දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
තාලපුට සූත්‍රය, සරණාගමනය, අටපිරිකර පූජා විපාක, ශුණ්‍යතා විහරණය, ඉෂ්ට දේවතා විස්තරය, අනුසය දුරු කිරීම සහ පැන විසඳුම්
{ 0:00:07 } : තාලපුට සූත්‍රය – නැටුම් ගැයුම් වැයුම් රඟපෑම් ගැන සම්බුදු මුවින්
(ස්වාමීන් වහන්සේ): අපි එහෙනම් මේ ප්‍රශ්න එකින් එක අරගෙන සාකච්ඡා කරමු, මෙතන අලුත් අයගෙත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි ඒවා සාකච්ඡාවට අරගමු. මේ එක ප්‍රශ්නයක් තියෙනවා, මේ “එක ටෙළි නාට්‍යයක රඟපාන, චිත්‍රපටියක ආදියේ රඟපාන නළුවෙක් හෝ නිළියක් කරන්නේ රඟපෑමක්, නැත්නම් බොරුවක්. ඒ අයට පවු සිදුවෙනවාද?” කියලා එකක් අහලා තියෙනවා.
දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් ම තියෙනවා, “තාලපුට සූත්‍රය” කියලා සූත්‍රයක්. මේ තාලපුට සූත්‍රය කියන එකේ නළුවා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, “ස්වාමීනි, අපේ පැරණි ආචාර්ය – ප්‍රාචාර්යවරු, ඒ කියන්නෙ නාට්‍ය පිළිබඳ කියාදුන්නු මුල් ගුරුවරු, ඒගොල්ලො කියනවා රඟ මැද, නෘත්‍ය මැද ලෝකයා පිනවන නළුවන්ට පහාස නම් සුගතියේ උපදිනවා, දෙවුලොව උපදිනවා කියලා. ඉතින් මේක ඇත්තද?” කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදිල්ලා ඒ නළුවා අහනවා.
පළවෙනි වතාවෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මේ තාලපුට, ඕක මගෙන් අහන්න එපා!” දෙවෙනි වතාවටත් අරවිදිහටම අහනවා, “ජනතාව මැද ඒ රඟපෑමෙන්, ගී කීමෙන්, මේ ආදී වශයෙන් රඟපාන නළුවට “පහාස” නම් දෙවුලොව උපදින්න ලැබෙනවා කියලා අපේ පැරණි ආචාර්ය – ප්‍රාචාර්යවරු කියනවා, මේක ඇත්තද?” කියලා ආයිත් අහනවා.
එහෙම තුන් වතාවක් ඇහුවා, අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මං ඔබෙන් තුන් වතාවක් මේ ගැන අහන්න එපා කිවුවා, නමුත් මට ඒකෙන් අවසරයක් ලැබෙන්නෙ නෑ, උඹ යළි යළිත් අහනවා. එහෙනම් මං ඔබට ඒක කියන්නම්” කියලා, බුදුරජාණන් වහන්සේ විස්තර කළා. යම් නළුවෙක් ජනතාව මැද නැටුමෙන්, ගී කීමෙන්, ආදියෙන් යම්කිසි කෙනෙක් ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ රඟදක්වනවා නම්, රාගයට හේතුකාරක තිබිච්ච පුද්ගලයො ඒක දැකලා හිත රාගික කරගන්නවනම්, ද්වේෂයට හේතුකාරක තිබිච්ච මනුස්සයො ඒ නැටුම දැකලා, රඟපෑම දැකලා හිත දූෂ්‍ය කරගන්නවා නම්, ඒ පුද්ගලයා ලෝකයට කරන්නෙ වැඩක්ද අවැඩක්ද? රාගයෙන් රත්කරනවා නම්, ද්වේෂයෙන් දැවෙන, කම්පා ඇතිකරන දේවල් කරනවනම්, ඇත්තකින් හෝ බොරුවකින් හෝ රඟපාලා, ඒ හේතුව නිසා ඔහුට කවදාවත් සුගතියක් ලැබෙන්න හේතු නෑ. ඔහු උපදින්නෙ, “පහාස නම් නරකයේ” උපදිනවා කියලා පෙන්නුවා.
යම්කිසි ආචාර්ය – ප්‍රාචාර්ය වරයෙක් තත්වය එහෙම තියෙද්දි එතකොට ජනතාව මැද රංගනයෙන්, ඒ වගෙම නැටුමෙන් ඒ ආකාරයෙන් යම්කිසි කෙනෙක් එබඳු මත්වීමකට පත්කරනවා නම්, ඇලීමෙන් – ගැටීමෙන් මත් කරන්න පටන්ගන්නවා නම්, ඒ පුද්ගලයා “පහාස නම් දෙවුලොව” උපදිනවා යන යම්කිසි කතාවක් ඇත්ද, ඒ දෘෂ්ටිය මිත්‍යාදෘෂ්ටියක්, සිද්ධවෙන එකක් නෙමෙයි. යම් කෙනෙක් ඒ මිත්‍යාදෘෂ්ටිය අත නොහැර ඒ දෘෂ්ටියෙහි, ඒ ලබ්ධියෙහි රැඳිලා හිටියොත් එයාට සිද්ධවෙනවා අපාගත වෙන්න. ඔහුට නිරය හෝ තිරිසන් යෝනිය යන මේ දෙකෙන් එකක උපතක් වෙනවා, කියලා පණවනවා; කියලා පෙන්නුවා. ඒ නිසා ඇත්තෙන් හෝ වේවා, බොරුවෙන් වේවා, ඇලීමට, ගැටීමට, මුළාවට පත්කරන වැඩක් කරනවා නම් යම්කිසි කෙනෙක්, නළුවෙක්, ඒ හේතුව නිසා ඒ දේ සිද්ධවෙන්නෙ අවැඩක්. අන්න ඒ නිසා ඒක පාපයක් කියලා පෙන්නනවා.
දැන් නටන අය, ගී කියන අය, බොහොම පරිස්සම් වෙන්න ඕණෑ. ඒකෙ වරද, වරද හැටියට දැක්කෙ නැත්නම් එයාට සිද්ධවෙනවා කොච්චර ලෝකයක් සුන්දරත්වයට ඇළුම් කළත්, ලෝකයා රාගයට ඇළුම් කරනවා, ද්වේෂයෙන් දැවි දැවී ඉන්න එපා කිවුවට ඉන්න බෑ, කැමතියි ඒකට. ඒ කැමති වන නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක් වෙනවා. එතකොට ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා, කියල පෙන්නනවා.
ඒ නිසා ඒ අයට සිද්ධවෙනවා ඒකට ගැළපෙන පාපකර්මයක් ගොඩනඟාගන්න. හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා. ඒකෙ විපාකය ඔහු මේ අත්බවයේ යම්කිසි හරියක් විඳින්න තියෙනවද, ඒක විඳිනවා. සමහර වෙලාවට මතු භවයක කවදහරි ඒකෙ ඉතුරුටික විඳින්න පුලුවන්. ඒක “ඒකාන්තයෙන්ම” ඊලඟ භවයෙ විඳින්න වෙනවා කියලා එහෙම නිගමනයක් කරන්නෙ නෑ. මොකද සමහර කෙනෙක් එබඳු පවු කර කර ඉඳලා, මරණෙන් පස්සෙ බලනකොට එයා සුගතියෙ ඉන්නව පේනවා. ධර්මඥානයෙන්, ධර්මාවබෝධයෙන්, ඒ ධර්මය පිළිබඳ විග්‍රහ කිරීමේ ඥානය, තේරුම්ගන්න පුළුවන් ඥානය ඇති නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා දෙවුලොව උපන්නෙ අර කරගත්ත පවු වලින් නෙමෙයි, ඒ අවසාන මොහොත වෙනකොට ඔහුට යම් සුගතියකට හේතුවන්නාවූ යම් පිනක් දහමක් මතුවෙලා, එහෙම එකක් ආවනම් එහෙම අර කරගෙන තිබිච්ච පවු ටික පසුපසට ගිහිල්ලා, ඊලඟ අත්බැව සුගතියට යන්න පුලුවන්.
නමුත් මේ ධර්ම ප්‍රභේධය දකින්නෙ නැතුව, දැන් “මහා විභංග සූත්‍රය” කියන, “මහා කම්ම විභංග සූත්‍රය” කියන එකේ හොඳට පැහැදිලි කරනවා එහෙම. ඒ කාරණය තේරුම්ගන්න බැරි සාමාන්‍ය ලෝකයා, පුද්ගලයා ජීවත්වෙච්චි හැටි බලලා එයා දෙවුලොව ඉන්නව දැක්කොත් “මෙයා මෙහෙම පිං කරලා තියෙන්න ඇති, ඒකයි මේ… ඒවා පිං වෙන්නැති, ඒකයි මේ දෙවුලොව ගියෙ” කියලා මෙහෙම දෘෂ්ටියකට බහිනවා. ඒ දෙවුලොව යන්න වෙච්චි හේතුව අනික් අය දකින්නෙ නෑ. සමහර අය පවු කරගෙන ඉඳලා, දෙවුලොවට ගියාට පස්සෙ සාමාන්‍ය දිවැසක් ඇති පුද්ගලයෙකුත් ඕක දැක්කොත් එහෙම, “පවු කළාට කමක් නෑ, අපායෙ යන්නෙ නෑ, ඒවා පවු වෙන්න බෑ, එහෙනම් කොහොමද දෙවුලොව ගියෙ?” කියලා ඔය දෘෂ්ටියට වැටිලා එහෙම නිගමනයක් කරනවා. එහෙනම් “පවු වලට විපාක නෑ” කියලා දෘෂ්ටියක් ලෝකෙට ඇතිකරනවා කියලා පෙන්නනවා එතකොට.
අර “මහා කම්ම විභංගය” කියල කියන්නෙ හරියටම, සියලු ආකාරයෙන් සූක්ෂමව බෙදල බලන්න පුළුවන් ඥානයක් ඇති බුදුරජාණන් වහන්සේ තමයි දකින්නෙ ඒ පවු කර කරා හිටපු මිනිහ දෙවුලොවට ගියෙ මොකෙන්ද, දැන් උන්වහන්සේ දකිනවා, පවු වලින් ගියා නෙමෙයි, කරපු පවු වලින් ගියා නෙමෙයි, සසර කරන ලද, නැත්නම් ඊට බලවත් පුණ්‍යකර්මයක් එහෙම තිබිලා, එය සිහිවෙලා, ඒක විපාක දෙන්න ආවනම්, ඔහුට ඊලඟ අත්බැව සුගතියක් ලැබෙනවා. හැබැයි ඔහු කරගත්ත යම්කිසි පාපයක් ඇත්නම්, මෙළොවදි විඳින්න කොටසක් ඇත්නම් ඔහු මෙළොවදි විඳිනවා. ඊටපස්සෙ ඊලඟ භවයට ගත්තෙ නැත්නම්, පසු අන්‍යතර භවයකදි ඒක විඳින්න ඉඩ තියෙනවා. “පාපයට විපාකය පාප විපාකයක්ම මිසක් සුගති විපාකයක් වෙන්න නෑ” කියල පෙන්නනවා.
ඒ වගේ දැන් වුනත් නළුවෙක්, නිළියක් රඟපාමින් ඉඳලා මැරිල ගියාට පස්සෙ ඒකාන්තයෙන් එයා අපායෙ කියන්න බෑ. ඔය රඟපපා ඉඳලා එහෙනම් කාලයක්, අවුරුදු හැට හැත්තෑවක් ගියාට පස්සෙ, රඟපාන්න බෑ නාකි වුනාට පස්සෙ, ඔක්කොම අත්හැරලා දාලා එයා බහින්න පුලුවන් යහපත් පැත්තට. එයාගෙ මරණයෙදි වැඩියෙන් ඒ යහපත් පැත්ත හිටියොත් එහෙම අර කරපු පාපය ඵලදෙන්න ඉස්සෙල්ලා අර කරපු යහපතේ, කුසළයේ පින මතුවෙලා එයා සුගතියට යන්නත් පුලුවන්, මිනිස් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක දකින්නෙ නැති ලෝකයා හිතනවා “ඉතින් රංගනය කළාට, නාට්‍යය කළාට කමක් නැහැ, එයාට සුගතියක් තියෙනව නම් ඒකෙ පාපයක් තිබිල නැහැනෙ” කියලා සාමාන්‍යය ලෝකයා නිගමනයකට බහිනවා.
ඉතින් ඒ නිසා දකින්න ඕනෑ, යමක් නිසා ලෝකයා රාගයෙන් රත් කරනවනම්, ද්වේෂයෙන් දවනවනම්, මෝහයෙන් මුළා කරනවනම්, ලෝකයට අවැඩක් කරන්නෙ. ඒ සඳහා සිතිවිලි, ක්‍රියා, වදන් යම් කෙනෙක් ක්‍රියාත්මක කිරීම නිසා ඒක කළා නම්, චේතනා වශයෙන්ම ඔහු එතෙන්ට සම්බන්ධයි. අනුන් පාප දෘෂ්ටියට ඇද දමාපු පාපයට ඔහුට සිද්ධවෙනව පාපයට හිමිකාරයෙක් වෙන්න. හැබැයි ඒ පාපය නම් මරණාසන්න මොහොතක මතුවෙලා ආවෙ, ඔහුට තිරිසන් හෝ නිරයට යන්න හේතුවෙනවා. ඒක දැකගන්න ඔනෑ ඉතින් ඒ විදිහට.
{ 0:09:15 } : ලෞකික සහ ලෝකෝත්තර තිසරණ සරණාගමනය…
(ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයකුගේ පැණයක් කියවා පිළිතුරු දෙති) මේ “බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සඟුන් සරණ යමි” මෙහි “සරණ යාම” නම් කිනම් ආකාර දැයි පහදල දෙන්න..
දැන් මේ සරණ යාම ගැන අපි ඔයිට ඉස්සෙල්ලත් විග්‍රහකරල තියෙනවා. ලෞකික සරණ යාමක් තියෙනවා, ලෝකෝත්තර සරණ යාමක් තියෙනවා. ලෞකික සරණ යාමක් තුළ, මොකද ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ කියන එක නිවන් දැකීමට පමණක් සීමා කරලා නෑ. ලෞකික යහපතක් ගන්න, ලෞකික සුගතිගාමී ගුණ ඇතිකරගන්නත් බුදු පිළිසරණ, දම් පිළිසරණ, සඟ පිළිසරණ කියන මේ තුනේ ආශිර්වාදයක් තියෙනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ කරගත්තෙ මොනවටද? ඒක ඒ ඒ පුද්ගලයා සතු නිගමනයක්. හරියට ධර්මාවබෝධය ලබාගෙන, “මේ ලෝකෙ අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” කියන කාරණය තේරුම් අරගෙන ඒ තැනැත්තට ඕනැකමක් එනවා “මට ඒ අනිච්ච වූ, දුක්ඛ වූ, අනත්ථ වූ ලෝකයෙන් මිදෙන්න ක්‍රමයක් තිබුණා නම් කොච්චර හොඳද” කියලා. අන්න එයාට ඒකට ප්‍රශ්නයක් අරගත්තොත් නියම ආර්ය සත්‍යයට හේතුවන්නාවූ බුදුරජාණන් වහන්සේගේ ලබාගන්නාවූ ශක්තිය ඒකට ආධාරයක් කරගන්නවා. මෙන්න මේකට කියනව “ලෝකෝත්තරානුගමනයට හේතුවෙන තිසරණය“.
“භයක්, තැතිගැන්මක්, ලොමුදැහැගැන්මක් ඇතිවුනොත් මාව සිහිකරන්න, ඔබලගෙ බය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් නැතිවෙලා යනවා” කියලා ධජග්ග සූත්‍රයේ ආදියේ පෙන්වල තියෙනවා. ඉතින් අපිට භයක්, තැතිගැන්මක්, ලොමුදැහැගැන්මක් ඇතිවෙනකොට බුදුන් සිහිකරන්න, දහම් සිහිකරන්න, සඟුන් සිහිකරන්න කෙනෙක් පුරුදු වුනොත්, ඒ පුද්ගලයගෙ පරමාර්ථය “මේ ලෝකෙ ජීවත්වෙන මට භයක්, තැතිගැන්මක්, කරදරයක් ආපුහම පිළිසරණක්” කියන එකයි, ඒකනම් බලාපොරොත්තුව, ඔහුට ඒ ලෞකික පිළිසරණට හේතුවෙනවා. එයාට ඒක නිවන් දකින්න හේතුවෙන එක නෙමෙයි, ලෞකික පැවැත්මේ පිළිසරණකට ඒක හේතුවෙනවා. ඒකට කියනව “ලෞකික සරණාගමනය“.
ඉතින් ලෝකෝත්තර සරණාගමනය එකක්, ලෞකික සරණාගමනය එකක්. ඉතින් “බුදුන් සරණ යමි” කියල කියනකොට, “දහම් සරණ යමි, සඟුන් සරණ යමි” කියනකොට, ඒ වචනෙන් නෙමෙයි ඒක ගන්න ඕනෙ, ගත්ත අදහසින්. බුදුන් සරණ යන්නෙ මොනවා කරගන්නද? “මට මේ තියෙන භය, තැතිගැනුම්, දුක් දොම්නස් දුරුකරගන්න, කරදරයක් දුරුකරගන්න පිළිසරණක් වශයෙන් මම බුදුන් සරණ යනවා” කියලනම් ගත්තෙ, එයා නිවන මුල්කරගෙන සරණ ගිය එක්කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම සරණක් නැත්තෙ නෑ, එහෙම ක්‍රමයකුත් තියෙනවා. දැන් අපේ ධර්මයේ ඔයවගේ දෙයක් පෙන්වල තියෙනවා එක තැනක විස්තරයක්, බෞද්ධ දරුවෙකුයි, තවත් මිත්‍යාදෘෂ්ඨික කුලයක දරුවෙකුයි, මේ දෙන්නා සෙල්ලම් කර කරා ඉන්නකොට, එක්තරා සෙල්ලමක් කරනවලු, ඔය අපි “ජිල් ගහනවා” කියන්නෙ, ඔන්න ඔයවගේ වැඩක්. ඒ සෙල්ලම කරනකොට මොකද කරන්නෙ, එක ළමයෙක් “නමෝ බුද්ධාය!” කියල ගහනවලු, අර බෞද්ධ ළමයා. හැමදාම එයා දිනනවලු, අර ළමයා පැරදෙනවලු. දැන් ඔය ළමයා වෙන මොකුත් බුදුදහම ගැන දැනගෙන හිටියෙ නෑ.
ඒ මිත්‍යාදෘෂ්ඨික කුළයෙ ළමයයි, ඒ ළමයගෙ පියයි සැවැත් නුවරට ඇතුල් වුනාලු එක් අවස්ථාවකදි මොනවහරි අවශ්‍යය කරන බඩු බාහිරාදිය ගන්න. හරියට හය වෙනකොට නගරද්වාරයේ දොරක් තියෙනව, ඒ දොර වහනවා. අද වගේ විවෘත නැ, හයෙන් පස්සෙ ආයි ඊලඟ දවසෙ හය වෙනකල් ආයි දොර අරින්නෙ නෑ. මොනවහරි බඩුවක් ගේන්න ඇවිදිල්ලා, අමතකවෙලා, පුතාට “පොඩ්ඩක් ඔතන එළියෙන් ඉන්න, මම ඉක්මණට එනවා” කියලා ඇතුලට ගියා තාත්තා. ඇතුලට යනකොට හරියට හයයි වෙලාව, වැහුවා දොර! දොර වහපුහම ඒ කාලෙ තියෙනව, නගරද්වාරය අධිපති යක්ෂයින්ට භාර කරලා ආරක්ෂා කරන්න. ඒවා ඒ කාලෙ තිබිච්ච ලෞකික ක්‍රම. වැහුව තැන් පටන් ඒකට යක්ෂයො අරක් ගන්නවා. උන්ට දොළ පිදේනි දීලා, ඒ විදිහට කරලා හදාගන්න එක්තරා ගුප්ත ක්‍රමයක් ඒක.
දැන් මේ වෙලාවෙදි අර ළමය මොකද කරන්නෙ, දොරට හේත්තුවෙලා හිටියා. දැන් තාත්තා ඇතුළෙ, පුතා එළියෙ. වෙන කරන්න දෙයක් නෑ, යන්න පාර දන්නෙත් නෑ. අර දොරට හේත්තුවෙලා හිටියා, එහෙමම නිදාගත්තා. ඔය අතරෙ අර තදබල යක්ෂයා, අර දොරට අධිගෘහිත වුනු යක්ෂයෙක් මේ ළමයා බිලිගන්න බලාපොරොත්තුවෙන් එතෙන්ට ආවා. මේ ළමයා එකපාර බයවුනා මේ අමනුශ්‍යයා දැකලා. මෙයාට වෙන කරන්න දෙයක් නෑ, දැන් තාත්තත් නෑ බේරෙන්න, මොකුත් නෑ, දැන් තමංගෙ යාළුවා ජයග්‍රහණය ලබන්න කරපු දේ, “නමෝ බුද්ධාය!” කියපු එක මතකයි. “නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය!” කියාගෙන ගියා අර ළමයා. අර යක්ෂයා වෙවුලන්න පටන්ගත්තලු අර වචනෙ ඇහෙනකොට. මොහොතකින් පියාගෙ වෙස් මවාගෙන එතෙන්ට ඇවිදිල්ලා ඉඳලා, එළිවෙනකල් ඉඳලා ළමයා ආරක්ෂා කරලා, පාන්දර යන්න ගියාලු.
ඔන්න දැන් ඕක ලෞකික පිළිසරණකටත් බුදු සරණ භාවිතා කරගත්ත තැනක් අර ළමයා. ඒ ළමයා එයින් එහා දෙයක් දන්නෙ නෑ. නමුත් “භයක්, තැතිගැන්මක්, ලොමු දැහැගැන්මක් ඇතිවුනහම, බුදුන් සිහිකරහම ඒක නැතිවෙනවා” කියන ඔය වචනයෙ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඉතින් ඔය වචනෙ අරං ආපු අපේ පිරිසට කවුරුහරි ගහන්න එනකොට “බුදු අම්මෝ” කියලා කෑගහන්න පටන්ගත්තා. ඒ අම්මට නෙමෙයි, “බුදු අම්මට” කෑ ගැහුවෙ. “අමා මෑණියන් වහන්සේ” කියලා අපි බුදුරජාණන් වහන්සේට කියන්නෙ. ඒ නම සිහිකරනාවූ පුරුද්ද තමයි පාරම්පරිකව අපේ පිරිස් වලට අදත් මතුවෙලා ඒ වගේ බයක්, තැතිගැන්මක් ආපුවම ඔහොම වචනයක් මතක්වෙලා කෑගහන්නෙ. බොහෝ අය “බුදු අම්මෝ!” කියල කෑගහනවා. ඒ කියන්නෙ බුදුන් සිහිකළා කරදරයක් වෙන වෙලාවට. ඉතින් ඔය වචනෙත් තියෙනව සහනයක්, ඒ ලෞකික පිළිසරණක් තියෙනවා. දැන් ඔය කැක්කුමක් එන වෙලාවට “අම්මෝ!, බුදු අම්මෝ!” ඔය විදිහට කෑගහනකොට අර කැක්කුම ඉවසගන්න පුලුවන් හැකියාවක් එනවා. ඒක හොඳට තේරෙනවා ඒ වගේ රිදෙන්න කෙඳිරිගාන වෙලාවක “කට වහපිය!” කියල කට වහලා හිරකරල එහෙම තිබ්බා නම් එහෙම අර වේදනාව ඉහ මුදුන් කරා යනවා වගේ දැනෙනවා. අර වචනෙ කියවෙනකොට සහනයක් තියෙන බවත් හොඳට අත්දැකීමෙන් තේරෙනවා.
ඉතින් ඉස්සර කතා කළා ලෞකික වශයෙනුත් පිළිසරණ වෙන්න යම් වැඩිහිටි අයට. කරදරයක් ආපුහම අයියට කතාකරනවා. බාල සහෝදරයා කරදරයක් වෙනකොට වැඩිමහල් සහෝදරයගෙ ගුණ හිතනවා. “අයියේ, අයියේ!” කියන එක තමයි “අයියෝ, අයියෝ!” කියන්න පටන්ගත්තෙ. කරදරයක් වෙනකොට “අයියෝ, අයියෝ!” කියන්න පටන්ගත්තා. “අනේ අප්පේ, අනේ අප්පේ!” කියලා තාත්තට කතාකරන්න පටන්ගත්තා. “අනෙ අම්මේ, අනෙ අම්මේ!” කියලා අම්මට කතාකරන්න පටන්ගත්තා. ඔය අතරෙදි බෞද්ධයො, ඒ අම්මා ඇරෙන්න ඊට වඩා ලොකු අම්මෙක් හම්බෙලා, “බුදු අම්මා” හම්බෙච්චි නිසා “බුදු අම්මෝ!” කියන්න පටන්ගත්තා. මෙන්න මේ වගේ එක එක්කෙනා එක එක විදිහට බයක්, තැතිගැන්මක් එනකොට, උතුමන් සිහිකරලා, වැඩිහිටියන් සිහිකරලා, ඒකට ප්‍රතිකර්මයක් කරගන්නවා. හැබැයි මේකෙ හරයක් නොතිබුණා නම් ලෝක සත්වයාට ගහනකොට, හිංගියක් – හිංසාවක් කරනකොට, බයක්, තැතිගැන්මක් එනකොට ඔය වචනය භාවිතා කරන සිරිතක් හිටින්නෙ නෑ. පොඩ්ඩක් හරි ඒකෙ සහනයක් මිනිස්සුන්ට දැනෙන නිසා තමයි හැම කෙනෙක්ම බයක්, තැතිගැන්මක් ආපුහම ඔයවගේ වචනයක් කියලා කෑගහන්න පුරුදුවෙලා තියෙන්නෙ. ඉතින් අන්න ඒ වගේ එක එක විදිහට තියෙනවා, එක එක්කෙනා කතාකරපු ක්‍රම.
ඉතින් මෙන්න මේ වගේ බුදුසරණ, දම් සරණ, සඟ සරණ කියන එක ලෞකික බයක්, තැතිගැන්මක්, ලොමුදැහැගැන්මක් ඇතිවුනහම පිළිසරණ කරගන්නත් පුළුවන්, ඒ එක ක්‍රමයක්. ඒ වගෙම යම්කිසි කෙනෙක් ඔය වචනෙ ගැඹුරු අර්ථ දැකලා, “යමක් කරනවනම් මම එක එක විශ්වාස වලට, කාටවත් කියන ඒවට කරන්නෙ නැතුව බුද්ධිය පිළිසරණ කරගෙන, බුද්ධිමත්ව ඒ ක්‍රමය තේරුම් අරගෙන, ඒ බුද්ධිමත්ව තේරුම්ගත්ත ක්‍රමයට අනුව කටයුතු කරලා ප්‍රතිඵලය ලබාගන්නවා” කියලා, කාගෙවත් පිළිසරණක් පස්සෙ යන්නෙ නැතුව, තමාගේ නුවණින්, යථාර්තය තුළින් ඔහු එන පුරුද්දක් තියෙනවා ඥානවන්තයින්ට. එහෙනම් ඥානවන්තයින්ගේ බුදු පිළිසරණත්, දම් පිළිසරණත්, සඟ පිළිසරණත් තිබුණා, ඔහු කරන කියන ඕනෙම දෙයක් ඊට අනුව සිහි නුවණින් හිතලා බලලා, තේරුම් අරගෙන, කටයුතු කරලා ඒකෙන් ජයගන්නවා, මෙන්න මෙහෙම හොඳ ක්‍රමයක්. මෙහෙමත් බුදු, දම් සඟ පිළිසරණක් තියෙනවා.
ඒ වගෙම තම තමන්ට යම් ප්‍රතිඵලයක් අවශ්‍යය නම් බුද්ධිමත්ව තීරණය කරනවා “ඒ ප්‍රතිඵලය ගන්න මම කාගෙවත් ආධාරයක් ගන්න ඕනැද?” ගන්න ඕනෙ නම් බුද්ධිමත්වම තීරණය කරනවා “ඒ ආධාරය ගතයුතුයි, මේක කාගෙවත් පිළිසරණක් නැතුව මටම හිතලා කරන්න පුළුවන්ද? එහෙනම් මම අනිකගෙ පස්සෙ යන්නෙ නෑ, ඒක මං ම හිතලා කරගන්නවා…” අන්න එහෙම තේරුම්ගන්න. ඉතින් බුද්ධියේ පිළිසරණක්ම තමයි, බුද්ධියෙන්ම තේරුම්ගන්නවා “මේක මට තනියම කරන්න බෑ. මේකට ඕනෙ විශේෂ කෙනෙක්, හොඳ නුවණ තියෙන කෙනෙක් ඕනෙ…” ඒකත් එයාගෙම බුද්ධියෙන් ගත්තු තීරණයක්. එයාටත් ඒ “බුදු පිළිසරණ” තියෙනවා.
දැන් නිවන් දකින්න ඕනෙයි කියලා දැනගත්තොත්, “ඒක මට තනියම කරගන්න බෑ, මම මාර්ගය දන්නෙ නෑ; සාමාන්‍යය කෙනෙක්ගෙන් අහලා ඒක හරියන්නෙත් නෑ, ඒ මඟ අනුගමනය කරලා ඒ අත්දැකීම් ලැබුව යම් උත්තමයෙක් ඇත්නම්, එබඳු උත්තමයෙක් තමයි ඒ ක්‍රමය දන්නෙ. එහෙනම් මම ඒ සඳහා බුදුන් තෝරාගන්නවා. උන්වහන්සේ දුන්න ක්‍රමය තමයි අපිට ඕක ලේසියෙන් තෝරගන්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා මම ඒ ක්‍රමය තෝරාගන්නවා නිවන් දකින්න, ඊටපස්සෙ මම එයට අනුව කටයුතු කරනවා” ඒකත් ගත්තෙ බුද්ධිමත් තීරණයක්. එහෙමත් බුදු සරණ, දම් සරණ, සඟ සරණ ගන්න පුළුවන්.
ඔය හැම ක්‍රමයකින්ම අරගන්නෙ මොකද්ද, “බුදු සරණ” කියන වචනෙ ගත්තහම ඒ සරණ ගන්න ක්‍රමය දැනගන්න ඕනෙ. ඒ සරණෙ කොටසක් ලෞකිකයි, කොටසක් ලෝකෝත්තරයි. “ලෝකෝත්තර සරණාගමනය සහ ලෞකික සරණාගමනය” කියලා ඕකට කියනවා. ඉතින් “බුද්ධං සරණං ගච්ඡාමි” කිවුව පළියටම එකම අදහසක් නෙමෙයි තියෙන්නෙ. අදහස් විවිධාකාරයි, වචන ඒකාකාරයි. ඔන්න ඔහොම තේරුම්ගන්න ඔනෑ ඒක. ඔය කියන ඒවා තේරෙන්නෙ නැත්නම් නැවත අහලා හරි ඒක තේරුම්ගන්න බලන්න.
{0:19:17} : උතුමන්ගෙ චරිත රඟපාන්න ගියොත් දොස් හිටිනවා
දැන් මේ “අර්ථයෙන් ධර්මයෙන් මිනිසුන් යහමඟට යවන හිමිනමකගේ චරිතයක් රඟපෑම පවක්ද, පිනක්ද?” දැන් මෙතෙනදි අපි දකින්න ඕනෙ යම්කිසි කෙනෙක්ගෙන් රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවෙන යම්කිසි කටයුත්තක් ඒ ආකාරයෙන් අයින්කරන්න පුලුවන් නම්, ඉතින් අපි කාගෙවත් එකක් ගන්න ඕනැද? කාගෙවත් චරිතයක් මොකටද අපි මතුකරගන්නෙ?
දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය මතුකරන්න සමතෙක් ලෝකෙ නැහැ. ධර්මානුකූලව යමක් රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට පෙන්වන්න යම් කෙනෙක් රඟපාන්න පුලුවන් බුදුරජාණන් වහන්සේගේ චරිතය. දැන් අපිට මෙතෙනදි එක පැත්තක් පේනවා, මිනිහට රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට හේතුවෙන දෙයක් හම්බෙනවා. ඒ පැත්තෙන් ඒක හරි. හැබැයි රඟපාන “තමා පෙනීහිටපු චරිතයට අනුකූල පුද්ගලයෙක්ද තමා? තමා එතෙන ඉඳලද ඒ නිගමනය කරේ? උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒක ගලපන්න බැරුව යනවා. ඒකෙදි දෝෂයක් එනවා.
දැන් ඕකට උපමා කතාවක් තියෙනව, එක මිනිහෙකුට කොටළුවෙක් හිටියලු, දැන් මේ කොටළුවට මොකද කරන්නෙ, කන්න බොන්න දෙන්න කරදරයි. ඒකනිසා මූට හොඳ වැඩක් කරන්න ඕනෙ කියලා සිංහ හමක් අරගෙන කොටළුවට පොරවලා. පස්සෙ මොකද කරන්නෙ, මේකා දකිනකොට මිනිස්සු පැනලා දුවනවා, සිංහයෙක් කියල හිතාගෙන. අරූ අර කුඹුරු වලට පැනලා හොඳට ගොයම් එහෙම කාලා යනවා. ඉතින් මිනිස්සු කල්පණා කරලා බැලුවා “මේකා පුදුම ජාතියෙ සිංහයෙක්නෙ, අනික් එවුන් මස් කන්නෙ, මූ ගොයම් කන්නෙ. අමුතු ජාතියෙ සිංහයෙක්නෙ” කියල බලලා මොකද කරන්නෙ එකපාරට ඔක්කෝම එක්කහුවෙලා ඔල්වරසන් දුන්නා “මේකා නම් සිංහයෙක් වෙන්න බෑ …” හැබැයි කිට්‍ටුවෙන්නත් බයයි මේ පිටින් තියෙන ස්වභාවය අනුව. ඔල්වරසන් දෙනකොට මොකද කරන්නෙ, සිංහයා නම් ඒ තත්වය නෙමෙයි, ඌ ඒවට කම්පා වෙන්නෙ නෑ. මේකා කොටළුවා හින්දා මහ හයියෙන් කෑගහලා, බයේ පැනලා දීවුවා. දුවනකොට පන්නලා අල්ලගත්තා, “මේකා සංහයෙක් නෙවෙයි, බලමුකො…” බලනකොට සිංහ හමක් පොරවල තියෙන කොටළුවෙක් කියලා හොඳටම තැලුවලු අල්ලගෙන.
මෙන්න මේ වගේ අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. දැන් මොකටද අපි සිංහ හමක් පොරවන්නෙ? අපිට පුළුවන් චරිතයෙන් අපේ ටික පෙන්නුවා නම් ඉවරයිනෙ. ඒ නිසා අනුන්ගෙ චරිත රඟපාන්න යනවා කියන එක හරි භයානකයි. මොකද හේතුව? අපි ඒ හතර විද්‍යාව දන්නෙ නැත්නම්, ඒ චරිතයට අනුකූල පුද්ගලයාගේ උතුම් ගුණාංගයට අනුකූලව ඔහුගේ ක්‍රියා කලාපයන්ගේ කෙස්ගහක වත් වෙනසක් වෙන්න බෑ. මොකද ගුණය තුළින් ක්‍රියාත්මක වෙන සෑම ඉරියවුවක්ම ඊට අනුකූලයි. රඟපාන්න යන මනුස්සයගෙ.
රඟපාන්න යනවනම් කෙනෙක්, එයාට ඒ ගුණය නැති කෙනාට, යන – එන, කරන – කියන සියලු කටයුත්තක් තුළම ඔහුගේ ගති ලක්ෂණයට අනුකූල රූපාකාරයයි ක්‍රියාත්මක වෙන්නෙ. ඔහු බලාපොරොත්තුවෙන රඟපෑමත් ඔහු විසින් ගොඩනඟාගත්ත, “උතුමන්ගෙ රඟපෑම මෙහෙමයි…” කියලා හදාගත්ත එකක් මිසක්, උතුමන්ගෙ උරුම රඟපෑම එතන සිද්දවෙන්නෙ නෑ, එයා හිතං ඉන්න එක සිද්දවෙනවා මිසක්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ස්වරූපය රඟපාන්න කෙනෙක් නෑ. දැන් උන්වහන්සේගේ ගුණයෙන් මතුවන සියලුම ක්‍රියාවලියන්, සියලුම කතා, සියලුම සිතිවිලි, සෑම ඉරියවුවක්ම අංශු මාත්‍රයක්වත් ඒ ගුණයෙන් පිට පනින්නෙ නෑ, ඒ ගුණයට අනුකූලයි. ඒ නිසා කෙනෙක්ගෙ චරිතයක් රඟපාන්න (තව)කෙනෙකුට බෑ. ඔහුගේ ගුණාංග යම්සේද, ඔහුගේ මුලු සිතිවිලි, ක්‍රියා, වදන් ඊට අනුකූල වෙනවා, ඊට ගැලපෙන එකක් වෙනවා. තව කෙනෙක් ඒක රඟපාන්න ගියොත් ඒ අති සියුම් තැන් එකක්වත් අල්ලගන්න බෑ ඒ විදිහට. එතකොට සිද්දවෙන්නෙ මොකද්ද, බලා ඉන්න මිනිස්සුන්ට “බුදුහාමුදුරුවො මෙහෙම කෙනෙක්” කියන හැඟීමක් එනවා. සමහර වෙලාවට ඒක බාදකයට සිද්දවෙනවා.
දැන් අපි හිතමු බැරිවෙලා හරි කෙනෙක් රඟපාන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙ චරිතය රඟපානකොට, කෑවා කඩියෙක් එහෙම කකුල. එකපාරට වචනයක් කියලා බැලුවොත් මොකක් වෙයිද? දෙයි හාමුදුරුවනේ, බුදුහාමුදුරුවොත් මොකක්හරි වුනහම අර පදේ කියලා බලනවද? ලෙස්සුවා කකුල, දැන් පුරුදුවෙලා තියෙන දේ ඉබේම කියවෙනවා, වචනයක් කියවිලා එකපාර ගැස්සිලා යනවා. ඔය චරිත ලක්ෂණය කවදාවත් ඒ උත්තමයන්ගෙ නෑ නෙ.
මෙන්න මේ වගේ චරිත රඟපාන්න ගියාම හරි අමාරුවක වැටෙනවා. ඔයිට ඔක්කොටම වඩා හොඳයි තමාගේ ස්වභාවික ගුණයෙන්, තමාගේ ස්වභාවයෙන්, තමන් දන්න දෙයින් ලෝකයාට යහපතක් කිරීම. ඔය රඟපෑමෙදි හරි භයානක දෙයක් වෙනවා. ඒ නිසා පුලුවන් තරම් දුරට අපි බලන්න ඕනෙ, තමාගේ තත්වය තමා ඒ ආකාරයෙන් මතුකරලා, තමා දන්න දේ තුළින් ලෝකයට යහපතක් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය. එක පැත්තක් හොඳ වගේ පේනකොට තව පැත්තකින් නරකක් වෙනවා. ඒ නිසා අනුන්ගෙ චරිත, එක එක්කෙනාගෙ චරිත ඒ ඒ හැඟීමට අනුකූලයි. ඒ නිසා තව කෙනෙක් ඒක රඟපාන්න ගිහාම සීයට එකක් විතර අල්ලන්න යනවා, සීයට අනූ නමයක් විතර එයා නොදැනුවත්වම ගිලිහිලා තමන්ගෙ චරිතය වැටෙනවා. එතකොට අර නියම යථාර්තය එන්නෙ නෑ. ඒවයෙ දොස් හිටිනවා, එහෙම නැත්තෙ නෑ.
{ 0:25:00 } : “බුද්ධ ප්‍රතිමා වහන්සේ” නෙමෙයි, “ප්‍රතිමා වහන්සේ” කියලා නිවැරදිව ගනිමු
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, බුදු පිළිම නියමිත ප්‍රමිතියට නෙළන්නෙත් නැත්තෙ ඔය හේතුව නිසානෙ?
(ස්වාමීන් වහන්සේ) : ඔවු, ඒක නිසානෙ ඒක කරන්නෙ. ඒ කියන්නෙ ඒ විදිහටම කරන්නෙ නැත්තෙ ඔය ප්‍රතිමාව, දැන් “බුද්ධ ප්‍රතිමාව” කියන වචනෙ ගන්නෙත් අද (වර්තමානයෙ). මුල් කාලෙ ගත්තෙ “ප්‍රතිමාව”. “පටිමා ගෘහය” කිවුවා මිසක් “බුදු ගේ” කිවුවෙත් නෑ මුළදි. “ප්‍රතිමාව” කිවුවා මිසක් “බුද්ධ ප්‍රතිමාව” කිවුවෙ නෑ මුල් කාලෙ. “බුදු පිළිම” කියන වචනෙ ගත්තෙ අද. “ප්‍රතිමා වහන්සේ” කියන වචනය දැම්මා.
“ප්‍රතිමා” කියන්නෙ තමන්ට පුළුවන් ආකාරයෙන්, තමා විසින් හැඩගහලා හදපු වස්තුවක් මිසක්, ඒකෙම තියෙනවා “මේ බුදුන් නෙමෙයි” කියලා. ඒ ඒ ගුණයක් හඟවන්න තමන්ට පුළුවන් යමක් ඇත්නම්, ප්‍රතිමූර්තියක් ඇතිකළා ඒ තුළින්. ඒ ප්‍රතිමූර්තිය වශයෙන්, ප්‍රතිමූර්තිය හැටියට කතාකළා, “පටිමා” කියලා කතාකළා මිසක් ඒකට “බුද්ධ” කියන කොටස දැම්මෙ නෑ. “කෙසඟක් තරම් ප්‍රමාණයක් වත් මේ ආකාරයි කියලා ගොඩනඟන්න බෑ” කියලා අපේ අටුවා වල තියෙනවා. “බුදුරජාණන් වහන්සේගේ කෙසඟක් තරම් ප්‍රමාණයක් වත් මෙන්න මේ ආකාරයි කියලා, ඒ ආකාරයෙන් පෙන්වන්න සමතෙක් තුන් ලෝකෙම නෑ” කියලා.
ඉතින් “බුදු පිළිම” කියන වචනය අපි අද භාවිත කරනවා, සමාජයේ ඒ වෙනුවෙන් වෙන්කරපු නිසා. ඒත් “ප්‍රතිමා” කියන වචනය තමයි ඕකට ගත්තෙ ඒ කාලෙ. “පටි” කියන්නෙ බැඳීම්, “මා” කියන්නෙ මිදෙනවා. බැඳීමෙන් මුදවපු ලක්ෂණයෙන් කියනවා “පටිමා – බැඳීමෙන් මිදුනු කෙනාගෙ ලක්ෂණය” පෙන්නන්න “පටිමාවක්” හදනවා. “පටිමා” කියන වචනෙ ගත්තෙ ඒකට. දැන් කෙළෙස් දුරුකරපු කෙනාගෙ ස්වභාවයක් පෙන්නන්න යම්කිසි කෙනෙක් මූර්තිමත් කරපු දේ තමයි “පටිමා” කියල පෙන්නුවෙ. ඉතින් ඒ නිසා ඒවා නියමාකාරයෙන් පෙන්වන්න බෑ. හැබැයි ඉතින් ඥානවන්තයො දැනගන්නවා, “සාමාන්‍ය පුද්ගලයෙක් තමාගේ මනසට ගෝචරවෙන මට්ටමෙන්, ඒ ගුණ පෙන්වන්න මෙච්චර හැකියාවක් තිබුණා නම්, අසමසම බුදුපියාණන් වහන්සේගේ, ගුණ පෙන්වන්න බැරි බුදුපියාණන් වහන්සේගේ නියම ගුණය, නියම ආකාරය කොච්චර ශාන්තද, ප්‍රණීතද?” කියලා පුද්ගලයා ඒ තුළින් මැනගන්නවා බුදුරජාණන් වහන්සේගේ ගුණ; ඒ තුළින් දැකගන්නවා.
අර මළියදේව රහතන් වහන්සේගෙ කාලෙදි, උන්වහන්සේ මළුව අතුගාලා ඉවරවෙනකොට මාර දිව්‍ය පුත්‍රයා වස්සෙක්ගෙ වෙසක් මවාගෙන මුළු හැමතැනම අවුස්සලා යනවලු. ඉතින් මේ අවස්ථාවෙදි “ඔබ හරකෙක් නෙමෙයි, ඔබ මාරයා නේද? ඔබ කවුද?”
ඒ වෙලාවෙ “මම මාර දිව්‍ය පුත්‍රයා” කියලා පෙනී සිටියලු.
“හොඳ වැඩක් මේකෙන් කරගන්න පුලුවන්, මේකා බුදුහාමුදුරුවො දැකලා තියෙන්න එපැයි එහෙනම්…, බුදුරජාණන් වහන්සේටත් අරවා මේවා කරන්න ගියානම්, බුදුරජාණන් වහන්සේ දැකලා ඇති හැටියට, මූට මවන්නත් පුලුවන්. කොච්චර දුරට මවයිද කියලා බලන්න උපක්‍රමයක් යොදන්න ඔනෑ” යි කියලා “මට නම් පිළිගන්න බෑ උඹ මාරයා කියන එක ඇත්ත කියලා, එහෙනම් මාරයා බුදුන් දැකලා තියෙන්න එපැයි, උඹ දැකලා තියෙනවද?”
“ඔවු, දැකලා තියෙනවා..”
“ඒ වුනාට මං පිළිගන්නෙ නෑ, මවලා පෙන්නපන්! කොහොමද හැටි කියලා බලන්න…”
මැවුවා රූපය, ඒ රූපෙ දැක්කහම ඇතිවුන ශාන්තිය කොච්චරද කියනවා නම්, පුදුම ශාන්තියක් මාරයා මවපු බුද්ධ රූපය. “රාග සහිතවූ, ද්වේෂ සහිතවූ, මෝහ සහිතවූ මේ මාර දිව්‍ය පුත්‍රයට මෙච්චර ශාන්තව පෙන්වන්න පුලුවන් නම් බුදුරජාණන් වහන්සේගෙ රූප ස්වභාවය මෙහෙමයි කියලා, ඒ රූපෙත් මෙච්චර ශාන්ත නම්, වීත රාගීවූ, වීත දෝසීවූ, වීත මෝහීවූ, තථාගතයන් වහන්සේගේ කෙබඳු ස්වභාවයක් තියෙන්න ඇත්ද…” කියලා අන්න බුද්ධ ප්‍රසාදය ඇතිකරගත්තා. උන්වහන්සේට අඩුපාඩුව තිබුණෙ ප්‍රීති සම්බොජ්ඣංගය එතනින් සම්පූර්ණ වුනා, උන්වහන්සේ අරිහත්වයට පත්වුනා. මාරයා එතනින්ම යන්න ගියාලු “මගේ උපක්‍රමයෙන් මම මයි පැරදුනේ..” කියලා.
මෙන්න මේ වගේ අපිටත් පුලුවන් දැනගන්න, බුද්ධ සංඥාවක් උපදවන්න රූපයක් හදනකොට යම්කිසි කෙනෙක්, “රාග සහිතවූ, ද්වේෂ සහිතවූ, මෝහ සහිතවූ සාමාන්‍යය පුද්ගලයකුටත් මෙන්න මෙච්චර ශාන්තියකින් පෙන්වන්න පුළුවන් නම්, උන්වහන්සේගේ නියම ස්වරූපය, වීතරාගී, වීතදෝසී, වීතමෝහී උන්වහන්සේගේ නියම ස්වරූපය කොච්චර ශාන්තද, කොච්චර ප්‍රණීත ඇත්ද?” කියලා අසීමිත ගුණයක් සිහිකරගන්න ඒකෙනුත් පුළුවන්. මේ විදිහට බුදුගුණ සිහිකරගැනීමේදී හැකියාවක් ලැබෙනවා ඒ ක්‍රමයට ලබාගන්න.
“අනේ බලන්නකො, බුදුරජාණන් වහන්සේගෙ ලස්සන කොහොම තියෙන්න ඇත්ද, මේ බුදුරජාණන් වහන්සේගෙ රූපෙනෙ…” කිවුවොත් අන්න අපේ නොදැනුවත්කම නිසා, අවිද්‍යාව නිසා අර උතුම් වැඩක් කරගන්න තිබිච්ච අවස්ථාව ඉක්ම ගිහිල්ලා වෙනස් පැත්තකට බහිනවා. එහෙනම් බුද්ධ රූපයක් දැක්කම, අවුකන පිළිමෙ හරි දැක්කම අපි එකපාරට “බලන්නකො බුදුරජාණන් වහන්සෙගෙ ස්වභාවය” කියලා ගන්නෙ නැතුව අපි දකින්න ඕනෙ, “රාග, ද්වේෂ, මෝහ සහිතයෙක් විසින් නිර්මාණය කරන ලද රූපය තුළ මෙච්චර ශාන්තියක් මතුකරන්න පුළුවන් නම්, වීතරාගී, වීතදෝෂී, වීතමෝහී බුදුපියාණන් වහන්සේගේ නියම ස්වභාවය කොයි තරම් ශාන්තද, කොච්චර ප්‍රණීතද…” අන්න එහෙම බලනකොට පේනවා, කෙනෙකුට මණින්න බැරි බුදු ගුණය තමන් උපක්‍රමයෙන් එතෙන්ට යහපතට ගත්තා. අන්න එහෙම ක්‍රම අපි දැනගන්න ඕනෙ.
{ 0:30:26 } : අටපිරිකර පූජාවක වටිනාකම
(ස්වාමීන් වහන්සේ වෙත ලැබුණු පැණයක් කියවති): මේ පිංකමකදී අටපිරිකරක් පූජා කිරීම හා අවශ්‍යතාවය සළකා බලා වෙනත් දෙයක් පූජා කිරීමේදී ලැබෙන ආනිසංස කිනම් ආකාරයකදැයි පහදා දෙන්න.
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): දැන් මෙතෙන්දි අපි දැකිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. දැන් මේ යම්කිසි වැඩක් කරනකොට ඒ ඒ වැඩෙන් ලැබෙන්නෙ කෙබඳු ඵලයක්ද කියලා හේතුවට අනුකූලව ඵලය දැකීමේ හැකියාව අපි පුරුදු කරගන්න ඕනෙ. බෞද්ධයෙක් හැටියට අත්‍යාවශ්‍යයම දෙයක් ඕක. පිං – පවු හඳුනාගන්න මේ කියන ක්‍රමයෙ යන්නෙ නැතුව, හේතුවයි ඵලයයි හඳුනාගන්න තැනට පත්වෙන්න ඕනෙ. එතකොට හේතුව යම්සේද, ඵලය ඊට අනුකූලයි, ඒකයි රටාව. දැන් අටපිරිකරක් පූජා කරනවා කිවුවොත් මං ඒ කරන ක්‍රියාව කරන්නෙ කුමන හේතුවක් උඩද? ඒක අපි දැකල තියෙන්න ඕනෙ.
ජීවමානව වැඩසිටින බුදුරජාණන් වහන්සේට හෝ සංඝ රත්නයට අටපිරිකරක් පූජා කරනවනම් අපි දන්නවා ඒක සිවුපස පූජාවේ අග්‍රම පූජාව. ඒ වගේම භික්ෂූන් වහන්සේ නමකට අත්‍යාවශ්‍යය වෙන කොටස් අටක්ම එක් කරලා කරන පූජාව. උන්වහන්සේගේ ජීවන පැවැත්මට අත්‍යාවශ්‍යය කොටස් අටක් එකතුකරලා කරන පූජාව. එහෙම අවස්ථාවක් අපිට ලැබෙනවනම් ලොකු වාසනාවක්. ජීවමානව වැඩ ඉන්න බුදුපියාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේනමක් හෝ සංඝ රත්නයට එබඳු අටපිරිකරක් ජීවමානව වැඩ ඉන්නකොට පූජාකරන්න ලැබෙනවනම් ඒක සිවුපස පූජාවන්ගේ ඇති උත්තම පූජාව. ඒකෙන් විශාල ප්‍රයෝජනයක් උන්වහන්සේත් ලබනවා.
ඒ නිසා එබඳු පූජාවන්හිදී පුද්ගලිකව භාරගත්තා නම් එක අටපිරිකරයි එක භික්ෂූන්වහන්සේ නමකට, දෙකක් ගන්නත් විදිහක් නෑ. පරිහරණයට, ප්‍රයෝජනයට ගන්නවනම් එක අටපිරිකරයි. හැබැයි සංඝයා උදෙසා පූජා කරනවනම්, ලක්ෂ කෝටි ගාණක් හරි පූජාකරලා තිබ්බහැකි. හැබැයි සංඝයා උදෙසා කරන පූජාවක් බාරගන්න නියෝජිතයෙක් වශයෙන් සංඝයාවහන්සේ නමක් ඉදිරිපත් වෙනවා. උන්වහන්සේ නියෝජනය කරලා ඒක සංඝයා උදෙසා පූජා කරලා පැත්තකින් තියනවා. “ඔන්න, සංඝයා උදෙසා පූජා කරපු එක…” සංඝයාට අයිතියි. ඊටපස්සෙ සංඝයාගෙනුත් සුදුසු කෙනෙක් ඇත්නම් ඒක ගන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒකත් වැදගත් පූජාවක්, සංඝයා උදෙසා කරන පූජාව. ඒක, සාංඝිකමය දාන පූජාවක් වෙනවා ඒකත්.
ඉතින් ඒවගේ නැති කාලෙක තවත් ක්‍රමයක් තියෙනවා. අර “මනෝමය වශයෙන් කරන පූජා”. ඒකත් එක්තරා විදිහක පුණ්‍ය රටාවක්. විශාල පිං බලයක් ඒකෙත් තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් තුළ අපි අෂ්ට පරිශ්කාර පූජාවක් කරල කරනවා. එහෙනම් ඒකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද, අපිට ලැබෙන්නෙත් ඊට අනුකූල ප්‍රයෝජනයක්. ආර්ය මාර්ගය අනුගමනය කරන්නාවූ උතුම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට අෂ්ට පරිශ්කාරය අත්‍යාවශ්‍යය දෙයක් වෙනව, තමාගේ පැවැත්මට අත්‍යාවශ්‍යය කොටසක්. ඒ ආර්ය මාර්ගය වඩන්නාවූ උත්තමයන් වහන්සේ නමකට අත්‍යාවශ්‍යය කොටස් අට සපයලා දුන්නා නම්, උන්වහන්සේට ඉතුරුටික, උන්වහන්සේ සළකන්නෙත් අතිරේක ලාභ වශයෙන්. ඒ වගේ ලැබෙන හරිය හොඳටම උන්වහන්සේට ඇති. මදි නොකියන්න ඇති හරියක් තමයි භික්ෂූණ් වහන්සේ නමකට අටපිරිකරක් සම්පූර්ණයෙන් දුන්නොත් උන්වහන්සේගේ ජීවිතයට අවශ්‍යය කරන ප්‍රධාන අංග ටික උන්වහන්සේට සැළසෙනවා. අල්පේච්ඡ ජීවිතයක් නිසා “මට මේ ටික මගේ ගමන යන්න, මේ ටික තිබුණත් ඇති” යි කියන්නාවූ සැනසීමට බහිනවා.
අන්න අඩුපාඩුවක් නැතුව සම්පූර්ණ කරලා දුන්න ගතිලක්ෂණය නිසා ඒකෙ පින ක්‍රියාත්මක වෙන්නෙ තමන්ටත් හේතුවට අනුකූලවයි. කවදා හරි ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමේදී විශාල නිදහස්, ශාන්ත ස්වභාවයකින් බාහිර බාධක වලින් තොරව මාර්ගය පූර්ණය කරගන්න අවශ්‍යය කරන සියලු පහසුකම් සැළසෙන්න හේතුවක් වෙනවා. ඒක තමයි ඒකෙ තියෙන විශේෂත්වය. ලොවුතුරා බුද්ධ සාසනයක ඉඳන් අරිහත්වයට පත්වෙන්න හේතු වාසනා තිබුණෙ, ආයි “අටපිරිකර ගිහින් හොයාගෙන එන්න” කියලා වචනෙ කියන්න දෙයක් නෑ, “මහණ මෙහි එන්න” කියනකොටම “ඒහි භික්ෂු” භාවයෙන් මහණකම ලැබිලා අටපිරිකර සම්පූර්ණ වෙලා උන්වහන්සෙලට එනවා, මැවිලා එනවා. ලෝකයේ සතර මහා භූතයන්ගෙන් මැවිලා, නිෂ්පාදනය වෙලා එන මහා පුණ්‍ය ශක්තියක් තියෙනව ඒ අටපිරිකර පූජාවෙ. එහෙනම් “ඒහි භික්ෂු භාවයෙන්” මහණ කරපු භික්ෂූන් වහන්සේලාට සිවුරු, පාත්‍ර සියල්ල මැවිලා ආවෙ. “මහණ, මෙහි එව!” කියනකොටම හැට වස් පිරුණු මහ තෙරනමක් වාගෙ සිවුරු පෙරවිලා, පාත්‍ර ලැබිලා, ඒ ආකාරයෙන්ම පූර්ණ වෙලා ඉස්සරහට එනවා. මැවිලා ආවා ටක්ගාලා, මොහොතකින්. මෙන්න මෙහෙම හේතු වාසනාවක් තියෙනවා, පුණ්‍ය සෘද්ධියක් ලැබෙනවා. ඒ නිසා ඒ අයට අටපිරිකර හොයන්න යන්න දෙයක් නෑ, එහෙම හේතු-වාසනාව. ඉතින් ඒ නිසා ඒ වගේ ක්‍රමයක් තියෙනවා, ඒ වගේ කාලෙක වුනොත්.
අන්න ඒ කාලෙක නම් එයාට කවදාවත් ඒ අවශ්‍යය කරන පහසුකම් සළසලා දුන්න පිනෙන් නිවන් මඟට බාධා පැමිණෙන්නෙ නෑ. ගිහිව හිටියත් ඒ අවශ්‍යයතාවයන් සම්පූර්ණ වෙනවා, රැකවරණ ලැබෙනවා, බාදක, කරදර දුරුවෙනවා. මේ ශීත-උෂ්ණ දුරුකරගන්න යමක් දුන්නා නම්, ශීතයෙන් – උෂ්ණයෙන් පීඩාවක් ඇති නොවන විදිහේ පරිසරයක් ඔහුට ලැබෙනවා. අවශ්‍යය කරන ඇඳුම සම්පූර්ණයෙන් දුන්නා නම් කිසි දවසක ඇඳුමෙන් හානියක්, ඇඳුමෙන් අග-හිඟයක් වෙන්නෙ නෑ. පිණ්ඩපාත කරගන්න අවශ්‍යය කරන පාත්‍රය දුන්නා නම්, මොන විදිහෙන් වත් තමන්ට අවශ්‍යය සුඛෝපභෝගීත්වයට බාදකයක් වෙන්නෙ නෑ. “නැත” යන වචනයක්, “අහවල් දේ මට නෑනේ” කියලා වචනයක් අහන්න නැති හැකියාවන්, ශක්තීන් ලැබෙනවා, අනුකූල පුණ්‍ය සෘද්ධි. ඒ ස්වභාවයක් ඒකෙ තියෙනවා. ඒ වෙනුවෙන් කරන උපහාර පූජාවක් කළත් චිත්ත ප්‍රසාදය නිසා විශාල පිනක් ඒකෙන් ලැබෙනවා.
ඉතින් ඒ නිසා එබඳු පිනක් කරගන්න පුලුවන් මනෝමය වශයෙන්. “උද‍්දිස‍්සකං, අවත්‍ථුකං මමායන මත්තමේව හෝති“ කියලා, උදෙසා කරන වස්තුවක් නෑ, භෞතිකමය වස්තුවක් නෑ එතන. “මමායනේන” – මමායන කරනවා, ඒක තමා විසින් හිතින් ගොඩනඟනවා. ඇති සේ හිතලා, ඇති සේ උපහාරයක් කරනවා. ඒ වෙලාවෙදි ඇතිවෙන චිත්ත ප්‍රසාදයන් නිසා හටගන්න පිනක් විසාල බලයක් ඇතිකරවනවා. අර බුදුරජාණන් වහන්සේ “ත්‍රීවේදදේව චක්‍රවර්ති” කියන රජකෙනෙක් වෙලා එකම භෞතික ද්‍රව්‍ය වස්තුවක්වත් නැතුව මහා දානයක් දුන්නා ඔය විදිහට. මහා මාළිගාවක් හිතෙන් මවලා, බුදු පසේබුදු මහරහතන් වහන්සේලා හිතෙන් මවලා වැඩමවලා, ආසන හිතෙන්ම මවලා, ආසන වල වැඩහිඳුවලා, භෝජන හිතෙන්ම මවලා, පිරිස හිතෙන්ම මවලා, උන්වහන්සේලාට මහා ඇප උපස්ථානයක් කරලා, ඒ කරගත්ත පින දිව්‍ය බ්‍රහ්මාදී තැන් පටන්ගෙන සියලු ලෝක සත්වයින්ට අනුමෝදනා කළා. අපේ බෝසතාණන් වහන්සේ බෝධිසත්ව කාලෙ කරපු වැඩක්.
උන්වහන්සේ දේශනා කරනවා, “එතැන් පටන් මට අත දිගුකරන සැනින් ලැබෙනවා. නැත යන වචනයක් අසන්නට මේ සසරෙ එනකන්, පාරමිතා පුරාගෙන එනකන් මට නැත යන වචනයක් අහන්න හම්බුණේ නෑ, මගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මෙන්න මෙහෙම පිං ඵලයක් ලැබුණා” කියල පෙන්වනවා. අපදාන පාළියේ, පළවෙනි බුද්ධාපදානය කියන එකේ ඕක තියෙනවා {{ත්‍රිපිටක සූචිය}}. ත්‍රිවේදදේව චක්‍රවර්ති රජකෙනෙක් වෙලා, මනෝමය දානය දුන්න හැටි.
අන්න ඒ දාන රටාව අනුගමනය කරලා තමයි අපිත් මේ දාන රටාව ඒ ක්‍රමයටම කරන්නෙ. එහෙනම් තනිකරම දහමට එකඟ, ධර්මානුකූල ක්‍රමයක්. ප්‍රතිමා වහන්සේ තිබ්බත් නැතත්, ඒ භාවනාව කර්මස්ථානයක් වශයෙනුත් වැඩෙනවා, එතකොට ඒ වගෙම මනෝමය මහා දානයක් දෙවෙනවා. බත් ඇටයක් තරමකින් වත් පූජා කෙරුවෙ නැතත්, මහා අප්‍රමාණ පූජා කිරීමක පිනකුත් ලැබෙනවා. ආයි කිසි කෙනෙකුට මොන විදිහකින්වත් ඒකට වාදකරන්න බෑ, දෝෂාරෝපණය කරන්න බෑ. විතණ්ඩවාදීන්ට, විරුද්ධවාදීන්ට ඊට විරුද්ධව නඟන්න බෑ කිසිම දෙයක්. “අපරාදෙ බත් තම්බ තම්බා අහකදානවා කියන මෝඩයෝ!” කියලා කියන්න බෑ. “උඹටත් ඕන්නම් මවලා දීපංකො ලෝකෙ භෞතිකව බත් අඩුවෙන්නෙ නෑ නෙ… අපරාදෙ සල්ලි වියදම් කරලා මුං මහා ලොකුවට මේ මාළිගාවල් වගේ ගෙවල් හදලා, මැටි පිළිම තියාගෙන මොකද්ද මේ කරන්නෙ?” කියලා බණින්න බෑ. අපි මනෝමය වශයෙන් මාළිගාවක් මවලා, මනෝමය වශයෙන් බුදුවරු මවලා, මනෝමය දානයක් දුන්නා. කාටවත් සත පහක වත් පාඩු කරලා නෑ. අර භෞතික විතණ්ඩවාදීන්ට අපිට නිගරු කරන්න විදිහක් නෑ. හැබැයි අපේ පින අඩුවක් නැතුව, ඒකත් සිද්ධවෙනවා. ඒ වගේ ක්‍රම තියෙනවා.
ඉතින් “පිළිමෙ බත් කනවද?” ඔයජාතියෙ ඒවා අහලා කරන නිග්‍රහය එතන කරන්නත් බෑ. “ඔවුන්ගෙ පිළිමෙ කඩමු, ඕකෙන් සබන් පෙට්ටියක් හදමු” කියලා අර එක එක ජාතියෙ කට්ටිය පිළිම වලට නිග්‍රහ කරන ක්‍රමයක් තියෙනවනෙ, එක එක ඔය ආගම් භේද කාරයො, අපි මනෝමය වශයෙන් මවාගන්න බුදුහාමුදුරුවො උන්ට සබන් පෙට්ටියට ගන්න බෑ, උන්ට කඩලා දාන්නත් බෑ. ඉතින් මේ වගේ ක්‍රමයක් තිබුණා, අපේ ඉස්සර ආදි පැරැන්නො බුදුන් පුදපු ක්‍රම. මේව අද වැහිලා ගිහින් තියෙන්නෙ. ඉතින් ඒවා පුරුදු කරලා, හරි ආකාරව තේරුම්ගන්න ඕනෑ.
ඉතින් අවශ්‍යයතාවයකට යම් දෙයක් පූජා කරානම් අත්‍යාවශ්‍යයතාවයක්, ඉතින් අපිටත් යමක් අවශ්‍යය වෙන්නෙ කොයිවෙලාවෙද, අවශ්‍යය කරන දේ ලැබෙන්න හේතුකාරක පිනක් ඒකෙන් ලැබෙනවා. අටපිරිකර නිවන මුල්කරගෙන ඒ මඟට හේතුකාරක වෙන විදිහෙම කටයුතකට ඒකෙනුත් ලැබෙනවා. ඒ වගේම සාසනය සඳහා අවශ්‍යයතාවයක් බලලා ගොඩනැඟීමක් කළොත් අපිටත් සාසනික මාර්ගය අනුගමනය කිරීමේදී අවශ්‍යයතාවය බලා දුන්නාවූ පිනෙන්, අවශ්‍යයතාවය අඩුපාඩුවක් නොවී ලැබෙන විදිහට මඟපෑදෙනවා. ඒක ඒ අනුකූලවම සිද්ධ වෙනවා, හේතුවට අනුවයි ඵලය.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස එතකොට ඒ වගේ බලගතු රජකෙනෙක් පූජාවක් කළහම, සාමාන්‍යය කෙනෙක් කළහමත් ඒ ශක්තියම ලැබෙනවද?
(ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, ඒ රජ්ජුරුවන්ගෙ බලගතුකම විතරක් නෙමෙයි එතන තිබුණෙ. දැන් නුවණ එක එක මට්ටමේ, එක එක ආකාරයේ තියෙන එකක්. දැන් ඒ රජ්ජුරුවන්ට තිබුණා මනෝමය වශයෙන් නිර්මාණය කරලා ගන්න පුලුවන් හැකියාවක්. දැන් මේ එකක්, දැන් යම්කිසි කෙනෙකුට පුලුවන් ඒ නිර්මාණාත්මක හැකියාව ආධාර කරලා අනික් කෙනෙකුට ඒකට මඟපාදලා දෙන්න. දැන් තමන්ට මවාගන්න බැරි දෙයක්, හිතෙන් මවාගන්න බැරි දේකට අවශ්‍යය උපනිශ්‍රය ලබාදුන්නොත් අනික් කෙනාටත් ඒකට සිය ගුණයක් ආධාර ලැබෙනවා. යම්තම් හැකියාවක් තිබුණ කෙනාට ඒක වැඩිලා එනවා. ඉතින් ඒ අයටත් එහෙම එනවා.
ඉතින් උපරිම හැඟීම කියන එකෙන් මැවීම ඔයිට වඩා හුඟක් එකින් එකට වෙනස්වෙනවා. දැන් අභිඥාලාභී යෝගියෙකුට පුලුවන් ඕන්නම් ඒවගේ රූපයක් ඝනීභවනයෙන්ම මවන්න. මනෝමය වශයෙන් මවන මට්ටමක් තව කෙනෙකුට පුලුවන්. හිතෙන් ආකාරය හිතාගන්න පුලුවන් එකක් තවකෙනෙකුට පුලුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ රූපය පේන්නෙ නෑ, වැඩියා වගේ හිතෙන් හිතාගන්න පුලුවන්; ඒකත් විශාල හැඟීමක්, චිත්ත ප්‍රසාදයක්. දානෙ දෙනව වගේම හිතෙන් හිතාගන්න පුලුවන්, එච්චරවත් බැරි කෙනෙක් නෑනෙ. ඒ කියන්නෙ මනෝමය වශයෙන් නිර්මාණාත්මක හැකියාව තව ඊට වඩා තව එහාට වැඩි බව ඇත්ත, හැබැයි ඒකට එක එක්කෙනාගෙ දක්ෂතාවයන් අනුව, මානසික ප්‍රගුණතාවයන් අනුව එක එක්කෙනාට එහෙම ලැබෙනවා, ඒක ස්වභාවය.
දැන් අපිට ඕනෙනම් නෙළුම් මලක් අතේ තියෙනව කියලා හිතනකොටම නෙළුම් මලක ආකාරය හිතට එනවා, එකක්. තව ටිකක් මානසිකත්වයෙන් වර්ධනය කරපු කෙනාට හිතෙන් බලාගෙන ආකාරය එයාට දර්ශනය වෙන මට්ටමට මවාගන්න පුළුවන්. තව ටිකක් ගිහාම අනික් කෙනෙකුටත් පේන මට්ටමට මවාගන්න පුලුවන්. තව කෙනෙකුට දුන්නට පස්සෙ බරත් ඇති, භෞතික නෙළුම් මලක් මවලා “ඕං” කියලා දෙන්නත් පුලුවන්, බලපුහාම ඒක කොහොම බැලුවත් භෞතික නෙළුමක්. අන්න, මානසිකත්වයේ එක එක මට්ටම්. උපරිම මට්ටමට තියෙන අභිඥාලාභියෙකුටනම් ඇති සේම මවලා එහෙම කරන්නත් පුලුවන්. ඉතින් තමන්ට පුලුවන් මට්ටමෙන් හරි කමක්නෑ, ඒ හැකියාව. කොහොමත් තමන්ට පුලුවන් මට්ටමෙන් තමයි පිං දහම් කරගන්න ඕනෙ. නමුත් ඒක කවදාවත්, එන්න එන්න වර්ධනයට හේතුවෙනවා මිසක්, මානසික ගුණ වර්ධනය සහ මානසික වශයෙන් හැකියාවන් වර්ධනය වෙන්න හේතුවෙනවා මිසක්, අඩුවෙන්න හේතුවෙන්නෙ නෑ, ඒක විශේෂයි.
{ 0:43:00 } : ශුණ්‍යතා (සුඤ්ඤත) විහරණය හෙවත් මහාපුරුෂ විහරණය
(ස්වාමීන් වහන්සේ පැණයක් කියවති): තව මේ “ආනාපානසති භාවනාව” පිළිබඳව විස්තරයක් අහනවා, අපි ඒක ඊලඟට අරගමු, ටිකක් ලොකු විස්තර කරන්න තියෙන එකක්.
(ස්වාමීන් වහන්සේ තවත් පැණයක් කියවති): මේ “පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ” සඳහන් වෙන පරිදි සැරියුත් හිමි බුදුරජාණන් වහන්සේ හමුවූ විට සැරියුත් හිමියන්ගේ මුහුණ ඉතා ප්‍රසන්න, දීප්තිමත්, ප්‍රියමනාප ලෙස පෙනෙන්නේ කුමක් නිසාදැයි අසද්දී, සැරියුත් හිමියන්ගේ පිළිතුර වන්නේ මම “ශුණ්‍යතා විහරණයෙන් හෙවත් මහාපුරුෂ විහරණයෙන්” වාසය කරන බවයි. එවිට බුදුරජාණන් වහන්සේ ද වදාරන්නේ තමන්වහන්සේද නිරතුරුවම “ශුණ්‍යතා විහරණයෙන් හෙවත් මහා පුරුෂ විහරණයෙන්” වාසය කරන බවයි. මෙය පහදා දෙන්න කියනවා.
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): දැන් මේ “ශුණ්‍යතා විහරණය” කියලා කියන්නෙ “මේ ලෝකය සැපයෙන් ශුණ්‍යයි” කියලා “සාරත්වයෙන් ශුණ්‍යයි” කියලා මේ ධර්මානුකූලව මේ අදහස ආවට පස්සෙ, මෙන්න මේ අදහසට අනුකූලව ඒ පුද්ගලයා “ලෝකය සැපයෙන් ශුණ්‍යයි” කියන මානසිකත්වය ගොඩනඟාගන්නවා. “සැපයෙන් ශුණ්‍ය නම්, එබඳු වන්නාවූ ශුණ්‍යතාවයක් ඇති ලෝකයක මම මොනවා අල්ලන්නද, අත්හැරීම හැර, නො ඇල්ම හැර, මිදීම හැර, එහි ඡන්ද රාගයන්ගෙන් නිදහස් වීම හැර මට වෙන කරන්න දෙයක් නෑ” කියලා මෙන්න මේ දහම් අදහස එනවා. මෙන්න මේ අදහස වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නෙ, අත්හැරීමේ, නො ඇල්මේ, මිදීමේ ශාන්තිය ඔහු අත්දකිනවා. ඔහු දකිනවා අල්ලගන්න ගිය තැන තිබෙන රාග ගිණි, ද්වේෂ ගිණි, මෝහ ගිණි. ඕවයින් ඇවිලිච්ච දාහයක් තමයි තිබුණෙ. ධර්මානුකූලව දැකලා අත්හැරීමෙදි ඔහු ලබනවා පෙර තිබුණු ගිණි සංසිඳීමෙන් ලැබුණාවූ ශාන්ත, ප්‍රණීත නිවන් සුවය.
මෙන්න මේ “ඒතං සංතං – ඒතං පණීතං” කියපු, එයම ශාන්තයි – එයම ප්‍රණීතයි කියලා පෙන්නපු සංඛාර සමථයක් ඇත්ද, උපාදානයන්ගේ දුරලීමක් ඇත්ද, මේ ආදී වශයෙන් දාහ ගිණි වලින් නිවුනු ශාන්ත ප්‍රණීතතාවය සිහිකරන කෙනාට නිවන් ශාන්තිය මුල්කරගෙන හිත පිහිටනවා, සමාධියට. මේ තුළින් එකින් එකට අත්හැරීගෙන, නො ඇලීගෙන, මිදීගෙන ගිය කෙනාට අරිහත්ඵල සමාපත්තියට පත්වුනහම, උන්වහන්සේට පුලුවන් පෙනීම තියෙද්දි බලන්නෙ නැතුව අතමිදිලා නිදහස්ව ඉන්න. ඒක හරයක් නැති දෙයක් කියලා දැනගත්තහම, ශුණ්‍යතාවයෙන් යුක්තයි කියලා දැනගත්තහම, සාරත්වයෙන් ශුණ්‍යයි කියලා දැනගත්තහම, ඒ ශුණ්‍යතාවය මුල්කරගෙන, ඒ පිළිබඳව ඡන්ද රාගයෙන් මිදිලා, පෙනෙද්දි නිදහස්ව ඉන්න පුලුවන්, බලන්නෙ නැතුව. බලන්න අවශ්‍යතාවයක් නෑ.
ලෝකයේ මොනවා ඇහුණත්, හරයක් නැතිදේවල් පස්සෙ බලන්නෙ නැතුව, නිදහස්ව ඉන්න පුලුවන්, අහන බලාපොරොත්තුවක් නැතුව. මෙන්න මේ විදිහේ අරිහත්ඵල චිත්තයේ ස්වභාවයක් ඇත්ද, ශුණ්‍යතාවයෙන් ගතකරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. “මේක හරයක් නෑ – ශුණ්‍යත විමෝක්ෂය” කිවුවෙ ඒකයි. එතකොට අරමුණ වෙන්නෙ මොකද්ද, “මේ ලෝකය සාරයි කියල ගන්න, සැපයි කියල ගන්න, සුවයි කියල ගන්න හරයක් ඇති එකක් නෙවෙයි” කියන මෙන්න මේ ඉහළම දහම් අවබෝධයෙදි, ඒ දහම් අවබෝධය ප්‍රමුඛ කරගෙන හිත පිහිටියා නම්, ඒකට කියනවා “නිවනට හිත පිහිටියා” කියලා.
දැන් නිවනට හිත පිහිටුවන ක්‍රම තුනක් තියෙනවා, “ශුණ්‍යත, අනිමිත්ත, අප්පණිහිත” කියලා. මේ ලෝකය පිළිබඳව සැපයෙන් ශුණ්‍යයි කියලා, සාරත්වයෙන් ශුණ්‍යයි කියලා අවබෝධයක් එනවනම්, ඒක අරිහත්ඵල චිත්තයේ එක්තරා ස්වභාවයක්, වැටහෙන ස්වභාවයක්.
තව එකක් තමයි “මේ ලෝකෙ නිමිති වශයෙන් ගන්න තියෙන්නෙ මායාවල් මිසක් ඇත්තක් නම් මේ ලෝකෙ නිර්මාණය වෙන්නෙ නෑ, මේ මායා දර්ශන වල මොනවා ගන්නද… මට ඔය ලෝකෙ පස්සෙ හොයල වැඩක් නෑ” කියලා අරිහත් ඵලය වැටහෙන කෙනාට ධර්මාවබෝධයක් ලැබෙනවා මෙන්න මෙහෙම නිමිති වශයෙන් ගන්න මේ ලෝකෙ දෙයක් නෑ කියලා. ඒ තව ක්‍රමයක්. ඒකට කියනවා “අනිමිත්ත චේතෝවිමුක්තිය”, අරක “ශුණ්‍යත චේතෝවිමුක්තිය”.
මේ චතුර්ථධ්‍යානයේ ස්වභාවය, උපෙක්ඛා ඒකග්ගතාවයෙන් ගිහිල්ලා, ඒ උපේක්ෂාවත් අනිච්චයි කියලා අත්හැරපු තැනදි ලැබෙන අවස්ථාවක් තමයි මේ අරිහත්ඵල සමධියේ ස්වභාවය. එතකොට සාරත්වයෙන් ශුණ්‍යයි කියලා ගන්නවා, ඒ වගෙම දර්ශන වශයෙන් අල්ලන්න, නිමිති වශයෙන් ගන්න වටිනා දෙයක් මේ ලෝකෙ නෑ කියන අදහසින් අරගෙන, කිසිම නිමිත්තක් අල්ලන්නෙ නැති තත්වයට මානසිකත්වය පත්කරගන්නවා. එතෙන්ට පත්කරගත්තට පස්සෙ මොකද කරන්නෙ උන්වහන්සේ, අවශ්‍යය කාරණයකට ගත හිත මෙහෙයවලා, සිවුපස පරිභෝග ආදියක් කරනවා, නිදහස් වෙලාවට නිමිති වශයෙන් ලෝකෙ අල්ලන්නෙ නැති නිමිති අත්හරිනවා, අතහැරලා ඉන්නවා. ඇහැට පේනවා, දර්ශන නිමිත්ත ගන්නෙ නෑ. අන්න අනිමිත්ත චේතෝවිමුක්තිය කියනවා එතකොට. කනට ඇහෙනවා, ශ්‍රවණ නිමිත්ත ගන්නෙ නෑ. ගන්ධය දැනෙනවා, ආග්‍රහන නිමිත්ත ගන්නෙ නෑ, රස දැනෙනවා රස නිමිත්ත ගන්නෙ නෑ, පහස දැනෙනවා ස්ඵර්ශ නිමිත්ත ගන්නෙ නෑ. මෙන්න මේ ආකාරයෙන් පංචේන්ද්‍රියන්ට අහුවෙන නිමිත්ත නොගෙන, හිතට දැනෙනවා, දැනෙන නිමිත්තෙන්වත් ඒ අරමුණු අල්ලන්නෙ නෑ. ධර්මතාවයෝ අල්ලන්නෙ නෑ, සිතිවිලි අල්ලන්නෙ නෑ. මෙන්න මෙබඳු ශාන්ත වූ, ප්‍රණීත වූ නිමිති නොගන්න මානසිකත්වයක් තියෙනවා. ඒ අරිහත්ඵල චිත්තය ක්‍රියාත්මක වෙන තව විදිහක්. ඕන්නම් උන්වහන්සෙට පුලුවන් “නිමිති හරයක් නෑ” කියලා දැකලා, “නිමිති වශයෙන් ගන්න වටිනා දෙයක් නෑ” කියලා ඒ හිතට සමවදින්න පුලුවන්. අරිහත්ඵල චිත්තයට සමවදින්න පුලුවන් එහෙමත්. “ලෝකෙ අල්ලන්න සාරත්වයක් නෑ” කියලා ශුණ්‍යත විමුක්තියෙන් සමවදින්නත් පුලුවන්.
“ශාන්තයි, ප්‍රණීතයි කියලා ගන්න හරයක් මේ ලෝකෙ නෑ” කියලා “අප්පණිහිත විමෝක්තියට” සමවදින්නත් පුලුවන්. ඒ සමවැදුනත් සමවදින්නෙ අරිහත්ඵල චිත්තයට සමවදින ක්‍රම තුන. ලෝකෙ අල්ලන ඒවා අත්හැරපු පැත්තෙන්, නො ඇලෙන, මිදෙන පැත්තෙන් ලබන ක්‍රමයක්.
ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝකොටම “මේ ලෝකය සැපයෙන් ශූණ්‍යයි, සාරත්වයෙන් ශූණ්‍යයි” කියන අදහස සිහිකරලා තමයි උන්වහන්සේ විමුක්ති සුවයෙන් ගතකළේ. ඒක තමයි ශූණ්‍යත විමුතිය කියන්නෙ. එතෙන්ට පත්වුනාට පස්සෙ ලෝකය පිළිබඳ දාහ ගති මොකුත් නැති චිත්තය විශාල ප්‍රසාදයට පත්වෙනවා. ඒ චිත්ත ප්‍රසාදය “අකම්ප්‍යයි”, ශාන්තයි, ප්‍රණීතයි. එබඳු අරිහත්ඵල චිත්තය ඇසුරු කරන්නාවූ ගත අනුකූල ශාන්ත, ප්‍රණීත තත්වයක විද්‍යාමාන වෙනවා. ඒ නිසා උන්වහන්සේගෙ මූණ ප්‍රබෝධයි, මලක් පිපුනා වගෙයි, පැහැපත්; ඒ සමාපත්තියට සමවැදිච්ච කෙනාගෙ මූනෙ ස්වභාවය.
{ 0:50:46 } : එක් එක් පුද්ගලයාට සිටින ඉෂ්ට දේවතාවන් ගැන…
(ස්වාමීන් වහන්සේ ලැබුණු පැණයක් කියවති): මේ සෑම පුද්ගලයකුටම ඉෂ්ට දේවතාවෙක් සිටීද? මොහු කවුද? මොහුට අමතරව තවත් අය අපගේ උදවුවට සිටීද? මොහුගෙන් උදවු ගැනීම හොඳද? එසේ උදවු ගන්නේ කෙසේද?
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): මේ “ඉෂ්ට දේවතාවා” කියන්නෙ, තමාට ඉෂ්ට දේවතාවා තමාගේම හිත. මේ තව කෙනෙක්, බාහිර පුද්ගලයෙක් නෙමෙයි මේ ඉෂ්ට දේවතාවා කියල කියන්නෙ. තමාගේ ඉටු දෙවියා තමාගේම මනසයි. හැමවෙලේම මනස බලාපොරොත්තු වෙන්නෙ තමාට රැකවරණයක් සළස්වන්න. එනිසා මනසින්ම නැඟෙනවා එක්තරා විදිහක මනෝ රූපයක්, තමාටම උපදෙස් දෙන්න, තමාටම අදහස් ඇතිකරවන්න. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා මේ ඉෂ්ට දේවතා කියන එකේ.
“ඉෂ්ට – අනිෂ්ට” දැනගත්ත කෙනාට මේ ඉෂ්ට දේවතාවා යහපත් වෙනවා. ඒ කියන්නෙ ඉෂ්ටත්වය මූලික කරගත්ත හිතක් වරදක් කරන්න යනකොට “මොකද්ද ඔය කරන්නෙ, වැරදියි නේද? ඇයි ඔහොම ඒවා කරන්නෙ? ඇයි අමාරුවෙ වැටෙන්නෙ?” තමන්ටම අදහස් දෙනවා. මේ තමාගේම මනස තමන්ට දෙන අදහස්. “ඕක කරන්න යන්න එපා! ඔය පාරෙ යන්න එපා! ඔය පාරෙ හොරු ඉන්නවා, කරදර වෙන්න පුලුවන්, ඔහෙන් අඩිය ගහන්න එපා!” අපේ හිත අපිට කියනවනම්,…
(ශ්‍රාවක මහතෙක්): හෘද සාක්ෂිය කියන්නෙ ඒක නේද?
(ස්වාමීන් වහන්සේ): ඔවු, “හෘද සාක්ෂිය” කියලා අපි කිවුවෙත් ඕකයි. හෘද සාක්ෂිය කියන එකේ තියෙනවා එකක්, හෘද සාක්ෂිය කියන්නෙ කිසිම විදිහකින් වෙනස් කරන්න බැරි, හේතු සහිත වන්නාවූ, තමාටම තේරුම්ගන්න පුලුවන් සාක්ෂියක් වෙනවා, තමාගේම දැනීම. ඒ තමාගේ දැනීම හෘද සාක්ෂියට එකඟයි කියලා කියනවා, විශ්වාසය. තමන්ටම ඇති විශ්වාසය.
අතන තියෙන්නෙ, ඉෂ්ට – අනිෂ්ට දෙක පෙන්වා දෙනවා. ඉතින් හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නව කියන්නෙ, කොහොමහරි තමාව රැකල දෙන්න බලයක් හොරාටත් තියෙනවා. ජීවිතය ආරක්ෂා කරන්න තමන්ටත් අදහසක් දෙනවා. “ඔය පාරෙ යන්න එපා, ඔහෙ හොරු ඇති. අද අහවල් ගෙදර ඇහැරිලා, කට්ටියක් ඇවිදින් හිටියා. අද ඔතන හොරකම් කරන්න යන්න එපා, උඹ අමාරුවෙ වැටෙයි…” අර හොරාටත් තමන්ගෙ ජීවිතේ රැකගන්න තමාගේ හිත තුළම තමාගේ හිතේ මානසිකත්වය ක්‍රියාත්මකවෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රම රටාව තමයි හැම කෙනෙකුටම තමාට සතු ඉෂ්ට දේවතාවා. ඉතින් මේ ඉෂ්ට දේවතාවො අදහනවා කියලා කෙනෙක් අරගන්නෙ ඉතින් මොකද ඕක දේවත්වයට ගත්තට පස්සෙ ඒ දේව පුද්ගලත්වයට අරගෙන තමයි පුද්ගලය එහෙම අදහන්න පටන්ගන්නෙ. ඉතින් ඉෂ්ට දේවතා කියන එකේ අර්ථය ඒකයි.
දැන් මේකෙදි අපිටම පුලුවන් යම් යම් ආකාර රූපයක් අපේ ආරක්ෂාවට මවන්න. පිළිසරණට තමා මවාගත්ත රූපෙම තමන්ට හිටිනවා. දැන් ඕක හුඟදෙනෙක් දන්නෙ නැතුව ඔය පහන් තියලා, අරවා – මේවා කරලා, ආවේස අරගෙන එහෙම කටයුතු කරනකොට, ඔතෙනදි බොහෝකොටම අමනුශ්‍යයෝ විතරක් නෙමෙයි එන්නෙ. තමාගේ මනසින් මවාගත්ත චිත්ත රූපයම ඒ තමාට අවනත වෙලා වැඩකරනවා. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ වෙලාවෙදි ආවේසෙන් එනවා වගෙත් වැඩකරනවා, කෙනෙක් ආවා වගේ ක්‍රියාත්මක වෙනවා. බලපුහම එහෙම කෙනෙක් එතන සම්බන්ධයක් නැතුව තමාගේම මනසේ නිර්මාණ ගොඩනැඟෙන ක්‍රමයක් තියෙනවා. මේක අර ඉෂ්ට දේවතා වර්ධනය, නැත්නම් ඒක ප්‍රගුණ කරගැනීම. අමනුශ්‍යයෙක්ම ඇවිදිල්ලා කරන ඒවත් තියෙනවා, කවුරුහරි ගැලපෙන භූතයෙක් හරි, එහෙම කරන ඒවත් තියෙනවා, ඒ තව ක්‍රමයක්.
මේක අපි හැමවෙලේම මේ ඉෂ්ට දේවතාවා සකස් කරගන්නකොට, අපි දැනගන්න ඕනෙ “යහපත තුළින්ම අපේ මනස ක්‍රියාත්මක වේවා!” කියලා අපේ මනසෙ සකස් කරගන්න පුලුවන්. දැන් මනසෙන් රූපයක් මවාගන්නවා, උතුම් රූපයක් මවාගන්නවා. කාගෙහරි වැදගත් කෙනෙක්ගෙ ස්වරූපයේ රූපයක් මවාගන්නත් පුලුවන්. අපිටම නිර්මාණය කරගත්ත රූපයක් මවාගන්නත් පුලුවන්. එහෙනම්, යහපත් හිතකින් මවාගත්තනම් එහෙම ඒ යහපත් හිතින් ගොඩනඟපු රූපෙ කොම්පියුටරයක් වගේ. ඒක අයහපතට අපිට මඟපාදන්නෙ නෑ. ඒ රූපෙම අදහස් දෙන්න පටන්ගන්නවා කෙනෙක් වගේ, එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ ඉෂ්ට දේවතා වර්ධනය කරගන්න පුලුවන් භාවනා ක්‍රම තියෙනවා. ඒවා ඉතින් හුඟාක් ගැඹුරුයි, ඒවට නිකන් බහින්න ගියොත් එහෙම පිස්සො වෙන්න පුලුවන්. ස්වභාවිකව හැම කෙනෙක්ගෙම හිතක් තුළ ක්‍රියාත්මකවෙන එහෙම රටාවකුත් තියෙනවා. දැන් හැමකෙනෙකුටම ඉෂ්ට දේවතාවා කියන්නෙ එයයි.
යම්කිසි කෙනෙකුට යහපතක් ඉටුකරලා දෙන්න යම්කිසි දේව කොට්ඨාශයෝ ඇත්නම්, ඒ සියල්ලොත් “ඉෂ්ට දේවතා” කියන කොටසට වැටෙනවා, මේ තව පැත්තක්. අර සියල්ලන්ටම ඉන්න ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියන කතාවටයි අපි ඉස්සෙල්ලා කිවුවෙ. හැම කෙනෙකුටම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කියපු කතාවයි ඒ විසඳුවෙ. තවත් ඉන්නවා ඉෂ්ට දේවතා කියලා කොටසක්, අපිට යහපතට ඉන්න, අපේම පිරිස් අතර ඉන්න කොටස. අනාදි සංසාරයේ පටන් එන සසර ගමනෙදි අපි කරපු සසර ගණුදෙණුවෙ එක එක මට්ටමේ පිරිස් අපි එක්ක සම්බන්ධවෙලා ඉන්නවා. ඕකෙන් කොටසක් ඉන්නෙ අපිට උදවු කරපු, උපකාර කරපු, අපෙන් උදවු ලබපු, මේ විදිහට ගණුදෙණු වලට සම්බන්ධවෙලා ඉන්න, ප්‍රියමනාප, එකට බැඳිච්ච කොටසක්. ඒගොල්ලො කරගත්ත කරගත්ත අකුසලයන්ට අනුව, සංඛාරයන්ට අනුව, ඊට ගැලපෙන ගැලපෙන උප්පත්ති වල ඒගොල්ලො ඉන්නවා. අපි එක්කලා උදවු උපකාර කරගෙන, අපිට හිතවත්ව හිටපු කොටසක් සමහරවෙලාවට අපාගත වෙලා දුක් විඳිනවා අද, ඒගොල්ලො කරපු පවු වලට. තව කොටසක් තිරිසන් ලෝකෙ ඉන්නවා, තව කොටසක් ප්‍රේත ලෝකෙත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා භූමාටු දේව වැනි කොටස් වල. තව කොටසක් ඔය ඉහළ දෙවු ලෝ වල, බඹ ලොව, මේ හැමතැනකම ඉන්නවා ඔයවගේ කොටස්.
ඉතින් මෙන්න මේකෙන් අපිට ඉෂ්ටත්වය බලාපොරොත්තු වෙච්චි යම්කිසි කොටසකට හැකියාවක් තියෙන තැනක හිටියොත්, ඒ අය අපිට සම්බන්ධවෙලා අපිව ආරක්ෂා කරනවා. “මේ අපේ අහවල් එක්කෙනා, අපිට අහවල් කාලෙ උදවු කරපු එක්කෙනා…” මෙන්න මේ විදිහට. දැන් පිළින්දවච්ඡ හාමුදුරුවන්ට උන්වහන්සේගෙන්ම ඇසුරු කරලා, ඒ හේතුවෙන් දේවත්වයට පත්වෙච්චි අය “අපි කොහොමද මෙතෙන්ට පත්වුනේ..” කියලා දැක්කම “මේ පිළින්දවච්ඡ හාමුදුරුවන්ට ඇප උපස්ථාන කරලා, ඒ වගේම උන්වහන්සේ පසුපස ඇවිදිල්ලා, උන්වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපැදලා, ඒ හේතුවෙන් අපිට මේ සුගතිය ලැබුණා” කියල සතුටුවෙච්චි දේවතාවො විශාල පිරිසක් හිටියා. උන්වහන්සේට වචනයක්වත් කියන්න ඉඩදෙන්නෙ නෑ තව කෙනෙකුට, අර දේවතාවො හරස් කපලා එයාව රකිනවා. එයාට පහරක් ගැහුවොත් එහෙම, පහර ගහපු කෙනාට පහර ගහනවා. පහර ගහලා ඉවරවෙලා ආරක්ෂාව සළසලා දෙනවා. උන්වහන්සෙට විරුද්ධව නිගරු වෙන්න කතාකළොත් එහෙම නිගරු වෙන්න කතාකරපු අච්චුවත් දෙනවා ඒ දේවතාවො එවෙළෙම. දීලා “ගිහින් සමාව ගනිං…” ඒ විදිහට හැඩගස්සනවා. ඒවා ඉතින් පාක්ෂිකත්වය.
ඉතින් උන්වහන්සේගෙ සසර පුරුද්දක් තිබුණා, අත්බැවු පන්සීයක් තුළ ගැල් සාත්තු නායකයෙක් වශයෙන් ගිහිල්ලා වෙළඳාම් කරපු කෙනෙක් තමයි පිළින්දවච්ඡ හාමුදුරුවන්ගෙ පෙර අත්බැවු ගැන කියවෙන්නෙ. ඔයකාලෙ තිබිච්ච පුරුද්දක් තමයි කවුරුහරි මොනවහරි අරං ගියොත්, “මොනවද ඔය මල්ලෙ? මොනවද බඩු? විකුණන්න තියෙන දෙයක්ද?” ඔක්කොම හොයලා බලලා, හොඳ පර්යේෂණයක් කරගෙන, විකුණන්න තියෙන ඔක්කොම අරගෙන වෙළඳාම් කරන්න අරගෙන යනවා. ඉතින් පුරුද්ද එයාගෙ පර්යේෂණයෙ හැටි. ඔය ගතිලක්ෂණය ඇරිලා තිබුණෙ නෑ දැන් මෙයා මේ අරිහත්වයට පත්වෙලා හිටියත්. අන්න, “වාසනා ක්ලේෂයක්” කිවුවෙ ඒකයි. ඉතින් ඒ වගෙම මිනිස්සුන්ට කතාකරන්නෙ බල්ලන්ට කතාකරනවා වගේ, මොකද ගැල් සාත්තු නායකයෙක් කියන්නෙ එයා ඉතින් අගතැන්පත් කෙනෙක්. එයාගෙ දාසයින්ට කතාකරන්නෙ ඒ කාලෙ කතාකරපු සිරිත මොකද්ද, “මෙහෙට වර, පල…, වසලයා!” මොනවහරි කරපුහම ඔයවිදිහට තමයි එයා පුරුදු වුනේ. ඕන කෙනෙකුට කතාකරන්නෙ වසල වාදයෙන්.
ඉතින් රජ්ජුරුවන්ට බෙහෙත් සපයන කෙනා මහා නමුබුකාරයෙක්, විශ්වාසවන්තයෙක් රජ්ජුරුවන්ගෙ. සාමාන්‍යය කෙනෙක් රාජ මාලිගාවට බෙහෙත් සපයන්නෙ නෑ. ඒක හොඳ ඨානාන්තරයක් දරාගෙන හිටපු විශාල නිලතලයක් හැටියට ගෞරවාන්විත නිලතලයක් තමයි රජ්ජුරුවන්ට බෙහෙත් ගබඩාවට බෙහෙත් සපයන ඒ කෙනා. එයා ලොකු වෛද්‍යවරයෙක්. මෙයා මොකද කරන්නෙ, රජ්ජුරුවන්ට අවශ්‍යය කරන තිප්පිලි, රජ්ජුරුවන්ට විතරක් නෙමෙයි, ඒ රාජ්‍යය පිරිසටම අවශ්‍යය කරන බෙහෙත් වලට අවශ්‍යය කරන තිප්ප්ලි කරත්තයක් අරං ආවා. “වසලයො, මොනවද ඔය මළු වල?” කියලා එනකොටම ඇහුවා. “යකො, මම කවුරු කියල හිතංද මට කතාකරන්නෙ මේ හාමුදුරුවො? හාමුදුරුකෙනෙක් හින්දා මට කරන්න දෙයක් නෑ” කියල, කියන්නෙ මොකද්ද කියලා බලපුහම “ඔවෑ මී බෙටි…!” කියාගෙන යන්න ගියා. ඉතින් තිප්පිලි තිබුණෙ.
ඒ පාර මොකද කරන්නෙ, අර දේවතාවො කල්පණා කළා “මූ යකෝ සෙල්ලං කරන්න හදන්නෙ කවුරු එක්කද, මල්ලෙ තිප්පිලි තියාගෙන මූ මී බෙටි කිවුවෙ අපහසෙටනෙ, මූට හොඳ වැඩක් කරන්න ඕනෙ” කියලා, “ඕවා මී බෙටිම වේවා!” කියලා දේවතාවො අධිෂ්ටාන කළා. ඉතින් ගෙදර ගිහිල්ලා එයාගෙ භාර්යාව එක්කල කියනව, “මගදි හාමුදුරුකෙනෙක් මට වසලයා කියලා කතාකළා, මොනවද මළු වල ඇහුවා. මං එයාට මී බෙටි කිවුවා” කිවුවා. ඉතින් අර භාර්යාව එකක් ලෙහලා බලනකොට “මී බෙටි නේන්නම්, ගන්දස්සාරෙ බෑ…! මී බෙටි නැතුව වෙන මොනවද මේවා?” කිවුවා. බලනකොට ඔක්කොම මී බෙටි. ඒ පාර අර මනුස්සයා ඇවිදිං බලලා “අනේ මේක පුදුමයිනේ! මං ගෙනාවෙ තිප්පිලි, දැන් මී බෙටි වුනානෙ. මී බෙටි නේන්නම් තියෙන්නෙ…” ඒ පාර කිවුවා (බිරිඳ) “ඔය අර පිළින්දවච්ඡ හාමුදුරුවන් එක්කල නේද ඔය කතාව කියවුනේ? සෙල්ලම් කෙනෙක් නෙමෙයි, මහා බලවත් කෙනෙක්. ඒ කියපු වරදටයි ඕක වුනේ. ඉක්මන් කරලා හම්බෙන්න පලයං ආයි සැරයක්, ගිහිල්ලා සමාව ගනිං වැඳලා. ආයි වසලයො මොකද ආවෙ කියල එහෙම අහයි, ඒකට එහෙම කුලප්පු වෙන්න එපා. අනේ ස්වාමීනි කියලා, ගරුත්වයෙන් කතාකරලා, ඒ සමාව ගන්න” කිවුවා.
ඒපාර යනකොට “ආ… මොකද වසලයො ආවෙ?” කියලා ඇහුවා අර විදිහටම. “අනේ ස්වාමීණි… ඔබවහන්සේට අර මගදි හමුවෙලා මං කිවුවනෙ අර මළු වල මොනවද ඇහුවම මී බෙටි කියලා, අනේ ස්වාමීණි, මී බෙටි නෙමෙයි තිබුණෙ, තිප්පිලි” කිවුවා. “තිප්පිලිද… එසේම වේවා!” කිවුවා. ඒපාර දේවතාවො අධිෂ්ටාන කළා “මූ හොඳයි දැන්, ඇවිල්ලා ගරුකරලා සමාව ගත්තනෙ…. ඕකට හොඳම තිප්පිලි මැවේවා!” කියලා අධිෂ්ටාන කළා දේවතාවො. ඒපාර ගෙදර ගිහිල්ලා බලනකොට ඉස්තරම් තිප්ප්ලිලි අර ඔක්කොම වෙලා. ඉතින් ඉස්තරම් තිප්පිලි කියන එකයි සාමාන්‍යය තිප්පිලිට වඩා විශාල වෙනසක් තියෙනවලු මිළ මුදල් වල. ඉතින් විශාල ලාභයක් හම්බුනාලු අර මනුස්සයට අර ඉස්තරම් තිප්පිලි රජ මාලිගාවට දීලා.
දැන් මේවගේ කතාවල පෙන්වලා තියෙන්නෙ අන්න අර ඉෂ්ට දේවතාවො කියල තමන්ට යහපතට ඉන්න පිරිසක් හැදෙන තව ක්‍රමයක්. තමන්ගෙන් යහපතක්, අභිවෘධියක් ලබාගත්ත කෙනෙක් ඒ හේතුවෙන් තමා කෙරෙහි ප්‍රසාදයට පත්වෙලා, එයත් යහපතක් කරගෙන දේවත්වයක එහෙම හිටියනම්, ඒ දේවත්වයක ඉන්න එබඳු දේව පිරිස් ඉෂ්ට දේවතාවො වශයෙන් තමන්ට ඉෂ්ටත්වය ඉෂ්ටකරල දෙන්න, යහපත කරල දෙන්න ඒ අය වටා හිටිනවා. ඒ අයගෙන් රැකවරණ සැළසෙනවා. එහෙම නානාප්‍රකාර ක්‍රම යෙදෙනවා. දැන් තමාගේ මනස තමාට උත්තර දෙනහැටි දැනගන්නකොට, අපි හොඳට දන්නවා කවුරුත් හීන දැකල තියෙනවා. මේ හීන දැකපු පුද්ගලයින්ට අපි අපිට ආයිත් දැක්කහැකි නේ අපේ කය ඇතුලෙන්. මනසින් මවාගත්ත කයක් අපිට තිබුණෙ නැද්ද? එහෙම හැකියාවක් තිබුණෙ නැද්ද? අපි හීනෙන් අපේ රූපෙ දකින්නෙ නැත්ද? හීන දකින හැම කෙනෙක්ම තමාගේ රූපය තමා හීනෙන් දකිනවා. ඒ රූපයෙන් යන්න එන්නත් පුලුවන්, කතාකරන්නත් පුලුවන්, හිතන්නත් පුලුවන්. අපි හීන ලෝකෙදි ඒ රූපෙ ඇසුරෙ ඉන්නවා. මෙන්න අර තමාට ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා කිවුවෙ, ඒ තමාගේම මනස. අන්න ඒක තමයි ඒ එක් එක්කෙනාට ඉන්න එකම ඉෂ්ට දේවතාවා. තමාගේම මනස පුද්ගලත්වයෙන් තමා කරා ක්‍රියාත්මක වෙනහැටි.
අර බාහිර ඉෂ්ට දේවතාවො තමයි අරවගේ තියෙන සම්බන්ධවෙච්චි අය. ඉතින් ඒ නිසා එබඳු අයගෙන් උදවු ගැනීම කියනකොටම ඉතින් අපි දැනගන්න ඕනෑ, උදවු ගන්නවා කියන එකට නෙමෙයි බහින්න ඕනෙ. හේතුවට අනුකූලවනෙ ඵලය. කෙනෙකුට උදවු කළොත් අපිට උදවු ලැබෙන්න හේතුවෙනවා. හේතුවට අනුවයි ඵලය. අපිට උදවු ඉල්ලන්න කියන්න දේකුත් නෑ එතන. අපි කෙනෙකුට යහපතක් කරනකොට, හේතුවේ ඵලය අපි කරා යහපතක් ලැබීම. කෙනෙකුට උදවුවක් කරපුහම උදවු ලබන්න හේතු එතන යෙදෙනවා. ඉතින් ඒක මතුකරගන්නකොට කොහොමත් අපි ඉතින් ලෝකයේ බෞද්ධයෙක් හැටියට ඉන්නවනම්, කාටවත් අවැඩක් කරන්න හිතන්නෙ නෑ. හතුරු – මිතුරු භේදයක් නැතුව කාටහරි කරන්න පුලුවන් ඉහළම උදවුව කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. එහෙනම් මේ ලෝකෙදි අපිට හතුරුකම් කරන්න බලාපොරොතුවෙන් හිටපු කොටසක් හිටියත්, දහම් නොදන්න කාලේ අපි කරපු වැඩ වලින්, අලෝභ – අද්වේෂ – අමෝහ ගුණයෙන් යුක්තව කටයුතු කරමින්, යහපතක් උදවුවක් අපි නිතර කරන්න පටන්ගත්තොත් අර හතුරු ගති ඔක්කොම නැතිවෙලා යනවා.
හතුරුකම් කරන අමනුෂ්‍යය ලෝකෙ හිටපු කෙනෙක් හිටියත්, “අපි හතුරුකම් කෙරුවට අපිට හතුරුකම් කරන්නෙ නෑ, අපිට උදවුවක් කරන්නෙ, මොහුට හතුරුකම් කරන්න හොඳ නෑ…” කියලා ඒ අයත් යහපතට හිටිනවා. ඉතින් ඒ නිසා බොහොම යහපත්, දැහැමි ක්‍රමයකින් එබඳු ඉෂ්ටත්වයක් ලඟාකරගන්න පුලුවන්. ඉතින් විශේෂයෙන්ම ඉෂ්ට දේවතාවන්ට කියලා, එහෙම කියලා පිං අනුමෝදන් කරන්න ගිහාම අපි දකින්නෙ නැති පැත්තක් තියෙනවා. හැබැයි ඉතින් උදවු කරපු අයට කෘතෝපකාර සළකන ගුණයෙන් එහෙම කරන්නත් පුලුවන්. හැබැයි ඉෂ්ට දේවතාවො කියන්නෙ කවුද, අපි කෙරෙහි පැහැදිච්ච කොටසක් අපිට යහපත කරන්න ඉන්නවා. ඉතින් “මට කරන උදවුවට මමත් කෘතෝපකාරයක් කරනවා” කියලා විශේෂ කරලා ඉෂ්ට දේවතාවුන්ට පිංදෙන්න පුලුවන්, ඒක කෘතෝපකාර ගුණයක්.
හැබැයි උදවු ලබාගන්න බලාපොරොත්තුවෙන් යම් කෙනෙකුට කරන්න යන උදවුවයි, උදවුවක් කරපු ගුණය දැකලා ඒකට ප්‍රතිචාර වශයෙන් දෙන්නාවූ කෘතෝපකාරයයි දෙකක්. ඒකෙන් ශ්‍රේෂ්ට වෙන්නෙ කෘතෝපකාරය කරන එක, උතුම් ගුණයක්. ඒකට කිසිම ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහාදිය ගෑවීමක් නෑ. තමාට තමාගේ ලාභය කියල ගන්න, තමාගේ ලාභයට කරනවයි කියලා එකක් එතන සම්බන්ධවෙන්නෙ නෑ. අපි උදවුවක් ඉල්ලලා යම්කිසි විදිහක උදවු කරන්න ගියොත්, අපි මොනවාහරි පරමාර්ථයක්, ලාභ පරමාර්ථයක් බලාපොරොත්තුවෙන් තමයි අර උදවුව කරන්නෙ. ඒක පොඩ්ඩක් බාලයි. හැබැයි අපිට උදවු කරන අය ඉන්නවා, අපේ යුතුකමක් තියෙනවා ඒගොල්ලන්ට උපකාර කරන්න, උපකාරයට කෘතෝපකාරය. ඒක ශ්‍රේෂ්ටයි. ඒක අරිහතුන් වහන්සේ කරපු දෙයක්. ඒකට කිසිම රාගයක් ද්වේෂයක් මෝහයක් මූලික වෙන්නෙ නෑ, කෘතෝපකාරය.
උදවුවක් බලාපොරොත්තුවෙන් උදවු ගන්න හෝ උදවු කරනවා නම්, අපේ බලාපොරොත්තු වෙච්ච ලෝක සම්මතයෙන් යමක්, බලාපොරොත්තුවක් හා බැඳිලා තියෙනවා ඒ කරන උදවුව. ඒ හින්දා ඒක දුර්වලයි. යථාර්තය දැකලා කරන එක ඉතාම යහපත්. පැවැත්මේ බලාපොරොත්තුවක බැඳිලා, එය ලබාගන්න අපේක්ෂාව පැත්තක තියෙනවා. ඒ බලාපොරොත්තුව පැත්තකින් තියාගෙන ඒ සඳහා අපේ වැඩෙත් අපි කරනවා, උදව්වත් දෙනවා. මේ කාරණා දෙකක්. මේකෙන් වැඩිපුරම වටින්නේ අපේ බලාපොරොත්තුව සඳහා කරනවයි කියන එක නෙමෙයි, “උපකාරයට කෘතෝපකාර කරන එක උතුම් ගුණයක්, ඒ නිසා අපි ඒක කරනවා” කියල කරනකොට ඒ ටික කෙරෙනවා. අර කෙරෙන හරියක් ලැබෙනවා ඉතින්, ඒක ස්වභාවයෙන්ම ලැබෙනවා එතකොට.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස අර ඉෂ්ට දේවතාවො කියන අය, කර්මයට ඒගොල්ලො යටත් වෙනවද සාමාන්‍යයෙන්?
(ස්වාමීන් වහන්සේ): දැං මේ කර්ම බලවේගයන්ගෙන්, ඇත්තවශයෙන්ම මෙහෙමයි, කර්මයක් කරනකොට, පුද්ගලයෙක් කරන කර්මය, සමහර කර්ම තියෙනවා කෙනෙකුට වළක්වන්න බැරි ඒවා. උපක්‍රමයෙන් වළක්වන්න පුළුවන් කර්ම තියෙනවා, උපක්‍රමයෙන් වළක්වන්න බැරි කර්ම තියෙනවා. (ශ්‍රාවක මහතෙක් යමක් ප්‍රකාශ කරයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නෙ. උපක්‍රමයෙන්වත් වළක්වන්න බැරි ඒවා තියෙනවා. ඒවට තව කවුරුහරි එකතු වුනත් බෑ.
දැන් බුදුරජාණන් වහන්සේ කී වතාවක් ශාක්‍ය – කෝළිය යුද්ධය නවත්වන්න බලාපොරොත්තු වුනාද? තුන් වතාවක් තුළ උන්වහන්සේ උපක්‍රම යෙදුවා, දැහැමි උපක්‍රම; සම්‍යප්‍රයෝගයෙන් වැළැක්වුවා. නමුත් වළක්වන්න බැරිතැන උන්වහන්සේ පැත්තකට වෙලා නිහඬ වුනා. ඒකාන්තයෙන් ඔවුන්ට එන්න තියෙන එකක්. මෙන්න මෙහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා සියලුම පාපකර්ම ඒකාන්තයෙන් ඵලදෙන ඒවත් නෙමෙයි. ඒකත් කර්මයේ විපාකය එන්නෙ කර්මය කරපු හැටියට අනුවයි. උපක්‍රමයෙන් මිදිලා යන්න ඉඩ තියලා කරපු කර්මයක් ඇත්නම් උපක්‍රමයෙන් මිදෙන්න හේතු ඇති විපාකයක් ලබනවා. ඒකට උපක්‍රමයෙන් මිදීමට අවශ්‍යය කටයුතු කළොත් අපිට ඒ විපාකෙන් ඒ අනුව ප්‍රතිඵලයක් ලබාගන්න පුලුවන්, රැකවරණයක් ලබාගන්න පුලුවන්. එහෙම රටාවක් තියෙනවා ඒකෙ.
දැන් ඒ ක්‍රම ඉස්සර දැනගෙන හිටපු නිසා තමයි ඔය ආදි පැරණි අය සටන් කරන්න ගිහිල්ලා එකපාර හොරෙන් ගහන්නෙ නෑ. ප්‍රසිද්ධියේ කියාසිටිනවා, වතා තුනක් දැනුම්දෙනවා. “සටන් කරන්න එනවද, යටත් වෙනවද? යටත් වුනොත් සටන් කරන්නෙ නෑ. ඒ නිසා සටනක් නැතුව යටත් වෙන්න, විනාශ වෙන්න එපා.” එහෙම දෙපැත්තට කියාගන්නවා.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස, හමුදාවෙනුත් ඔය කොළයක් බෙදන්නෙත් ඒකනෙ…
(ස්වාමීන් වහන්සේ): අන්න, බෙදන්නෙත් ඒකනෙ, අදත් ඒකට අපේ අස්සන ඒවයෙ තියෙනවා. එහෙම කරලා අන්තිමට තමයි, තුන් වතාවක් අවස්ථාව දීලා තමයි සටන් කරන්නෙ. මොකද ඒ කර්මයට විපාක එන්නෙ කවදහරි විපාක දෙන දාට “උඹ ගුටිකනවද, යටත් වෙනවද?” අපෙනුත් අහනවා. ඕන්නම් අපිට පුලුවන් “යටත් වෙන්නම් ගුටිකන්නෙ නැතුව” කියලා බේරිලා යන්න, අන්න කර්මයට විපාක වශයෙන් එනවා. යටත් නොවුන නිසා ගුටිකන්න නම් සිද්ධවුනේ, ගැහුවා නම්, අපිටත් ඒ කර්ම විපාකය එන්නෙ යටත් නොවුනොත් ගුටිකන්න. ඒ හේතුවට ඵලය ලැබෙන්නෙ එහෙමයි. ඒක තමයි පිං පවු දෙකෙන් තෝරන්නෙ නැතුව හේතු ඵල වශයෙන් තෝරන එක හරි පහසුයි, පැහැදිලියි, කර්ම විපාකය කියන එක.
{ 1:08:42 } : සකෘදාගාමී, අනාගාමී ඵලවල ස්වභාවය හා ප්‍රත්‍යවේක්ෂා නුවණ ගැන…
(ස්වාමීන් වහන්සේ පැණයක් කියවති): දැන් මේ සකෘදාගාමී ඵලය සහ අනාගාමී ඵලයේ ස්වභාවය සහ එම ඵලයන්හි ප්‍රත්‍යවේක්ෂා නුවණ ගැන ගැඹුරින් පහදා දෙන්න.
(ස්වාමීන් වහන්සේගේ පිළිතුර): දැන් මේක මම එදත් කිවුවා, ඔයිට ඉස්සෙල්ලා දවසකුත් ඕක කිවුවා. මේ ඵලයක් ලබන පුද්ගලයා පිළිබඳව ඒ ඵලය ලැබූ කෙනාගේ මානසිකත්වය ඊට පල්ලෙ කෙනාට නෑ. ඉතින් අපි එයාගෙ විස්තර ටික අනුමාන වශයෙන් දැනගන්න කෙනෙකුට කියන්න පුලුවන්, නමුත් ඒ කියන ඒ ඵලයේ ස්වභාවය ගැන කියන්න ගියාට පස්සෙ අපි දත්තයන් ලබන්නෙ අපේ දැනට තියෙන දත්තයන් තුළින්. ඒකෙ නියම යථාර්තය අපිට වටහගන්න බැරුව යනවා එතෙන්ට පත් නොවුන කෙනෙකුට. දැන් සකෘදාගාමී ඵලයට පත්වුන කෙනෙක්ගෙ ස්වභාවය මොකද්ද කියපුහම, දැන් එතකොට එයා යම්කිසි දුකක් දැක්කා නම්, එයා “මං ඒ දුකෙනුත් නිදහස්” කියලා එයා කියන්න පුලුවන්. ඒ දුක සෝවාන් පුද්ගලයා හිතන් ඉන්නෙ තව සැපක් හැටියට. එයාට හිතිලා නෑ ඒක අහක් කරන්න තරම් නොවටිනා දෙයක් කියලා.
දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්, සෝවාන් පුද්ගලයා අඹු දරුවන් පෝෂණය කරගෙන, පවුලේ සමගියෙන් ඉන්නවා සතුටෙන්. එතකොට අර සකෘදාගාමී පුද්ගලයා ගැන කියන්න ගිහාම එයාට කිවුවොත් එහෙම, “නෑ නෑ එයා ඒ කසාද බඳින ඒවා ඔක්කොම පැත්තකට දාලා සතුටෙන් ඉන්නවා” කිවුවොත්, “අනේ මන් දන්නෑ, ඒක සතුටක් කියලා මටනම් පේන්නෙ නෑ. පාළුවක් වගේ පේන්නෙ…” අන්න එයාට පේනවා එහෙම එකක්. මොකද, එයා ඒ තත්වයට පත්වෙලා, ඒක ලබලා නැති නිසා, ඒ ඵලයේ ස්වභාවය ලබලා නැති නිසා එයාට කිවුවට ඒක සැනසුමක් කියලා එයාට ඒක ඇත්තවශයෙන්ම තේරුම්ගන්න බෑ සැනසුමක්ද කියලා; අත්දැකීමක් නැති නිසා.
එහෙනම් මේ ගැඹුරින් විග්‍රහ කරලා ගත්තත් මේ විදිහෙ ස්වභාවයන්, මේ සකෘදාගාමී ස්වභාවය, සකෘදාගාමී තත්වටයට එන කෙනාම දැනගන්න ඕනෙ. හැබැයි මාර්ගයක් තියෙනවා, අනුගමනය කරගෙන යනකොට තමන්ට එතෙන්ට පත්වුනහම එතෙනදිම ඒක දැනගත්තහැකි. කල්තියා දැනගෙන ඒකෙන්, නොදත් දත්තයන් පිළිබඳ විස්තරයක් අපි කල්තියා විමර්ශනය කරලා තීරණය කරන්න ගියොත් බොහෝකොට අපේ තීරණය නියම යථාර්තයට වෙනස් වෙනවා. ඉතින් ඒනිසා, එතකොට වෙන්නෙ මොකද යථාර්තයේ ඵලය ලබන්න අමාරු වෙනවා.
අපිට දකින්න තියෙන එකම ක්‍රමය මොකද්ද, රාගක්ෂයට ද්වේෂක්ෂයට මෝහක්ෂයට හේතුවෙන මාර්ගයක් තියෙනවනම්, මාර්ගය අනුගමනය කරගෙන යන පුද්ගලයට අනුන්ගෙන් අහන්න ඕනෙ නෑ ඵලයෙ ස්වභාවය. ඒක එතෙන්ට පත්වෙනකොටම ඒක දකිනවා. එහෙම රටාවක් තියෙනවා. ඒ ඒ ස්වභාවය තම තමන්ටම වැටහෙන්න පටන්ගන්නවා. “මේ වැඩෙන්නෙ මාර්ගයයි, මේ ලැබුණෙ ඵලයයි…” එහෙම දැකගන්න පුලුවන් ක්‍රමයක් හැදෙනවා. සමහරවෙලාවට ඵලය ලැබුණු අවස්ථාව එවෙළෙ මතක නැතිවෙන්න පුලුවන්. ඒ නුවණ මෝරලා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහලවෙනකොට, එතකොට දකින්න පටන්ගන්නවා “මට මේ අහවල් දවසෙ, අහවල් වෙලාවෙදි මෙහෙම අහනකොට මෙන්න මෙහෙම මානසිකත්වයක් ඇතිවුනා, ඒ විශේෂත්වය මට දැන් මතකයි…” අන්න පස්සෙ මතක්වෙනවා. මෙන්න මෙහෙම තේරුම්ගන්න පුලුවන් වෙනවා.
දැන් සකෘදාගාමී පුද්ගලයා කාමරාගයයි පටිඝයයි දෙක තුනී කරපු කෙනෙක් කියලා අපි කියනවා. දැන් මේක අපි කිවුවට ඕක අපිට තේරුම්ගන්න බැහැ, කාමරාගය තුනී කරගත්තෙ කොහොමද? ගහන්න එනවා, එයාට තරහා යන්නෙ නැති තත්වයට පත්වුනේ කොහොමද? “මන්දා, මටනං ගහන්න ආවොත් කන පැළෙන්න ගහනවා…!” කියල හිතෙනවා, අහපුහම කියනව එහෙම.
“මට ගහන්න ආවොත් මං උගෙ කන පැළෙන්න ගහනවා, ආයි මං නම් බල බලා ඉන්නෙ නෑ…”
“නෑ නෑ, ඊටවඩා ශාන්තියට පත්වෙච්චි කෙනෙක් ඉන්නවා. එයා ගුටිකාලා නිකං ඉන්නවා..” කිවුවොත්?
“මල මගුලක් නෙ යකෝ ඒක, ගුටිකාලා නිකාඉන්න එක මොන ශාන්තියක්ද? වෙන්ඩත් බැරි වැඩක් නෙ…” එයාට කවදාවත් ඒක ශාන්තියක් කියල පේන්නෙ නෑ.
“මට ගහන්න ආවොත් මං ඔලුව පාත්කරලා, ගුටිකාලා නිකන් ඉන්නවා, ඒක මට සැපයි…” කියලා කෙනෙක් කිවුවොත්
“මෙකා මහ බයගුල්ලෙක්නෙ, මට ගහන්න ආවොත් නං මැරුණත් කමක්නෑ ඌ, ගහනවා පොල්ලකින් හරි; කෙළ ගහලා හරි මැරෙනවා….” කෙනෙක් ඔහොමත් කියනවා. “මං නං යටත්වෙන්නෙ නෑ..!” එයාට හිතෙන්නෙ ඒක සුවයි කියලා.
ඉතින් මේවගේ එක එක්කෙනාගෙ තියෙන මට්ටම් වලදි, එයා ඒ තත්වය ඉක්මවනකොට, අත්හැරීමේ නෝඇල්මේ මිදීමේ රාගක්ෂයේ ද්වේෂක්ෂයේ මෝහක්ෂයේ තියෙන ශාන්තිය දකින්න බෑ. ඒ ශාන්තිය දකින්නෙ වික්ෂිප්තවමයි. “ඒක ශාන්තයි, ප්‍රණීතයි” කියලා කිවුවට ඒක දකින්නෙම නෑ. “කෙනෙක් බණිනකොට හිනහවෙලා, එයාගෙ හිත රිදවන්නෙ නැතුව ඔයාගෙ පාඩුවෙ ඉන්නකො, හරි ශාන්තයි – ප්‍රණීතයි” කියලා කිවුවොත්, දැන් අපි අහනවා ඇත්තවශයෙන්ම මට ඒක තේරෙනවද කියලා බැලුවොත්, දැන් අපි දන්න නිගමනය මොකද්ද? “හිනහවෙලා ඉන්නවා කියන්නෙ, අනේ මං දන්නෙ නෑ, ඒ තරම් මහ නෝංජල් වෙන්න මටනං බෑ, මටනං බෑ ඕකුන්ට යටත්වෙන්න. හිනහවෙලා ඉන්න, බණින්න ආවම බණින්නෙ නැතුව ඉන්න… යකෝ මං උන්ගෙ මොක්කුද මං? උංගෙ කවුද එහෙම ඉන්න මං?” අපිට එහෙම හිතක්මයි කොච්චරහරි එන්නෙ. “ඒක උතුම් ගුණයක්, ඒක ශාන්තයි – ප්‍රණීතයි” කිවුවට කවදාවත් අපි ඒකෙ නෑ.
ඒකට ආපු කෙනාට, “ඉස්සර නං මට මෙහෙම එකක් තිබුණා තමයි, ඒකාලෙ මටත් හිතුණෙ මෙහෙමයි. ඒ හින්දා ඒ කාලෙ මට කවුරුහරි කිවුවනම් එහෙම මේ තත්වය ශාන්තයි – ප්‍රණීතයි කියලා, මං පිළිගන්නෙ නෑ නෙ… මට මතකයිනෙ මං ඒකාලෙ ගත්ත තීරණ එහෙම…” කියලා අන්න එයාම දකිනවා, අත්දැකීම් තියෙනවා. ඉතින් මේ වගේ ඒ ඒ තත්වයට පත්වුන කෙනාම ඒ ශාන්තියෙ අත්දැකීම් ලබනවා මිසක්, කල්තියා මේකෙ වැඩි විස්තරයක් අරගෙන ඒ අත්දැකීමට ගන්න බෑ. මූලික ධර්මයක් තියෙනවා, එයාට කාමරාගයයි, නැත්නම් ඇලීමයි ගැටීමයි දෙකෙන් බොහෝම සීමා සහිත මාත්‍රයයි තියෙන්නෙ කියලා.
අනාගාමී වෙච්ච කෙනෙකුට ඇලීමක් – ගැටීමක් නෑ. එයාට බැන්නට තරහා යන්නෙත් නෑ, රාගය ද්වේෂය තියෙන පංචකාම අරමුණු ආවයි කියල ඒවයෙ බැඳී රැඳී යන බලාපොරොත්තුවකුත් නෑ. එහෙම එකක් එයාට නෑ කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඔයින් එහාට හොයන්නෙ නැතුව ඉඳලා කවදහරි අත්දැකීම ලැබූ දාට “අන්න අර කිවුව වචනෙ යථාර්තය දැන් මට පේනවා” කියලා තමන්ටම දැනගන්න හම්බෙනවා. ඒක තව හාරාවුස්සලා ගන්න ගියාට ඒ දත්තයන් අපිතුළ අභ්‍යන්තරයේ නැත්නම් ඒකෙ යථාර්තය මතුකරගන්න බෑ. තව කෙනෙකුට ඒක දැනුම්දෙන්න බෑ, “මේ රහයි මේ ස්වභාවය…” කියලා; ඒක අත්දැකලා නැති නිසා. ලුණු කාපු නැති කෙනෙකුට ලුණු කැටයක්, ලුණු රහ කොහොමද ඇහුවොත්, අපි එයාට කියනවා “ලුණු, ලුණු රහයි” කියන්න පුලුවන්. “මට ලුණු රහ කියාදෙන්නකො…” දැන් කොහොමද කියාදෙන්නෙ ලුණු රහ? “මෙන්න මේ ලුණු කැටේ කාලා බලන්න” කියල දුන්නොත්, ක්ෂණයකින් දිවේ ගාපු සැනින් එයා ලුණු රහ වැටහෙනවා. හැබැයි ඒකට ක්‍රමයක් දුන්නා, ඒ හැඟීම ගන්න.
මේ ලෞකික ක්‍රමයක් වන් ලුණු රස කියන මේ සංඥාවක්, ඒ සංඥාව වත් කෙනෙකුට දෙන්න ක්‍රමයක් නෑ ඒකට අවශ්‍යය අත්දැකීම අවශ්‍යය දේ දීලා, ඒ තුළින් ගොඩනඟලා දෙනකන්. එහෙනම් මේ සංඥා නිරෝධයේ තිබෙන්නාවූ ශාන්තිය, ප්‍රණීතය කියලා, අනන්ත සංසාරෙ අත්නොදැකපු මේ හැඟීම, මේ ස්වභාවය මොනවයින් කියාදෙන්නද? කොහොමද වටහාගන්නෙ? සමහර වෙලාවට අනුමාන වශයෙන් වටහාගත්තත් යථාර්තය වැටහෙන්නෙ නෑ, ඒකත් වැහෙනවා. හැබැයි මාර්ගය අනුගමනය කළොත්, ලුණු කැටේ කෑවා වගේ. එතකොට ඵලය තමන්ටම දකින දාට දකිනවා. ඉතින් ඔතනින්ම දැනගන්නවා මිසක් එයින් එහාට අපිට මේ පිළිබඳව දැනගැනීමේ තේරුමකුත් නෑ. හැබැයි එකක් දකිනවා, අපි විශ්වාසයක් තියලා තියෙනවා, “මෙබඳු උත්තමයන්ගෙ මේ මේ ස්වභාවයයි” කියල තියෙනවා. එතෙන්ට පත්වුනු දාට ඒක දැනගත්තහැකි.
ඒකෙ මුලක් කිවුව තැනක් පොඩ්ඩක් හරි ඇවිදින් තියෙනවා නම් මේ ආර්ය මාර්ගය තුළින්, ඔහු දැනගන්නවා “මේකෙ මේ ඉස්සෙල්ලාම කිවුව හරිය මට තියෙනවා, මට මේ ආත්ම වශයෙන් අල්ලගන්න, වටිනවා කියලා හිතන්න, එහෙම දෘෂ්ටියක් නෑ, මේවයෙ ඔක්කොම ලෝක ස්වභාවය මට පේනවා. මේ හටගන්න යමක් ඇත්නම්, සාරධර්මයක් වශයෙන් ගන්න වටිනා එකක් නෙමෙයි මේවා, කැමති සේ පවතින ඒවා නෙමෙයි. විපරිණාමයට පත්වෙලා වැනසෙන එක ඒ ස්වභාවයක් මේකෙ තියෙනවා. හටගත්ත ඒවට සිද්ධවෙන දෙයක්. ඒක සැපයි කියලා ගන්න ගියොත් දාහයට පත්වෙන්න වෙන බවත් ඇත්ත. කොච්චර මගෙ බලාපොරොත්තු තිබුණත්, මගෙ බලාපොරොත්තු සියල්ල කෙළවර කරලා ඒකට උරුම ධර්මතාවයේ පරිදි ඒකෙ වැනසීම තියෙනවා. එබඳු ධර්මතාවයක් ඇති දෙයක් කොච්චර මම කිවුවත්, මගෙ කිවුවත්, මගෙ ආත්මය කිවුවත්, ඒක වෙන්නෙ නැති දෙයක්. මේ වැටහීම මට තියෙනවා. එහෙනම් මේකට කියනවා, මේ වැටහීම නැතුව එහෙම වටිනා දෙයක් ගැන හිතං ඉන්නවා නම් “ආත්ම දෘෂ්ටිය”. දැන් මට ඒ ආත්ම දෘෂ්ටිය නෑ. දැන් ඒක වැටහෙනවා, අත්දැකීමත් තියෙනවා. ඒක නැතිවුනේ මොකක් අහලද? අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් මේ ලෝකෙ යථාර්තය දැකලා. සිවු දහමට අනුව සිහිකරපුවාම ඇත්ත කියලා වැටහුනා.
එහෙනම් ඒ වටහාගත්තෙ ධර්මානුකූලව මිසක්, මේ නිකන් කාටවත් කියලා රැවටිලා මේ “මේක මට වැඩක් නෑ, මේ ආත්මවාදී වශයෙන් ගන්න දෙයක් නෑ” කියලා මං නිකං කවුරුවත් වගේ කියමනට කිවුවා නෙමෙයි, ධර්ම අවබෝධය තුළින්මයි මං මේ අත්දැකීමෙන්මයි හෘදසාක්ෂියට අනුව කියන්නෙ” කියලා සැක නැතුව කිවුවහැකි. ඉතින් මට ලබාගන්න එකක් තියෙනවානම් නේ මම උත්සාහ කරන්න ඕනෙ, වීර්ය කරන්න ඕනෙ ලෝකෙ. මෙච්චර කල් උත්සාහයෙන්, වීර්යයෙන් ලබලා තියෙන්නෙ අනිච්ච දේවල්, දුක්ඛ දේවල්, අනත්ථ දේවල් නම්, උත්සාහය – වීර්යය ඕනැ කරන්නෙ අනිච්ච දුක්ඛ අනත්ථ දේවල් නිපදවන්න මිසක්, ඒකෙන් අත්හැරෙන්න, මිදෙන්න නෙමෙයි. අත්හැරෙන්න – මිදෙන්න කරන්න ඕනෙ මොකද්ද? මෙතෙක් කල් කරපු මුලා උත්සාහය අත්හරින එක මිසක්, අමුතු ඒවා ගොඩනඟන්න උත්සාහයක් එතන නෑ. එහෙනම් “වෘත පරාමර්ශනය” කරලා ලබන ඵලයක් නෙමෙයි නිවන කියන්නෙ. මෙච්චර කල් පරාමර්ශනය කර කරා හිටපු සියලු වෘත පැත්තකට දාලා නිදහස් වීමෙන් ලබන දෙයක්. “සීලබ්බත පරාමාසය” කුත් නෑ.
එහෙනම් ඔය ටික තමංගෙ අත්දැකීමට තියෙනවා නම්, “සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන එක සෝවාන් පුද්ගලයට නෑ” කියන එක තමන් අත්දකිනවා නම්, ඉතින් තමන් දකිනවා “අත්හැරීමේ ශාන්තියක් මට ලැබිලා නැත්ද? අසීමිත බලාපොරොත්තු දැන් මට තියෙනවද? මගෙ අසහනයත් අසීමිතද?” බලනකොට පේනවනෙ නෑ කියලා. ඒවා සීමිත වෙලා තියෙනවා, අසීමිත බලාපොරොත්තු නැත්නම්, “මං අසීමිත අසහනයෙන් මිදිලා” කියන එක තමන්ට තේරෙන්නෙ නැද්ද? අන්න පළවෙනි නිවන් සුවය.
ඉතින් තවදුරටත් පූර්ණ වෙලා එනකොට, රැස්කරගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා තව. අසීමිත රැස්කිරීම් නෙමෙයි, පංචකාම ආස්වාදය ඇරිලා නැති නිසා ඒ සඳහා අවශ්‍යය කරන්නෙ යමක්ද, සීමා සහිත මට්ටමකට සීමාවෙච්චි මානසිකත්වයක් තුළින් ඒකට අවශ්‍යය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ඵර්ශ ඇසුරු කරනවා. ඒවගෙ හරියක් අයිතිය යටතේ පාලනය කරගෙන ඉන්න කැමැත්තක් තියෙනවා, රැස් කරගෙන ඉන්න බලාපොරොත්තුවත් තියෙනවා. ඒ රැස්කරගන්න ලැබුණම සතුටක් වගේ දකිනවා. හැබැයි ඊටපස්සෙ ඒකෙත් දකිනවා, නානාප්‍රකාර ආදීනව.
“මං මේ වටිනා දෙයක් කියලා අල්ලගෙන ඉන්න හැදුවත් මොන හරයක්ද ඕකෙ තියෙන්නෙ? සතුටු වෙවී ඉන්න තරම් වටිනා දෙයක් නෑනෙ මේ ගෙවිලා යන ලෝකෙක, කැමති සේ නොපවතින එකක් නෙ මට මේ හම්බෙලා තියෙන්නෙ… මේ මන වඩන රූපයක්, හොඳ එකක් හොයන්න ගිහිල්ලා මට වෙච්චි දේක හැටි! දැං මට ඒක රැක රැකා ඉන්න එපැයි. අනිකා ඒ පැත්තෙන් ඇහැ ගහනවා, බල්ලන්ට අහුවෙච්ච මස් කට්ටක් වගේ, උකුස්සන්ගෙ මස් කැටියක් වගේ. ලස්සන එකක් ගෙනත් තියාගෙන දැන් මට ලස්සන එක රකින්න වෙලා තියෙන්නෙ, හරි කරදරේ…” අන්න දකින දවසක් එනවා. “මේ අසාර ලස්සනක් පස්සෙ ගිහිල්ලා, මේක මගෙ කරගන්න ගිහිල්ලා, මට වෙච්චි මෝඩකමක හැටි. දැං ඉතින් මං කොටුවෙලා ඉන්නවා ඒක රකින්න, පෝෂණය කරන්න. මං මොනවා කරන්න හැදුවක් ඒක මගෙ කැමැත්තට තියෙන එකක් නෙමෙයි. ඉතින් මං ගැටි ගැටී දඟලන්නෙ මොකටද නිකං…”
මෙන්න මෙහෙම දකිනකොට, “මං මේ එකතුකරගත්ත දේ නේ මට දුක් දෙන්නෙ” කියලා, “මං මේක මගෙ කියලා අල්ලගත්තෙ නැත්නම් ඒ සම්බන්ධයෙන් මං ඉවත්වුනා නම්, මොනවා වුනහම මගෙ මොකද? මේ මගෙ කියලා රක්ෂණය කරන්න, පෝෂණය කරන්න, මගෙ කියන කොටසට අයිතිවාසිකම් කියන්න කොටුකරගත්ත නිසා, ඒ නිසා මට මහා ආදීනව ගොඩකට කොටුවෙලා දැවෙන්න සිද්ධවුනා.” මේ දැවීම ඇති තැන දුකයි, දාහය – අසහනය නැති තැන ශාන්තයි කියලා අත්දැකීම, මූල අත්දැකීම දැක්ක කෙනා කොහොමවත් නවත්වන්න බෑ, අත්හැරීමේ ශාන්තියෙන් අහකට පන්නන්න බෑ. එයා එතැන් පටන් දකිනවා “අත් ඇරපු තරමට, නො ඇලිච්ච තරමට, මිදිච්ච තරමට ශාන්තයි, ප්‍රණීතයි, මං අත්දැකලා තියෙන්නෙ” ඇසුරුකරන එකක් ගානෙ ඔහු දකින්නෙ “ඇසුරු කරනකොට ගිණි, අත්හැරපුහම ශාන්තයි. මොකටද ඇසුරු කරන්නෙ? ආස්වාදයට තියෙන ප්‍රියමනාපය නිසා ඇසුරු කරනව. ඒක නොතිබුණා නම් එහෙම මට කොහොමත් පැත්ත පළාතට වත් ගන්න ඕනෙ නෑ.”
ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා. “ආස්වාදයට ගිහිල්ල තමයි, මේ මර උගුල හින්දා තමයි මේ දුකට අහුවුනේ. ඕකෙන් අහකට යන්න බැරිද?” කියලා අහනවා මනස. හැමවෙලේම මනස කියන්නෙ “ප්‍රිය මනාප ආස්වාදයන් පස්සෙ ගිහිල්ලා, ඒකෙ රිංගන්න ගිහින් තමයි මං මේ දාහ සහගත උගුලට කොටුවුනේ. මේ හරයක් ඇති එකක් නෙමෙයි…” දැන් අමුතුවෙන් බුදුන් වඳින්න ගියෙ නැතත්, මොනවා කරන්න ගියෙන් නැතත්, බණ අහන්න ගියෙ නැතත් ඔය මානසිකත්වයේ සත්‍යය වැඩෙන්න පටන්ගන්නවා ඇතුලෙ. ඕක ඇත්ත, ඔය තියෙන්නෙ. ඔය මොහොතක් ගානෙ වැඩෙනකොට අන්තිමට මොකද වෙන්නෙ? “ආස්වාදය මර උගුලක්! ආස්වාදය මර උගුලක්! මේක තමයි මේ ඔක්කොටම කොටුකරන්නෙ” කියල අර එච්චර කල් අවිද්‍යාවෙන් වැහිලා ආස්වාදය හරි ශාන්තයි, ප්‍රණීතයි, හොඳ එකක් කියලා හිතං හිටපු මානසිකත්වය නැතිවෙලා ආස්වාදයේ යථාර්තය වැටහෙන්න පටන්ගන්නවා. ආස්වාදයේ වටිනාකම මොහොතක් ගානෙ ඔහොම හිතනකොට බහිනවා. ආස්වාදය නිසා වහල තිබිච්ච අර ආදීනව ගොඩ, ආදීනවයෙහි යථාර්තය වහලා තිබුණා අර ආස්වාදයෙන්. ආස්වාදයේ වටිනාකම බහිනකොට ආදීනවයේ නියම යථාර්තය පේන්න පටන්ගන්නවා. එතකොට ඉස්සෙල්ලා දැක්කෙ ඉතාම පුංචි දේ මහමෙරක් වගේ දැන් ආදීනවය දකිනවා. අන්න “දුක්ඛ ආර්ය සත්‍යය” දැක්කා, සකෘදාගාමී කෙනා. සෝවාන් වෙච්ච කෙනා දැක්ක දුක්ඛ ආර්ය සත්‍යය ඉක්මවා ගිය දුක්ඛ ආර්ය සත්‍යයක් සකෘදාගාමී ඵලයෙන් දැක්කා.
කොයි මොහොතකදි හරි “ආස්වාදය මහ දුකක්, ආස්වාදය මුලාවක්…” ඔය ක්‍රමයට වැටහිලා, ආස්වාදය දෙවෙනි කරලා ආදීනවය පළවෙනි වෙච්චි එක අවස්ථාවක් එනවා, ඒක සංධිස්ථානයක්. ආස්වාදයේ වටිනාකම අඩුවෙලා ආදීනවය වැඩියෙන් පේන්න පටන්ගන්නවා, ඒකෙ ප්‍රතිඵලය මොකද්ද? “අත්හරින්න ඕනෑ! අත්හරින්න ඕනෑ! මේකෙන් මිදෙන්න ඕනෑ!” කියන හැඟීම මතුවෙන එක. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ආස්වාදය පල්ලෙහට බැහැගෙන ගිහිල්ලා, ආදීනවය වැඩිවීගෙන ගිහිල්ලා යනකොට ආදීනවයට පළවෙනි තැන ඇවිදින් ආස්වාදයට දෙවෙනි තැන ආපු යම්කිසි මිම්මක් කොතනද හැදුනෙ, අන්න එතෙනදි පරිවර්තනයක් වෙලා දකිනවා විශාල වශයෙන් දුක දැකලා අත්හැරියාම. එතැන් පටන්ගෙන ආස්වාදය දෙවෙනියි, ආදීනවය පළවෙනියි.
අන්න ආස්වාදය දෙවැනි වුනානම් යම් තැනකදි, ආයි ඵලයක් ලැබෙනවා. එතන පටන්ගෙන එයා ආස්වාදය පළවෙනි කරන්නෙ නෑ ආදීනවය පළවෙනි කරන තැනක් එනවා. අන්න “රැස්කරගන්න එක මහ ආදීනව සහිතයි” කියලා රැස්කිරීමේ තිබිච්ච ආස්වාදය දෙවෙනි කරලා, රැස්කිරීමේ ආදීනවය පළවෙනි වෙච්ච මොහොත ආපු වෙලාවෙදි රැස්කරන බලාපොරොත්තුව සිඳිලා ගියා. ආයි ඒ බලාපොරොත්තුව එන්න විදිහක් නෑ. යථාර්තයේ ඉතින් ඔතෙන්ට ආවෙ.
හැබැයි ඒවුනත් තව “විඳින” බලාපොරොත්තුව තියෙනවා, පංචකාම ආස්වාද විඳින බලාපොරොත්තුව. තව ඒක පළවැනියි. පංචකාම ආස්වාද විඳින්න ගිහිල්ලා ලැබෙන ආදීනවය දෙවෙනියි තව. නමුත් එතන පටන්ගෙන ඔහුගෙ මනස ක්‍රියාත්මක වෙනවා “පංච කාමයෝ මර උගුල්, පංච කාම මර උගුලට යන්න ගිහින් තමයි මේ ආදීනව වලට කොටුවෙලා ඉන්නෙ…” ආදීනවය – ආදීනවය හැටියට දකිනවා, ආස්වාදය මර-උගුලක් හැටියට දකිනවා. ආස්වාදය කෙරෙහි යම් වටිනාකමක් තියෙනවද, බහින්න පටන්ගන්නවා. ආදීනවය පිළිබඳ යම් නොතේරුම්කමක් තිබුණද, දැන් වැඩිපුර තේරෙන්න පටන්ගෙන තියෙනවා. තව තවත් අත්හැරෙන පැත්තට ආදීනවය දකින්න පටන්ගන්නවා. ආස්වාදය දෙවෙනි කරලා ආදීනවය පළවෙනි කරන මට්ටමක් ආපු දාට “ටක් ගාලා” ආයි පරිවර්තනයක් වුනා, අනාගාමී පරිවර්තනය. දැන් එතන පටන් එන කාමාස්වාදයන්ට කවදාවත් පළවෙනි තැන දෙන්නෙ නෑ. ආදීනව පළවෙනි තැන අරගෙන ආස්වාදය දෙවෙනි තැනට ගත්ත ගමන්ම කාමයට හිත හිටින්නෙ නැතුව යනවා. අන්න “කාමරාග” ඇතිවෙනකොට කාමරාගය නිසා යම්කිසි ආකාරයක ගැටීමක් තිබුණා නම්, ඇලීම නැතිවෙනකොට ගැටීමත් ඉවරයි. ඒ දෙකම සිඳිලා යන වෙලාව. හැබැයි තව ජීවත්වීම ආස්වාදජනකයි, ආස්වාද සහගතයි. හැබැයි ජීවත්වෙන්න ගියාම තියෙන ආදීනවය අර ජීවත්වීමේ ආසාව නිසා තියෙන ආස්වාදයෙන් වැහිල තියෙන්නෙ.
දැන් “ජීවත්වෙන එකත් මර උගුලක්. ජීවත්වෙන එකයි දුක. ජීවිතය කවදහරි නැත්ද, ඒ දුකෙන් එදාටයි නිදහස්, පැවැත්ම යම්තැනක නැත්ද, එතනයි නිදහස්” ඔය විදිහට දැක දැකා ජීවත්වෙන ආසාව කපාහරිනවා. ජීවත්වෙන්න ගිහිල්ලා “මං මේ මේ ආකාර දුක් විඳින්න සිද්ධවෙනවා” කියලා ඇතිනෙ, විවිධාකාර දුක් දකිනකොට ජීවත්වීමේ ආදීනව වැඩිවෙන්න පටන්ගන්නවා. කොයිවෙලේ හරි ජීවත්වීමේ ආසාව දෙවෙනි කරලා ජීවත්වීමේ ආදීනව පළවෙනි වෙච්ච මොහොත දාපු දාට “අරිහත්” වෙනවා. එදාට ජීවත්වෙන බලාපොරොත්තුව දෙවෙනියි. ඒ හින්දා කොයි මොහොතෙ මළත් කිසි කිසි බයක් නෑ. පැවැත්මට කිසිම ආකාරයකින් තැන දෙන්නෙ නෑ. පැවැත්ම හොඳයි කියලා කවදාවත් නිගමනයක් එන්නෙ නෑ එතැන් පටන්. හැබැයි ඉතින් කරන්න දෙයක් නැතුවට පැවැත්ම ගෙනියනවා පිරිනිවන් පානකල්.
අන්න අවස්ථා යන හැටි. ඉතින් ඔය අවස්ථාවන්ට එනකම්ම අපිට ඔය කිවූ ආකාරයෙන් ඔය ටික කිවුවට, ඕකෙ යථාර්තය වැටහෙන්නෙ නෑ. යථාර්තය වටහාගන්න බැරි විදිහට ආස්වාදය වහලා තියෙන්නෙ. කවදාහරි ආස්වාදයන්ගේ ආදීනව දකින්න පුරුදුවෙන්න ඕනෙ, ඒ වගේම එතෙක් නොදැකපු ආදීනවය යළි යළි සිහිකරලා ආදීනව – ආදීනව වශයෙන් දකින්න පුරුදුවෙන්න ඕනෙ. “ආස්වාදය – ආස්වාදය හැටියට, ආදීනවය – ආදීනවය හැටියට, නෙක්ඛම්මය – නෙක්ඛම්මය හැටියට දැක්කහම මාර්ගය පූර්ණය වෙනවා” {{ ත්‍රිපිටක සූචිය }} කියලා පෙන්වනවා. හැබැයි ආස්වාදය – ආස්වාදය හැටියට දකින්න ඕනෙ කියලා පොත්වල ලියලා තියෙනවා, මේක විග්‍රහ කරගන්න බැරුව. ඉතින් ලෝකයා හිතන්නෙ “සුවය සුවය හැටියටම දකිනවා” කිය කියා ඉන්නවා.
ඒ සුවයේ යථාර්තය දකිනවා නම්, “සුවය මර උගුලක්” කියලා දකින්න ඕනෙ. එතකොට තමයි ඒකෙන් මිදෙන්නෙ, ඒකෙ යථාර්තය දැක්කෙ. ආස්වාදය ආස්වාදය හැටියට දකින්න නෙමෙයි, ආස්වාදයේ යථාර්තය දකින්න. ආස්වාදය, ආස්වාදය හැටියට දැක්කම අවිද්‍යාවෙන් ඉඳගෙන අවිද්‍යා සහගතව බල බලා ඉන්න එකනෙ කරන්නෙ. ආස්වාදය අවිද්‍යාවේ තීරණයක්, “වටිනවා” යි කියන එක. ඒක එසේම දැක දැක හිටියොත් එයා අවිද්‍යාවෙන් අවිද්‍යාව බල බලා ඉන්නවා. එතකොට මිදෙන්නෙ කොහොමද? අවිද්‍යාවෙන් බැහැපු තීරණය විද්‍යාව තුළින් කපාහරින්න ඕනෙ. විද්‍යාව තුළින් බලන්නෙ මේ අවිද්‍යාවෙන් බැහැලා ඉන්න ආස්වාදය මොකද්ද කියලා. එතකොට දකිනවා “ආස්වාදය මර උගුලක්, ආස්වාදය තොණ්ඩුවක්, මේ ආස්වාද පස්සෙ ගිහිං තමයි මේ ඔක්කොම ආදීනව වලට වැටෙන්නෙ…” එයා ආස්වාදය, ආස්වාදය හැටියට බැලුවා නෙමෙයි, ආස්වාදයේ යථාර්තය බැලුවා.
නමුත් ඕක විග්‍රහ කරගන්නෙ නැතුව “ආස්වාදය, ආස්වාදය හැටියට බලන්න, ආදීනවය ආදීනවය හැටියට බලන්න…” ආදී වශයෙන් විග්‍රහ කර්ලා තියෙනකොට අපිට තෝරගන්න බෑ සැපයි සැපයි කිය කියා ඉන්න ගියොත් එහෙම හරියන්නෙ නෑ එකපාරට. අන්න ආදීනව දකින ආකාරය.
{ 1:28:28 } : මනෝමය පූජාවන්ගෙන් කර්ම පථය පිරෙනවද, නැත්තම් සිතිවිලි විතරද?
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, අර මනෝමය පූජාව, අර අනේපිඬු සිටුතුමා ආරාමය පූජා කරපු අවස්ථාවෙ වෙන කෙනෙකුට රත්තරං විමානයක් මැවුනනේ, ඒ අවස්ථාවෙ මනෝමය පූජාවක් වුනාද නැත්තං ඇත්තටමද ඒ?
(ස්වාමීන් වහන්සේ): නෑ, එතන තිබුණේ චිත්ත ප්‍රසාදය, ඒ ඇතිවුනේ චිත්ත ප්‍රසාදය, ප්‍රසාදයෙන් පුණ්‍ය වැඩිවීම. දැන් ඒකෙ තියෙනවනෙ “පුණ්‍යානුමෝදනාව” කියලා. “අනුමෝදනාව” කියන්නෙ අනුව සතුටුවෙනවා කියන එකයි. අනුව ඔද වැඩෙනවා. දැන් කරපු පිනක් දැකලා, පින අනුව සතුටුවෙනවා, ඒ කෙරෙහි උද්දීපනයට පත්වෙනවා, සතුටුවෙවී ඉන්නවා. “අනේ කොච්චර යහපත්ද! කොච්චර හොඳ දෙයක්ද කළේ… අනේ ශ්‍රේෂ්ට දෙයක්නෙ කළේ..!”අන්න ඒ ආදී වශයෙන් ඒකෙ සතුටුවෙනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන්වහන්ස අර කර්ම, කර්ම පථ වලට ගත්තම අනේපිඬු සිටුතුමා කරපු දේ සිතුවිලි, ක්‍රියා, වදන් තුනම මෙහෙයවලා කර්ම පථයක් සකස් කරපු එක. දැන් අතන අර පුද්ගලයා කරන්නෙ කර්මයක් කිවුවට ඒ සිතිවිල්ලක් විතරයිනෙ…
(ස්වාමීන් වහන්සේ): ඉතින් ඒ සිතිවිල්ල වචනයට නඟ නඟා කියනවනේ… වචනයට නැඟෙනවනේ එතන. සිතිවිල්ලක් කියපුහම දැන් මෙහෙම හිතන්නකො, දැන් සිතිවිලි, ක්‍රියා, වදන් කියන මේ තුනම සිද්ධ වෙනවා “අනේ සාධු! අනේ සාධු!” කිය කියා අත් දෙකත් වනනවා නම්, ඒ කෙරෙහි ක්‍රියාත්මක වෙනවා නම්, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනම ක්‍රියාත්මකයිනෙ. අන්න ඇතිවෙන ආකාරය.
(ශ්‍රාවක මහතෙක්): දැන් එතනදි හාමුදුරුවනේ මේ වගේ දහම දන්නෙ නැතුව ඒ වගේ හිඟන තත්වයේ හිටපු කෙනෙකුට එහෙම චිත්ත ප්‍රසාදයක් ඇතිවෙන එකේ…
(ස්වාමීන් වහන්සේ): දැන් ඒකෙදිත් විශේෂයක් තියෙනවා. දැන් අපි ඕක කිවුවොත් එහෙම “දහම දන්නැති කෙනෙකුට” ඇතිවෙන ස්වභාවයක් වුනානම් රත්තරං විමාන කෝටි ගාණක් පහලවෙන්න ඕනෙ. ඇයි කීදෙනෙක් සාදුකාර දෙන්න ඇත්ද එතන හිටපු අය? කාටවත් පහලවෙලා නෑනෙ. එහෙනම් එක්කෙනෙකුට පහලවුනේ මොකද? “බුදුපියාණන් වහන්සේ කියන්නෙ කොච්චර උත්තමයෙක්ද, රහතන් වහන්සේලා කියන්නෙ කොච්චර උත්තමයොද, මුන්වහන්සෙලාට ඇරෙන්න වෙන කාටද මේ ලෝකෙ ඇප උපස්ථාන කරන්න තියෙන්නෙ? මේ වගේ යම්කිසි මාලිගාවක් වැනි ස්ථාන හදලා වටිනවා නම් පූජාකරන්න ඕනෙ මෙබඳු උත්තමයින්ටම නේද, ඇයි මේවගේ ගුණ උඩනෙ මම මෙහෙම හිතන්නෙ” කියලා ඥාන සම්ප්‍රයුක්තව හිතන්න පුලුවන් හැකියාවක් තිබිච්චි උපාසක මහත්තයෙක්ගේ තමයි “අනේ සාදු!” කියනකොට සතුටින් චිත්ත ප්‍රසාදය නැඟුනේ.
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නෙ ස්වාමීන් වහන්ස කර්ම පථය සකස්වෙලා තියෙනවා…
(ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නෙ. ඒක සකස්වෙන්න අවශ්‍යය කරන ඒ ඥානසම්ප්‍රයුක්ත භාවය එයාට තියෙනවා. සෝමනස්ස, ඥාන සම්ප්‍රයුක්ත, උත්කෘෂ්ට සිතක් වෙන්න ඕනෙ අර බලය පහලවෙන්න. අනික් අයට ඒක පහලවුනේ නෑනෙ. පිං ලැබුණා, අරවගේ විශාල බලයක් පහලකරලා අර අනේපිඬු සිටුතුමාගෙ බලය ඉක්මවා යන්න, එහෙම එකක් පහලකරන්න හේතුවුනේ ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ. ඔය පහම තියෙන්න ඕනෙ වර්ධනය වෙලා, වැඩිලා තියෙන්න ඕනෙ.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, ඒකෙත් උසස්ම එකට එනවා, එක එක ප්‍රීතියෙන් ප්‍රීතියට සම්බන්ධ වෙනවා. ඒ අනුව තමයි සකස් වෙන්නෙ.
{ 1:31:27 } : කෙළෙස් අනුසය කියන්නෙ කුමක්ද? රාග, ද්වේෂ, මෝහ අනුසය විස්තරය
(ස්වාමීන් වහන්සේ පැණයක් කියවති): රාග අනුසය, ද්වේෂ අනුසය, මෝහ අනුසය යනු කුමක්ද? පරමාර්ථ වශයෙන් පහදලා දෙන්න කියනවා. “අනුසය සූත්‍රයේ සඳහන් ආනාපානසතිය අනුසය නැසීම පිණිසයි” කියන එක පහදලා දෙන්න කියනවා.
දැන් “අනුසය” කියන වචනයෙන් පෙන්නන්නෙ මේකයි, අනුව සයනය කරනවා කියන වචනෙ තමයි අනුසය කියන්නෙ. දැන් අපි හිතමුකො යම්කිසි රාගයක් ඇසුරු කරපු කෙනාට, ඒ රාග ස්වභාවය මතුකරන්න හේතුකාරකය අවස්ථාව ලැබුණු වෙලාවට මතුවෙලා එන විදිහට හිත තුළ නිදිගන්නවා. හිත තුළ නිදිගන්නවා කියන්නෙ විඤ්ඤාණස්කන්ධය තුළ, විඤ්ඤාණස්කන්ධයට අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ සම්බන්ධවන්නාවූ සියලුම දැනිලි සම්භාරය අයිතියි. අන්න ඒ දැනිලි සම්භාරය තුළ ප්‍රඥාව පහලවෙලා තිබුණෙ නැත්නම්, අන්න එතෙන්දි මොකද කරන්නෙ, රාගික අරමුණක් ආවොත් ඒකට ඇදී යන මානසිකත්වය ඒකෙ සම්බන්ධවෙලා තියෙනවා. ඒ ගතිලක්ෂණය නිදි. දැන් “හිත තුළ” කිවුවහම හිත තෝරගන්න බෑ ඔතෙනදි. චිත්තක්ෂණය තුළ නෙමෙයි, අර අතීත, වර්තමාන, අනාගත සම්බන්ධවෙලා තිබුණ විඤ්ඤාණස්කන්ධය තුළ, රාග අනුසය නිදි.
දැන් රාගික හිතක් මතුවුනොත්, අරමුණක් ආවොත්, අන්න අර සැඟවිලා තිබිච්ච අනුසය එතෙන්ට අර “අනන්තර – සමනන්තර ප්‍රත්‍යය” කරමින් ඇදලා එනවා. “අන්-අන්තරය” තමයි අනුශය, අනුසය කොටස ඒකෙ තියෙන්නෙ. සමනතරයෙ අරමුණක් ආපු වෙලාවට අනන්තරය ඇදලා එනවා එතෙන්ට. අන්න අනුසය මතුවෙලා එනවා. අනුසය මතුවුනහම මොකද කරන්නෙ, “පරිවුට්ඨාන ක්ලේෂයක්” වශයෙන් ආයි ආයි නැඟිලා එනවා.
ඉතින් “අනුසය” කියන එකේ අර්ථය අන්න ඒකයි. අරමුණක් ආවොත්, මතුවෙලා එන්න හේතු තිබුණොත්, ඒ වෙලාවෙදි ඒක මතුකරලා එනවා. හැබැයි ඒ හේතු නොතිබුණොත්, ඒ හේතු නැතිවීම ප්‍රඥාවෙන් කරන වැඩක්. ප්‍රඥාව තුළින් අපිට “රාගය අසාරයි” කියලා වැටහුණා නම් අතීත ආරම්මණයන් කොච්චර ඈතට අපිව අතීතයට විහිදිලා තිබුණත් අතීත පංචස්කන්ධයේ, ඒ හැම අරමුණක්ම අරමුණු වෙනකං “ඔවු, ඒ කාලෙ ප්‍රියයි කියලා ගත්තෙ අසාර දෙයක්නෙ… අසාර රාගයක් ප්‍රියයි කියලා මගෙ මොට කමට මං කොච්චර හිතුවද?” ඔය අදහස මතුවෙනවා මිසක් අතීත පංචස්කන්ධය හා බැඳුනු අනුසයක් නෑ. “අනේ මගේ මොට්ට කමට අනාගතේදි මෙහෙම ඉන්න ඇත්නම්, මෙහෙම කරන්න ඇත්නම්, මං එදා මේ හරයක් ඇති දෙයක් කියලා හිතාගෙන මෝඩකමට අනාගත පැතුමකුත් පැතුවා. අනේ මං වගේ මෝඩයෙක්!” කියලා තමා තමාටම කියාගන්නවා, තමාටම දකින්න පටන්ගන්නවා. එහෙනම් අනාගතේ අත්හැරිලනේ, අනාගතේ බැඳිලා නෑ නෙ. එහෙනම් අනාගතය පිළිබඳ බැඳුනු ඡන්ද රාගයක් තිබුණා නම් ඒකත් මිදෙනවා. වර්තමාන ක්‍රියාවෙදි හරයක් නැතිබව මට පේනවා. “මොනවා අල්ලන්නද?” අනුසය වර්තමානයෙත් නෑ. අනුසය බිඳ ගියානම් ප්‍රඥාව එතන මතුවෙලා. එහෙනම් ඒ ප්‍රඥාව තුළින් අතීත, වර්තමාන, අනාගත තුන් කාලයම පංචස්කන්ධය හා තියෙන සම්බන්ධතාවය අත්හැරෙනවා. අනුසය කෙළවර වෙනවා.
අන්න ඒකට කියනවා, අනුසය යම් තැනක නැතිවුනා නම්, පිරිනිවන්පෑවා නම්, “අනුසය පිරිනිවන්පානවා” – “සෝපදිසේස නිර්වාණය” කියන්නෙ අන්න එතනයි. ඉතින් යමෙක් නිවන් දකිනවා කියන්නෙ අනුසයෙන් නිවී යනවා, ක්ෂය වෙලා යනවා. කාමරාග අනුසය, පටිඝ අනුසය ඔය දෙක අනාගාමී වෙනකොට ක්ෂය වෙනවා. අන්න ඒක ක්ෂයවෙලා යනවා කියන්නෙ ඉතින් නැතුව එකට සම්බන්ධවෙන්න බෑ දැන්, ඉඩ නෑ, ඒ ගානට ප්‍රඥාව වැඩිලා, සමනන්තරයක් නෑ. සමනන්තරය නැතිනිසා අනන්තරයට ඇදලා එන්න විදිහක් නෑ. අනන්තරයට එන්න තියෙන සමනන්තරය මෙතන ගොඩනැඟෙන්නෙ නෑ, ප්‍රඥාව නිසා. අනන්තරයට විතරක් පුළුවන්කමක් නෑ, ඉස්සර රාගය තිබුණට ඉස්සෙල්ලා තිබිච්චි රාගයෙන් දැන් රාගයක් ගොඩනඟන්න බෑ එතකොට. ඉස්සර තිබුණා, ප්‍රඥාව බලවත්.
“ඉස්සර රාගය තිබුණද?” ඇහුවොත්
“ඔවු තිබුණා”
“මතකද?”
“මොකද නැත්තෙ? මට මතකයි මම රාගයෙන් මත්වෙලා දඟලපු හැටි. ඒක මතකයෙ තියෙනවා…”
“එදා ආස්වාදත් වින්දද? ”
“එදා මට ඒ හැටියට නම් ආස්වාද වගේ එදා දැනුණෙ…”
“අද මොකද හිතෙන්නෙ?”
“මං වගෙ මොට්ටයෙක්! මෝඩකමට මං ඒ කාලෙ නොදැනුවත්කම නිසා හරයක් නැති ස්වභාවය හරයක් තියෙනවා කියලා හිතාගත්ත, අවිද්‍යාවෙන් වැහිලා හිටපු එක්කෙනාගෙ ස්වභාවය ඕකනෙ. මං එදා හිටියෙ එහෙම තමයි.”
“නමුත් අද මොකද කියන්නෙ? එදා හිටපු කෙනා මතක්වෙනකොට අද මොකද හිතෙන්නෙ?”
“හරයක් නැති වැඩක් කියලා මතක්වෙනවා මිසක්, ඊටවඩා ආස්වාද වශයෙන් මට ඒක මතක්වෙන්නෙ නෑ”
අන්න එයා අතීත ඡන්ද රාගයෙන් මිදුනා, අතීත කාමරාගයෙන් මිදිලා, කාමරාග අනුසයක් නෑ.
ඉතින් අතීතය හරි වටිනවා කියලා හිතාගෙන, ඒ වගේ දේකට විරුද්ධ දෙයක් ආවොත් “මං ගහනවා, මරණවා, බණිනවා, කපනවා, කොටනවා, මං එහෙමත් අදහස් තිබුණා, අද තේරෙනවා මගෙ එදා තිබිච්ච අදහස කොච්චර මෝඩ එකක්ද, මොන හරයක් ඇති එකක් රකින්නද මං එදා එහෙම හිතාගත්තට, මගෙ නොදැනුවත්කමට, හරයක් ඇති දෙයක් කියලා හිතපු හින්දනෙ එහෙම වුනේ. අද මට තේරෙනවා ඒවා හරයක් නෑ. අතීතයේ මං හරයක් නැති ඒවට හරයක් තියෙනවා කියලා හිතාගෙන හිටියා. ඒවට විරුද්ධ වෙනකොට මං ගැටුනා. කපන්න කොටන්න, ගහන්න බණින්න මම ලැස්තිවෙලා හිටියා. ගැටි ගැටී හිටියා. හරයක් නැතිබව දැක්කා අද, මට කපන්න කොටන්න, ගහන්න බණින්න, හිංගි හිංසා කරන්න, රැකගන්න දෙයක්, වටිනා දෙයක් නෑ..”
“එහෙනම් මතු මොකද කියන්නෙ?”
“ඉතිං මතුත් එච්චරනෙ! මතු මට අල්ලන්න දේකුත් නෑ. ඇලෙන්න දේකුත් නෑ, ගැටෙන්න දේකුත් නෑ. එහෙනම් කාමරාග අනුසය, පටිඝ අනුසය දෙකම එතනින් ඉවරයි…”
“පැවැත්ම ගැන?”
“අතීත පැවැත්මක් ගැන, මේ අවබෝධය එන්න ඉස්සෙල්ලා හරි වටිනා පැවැත්මක්නෙ මං ගෙවාගෙන ආවෙ කියලා, ආස්වාද වශයෙන්නෙ ගෙවුවෙ කියලා එදා හිතුණා. දැන් මේ ගෙවෙන පැවැත්මත් හරි වටිනවා කියලා එදා හිතුණා, ඒ මොහොතෙ. මතු අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන, වටිනා පැවැත්මක් කියලා බලාපොරොත්තු තියාගත්තා. මේ පැවැත්ම කියන එක කිසිම හරයක් නෑ කියලා දැන් පේනවා. ආදීනව කඳක් ගොඩනඟන, හරයක් නැති පැවැත්මක් කියලා දැන් වැටහෙනවා…”
“දැන් මොකද අතීතය ගැන හිතෙන්නෙ?”
“අතීතයේ නොදන්නකම නිසා මං හරයක් තියෙනවා කියලා හිතාගෙන හිටියට අතීතයේ පවතින වටිනාකමකුත් නෑ…”
“අනාගත බලාපොරොත්තු තිබිච්ච ඒවා ගැන?”
“මෝඩකමට මං අනාගත බලාපොරොත්තු තිබ්බා මිසක් එහෙම බලාපොරොත්තු තියන්න වටිනා එකක් දැන් මට ඇත්තෙත් නෑ…”
“දැන් මොකද කියන්නෙ?”
“ඉතින් දැනුත් හරයක් නෑ. එහෙනම් මං අතීතයෙත් නෑ, අනාගතයෙත් නෑ, වර්තමානයෙත් නෑ, පැවැත්ම තුළ නෑ…”
අන්න, පැවැත්ම පිළිබඳව තියෙන අවිද්‍යා අනුසයෙන් මිදුනා. අනුසයෙන් මිදුනා නම් පැවැත්මට හේතුවන්නාවූ ක්ලේෂයත් නැඟිලා එන්න හේතු නෑ කවදාවත්. දැන් උන්වහන්සේ පිරිනිවන් පානවා මිසක් සසර පැවැත්මට ආයි වැටෙන්න හේතු නෑ. අන්න අවිද්‍යා අනුසය ඉවරයි.
අනුසය කිවුවෙ ඒකයි, මතුවෙච්චා නෙමෙයි, අරමුණක් ආවොත් මතුවෙන්න හේතු තිබුණා. ඒකයි අනුසය කිවුවෙ.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස, ආනාපානසතිය රාග අනුසය, ද්වේෂ අනුසය…(පැහැදිලි නැත)… කියලා කියනවනෙ, එතකොට සෝතාපන්න අරිය ශ්‍රාවයකයෙකුට තමයි ආනාපානසතියක් දෙන්නෙ. තැන් එතකොට සෝතාපන්න ඵලයෙදි මහා රාග ද්වේෂ මෝහ ප්‍රමාණයක් කැපිලා යනවනෙ, කැපිලා ගිහාම ඉතුරුවෙලා තියෙන රාග ද්වේෂ මෝහ ටික කැපිලා යන්න නේද ආනාපානසතිය දෙන්නෙ, එහෙමත් එකක් ගන්න පුලුවන්ද?
(ස්වාමීන් වහන්සේ): එහෙම තියෙනව, දැන් ඒකෙදි තියෙන්නෙ මෙහෙමයි. අනුසය කියන එකයි, ඒවට කියන්නෙ “ශේෂ කෙළෙස්” කියලා. ශේෂ වුන ක්ලේෂය. ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තියෙනවා මනින ආකාරයක්. “මෙබඳු මාර්ගය අනුගමනය කරලා මෙබඳු ඵලයක් ලැබුවා. මෙබඳු ක්ලේෂයක් ක්ෂයවෙලා ගියා, මෙබඳු ක්ලේෂයක් ශේෂයි තාම, ඉතුරුයි. ඒ නිසා කටයුතු කරන්න, මට මේ මාර්ගය වඩන්න තියෙනවා.” ඒ කියන්නෙ කාරණා පහක ප්‍රත්‍යවේක්ෂා පහ.
දැන් අනුසය කියන එක අපි “ඉතුරුවෙච්ච කොටස” කියල ගන්න ගියොත්, අපි ඉස්සෙල්ලාමත් අනුසයක් අයින්කරනව නෙ, සක්ඛාය දිට්ඨිය පිළිබඳව. ඊටපස්සෙ කොටසක් නෙමෙයිනෙ ක්ෂය කළේ, මහ විසාල කොටසක් අරගෙන අනුසය කියලා කියනවා අපි. “මහා අනුසයක්” නෙ ක්ෂය කරන්නෙ ඉස්සෙල්ලාම. දැන් සෝවාන් වෙන පුද්ගලයා පෘතග්ජන කාලෙත් අනුසයක් තිබුණා. දැන් ඉතාම කුඩා කොටසක් ක්ෂයකිරීම කියන එකට අනුසය කියලා ගත්තොත්, ආර්ය ඵලය ලැබුවට පස්සෙ අනුසය මතුවෙන්න ඕනෙ.
(ශ්‍රාවක මහතෙක්): ඊගාවට කියනවනෙ ස්වාමීන්වහන්ස, මුහුදට අතදාලා අරගත්තම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉතුරුයි කියලා, මෙන්න මේ කොටස වගේ, මහා ගොඩක් අතහැරිලා ගියානෙ සෝතාපන්න ඵලයෙදි, එතකොට මෙන්න මේ ප්‍රමාණයට නේද, මේක නසන්න නේද ආනාපානසතිය ඕනෙ කියන්නෙ? එහෙම ගත්තහම හරිද?
(ස්වාමීන් වහන්සේ): නෑ දැන් මෙහෙමයි වෙන්නෙ. “අනුසය” කියල කියන්නෙ “ඉතිරිවෙච්ච පොඩ්ඩක් ක්ෂය කිරීම” කියල ගත්තොත් එහෙම, අපිට එහෙනම් සෝතාපන්න වුනාට පස්සෙ නේද අනුශයක් ගැන කතාකරන්න වෙන්නෙ? තේරුණා නේද? නමුත් අපි කතාකරන්නෙ, මහා අනුසයක් තියෙනවා කියලා කතාකරන්නෙ පෘතග්ජනයට. එහෙනම් ඉතුරුවෙච්ච පොඩ්ඩට අනුසය කරනවා කියන අර්ථය ගන්න බැහැ “අනුසය කරනවා” කියන අර්ථයට. මොකද එහෙම ගන්න පුලුවන් වෙන්නෙ, සෝවාන් ඵලයට පත්වුනාට පස්සෙ නම් අනුසය කතාවට සම්බන්ධවෙන්න වෙන්නෙ, එයාට කීහැකි ඉතුරුවෙච්ච පොඩ්ඩ ක්ෂය කරන්න, අනුසය කියලා.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස අර “මෝහ චෛතසිකයාට ආනාපානසතියක් නොකියමි” කියන තැන ඒ මෝහ චෛතසිකයා කියලා අදහස් කළේ කවුද?
(ස්වාමීන් වහන්සේ): මෝහ චෛතසිකයා කියන්නෙ මේ කියන කාරණා, මේ කළයුත්ත – නොකළයුත්ත තෝරගන්න බැරි කෙනා. දැන් පහකළයුත්ත පහකරන්න, මේක පහකළයුත්තයි, මේක අරගතයුත්තයි කියලා තෝරගන්න බැරිනම් මේක රාගයට, ද්වේෂයට, මෝහයට හේතුවෙනවා, මේක පහකළයුතුයි, මෙන්න මේ හේතුවටයි මේක පහකළයුතුයි කියන්නෙ, ඕක තෝරගන්න හැකියාවක් නැති පුද්ගලයො ඉන්නවා, අන්න ඒ පුද්ගලයට “මෝහ චරිත” කිවුවෙ ඒකයි. මෝහ චරිත නිසා තේරෙන්නෙ නෑ. එබඳු නොතේරෙන පුද්ගලයාට මොන විදිහෙන්ද පෙන්වාදෙන්නෙ පහකළයුත්ත? ආස්වාස කළයුත්ත කොහොමද පෙන්වල දෙන්නෙ? දැන් නිවනට කියන නම්වලින් එක නමක් තමයි “ආස්සාස”, නිවනට කියන නමක් ආස්සාස කියන්නෙ. එහෙනම් අන්න ඒ අස්සාසය කියනවා නිවනට, එහෙනම් අස්සාස කරන්න ඕනෑ නිවන. “අස්සාස යනු නිවනට නමකි, ඛේම යනු නිවනට නමකි, එතකොට අසෝක යනු නිවනට නමකි” මේ වගේ නිවනට විශාල නම් කොටසක් තියෙනවා, නිවන පෙන්වන්න. ඒ නම් වල තියෙනවා “අස්සාස යනු නිවනට නමකි” එතනත් තියෙනවා. අන්න, නිවන අස්සාස කරන්න.
නිවන ආස්සාස කරන්න නම් එයා නිවීම, සැනසීම කුමක්ද කියලා දැනගන්න හැකියාවක් ඇති, නුවණක් ඇති කෙනෙක් වෙන්න ඕනෑ. මෝහ චරිතයක් ඇති කෙනෙකුට කල්තියා මේ නිවීමේ තත්වය ගැන කිවුවට ඕක තේරුම්ගන්න බෑ. එයාට වැටහෙන්නෙ නෑ. එක හාමුදුරුකෙනෙක් අපිත් එක්කලා කතා කර කරා ඉන්නකොට, මං මේ මෝහ චරිතයාගේ ලක්ෂණයක් ගැන කියන්නෙ, හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා අවසානෙදි එක්කෙනෙක්ගෙ කනට කරලා කියනවා “ඇත්තට බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටියද දන්නෙ නෑ, නේද..?” ඉතින් කල්පණා කරලා බලන්නකො මොකද්ද වැටහිලා තිබුණෙ කියලා. “ඔය කිවුවට අනේ, බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටියද දන්නෙත් නෑ නෙ…” කිවුවා. ඉතින් එතකොට බලන්න එයාගෙ මානසිකත්වය තිබුණ හැටි. ඉතින් එහෙම කෙනාට මොනවද, නිවන ගැන කතාකරන්නෙ කොහොමද? ඉතින් එච්චරවත් තේරුම්ගැනීමේ හැකියාවක් නෑ. අන්න එහෙම කොටසක් ඉන්නවා.
අර අපේ කතාවක් තියෙනවා, එක මනුස්සයෙකුට පත්තරේ තිබිලා දැක්කලු ලෝක විනාසයක් වෙනව කියල එක කාලෙකදි, මේ මෑතකදි ලෝක විනාසයක් වෙනවා කියලා. ඒ ස්වාමියා ගෙදර ගිහිල්ලා එයාගෙ භාර්යාවට කිවුවලු “පත්තරේ තිබුණා අහවල් දවස වෙනකොට ලෝක විනාසයක් වෙනවා කියලා” කිවුවලු.
“අනේ අපි යං වෙන රටකට, අනේ අපි යං වෙන රටකට…” කියනවලු, කෑගහනවලු.
“යකෝ, වෙන රටකට ගියත් ලෝකෙ විනාස වෙනවා”
“නෑ නෑ, අපි වෙන රටකට යං…” ආයිත් ඒකම කියනවලු, මල කරදරේ බේරෙන්න බැරුව ගියාලු. ඉතින් තව අනික් මිනිහත් කිවුවලු, ඒ ගෑණිටත් ගිහින් කිවුවලු, ඒ ගෑණි සද්ද නැතුව ඉන්නවලු. ඊටපස්සෙ අර කෙනා ගිහින් කිවුවලු “බලහංකො වෙච්ච කරදරේක හැටි, ඊයෙ මං අර ලෝක විනාසෙ ගැන කියලා ගෙදර, එළිවෙනකල් බේරිල්ලක් නෑ ඒ ගෑණි වෙන රටකට යං කියනවා, ඉතින් කොච්චර කිවුවත් තේරෙන්නෙ නෑ, වෙන රටක් කිවුවත් ලෝකෙ ඇතුලෙමයි ඒ රට තියෙන්නෙ කිවුවට තේරෙන්නෙ නෑ, කොච්චර හරි වෙන රටකට යං කියනවා” කියලා.
“උඹට තියෙන කරදරේ මටනං පොඩ්ඩක්වත් ආවෙ නෑ” කිවුවලු
ඇහුවලු “ඇයි ඒ? ඒ වගේ නුවණක්කාර ගෑණියක් මටත් හිටියා නම්…”
“නුවණ නෙමෙයි බං, ඒ ගෑණිට එච්චරවත් තේරෙන්නෙ නෑ” කිවුවලු. “ඒ කිවුව එකවත් තෝරගන්න ඒ ගෑණිට මොළයක් නෑ” කිවුවලු, ඔය මට්ටමටවත් තෝරගන්න.
ඉතින් අන්න අර මෝහ චරිතයාගේ ස්වභාවය කියන්න උපමාවක් මං ඔය කිවුවෙ මේ මෑත කාලෙ ගැලපෙන උපමා. දැන් ඕවගේ අයට මේ බණ කියලා මෙන්න නිවන් මඟ කිවුවට තේරෙයිද? ඉතින් තේරෙන්නෙ නැති එකා මොකද්ද වඩන්නෙ? කොහොමද, මොකද්ද ආස්සාස කරන්නෙ? කෝ නිවන් මඟ ආස්සාස කරන්නෙ කොහොමද? මෙන්න රාගක්ෂය, මෙන්න ද්වේෂක්ෂය, මෙන්න මෝහක්ෂය වීමේ ස්වභාවය, මෙන්න රාග, ද්වේෂ, මෝහයන්ගේ ස්වභාවය. මේ මේ දේවල් හිතනකොට, කියනකොට, කරනකොට රාග, ද්වේෂ, මෝහ නැඟෙනවා. මේකෙන් අහක් වුනහම රාග, ද්වේෂ, මෝහ ක්ෂය වෙලා යනවා. ඉතින් මේක තේරුම්ගන්න පුළුවන් නම්, එයාට පුළුවන්, අන්න ඥානවන්තයි. ඉතින් ඕක තේරුම්ගන්න බැරි පිරිස මෝහ චරිත. ඉතින් “මෝහ චරිතයාට ආනාපානසතියක් නොකියමි” {{ ත්‍රිපිටක සූචිය }} කිවුවෙ අන්න ඒකයි. එයාට ඒ මඟින් යන්න බෑ.
එහෙනම් එහෙම පුද්ගලයට මූළික නුවණ වැඩෙන්න එයාව හික්මවන ක්‍රමයක් තියෙනවා. ගුරුවරයෙක් ලඟ තියාගෙන, එයාට උපදෙස් දීගෙන, කරන්න ඕනෙ ඒවා, නොකරන්න ඕනෙ ඒවා, කියන්න ඕනෙ ඒවා, නොකියන්න ඕනෙ ඒවා ඔක්කොම කියලදීලා, මෙහෙම කතාකරපං, මෙහෙම ක්‍රියාකරපං, එකින් එකට ඇඟිල්ලෙන් ඇන ඇනා බල බලා, කිය කියා, මෙහෙම හුරුකරගන්න කාලයක් තියෙනවා. ඔහොම කාලයක් යනකොට අර අභ්‍යන්තරයේ හැඟවිච්ච නුවණක් තිබුණා නම්, අර බාහිර ආටෝපයන්ගෙන් වැහිලා තිබුණා නම්, දැන් ඒක මතුවෙලා එනවා. අන්න මතුවුනාට පස්සෙ එයාගෙ චරිතයට ඒක ගැලපෙනවා.
ඉතින් ශ්‍රද්ධා චරිතයක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, බුද්ධි චරිතයක් නැති එක්කෙනෙක්. ශ්‍රද්ධා චරිතයක් තියෙන කෙනා විශ්වාසයෙන් කටයුතු කළහම විශ්වාසය හරිනම්, කටයුතු කරපු වැඩපිළිවෙල හරිනම්, හේතුවට අනුව ඵලය ලැබිලා ක්‍රම ක්‍රමයෙන් ඔහුට ජයග්‍රහණය අත්වෙනවා. එතකොට ඔහු තේරුම්ගන්නවා, පස්සෙ කාළෙක තේරුම්ගන්නවා “නිවන කියන්නෙ මේකයි!” ඔහුට වැටහෙන නුවණක් පහලවෙනවා. ඒ හේතු තියෙන ශ්‍රද්ධා චරිතයාට.
ශ්‍රද්ධා චරිතයාට, තමන්ට ස්වයං තීරණයක් අරගෙන “මේක නොකළයුතුයි මේක කළයුතුයි, මේක වැඩක් වෙනවා, මේක අවැඩක් වෙනවා” කියලා තේරුම්ගන්න ශක්තියක් නෑ. එයාට කවුරුහරි දන්න කෙනෙක් කියල දුන්නට පස්සෙ, කියාදුන්න එක විශ්වාස කරලා, ඒක කරලා, එයා ඒකෙන් ජයගන්නවා. මේ ශ්‍රද්ධා චරිතයෙ හැටි.
එතකොට ප්‍රඥාව තියෙන චරිතයක් තියෙනවා “බුද්ධි චරිත” කියලා. ඒ බුද්ධිය වර්ධනය වෙන කෙනෙක්. එයාට ඕවගේ ඒවා ගණං ගන්නෙ නෑ. “ඒ අරයා, මෙයා කිවුවට මට වැඩක් නෑ. මට තේරුණේ නැත්නම් මං කරන්නෙ නෑ. ඇයි මට තේරුම්ගන්න බැරි? කොහොමද රාගයට පත්වෙන්නෙ ඕකෙන්? කොහොමද ඕකෙන් ද්වේෂය එන්නෙ?” අන්න එතකොට කියනකොට එයාට තේරෙන්න පටන්ගන්නවා. “ආ දැන් නම් මට තේරෙනවා, කවුරුවත් කියාදෙන්න ඕනෙ නෑ මීටපස්සෙ. මට රාගය ඇතිවෙන්න මං ඒ සිතිවිලි, ක්‍රියා, වදන් කරනකොට මේ රාගය ඇතිවෙන්නෙ මෙන්න මේ ජාතියෙ ඒවයින් කියලා මට දැන් වටහගන්න හැකියාවක් තියෙනවා…, අන්න දැනගත්තා එක්කෙනෙක්. තරහ එනවනම්, මෙන්න මේ සිතිවිලි, ක්‍රියා, වදන් වලින් මට තරහ එන්නෙ කියලා මං ඒකත් දැනගත්තා. මුළාව ඇති තැන මෙන්න මෙහෙම හිතන්න, කියන්න, කරන්න ගත්තම මුළාවට පත්වෙනවා කියලා මට දැන් වැටහෙනවා. දැන් මං දන්නවා අයින්කරන්න ඕනෙ ඒවා. මෙන්න මේවා ඇසුරු කරපුහම මට රාග, ද්වේෂ, මෝහ ක්ෂයවෙලා යනවා.”
මේ ආදී වශයෙන් දකිනවා. දකිනකොට මොකද කරන්නෙ, එයා රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට කළයුතු, කිවයුතු, හිතියයුතු යමක් ඇත්නම් ඒ මඟ අනුගමනය කරල ඒ ටික කරගන්නවා. අන්න පහකළයුත්ත දකිනවා, ඇසුරු කළයුත්ත දකිනවා. පහකළයුත්ත පහකරනවා, ඇසුරු කළයුත්ත ඇසුරු කරනවා. ආස්සාස කළයුත්ත රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට ඕන ශාන්තිය ආස්සාස කරමින්, රාග ද්වේෂ, මෝහයන්ට අවශ්‍යය ගිණිගත්ත ඒවා පස්සාස කරමින්, කටයුතු කරනකොට ඒ ආස්සාසයෙන්, පස්සාසයෙන් පහකළයුත්ත පහවෙනවා, ඇසුරු කළයුතු මාර්ගය ඇසුරට එනවා.
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD013-02