} සංජාතිකයා ගේ තණ්හාවට හේතු බලමු : දැන් ඉතින් ඒ, අන්න ඒ අන්තරා භවික අවස්ථාවේදී, එයා කරන්නේ තණ්හා උපාදානය කරගෙන ජීවත් වෙනවා. හොඳයි, තණ්හාවක් උපාදානය කරගන්න තණ්හාව කොහෙද නිපදවෙන්නේ? කොතැනකද හැදෙන්නේ? කොහොමද හැදෙන්නේ? වේදනා පච්චයා තණ්හාවෙන ක්‍රමයක් නෑ! එහෙනම්, යම් තැනක තණ්හා ඇත්නම්, වේදනා පච්චයා තණ්හා – වේදනා සම්පයුක්තං. එහෙනම්, අන්න සම්පයුක්ත පටිච්ච සමුප්පාදයෙන් වැදගත් දෙයක් ගන්න පුලුවන්. යම් තැනක තණ්හා ඇත්ද, වේදනාත් එතනමයි, සමඟ යෙදෙන්නේ! එහෙනම්, තණ්හා යම් තැනකට එනවා නම්, වේදනා යම් තැනක තිබිය යුතුයි! එහෙනම්, ඵස්ස පච්චයා වේදනා – ඵස්ස සම්පයුක්තං. ස්ඵර්ශය සමඟ යෙදෙන්න ඕනේ වේදනාව. එහෙනම් එතන ස්ඵර්ශයක් තියෙන්න ඕනේ. සළායතන පච්චයා ඵස්සෝ – සළායතන සම්පයුක්තෝ. එහෙනම් සළායතනත් තියෙන්න ඕනේ. නාම රූප පච්චයා සළායතනං – නාම රූප සම්පයුක්තං. එහෙනම් නාම රූපත් තියෙන්න ඕනේ. විඤ්ඤාණ පච්චයා නාම රූපං – විඤ්ඤාණ සම්පයුක්තං, එහෙනම් විඤ්ඤාණත් එතන තියෙන්න ඕනේ. සංඛාර පච්චයා විඤ්ඤාණං – සංඛාර සම්පයුක්තං, සංඛාරයත් එතන නැඟිලා තියෙන්න ඕනේ. එහෙනම්, අවිජ්ජා පච්චයා සංඛාරා – අවිජ්ජා සම්පයුක්තා, අවිද්‍යාවත් එතන තියෙන්න ඕනේ. එහෙනම්, අවිජ්ජා සංඛාර විඤ්ඤාණ නාම රූප සළායතන ස්ඵර්ශ – වේදනා කියන ඔක්කෝම තියෙන්න ඕනේ තණ්හා භුක්තියක් විඳීන්න! එහෙනම් එතනදී සත්ත්වයා ගොඩනැඟිලා ඉවරයි නේද? සංජාතිකයා සත්ත්වයා නේ! එහෙනම්, අන්තරා භවය කියලා අමුතු භවයක් නෙමෙයි ඒ, පටිසන්ධි ලබලා! (ශ්‍රාවක මහතෙක්) : දැන් සම්පූර්ණ සත්ත්වයා ද ඒ? (ස්වාමීන් වහන්සේ) : සත්ත්වයා නේ! සම්පූර්ණ සත්ත්වයා. මේක ඔය සූක්ෂම කායිකයි, මෙච්චරයි වෙනස.

 

{27:04} ගැබක් වෙත යන්නේ ආත්මයක්නොව, මේ සංජාතිකයා යි : ඉතින් මේ සූක්ෂම කායිකත්වයේ ඉන්න මේ පුද්ගලයා තමයි අන්න “සංජාතික” කියන්නේ. ජාති සංජාති, දෙවෙනි අවස්ථාව ආවා. අන්න ඔක්කන්තිය එනවා. ඔක්කන්තික්ඛනේ නාමරූපං, අඤ්ඤමඤ්ඤං, සහජාත පච්චේන පච්චේ දැන් ගිහිල්ලා, බඩට ගිහිල්ලා, කළලයක් හටගන්න අවශ්‍යය කරන ශුක්‍රාණු, ඩිම්බානු එකතු වෙලා තියෙද්දී ජනකානුවක් හැදෙන ස්ථානයට ගිහිල්ලා, මේක ගිහිල්ලා මොකද කරන්නේ? මෙතනින් සම්බන්ධ වෙනවා අර වස්තු රූපයත් එක්කලා. යන්නේ කවුද? මෙන්න මේ නාම රූපය! ඒ නාම රූපය තමයි අපේ යන එක, අර අන්තරාභවිකයා කියලා කිවුවේ, දැන් අර ඔක්කන්ති වලට ගියේ, මේ සංජාතිකයා. නැත්නම් ගන්ධබ්බයා! අන්න සංජාතිකයා ඔක්කන්තියට ගියාට මොකද කරන්නේ? ගැබේ තිබෙන්නා වූ මාංශපේෂි සෛලත් එක්කලා සම්බන්ධ වෙලා, ඒක මේ හැඩයට අරගෙන, මේක ඒ හැඩයට අරගෙන, දෙක එකට සම්බන්ධ වෙවී, එකට බැඳෙනකොට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා!” ඒ නිසා කියනවා සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා එකිනෙකට ජාතක වෙනවා, මේකෙන් ඒකට උදවු ඕනේ – ඒකෙන් මේකට උදවු ඕනේ, අරගෙන මේකෙන් වැඩෙන්න පටන් ගන්නවා, ඔක්කන්ති අවස්ථාවෙන් අභිනිබ්බත්ති!” අන්න තුන් වෙනි අවස්ථාව – බඩ ඇතුලේ අභ්‍යන්තර නිර්මාණයක් වේද, අන්න ඛන්දානං පාතුභාවෝ දැන් එතකොට වැඩෙනවා ස්කන්ධය. “ආයතනානං පටිලාභෝ බිහි වුනා, ඇහැට රූප – කනට ශබ්ද ඇහුනා, බිහි වෙච්ච එක ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති!” මහණෙනි, මේකට ජාතිය කියනවා. ඔය සම්පිණ්ඩනය මයි ජාතිය කියන්නේ. ඉතින්, චුති – පටිසන්ධි අතර අතරක් නෑ කියන එකත් ඇත්ත, සංජාතික අවස්ථාව දැක ගන්න බැරි එකයි, “මේ අන්තරාභවිකයා කියලා මෙහෙම එකෙක් පෙන්වලා නෑ අභිධර්මයේ” කියලා ථේරවාදී පරපුරේ පෙන්වලා නෑ ගන්ධබ්බ කියලා, සංජාතිකයෙක් පෙන්වලා තියෙනවා නේ! ඔක්කන්තිකයෙක් පෙන්වලා තියෙනවා නේ! ඔක්කන්තියට යන්නේ ගන්ධබ්බයෙක් කියලා පෙන්වලා තියෙනවා නේ! ගන්ධබ්බා වක්කන්ති හොන්ති කියලා, ඔවු තියෙනවා, ඉතින් හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා නේ! (ශ්‍රාවක මහතකුගේ ප්‍රශ්නයකට පිළිතුර වශයෙන්) : ඔව් ඒක හරි, ඒක තියෙනවා, උන්වහන්සේ මේක විග්‍රහ කරලා නැහැ – ඔය විදිහට විග්‍රහ කරලා නැහැ, අන්න ඒකයි කාරණේ!

 

{28:53} සූක්ෂම කයක් පිටවී යන බව ආත්ම වාදයට නොවැටෙන හැටි : දැන් හුඟ දෙනෙක් ගේ බයක් තියෙනවා, මෙහෙම එකක්. “මෙතනින් සූක්ෂම කයක් පිටවෙලා යනවා කියන එක පිලිගත්තොත් ආත්ම වාදයට වැටෙනවා” කියලා. ඒ කියන්නේ ආත්මවාදය තේරුම් අරන් නැති අයගේ අදහස ඕකයි. ආත්මකියන්නේ මොකද්ද? වෙනස් නොවෙන, බිඳෙන්නේ නැති, කැඩෙන්නේ නැති, වෙනස් වෙන්නේ නැති යමක් ලෝකේ තියෙනවා කියලා නිගමනය කරපු කෙනාටයි ආත්ම වාදයක් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් මේ සූක්ෂම ව ගියත්, කායිකව ගියත්, මොනවා ගියත්, එහෙම එකක් වෙනවාද? දැන් හොඳයි, මෙතනින් තව කෙනෙක් යනවා වාගේ දැක්කොත් එහෙම ඒක පිලිගන්නවා කිවුවොත් ආත්මවාදය කියනවා නේ! මගෙන් අපේ ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා, අභිධර්ම විශාරද හාමුදුරු නමක් – මේ කලුගල රතනජෝති හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ඔය ගැන මගෙන් ඇහුවා, “මහත්තයා (වහරක ස්වාමීන් වහන්සේ ගිහි ව සිටින කාලයේ) ඕක පිලිගත්තොත් ආත්ම වාදයට වැටෙන්නේ නැද්ද?” මං කිවුවා, හොඳයි, ඔබවහන්සේ ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මෙහෙම දොරකඩවල් දෙකක් තිබුනා. මං කිවුවා, මේ දැන් මේ පුද්ගලයෙක් මේ දොරකඩෙන් ඇවිදිල්ලා මෙතනින් යනවා අපිට පේනවා නේද? ඔව් පේනවා. දැන් කවුරු හරි කිවුවොත් එහෙම මං මේ දොරකඩින් යන කෙනෙක් මෙතනින් යනවා දැක්කාකියලා, ආත්ම වාදයට වැටෙනවාද කියලා කියන්නකෝ ඉස්සෙල්ලාම? දැන් එතකොට ඒ හාමුදුරුවොන්ට ටිකක් ප්‍රශ්නයක් වුනා. මං කිවුවා, මං ටිකක් විග්‍රහ කරලා දෙන්නම්. මෙතනින් දොරකඩින් යනකොට, මං ඒක විග්‍රහ කරලා දෙන්නම් ආත්ම වාදයට අහු නොවෙන හැටි! යම් කෙනෙක් එහෙම කියනකොට, සම්මත ලෝක සම්මත කතාවට කියන්න ඒක ගන්න ඕනේ, නමුත් ආත්ම වශයෙන් එකක් තිබුණේ නෑ කියලා මං පෙන්වලා දෙන්නම්.

 

{30:09} යනවා එනවා දැක්ක පලියට ආත්මයක් ගන්න බැහැ! : මෙතෙනදී යම් ක්‍රියාකාරී වෙච්ච රූප ස්වභාවයක් තිබුණා නම්, ඒ රූප ස්වභාවය මෙතනින් අර දොරකඩට යනකොට ඒ ස්වභාවයම ද තිබුණේ? නැත්නම් වෙනස් වෙලාද? “නෑ ඒක වෙනස් වෙලා නේ” හොඳයි, මෙතෙනදි යම් ආකාරයක වින්දන ස්වභාවයක්, සැප – දුක් – උපේක්ෂා වශයෙන් තිබුණා නම් මෙතෙනදී දැනි දැනී, ඒ දැනෙන ස්වභාවය ද මෙතනින් යනකොට තිබුණේ? ඒකත් වෙනස් වෙලා. මෙතනදී යම් රූප සංඥා, ශබ්ද සංඥා ආදියක් අරන් තිබුණා නම්, යම් සංඥාවක හිත තිබුණා නම් මානසිකත්වය තුළ, ඒ සංඥා මාධ්‍යයමද අතනින් තියෙනකොට යන්නේ? මෙතෙනදි යම් සංඛාරයක් නිපදවාගෙන තිබුණා නම්, අර දොරෙන් යනකොට ඒ සංඛාරය ද තිබුනේ? ඒත් නෑ! එහෙනම්, මෙතන යම් විඤ්ඤාණ ස්වභාවයක් තිබුණා නම් ඒ විඤ්ඤාණ ස්වභාවය අතනින් යනකොට තිබුනාද? ඒත් නෑ! එහෙනම් මෙතනින් යන එක්කෙනා අතනින් යන එක්කෙනා වගේ දැක්කහම, රූප ගියෙත් නැත්නම් – වේදනා ගියෙත් නැත්නම් – සංඥා ගියෙත් නැත්නම් – සංඛාර ගියෙත් නැත්නම් – විඤ්ඤාණ ගියෙත් නැත්නම් මොන ආත්මය ගියා කියලාද එයාට පිලිගන්න තියෙන්නේ? ආත්මයක් ගියාද? දැක්කේ නැද්ද? යනවා – එනවා දැක්ක පලියට ආත්මයක් යන්නේ නෑ! කියන එක ඔන්න ඕකෙන් තෝරා ගන්න ඕනේ. එහෙනම්, ආත්‍ම දෘෂ්ඨිය බිඳගත්තාට පස්සේ යනවත් පේනවා, එනවත් පේනවා, ඉන්නවත් පේනවා, ආත්ම දෘෂ්ඨියෙන් ගන්න එකක් එතන නැති බව දකින්නේ ඔන්න ඔතනින්. යනවා දැක්කාට, එනවා දැක්කාට ආත්ම දෘෂ්ඨියක් ගැනෙන්නේ නෑ! ආත්ම දෘෂ්ඨිය තෝරා ගන්න බැරුවයි තියෙන්නේ! මොකද, මේ කය ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා මුලාවට බමුණෝ හිතපු හින්දා ඒ අයට ආත්ම දෘෂ්ඨියක් වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා, විසි ආකාර සක්ඛාය දිට්ඨියක් හටගන්නා හැටි. ඕක තෝරා ගන්න බැරුවයි ඔය කියන්නේ.

 

{31:26} ආත්ම දෘෂ්ඨිය නැති වෙන්න සිහි කළ යුත්තේ කුමක්ද? : ඒ නිසා ඒගොල්ලෝ එක්තරා තැනකට බහිනවා, මොකද මේ කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, වැනසෙන්නේ නැති, සදාකාලික ආත්මයක් තියෙනවා කියන දෘෂ්ඨියක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ දෘෂ්ඨිය පැනවිලා තියෙන්නේ අර “යන එක්කෙනා” නිසා. ඉතින්, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක – ගින්නකින් තොප දැවිය නොහැක – කුරුල්ලා කූඩුවක් හැර කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේය!” කියලා භගවත් ගීතාවලියේ මුලට ම ආත්ම දෘෂ්ඨිය අරගෙන තියෙනවා ඔය විදිහට. ඉතින් මොකද, ඒ ඒගොල්ලන්ට පෙනෙන ස්වභාවයෙන් එහාට දකින්න බැරි හින්දා! පංචස්කන්ධ ස්වභාවය දැක්කේ නෑ. පංචස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය දැක්කා නම් ඒ යන එන එක්කෙනාගේ පංචස්කන්ධයේ විපරිණාම ස්වභාවයෙන් යනවා නම් මොන ආත්මයක් ද ගියේ, යනවා එනවා පෙනුනාට! අන්න ඒක දකිනවා. ඒක දැක්කා නම්, යනවා එනවා පේන්නේ නැත්තේ නෑ, පේනවා, ඒ එක ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ, අර උඩු මහල් තලයට වෙලා ඉන්නකොට, යනකොට තල වලට ඇතුල් වෙන අය, පිටවෙන අය, පාරේ සැරිසරන අය දැක්කා වගේ මේ චුති – පටිසන්ධි ලබන සත්ත්වයින් ගේ ස්වභාවය දැක්කා කියලා. [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] එහෙම එකක් පේනවා, හැබැයි ඒක පෙනුන පලියට ආත්ම දෘෂ්ඨියට වැටෙන්නේ නෑ! ආත්ම දෘෂ්ඨිය ඇරගන්න ඕනේ අර රූප – වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ වල යථා ස්වභාවය බලලා, සිහි කරලා බලලා. ආත්මයි කියලා හිතාගෙන ඉන්නවා නම් යම්කිසි දෙයක, අපි අහනවා – “දැන් මේ මොහොතේ ඉඳන් පවතින, මොහොතක් පවතින එකක් තියෙනවාද? මොහොතක් පවතින රූපස්කන්ධයක් තියෙනවාද, එකාකාරවම? මොහොතක් එකාකාරව පවතින වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක් තියෙනවාද, විද්‍යාමාන වෙනවාද? කොහෙවත් කියන්න පුලුවන් ද කාටවත්, තියෙනවා කියලා? එහෙම නැත්නම්, ඒ ටික ඇරලා මොකද්ද පෙන්වන්න සත්ත්වයා! ඔයිට එහා සත්ත්වයෙක් පෙන්වන්න පුලුවන් ද? පනවන්න පුලුවන් ද? පනවන්න බෑ!” එහෙනම්, ඔය ටික තෝරලා, සත්ත්වයෙක් වශයෙන් පනවන්නත් බැරිනම්, ආත්මයක් පනවන්නත් බැරිනම්, ආත්ම දෘෂ්ඨියක් ඔතන කතාවක් තියෙනවාද? එහෙම එකක් ඔතෙන්ට සම්බන්ධ නෑ!

 

{32:54} ඇති නැති අන්ත වලට නොයා හේතු ඵල ලෙස දකින්න : එහෙනම්, අනාත්ම කතාවක් ඕනෙත් නෑ, ආත්ම කතාවක් ඕනෙත් නෑ, අපි එකක් දකිනවා. ඔයගොල්ලෝ කියන ජාතියේ එකක් ඔතන නෑ! ඒක අපි දකිනවා. ඔතන තියෙන්නේ හේතු ඵල ක්‍රියාදාමයක්. නෑ කියන්නෙත් නෑ, ඔවු කියන්නෙත් නෑ! හේතුවයි, හේතුවක් ඇතුව ඵලයක්! දැන් “ස්වාමීනි, මේ ජරා – මරණ කාටද වෙන්නේ?” එක භික්ෂූන් වහන්සේ නමක් අහනවා, බුදුරජාණන් වහන්සේ ගෙන්. “මහණ, ඔය ප්‍රශ්නය වැරදියි! ජරා මරණ කෙසේ වේද කියලා අහන්න, ජාති පච්චයෙන් ජරා – මරණ වේ!” ඕකයි උත්තරය. “ස්වාමීනි, කාගෙද ජාති කාගෙද එතකොට, ජාති වලට අයිතිකාරයා?” “මහණ, ප්‍රශ්නය ඇහුවා වැරදියි, ජාති කෙසේ වේද අහන්න. භව ප්‍රත්‍යයෙන් ජාති වේ!” ඔය විදිහට උත්තරය ගන්න, ඔය විදිහට විසඳා ගන්න. ඊට පස්සේ අහනවා, “ස්වාමීනි, භව කාගෙද?” “ඒ ප්‍රශ්නය වැරදියි, උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ!” ඒ විදිහට ගන්න, ක්‍රියාවලිය ගන්න, ක්‍රියාත්මක වෙන හැටි බලන්න. ඇත – නැත දෙකටම නෑ එතකොට, අයිතිකාරයෙකුත් නෑ, මම – මගේ ත් නෑ! අරයා අහන්නේ ඒකේ කොණක් අල්ලා ගන්න. “මම” කියන එකක්, “මගේ” කියන එකක් ලෝකේ අල්ලගන්න එකක් තියෙනවා ද කොතන හරි කියලා අල්ලාගන්න. “ඉතින් ස්වාමීනි, උපාදාන කාගෙද? ඉතින් ස්වාමීනි තණ්හා කාගෙද?” ඉතින් ඔහොම අහනවා. “ස්වාමීනි, වේදනා කාගෙද? “ඉතින් උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ කියලා ගන්න, එහෙමයි භව හැදෙන්නේ, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ” එතකොට, “ඵස්ස පච්චයෙන් වේදනා වේ, සළායතන ප්‍රත්‍යයෙන් ඵස්ස වේ, නාම රූප ප්‍රත්‍යයෙන් සළායතන වේ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප වේ” [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] මේ විදිහට ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාදාමය තේරුම් ගන්න. ඕක නෑ කියන්නෙත් නෑ, ඔවු – තියෙනවා කියන්නෙත් නෑ. ඇත – නැත දෙකම අහක් කරලා හේතු – ඵල ක්‍රියාවලිය බලන්න, විද්‍යාමාන වෙන හැටි බලන්න. විද්‍යාමානත්වයක් තියෙනවා ඔය විදිහට. ඒක ඇති දෙයක් ද, නැති දෙයක් ද කියන එක උත්තරයෙන් ගන්න යන්නේ නෑ! ගියොත් අන්ත වලට වැටෙනවා. එතකොට හේතු ඵල දහමේ දැක්කහම ඇති නැති කියන දෙකෙත් නෑ, ප්‍රශ්නයට නියම පිළිතුරත් ඇවිදිල්ලා! දැන් බලන්න, කොච්චර ලස්සන ධර්මයක් ද මේ තියෙන්නේ, හරි ගැඹුරුයි! ඉතින් ඔය ප්‍රශ්නය ඔහොම වුනහම, චුති – පටිසන්ධි අතර අතරක් කියන්නත් නෑ! අන්තරා භවයට යන්නේ කවුද කියලා එතන එකෙකුත් පේනවා. ඒ සූක්ෂම කායිකයා තමයි අර අපි කිවුව සංජාතිකයා. තව විදිහකින් කියනවා නම් ගන්ධබ්බයා. ඉතින් ඔය ඕන එකකින් ඕකට කියන්න පුලුවන්, ගැලපෙන නමක් දාලා. ඔවු ඉතින්, ඒ නම දාලා, මෙතනින් යන කෙනෙක් අතෙනට යනවා දැක්කා කියලා ආත්ම දෘෂ්ඨියකට යන කෙනෙක්, ඇතුලේ ආත්මයක් ගිය එකක් නෑ කොතෙනක වත්!

 

{35:10} හේතු ඵල වාදය අකිරියවාදයත් නෙමෙයි, අහේතුකවාදයත් නෙමෙයි : (ශ්‍රාවක මහතෙක්): ඉර පායවන්නෙක් නෑ, පෑවීමක් තියෙනවා! (ස්වාමීන් වහන්සේ): ආන්න ඒකයි! දැන් පෑවීමක් තියෙනවා, ඒකත් මහත්මයා මෙහෙමයි. පෑවීමක් තියෙනවා කිවුවොත් අහේතුක වාදයක් වෙන්නත් පුලුවන් නේ! හේතු ඵල වාදය කියන එකේදී පායන හේතුවකුත් තියෙනවා. අන්න ඒකයි, ඔවු ඔවු! කරන කෙනෙක් නෙමෙයි, කරන ක්‍රියාවලියක් සිද්ධ වෙන ආකාරයක් තියෙනවා – හේතු ඵල ක්‍රමයක්! ඒ ඒ හේතුවෙන් ඒ ඒ ඵලය. එක හේතුවක් එකකට ඵලය වෙනවා, තව එකකට හේතුව වෙනවා. ඒක තව එකකට ඵලය වෙනවා, ඒක තව එකකට හේතුව වෙනවා. එකක් එකක ඵලය, එකක හේතුව. ඒ ක්‍රමයටයි හේතු – ඵල හැදෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): එතකොට, අහේතුකත් නෙමෙයි? (ස්වාමීන් වහන්සේ): අහේතුක නෙමෙයි, අකිරියවාදයත් නෙමෙයි! අහේතුකවාදයත් නෙමෙයි! ඒවා ඔක්කෝම 62ක් මිත්‍යා වාද වලට අයිතියි. මේ හේතු – ඵල ධර්මය කියන්නේ අන්න ඒකයි. පූර්ණ විද්‍යාව, ඕක හරි ගැඹුරුයි! ඒ නිසා, ඒක නිසා ඕකේ තියෙනවා ප්‍රවෘත්ති පටිච්චසමුප්පාද ඔය. පටිසන්ධි පටිච්චසමුප්පාද ඒ ඒ විදිහට යන්න ඕනේ. පටිච්චසමුප්පාදය කියන්නේ මේ මහා සාගරය වගේ පටිච්චසමුප්පාදය! “ඇහැ සංඛතයි, පටිච්චසමුප්පන්නයි – රූප සංඛතයි, පටිච්චසමුප්පන්නයි, ක්ෂය ධර්මයි, වය ධර්මයි” පෙන්වලා තියෙනවා මෙච්චර ලස්සනට. “කන සංඛතයි – පටිච්චසමුප්පන්නයි, ශබ්දය සංඛතයි – පටිච්චසමුප්පන්නයි, නාසය සංඛතයි – පටිච්චසමුප්පන්නයි, ගන්ධයෝ සංඛතයි – පටිච්චසමුප්පන්නයි, එහෙනම් මේ බාහිර ලෝකයත් පටිච්චසමුප්පන්නයි!” [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] දැන් මොකද්ද ඒ? කොහොමද බාහිර ලෝකය පටිච්ච සමුප්පන්න වෙන්නේ? එහෙනම් අභ්‍යන්තර පටිච්චසමුප්පන්න තාවය මොකද්ද, බාහිර පටිච්චසමුප්පන්න තාවය මොකද්ද? දැන් මේ පටිච්චසමුප්පාද ධර්මතාවය පෙන්වලා දුන්නේ සත්ත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා පෙන්වන්න නෙමෙයි, මේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ සියලු පැවැත්ම තුළ යථාර්තය පෙනවන්නයි! මේවා හටගන්න හැටි පෙන්වන්න. හටගන්න හේතුව, හටගන්න ආකාරය, නැති කරන්න හේතුව, නැති කරන විදිහ! ඔය කියන කාරණා 4 විග්‍රහ කරනකොට මුලු ලෝකය ම අයිතියි!

 

{37:00} වේදනා, තණ්හා, උපාදාන – නිරුක්තියෙන් එන නිවැරදි අර්ථ ගනිමු : අභ්‍යන්තරය, බාහිරය කියලා අමුතුවෙන් හටගත්ත එකක්, අක්‍රීයව හටගත්ත එකක් නෑ! අහේතුකව හටගත්ත එකක් නෑ! ඔක්කෝම හේතු ඵල ධර්මතාවයට අනුවයි හටගන්නේ. හටගන්න ආකාරය පෙන්වන්න තමයි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාදාමය විග්‍රහ වුනේ. ඒක තමයි මේ බොහෝ කොටම සත්ත්වයෙකුට ම සම්බන්ධ කරලා පෙනවන්න ගියේ. දැන් “උපාදානය” කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියන වචනයෙන් නේ අපි අරන් පුරුදු වෙලා තියෙන්නේ. උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් වච්චගොත්ත පරිබ්‍රාජකයා අහනවා, “ස්වාමීනි, උඩ යන ගිණි රොටුවට උපාදානය මොකද්ද? හුළඟ උපාදානයි, වාතය උපාදානයි” බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] දැන් වාතයයි, ගිණි රොටුවයි දෙකට හිතක් තිබුණාද? උපාදානයක් ගැන කිවුවේ නැද්ද? බුදුරජාණන් වහන්සේ උපාදානයක් තිබෙන තැනක් කිවුවා නේ! “උඩ යන ගිණි රොටුවට වාතය උපාදානයි!” එහෙනම්, ගිණි රොටුවට උපාදානයක් පෙන්වූවා බාහිර ලෝකයේ. දැන් අපි උපාදානය ගැන කතාකරනකොට කියනවා,හිතෙන් දැඩිව අල්ලා ගත්තා නම් ඒකට උපාදානයකියනවා. දැන් එතකොට කෝ ගැලපීමක්? අන්න මේක තමයි කියන්නේ, වචනයේ ම නිරුක්තියක් තියෙනවා. “උප + ආදාන” කියන්නේ “ආසන්නයට ඇදිලා හිටිනවා!” ආසන්නයට ඇදී හිටීමට කියනවා උපාදාන. තණ්හා කියලා කියන්නේ? තන්හි හා වෙන නිසා තණ්හාකියලා කියනවා. “තන්හි + හා” – තන්හි හා වෙන්නේ තණ්හා යි! යමක් යම් තැනක හා වෙනවා, තණ්හා ඇලෙනවා! ඇලීමයි බැඳීමයි කියන එක තමයි තණ්හා උපාදාන කියන එකට පෙන්වුවේ. මේ හිත ගැන සම්බන්ධයක් මෙතන නෑ! මෙ තියෙන්නේ එක්තරා ක්‍රියාදාමයක් සිද්ධ වෙනහැටි. වේදනා කියන්නේ? වීමක් දනවන්නේ වේදනා!” ඒ වීමක් දනවන එක හිතට දැනෙන හැටියි මේ අපිට රිදෙනවා, කැක්කුමයි, ආසයි, හොඳයි කියලා දැනෙන්නේ. ඒක – ඒක වේදනා වල ලක්ෂණයක්, දැනෙන හැටි! තණ්හා ලක්ෂණයක් තියෙනවා, දාලා යන්න බෑ! හිත ඇදි – ඇදී යනවා. ඒ තණ්හා වල ලක්ෂණය. උපාදානයේ ලක්ෂණයක් තියෙනවා, බැඳිලා. අතහැරගන්න බෑ! ඒකයි කිවුව උපාදානයේ ලක්ෂණය, ඒ ලක්ෂණයට උපාදානය කියලා අද හිතාගෙන ඉන්නවා! තණ්හාවේ ලක්ෂණයට තණ්හාව කියලා හිතාගෙන ඉන්නවා. වේදනා වල ලක්ෂණයට වේදනාව කියලා හිතාගෙන ඉන්නවා. මේකෙන් අපිට පැටලෙනවා! ඒ නිසා සත්ත්ව – පුද්ගලත්වයට ම සම්බන්ධ වෙන්න යනවා පටිච්ච සමුප්පාදය. හිතක් නැති තැන පටිච්ච සමුප්පාදයක් කොයින්ද කියලා ප්‍රශ්නයක් එනවා.

 

{39:24} පටිච්ච සමුප්පාදයට අනුකූල වන්නේ සත්ත්වයෝ පමණක් නෙමෙයි : දැන් බුදුරජාණන් වහන්සේ සත්ත්ව පුද්ගල භේදය අයින් කරන්නයි පටිච්ච සමුප්පාදය දුන්නේ, හේතු ඵල පෙන්වන්න. මොන සතෙක් ද ඔය අහන්නේ? කවුරු විඳින එකක් ද අහන්නේ? අන්න ඒක පෙන්වන්නයි දුන්නේ, සිද්ධ වෙන හැටි පෙන්වන්න. එහෙනම්, මෙන්න මේ ක්‍රියාදාමය සිද්ධ වෙනකොට, දැනෙන ආකාර තියෙනවා, අන්න ඒ ස්වභාවයන් තමයි අපි මේ රැවටිලා ඉන්නේ, ඒක ඒකේ හැටියක් කියලා. වේදනා කියන්නේ, වීමක් දනවනකොට දැනෙන ආකාරයක් තියෙනවානම් ලක්ෂණයක්. ඒකට වේදනා කියලා අපි හිතන් ඉන්නවා. වීමක් දැනීම ක්‍රියාවලියක්, ඒකේ ලක්ෂණය තව එකක්. තන්හි හා වීම ක්‍රියාවලියක්, ඒකේ ලක්ෂණය තව එකක්. උපාදාන හෙවත් ආසන්නයට බැඳිම – ඇදී සිටීම තව එකක්, ඒකේ ලක්ෂණය තව එකක්. භව කියන්නේ ක්‍රියාවලියක්, භව ලක්ෂණය තව එකක්. ජාති කියන්නේ ක්‍රියාවලියක්, ජාති වල විද්‍යාමාන වෙන ලක්ෂණය තව එකක්. මේ හැම එකකම තියෙන්නේ ඔය විද්‍යා සිද්ධාන්තයක්. එතකොට දැන්, මලක් පිපිලා තියෙනවා. මම පොඩ්ඩක් ඔය විග්‍රහයක් කරලා පෙන්වන්නම් ඔය “මනෝ පුබ්බංගමා ධම්මා” කියන – මුලදී ඕක, මේ මානසිකත්වයේ තියෙන අවිද්‍යා – තෘෂ්ණා දෙකෙන් ගොඩනඟන මානසිකත්වය හා සම්බන්ධයි. ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා, අතු – රිකිල්ල ගියා වාගේ ආධ්‍යාත්මික – බාහිර කියන දෙපැත්තකට මේක විහිදිලා ගියා වගේ – යන්නේ එහෙමයි. නාමරූප වෙන් වෙනකොට, අභ්‍යන්තර නාමරූපසහ බාහිර නාමරූප කියන දෙකෙන් මම” “මගේකියන දෙකට වෙන් වෙලා යනවා ලෝකයට. “මමයි ලෝකයයි” හැදෙන ආකාරයට, පටිච්ච සමුප්පාදයයි දෙකම. අන්න එතෙන්ට යනකොට, නාමරූප කියනකොට, අභ්‍යන්තර නාමරූප – බාහිර නාමරූප කියන දෙකෙන් අභ්‍යන්තර නාමරූප වලට ඇසකනදිවනාසයශරීරය මන හැදෙන පැත්තට එනවා. රූපශබ්දගන්ධරසස්ඵර්ශධර්මයන් වැටෙනවා බාහිර නාමරූප කියන පැත්තට.

 

{41:01} නාමරූප කියපු පලියට හිතයිගතයි කියලා ගත්තොත් වැරදියි : එතකොට, “නාමරූප” කියන වචනයත් තෝරා ගන්න ඕනේ. නාමරූප කියන එකෙත් අර්ථ ගොඩාක් තියෙනවා. හිතයිගතයි දෙකටත් නාමරූප කියනවා. මේ එක අවස්ථාවක. නම්‍යතාවය හා අනුකූල රුප්පනයටත් නාමරූප කියනවා. මේ තව එකක්. නම්‍යතාවයක් දෙන්න – රවුම්, අපිට ඕනේ ගෝලයක් හදන්න. ගෝලයක නම්‍යතාවයක් දුන්නොත් යම්කිසි සතර මහා භූතයන් ගෙන් එකතු කරපු ගුලියකට, නම්‍යතාවයට අනුකූලව රුප්පනය වුන එක ගෝලය. හැබැයි, නම්‍යතාවය ඒ රුප්පනයෙන් අයින් කරන්න බෑ! ඒ නම්‍යතාවය අහක් කළොත්, ගෝලය විදිහට හිටින්නේ නෑ! එහෙනම්, ගෝලයක් කියලා පෙන්වන්න බෑ! කෝටුවක් වගේ හැදුවා නම්, නම්‍යතාවය කෝටුවක් විදිහට තිබුණා නම්, ඒ අනුව කෝටුව කියලා එකක් විද්‍යාමාන වුනා, සතර මහා භූතයන් ගෙන්. හැබැයි, නම්‍යතාවය අහක් කළොත් එහෙම, කෝටුව කියලා පේන්න විදිහක් නෑ. අන්න ඒක තමයි කියන්නේ, නාමයයි රූපයයි අයින් කරන්න බෑ! කිවුව නම්‍යතාවය – ඔන්න ඕක – නාමරූප ඕකයි! දැන් නාමයෙන් රූපය අයින් කරන්න බෑ කියනකොට, හිතෙන් ගත අයින් කරන්න බෑ කිවුවොත් ඇත්තද? දැන් හිත, හිත නාම කියනවා, ගත රූප කියනවා කියලා ගත්තොත්, මිනිහෙක් මරලා දැම්මාට පස්සේ කෝ නාමය එතන? එතන හිත තියෙනවද? කඳ නම් තියෙනවා! අයින් කළේ නැද්ද? වෙන් කළේ නැද්ද? එහෙනම්, නාමයෙන් රූපය වෙන් කරන්න බෑ කියපු තැනක් අපේ ධර්මයේ තියෙනවා. අන්න, නම්‍යතාවය සහ අනුකූල රුප්පනය වෙනස් කරන්න, අයින් කරන්න බෑ! ඒකයි එතන අයින් කරන්න බැරි නාමරූප දෙක. හිතන නාම කියන්නේ, නම්‍යතාවයක් යටතේ යමක් හැඩගස්වන්නට මූලික වෙන නිසා. අන්න, නාම කියන එක එතන “නම්‍යතාවය” කියන එකයි. යමක් නම්‍යතාවයට පත් කරන්නේ නාමයි. හිතෙන් යමක් නම්‍යතාවයට පත් කරන නිසා නමන්න පුලුවන්. ඒ නිසා ඒ ආධාරකය, කියන්නේ ආදේශකයක් වශයෙන් ආදේශ නාමයක් දෙනවා හිතට නාම කියලා, ඒකයි හේතුව. යම් නම්‍යතාවයක් දෙන ආකාරයෙන් ඒ හේතුවෙන් ඒකට නාම කියනවා. එතන නාම කියන්නේ ඒකයි. අපි සම්මත කරගත්ත “නාම” තියෙනවා. යමක් පෙන්වන්න පනවාගත්ත නමක්, ඒ හේතුවෙන් ඒකට “නාම” කියනවා. ඉතින් “නාම” කියන එක හුඟාක් විග්‍රහ සහිත එකක්. ඉතින් ඒකේ නාමරූප කියපු පලියට, සියල්ලම හිතයි ගතයි කියලා ගත්තොත් වැරදියි! ඒ ඒ – දැන් බාහිර නාමරූප කියන්නේ නම්‍යතාවයට අනුකූලව සතර මහා භූතයන් ගේ හැඩගැස්මක් ඇති කරන්නේ ඒ නාමරූපයි. අභ්‍යන්තර නාමරූප කියන්නේ, ගතක්-හිතක් සකස් කරලා දෙන්නා වූ එක නාමරූපයි, ඒ පැත්තෙන් හදලා දෙන එක. එතකොට මේ නාමරූප කියන්නේ ඒ වගේ සම්පිණ්ඩනයක්, විග්‍රහ කරලා ගන්න ඕනේ එකක්.

 

{43:20} තැනට ඔබින විදිහට නිරුක්ති සකස් කරගත යුතුයි : දැන් පුවක් කිවුවහම එක පුවක් ජාතියක් නෙමෙයි! මඩ පුවක් කියන්නෙත් පුවක්, රබ්බොඩ කිවුවත් පුවක්, නිලබොඩු කිවුවත් පුවක්, එක එක නම් වලින් කියනවා. එතකොට, රට පුවක් කියනවා, ඉතින් කල්පිටි පුවක් කියනවා, එක එක විදිහට අපි කියනවා. මොනවා කළත් පුවක් කියන වචනෙට කියනවා. ඉතින්, එතකොට අපිට කිවුවොත් එහෙම “විටක් කන්න පුවක් ගෙඩියක් ගේන්නකෝ” අපි ගිහිල්ලා අර මේ නිලබොඩු කියන ඒවායේ තියෙන අන්තිම ළදරු, මොකුත් තුරුකුලෑ ගෙඩියක් ගෙනල්ලා දෙනවා, “ආ” කියලා, නමුත් මොකද්ද මේ ගෙනාවේ? පුවක් ගෙඩියක් නේ ඉල්ලුවේ, පුවක් නෙමෙයිද? පුවක් නේන්නම් ඉතින්, මොනවා කියන්නද? පුවක් ගෙඩියක් ඉල්ලුවා, මං පුවක් ගෙඩියක් ගෙනල්ලා දුන්නා. ඕවා පුවක් නෙමෙයි යෑ! හරියන්නේ නෑ නේ වැඩේ. විටක් කන්න පුවක් ගෙඩියක් ඉල්ලුවා නම් ඒ වෙලාවට මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍යය කරන රබ්බොඩ ගෙඩියක්, ඒ ජාතියේ පුවක් ගෙඩියක් ඒකට ගෙනත් දෙන්න ඕනේ, ඒකට ගැලපෙන එකක්. පුවක් වුන පලියට කරන්න බෑ, තැනේ හැටියට ගන්න ඕනේ. අන්න ඒකට කියනවා තැනට ඔබින විදිහට නිරුක්ති සකස් කරගන්න ඕනේ, නිරුක්ති එන්න ඕනේ. “උක්තයෙන් නිර්ණය වන්නේ නිරුක්ති!” උක්ත කාරණයෙන් කියන්නේ, උක්ත – උක්ත කියන්නේ ඒකේ මූලික වෙච්චි ප්‍රධාන දේ. ඒකෙන් නිර්ණය කරන්නේ නිරුක්ති. අන්න නිරුක්ති කියන එකේ නිරුක්තිය! නිරුක්ති කියන පදයේ නිරුක්තිය ඒකයි. දැන් එතකොට තේරුම් ගන්නකෝ නිරුක්ති තේරුම් ගන්න. යමකින් නිර්ණය කරන්නේ නිරුක්ති. දැන් නිරුක්ති කියන පදයෙන් පෙන්වන්නේ යම්කිසි වචනයක් කිවුවහම ඒකෙන් මොකද්ද කිවුවේ? තැනට ඔබින විදිහට ගන්න ඕනේ. “බට ලීයේ කජු තියෙනවා, බට ලීයේ පුරුක් තියෙනවා.” දැන් ඒ උක්තයෙන් නිර්ණය වෙන එක බලන්න. දැන් බටලීය කියන පලවෙනි උක්තයෙන් නිර්ණය වුනේ, බට ලීයේ කජු තියෙනවා – මේ ගමකට කියන නමක්! එතන බට ලීය කිවුවේ ගමකට. බට ලීයේ පුරුක් තියෙනවා – එතන නිර්ණය වුනේ ගහකට. අන්න නිරුක්ති!

 

{44:55} කුමරාකුමරී විඤ්ඤාණ හැදිලා ඉවරයි මවු කුසට බහිනකොටත් : එහෙනම්, නිරුක්ති දකින්න ඕනේ හැමතැනම නාමරූප කියලා තිබිච්ච පලියට ඒ නාමරූප කොතන – ගැලපෙන එක මොකද්ද? දැන් “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියන තැන මොන නාමරූප ද කිවුවේ? ඉතින් එකින් එකට බලන්න. දැන් “නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා නාමරූපං” මෙහෙමත් යෙදෙනවා. ඒ ඒ තැන් වල යෙදෙන නාමරූප මොනවාද? ඒ නිරුක්ති දකින්න ඕනේ. හරීම ගැඹුරු තැන් ඕවා! දැන් බුදුරජාණන් වහන්සේ අහනවා, විඤ්ඤාණය මවු කුසට බසින විට නාමරූපයක් හටගන්නවාද?” එහෙම ඉතින්, ආනන්ද හාමුදුරුවෝ “එහෙමයි ස්වාමීනි” කියලා උත්තර දෙනවා. ඒ විඤ්ඤාණය මවු කුසෙන් බැහැර ගියොත් නාමරූපයක් බඩේ හැදෙනවාද? ඒ නාමරූපය වැඩෙනවාද?” ඉතින්, එතන වැඩෙන එකකුයි නාමරූපය. විඤ්ඤාණය මවු කුසට ගිහාම නාමරූපය බඩේ වැඩෙනවාද නැද්ද?” කියලා අහනවා, ඉතින් “වැඩෙනවා” කියනවා. ඒ විඤ්ඤාණය ඉවත ගිහාම නාමරූපය වැඩෙනවාද?” ඉතින් නෝ හේතං භන්තේකියනවා, “නෑ ස්වාමීනි වෙන්න හේතු නෑ කියනවා. [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] එහෙනම්, ඒ නාමරූපේ කිවුවේ මොකද්ද? කළල රූපයක් වශයෙන් මේ බඩ ඇතුලේ දරුවා වැඩීගෙන එනකොට, නම්‍යතාවයට අනුව ඒක රුප්පනය වෙවී, හැදි-හැදී, වැඩි-වැඩී එනවා. ඒ විඤ්ඤාණය නිසා ලබන ශක්තියෙන් තමයි ඒක වැඩි වැඩී එන්නේ. විඤ්ඤාණය ඉවත් වුනාට පස්සේ අරක වැඩෙන්නේ නෑ! අන්න නාම – එතන “විඤ්ඤාණ පච්චයා නාමරූපං” කියලා පෙන්නුවේ සත්ත්වයෙක් ගේ සසර ගමන තුළ ගිහිල්ලා, බඩට ගිහිල්ලා උප්පත්ති වෙන නාමරූප හටගන්නේ ඔන්න ඔහොමයි. “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියන තැන පෙන්නුවේ අන්න අර අන්තරාභවිකයා. මොකද, විඤ්ඤාණය තනිව හටගන්නේ නෑ. “රූපයෙන් තොරව, විඤ්ඤාණයෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව විඤ්ඤාණයේ ගමනක් හෝ හිටීමක්, නැඟීමක් හෝ වැඩීමක් හෝ චුතියක් හෝ නොකියමි!” එහෙනම්, විඤ්ඤාණය කියන එකේ ස්වභාවයට රූපයක්, වේදනාව, සංඥාව, සංඛාර තියෙන්න ඕනේ. එතැනකයි විඤ්ඤාණයක් විද්‍යාමාන වෙන්නේ. [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] එහෙනම්, විඤ්ඤාණයක් යම් තැනක විද්‍යාමාන වෙනවා නම්, රූපයක් එතන තියෙන්න ඕනේ. රූපයක් නැතුව විඤ්ඤාණයක් කොතනක වත් විද්‍යාමාන වෙන්නේ නෑ! එහෙනම්, විඤ්ඤාණය මවු කුසට බහිනකොට, “කුමරෙකුගේ හෝ කුමරියකගේ විඤ්ඤාණයක් මවු කුසට බැසගනී ද…” කුමරා කුමරී හැදිලා ඉවරයි නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට විඤ්ඤාණය මවු කුසට බහිනකොට? හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා නේ! “ආනන්ද, කුමරෙකුගේ හෝ කුමරියකගේ විඤ්ඤාණයක් මවු කුසට බැසගනීද, මවු කුසේ නාමරූපය හැදෙනවා. විඤ්ඤාණය මවු කුසෙන් ඉවත යාද, නාමරූපය හැදෙන්නේ නෑ! ඒ නිසා කියනවා විඤ්ඤාණ පච්චයා නාමරූපං!” අන්න, සසර ගමනේ දී, අපේ සසර ගමනට යනකොට මේ පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන හැටි පෙන්වුවා.

 

{47:17} පටිච්ච සමුප්පාදය හෙවත් ධර්මය යනු දරන ස්වභාවයයි : මේ සියලුම තැන පටිච්ච සමුප්පාද චක්‍ර වලින් පිරිලා තියෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): සියුම් ව සහ විශාල වශයෙන්. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි! කුඩා සහ මහත් හැම දෙයක් ම පටිච්ච සමුප්පාද චක්‍ර වලට අයිතියි. ඒ නිසා “මහා සාගරය වාගේ” කිවුවේ ඔන්න ඕකයි. ඉතින් මේ පටිච්ච සමුප්පාද චක්‍රය කියලා මේ මිනිහෙක් මැරිලා උපදින තැනට විතරක් අද අරගෙන ඉන්නවා, අන්න ඒකයි. දැන් නාමරූප පහල වෙන හැටි බලන්න ගිහාම – අන්න ඒකයි කියන්නේ! අංශු මාත්‍රයේ පවා පටිච්ච සමුප්පාද චක්‍ර! ක්‍රියානු – පටිච්ච සමුප්පාදකයි ඔක්කෝම, මේ බාහිර හැම දෙයක් ම ඒ වගේ. දැන් මං ඕකට පෙන්වලා දෙන්නම්, දැන් මලක් හැදෙනකොට පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඒකට ගලපන හැටි. මේක තමයි දහම් දකින හැටි. දහම් දැකීමේ දී මුලු ලෝකෙම දකින්න පුලුවන් පටිච්ච සමුප්පාදය දැක්ක දාට. යෝ පටිච්ච සමුප්පාදං ඵස්සති සෝ ධම්මං ඵස්සති යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම් ඔහු ධර්ම දකී, ධර්මය දකිනවා!” [simple_tooltip content=’ත්‍රිපිටක සූචිය අවශ්‍යයි’]*[/simple_tooltip] ධර්මය කියලා කියන්නේ මේ ත්‍රිපිටක ධර්මය පොතේ ලියලා තියෙන අකුරු ටික නෙමෙයි, මේ ලෝකේ දරන හැටි! ධර්ම කියන්නේ දරනවාට, අන්න ඒකයි! මේ “යමක් යම් සේ දරන්නේ ධර්ම වලින්!” අන්න ඒකයි, යමක් යම් සේ දරනවා. නීති වලට විතරක් නෙමෙයි, දැන් යමක් යම් සේ දරනවා. ඒක එහෙම දරන්නේ ඇයි? එහෙම පවතින්නේ ඇයි? මොනවා නිසාද? අන්න ඒක විග්‍රහ කරගන්න ඕනේ. අන්න එතකොට ඒකට අවශ්‍යය කරන දේවල් යමක් සම්බන්ධ වෙන්න ඕනේ, ඒක දරන ක්‍රමයක් තියෙනවා – ක්‍රම රටාවක්, එහෙමයි හැදෙන්නේ.

 

{48:35} රෝස මලක පටිච්ච සමුප්පාදය දකිමු : දැන් පිපුනා මලක්! දැන් අපි ජාති කියන එක දැන් පටිච්ච සමුප්පාදය මේ කාලේ අපිට උගන්වන්න හදන්නේ මේ සත්ත්ව පුද්ගලයින්ට සම්බන්ධ කරලා විතරයි. බුදුරජාණන් වහන්සේ, සත්ත්වපුද්ගලද්‍රව්‍යවස්තු කියන මේ භේදයක් තියන්නේ නැතුව, හේතුඵල වාදය පෙන්වන්න, ධර්මතාවය පෙන්වන්නයි පෙන්වලා දුන්නේ පටිච්ච සමුප්පාදය. එහෙනම් මේක “ජාති” කියනකොට, දැන් “මල් ජාති”, අපේ ඔය වචනයක් අදත් තියෙනවා. ගස් ජාති, ගල් ජාති, මල් ජාති, කොල ජාති, වැලි ජාති, ජාති කියන වචනය හැම තැනම දාලා තියෙනවා, මිනිස්සුන්ට විතරක් නෙමෙයි, සත්ත්වයින්ට විතරක් නෙමෙයි, හැම දේකටම! එහෙනම්, “ජාති” කියන එකට ඒවා ඔක්කෝම අයිතියි! එහෙනම්, මල් ජාතියක් – අපි හිතමු රෝස මලක්, මොනවා හරි කමක් නෑ, ගත්තා මල් ජාතියක්. දැන් අපිට බලන්න ඕනේ, ජාතියක් තියෙනවා. දැන් ජාති පච්චයා ජරා මරණං – දැන් එතනත් මොකද්ද ජරා මරණය? ඒ මල් ජාතියක ජරාවක් දකින්න පුලුවන් ද ඒ මල පිපුනේ නැත්නම්? දැන් පරවෙන්න එන රෝස මලක් දැක්ක හැකිද රෝස මලක් පිපුනේ නැත්නම්? දකින්න බෑ නේ! එහෙනම් දැන් ආං රෝස මල වැටුනා, බිම – නටුවෙන් ගැලවිලා. රෝස මලේ මරණය! රෝස මල් මරණයක් දකින්න පුලුවන්ද රෝස මලක් ජරාවට පත් වෙලා මැරෙන්න පිපුනේ නැත්නම්? එහෙනම්, රෝස මල් ජාතියක් ලෝකේ තියෙනකන් රෝස මලක ජරාවක් හෝ රෝස මලක මරණයක් දැක්කහැකි. එහෙනම්, ජරා මරණ අපිට මේ සත්ත්වයින්ට-පුද්ගලයින්ට වෙන් කරලා නෑ! හැම දේටම පොදුයි ජරා-මරණ. යමක් හටගත්තා නම් ජරාවට පත් වෙලා මරණයට පත් වෙනවා. අන්න පත්වෙලා එන පොදු ස්වභාවය! අන්න රෝස මලේ ජරා-මරණය. එහෙනම්, රෝස මල කියන ජාතිය පිපුන නිසයි ඒකේ ජරා-මරණය අපි දැක්කේ, ජාති පච්චයා ජරා මරණං කියන එක රෝස මලට ඒ පටිච්ච සමුප්පාදයයි මේ කියන්නේ, තේරුණා නේ! අන්න, රෝස මලේ ජාතිය කොහොමද හටගත්තේ? සිද්ධාන්තය මොකද්ද? භව පච්චයා ජාති සිද්ධාන්තය. දැන් භවකියන්නේ? වීමක්, නිර්මාණය! නිර්මාණය නිසා ජාති නිපදවෙනවා. දැන් නිර්මාණයක් හැදෙන්න ඕනේ රෝස මල කියන එක විද්‍යාමාන වෙලා, පිපිලා එන්න. ඒකට අවශ්‍යය දේවල් එතෙන්ට ඇවිදිල්ලා නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම්, මොකද්ද වෙන්නේ? උපාදාන පච්චයා භවෝ – මේ නිර්මාණය වෙන්න නිකන් බෑ! රෝස මල හැදෙන්න, නිර්මාණය වෙන්න අවශ්‍යය කරන, ලඟට ඇදෙන්නේ මොනවාද? උපාදානයක්තියෙන්න ඕනේ, “ආසන්නයට ඇදෙන යමක්තියෙන්න ඕනේ. ආසන්නයට මොනවාද ඇදෙන්නේ? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරේ සංකලනයෙන් හටගත්ත ඕජසක් අර රෝස මලේ නැට්ට දිගේ ගිහිල්ලා, රිකිල්ල දිගේ ඇවිදිල්ලා, නටුවෙන් ඇතුල් වෙලා, අර මල පිපෙන තැනට ගිහිල්ලා මොකද වෙන්නේ? ආසන්නයට උපාදාන වෙන්න ඕනේ! එතකොට, ඒකෙන් තමයි නිර්මාණය කරලා, භව කරලා ජාතියක් කියලා රෝස මල් ජාතිය පහල කරන්නේ!

 

මීලඟට : ශුද්ධාෂ්ඨක, කරණීය මත්ත සූත්‍රය, ආනාපානසතිය (ගිහි වතක සිට නිවන් දකින හැටි 4 කොටස)

 

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~

 

දේශනාව ශ්‍රවණය කිරීම සඳහා : https://www.waharaka.com/listen/CD001-03