දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව - 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම
“මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1: බලාපොරොත්තු ඉටු නොවීම” දේශනාව හා සම්බන්ධයි.
{00:00}: අපට දුක් වේදනා එන්නේ ප්‍රිය කරන දෙයකින් මයි
ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුක්ත දේවල් වලට ලෝකයා කැමති වෙනවා නම්, එතකොට ඇයි මේ සත්තුන්ට ඒක නැත්තේ? උන්ට කැමැත්ත අඩු නම් දුක අඩුයිනේ! කියලා අපිට ප්‍රශ්නයක් එන්න පුලුවන්. ඇයි, මිනිස්සුන්ට නේ මේ දුක වැඩි වෙන්න ඕනේ, ඔවු කැමැත්ත වැඩි හින්දා!
දැන් මෙන්න මේ වෙලාවේ තියෙනවා මෙහෙම දෙයක්. ලෝකයේ “ප්‍රිය ස්වභාවයක් – මධුර ස්වභාවයක්” තියෙනවා. මේක තමයි මේ පැවැත්ම තුළ තියෙන පිං-පවු දෙකෙන් සිද්ධ වෙන්නේ. මේ ප්‍රිය ස්වභාවය කියන එක මතුවෙලා එනවා මායාවක් වශයෙන් තාවකාලිකව. හැබැයි, කොච්චර තාවකාලිකව මතු වුනත්, කැමති සේ නැති එකක් මයි මතුවෙන්නේ. හැබැයි, තාවකාලිකව රැවටීමක් වශයෙන් තමයි මේ පිං-පවු දෙකේ සසර ගමන තියෙන්නේ. හොඳ ඒවා හම්බ වෙනවා කියලා හිත බැඳගන්න එකයි, ඒවා නෑ කියලා දුක්වෙන පැත්තේ අනිෂ්ඨ අරමුණු කියන එකයි, ඉෂ්ඨ-ප්‍රිය, අනිෂ්ඨ-අප්‍රිය කියන අරමුණු වලින් ලෝකයේ මතුවෙන හරිය, මේ පැවැත්මේ ම තියෙන කොටස් දෙකක්. ඔය දෙක පස්සේ තමයි මේ ලෝක සත්වයා සැරිසරාගෙන යන්නේ. ඒක තමයි ලෝකේ සුගති-දුකති කියන්නේ. ලෝකයේ සුගතියයි කියන, දුගතියයි කියන දෙකේම යථාර්තය දකිනකොට, ආර්ය ධර්මය තුළින් දකිනවා, හරි යථාර්තය තුළින් දකිනවා මේ සුගති-දුගති කියන දෙකම කැමති සේ නැති ධර්මතාවයේම කොටස් දෙකක්!
(ශ්‍රාවක මහතෙකුගේ ප්‍රශනයකට පිළිතුරු දෙමින්…) ආහ්, “යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං!” එතකොට මෙන්න මේ කොටස් දෙක දකිනකොට, අර ගැඹුරු නුවණ ඇති කෙනා “මේ පිනෙන් ලබන එකෙන් වැඩකුත් නෑ, පවෙන් ලැබෙන එකෙන් වැඩකුත් නෑ, මේ දෙකම අනිච්ච කොටසට අයිතියි, එහෙනම් ඔය කොච්චර අපි සැනසුම කියලා කිවුවත් ඕකේ දුක පිරිලා තියෙනවා” අන්න විමර්ශනය කරලා දකිනවා හොඳ එකේ තියෙන දුක. දැන් දකිනකොට අපි බලන්න ඕනේ, දැන් අපි හිතනවා, හොඳ එකේ තියෙන දුක අපි නිගමනය කරගන්නවා. නරක එකයි, හොඳ එකයි දෙකෙන් කෝකද අපිට දුක් දෙන්නේ? දැන් හොඳ එක, කායික සුඛස්කන්ධය බලාපොරොත්තුවෙන් හොඳ එක කියලා ගත්තහම, මානසික දුක දහස් වාරයක් වැඩි කරලා දෙන්නේ ඒ කායික සුඛාස්වාදය ලබන්න ගන්න හොඳ එක!
දැන් අපි කිවුවේ ඒකයි, දැන් අපි හිතමු ඕන දෙයක් සල්ලි තියෙනවා නම් සල්ලි දීලා ගන්න පුලුවන්, අරක ගන්න පුලුවන්, මං කැමති දෙයක් ගන්න පුලුවන් සල්ලි පර්ස් එකක් තියාගෙන අපි යනවා වැසිකිළි යන්න. ගිහාම කැළෑවකට යන්න තියෙන්නේ. අපි හිතමු කැළේට ගිහිල්ලා, ඔය කොහේ හරි, අනුරාධපුරේ යන ගමනක් කියමුකෝ. අතරමග නවත්වලා කැලේට ගියා. මේකත් ඉනේ ගහගෙන තියෙනවා, මේක ඉඳගන්න ගිහාම මේක ඉනේ ඇණෙන හින්දා මේක පැත්තකින් තිබ්බා, තියලා ඉවරවෙලා, තමුන් මළපහ කරලා, ඔක්කොම කරලා නැඟිටලා යන්න ගියා, පර්ස් එක එතන බැරිවුනා!
දැන් එතන දෙකක් තියෙනවා, අපේ සතුව තිබිච්ච දෙකක්. එකක් තමයි අපේ බඩේ තිබිච්ච මළ කොටස. ඒකත් මළපහ කරලා, ……. අනික තමයි අපි ලඟ තිබිච්ච සල්ලි පර්ස් එක, අපි හොඳයි කිවුව එක. ඒක තමයි ගල උඩ තිබ්බේ. මඟක් එනකොට, බස් එකේ එනකොට මතක් වුනා, “යකෝ, සල්ලි පර්ස් එක ගල උඩනේ!” දැන් ඉතින් ඔතෙනදී අපිට ප්‍රිය මනාප කරපු එකත් දැන් පැත්තක තියෙනවා. අපි ප්‍රිය මනාප නැතුව, වැඩක් නෑ කියලා අහකට දාපු අසූචි පිඩත් පැත්තක තියෙනවා. දැන් මේකෙන් කෝකද මානසික දුක දෙන්නේ?
“ෂාහ්, අසූචි ටිකත් එතන!” එහෙමත් වෙනවද? “ෂාහ්, මගේ සල්ලි පර්ස් එක එතන!” දැන් මොකද්ද දුක දෙන්නේ? සල්ලි පර්ස් එක නේද දැන් රත් කරන්නේ අපේ ඇඟ? “හරි වැඩේ, මෙච්චර ගාණක් ඒක ඇතුලේ තිබුණා, කවුරුවත් අරන් ගියාද දන්නෙත් නෑ වෙන එක්කෙනෙක්, දැන් ආපහු යන්න විදිහකුත් නෑ, මට වෙච්ච් පාඩුවක හැටි!” “පහරපු එකත් එතන, හරි වැඩේ මට වුනේ, දැන් ඒකත් මට වෙච්චි පාඩුව” කියලා එහෙමත් හිතෙනවාද?
එහෙනම් දුක දුන්නේ, අපිට දුක දීලා තියෙන එකෙන්ද අපි දැන් සැප, අපිට මානසික දුක දුන්නේ මොකද්ද? අපි මේ ලෝකේ “ප්‍රියයි-මනාපයි” කියලා අල්ලාගත්තේ නැති, පැත්තක දාපු එක අපිට දුකක් ආවේ නෑ! එහෙනම් අපි වැඩියත්, මේ විඳින හරියක් විඳින්නේ මානසික දුක, 99%ක්! කායික දුකක් විඳිනවා නම්, ඒක 1% කට වත් ගණං කරන්න දෙයක් නෑ. කායික සැප කියලා විඳින දේ මානසික වශයෙන් ඒ තුළින් ගත්ත එකක්. කායික වශයෙන් ගත්ත ඉෂ්ට-ප්‍රිය අරමුණ සැපයි කියලා වැටහෙන්නේ මනසට ආවට පස්සේ. ඒකත් මනසින් ගොඩනඟා ගන්නවා. මනසින් ගොඩන්ඟාගෙනයි ඒකේ සැප විඳින්නේ.
{03:53} : කායික වේදනාවත් දැනෙන්නේ මානසික වශයෙන්
දැන් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා, වැදගත් දෙයක්, මේ මෑතකදී කරපු පරීක්ෂණයක්, වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු කරපු පරීක්ෂණයක්. දරුවන් ලැබෙන්න ඉන්න මවුවරුන්ට, එයා මෝහන වෛද්‍යවරයෙක්. එයා දෙනවා යම්කිසි සංඥාවක්. “මම ඔබේ දකුණු අතේ මහපටැඟිල්ල අල්ලපුහාම ඔබට මම දෙනවා නිර්වින්දන ශක්තියක්. ඔබට දරු ප්‍රසූතියට කිසිම අමාරුවක් වෙන්නේ නැ” දැන් එහෙම කියලා, යම්කිසි ආකාරයකට, මනසට දෙනවා යම්කිසි අදහසක්. “වම් ඇඟිල්ල ඇල්ලුවොත්, ඔබට ඒ වේදනාව දැනෙනවා” දැන් මෙයා කරපු පරීක්ෂණයකින්, දරුවා ලැබෙන්න එනවා, කිසිම අමාරුවක් දැනෙන්නේ නෑ. එතකොට, එක්තරා ස්ත්‍රියකට ඕනෑකම තියෙනවා මේ අමාරුව දැනගන්න. එයා කිවුවා අර වෛද්‍යවරයාට, “මට මේ වේදනාව කියන එක, එහෙම එකක් තියෙනවාද කියලා දැනගන්න මට පොඩ්ඩක් ඒකට මඟක් පෙන්වලා දෙන්න” “එහෙනම්, මං ඔබේ වම් ඇඟිල්ල අල්ලනවා” අල්ලපු ගමන් අතහැරියා. වම් ඇඟිල්ල අල්ලනකොට, මර හඬ දීලා කෑ ගහන්න පටන්ගත්තාලු, “ඉක්මන් කරලා ඒක නතර කරන්න, වේදනාව”
දැන්, කායික වේදනාවක් නේද දරුවා හම්බවෙනකොට දැනෙන්නේ? කායික වශයෙන් වේදනාවක් නේ මේ දැනුනේ, මානසික වශයෙන්. එතකොට, “දකුණු ඇඟිල්ල අල්ලපුහාම ඔබට වේදනාව දැනෙන්නේ නෑ” කියලා මනසට කැවුවා එක්තරා අදහසක් අර වෛද්‍යවරයා. ඒ අදහසේ ඉන්න තාක්කල් එයාට කායික ක්‍රියාවලිය සිද්ධ වෙනවා, මානසික වේදනාව දැනෙන්නේ නෑ. එහෙනම්, කායික දුක මනසට දැනෙන්නේ නැතුව ගියා. දැන් එහෙනම්, මේ කායික දුක විඳලා තියෙන්නේ කයද, මනසද? කායික දුක දීලා තියෙන්නේ මනසින්! මේ මනසේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කායික දුක අපි ගොඩනගා ගන්නේ. මේකට හේතුවත් මනස විසින්ම ගොඩනගා ගත්ත එක්තරා රටාවක් තියෙනවා. යම්කිසි අමාරුවක් එනකොට, අපි දැනගන්න ඕනේ ඒක අපිට කරදරයක් ද කියලා. ඒ නිසා, අපි මොකද කරන්නේ? හැම වෙලේම අපි අවධානය යොමුකරලා තියෙනවා, එහෙම එකක් එනවා නම් අපිට දැනගත්තහම අයින් වෙන්න. දැන් මේක අපේ මනසින්ම, අපේ ආරක්ෂාවට, අපි විසින්ම ගොඩනඟා ගත්ත මානසිකත්වයක්. යම් තැනක යම් කැක්කුමක්, වේදනාවක් එනකොට, එතන ආපදාවක් පෙන්වනවා. හැබැයි, ආපදාව පෙන්වන කැක්කුම, වේදනාව ආවේ නැත්තම්, ඒක පුපුරලා යනකන් හරි, විනාසවෙලා යනකන් අපි දන්නේ නෑ!
{06:05} ශරීරයේ රිදීම මානසික ආරක්ෂක උපක්‍රමයක්
එක්තරා ළමයෙක් ඉඳලා තියෙනවා, ඒ ළමයාට මේ ස්ඵර්ශ දැනෙන්නේ නෑ ඇඟේ. ඒ ළමයගේ ඇඟේ හැමතැනම පිච්චුනු කැළැල්. මොකද, ඒ ළමයට දැනෙන්නේ නැතුව ගිහිල්ලා, නොයේක් දේවල් වලට පිච්චෙනකොට ඇදලා ගන්න, අත අහකට ගන්න සංඥා එන්නේ නෑ. පිච්චෙනකන් දන්නේ නැ! පස්සේ බලනකොට තුවාල වෙලා. මොකක් වෙලාද බලනකොට, පිච්චිලා! දැන්, මේ ළමයට ඒකෙන් ලොකු ආපදාවක් වුනා. මොකද, තමාගේ ශරීරය රැකගන්න තිබිච්ච ක්‍රමය ඒ ළමයා ලඟ නෑ. පිච්චෙනකොටම ක්ෂණයකින් දැනෙන්න පටන්ගත්ත කෙනා “ටක්” ගාලා ඇදලා ගන්නවා. එයා පිච්චීමෙන් ආරක්ෂා වෙනවා. දැන් මෙන්න මෙබඳු ක්‍රම රටාවක් තියෙනවා. එහෙම කැක්කුම කියන එකෙත්, වේදනාව කියන එකෙත්, එබඳු ක්‍රමයක් තියෙනවා, අපි විසින්ම ගොඩනඟාගත්ත මානසිකත්වයක්. මේක අපේම ආරක්ෂාවට අපිම ගොඩනඟාගත්ත දෙයක්.
එහෙනම්, මේ කායික කැක්කුම, වේදනාව කියන එක එක්තරා අවස්ථාවකට විතරයි අපිට බලපාන්නේ. අපි ගොඩනඟාගෙන තියෙන්නේ, ඒ දේ බේරාගන්න බැරි තත්වෙට එකක් නම්, ඒ අවස්ථාවේදී අපි එතන සිහි මුර්ඡා වෙනවා. නැත්නම්, ඒක නිර්වින්දන වෙනවා. ඒකයි අපිට දැනෙන්නේ. දැන් හිතලා බලන්න, ඒක කායික ආරක්ෂාව තියෙන දෙයක් කියන්නේ, ආරක්ෂා කරන්න බැරි මට්ටමේ තුවාලයක් ආවොත් අපිට දැනෙනවා. කවුරුහරි, යම් වෙලාවක මේ, දැලි පිහියෙන් කපලා යනවා. පස්සේ තමයි, ලේ ගලනකොටයි දන්නේ කපලා තියෙන බව. අපිට නිදිකුම්බා කට්ටක් ඇනෙනවා, “ඌයි” කියනවා. දැන් නිදිකුම්බා කට්ටට එහෙම එකක් වුනේ නෑ. කකුලේ යන්තම් කට්ටක් ඇනුණා. අපිට බොහෝම වේදනාවක් දැනෙනවා. ඇන්නා පිහියකින්, කවුරුහරි. බයට කෑගැහුවොත් මිසක්, නැත්නම් එයා කෑ ගහන්නේ රිදිලා නෙමෙයි. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වින්දනය කියන, නිර්වින්දන කියන එකෙත් තියෙන්නේ ඔන්න ඔය ස්වභාවයක්. දැන් හොඳට පැහැදිලි කරුණක්. දැන් ඔය බෝම්බ වලින්, අරෙහෙ-මෙහෙ ගිහිල්ලා කකුල් කැඩිලා ගියාට පස්සේ, උද්වේගය තියෙන්නේ තව ඉදිරියට යන්න නම්, ඉදිරියට යන්න බලනවා කැඩිච්චි කකුල තියායෙන. බලනකොට ඒ කැඩිච්ච කකුලෙන් එහෙම යන්න එන්න පුලුවන් එකක් නෙමෙයි දැන්, කකුල් කෑලි කැඩිලා, ඇට පුපුරලා. ඒත් මිනිහා බඩගාගෙන හරි ඉස්සරහට යනවා. දැන් එයාට රිදීම ආවේ නෑ. හැබැයි, ඔය කකුලෙම නිදිකුම්බා කට්ටක් ඇනෙනවා. අර ඇට කැඩුනේ නෑ, එච්චර එකක් වුනේ නෑ. එතකොට රිදෙනවා. බලන්න, වෙනසක් වෙන්නේ නැද්ද කියලා.
එහෙනම්, මේ තුවාලේ ලොකු වෙච්චි තරමට, ලොකුවට කැඩිච්චි තරමටද රිදෙන්නේ? මේ ශරීරය පෝෂණය කරගන්න, ශරීරය රැකවරණය කරගැනීමට අපි විසින් මානසිකත්වයෙන් යොදාගෙන තියෙන උපක්‍රමයක් නිසා, ඒ අවස්ථාව ඉක්ම ගිය එකක් වුනොත් අපිට දැනෙන්නේ නෑ. ඒ අවස්ථාව, රැකගැනීමට අවස්ථාව තියෙන මට්ටමේ එකක්, අනතුරු හැඟවීමක් තමයි ඔය රිදීමෙන් අපිට ගන්න තියෙන්නේ.
{08:43 } මානසික රිදීමට මුල දෘෂ්ඨි මත හැදුනු බලාපොරොත්තුවයි
ඔය රිදීම වෙනයි. ලෝකයාගේ බලාපොරොත්තුව කියන එක තනිකර දෘෂ්ඨියක් මත තියෙන එකක්, ලෝකය ප්‍රිය-මනාප වශයෙන් බලාපොරොත්තු වෙන එක. යම්කිසි පුද්ගලයෙක් ඒ නිසා තමයි සමවතට සමවැදිලා ඉන්නකොට, ඇඟේ වේදනාවක් දැනෙන්නේ නැත්තේ. මොකද, එයා ඒ බලාපොරොත්තුවෙන් … ඒක ඉක්මවා ගිහින් වෙන පැත්තකට ගියා. අන්න අර මෝහනයට පත් කළාට පස්සෙ දැනුනේ නැත්තෙත් අන්න ඒ හේතුව නිසායි. එයාට අදහස ගත්තා නම්, එයා බලාපොරොත්තු වෙනස් කරගත්තා. යම් කෙනෙකුට ඒ රිදෙනවා කියන එකේ බලාපොරොත්තුවෙන් හිත අයින් කරන්න පුලුවන් නම්, ඒ රිදීම එන්නේ නෑ! ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ස්වභාවිකව අපි හදාගත්ත ක්‍රමයේ තියෙන ක්‍රම පරිවර්තනය. අනික තමයි, ඒ හිත දියුණු කරලා, ඒකෙන් අවධානය අහක් කරන්න පුලුවන් විදිහට හදාගත්ත පරිවර්තනය. ඔය කාරණා දෙකක්.
දැන් මානසිකවත් ඒකයි. දැන් මානසිකව කෙනෙකුට යන්තම් බැන්නොත් එහෙම, උහුලාගන්න බෑ, පොළවේ හැපෙනවා, මැරෙන්න හදනවා පෙළක් අය. පෙළක් අය පතුරු යන්න බැණලා, බැණලා යනවා, හිනහ වෙවී යනවා. ඔය වෙනස නැද්ද? මනසට රිදිලා තියෙන්නේ කොහොමද? අපේ බලාපොරොත්තුව, අපි හදාගත්ත, ගොඩනඟාගත්ත දෘෂ්ඨියම අපිට රිදිලා මිසක්, මනසටත්, යථාර්තයෙන්ම ඊට උරුම රිදීමක් නෙමෙයි මේ ගන්නේ. උරුම රිදීමක් ගන්නවා නම්, කාටවත්, අරිහතුන් වහන්සේටවත් බැණුම් ඇහුවහම රිදෙන්න ඕනේ. අනාගාමී පුද්ගලයාට කාමයන් නිසා දාහයක් එන්න ඕනේ. එන්නේ නෑ! මොකද, මේවා ඔක්කෝම අපි ගොඩනඟාගත්ත මානසික දෘෂ්ඨි. ඒ දෘෂ්ඨි බිඳ හරිනකොට, නැත්නම් ඒ බලාපොරොත්තු අයින් වෙනකොට, ඒ බලාපොරොත්තුවත් එක්ක බැඳුනු යම් සංඥා මාධ්‍යය ඉවත් වෙලා යනවා, ඔක්කොම මිදෙනවා.
{10:17} අපේ දෘෂ්ඨි විසින් තමයි හැඟීම් ඇතිකරවන්නේ
දැන් බලාපොරොත්තුවේ ස්වභාවයම ඕකේ තේරුම් අරගෙන බලන්නකෝ කොයි තරම් වෙනසක් තියෙනවද කියලා. දැන් ස්ත්‍රී පුරුෂයෝ අතරේ තියෙනවා මේ කාම සම්භෝගය, කාම ආස්වාද කියලා මේ යමක් තියෙනවා. පුද්ගලයෙකුට පුද්ගලයෙක් ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් අයියා ඉන්නවා, නංගි ඉන්නවා. සහෝදර හැඟීම තිබුණොත් එහෙම, අයියයි නංගියි දෙන්නා අතරේ එහෙම එකක් තියෙනවාද? එතකොට එහෙම එකක් නෑ. අල්ලපු ගෙදරක ඉන්නවා තව ගෑනු ළමයෙක්. එහෙම නැත්තම් පිරිමි ළමයෙක් ඉන්නවා. ඔය දෙන්නා එකට එකතුවෙන්න තනියෙන් දාලා යනවා කොහේ හරි. හැඟීම් නැද්ද? ගෙදරම ඉන්න සහෝදරයයි සහෝදරියයි දෙන්නගෙ සහෝදර ප්‍රේමය තියෙන්නේ අවංකවම, එහෙම දෙන්නෙක් දාලා ගියොත් එහෙම එකක් වෙනවාද? එතකොට එහෙම එකක් නෑ.
එහෙනම් ඒ දර්ශනය හෝ, ස්ත්‍රී පුරුෂ දර්ශනයද ඒ හැඟීම ඇති කළේ, අපේ දෘෂ්ඨියද? අප විසින් ඇති කරගන්න දෘෂ්ඨි තමයි අපිට මේ හැඟීම් ඇතිකරවන්නේ. එහෙනම්, අපි ගොඩනඟාගන්න ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ යථාර්තය පිට ගොඩනැඟුවොත්, ඔය ලෝකයා ඇලෙන, බැඳෙන ඔක්කෝම දෘෂ්ඨි වලින් ගැලවිලා යනවා. එදාට අපිට එහෙම දාහයක් නෑ. මෙන්න මේකයි හේතුව.
(ශ්‍රාවක මහතෙක් බලාපොරොත්තු ගැන ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත)
(ස්වාමීන් වහන්සේ) : අන්න ඒකයි කියන්නේ, අරවා උපනිශ්‍රය වෙනවා, ආධාර වෙනවා. මුලදී කරපුවා අපිට ආධාර වෙනවා. අපි හුරු පුරුදු කරගත්ත එකක් තියෙනවා නම්, ඒ අපි හුරු කරගත්ත දේ තමයි අපිට දැන් හුරු කරගන්න හේතු වෙන්නේ. ඒ මඟට යොමු කරගෙන ආවා නම්, ඕක තමයි කියන්නේ එකිනෙකට “ආසේවන ප්‍රත්‍යය” ලබනවා කියලා. සේවනය කරපු එක යම් සේද, ඒ අනුකූලවම අපි යනවා දිගටම.
{11:54} ප්‍රිය මධුර බවට ඊර්ෂ්‍යා කිරීමේ විපාක හරි භයානකයි
ඕක වෙනස් කරන්න පුලුවන්. දෘෂ්ඨියට යථා ධර්මය දුන්නොත් ඒ දෘෂ්ඨිය බිඳිලා යනවා, කොච්චර කල් ගෙනාවත්. ඒක තමයි වෙනස් වෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්) : සබ්බ කාය පටිසංවේදී කියන එකෙන් නේද…. (ප්‍රශ්නය හරියටම පැදැදිලි නැත)
(ස්වාමීන් වහන්සේ) : ඔවු ඉතින්, ඒක අපි දකින්න ඕනේ, ඒකයි. සියලු “කායාවම” පටිසංවේදීත්වය දකින්න ඕනේ. මේ මේ ආසාව නිසයි මේ මේ සංවේදීවීම් තියෙන්නේ. මේ මේ දෘෂ්ඨියෙන් බැඳීම නිසයි මේ විදිහේ හැඟීමක්, අපිට මේ කරදර එන්නේ. ඒ හැඟීම නැත්නම්, ඒ දෘෂ්ඨිය, බැඳීම නැත්නම්, ඒ “පටි” හෙවත් බැඳීම නැත්නම්, ඒ සංවේදීත්වය එන්නේ නෑ. එහෙනම්, අවිද්‍යාවෙන් – තෘෂ්ණාවෙන් බැඳගත්ත පටි 10කින් තමයි දස සංයෝජනය කියලා බැඳිලා ඉන්නේ. ඒකේ , ඒ පටි නිසා තමයි , ඒ දෘෂ්ඨියට අනුව තමයි අර දුක් ගැහැට, එන ඇලීම්-ගැටීම්-මුලාව කියන ඔය ඔක්කෝම එන්නේ.
ඉතින්, මේ ලෝකේ තියෙන ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් කියලා මේ පැවැත්ම තුළ එකක් තියෙනවා, එක පැත්තක්. ඒ පැත්ත තමයි “පිං” ඵලයක් වශයෙන් ගන්නේ. ඒක ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය. ඉතින් පිං ඵලයක් වශයෙන්, පින වැඩි කරගෙන, ඒක විඳින්න ආපු අයට ඔය කියන සංඥා ඇවිදිල්ලා, මිනිසාට වැඩියි සංවේදීත්වය. ඔහු ඒකෙන් මේ ලෝකේ පැවැත්ම තුළ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇසුරු කරනවා.
ඊට පස්සේ ඔය ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයටත් ඊර්ෂ්‍යා කරනවා පැවැත්මේ ඉන්න අය. ඒ නිසා පැවැත්ම තුළ තියෙන ප්‍රිය ස්වභාවයට, මධුර ස්වභාවයට උරුමකම නැති වෙනවා තිරිසනාට. එහෙනම්, තිරිසනා වෙලා උපදින්නේ අර තමන් ගිහින් අනුන්ට අර ඒකට විරුද්ධව පහර ගහපු එකේ ලැබෙන්නාවූ … පැවැත්ම තුළ එන සම්පත්තිය කියලා යමක් තියෙනවා නම්, ඒ සම්පත්තියේ හිමිකම සත්වයාට නැති වෙලා තමයි ඌට ඒකේ ආස්වාදය දැනෙන්නේ නැතුව යන්නේ. ඌට ඒක දැනෙන්නේ නැතුව ගියාට, වෙන පැත්තකින් ඌ මහා දුක් විඳිනවා. ඒ දුක ඌට උරුම වෙනවා. ඒක ස්වභාවයක්. එතකොට, ඌ ඒ පැත්තෙන් ඒ දුක විඳිනවා. නමුත් ඌට ඒක කියන්න කෙනෙකුත් නෑ, කාට කියන්නද?
දැන් අපි හිතමු බල්ලෙක්, බල්ලෙක් කැමති නැද්ද පිදුරු ගොඩක වගේ රත් වෙච්චි තැනක බුදියගන්න? ස්වභාවයෙන් හැදිලා තියෙන පිදුරු ගොඩට ගිහිල්ලා බල්ලා බුදියාගත්තොත්, ඒකේ රස්නෙට ඌට හරි සනීපයි. හැබැයි, ඌ කැමති නෑ අනික් බල්ලෙක් එතෙන්ට එනවට. එතනින් නැගිටින්න කැමති නෑ, ඒ සනීපෙට ඌ ඉන්නවා. ඌත් ඒකට කැමතියි, ඌට උපක්‍රම තුළින් සනීප සහගත දෙයක් ගොඩනඟාගන්න බෑ. ස්වභාවයෙන් හම්බවෙච්චි තැනක ඌ හිටියොත් එහෙම, ඌටත් ඒක ලොකු දෙයක්. ඌ ඒක භුක්ති විඳින්න බලනවා, උගේ මට්ටමට. ඌත් කැමතියි හොඳ කොට්ටයක්, මෙට්ටයක්, ඌට කොට්ට මෙට්ට හදාගන්න ශක්තියක් නෑ. දැන් බල්ලෙකුට පුරුදු කළොත් එහෙම කොට්ටයක්, මෙට්ටයක් උඩ ඉන්න, ඌ නිකන් ඉන්නවාද? නෑ, ඌ ඒකටමයි නඟින්නේ. දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ, හදන බල්ලෝ, ඌට ගහලා පන්නන හින්දා ඌ කොට්ට මෙට්ට උඩ ලගින්නේ නැතුවා මිසක්, නැත්නම් නිකන් ඉඳීද? ඌත් කැමතියි ඒකට. හැබැයි, කැමැති පරිදි ඌට ලබාගන්න බෑ. ඌට නිර්මාණය කරගන්නත් බෑ. අන්න ඒක ඌ විසින් කරන ලද පාපයේ විපාකය. අන්න, ඌ කෙඳිරිගාන්නේ නැද්ද? කොච්චර දඟලනවාද? කොහොමද ගලවාගන්නේ? ඌට ඇඟිලි වත් නෑ එහෙම එකක් කරගන්න. අන්න විපාකයට ඌට විඳින්න වෙලා තියෙන හැටි.
අනුන්ගේ කනට අමිහිරි වචන දැම්මහම, එතකොට ඇතිවෙන්නාවූ, දැන් “කිණි” කියන වචනයෙන් පෙන්වන්නේ “කණිනවා”, යම් තැනකට අණින එක. එතකොට, තුල්‍ය භාවය කියලා කියන්නේ තලා දමනවා. අණුන්ගේ කනට දෙන වද නොවී, අනුන් තැලෙනවා. ඉතින් එහෙම දේවල් කරපුහාම ඌට විපාකේ එනවා, ඒ ජාතියේම උරුම සතෙක් උගෙම කනේ වැදිලා ඌට වද දෙනවා. ඌට ගලවාගන්න බෑ. ඒකත් කර්ම විපාකයක්. කර්ම විපාක හැදෙන හැටි, ඒ රටාවේ එන හැටි.
{15:29} දිව්‍ය ලෝකෙත් කාම දාහය නැති වෙලා නැහැ
ඉතින් මෙන්න මේ වගේ ලෝක සත්වයා විසින් මේ සැප, දුක කියන එක, මේ පැවැත්ම තුළ සැප-දුක විඳිනකොට, ඔය සැපයි කියන එකේ තියෙනවා මානසික දුක ඇති කරන ඔය දෘෂ්ඨි වලින්ම ගොඩනැඟිච්චි එකක්. අර සැප අල්ලාගන්න ගිහිල්ලා අනන්ත දුක් විඳිනවා. දැන් එක අවස්ථාවක තියෙනවා, අපේ එක කුෂ්ඨ රෝගයක් හැදිලා හිටපු එක කාන්තාවක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත්වුනා. එතැන් පටන් බොහෝම චිත්තප්‍රසාදයෙන් හිටියා. ඒ චිත්ත ප්‍රසාදය නිසාම අර රෝගයත් සමනය වෙලා ගියා. එයා මේ ලෝකේ ඉඳලා, මේ ලෝකෙන් මැරිලා චාතුර්මහාරාජික දෙවුලොව, සතරවරම් දෙවියන්ගේම විමාන හතරේ මැද්දේ ගිහින් උපන්නා, දෙවඟනක් වෙලා. මේ දෙවඟන පුදුම ලස්සනයි. මොකද, ආයු-වර්ණ-සැප-බල-නුවණ කියන මේවායින් අනික් දේවතාවෝ ඉක්මවලා දහ ගුණයකින් බබලනවා ආර්‍ය එක්කෙනෙක් දේවත්වයට පත්වුනොත්, ආර්‍ය ගුණය නිසා. මේ නිසා අනිත් සියල්ලන්ටම වඩා ලස්සන මේ දෙවඟන දැකලා, එකසැරේම දැක්කා සතරවරම් දෙවිවරු. දැන් සතරවරම් දෙවියෝම ඇවිදින් එකසැරේම අල්ලා ගත්තා. අල්ලාගෙන අයිතිවාසිකම් කියනවා.
“මගේ සීමාවේ ඉන්නේ” “නෑ, මගේ සීමාවෙත් ඉන්නවා” “මගේ සීමාවෙත් ඉන්නවා” හතර දෙනාම කියනවා “මගේ සීමා හතරේ, එහෙනම් අපි හතර දෙනාටම අයිතියි” “ඒ වුනාට මමනේ අල්ලාගත්තේ” “ඇයි මාත් අල්ලාගත්තා ඒ වෙලාවේම” කියලා හතරදෙනාම එකට අල්ලාගත්තා. දැන් ඉතින් හතරදෙනාම එක්කලා දැන් කියනවා අයිතිවාසිකම ගන්න, මෙයා හිමිකරගන්න. ඒපාර බැරිතැන බැගෑපත් වෙලා කියන්න පටන්ගත්තා. “අනේ, මේ තැනැත්තිය මට නොලැබුණොත් මගේ ජීවිතේ වැඩකුත් නෑ! මට දෙන්න” අනිත් දේවතාවාත් කියනවා, “ඇයි, මටත් එහෙමනේ, මගේ ජීවිතෙන් වැඩකුත් නෑ මට මේ දේවතාවිය හම්බුනේ නැත්නම්” හතරදෙනාම ඔය අදහසම කිවුවා. දැන් මේක විසඳාගන්න ක්‍රමයක් නැති වුනහම අනිත් සැරේ සක්‍ර දෙවියෝ ලඟට එක්ක ගියා. එක්ක ගිහිල්ලා කට්ටියට වෙච්චි සිද්ධිය ඔක්කෝම කිවුවා සක්‍ර දෙවියන්ට.
“මේ දේවතාවි, හරියට අපේ මායිම් හතරේ උපන්නේ. ඉතින් හතරදෙනාටම අයිතියි. අල්ලාගත්තා ගිහිල්ලා, ඒ අයිතියෙන් කියන්න විදිහක් නෑ, හතරදෙනා එකසැරේ අල්ලාගත්තේ. අදහස් පෙන්නුවා, එක අදහසමයි, මෙයා නැත්නම් මට වැඩක් නෑ, අදහස් හතරම එක වාගේ. නැත්නම් මට ජීවත් වෙලා වැඩකුත් නෑ. ඉතින්, අනේ ස්වාමීනි, දැහැමි විනිශ්චයකින් මේ දේවතාවිය අපිට හිමිකරලා දෙන්න. කාටද, අපි විනිශ්චය භාරගන්න කැමතියි, දැහැමි විනිශ්චය” “මටත් කියන්න එකක් තියෙනවා. මේ දේවතාවිය මට හම්බුනේ නැත්නම් මගේ ජීවිතෙන් වැඩකුත් නෑ” ශක්‍ර දෙවියා දුන්න උත්තරේ! ඒපාර කිවුවා, “අපි හතරදෙනාම ජීවත් වෙන්නම්, ඔබවහන්සේ නැත්නම් අපිට වැඩකුත් නැහැ, ඔබවහන්සේ භාරගන්න” කියලා ඒ දේවතාවිය ශක්‍ර දෙවියන්ට භාරදීලා යන්න ගියාලු.
දැන් දාහය කොච්චර තියෙන්නැද්ද දෙවි වෙලත්! මදි වෙලාද? දැන් මේක තමයි කාම සම්පත්තියට වැදිලා, ඒකෙම, ඒ පිනෙන්ම ගොඩනැඟිලා, ඒ පිනෙන්ම ගොඩනඟාගත්ත ශරීර ඇති, ඒ පිනෙන්ම ගෝචර වෙච්චි සම්පත් භුක්ති විඳින, මේ දෙවියන්ටත් මේ දාහය කොච්චර තිබුණාද? “මට ජීවිතේ වැඩකුත් නෑ ලැබුණේ නැත්තම්” දැන් එතකොට කොයිතරම් තැනකද ඉන්නේ බලමු. එහෙනම්, දැන් අපිට කියන්න පුලුවන්ද දේවතාවෝ දාහයක් නැතුව ඉන්නවා කියලා? මනුස්සයින්ට වැඩිය දාහයෙන් පෙලෙනවානේ, කොච්චර හිටියත්. දැන් මේක තමයි ලෝකේ හැටි.
මේ ලෝක ධර්මතාවය කියන්නේ ඔන්න ඕකයි. කාමයෝ ගිණි, “මෙච්චර ඇති වුනා”යි කියලා කවදාවත් ඇතිවීමක් නෑ. එන්න එන්න ඊට වඩා ආස්වාදයක් පස්සේ යනවා. ඒ නිසාම කාමයෝ කවදාවත් සෑහීමට පත්කරන දේවල් නෙමෙයි. “බල්ලෙකුට අහුවෙච්චි මස් කට්ටක් වාගේ” කියනවා කාමය. නොයේක් ආකාරයේ උපමා වලින් පෙන්වනවා. “උකුස්සන්ට අහුවෙච්චි මස් කැටියක් වාගේ” ඉතින් එතකොට, ඒ කියන්නේ ඒවා සෑහීමට පත්වෙන දේවල් නෙමෙයි. නමුත් ලෝකේ හැටියට පිං ඵලයක් වශයෙන් ලබනවා. ඉතින් මේවායේ හරයක් නැතිබව දැනගෙන තමයි ආර්‍යයෝ මේ කාමය කියන එකේ හැටිත් මේකයි, පිං ඵලයේ හැටිත් මේකයි, පවු ඵලයේ හැටිත් මේකයි කියලා, “මට ඔය පිං ඵලයෙන් ඇති වැඩකුත් නෑ, පවු ඵලයෙන් වැඩකුත් නෑ, ඔය දෙකම පැවැත්ම. පැවැත්මේ යමක් ඇත්නම් ගිණි වලින් මිදිලා නෑ. මට ගිණි සහිත පැවැත්මෙන් වැඩක් නෑ” කියලා පැවැත්මේ දුක-සැප දෙකම අත්හැරපුහාම “පුන්‍ය පාප පහීනස්ස” කියලා අරිහතුන් වහන්සේට පිං-පවු දෙකේම සම්බන්ධයක් නෑ, දෙකේම බැඳිලා නෑ. අන්න, දෙකෙන්ම ඉවත් වෙනවා.
{19:14} කැමති සේ නැති බව දකිනකල් ලෝභ, දෝස, මෝහ දුරුවෙන්නේ නෑ
ඉතින් එතකොට මෙන්න මේ වගේ මේ ධර්මය තුළ තියෙන මූලධර්මය තේරුම් අරං ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ලෝකයා “ප්‍රියයි, මනාපයි, යහපතයි” කියන්නේ ඇත්ත දකින්නේ නැති හින්දා. එහෙනම් දකින්න ඕනේ, “මේ එකක් වත් කැමති සේ නෑ, කැමති සේ නැති එකෙන් දුක එනවා” එහෙනම් දෙවියොත් කැමතියි, ඒකට අහුවුනා. කැමති සේ හම්බවෙච්චි නැති නිසානේ දුක ආවේ. ඉතින් ඒක වටිනාකම අපි කොච්චර හිතින් දරාගෙන ඉන්නවාද, ඒ තරමටම කැමති සේ නැත්නම් ඒකේ දුක එනවා. ඉතින් ඒක දකින්න ඕනේ. නමුත්, ඔය වගේ දෙවු අත්බැවු අපි කොච්චර ලබලා ඇත්ද? ඉතින් නමුත් කැමති සේ තිබිච්චි නැති එකේ දුක විඳලා, ඒකෙන් කැමති සේ නැතුවම මැරිලා ගියා.
කියන්නේ ඒක නම් මේ සසර ගමන, මේ සසර ගමන තුළ කැමති සේ පවත්වන්න පුලුවන් දෙයක් කොතැනකවත් තියෙනවාද කියලා විමර්ශනය කරලා බලනකොට, දෙවුලොවත් නෑ, බඹ ලොවත් නෑ, මිනිස් ලොවත් නෑ, කොයි ලෝකෙත් නෑ. කොයි ද්‍රව්‍ය වස්තුවකුත් නෑ. මෙන්න මේක නුවණින් මෙනෙහි කරලා දැකලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. කැමති සේ නැති බව දැනගත්තාට පස්සේ කැමැත්තෙන් පස්සේ පන්නන්නේ නැති එකට පත්වෙනවා. අන්න, කැමැත්ත දුරු වෙන යම්කිසි දහමක් දැක්කේ නැත්නම්, ඔහුට කවදාවත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන්න බෑ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන්න නම් කවදා හරි, කැමැත්ත නැතිකරගන්න තත්වයේ ධර්මයක් දකින්න ඕනේ. එහෙනම් “කැමති සේ නෑ” කියන ධර්මය දැක්කේ නැත්නම්, ඔහු කැමැත්තෙන් ඉවත් වෙන ධර්මය දැකලා නෑ.
ඒ නිසා “මේවා ඔක්කෝම අනිත්‍යයි, අනිත්‍යයි” කියලා, “ස්ථිර නෑ ස්ථිර නෑ” කියලා කොච්චර හිතුවත්, ඔහුට කැමැත්තෙන් අහක් වෙන්න ක්‍රමයක් නෑ, ඒකේ මුල කපාගන්න විදිහක් නෑ. එහෙනම්, ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි එන මුල මොකද්ද? යමකට කැමතිද, කැමැත්තේ ආදීනව දැකලා, කැමැත්තෙන් වෙන් වීමේ යථාර්තයට බහින්න ඕනේ. කැමැත්ත නැති වුන දාට ලෝභයත් නෑ, ද්වේෂයත් නෑ, මෝහයත් නෑ. අන්න ලෝභක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ වෙන්නේ මොකද්ද? “කැමති සේ නෑ” කියලා දැනගත්ත දවසටයි අන්න මූලධර්මය අහුවෙන්නේ. කොච්චර “ස්ථිර නෑ, ස්ථිර නෑ” කිවුවත් කැමැත්ත අයින් කරන්නේ මොකෙන්ද? ස්ථිර නෑ කිවුවාට, කැමති සේ තියෙනවා. ඔහු ඒ දෘෂ්ඨිය අහක් වෙන්නේ නෑ. “කැමති සේ පවතින්නේ නෑ” කියන දෘෂ්ඨිය දැනගත්තා නම්, අදම නිදහස්! “ඇත්ත ඒක නම්, අපි මොකද්ද මේ කැමති සේ පවත්වන්න හදන්නේ? මං කැමති සේ මොනවාද පවතින්නේ? මං මේ මුලාවක නේ යන්නේ”.
ඕක තියාගෙන “ස්ථිර නෑ, ස්ථිර නෑ” කිය කියා හිටියොත්? කැමති සේ නෑ කියන එක කැපෙන්නේ මොකෙන්ද? “ස්ථිර නැති වුනාට මොකද, තාවකාලිකව හරි කැමති සේ තියෙනවා නේ” ඒ දෘෂ්ඨිය කැපිලා නෑ. “ස්ථිර නැත්නම් වෙන එකක් ගන්නවා නේ” මොකද, මූල ප්‍රයෝජනය ගැන හිත අහක් වෙලා නෑ නේ. ලෝකය වටින්නේ “කැමතියි” කියන, “කැමති සේ පවත්වන්න පුලුවන්” කියන දෘෂ්ඨිය උඩ. “කැමති සේ පවත්වන්න පුළුවන්” කියන දෘෂ්ඨිය යම් දවසක නැති වුනා නම් ධර්මය දැකලා, කැමති සේ පවත්වන්න බැරි දෙයක් පස්සෙ යනකොට, “මොකටද එහෙනම් ඒකට යන්නේ? කැමති සේ පවත්වන්න බැරි නම් මට ඒකට දඟලලා වැඩක් නෑ” අන්න, ලෝභයත් කැපුනා, ද්වේෂයත් කැපුනා, මෝහයත් කැපුනා.
{21:55} රාග, ද්වේෂ, මෝහ නැතිකරගන්න එකම ක්‍රමය කැමති සේ නැති බව දැකීමයි
එහෙනම්, “අනිත්‍යයි අනිත්‍යයි” කියලා කොච්චර හිටියත් “අනිච්ච” කියන වචනයේ නියම අර්ථය දැනගන්නා තාක්කල් කැමැත්තෙන් මිදෙන්න බෑ! කැමැත්තෙන් මිදෙන්න නම්, කැමති පරිදි පවත්වන්න හැදුවට, කැමති සේ පවතින්නේ නැති එකක් කියලා දැනගත්ත දාට කැමැත්තට කෙලින්ම පහර වදිනවා. කැමැත්තට පහර වදින්නම ඕනේ කැමැත්තෙන් මිදෙන්න. කැමැත්තෙන් මිදුනහම රාගයෙන් මිදුනා. ආයි රාගයෙන් අල්ලන්න බලන්නේ නෑ. රාගය තිබුණොත් තමයි, විරුද්ධ වෙන වෙන ඔක්කොම සටන් කරන්න බලන්නේ, ගැටෙන්නේ, ද්වේෂය නැඟෙන්නේ. රාගයෙන් මිදුනා නම්, ද්වේෂය එතෙනම මිදිලා! රාගය, ද්වේෂය නිසා තමයි මුලාවෙන් “ඒක හොඳයි” කියලා නිගමනය කරන්නේ. එහෙනම්, කැමැත්තට නෑ කියලා දැනගත්තහම, මුලාවෙන් වටිනවා කියලා අල්ලන්නේ නෑ. වටිනාකම බැහැලා යනවා. එහෙනම්, රාග, ද්වේෂ, මෝහ තුනම නැතිවෙලා යනවා.
ඔය ක්‍රමයෙන් රාග, ද්වේෂ, මෝහ නැතිකරගන්නවා ඇරෙන්න, තවත් ක්‍රමයක් නැහැ රාග, ද්වේෂ, මෝහ ඇරගන්න. එහෙනම්, ඔය මූලධර්මය අහන්නේ නැතුව, මූලධර්මය තේරුම් ගන්නේ නැතුව, යම් කෙනෙක් කැමැත්තෙන් මිදුනා කිවුවොත්, මේකට හේතු නෑ. පුද්ගලයා කැමැත්තෙනුත් පරිවර්තනයන්ට බහිනවා. “ඒක නැත්නම් මං මේකටයි කැමති, මට ඕක එපා!” කැමැත්තෙන් මිදිලා නෑ. එහෙනම්, එයාට ලෝකෙන් මිදෙන්න බෑ. ලෝකේ තැනින් තැනට එයා ගෙම්බා පණිනවා වගේ පණින එක තමයි කරන්නේ. “මට දැහැනක් හම්බුනා, මං දැහැනෙන් කැමැත්තෙන් ඉන්නවා” හරි සන්තෝසයි. කැමැත්තෙන් මිදිලාද? නෑ! කාමය එපා නම්, මට මේපැත්ත අල්ලාගත්තා. අන්න, ලෞකිකයි.
කැමැත්තෙන් මිදෙන තාක්කල් ලෝකෝත්තරත්වයට බහින්න බෑ. “කැමැත්තෙන් අල්ලාගන්න වටිනා දෙයක් ලෝකේ නෑ” කියලා ධර්මානුකූලව හරියට දැක්කාට පස්සේ “එහෙනම් තුන් ලෝකෙම කැමැත්තට අල්ලන්න දෙයක් නෑ” කැමැත්තෙන් අත්හැරී, නොඇලී, මිදී ගියා නම් අන්න ඒකට කියනවා, ඡන්ද රාගයෙන් මිදී ගිය කෙනාට, නිවනේ හිත පිහිටියා. එයාට අමුතු දෙයක් මේ ලෝකේ, පෙන්වන්න දෙයක් නෑ, උද්දාම වෙන්න දේකුත් නෑ, හිනහ වෙන්න දේකුත් නෑ, සන්තෝස වෙන්න දේකුත් නෑ, උඩ පණින්න දේකුත් නෑ, ඇඹරෙන්න දේකුත් නෑ, බිම වැටෙන්න දේකුත් නෑ, ඇලෙන්න, ගැටෙන්න, මුලාවෙන්න කිසි දෙයක් ඉතුරුවෙන්නේ නෑ, යථාර්තය දැක්කාට පස්සේ. අන්න නිවන! ඒකෙන්ම නිවන් දැක්කහැකි.
{23:50} : සක්විති රජකම වත් කැමතිසේ නෑ, කැමැත්ත දුරු කරගන්න…
ඉතින් ඔය ටික තේරුම් ගත්තාට පස්සේ, එහෙනම් “අනිච්ච” කියන්නේ “ඉච්ච සේ නෑ” කියලා තෝරාගන්න ඕනේ. “කැමති සේ නෑ”. දුක එනවා, කැමති නෑ, නමුත් එනවා. සැප යනවා, කැමති නෑ, නමුත් යනවා. ඔය ජාතියේ නොවන්නාවූ ප්‍රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් විද්‍යාමාන වෙච්චි ලෝකයක් නෑ. ඕක ඇත්තද? සක්විති රජ වුනත් සිද්ධ වෙන්නේ ඕකයි. අන්න, ඒකනේ කියන්නේ අර මීහරක් රැලක් යනවා දැකලා, එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හිනා පහල කරලා කියනවා, ආන්නන්ද හාමුදුරුවෝ කියනවා, “ස්වාමීනි, හිනා පහල කරන්න හේතුව?” “ආනන්ද, මේ යන ගෙරි රැළ පේනවා නේද?” ගෙරි කියන්නේ මී හරකුන්ට නේ, “දෙවියෙක් නොවෙච්ච, බ්‍රහ්මයෙක් නොවෙච්ච, සක්විති රජ කෙනෙක් නොවෙච්ච එකම ගෙරියෙක් වත් මෙතන නෑ! මේ ඔක්කෝම ඒ ජාතිවලට පත්වෙච්ච අය. බලන්නකෝ අද, කෝ ඒ තත්වයක්? මේ සසර ගමනේ හැටි මෙහෙමයි. කෝ, ඒවා ලබා දුන්නාද පිළිසරණක්?” අන්න බලන්නකෝ මී හරක් රැළක්, ඔය ඔක්කොම එදා, දෙවියෙක් වෙච්ච, බ්‍රහ්මයෙක් වෙච්ච, සක්විති රජ කෙනෙක් වෙච්ච පිරිස ඔය යන්නේ.
අන්න, දැන් ඕක දකිනකොට අපි හිතා ඉන්නවා, එහෙනම් සක්විති රජකම කැමැත්තට තියෙනවාද? කැමති සේ තිබුණා නම් ඕක වෙනවාද? අන්න දකින දේ. මේ විදිහට දකිනකොට මේ ලෝකේ, “කැමති සේ පවතින්නේ නැති ලෝකයක් තුළ, මං මොකට ඒක පතන්නද? මොකද්ද ඒකේ තියෙන වටිනාකම?” අන්න, වටිනාකම බහිනකොට මෝහය බැස්සා. මෝහය තියෙන නිසා තමයි වටිනාකමක් කියලා නිගමනය කරන්නේ, “අවිද්‍යාව” කියන්නෙත් වටිනාකම කියලා ගන්නේත් ඕකට. අවිද්‍යාවෙන් බැඳිලා, මෝහයට වැටිලා හිටියා නම්, වටිනාකමේ අධික කමට හිතපුහාම තමයි මෝහයට වැටෙන්නේ. අධික වටිනා දෙයක් කියලා නිගමනය කරලා ඉන්න තාක්කල්, “ගහලා හරි, මරලා හරි, කපලා හරි, කොටලා හරි, සොරකම් කරලා හරි, කාම මිත්‍යාචාරයෙන් හරි, බොරු කියලා හරි, රවට්ටලා හරි, කේලාම් කියලා බිඳවලා හරි මං අත්කරගන්න ඕනේ” අන්න, මමත්වයේ බැඳිලා ඒක අත්කරගන්න හදනවා.
එහෙනම්, ඔක්කෝම දස අකුසල්ම තියෙන්නේ මොකද්ද? “කැමැත්තට බැඳිලා” ඉන්න හින්දා. එහෙනම් අපිට කරගන්න දෙයක්, එකම දෙයයි තියෙන්නේ කරන්න, වෙන ක්‍රමයක් ඇත්තේ නෑ. කැමැත්ත දුරු කරගන්නේ යමකින්ද, අන්න ඒ ක්‍රමය දකින්න ඕනේ. කැමැත්ත දුරුකරගන්න බොරුවෙන් බෑ. ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕනේ. මොකද්ද ඇත්ත ඇති ආකාරයෙන් දකින්නේ? “මේ කැමති වෙලා ඉන්න හැම දෙයක්ම කැමැත්තට නෑ. කොච්චර කැමති වුනත් කැමති සේ නෑ. එහෙනම්, ඒක තමයි මේ ලෝකේ කියන්නේ. මං මේ පතන්නේ ඒකද? බලාපොරොත්තු වෙන්නේ ඒකද? කැමති සේ නැති දෙයක් මං මොකට බලාපොරොත්තු වෙන්නද? ඒක බලාපොරොත්තු වෙන ගානේ, කැමති සේ නැති නිසා මට දුක විඳින්න සිද්ද වෙනවා. මානසික වශයෙන් දුක් වෙනවා”
{26:08} : සත්‍යය දැක සත්‍යයේ පිහිටපු විට සතිපට්ඨානය ලැබෙනවා
මෙන්න දුකට මුල. කැමති සේ නැති දෙයක් බව දන්නේ නැති නිසා, අපි දුක් වෙනවා. පොඩ්ඩයි දැනගන්න තියෙන්නේ. “කැමති සේ නෑ” කියන්නේ ඇත්තක්. ඒක එහෙමමද? විමර්ශනය කරනවා. හිතලා බලනකොට පේනවා, “කැමති සේ තියෙන එකක් ලෝකේ නෑ නේ!” කාටවත් පෙන්වන්න දෙයක් නෑ. “මෙන්න මේක මේ ආකාරයෙන් කැමති සේ පවතිනවා” එහෙම කියන්න එකක් නෑ. (ශ්‍රාවක මහතෙක්): භාවනා කරනවායි කියලා කරන්න තියෙන්නේ ඕක තමයි? (ස්වාමීන් වහන්සේ): අන්න, භාවනා කරනවායි කියන්නේ, “විදර්ශනා” කියන්නේ මෙන්න මේකයි. මේ “විශේෂයෙන් දකින්න” ඕනේ, මේ යථාර්තය. ඉතින් මේක භාවනා කරනවායි කියන්නේ, මේ දෙස සිහි කල්පණාවෙන් බලන්න ඕනේ. “සතිය පිහිටවන්න” කිවුවේ ඔන්න ඕකටයි. “සතිපට්ඨානය” කියන්නේ ඕකයි.
අන්න, සත්‍යයේ පිහිටලා මේක හිතාගෙන යනකොට, අන්න සත්‍යයේ පිහිටපුහාම සතිපට්ඨානයක් ලැබෙනවා. මොනවායින්ද බලන්නේ? අපි කයින් කරන වැඩ තියෙනවා. කරන කරන එකක් ගානේ, “මං කැමැත්තට අනුකූල වැඩක් කරනවාද? කැමති සේ පවතින එකක් මගේ මේ ක්‍රියා කලාපය තුළ තියෙනවාද, අද මං මේ කරන්න හදන ඒවායේ? මං මේ, කැමති සේ පවතින එකක් ගොඩනගන්නද මං මේ ක්‍රියා කරන්නේ? අනේ, මං වගේ මුලා කාරයෙක්! මෙච්චර කල් මං මේ දඟලලා තියෙන්නේ, මගේ කය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මොනවා හරි හදාගන්න. මොකටද? කැමති සේ පවත්වන්න” (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, අත්හරින්නේ නෑ, ඒක කරනවා…. (ස්වාමීන් වහන්සේ): අත්හරිනවා නෙමෙයි, අන්න ඒකයි. අපි දකින්න ඕනේ, කැමති සේ පවත්වන්න එකක් නැති බවයි දකින්නේ. නොකර බැරි නිසා කරන එක වෙනයි.
දැන් වැසිකිලි යනවා. කැමැත්තෙන් නෙමෙයි, නොකැමැති වුනත්, කැමති වුනත් කරන්න ඕනේ එකක්. වැසිකිලියක් හදාගන්නවා. කැමති සේ පවතින නිසා නෙමෙයි, ඒක නොකර බැරි නිසා. මොකද, මේ ජීවිතය යම්තාක් පවතිනවාද, ඒ තාක්කල් අප විසින් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ටික කැමති සේ කරන්න පුලුවන් වුනත් බැරි වුනත්, අපිට කරන්න සිද්ධ වෙනවා. දැන් ඉතින් ඒක කරන්නෙත් ප්‍රයෝජනය තකා. ප්‍රයෝජනය තකා කරන එකයි, කැමති සේ කරන එකයි දෙකක්. අපේ වැඩපිළිවෙල තුළ තියෙන්නේ ප්‍රයෝජනය තකා කරන්න ඕනේ ඒවා 10% නම්, නෑ 10%ක් නෙමෙයි, 1%ක් වෙන්න පුලුවන්, අපි දළ වශයෙන් කිවුවොත්. 99%ක් අපි ප්‍රයෝජනය තකා නෙමෙයි කරන්නේ, කැමති සේ පවත්වන්න එකක්. මෙන්න මේකම තමයි අපිට දුක් දෙන්නේ. ඉතින් දැන් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද, යථාර්තය දැක්කහම? ප්‍රයෝජනය තකා කළ යුතු 1%ක් ඇත්නම්, ඒක ඉතුරු වෙනවා. 99%ක් ගෙවිලා යනවා, අත්හැරී, නොඇලී, මිදී යනවා, සිතිවිලි-ක්‍රියා-වදන් අනික් පැත්තට.
{28:20} : භාවනාව කියන්නෙ හිත එක අරමුණකට ගැනීම නෙමෙයි..?
එහෙනම්, කැමති සේ පවත්වන්න බැරි දෙයක් කැමති සේ පවත්වන්න හිතනකන්, කියනකන්, කරනකන්, එක බැරි දෙයක් කරන්න හදපු නිසාම, අපේ වික්ෂිප්තතාවය ඉවර කරන්න බෑ. එහෙනම්, වික්ෂිප්තතාවය ඉවර කරන්නේ නැති තාක්කල් හිත එක් අරමුණු කරනවා කියන කතාව කරන්න බෑ. “හිත එක අරමුණකට ගන්නවා” කියන එකයි අද කියන්නේ ඕකට. හිත කොහොමත් යන්නේ එක අරමුණේ තමයි. කොයි වෙලාවකට වත් අරමුණු දෙකක හිතක් පවතිනවා කියලා ධර්මයෙන් ඔප්පු කරන්න බෑ. අවධානය යොමු කරන්න පුරුදු වෙන්න ඕනේ, එල්ල කරපු අවශ්‍යය කාරණයට. අවධානය අවශ්‍යය කාරණයට යොමු කරගෙන ඉන්න බැරි එක තමයි භාවනාවේ සමථයක් නැතුවහම සිද්ධ වෙන්නේ නැත්තේ. අවධානය යොමු කරනවා අපිට අවශ්‍යය වැඩක් කරන්න.
ඒ කියන්නේ, එක්තැන් කරන කතාවක් එතන නෑ. දැන් එකතැන් කරනවා කියලා කරන්න ගියපු ගමන් මහ පුදුම සිද්ධියක් වෙනවා. අන්තිමට පිස්සෙක් වෙනවා, එක්තැන් කරන්න ගියාම. දැන් මෙතන අවධානය යොමු කරගෙන ඉන්නවා බණ අහන්න. අවශ්‍යය කරුණ කියන්න මං අවධානය ඒ පැත්තට යොමු කරලා තියෙනවා. අවධාන දෙකම හරියට කරන්න පුලුවන් වික්ෂිප්ත නැතුව, ලෝභ-ද්වේෂ-මෝහ පැත්ත නැති නිසා. ලෝභයටයි, ද්වේෂයටයි, මෝහයටයි කැමැත්තෙන් අල්ලාගන්න ගියා නම් එහෙම මෙතන මේක කරන්න බෑ. දැන්, කැමැත්තට බණ කියන්න ගියොත්, එයා හිතන් ඉන්නවා, “බණ කියන කෙනාට කොච්චර විශේෂයක්, ගෞරවයක් තියෙනවාද? එයා හොඳට ගෞරවයක් ලබාගෙන ඉඳලා, කැමැත්තෙන්, එයාට තත්වය මෙහෙමයි, ඨානාන්තරය මෙහෙමයි, කොච්චර හොඳද?” දැන් ඔහොම හිතාගෙන එහෙම බණ කියන්න ගියොත්, මේක කැමැත්තට නැති එකක් නේ, බණ කියන එකත්. කවුද කැමැත්තට අනුව අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ? අන්න ඒ වෙලාවෙදි අපිට සිද්ධ වෙනවා, කැමැත්තට නැති දෙයක් කැමැත්තෙන් සිද්ධ කරන්න ගියොත් එහෙම, වික්ෂිප්ත වෙන්නේ එතන. “මූට බණ කියන්න ගිහිල්ලා මට බැණුම් අහන්න සිද්ධ වුනා, මං හිතාගත්තේ ඕක නෙමෙයි” එහෙම ආං බණින්න පටන් ගන්නවා මිනිස්සුන්ට. දැන් මොකද වෙන්නේ? එයා කැමැත්තෙන්, කැමැත්තට බණ කියන්න ගියා නම් සිද්ධ වෙන්නේ ඕක. දයානුකම්පාවෙන් බණ කියන්න ගියා නම්, කැමැත්තට පවතින්නේ නැති එකක් බව දැනගෙන, කවුරු මොනවා කිවුවත්, එයාට ඒවා ගැහෙන්න, කම්පණය වෙන්න හේතු නෑ. ඒකෙත් එහෙම එකක් තියෙනවා.
බණ අහන්න යනවා, “මං බණ අහන කෙනෙක් කියලා ලෝකයා දැනගනිත්වා!” කැමැත්තක් තිබුණා. “ඉඳගෙන නම් ඉන්නවා හොර උපාසකයා වාගෙ ගිහිල්ලා” කියලා කවුරුහරි කිවුවොත් මොකද වෙන්නේ? “ඔවු ඉතින්, අපිම තමයි ඕකාට පේන්නේ, හෙණ ගහන්න ඕනෑ ඕකාට! අසත්පුරුෂයා!” අපි බණිනවා හිතින් එතකොට. අපිට වික්ෂිප්තයි. ඉතින් මේ කැමැත්තෙන් කරන ඒවා ඔක්කෝම නතරවෙන්න ඕනේ. ඒකට හේතුව මොකද, කැමැත්තට අනුව කරන්න ගියොත්, කැමැත්තට අනුව පවතින ලෝකයක් නෑ, කැමැත්තට අනුව පැවතුනේ නැති ලෝකයක ඕක දැනගන්න ඕනෑ ඉස්සෙල්ලාම. ඔන්න ඕක තේරුම් ගත්තා නම් අපිට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ.
{30:47} : කුසල සීලය හෙවත් අවිද්‍යා තණ්හා පහ කිරීම නිවනට මගයි
අන්න සමාධියට මුල, “අවිප්‍රතිසාරය” – විපිළිසර වෙන්නේ නෑ. අන්න “කුසළ සීලය”. කුසළ සීලය ගන්න නම්, අනිච්ච – දුක්ඛ – අනත්ථ අහක් කරලා කුසළ සීලයක් පහල කරන්න බෑ. “කෝසානි විචෙයිය කේවලානි දිබ්බං මානුසතංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පමුච්චතෝ තථත්තා” << ත්‍රිපිටක සුචිය අවශ්‍යයි>> දිව්‍ය කෝෂ, බ්‍රහ්ම කෝෂ, මනුශ්‍ය කෝෂ, සකලවිධ කර්ම කෝෂ පිළිබඳ, ඒවායේ ඉපැද්මට හේතුවන අවිද්‍යා-තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇද්ද, කුසල් යැයි කියනු ලැබේ. අන්න කුසල කියන එක. මේ අවිද්‍යා-තෘෂ්ණා පහවෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිච්ච වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනත්ථ වශයෙන් දකින්න ඕනේ. අන්න ඒ අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් දකින්න දකින්න, යම් අවිද්‍යාවක් – තෘෂ්ණාවක් පහවෙලා ගියාද, ඕකට කියනවා “කුසලය වැඩෙනවා”.
ඔන්න ඔය ශික්ෂණයේ පිහිටියට පස්සේ එයාට කියනවා, “කුසල සීලයෙහි පිහිටියා”. එයාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ ඉන් එහාට ඔය එකක් වත්. කුසල සීලය අවිප්‍රතිසාරය ඇතිකරනවා. ඒක ධර්මතාවයක්! කම්පා වෙන්න හේතු නෑ. අන්න, යථා ධර්මය තුළින් ආපුහාම කම්පාව නැතිවෙලා ගියපු හැටි. අවිප්‍රතිසාරය ප්‍රමෝදයත්, ප්‍රමෝදය සිත-කය දැන් කම්පා වෙන්න විදිහක් නෑ, දූෂ්‍ය වෙන්න විදිහක් නෑ, ප්‍රමෝදයි. ප්‍රමෝදය පස්සද්දියත් – සැහැල්ලු බව ඇතිවෙනවා. පස්සද්ධිය ප්‍රීතියත් – නිරාමිස ප්‍රීතිය ඇතිකරනවා. එතකොට, ප්‍රීතිය සුඛයත් ඇතිකරනවා. සුඛය සමාධිය ඇතිකරනවා. සමාධිය යථාභූත ඥාණ දර්ශනය ඇතිකරනවා. එතනින් ආයි සැරයක් අපිට ප්‍රඥාව පහල කරනවා, අමුතු එකක් කරන්න දෙයක් නෑ. ඒ සමාධියම, ඒකෙන්ම අත්දකිනවා යථාර්තය. යථාභූත ඥාණ දර්ශනයෙන් නිර්වේදයත් – නිර්වේදය විරාගයත් – විරාගය විමුක්තිය සහ විමුක්ති ඥාණ දර්ශනයත් ලබාදෙනවා. ඉතින් විමුක්ති ඥාණ දර්ශනයයි මිදෙන්න අරිහත් ඵලයට ඕනෑ කරන්නේ.
{32:25} : නිවැරදිව භාවනා වඩලා ඡන්ද රාගය දුරු කරගන්න
ඉතින්, එතෙන්ට ලබාදෙන එකට අපිට කරන්න තියෙන්නේ එකයි. “සීල සම්පන්න සිල්වත් හට අවිප්‍රතිසාරය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත, ලැබීම ධර්මතාවයකි”. (න චේතනා කරණිය සූත්‍රය) ඒක ධර්මතාවයක්. මුල විතරයි අපිට අල්ලන්න ඕනේ. එහෙනම්, භාවනාව කිවුවේ මොකද්ද? අනිච්චයි කියන්නේ මොකද? දුක්ඛයි කියන්නේ මොකද? අනත්ථයි කියන්නේ මොකද? ඒකට ලෝකේ දාලා විමර්ශනය කරලා බලන එක. ඔය ටිකයි විමර්ශනය කරන්නේ. ඕක තමයි භාවනාව. ඉතින්, ඔයටික යමකින් දකිනවා නම්, අන්න ඒක දකින්න ඕනේ.
ඉතින් කවුරුහරි බණිනවා, ඉච්ච සේ තිබුණා නම් බැණුම් අහන්න වෙනවැයි? කැමති සේ නැති එකක්ම නේ මේ, ඒකනේ බැණුම් අහන්න වෙන්නේ. බැණුම් ඇහීම උරුම කරලා තියෙන දෙයක් තියෙනවා නම්, කොච්චර හොඳ එක හරි බැණුම් අහන්න වෙනවා නම්, ඒ කැමති සේ නැති එකක් මයි! එහෙනම්, හොඳයි කියලා මොන ඨානාන්තරය අල්ලා ගන්නද? හොඳයි කියලා මොකක් නිගමනය කරන්නද? අන්න බැස්සා, නිගමනයක් නෑ, බැඳීමක් නෑ. යම් චන්ද රාගයක් තිබුණා නම්, ඒක දුරුවෙලා ගියා. ඉතින්, ඒ චන්ද රාගය දුරු කරන්න ඕනේ හැම එකක් ගානෙම. මෙන්න භාවනාවේ ප්‍රතිඵල ලබාගන්න ක්‍රමය. ඡන්ද රාගය දුරුවෙන්න නම්, අමුතුවෙන් ආයෙ කැමති සේ නැති බවම දකින්න ඕනේ, ධර්මතාවයම දකින්න ඕනේ. අන්න, ධර්මය දකිනකොට බුදුන් දකිනවා කිවුවේ ඔන්න ඕකයි.
ඉතින්, ඔය වැඩේ පැත්තකින් තියලා වෙන වෙන චරියා රටාවල් අරගෙන, වෙන වෙන භාවනා ක්‍රම අරගෙන, “මේකේ මෙහෙම එකක් වෙනවා, මෙහෙම වෙනවා” කියලා එහෙම කරන්න ගියාට පස්සේ, ඉතින් “දස ඥාණ භාවනා” කියලත් අද දෙන්නේ, එකින් එකට භාවනා ක්‍රම. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අවශ්‍යය ධර්මය දෙන්නේ නෑ, බාහිර වැඩක, සීලබ්බත පරාමාසයන් පස්සේ පරාමර්ශනය කර කර යනවා සියලුම දෙනා. එතකොට යථාර්තයට එන්න බෑ.
{34:00} :ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා කරලා සප්ත විශුද්ධිය ලබන්න
ඉතින් ලෝකයේ යථාර්තය අපි දකින්න ඕනේ. ඇහැ කැමති සේ නෑ, රූපය කැමති සේ නෑ, චක්ඛු විඤ්ඤාණය කැමති සේ නෑ, එයින් ලබන චක්ඛු සංස්ඵර්ශයක් වේද කැමති සේ නෑ, එයින් ලබන සංඵස්සජා වේදනාවක් වේද කැමති සේ නෑ, ඉතින් කැමති සේ නැත්නම්, ඇහැ පිළිබඳ සියලු වැඩ පිළිවෙල කැමති සේ නෑ. ඒක ඇත්තද? දැන් ඉතින් අපි ඉස්සෙල්ලා ආවර්ජනා කරලා කියනවා, කර්මස්ථානය. සිහි කර කර ඉන්නවා. සිහි කරපුහාම මනසට වැටෙනවා ඒ රටාව.
ඒ රටාව ඇත්තද කියලා අපි විමර්ශනය කරනවා. “කොයි ඇහැද කැමති සේ තියෙන්නේ? කොයි රූපෙද කැමති සේ තියෙන්නේ? දකින්න එකක් එහෙම ලෝකේ තියෙනවාද?” ඉතින් කල්පණා, සම්මා සංකප්පයට බහිනවා. දැන් මොකද්ද? දැන් මෙතන ව්‍යාපාද නෑ, අව්‍යාපාදයි. හිංසා නෑ, අවිහිංසායි. අල්ලාගන්න කාම පැත්තට නෑ, නෙක්ඛම්මයි. ඔය කල්පණාව ඒකයි. අන්න සම්මා සංකප්පයට බහිනවා. ඔන්න භාවනාව. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි භාවනා කරන්න කියන්නේ. එහෙනම්, දිට්ඨිය සුද්ධ කරගන්නවා මේ අනිච්ච-දුක්ඛ-අනත්ථ කියන මේ ත්‍රිලක්ෂණයෙන් ඔය ටික දැකලා.
එතකොට දෘෂ්ඨි පාරිශුද්ධිය ලැබෙනවා, දිට්ඨි විශුද්ධිය. එතකොට, ඔය දිට්ඨි විශුද්ධිය ලැබෙනකොට චිත්ත විශුද්ධියත් එක්කමයි බණ ඇහුවේ. දස අකුසලයෙන් තොර වූ වෙලාවක බණ අහනකොට, ඔය චිත්ත විශුද්ධිය ලැබුවා. ඒකෙන් ලබනවා දිට්ඨි විශුද්ධිය. අන්න අර කර්මස්ථානය ගන්නකොට ඒකට ලැබෙනවා. අරගෙන ඉවරවෙලා ඒකේ ඇත්ත නැත්ත බලනකොට, “සැක නෑ නේ මට, මොනවාට සැක කරන්නද? කියන එක ඇත්තනේ! බලන බලන තැන කියන එක එහෙම්මම පේනවා” කංඛාවිතරණයි. කංඛාවෙන් හෙවත් සැකෙන් එතෙර කරනවා, කංඛාවිතරණ විශුද්ධිය. එතකොට දකිනවා, මේ පැත්තේ ගියොත් ලෝකෙට, මේ පැත්තෙ ගියොත් නිවනට, මග්ගාමග්ග ඥාණ දස්සන විශුද්ධිය. එතකොට ප්‍රතිපදාව දැක්කාට පස්සේ, නිවන පැත්තට තියෙන එක අනුගමනය කරනවා, පටිපදා ඥාණ දස්සන විශුද්ධිය. එතකොට ඥාණ දස්සන විශුද්ධිය පහල වෙනවා. ඒකත් ගන්නවා, සප්ත විශුද්ධියක් ලැබෙන්නේ පළවෙනි එකෙන්, සියලු විශුද්ධියට ගන්නකොටම එනවා. එයින් එහාට අනික්වා වැඩෙනවා. ඔක්කෝම, 7ම ලැබෙන්නේ එහෙමයි. එකයි ආරම්භ කරන්නේ, අනික්වා ලැබෙනවා, අනුපූර්වයි.
{35:50} : කුසල සීලය හරියට වැඩුනොත්, ඉතිරි සියල්ල වැඩිලා නිවන ලබනවා
ඔය “ධර්මයෝ ධර්මයෝ පවත්වයි, නිර්වාණ පරතෙරට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවයි” අපිට මොනවද කරන්න තියෙන්නේ? කුසල සීලය පමණයි! ඉතින් කුසල සීලය කිවුවේ මොකද්ද? කුසල කියන එක දැනගන්න ඕනේ, අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් හරි ආකාර වචන අර්ථය තේරුම් අරන්, ඒ අනුව ලෝකය විමර්ශනය කරනවා. විමර්ශනය කරනකොට ලැබෙනවා සිසිලක්. මෙච්චර කල් රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්නෙන් දැවුනා. සීලයක් හෙවත් සිසිලක් ලැබුනේ නෑ, දාහයක් ලැබුණා. දැන් සීලයට පත්වෙනවා. ඔතනයි සීලය.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) (ස්වාමීන් වහන්සේ) : “මුඤ්චිතු කම්‍යතා ඥාණය” කියලා කියන්නේ මිදීමේ කැමැත්ත. ඒ කියන්නේ මේ ලෝකය අල්ලාගන්න ගිහාම ඇලිලා, බැඳිලා ඉන්න එක්කෙනෙක් මිදුනහම කොච්චර, මිදෙන්නේ මොකද්ද? ඇලිලා – බැඳිලා ඉන්නවා මේ අවිද්‍යාවෙන් ඇත්ත දන්නේ නැති හින්දා. එතකොට, මේකෙන් මිදීමේ කැමැත්තේ නුවණ පහලවෙනවා. “මේකේ යථාර්තය මේක නම්, මේකෙන් මිදෙන්න එපැයි! මේකේ අල්ලාගන්න ගියොත්, මේ දුකට වැටෙන්නේ ඒකෙන් නේ. එතකොට, මේකෙන් අහක් වෙන්න නම් ඒක තමයි සැනසුම”. ඒක දකිනවා.
{37:31} : නිතර දැනෙන ආශ්වාද දිහා විශේෂයෙන් බලන්න පුරුදුවෙන්න
( ශ්‍රාවක මහතෙක් තවත් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) (ස්වාමීන් වහන්සේ) : ඔවු, දැන් ඒකේ අපි විමර්ශනය නොකරපු එකේ වරද නේ තියෙන්නේ. ඔවු, දැන් මෙහෙම හිතමුකෝ, ඒක වෙන්නේ මෙහෙමයි. අර කතාවක් තියෙනවා නේ, “දෙවේලේ පෙනෙන කුකුළාගේ කරමලා – එවේලේ පෙනෙයි සකසේම සුදුවෙලා” කියලා, හැම වෙලේම පේනකොට යමක්, යමක ඒකෙන් පෙනි පෙනීම තියෙනකොට, අපිට ඒක යථාර්තයට ගන්න ඉස්සෙල්ලා ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් අහම්බෙන් යමක් සිද්ධ වුනා කියමුකෝ, අන්න ඒ වෙලාවෙදී අපට විශාල වශයෙන් ඕක බලපානවා, “මොකද්ද මේ සිද්ධ වුනේ?” හංගපු එකමත් වාසියට ගියා. එහෙම කෙනෙක් පෙනෙන්නේ නැති වෙන්න යම් තරමක් හංගපු එක වුනත් එකපාරට පේනකොට, විශේෂ මානසිකත්වයක් ගොඩනැඟෙන්න ඒකම හේතු වුනා.
( ශ්‍රාවක මහතෙක් තවත් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත) (ස්වාමීන් වහන්සේ) : වෙනවා වෙනවා. දැන් ඒක තමයි කියන්නේ, අපි දිගටෝම ගත්තට පස්සේ, අපි ඒක දරලා නෑ. යථාර්තයෙන් බලන්න පුරුදු වෙලා නෑ. ඒක සාමාන්‍ය දෙයක් කරගෙන බලන්න පුරුදු වෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම, දැන් මගේ ඔලුවේ හිසකෙස් ගහක් පැහුණා නම්, ඉතින් මට ඕක ගාණක් නෑ එච්චර. මොකද, මගේ වයසේ ඉන්න අය ඔක්කෝගෙම හිසකෙස් පැහිලා හින්දා. බලපුහාම පේනවා. එතකොට දැන් අපි හිතමු, සාමාන්‍යයෙන් ළමා වයසේ පෙළක් අයගේ හිසකෙස් පැහෙණවා. ඒ මට්ටමේ අයගේ තවත් හිසකෙස් පැහිලා තියෙනවා දැක්කොත් එයාට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනික් කාගෙවත් පැහෙන්නෙ නැතිව එයාගෙ විතරක් පැහිලා තියෙනවා දැක්කොත් මොකද වෙන්නේ? “හරි වැඩේ! මගේ හිසකෙස් පැහිලා නේ…” කියලා එයාට ඒ අමාරුව වැඩියි. මේ ලෝකේ කාටවත් උණ ගැනෙන්නේ නෑ, මට විතරක් උණ ගැණුනොත් මොකද වෙන්නේ? “මොකද්ද මේ මට විතරක් වුනේ?” දැන් ඔතනදී වෙනසක් දකින්නේ නැද්ද?
මෙන්න මේ වගේ මේ යම්කිසි දෙයක් අපි නිතර නිතර දකිනවා නම්, ඒ වෙලාවෙදී අපිට ඒක සාමාන්‍ය දෙයක් වාගෙ වැටහෙනවා. නමුත් විශේෂ දැකීමක් තියෙනවා නම්, “විදර්ශනා” කිවුවේ අන්න ඒකයි, නොදැකපු අවස්ථාවක් දකිනවා. දකිනකොට වේගවත්ව නැගිලා එනවා ඒ පැත්ත. අපි අනිච්ච – දුක්ඛ – අනත්ථ කියන එක දැකලා ම නෑ සංසාරයේ. කවදා හරි හරියට දැකපු දාට විශේෂ දැකීමක් වෙනවා ඒක. අන්න ඒක මහා වේගවත්ව ක්‍රියාත්මක වෙලා යථාර්තය කරා ලඟා වෙනවා. අන්න ඒකයි, ඉතින් ඒක තමයි විශේෂත්වය. හංගන්න හදපු එකම තමයි මේ ප්‍රශ්නය වෙන්නේ.
දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්, ඕනේ වෙලාවක දොර ඇරලා තියෙනවා. කවුරුහරි කතා කළොත් විගහට දුවලා ගිහිල්ලා බලනවා. කවුරුහරි ආවොත්, කවුද ඒ ආවේ කියලා බලනවා. දැන් ඔහොම බලන කෙනාට, “මට මේ බාහිර ලෝකයේ කවුරු ආවාද නාවාද” කියන එක ඒ සාමාන්‍ය දෙයක් කියලා කියනවා. ඒක එච්චර දෙයක් නෙමෙයි. “එහෙමද? හිටහංකෝ හොඳ වැඩක් කරන්න” ආ, දැන් ඉතින් ගේ ඇතුළට දැම්මා, දොර වැහුවා. දොර වහලා තියලා එනවා. දැන් ඔය අතරේ කවුරුහරි එනවා. වටපිට බලනවා, යන්න විදිහක් නෑ, දොර වහලා. දැන් දාහයක් නැගෙනවා නේද, හිතන්න බැරි විදිහට? “මට ඒ කවුද ඇවිත් ඉන්නේ කියලා බලාගන්නත් නෑ, දැකගන්නත් නෑ, මොකුත් නෑ, මං මේක ඇතුලේ දාලා කොටු කරලා, මට මේකේ ඉන්න පුලුවන්ද?” දැන් අන්න, අර නිදහස අඩු බව තේරෙන්නේ එතකොට. ඒ නිදහසේ එයා ඒක භුක්ති විඳගෙන ඉන්නකන් එයාට ඒක එයාට ලැබුණු නිදහසක් ද කියලා වත් තේරුම් ගන්න බෑ.
දැන් ඕක හොඳට පැහැදිලිව පේනවා විශේෂයෙන්ම ගෑනු ළමයින්ට එක අවස්ථාවක. ඒ ළමයා ගෙට දාලා, කොටු කරලා තියෙන දවසක් තියෙනවා නේ. කොච්චර අඬනවාද? මොනවා ලබාගන්නද? බලන්න ඕනෑ, වටපිටාව. ඇයි හිර කරලා තියෙන්නේ ගේ ඇතුලේ, දවස් ගාණක්? හොඳ අත්දැකීමක් ලබනවා. “මට එළියට යන්නත් නෑ, කවද්ද එළියට ගන්නේ?” ඉතින් එළියට යන්න කොහොම හරි, බොරුවට හරි දුවනවා නේද? “දොට්ට යන්න ඕනේ” කියලා හරි, බොරුවට හරි එළියට යන්න ඕනේ හින්දා නිකන් බොරුවටත් දුවනවා.
ඒ මොකද මේ වෙලා තියෙන්නේ? අපි ආස්වාදයක් නිතරම ලබ-ලබා ඉන්නවා නම්, අපිට ඒ ආස්වාදය පිළිබඳ සාමාන්‍ය දෙයක් වෙනවා. ඒක නැතුව ගිහින් හිරවෙලා තිබුණොත්? අන්න ඒ වෙලාවෙදී මහා ලොකු දෙයක් වෙනවා. මේක මේ සාමාන්‍ය මනුස්සයාගේ සිරිත, ස්වභාවය, හැටි. ඒ වගේම ඕක තව කාටහරි වුනොත්? “මටත් වෙනවාද? ආ, ඌටත් වෙනවා නේ, මටත් වුනාට කමක් නෑ” දැන් මේකත් අපේ මේ මානසිකත්වය තුළ තියෙන ස්වභාවයක්. “අනිකාටත් හෙණ ගහනවා නම්, මටත් හෙණ ගැහුවාට කමක් නෑ, අනිකාටත් හෙණ ගහන්න ඕනේ” එතකොට, මට විතරක් ගැහුවොත් තමයි බැරි, මට විතරක් ලෙඩ හැදුනොත් තමයි අමාරු, අනිකාටත් හැදෙනවා නම්, මටත් කමක් නෑ. දැන් කන්න නැතුව ඉන්නවා, දැන් අපි හිතමුකෝ උණ ගැනිලා ඉන්නකොට, ඔය ළමයින්ට ආදිය හොඳට ඕක පේනවා. දැන් ඉතින් ගෙදර මොනවාහරි උයන්න හදනකොට එහෙම, “මං නැතුව, මට උණ ගැනිලා තියෙනකොට මුං හොඳ ඒවා උයනවා” කියලා අඬනවා. “නෑ නෑ, අපි කන්නෙත් නෑ” අන්න එයාටත් ගාණක් නෑ, “උඹලා කන්නේ නැත්නම් මටත් කමක් නෑ” මේක වෙනසක් ලොකූවට පේනවා. අනික් අය කනවා, මට නෑ. ඒ අවස්ථාවෙදී ළමයා අඬනවා. “නෑ නෑ, අපි කන්නෙත් නෑ අද, අපි උයන්නෙත් නෑ” හරි සැනසීමයි. ඇයි, එයාගෙ බඩ පිරුණාද?
{41:57} : දුකට හේතුව කැමති සේ නැතිවීමයි, මුලු ලෝකයම කැමති සේ නෑ
දැන් මේක තමයි මේ ස්වභාවික මනුස්සයාගේ ගතියේ හැටි. අනිකාටත් ලැබෙනවා නම්, මටත් ලැබුණාට පස්සේ මට ඒකේ ගාණක් නෑ. “හොඳ ඒවා අනිකාටත් ලැබෙන්නේ නැත්නම්, ආ එහෙනම් මටත් ඉවසන්න පුලුවන්”. මට ලැබෙන්නේ නැතිව අනික් එවුන්ට ලැබෙනවා නම්, අන්න ඒක ඉවසන්න බෑ. දැන් මේක තමයි මේ සාමාන්‍ය ලෝක සත්වයාගේ ගති ලක්ෂණය. ඉතින් මේවගේ අපි මොකද වෙන්නේ? ඔය හැමතැනකම ලැබෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝකයේ වටිනා දෙයක් තියෙනවායි කියලා හිතන් ඉන්නවා, ඒක ආත්ම දෘෂ්ඨියෙන් ගන්නවා තමාගේ කරගන්න. තමාට ලැබෙන්නේ නැත්නම් අමාරුව වැඩියි. ඔන්න, ආත්‍ම දෘෂ්ඨියේ ස්වභාවයක් ඔය තියෙන්නේ. “ඉතින්, අනිකා නොකා හිටියයි කියලා මගේ බඩ පිරෙනවැයි, අනිකා කෑවා කියලා මට මොකද? උඹලාට ඕන්නම් කාපල්ලා, එපා නම් නිකා හිටපල්ලා, මගේ මොකද? මට ඒකේ ප්‍රශ්නයක් නෑ” කියන මට්ටමට ආවොත්, ඒකත් හිතේ මානසික හොඳ දියුණුවක්.
ඉතින්, මේ එකම දියුණුවක් වත් උත්සාහයෙන්, වීර්‍යයෙන් ගොඩනඟන්න බෑ. ඇත්ත දැක්කට පස්සේ, ඇත්තට අනුකූලවයි ඒ තත්වය මතුවෙන්නේ. එහෙනම්, කැමති සේ නැති ලෝකය කැමති සේ නෑ කියලාම දැක්කා නම් හරියට, බලන බලන තැන, මූලික වශයෙන්ම අපිට තේරෙන්න පටන් ගන්නවා “කැමති සේ නැති ලෝකයක මොනවාද කැමති සේ පවත්වන්න පුළුවන්? කැමති සේ පවත්වන්න බැරි ලෝකයක් තුළ මොනවා බලාපොරොත්තු වෙන්නද?” මෙන්න මේ පළවෙනි අදහසට එනකොටම සෝතාපන්නයි. එයාට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. එයා දන්නවා, දුකට හේතුව කැමති සේ නැති බවයි. මොනවාද කැමති සේ නැත්තේ? ලෝකයේ පවතින සියලු දේම කැමති සේ නෑ. එහෙනම්, ලෝකයේ පවතින සියලු දේම දුකට හේතුවක් වෙනවා, අල්ලාගන්න ගියොත්. කැමති සේ පවතින්නේ නැති නිසා.
එහෙනම්, ලෝකයේ පවතින සියලු දේවල්ම ඇසුරු කරන්න ගියොත්, කැමති සේ නැත්නම්, ඒ නිසා දුක එනවා නම්, ඒ දුකෙන් මිදෙන්න තියෙන්නේ වැඩක් නැති අසාර ඒවා දැනගෙන අත්හැරී, නොඇලී, මිදී ගියහම දුකෙන් නිදහස්. දැන් දුක දැක්කා, දුකට හේතුව දැක්කා, දුක්ඛ නිරෝධය දැක්කා, නිරෝධ මාර්ගය දැක්කා. ඔයටික දැක්කාට පස්සේ කියනවා, සෝතාපන්නයි කියලා, ඔය හතර දැක්ක කෙනෙක්. එයාට දෘෂ්ඨියක් නෑ. ඔන්න ඔතෙන්ට එන්න ඕනේ. ඉතින්, නිවන වසන අයුරුත් කියවුනා, රාග – ද්වේෂ – මෝහයන්ට ප්‍රධාන හේතුවත් කියවුනා. ඉතින් ඔය ටික අහක් කරලා, අතීසාරයට අමුඩේ ගහන්නා වගේ “මං රාගය ඇසුරු කරන්නේ නෑ, මං කොච්චර බැන්නත් බණින්නේ නෑ” ඔහොම කිය කියා හිටියට එහෙම කවදාවත් මේකෙන් මිදෙන්න බෑ. තිබිච්ච මූල හේතුව දුරුකරන්න ඕනේ. එහෙනම්, “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා” කිවුව, අකුරු අටයි, පද තුන හරියට තේරුම් අරගත්තා නම්, එදාට ඔතෙන්ට පත්වෙනවා.
{44:30} කෙනෙක් නින්දේදී මිය යනවිට සිත් පහලවන අයුරු හා ඊලඟ ප්‍රතිසන්ධිය කුමක් විය හැකිදැයි විස්තර කරන්න :
දැන්, මෙන්න මේකත් වැදගත් දෙයක්. දැන් මේ “නින්දේදී මිය යන විට” කියලා අපි හිතාගෙන ඉන්නවා, නින්දෙදි මැරෙනවා කියලා. දැන් මේ “නින්ද” කියන්නේ මොකද්ද? අපි ඕක දැකලා තියෙන්න ඕනේ. ඇසයි, කනයි, දිවයි, නාසයයි, ශරීරයයි කියන්නේ මේ මස් ලේ වලින් හටගත්ත මේ කොටස් පහ. මෙන්න මේ කොටස් පහ ඇසුරෙන් තමයි අපි මේ ලෝකේ රූප, සද්ද, ගන්ධ, රස, ස්ඵර්ශ කියන මේවා ලබන්න, “අවදියෙන් ඉන්නවා” කියන්නේ. ඉතින් අපි නිදාගන්නවා කියලා කියන්නේ මේවා අවදිව පවත්වන්නාවූ ගති ලක්ෂණයෙන් මේවායේ අපද්‍රව්‍ය හැදුනහම, මොකද අපි ඇසුරු කරන රාග…… (පටිගත වී ඇති ආකාරය අනුව දේශනාවේ සුලු කොටසක් මගහැරී ඇත)...
{45:22} : අපි සිල්වත්ව ඉන්නේ සත්‍ය දැකලාම නෙමෙයි, පරීක්ෂණයක් කරමු…
(ශ්‍රාවක මහතෙක්) : ඔය, ඔය වතක් එක්ක ඉපදිලා ඉන්න කට්ටිය ඉන්නවා නේ, ඒ කියන්නේ තිරිසන් අපායේ යන්නෙත් නැතිව, ප්‍රේත ලෝකෙ යන්නෙත් නැතිව, අසුර ලෝකේ යන්නෙත් නැතිව, ඒ විදිහට ඉන්න වෙන විදිහට කුසල්…. මේ ඒ මට්ටමේ ඉන්න අය ඉන්නවානේ ඕනෑතරම්, එතකොට ඒගොල්ලෝ සෝතාපන්න නැද්ද?
(ස්වාමීන් වහන්සේ) : දැන් එතකොට ඒගොල්ලන්ගෙන් ඇහුවොත්, ඒගොල්ලන්ම නිගමනය කරන්න ඕනෑ, “ප්‍රාණඝාත කරන්නේ නෑ. මං ඒ විදිහට අයුතුකම්, අසාධාරණකම් කරන්නේ නෑ, එතකොට දස අකුසල්ම වල, යම් ආකාරයකට කෙනෙකුට ගිණි දෙන දෙයක් තියෙනවා නම් මම කරන්නේ නෑ” කියන මට්ටමේ එයා ඉන්නේ කොච්චර නිගමනයකටද? දැන් අවංකවම එයා බලන්න ඕනේ. යම් විදිහකින් දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා, යම්කිසි පුද්ගලයෙක්, මට හම්බවෙනවා මහා නිධානයක්. දැන් ඕක තියෙන්නේ, දැන් මගේ වත්තේ තියෙන නිධානයක් මට හම්බ වුනා. දැන් මං විසාල කෝටි-ප්‍රකෝටි පතියෙක් වෙන්නත් මට ඒක ඇති. දැන් ඔය වෙලාව වෙනකොට අපි බලන් ඉනවා, දැන් ඔය වෙලාවෙදී බැරිවෙලා හරි වෙන කෙනෙක් ඇවිදිල්ලා ඕක ගත්තොත් මං ගන්න තීරණය මොකද්ද? මං මගෙන්ම අහන්න ඕනේ.
දැන් මං ප්‍රාණඝාත කරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, කාම මිත්‍යාචාරයක් නෑ, බොරු කියන්නේ නෑ, කේලාම් කියන්නේ නෑ, ඵරුෂ වචන කියන්නේ නෑ, මං මේ වගේ දැහැමි තැනකයි මම ඉන්නේ. හැබැයි, ඒ ඉන්නේ ඇයි? මට ඒක හොඳයි කියලා හිතෙන හින්දා. යථාර්තයක් දැනගෙන නිසා, අසාරත්වයක් දැකලා නෙමෙයි. ලෝකේ යථාව දැකලා නෑ. දැන් ලෝකේ අසීමිත වටිනාකම එයාගේ හිතෙන් දුරුවෙලා නෑ. නමුත්, දැන් එයා ඒ නිසා එතැන ඉන්නවා. නමුත්, එයා දැන් අසීමිත වටිනාකම දුරු කරලා නැති නිසා, ඔහු මේ ලෝකේ මහා සම්පත්තියක් කඩා හැළිලා, එයාගේ මත්තේ මහා නිධානයක් පහල වෙලා තියෙනවා කියලා දැක්කොත් එහෙම, එච්චර කල් නොතිබුණ අසීමිත වටිනාකමක් එයාගේ මනසට එනවා. දැන් ඊට පස්සේ එයා මොකද කරන්නේ? අර අසීමිත වටිනාකමට මනසින් බැඳෙනවා.
ඊට පස්සේ මේ වෙලාවෙදීම, “ඒ සෙල්ලම් හරියන්නේ නෑ, අපේ ආතා ගෙත් ඔහෙට කියලා තියෙනවා මේකේ අයිතියක් තියෙනවා කියලා” ඔය කොහේ හරි ඉන්න ම්නිහෙකුට ඕක ආරංචි වෙලා ඇවිදිල්ලා, ඒ මිනිහා ඇවිදිල්ලා ඕක හාරන්න එනවා. දැන් මොකද්ද ගන්න පියවර? “ඒ සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නෑ කියලා, එවුන් අපේ තිබිච්ච ඔක්කොම, මං ඉවසීමේ සීමාවක් තියෙනවා” කියලා පටන් ගන්නවා ටක් ගාලා වෙනස් වෙන්න, අනික් පැත්තට. අන්න, අපිම දැනගන්නවා, අපේ පිළිබඳ මානසික පරීක්ෂණයක් කරන්න ඕනේ. “මේ මුලු ලෝකේ සක්විති රජ කම දෙනවා කිවුවත්, ඒ හේතුවකට වෙන මට මේ අවැඩක්, අසාධාරණයක් කරලා ගන්න සක්විති රජකම වටිනවාද?” කියලා බලපුහාම, “මට සක්විති රජකම වත් වටින්නේ නෑ” කියලා අවංකව තමන්ට එනවා නම්, අන්න ඒ පුද්ගලයායි ආර්‍ය පුද්ගලයා. ඒ අදහස ගන්න බෑ මේ සියලු ප්‍රිය-මනාප කියන දේවල් අසාරයි කියලා දැක්කේ නැති කෙනාට.
{47:20} : අනිත්‍ය නිසා දුක නම්, දුකේ අනිත්‍යතාව ගැන මොකද කියන්නේ? ඒක සැපද?
ඒ නිසා කියනවා, “ලෝකයේ සක්විති රජකමට, කලාවෙන් කලාවට වත් ලං කරන්න බැහැ සෝවාන් පුද්ගලයාගේ ගුණය” කියලා. (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ අපේ හාමුදුරුවනේ, පිරිසිදුයි කියලා පේන වතුර වීදුරුවක්, පොඩ්ඩක් හෙල්ලුන ගමන් බොර මතුවෙනවා වගේ.. හෙල්ලෙන්නේ නැත්තම් ඒක හැමදාම පිරිසිදුයි වගේ තියෙනවානේ… හෙල්ලුනහම තමයි බොර වගේ පේන්නේ. (ස්වාමීන් වහන්සේ) : අන්න ඒවගේ හැඟවෙච්චි බොරයක් තියෙනවා නම් තමයි ඉතින්, අනුසය බිඳිලා ගියා නම්, යථාර්තය දැකලා මයි.
(ශ්‍රාවක මහතෙක්): එතකොට දැන් ඔය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා ඒ අසාරය දකින්න බැරිද? (ස්වාමීන් වහන්සේ): ඉතින් එතකොට යථාර්තය, දැන් අපිම කල්පණා කරලා බලන්න ඕනේ. යථාර්තයක් නම් යම් තැනකදී, බොරු වෙන්න බෑ නේ… යථාර්තයක් නම් ඒ තුළ බොරුවක් තියෙන්න බෑ. දැන් හොඳටම පැහැදිලිව පේනවා, “අනිත්‍යයි” කියලා ගත්තහම, යමක් ස්ථිර නැත්තම් ඒක දුකයි කියලා ගත්තහම, අපි කෙලීන්ම අහනවා “යමක්” කියනකොට මේ ලෝකේ සියලු දේම “යමක්” කියන එකට අයිතියි. මේ දුකෙන් පිරිලා තියෙන ගොඩවල් කොච්චර ගණනක් මේකේ තියෙනවාද? ඒ දුක් ගොඩවල් ඔක්කෝම ස්ථිර නැත්නම්, ඒක දුකද? ඒ පිරිලා තියෙන දුක් ගොඩවල් ස්ථිර වුනා නම් සැපද?
දැන් ඔය ප්‍රශ්නයට උත්තරේ ගන්නකොටම අපිට පේනවා, එහෙනම් “ස්ථිර නැත්නම් දුකයි” කියලා කියන කතාවට ගලපන්න බෑ නොවෑ මේක. එහෙනම්, එතන අපි ඉඳලා තියෙන්නේ අසත්‍යයකද? සත්‍යයකද? ඉතින් එතකොට දැක්කාද? අසත්‍යයක නේ! එහෙනම්, මිත්‍යා දෘෂ්ඨියකද, සම්මා දිට්ඨියකද? ඉඳලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ඨියකනේ. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තෙම නෑ නේ!. ආර්‍යයන්ට ගැලපෙන්නා වූ සම්මා දිට්ඨිය නෑ, ආර්‍ය සම්මා දිට්ඨිය ඇත්තෙම නෑ.
(ශ්‍රාවක මහතෙක්): ඉතින් සෝතාපන්න වෙන්න විදිහක් නෑ ? (ස්වාමීන් වහන්සේ): විදිහක් නෑ, අන්න ඒකයි කියන්නේ. (ශ්‍රාවක මහතෙක්): ඔතන, ඔතන කොච්චර, මුලු ලංකාවම ඉතින් වඩනවානේ…! (ස්වාමීන් වහන්සේ): වඩනවා, මොනවා කරන්නද? මෙච්චර මේ බණ අහලා නැගිටිනකොට සෝවාන් ඵලයට පත්වෙලා නැගිටින්න පුලුවන් හේතු වාසනාවන්තයෝ ඉන්න ලෝකෙට, මේ පොඩ්ඩ වැහුවාට පස්සේ, වැහුනොත් අඳුරු වෙයි, ඇරුනොත් බබලයි. දැන් වැහිලා තියෙනකොට අඳුරු වෙනවා.
{48:54} : අනිච්ච අනිත්‍ය වීම නිසා අරිය නිවන් මඟ වැහිලා…
(ශ්‍රාවක මහතෙක්) : දැන් ස්වාමීන්වහන්ස, 1997 ඉඳලා මේ භාවනා කරලා, මට ප්‍රතිඵලයක් ලබාගන්න බැරිවුනානේ… : (ස්වාමීන් වහන්සේ): ඉතින් මහත්තයා, කාරණේ මේකනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සම්මා සමාධිය මාර්ග හංග 7කින් පරිවාර කරලා තියෙනවා” කියලා. “සම්මා සමාධිය” තමයි අපිට මේ ලෝකේ මේ ජන සමාජයේ වඩන්න පුලුවන්. මිත්‍යා සමාධියක් වඩනවා නම්, “මිත්‍යා සමාධි” කියන ඒවත් එක එක විදිහට තියෙනවා. සැම අසත්පුරුෂ වැඩකටම මිත්‍යා සමාධියක් තියෙනවා. එතකොට “කම්මස්සගත සමාධි” කියලා කොටසක් තියෙනවා, කර්ම-ඵල ඇදහීමෙන් ලබන සමාධිය. ඒවාගෙම “ධ්‍යාන සමාධිය” කියලා කොටසක් තියෙනවා, ධ්‍යාන ලාභීන් ලබන සමාධිය. ඒ වාගෙම “ආර්‍ය සමාධිය” කියලා කොටසක් තියෙනවා, ආර්‍ය ධර්මය තුළින් ලැබෙන සමාධිය.
මේ ආර්‍ය ධර්මය තුළින් ලැබෙන සමාධිය මේ සමාජයේ පිරිස අතරේ ඉඳගෙන ලබන්න පුලුවන් එකක්. එහි ප්‍රථමධ්‍යානයත් ලැබිය හැකියි, ද්විතීය ධ්‍යානයත් ලැබිය හැකියි. ඒකට පසුතලය හරියටම පූර්ණ වෙලා තියෙනවා මාර්ග හංග 7කින්. ඒ මාර්ග හංග 7න් පළවෙනි එක වැරදුනොත්, එතෙන පටන්ගෙනම එතනම සියල්ලම වැරදියි. දැන්, “යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් අනිත්‍ය නම්, දුක නම්, ඒක අනාත්මයි” දැන් මේක විමර්ශනය කරලා නෑ යෝනිසෝ මනසිකාරයෙන්, නුවණින් මෙනෙහි කළේ නෑ ඇත්තද කියලා වත්. අපි නිගමනයකට බැස්සා, අපි එක එක්කෙනාගේ දෘෂ්ඨි නිසා අපි විශ්වාස කළා, “බෞද්ධයින්ගේ තියෙන හරි ආකාර සත්‍යය ධර්මයන් අපි අහලා තියෙනවා” මේකට උත්තරේ දෙන්න කවුරුවත් නෑ. කවුරුවත් නැත්තේ මොකද? මේක හිතාගන්න මොළයක් තියෙන එකෙක් මේක මතුකරපු නැති නිසා.
බැරිවෙලාවත් හොඳයි, අපි මේක විග්‍රහ කරන්න ඉස්සෙල්ලා, “අනිච්ච, දුක්ඛ, අනත්ථ” කියන එක විග්‍රහ කරන්න ඉස්සෙල්ලා, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන වචනේ විතරක් අරගෙන, “යමක් අනිත්‍ය නම් ඒක දුකයි” කියන එක බැරිවෙලා හරි අන්‍යාගමිකයින්ට එහෙම අහුවෙලා, උන් කිවුවා නම් එහෙම, “යමක් අනිත්‍යය නම් ඒක දුකයි කියනවා, මේ දුක් ගොඩවල් ඔය හැමතැනම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ පංචස්කන්ධයම දුක්ඛස්කන්ධයක් කියලා, මේ ලෝකේ හැමතැනම දුකෙන් පිරිලා තියෙන්නේ කියලා, මේ දුකෙන් පිරිලා තියෙන ලෝකේ ස්ථීර නම් එහෙම සැපද? ස්ථීර නැත්නම් දුකද?” කියලා ඇහුවොත් එහෙම මොකද්ද කියන්නේ? “එතකොට උඹලාගේ කතාවට උත්තරයක් දීපල්ලා” කිවුවොත් මොකක් දෙන්නද? ඇහුවා නම් ඉවරෙටම ඉවරයි නේ! අර විස්තරය දන්නේ නැත්නම්, මේකේ යථාර්තයක් දන්නේ නැත්නම්, “යමක් ස්ථීර නැත්නම් ඒක දුකයි” කියන නිගමනයේ අපි හිටියා නම්, ඕක අහගන්න තරම් වත් මොළයක් ඇති එකෙක් මේ ලෝකේ නොහිටපු හින්දා අපි බේරුණා, මෙච්චර කාලෙකට.
(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ දැන් බලන්නකෝ, මේ තරම් උගත් භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවානේ, පොත්-පත් කමොච්චර ලියලා තියෙනවාද? සුළු දෙයින් වැහිලා තියෙන්නේ එතන. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, සුලු දෙයකින් වැහිලා තියෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): මේ වචන තුනේ අර්ථය විද්‍යාමාන කරන්න හැකියාවක් තිබුණේම නෑ හාමුදුරුවනේ. (ස්වාමීන් වහන්සේ): තිබුණේම නෑ. ඒ අවංකවම පේනවා ඉතින්, මේ කොච්චර කාලෙකට වත් කිවුවේ නෑ. ඒ නිසා බේරෙනවා. මොකද, මේ වචන තුනේ ගැඹුරු බව දැනගන්නත් ඕකම වැදගත්. මේ වචනයේ මාත්‍රයෙන්ම එළියට දැම්මත්, ඒ වචන මාත්‍රයත් විග්‍රහ කරගන්න ඥාණ ශක්තියක් මෙච්චර මහා පණ්ඩිතයන් අතරේ නෑ. (ශ්‍රාවක මහතෙක්): ඒකත් ස්වාමීන්වහන්ස, ධර්මතාවයක් ම වෙන්නැති නේද එහෙම? (ස්වාමීන් වහන්සේ): ඒක තමයි, ඒක අති දුර්ලභයි.
මොකද, මේ මනසට යථාර්තය කරා එන්න ඉඩදෙන්නේ නෑ, මාර පාක්ෂික බලවේග පස්සේ ආපු ගතිය නිසා, ඒ අරමුණු එන්න ඉස්සෙල්ලා ඒක විකර්ශනය වෙනවා. යථාවබෝධයට හේතු වන්නාවූ ධර්මාවබෝධය එන්න විදිහක් නෑ. (ශ්‍රාවක මහතෙක්): ඒකියන්නේ හාමුදුරුවනේ, ඇත්තටම මේ පුදුම කැපකිරීමක් කරන භික්ෂූන් වහන්සේලා ඉන්නේ මේකේ. මුලු ජීවිතයම කැපකරලා තියෙන්නේ, ඒ තරම් කැපවීම් කරලාත්, මේක නැති හන්දා තමයි මේ තරම් ලතැවෙන්නේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ. ඉතින් කොච්චර කළත් ඒ පොඩ්ඩ ගන්නේ නැත්තම් යන්න බෑ.
{51:43} : ධර්මය තෝරාගැනීම අති ඝාම්භීරයි, අති දුෂ්කරයි…
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, එතන අර ආකඤ්ච සූත්‍රයේ තියෙන්නේ අර සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරනවා කියලා, සමහර කෙනෙක් පැත්තකින් ගියා, සමහර කෙනෙක් …. (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින් ඒ විදිහට හිටියා. නම් ගොත් කියලා හිටියා, වැඳ-නමස්කාර කරලා හිටියා, නිකම්ම ගිහින් ඉඳගෙන හිටියා, නිකන් අහක බලාගෙන හිටියා, ඔය එක එක විදිහට තියෙනවානේ. (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ඒ … (පැහැදිලි නැත) … යථාර්තය ගෝචර නොවෙන අය? (ස්වාමීන් වහන්සේ): ඒකයි, හේතුව.
ඉතින් ඒ නිසා, “අනිච්ච දුක්ඛ අනත්ථ” කියන මේ වචන “අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන…” බුලු බුදු දහමම ඔතන! බුදු දහම වැහුනා නම් වැහෙන්නෙත් ඔතනින්. ඇරුනා නම් ඇරෙන්නෙත් ඔතනින්. අකුරු අටයි, පද තුනයි දුන්නේ. (ශ්‍රාවක මහතෙක්): දැන් ස්වාමීන් වහන්ස, දැන් ඔය …. (පැහැදිලි නැත) … පෙරුම් පුරාගෙන ආපු අය ඕනෑ තරම් ඉන්නවා මේකේ. (ස්වාමීන් වහන්සේ): ඉන්නවා ඉන්නවා. දැන් ලොවුතුරා බුදුරජාණන් වහන්සේට, බුද්ධත්වයට පත්වෙන මහා බෝසතාණන් වහන්සේ මෙච්චර පෙරුම් පුරලා, සර්ව සම්පූර්ණ කරලා තියෙද්දිත්, අන්තිමට හෙට – අද රෑයි බුදු වෙන්නේ, එළිවෙන්න ඉස්සෙල්ලා. ඒත් දන්නේ නැතිව නේද, “මේ මං බුදු වෙනවා නම් මේ පාත්‍රය උඩුගං බලා යාවා!” කියලා දැම්මේ? ඒත් නිමිත්තක් අල්ලලා බැලුවා නේද? සැකයට නේද? දැන් හෙට, මේ අද රෑ ඉඳගත්තහම හෙට උදේ බුදු වෙනවා. ඔක්කොමත් සම්පූර්ණයි. තව පැය ගාණයි තිබුණේ වැඩේ පටන් ගන්න. ඒ හවස යන ගමන් මොකද කරන්නේ? තවත් දන්නේ නෑ බුදුවෙනවාද කියලා.
එතකොට බලන්න ඉතින්, ඔච්චර ඥාණවන්ත කෙනෙක්, අග්‍රත්වයට වැටිලා හිටපු උන්වහන්සේට වත් මේ බුද්ධත්වය පිළිබඳවත් සැකය මිසක්, තිබුණාද මේ… සැක හැරුණාද අන්තිම මොහොත වෙනකන්? ඉතින් එච්චරත් ඥාණවන්ත උන්වහන්සේටත්, ඒ වෙලාව වෙනකොට කී පොලක ගිහිල්ලාද? අවුරුදු 6ක් තිස්සේ හැමතැනම බැලුවා නේද? ආලාර-කාලාම, උද්දකාරාමපුත්ත, මේගෝල්ලෝ ලඟට ගිහිල්ලා බැලුවා. එක එක පරිබ්‍රාජකයෝ ලඟට ගිහිල්ලා බැලුවා, ඒ වගේම කාන්තාවක් ලඟටත් ගිහිල්ලා, පරිබ්‍රාජිකාවක් ලඟත් ඇසුරු කරලා තිබුණා කියලා සඳහන් වෙනවා මේ ධර්මයේ ගැඹුරු තැනක, ආර්‍ය පර්‍යේෂණයේදී. ඒ තරම් කරලා තියෙනවා. එතකොට මේ සොහොන් වලට ගිහිල්ලා සොහොන් වල අර මහා දුක් විඳින වෙලාවේදී, මිනී ඇට වලින් මුලු ශරීරය වහගෙන මහා අවුවේ අර මිනී ඇට එකතු කරලා ඒවායින් ඇඟ වහගන්නවා. වහගෙන තැම්බි තැම්බී ඉන්නවා ඕක ඇතුලේ. ඔහොමත් ඉඳලා තියෙනවා. ඔවු, අධි ශීතව, නිර්වස්ත්‍රව ඉඳලා තියෙනවා. සෙනඟ එනකොට මුවෝ දුවනවා වාගෙ වේගෙන් මහ කැලේ බිඳගෙන, කැලේ ඇතට දුවලා තියෙනවා, මිනිස් පුළුටක් පේන්න එන්නේ නැති වෙන්න. මෙහෙම තවුස්දම් රැකලා තියෙනවා. හංකඩ කාලා, එතකොට මේ ගොම කාලා, මේවාත් කරලා තියෙනවා. මොනවාද නොකරලා තියෙන්නේ? ඒ හැම එකක්ම පරීක්ෂණ කරලා තියෙනවා. ඇයි ඉතින්, යථාර්තය දැක්කා නම් ඒ වෙලාවේදී, ඕවා කකා ඉන්නවාද?
{53:51} : මහා බෝධිසත්වයින් වහන්සේලාට දර්ශනය පහල වෙන්නේ මහා ප්‍රඥාවෙන් මිසක් කවුරුත් කියලා නෙමෙයි
( ශ්‍රාවක මහතෙක්) : එතකොට ස්වාමීන් වහන්ස, කොහොමද බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්න ඕනෙ නේ… සෝතාපන්න වෙන්නෙ කොහොමද? (ස්වාමීන් වහන්සේ): දැන් සෝතාපන්න කියන තත්වයට පත්වෙන්නේ පටිච්ච සමුප්පාදය දැකීමෙන්. බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ කාරණා 3යි. ශ්‍රාවකයන්ටයි සෝතාපන්නත්වය තියෙන්නේ. සෝතාපන්න ඵලය තුළින් එන්නේ ශ්‍රාවකයෝ. අවස්ථා 3යි බුදුරජාණන් වහන්සේ ඉක්මෙවුවේ, ලොවුතුරා බුද්ධත්වයට පත්වෙන්න. සෝතාපන්න කියන්නේ ශ්‍රාවකයා සතු අතිරේක ගුණයක්. සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන 3 තමයි බුද්ධත්වයට පත්වීමේදී අවශ්‍යය කරන්නාවූ කොටස් තුන, සුද්ධ වෙන්න. සෝතාපන්නත්වය අවශ්‍යය කරන්නේ දහම් නුවණට හේතුකාරක ගොඩනැඟිච්ච නැති අනිත් කෙනෙක් නිසා. අන්න ඒකයි, දර්ශනයෙන් පහ කරන්න ඕනේ. දර්ශනය ගන්න දෙයක් නෑ, මහා ප්‍රඥාව පහල වෙන්නේ උන්වහන්සේට, ඒ සුදුසු ආකාර දර්ශනය පහල වෙනවා. ඒ දර්ශනය පහල වීමෙන්ම තමයි උන්වහන්සේ පටිච්ච සමුප්පාදය තෝරාගත්තේ.
ඒ අවස්ථාවේදීම සෝතාපන්න කියන තත්වයට ගත්තේ නැත්තේ, මොකද සෝතාපන්න කියන්නේ, එක පැත්තක් තමයි “ශ්‍රවණය කිරීමෙන් පිළිපන්” කියන එක. අහලා මයි මේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය දැනගන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන්න අවශ්‍යයි, අත්‍යාවශ්‍යයි සෝතාපන්න කියන එකට. සෝත කරන්න ඕනේ, ශ්‍රවණය ගන්න ඕනේ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන්නේ ශ්‍රාවකයෝ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන තත්වය උන්වහන්සේට මහා ප්‍රඥාවෙන් ලැබෙනවා. ඒ නිසා ඒකේ සෝතාපන්න කියන එක විශේෂාංගයක් වශයෙන් සළකන්නේ නෑ බුදු වරයන් වහන්සේලාට.
“හරියට, කිකිලියන්ගේ පැටවු බිත්තරය බිඳගෙන එළියට එනවා වාගේ, පූර්වේනිවාසානුස්සති ඥාණය පූර්ණය කරපු වෙලාවේදී, ඒ තුළින් ලෝකය බලපු වෙලාවේදී මං පළවෙනි අවස්ථාවේ අවිද්‍යාව බිඳගෙන එළියට ආවා” එහෙමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි අවිද්‍යා දුරු කිරීම. “චුතූපපාත ඥාණය තුළින් ලෝකය බලාගෙන ගිහාම, ඒ තුළින් ලත් ධර්මයන් ආවර්ජනා කරනකොට, දෙවෙනි වතාවටත්, බිත්තරය පලාගෙන කිකිලි පැටියෙක් එළියට එනවා වගේ”, අන්න දෙවෙනි වතාවටත් අවිද්‍යාව බිඳහැරගෙන, විද්‍යාවට පත්වුනා. ඊට පස්සේ චතුරාර්‍ය සත්‍යය පිළිබඳ දකින නුවණ පහල වුනහම, තුන්වෙනි අවස්ථාවේ, ආශ්‍රවක්ෂයකර ඥාණයේදී, සියලුම අවිද්‍යාවන් බිඳගෙන විද්‍යාවට පත්වුනා, අරිහත්වයට පත්වුනා, ලොවුතුරා බුද්ධත්වයත් එක්කලා. ඔය අවස්ථා 3න් උන්වහන්සේ බුදු වුනේ. 4කින් යන්නේ ශ්‍රාවකයෝ.
{55:41} : ශ්‍රාවකයෙකුට සෝතාපන්න වෙන්න අංග 4ක් සම්පූර්ණ වෙන්නම ඕනේ
(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ, එතකොට අපිට දැන් භාවනා කරලා, ආනාපානසති හරි මොනවා හරි කියන භාවනා කරලා කවදාවත් ඔය දර්ශනය පහල කරන්න බෑ? (ස්වාමීන් වහන්සේ): බෑ බෑ! කරන්න බෑ! ඒක දේශනාවෙම පෙන්වලා තියෙන එකක්. ශ්‍රාවකයෙක් නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්නයෙක් ඉන් එහාට යනවා මිසක්, (ශ්‍රාවක මහතෙක්): සෝතාපන්න වෙන පුද්ගලයාගේ ගුණාංග 4 බැලුවාම, භාවනාවක් කියලා එකක් ඇත්තේම නෑ! (ස්වාමීන් වහන්සේ): ඇත්තෙම නෑ එතන. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ, සත්ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ, යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ, ඒ වාගෙම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ. ඒක ඒ මොහොතේ වැඩෙනවා. (ශ්‍රාවක මහතෙක්): ඔය හතර ඇතුළත මේ භාවනාවට තැනක් ඇත්තේම නෑ? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි කියන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ඔය ධර්මානුධර්ම ප්‍රතිපත්ති තියෙන පුද්ගලයා මේ අතීතයේ තමන්ගේ ස්කන්ධයන් දැකලා, වර්තමානයේ … එක් කිරීම නතර කරගන්නත්, ඉදිරියේදී තමන් උත්සාහා ගන්නවා නම් එවැනි තත්වයක් යටතේ මෙවැනි මාර්ගයකට එන්න, … (ස්වාමීන් වහන්සේ): මේකයි දකින්නේ, අතීත ස්කන්ධ වල යථා ස්වභාවය දකින්නේ වර්තමාන ස්වභාවය දැක්ක දාටයි. වර්තමාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරුම්ගත්ත දාට, අතීතයේ තිබුණෙත් ඒවයි, අනාගතයේ හැදුනත් හැදෙන්නේ ඒවයි, දැන් තියෙන්නෙත් ඒවයි. ඔහොමයි අතීත-අනාගත-වර්තමාන සැක දුරුවෙන්නේ. ඒටික දකිනකොටම, එයා දකිනවා “මේ ලෝකය කියන්නේ මෙච්චර නම්, ඉස්සර තිබුණෙත් මේ ලෝකෙමයි, මේවාගේ ලෝකයක්. මතුවට හැදුනත් හැදෙන්න තියෙන්නේ මේවගේම ලෝකයක්.” අන්න, යථාර්තය දැක්කාට පස්සේ තුන් පොල ම දකිනවා. (ශ්‍රාවක මහතෙක්): එවැනි ලෝකයක් මොකටද කියලා හිතෙනවා. (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, ලෝකේ කොහේ හැදුනත්, හැදිලා මෙච්චර කල් ආවෙත් එහෙම ලෝකෙක, දැන් ඉන්නෙත් එහෙම ලෝකෙක, මතු හැදුනත් හැදෙන්නෙත් එහෙම ලෝකයක්. ඔයින් පිටස්තර ලෝකයක් හැදෙන්න බෑ. එහෙනම්, ඒ අතීතයත් දැක්කා, අනාගතයත් දැක්කා, වර්තමානයත් දැක්කා, තුන් පොලම දැක්කා.
ඉතින් “පුබ්බේ කංඛති, අපරේ කංඛති, පුබ්බම්පරේ කංඛති” කියන මේ තුනම නෑ. මොකද, මුලදී ආත්මයක් තිබුණාද? දැන් තියෙනවාද? මතුවට තියෙනවාද? ආත්මයක් කියන එකක් ඕකේ පහලවෙන්න විදිහක් නැත්නම් පංචස්කන්ධයක් තුළ, අතීතය් පංචස්කන්ධයක් තිබුණත් ආත්ම නෙමෙයි. ආත්මයක් වෙලා පහලවෙන්න එකක් ඒකේ නෑ. දැනුත් නෑ, මතුවට හැදෙන්න විදිහකුත් නෑ.
{57:26} : අපි ආදීනව දැක්කොත් තමයි මිදෙන්න මගක් හොයන්නේ…
(ශ්‍රාවක මහතෙක්): මෙතැනදී අපෙ හාමුදුරුවන් “මේ විඤ්ඤාණස්කන්ධය මෙච්චර මට හිංසා කරනවා” මේකේ ආදීනව දැකලාත් මේ පැත්තට යන්න පුලුවන් නේද, අනිච්ච දුක්ඛ, අනාත්ම පැත්තට? (ස්වාමීන් වහන්සේ): දකින්න පුලුවන්. ඉතින් එතකොට අපි දකින්න ඕනේ, හිංසාව, පීඩාව දැක්කාට පස්සේ විඤ්ඤාණයේ ආදීනව දකිනවා. එතකොට තමයි අපිට අවශ්‍යය වෙන්නේ, මේ විඤ්ඤාණය කුමක් නිසා හටගන්නවාද? කුමක් නැත්නම් නැතිවෙනවාද? අන්න ඒ ප්‍රශ්නයට උත්තරේ ඊලඟට… (පටිගත කිරීමේදී සුලු කොටසක් ගිලිහී ගොස් ඇත)…
විඤ්ඤාණස්කන්ධ කියන මේ ස්කන්ධ පංචකයක් හැබෑ නම්, මේ ස්කන්ධ පංචකය ආදීනවයක් වශයෙන් අපි දැක්කා නම්, ඊට පස්සේ අපිට ඕනේ වෙනවා, “මේ රූපස්කන්ධය නිරෝධ කෙරුවොත් මේ කරදරේ නෑ, වේදනා ස්කන්ධය නිරෝධ නම් ඒත් නෑ, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය නිරෝධ කරපු දාට මේ කරදරයෙන් මිදුනා”. එහෙනම් අපි එකක් දැක්කා. ඇති තැන දුක තියෙනවා, නැති තැන නෑ. දැනුයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඇති තැන දුක තියෙන බව දන්නවා, නැති තැන දුක නැති බවත් දැනගත්තා. දැන් මං ඒ තත්වයට පත්වෙන්නේ කොහොමද? ඇති තැන අත්හරින්න ඕනේ, අත්හැරපු තැනට පත්වෙන්න ඕනේ. එහෙනම්, දැනුයි මට මාර්ගය අවශ්‍යය වෙන්නේ. අන්න, දැන් ඕනෑ වෙනවා “මේක කරන්නේ කොහොමද?” කියලා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණක්. අන්න ධර්මයේ පිළිසරණ ඕනෑ වෙන තැන.
මෙතැනින් දැනගන්න ඕනේ, ඇයි මේ රූපස්කන්ධය හටගන්නේ? කුමක් ඇසුරු කරොත් රූපස්කන්ධය වෙනවාද? කුමක් ඇසුරු නොකළොත් රූපස්කන්ධය වෙන්නේ නැද්ද? අන්න හේතු-ඵල න්‍යාය දකින්න ඕනේ. කුමක් නිසා වේදනා ස්කන්ධය වෙනවාද? කුමක් ඇසුරු නොකළොත් වේදනා ස්කන්ධය වෙන්නේ නැද්ද? කුමක් නිසා සංඥා ස්කන්ධය වෙනවාද? කුමක් අත්හැරියොත් සංඥා ස්කන්ධය නැද්ද? කුමක් ඇසුරු කළොත් සංඛාර ස්කන්ධය වෙනවාද? කුමක් ඇසුරු නොකළොත් සංඛාර ස්කන්ධය නවතිනවාද? කුමක් ඇසුරු කළොත් විඤ්ඤාණ ස්කන්ධය වෙනවාද? කුමක් ඇසුරු නොකළොත් විඤ්ඤාණ ස්කන්ධය වෙන්නේ නැද්ද?
{58:57} : ලෝකේ දුකයි කියලා දැක්කට මදි, නිවන සුවයි කියලා දකින්නත් ඕනේ ආර්ය මාර්ගය වැඩෙන්න
(ශ්‍රාවක මහතෙක්): අපේ හාමුදුරුවනේ, මෙහෙම තැනක් තියෙනවා. මෙච්චර කල් දැන් අපි හාමුදුරුවනේ ගවේෂණ මට්ටමෙන් ගොඩාක් දේවල් හොයාගත්තා, ධර්ම කරුණු රැස්කරගත්තා. දැන් මෙතනින් එහාට අපි යනවා නම්, අර එදා පළවෙනි ප්‍රශ්නය ඇහුවා වගේ අපි …. ක්‍රියාත්මක කරන්න පහසුම තැන හැටියට, සෝතාපන්න අවස්ථාව කරා යනවා නම්, ක්‍රියාත්මක කරන්න පහසුම අවස්ථාව හැටියට ඔබවහන්සේ දක්වන විකල්පය මොකද්ද?
(ස්වාමීන් වහන්සේ): ධර්මශ්‍රවණය පළමු වෙන්න ඕනේ! ධර්මශ්‍රවණය තුළින්ම පුද්ගලයා යථාර්තයට එන්න ඕනේ, ඉස්සෙල්ලාම. ඒක ඒකාන්තයෙන් ආ යුතුම තැන. එතෙන්ට නෑවිදින්, කිසිම විදිහකින් ඉන් එහාට යන්න බෑ. ඔතෙන්ට ආවාට පස්සේ එයාට “පර ප්‍රත්‍යය රහිතයි” – අනුන්ගේ ආධාරයක් ඕනේ නෑ. එයාට මාර්ගය පේනවා, නිවන දකිනවා. නිවන දැක්කාට පස්සේ, එයා වෙන කොහේ හිත පිහිටුවන්නද?
(ශ්‍රාවක මහතෙක්): ඇයි දැන් අනිච්ච, දුක්ඛ අනත්ථ වශයෙන් ඕක හැම වෙලේම, අපට ගැටෙන හැම අවස්ථාවකම, ලැබෙන හැම අවස්ථාවකම, මේ දස අකුසල් සිතිවිලි පහලවෙන හැම අවස්ථාවකම යෝනිසෝමනසිකාරය තුළින් ඔන්න අනිච්ච, දුක්ඛ, අනත්ථ ගැන මෙනෙහි කරමින් යෝනිසෝමනසිකාරය පවත්වාගෙන යාම තුළින් ඕක අවබෝධ කරගන්න බැරිද?
(ස්වාමීන් වහන්සේ): දැන් අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දකිනකොට අපි පත්වෙන්නේ “අනුලෝමක්ශාන්තියට” විතරයි. අනුලෝම වෙනවා විතරයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ ඊලඟටයි. ඉතින් ඒ නිසා කියනවා, “ලෝකය අනිච්චයි කියා දකින්නේ අනුලෝමක්ශාන්තියට පත්වෙනවා. නිවන නිච්චයි කියා දකින්නේ සම්‍යත්ත නියාමයට බහිනවා. ලෝකය දුකයි කියලා දකින්නේ අනුලෝමක්ශාන්තියට පත්වෙනවා, නිවන සුඛයි කියලා දකින්නේ සම්‍යත්ත නියාමයට බහිනවා” “සම්‍යත්ත නියාමය” කියන්නේ නිවන් මඟ. එහෙනම්, හැමවෙලේම “නිවන නිච්චයි” කියලා, “නිවන සුඛයි” කියලා, “නිවන අත්ථයි” කියලා දකින්න ඕනේ. ලෝකය අනිච්චයි කියලා දකින්න ඕනේ, දුක්ඛයි කියලා දකින්න ඕනේ, අනත්ථයි කියලා දකින්න ඕනේ.
“ලෝකය අනිච්චයි” කියලා ගත්තහම අනුලෝම වෙනවා මාර්ගයට, අනුලෝම වුනා. එච්චරයි ඒකෙන් වුනේ. තව කොච්චරවත්, “අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” කියලා කොච්චර කිය කියා හිටියත් අනුලෝම වෙනවා විතරයි. එයින් එහාට යන්න බෑ. අන්න ඒකයි, දැන් එතකොට අපි ඒකේ අනික් පැත්ත දකින්න ඕනේ, මාර්ගයට බහින්න, ඵලය ලැබෙන්න. “සම්‍යත්ත නියාමය” කියන්නේ ආර්‍ය මාර්ගය – ඒකායන නිවන් මග, සම්‍යත්ත නියාමය. “අනුලෝමක්ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත්ත නියාමයට බස්නේ යනු සිදු නොවන්නකි!” අනුලෝමක්ශාන්තිය ඉස්සෙල්ලා අවශ්‍යය මයි. නැත්නම් සම්‍යත්ත නියාමයට හෙවත් “නිවන සුවයි” කියලා දකින්න බෑ. “ලෝකේ දුකයි” කියලා දැක්කේ නැති කෙනාට නිවන සුවයි කියලා පේන්නේ නෑ. එහෙනම්, ඉස්සෙල්ලාම “ලෝකේ දුකයි” කියලා දකින්න ඕනේ. ඒ දර්ශනය පහලවෙන්න ඕනේ. එතකොට තමයි එයාට දකින්නේ, “ලෝකේ දුක නම් මොකද්ද සුව? නිවන සුවයි!” අන්න ඥාණයක් එනවා, පළවෙනි ඥාණය. අන්න ඒකට කියනවා, “ආර්‍ය මාර්ග ඥාණය”
{1:01:26} : ලෝකෝත්තර “සම්මා දිට්ඨිය” ට පත්වෙන්න නම් නිවනේ සුවය දකින්න ම ඕනේ
මාර්ග ඥාණයට එන්න නම් ඉස්සෙල්ලා අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකලා තියෙන්න ඕනේ. අනිච්ච, දුක්ඛ, අනත්ථ දැක්ක ගමන් නිවන් දකිනවා කිවුවොත් වැරදියි. අනිච්ච, දුක්ඛ, අනත්ථ දැක්කා නම් මාර්ගයට අනුලෝම වෙනවා. “නිවන ශාන්තයි, ප්‍රණීතයි” කියලා දැක්කහම අන්න නිවන් මඟට බහිනවා. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට අහුවෙන්නේ එතැනින්. සම්මා දිට්ඨිය ලැබෙන්නේ එතැනදී. අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් දැක්කහම මිත්‍යා දෘෂ්ඨියේ එක් කොටසක් ගැලවෙනවා විතරයි. “සම්මා දිට්ඨි” බවට පත්වෙන්න නම් නිච්චයි, සුඛයි, අත්ථයි කියන්නාවූ නිවන ගැන දකින්න ඕනේ. නිවන දැක්කේ නැත්නම් සම්මා දිට්ඨිය වෙන්නේ නෑ.
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ තිබෙන්නාවූ, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට ඇති සම්මා දිට්ඨිය කියන්නේ “නිවන සුඛයි” කියලා දකින එක. අන්න, “පූර්ව භාග නුවණ පළමුව පහලවේ, මඟ නැණ පසුව පහලවේ” පළමුව පහලවෙන පූර්ව භාග නුවණට අයිතියි අනිච්ච, දුක්ඛ, අනත්ථ. (ශ්‍රාවක මහතෙක්): දැන් හාමුදුරුවනේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්, දැන් ධර්මශ්‍රවණය කියන එක ස්වාමීන්වහන්සේ නමකගෙන් හරි, එහෙම යම්කිසි විදිහකින් ශ්‍රවණය වෙන ධර්මයක් කියලාද ඔබවහන්සේ අදහස් කරන්නේ? එහෙම නැත්නම් මේ ජීවිතේ තියෙන හැල-හැප්පීම් වලදී දකින ධර්මයක්ද?
(ස්වාමීන් වහන්සේ): නෑ, ශ්‍රවණය කරන ධර්මය ආධාර කරගෙන ධර්මය දකින්න ඕනේ. තමා ධර්මය දකින්න ඕනේ. දැන් සෝතයට එන්න ඕනේ, “පරතෝඝෝෂක ප්‍රත්‍යය” විතරයි. ඒක අපේ අවශ්‍යය ප්‍රත්‍යයක් විතරයි. “යෝනිසෝමනසිකාරය” කියන නුවණින් මෙනෙහි කිරීම තමයි අවබෝධයට හේතුවෙන්නේ. හැබැයි, චතුරාර්‍ය සත්‍යය කියන්නේ අවබෝධ දහමක්, පෙන්වන්න පුලුවන් එකක් නෙමෙයි. ඒකට අවශ්‍යය කරන උපනිශ්‍රය දෙන්න පුලුවන්. ධර්මශ්‍රවණය උපනිශ්‍රය වෙනවා, දේශනා උපනිශ්‍රය වෙනවා, පොත්-පත් උපනිශ්‍රය වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): මෙහෙම වෙනවා නම් හාමුදුරුවනේ, අපි සිතිවිලි හැමවෙලේම, දැන් ගැටෙන අවස්ථාවේ අනිච්ච, දුක්ඛ, අනත්ථ ස්වභාවය දකිනවා නම්, ඇලෙන අවස්ථාවෙත් ඒක දකිනවා නම්, අපි හැමවෙලාවෙම ඕක දකිනවා නම්, දැක්කාට, ඕකේ අර ප්‍රත්‍යක්ෂ වීමක් වෙන අවස්ථාවට ලඟාවෙන්න බැරි එකයි තියෙන්නේ. (ස්වාමීන් වහන්සේ): අන්න, ඒ කියන්නේ “නිවන සුඛයි” කියලා දකින්නේ නැති එකයි. ඒකයි අඩුපාඩුව.
දැන් ඕකෙදී මෙහෙම හිතන්නකෝ, ඕකට උපමාවක් පෙන්වනවා, දැන් අර නැවක අරන් යනවා, නැව අතරමං වුනහම කපුටුවෙක් අරං යනවා ගොඩබිම හොයාගන්න. දැන් නැව අතරමං වෙලා ගියාට පස්සේ, ගොඩබිම කොහේද තියෙන්නේ කියලා හොයාගන්න බැරිවුනොත් එහෙම නැවියන්ට, ඔය කොහේහරි ඈතකට ගියාට පස්සේ, මෙ කපුටා “සූ” කියල යවනවා. දැන් කපුටා ඉන්න තැනක් නැති හින්දා, පන්නන හින්දා එතැනින් උඩට යනවා. කැරකිලා, කැරකිලා බලනකොට ඌට වටේම තියෙන්නේ මුහුද නම්, යන්න තැනක් නෑ, වහන්න තැනක් නැති නිසා ආපහු කුඹගගේ ම වහනවා. ඒ වැහුවේ මොකද? යන්න තැනක් දැක්කේ නැති නිසා. ඌ එක තැනක් බය වුනා. බයවෙලා පයින්ඩ හැදුවා, ගිහින් බලපුහාම තැනක් නැති නිසා ආපහු ඒකෙම වහන්ඩ සිද්ධ වුනා.
මෙන්න මේ වගේ, අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියලා දැනගත්තහම බය වෙලා දුවන්න හදනවා. යන්න තැන “නිවන සුඛයි” කියලා දැක්කේ නැත්තම් ගිහින් වහන්න තැනක් නෑ, එතන දැක්කේ නෑ. වෙහෙස වෙනවා විතරයි කිවුවේ ඒකයි. මෙතැන ආදීනව දකිනවා. එතන ආනිසංස වශයෙන් දැක්කේ නැත්තම් යන්න තැනක් නෑ, පිහිටන්න තැනක් නෑ. අන්න, නිවනේ හිත පිහිටීමට කියනවා “සම්මා දිට්ඨිය”.
{1:04:16} : නිවැරදි භාවනාවන් හැම විටම ත්‍රිපිටකයෙන්ම ගත යුතුයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, මේ ස්කන්ධයන් ගැන මේ ආකරායෙන් මෙනෙහි කරන් යනකොට දැන් නූපන් සංඛාර නූපදීම පිණිසත්, උපන් සංඛාර නූපදීම පිණිසත්, උපන් සංස්ඛාරයන් නුවණින් මෙනෙහි කිරීම පිණිසත්, මේ ආකාරයෙන් මේ සතර සම්‍යක්ප්‍රධාන වීර්‍යය කරගෙන යද්දී, සතිපට්ඨානය වඩද්දී, ඉදිරියට යන්න පුලුවන් නේද හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): යන්න පුලුවන්, ඉතින් සතර සතිපට්ඨානය වැඩීමේදී දැන් අපිට සතිපට්ඨානයදී, දැන් කායානුපස්සනාව, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා 4ක් පෙන්වලා තියෙනවා මිසක්, මේක වඩන හැටි කියලා නෑ, ඒකයි වෙලා තියෙන්නේ. “සතර සතිපට්ඨානය වඩන්න” කියලා අපි අහලා තියෙනවා.
(ශ්‍රාවක මහතෙක්): ඔවු, දැන් ඔය විශුද්ධි මාර්ගයේ කියලා තියෙන හැටියට වැඩුවොත් නම් හාමුදුරුවනේ රීතියට පටහැනියිනේ… (ස්වාමීන් වහන්සේ): සම්පූර්ණ විරුද්ධයි! විශුද්ධි මාර්ගය කියන්නේ ත්‍රිපිටකය නෙමෙයි. ඒක ආචාර්‍යවාදයක්, ගැටළු සහිතයි ඒක. දැන් කායානුපස්සනාව බලමුකෝ, “අට්ඨී අට්ඨී” කිය කියා ඇටසැකිල්ලක් දිහා බලන් ඉන්න අපිට කියලා දීලා තියෙනවා විශුද්ධි මාර්ගයේ. දැන් බුදුරජාණන් වහන්සේ අට්ඨික භාවනාව කරන්න කියලා ත්‍රිපිටකයේ කියලා තියෙන්නේ කොහොමද? “අට්ඨී අට්ඨී” කියලා බලන් ඉන්න එකක් නෙමෙයි. “මේ ඇටසැකිල්ල පෙර කාලෙක මේවගේ මනුස්ස සරීරයක්නේ, මං වගේනේ ඉඳලා තියෙන්නේ. අද මේ ඇටසැකිල්ලක්. ඒවගේ ඉන්න බැරිවුනා. ඒක ගෙවිලා ගිහිල්ලා, මැරිලා ගිහිල්ලා, දිරකඩ වෙලා, මේකට වෙන ධර්මතාවය ඒකයි. එතකොට දැන් මේ ශරීරයත් මතුවට ඔය ධර්මතාවය ඉක්මවලා නෑ”.
ඉතින්, “ඒවං ධම්මෝ, ඒවං භාවී, ඒතං අනතිතෝතී” – මේක ධර්මතාවය කරගෙන තියෙනවා, මේක ස්වභාවය කරගෙන තියෙනවා, මේක ඉක්මවලා නෑ. මෙන්න භාවනා කරන එක, අට්ඨික භාවනාව. ඇටසැකිල්ල දිහා බලන් “ඇට ඇට” කිය කියා ඉන්න දුන්නේ කවුද? එහෙම භාවනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. නමුත් අපිට කියලා තියෙන්නේ භාවනාව පැත්තකින් තියලා, “අට්ඨී අට්ඨී” කියලා හිත පිහිටුවන්න මේ ද්‍රව්‍ය වස්තුවකට. දැන් ද්‍රව්‍ය වස්තුවක් කියන්නේ? ඒකේ රූප තියෙනවා. ඒක අපි දැක්කහම අපිට යම් දැනීමක් ඇති වෙනවා, වේදනා. “ඇටසැකිල්ල” කියලා හැඳිනීමක් ඇතිවෙනවා, සංඥා. “මේක කැතයි, අප්පිරියයි” කියලා සංඛාරයක් ඇතිවෙනවා හිතට දුක් දෙන, සංඛාරයක් – සංඛාර. ඒක දැනෙන විඤ්ඤාණයක් තියෙනවා. අපි එතන පිහිටලා ඉන්නවා. එහෙනම්, පංචස්කන්ධයක පිහිටලා, ඕකෙම ඕකෙම යළි යළී හඳුන්වනකොට, පංචස්කන්ධයේම ඉන්නවා මිසක්, දුක්ඛස්කන්ධයෙන් යන්නේ කොහේද? අපි “අට්ඨී අට්ඨී” කියනවා, දුක්ඛස්කන්ධයේ ඉන්නවා මිසක්, දුක්ඛස්කන්ධය ඉක්මවන්නේ කොතනින්ද?
{01:06:29} : බෞද්ධ භාවනාව නම් අත්හැරීම, ම්දීම, නොඇල්ම අරමුණු කළ භාවනාවයි
(ශ්‍රාවක මහතෙක්): දැන් ඕක තව තැනක හාමුදුරුවනේ, ඕදාත කසිනයට යනකොට… (ස්වාමීන් වහන්සේ): දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවෝ, “ස්වාමීනි, ආපෝ කසිනය වඩන්නෙත් නැතුව, ආපෝ කසිනයට අරමුණු කරන්නෙත් නැතුව, තේජෝ කසිනය අරමුණු කරන්නෙත් නැතුව, වායෝ කසිනය අරමුණු කරන්නෙත් නැතුව, පඨවි කසිනය අරමුණු කරන්නෙත් නැතුව, නීලෝ කසිනය, පීතෝ කසිනය, උත්ත කසිනය ආදී වශයෙන් වන්නාවූ ඒ කසින අරමුණු කරන්නෙත් නැතුව, ඒ වාගෙම මේ ලෝකේ දැකපු, අහපු, මතක් කරපු, පරම්පරාවෙන් ගෙනාපු කිසිම යම් ද්‍රව්‍ය-වස්තුවක් ඇත්ද, යම්කිසි දෙයක් ඇත්ද, ඒව අරමුණු කරන්නෙත් නැතුව, නමුත් සංඥා සහිතව වඩන්න පුලුවන් සමාධියක් තියෙනවාද?”
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ආපෝ කසිනය වඩන්නෙත් නැතුව, තේජෝ කසිනය වඩන්නෙත් නැතුව, වායෝ කසිනය වඩන්නෙත් නැතුව, පඨවි කසිනය වඩන්නෙත් නැතුව, නීලෝ කසින, පීතෝ කසින, ඕදාත කසින ආදී වන්නාවූ කසිනයක් වඩන්නෙත් නැතුව, ඒවාගේම දැකපු, අහපු, මතක් කරපු, පරම්පරාවෙන් ගෙනාපු එකම දෙයක්වත් අරගන්නේ නැතුව, ඒ එකක වත් ගන්නේ නැතුව ලබන්න පුලුවන්, සමාධියට සංඥාවක් තියෙනවා. ඒක මොකද්ද?” “ඒතං සන්තං, ඒතං පණීතං, යධිදං සබ්බ සංඛාර සමතෝ, සබ්භූපදි පටි නිස්සග්ගෝ, තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බානංති” ඔන්න ඕකයි – එයම ශාන්තයි, එයම ප්‍රණීතයි, කුමක්ද? සියලු සංඛාරයන්ගේ සමථයක් ඇත්ද, සබ්භූපදි පටි නිස්සග්ගෝ – සියලු ඉපදීම්ගේ පිළි නොගැන්මක් ඇත්ද, තණ්හක්ඛයෝ – තණ්හා ක්ෂය කිරීමක් ඇත්ද, විරාගෝ – විරාගයක් ඇත්ද, නිරෝධෝ – නිරෝධයක් ඇත්ද, නිබ්බානංති – මේ පැවැත්මෙන් බැඳීමෙන් නික්මීමක් ඇත්ද, අන්න ඒකයි සංඥාව. (ශ්‍රාවක මහතෙක්): ඔබවහන්සේ අර කලින් දේශනා කළේත් ඒකමයි නේද? (ස්වාමීන් වහන්සේ): ඔවු, ඒක තමයි කිවුවේ.
දැන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්‍යයන්ගේ හිත පිහිටවන්න ඕනේ තැන. එහෙනම්, “ආර්යයෝ කවදාවත් අශ්ව ගුණ්ඩ ධ්‍යායිතය නොවඩව, අජානීය ධ්‍යායිතය වඩව” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න, අශ්ව ගුණ්ඩ දැහැන මොකද්ද? මේ සමහර අය, මේ යථාර්තය දකින්නේ නැති අය ආපෝ ධාතුවට හිත පිහිටුවනවා. ආපෝ ධාතුව භාවනාවක් වඩනවා. තේජෝ ධාතුවට හිත පිහිටුවලා භාවනා කරනවා, වායෝ ධාතුවට හිත පිහිටුවලා භාවනා කරනවා, පඨවි ධාතුවට හිත පිහිටුවලා භාවනා කරනවා. නීල වර්ණයට, පීත වර්ණයට, ඕදාත වර්ණයට, මාඤ්ජේෂ්ඨ වර්ණයට මෙසේ හිත පිහිටුවලා භාවනා කරනවා. දැකපු, අහපු, මතක් කරපු, පරම්පරාවෙන් ගෙනාපු, එක එක ලබ්ධි අල්ලාගෙන, ඒ ලබ්ධි වල පිහිටලා භාවනා කරනවා. රෑ දවල් දෙකේ භාවනා කරනවා, නමුත් ප්‍රතිඵලය ලබන්නේ නෑ. මොකද හේතුව? ඒක යථා ධර්මය නෙමෙයි, ඒක අශ්ව ගුණ්ඩ දැහැන නිසා.
අජානීය ධ්‍යායිතය වඩන්න. ඒකෙන් නිවන් දෙනවා. එහෙනම්, අජානීය ධ්‍යායිතය වඩන කෙනා ආපෝ නිසා දැහැන් වඩන්නේ නෑ, තේජෝ කසිනය නිසා වඩන්නේ නෑ, වායෝ කසිනය නිසා වඩන්නේ නෑ, පඨවි නිසා වඩන්නේ නෑ. නීල, පීත, ලෝහිත, ඕදාත ආදී වර්ණයක් නිසා වඩන්නෙත් නෑ. දැකපු, අහපු, මතක් කරපු, පරම්පරාවෙන් ගෙනාපු කිසිම ලබ්ධියක් අල්ලාගෙන වඩන්නේ නෑ. එහෙනම් මොකද්ද වඩන්නේ? ඒ සියල්ලේම යථාර්තය දැකලා, අල්ලන්න එකක් නෑ කියලා දැනගත්තහම, ශාන්ත-ප්‍රණීත මොකද්ද? අත්හැරී ගියාද, නොඇලී ගියාද, මිදී ගියාද, ඕකයි ශාන්ත. එහෙනම්, අත්හැරුණු තැන, නොඇලුනු තැන, මිදුනු තැන ආපෝ ධාතුවක් නෑ, තේජෝ ධාතුවක් නෑ, වායෝ ධාතුවක් නෑ, පඨවි ධාතුවක් නෑ, නීල කසිනයත් නෑ, පීත කසිනයත් නෑ, ඕදාත කසිනයත් නෑ, මාඤ්ජේෂ්ඨ කසිනයත් නෑ, දැකපු, අහපු, මතක් කරපු මේ ලෝකේ කිසිම එකක් එතන නෑ. නමුත්, සංඥාවක් තියෙනවා, මොකද්ද සංඥාව? අත්හැරීමේ, නොඇල්මේ, මිදීමේ, නිවනට හිත පිහිටවපු සංඥාව. මෙන්න මේක ආර්‍යයන්ගේ භාවනා මාධ්‍යය.
මේ මාධ්‍යය වඩන කෙනාට, මේ මාර්ගය වැඩිලා එනවා. සියල්ලම අභිබවා ගිය සියල්ලෙන් පූර්ණයි. මේ මාර්ගයෙන් ශාන්තියට, සමථයට පත්වෙච්චි කෙනාට ආපෝ කසිනය ඕනෙනම් වැඩෙනවා, ඔයහැටි මහන්සි වෙන්න ඕනේ නෑ. තේජෝ කසිනය ඉබේම වැඩෙනවා, වායෝ කසිනය ලැබෙනවා, පඨවි කසිනය ලැබෙනවා. ඕන්නම් ලබන්න පුලුවන්, නමුත් අල්ලලා නෑ. ඒවා විපුල වශයෙන් ලැබෙනවා, නිරන්තරයෙන් ලැබෙනවා, අප්‍රමාණව ලැබෙනවා කියලා පෙන්වනවා. එහෙනම් ආර්යයෝ කොතනක වත් ගිහිල්ලා මැටි ගුලි හදාගෙන භාවනා කරලා නෑ, අපේ බුදුරජාණන් වහන්සේ දීලා නෑ එහෙම එකක්, කාටවත්. “අන්න අරණ්‍ය, රුක්මුල්, ශුන්‍යාගාර තියෙනවා, ගිහිල්ලා එහෙනම් ඔය ටික කරගන්න” කියලා යැවුවා.
{01:10:00} : කසින හෝ භෞතිකව හදාගත් අරමුණු තුළින් නිවන භාවනා කරන්න බැහැ
දැන් අද, මැටි ගුලි හදන එකක් කියලා තියෙනවා, ඒවාගෙම වර්ණ කසිනයක් ගන්න ඒවාට හදලා තියෙනවා, මේ ගිණි – තේජෝ කසිනයට ආලෝකය ගන්න ඒවා, ආලෝක කසින ගන්න රෙදිකෑල්ලක් බැඳලා මුට්ටියකට, හදලා, කළගෙඩියකට ඇතුලෙන් පහනක් තියලා, ඔය ජාතියේ ඒවා කියලා තියෙනවා. රටේ නැති ඒවා කියලා තියෙනවා. දැන් පෙළක් අය ඉතින් ඔහොම ගත්තහම, “විමුක්ති මාර්ගය”, ඒකේ තියෙනවා ඉටිපන්දම් ගහගෙන කරන භාවනාවක්. ඉතින් ඒ කතාවෙන් පේනවා “ඉටිපන්දම්” කියන වචනයම ගන්නකොටම, චිත්‍රයත් ඇඳලාම දාලා තියෙනවා විමුක්ති මාර්ගයේ ඉටිපන්දම් වලින්. ඉටිපන්දම කියන එක ආවේ ඉංග්‍රීසි කාරයින්ගෙන් මෙහාට. අපේ තියෙන්න ඕනේ විලක්කුවක් ගහලා කිවුවා නම්, අපිට කියන්න පුලුවන් අපේ පැරණි කාලේ ඉඳන් ගෙනාපු භාවනාවක්, ඒක වත් කීයහැකි. ඉටිපන්දම ඇඳලා, ඉටිපන්දම් ගහලා පත්තුකරලා කරන භාවනාවක් ඒකේ පෙන්වලා තියෙනවා. ඒකෙන්ම පේනවා ඉංග්‍රීසි කාරයොත් මෙහාට ආවාට පස්සේ තමයි ඔය භාවනාව හැදිලා තියෙන්නේ කියලා, “විමුක්ති මාර්ගයේ” භාවනාව. ඉතින් බලන්න කල්පණා කරලා, මොනවාද කියන්නේ කියලා. “විලක්කුවක් පත්තුකරගෙන” කිවුවා නම්, අපේ අර පැරණි මිනිස්සුන්ගේ තිබුණේ ඒවානේ. ඉටිපන්දම් කතාවල් ඒකාලේ තිබුණේ නෑ නේ. එහෙනම් එහෙමවත් කීයහැකි ඒකාලේ ඉඳන් ආපු එකක් කියලා වත්.
ඉතින් මෙන්න මෙහෙම දේවල් අපිට දීලා තියෙන්නේ. ඉතින් “විශුද්ධි මාර්ගය”, “විමුක්ති මාර්ගය” කියන පොත්වල පෙන්වලා තියෙන්නේ මේ හරයක් ඇති, බොහෝම ලේසියෙන් යන්න පුලුවන් මාර්ගය සම්පූර්ණ වහලා. ඉතින් කිවුවොත් පිළිගන්නේ නෑ, විප්ලවයක් කරන්න වෙනවා කියන්න ගියොත්. විප්ලව කරන්න දෙයක් නෑ, අහපුහාම ඒ ප්‍රශ්නයට පිළිතුරු දීලා කියන්න කිවුවහම මොනවා කියන්නද? (ශ්‍රාවක මහතෙක්): දැන් පැහැදිලිව හාමුදුරුවනේ, …… එකතැනක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ “මාගේ ආර්ය සාසනය තුළ අරිහතුන් වහන්සේ හිස් වෙන්නේ නෑ” කියලා, ඒත් ඉතින් ඒක දැන් වෙලානේ තියෙන්නේ අපේ හාමුදුරුවනේ. කිසිම අරිහතුන් වහන්සේ කෙනෙක් නැතිවෙන්න හේතුව, මේ ධර්මය වහපු එකනේ. ඉතින් ඒක පැහැදිලිවම තියෙනවා. (ස්වාමීන් වහන්සේ): වහපු එක, හොඳට පැහැදිලිව පේනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට මේ ස්වාමීන්වහන්ස, මතුවෙන්න ඕනේ නේද ධර්මය? (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, ධර්මය මතුවෙනකොට සත්‍යය මතුවෙනවා. අමුතු දෙයක් නෑ ඒකේ. මේ බොහොම පහසු මාර්ගයක් නේ තියෙන්නේ. මේක ලොකු දෙයක් නෙමෙයි නේ. (ශ්‍රාවක මහතෙක්): අර කර්මස්ථානය අරන් වාඩිවුනොත් ගැටළුවක් එන්නේ නෑ එතකොට, නේද හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු. ගන්න ඒක ඉතින්. අරන් බලන්න දැන්,
{01:11:38} : ආර්ය කර්මස්ථානයක් අරන් බලමු… අත්හැරීමේ පිහිටන හැටි…
“කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි, සියලු ලෝක අනාථයි. අතහැරීම නාථයි, අතහැරීම වෙත්වා! නොඇල්ම නාථයි, නොඇල්ම වෙත්වා! මිදීම නාථයි, මිදීම වෙත්වා! නිවනම නාථයි, නිවනම වෙත්වා!” දැන් කර්මස්ථානයක් ගත්තා. දැන් ඕකේ කාටවත් කියන්න පුලුවන්ද, ඔන්න ඕකේ “ආපෝ” වචනයට මෙන්න මේ ටික අයිතියි. “තේජෝ” කසිනයට මේටික තියෙනවා. “වායෝ” කසිනයට මේටික තියෙනවා. “පඨවි” කසිනයට මේටික තියෙනවා. වර්ණ කසිනයට මේටික ඕකේ තියෙනවා. ඔය එකක් වත් කියන්න එකක් තියෙනවාද? කිසිම දෙයක් ඕකේ නෑ. එහෙනම්, මොකද්ද ඕකේ තියෙන්නේ? තමන් දැක්ක ඇත්තනේ. අරගතයුතු දහම තියෙනවා, සත්‍යය තුළින් තමා දැක්ක එක. පහ කළ යුතු දහමත් තියෙනවා, සත්‍යය තුළින් තමා දැක්ක එක. ධර්මය දැකලා එහෙනම්, ධර්මය තුළ, ධර්මය කියලා කියන්නේ අර ද්‍රව්‍යය වස්තු එකක්වත් නෙමෙයි. එකම ද්‍රව්‍ය වස්තුවක වත් හිත බැඳලා තියෙනවාද? නෑ. අත්හැරීමක් ඇත්ද, නොඇල්මක් ඇත්ද, මිදීමක් ඇත්ද, නිවනට හිත පිහිටියා. ඉතින්, බෞද්ධයෙක් නම් නිවනට හිත පිහිටන්න ඕනේ.
අන්න, “ඒතං සන්තං, ඒතං පණීතං” – එයම ශාන්තයි, එයම ප්‍රණීතයි. වෙන කොහේ හිත පිහිටුවන්නද? “යදිදං සබ්බ සංඛාර සමතෝ” – ඉතින් සංඛාර සමතයක් වුනා නම්, ඒකයි ශාන්ත, ප්‍රණීත. අල්ලාගන්න ඒවා එකක් වත්, විද්‍යාමාන වෙන ඒවා එකක් වත්, ශාන්ත – ප්‍රණීත නෑ. “සබ්භූපදි පටි නිස්සග්ගෝ” – සියලුම උපධීන් ගේ පිළි නොගැනීමක් ඇත්ද, ඉතින් එක උපාදානයක් වත් ගන්නේ නෑ. කොතෙන්ටද යන්නේ? ඒතං සන්තං, ඒතං පණීතං – නිවන. නිවන උපාදාන කරන එකක් යෑ? උපාදාන කරන්න තියෙන්නේ අල්ලාගන්න දේ තියෙන ඒවා. සියලු උපාදානයන් නිරෝධ වෙනවා, සබ්භූපදි පටි නිස්සග්ගෝ. “තණ්හක්ඛයෝ” – කොතැනද තණ්හාවෙන් අල්ලාගන්නේ? කොතනද හිත බැඳෙන්නේ? ක්ෂය වෙනවා. “විරාගෝ” – රාගයෙන් හිත බැඳෙන්නේ කාම රාගත් නෑ, රූප රාගත් නෑ, අරූප රාගත් නෑ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක අනාථයි නේ. ඉතින් විරාගයි. “නිරෝධෝ” – කොහෙද රවුම් ගහන්නේ? කාම ලෝකේ රවුම් ගහන්නෙත් නෑ, රූප ලෝකෙත් නෑ, අරූප ලෝකෙත් නෑ – නිරෝධෝ. “නිබ්බානංති” – බානෙන් නික්මුණා. බැඳිලා නෑ, බැඳීමෙන් ඉවරයි. අන්න ඒකයි ශාන්ත-ප්‍රණීත.
(ශ්‍රාවක මහතෙක්): මේක තමාගෙම හිතින් දකිනවා? (ස්වාමීන් වහන්සේ): තමා විසින් යථාර්තය දැකලා, බණ අහලා තේරුම්ගත්ත ඇත්ත ආවර්ජනය කරනවා. (ශ්‍රාවක මහතෙක්): දැන් “රූප ලෝක අනාථයි” කියනකොට ඒක ආවර්ජනය වෙනවා හාමුදුරුවනේ. (ස්වාමීන් වහන්සේ): ආවර්ජනය වෙනවා නේ. “කාම ලෝක අනාථයි, රූප ලෝක අනාථයි, අරූප ලෝක අනාථයි” බේරිච්ච ඇටසැකිල්ලක් වත්, සුදු පාට වත්, එකක් වත් නෑ. ඔක්කොම අයිති වෙන්නේ රූපයට නේ, රූප ලෝකයටනේ, ඔක්කෝම ඉවරයි. (ශ්‍රාවක මහතෙක්): මෙවැනි පුත්‍රයෙක් උදේ අවදි වෙනකොටත්, රෑ මැදදී අවදි වුනත් මෙවැනි සිතුවිල්ලකින් නේද හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, යථාර්තය දැක්කාට පස්සේ, ශාන්තියේ හිත පිහිටියාට පස්සේ, එයාට කොතනක වත් ගලවන්න බෑ, සත්‍යය දැකලා, ඇත්ත පිහිටලා, ඒ නිසා කියනවා “නිවන් දැක්ක කෙනා වෙනස් වෙන්නේ නෑ” කියලා.
{01:13:29} : ලෞකික ධ්‍යාන වැඩෙන්නේ උපාදානයෙන්, ආර්ය ධ්‍යාන වැඩෙන්නේ උපාදාන නිරෝධයෙන්
ශාන්තයි, ප්‍රණීතයි කියන්නේ මොකද්ද කියලා දැක්කා නම් නිවන ඇරෙන්න වෙන එකක් නැහැ කියලා, ඒක සහ සුද්දෙන් තමාට වැටහුණා නම්, සත්‍යය තුළින් දැකපු තීරණය ඕක නිසා, ආපු තීරණය, චිත්ත ශාන්තිය ඕක නිසා, ඕක වෙනස් වෙන්නේ නෑ, ඔන්න සෝතාපන්නයි. ඉතින් ඊට පස්සේ දැන් ඔය තව අහන්න යන්න ඕනේ නෑ “සෝතාපන්න පුද්ගලයා සත්තු මරණවාද? හොරකම් කරනවාද? ඒවා එකක් වත් අපිට ඕනේ නෑ. අපිටම පේනවා නේ මේ වැඩක් නැති ඒවා අත්හැරී යන හැටි. බලෙන් අත්හරින්න දේකුත් නෑ. අපි යළි යළි ආවර්ජනා කරනවා නම් නිවන, “ඒකාග්‍රතා” කියන්නේ, අග්‍ර කරගත්ත එක ඔතනයි. ඒක + අග්‍රතා – හැම කෙනෙක්ගේම අග්‍රතාවයක් තියෙනවා. මේ ලෞකික ලෝකයේ ඉන්න අය පඨවි ඒකාග්‍රතා කරනවා.
නැත්තම් නාසික අග්‍ර, ඒ මොකද්ද? න + ආසික + අග්ග – නාසිකග්ග. ඇසුරු කිරීමක් නැති එක අග්‍ර කරනවාද, නාසිකග්ගයි. මූඛ්‍ය නිමිත්ත මොකද්ද? නිවන. ඒකයි නිමිති කරගත්තේ. “මුඛ නිමිත්තේවා, නාසිකග්ගේවා” ඉතින් ඒකට කියන්නේ, “මුඛ නිමිත්ත” කියලා කට දිහා බලාගෙන ඉන්නවා, “නාසිකග්ගය” කියලා හොට දිහා බලන් ඉන්නවා, නාහෙ දිහා බලන් ඉන්නවා. ඉතින් කටයි හොටයි බල බල ඉන්නකොට හරියනවාද? කල්පණා කරලා බලන්න මොකද්ද කරන්නේ? “මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා” තෝරලා තියෙන්නේ ඔහොමයි. (ශ්‍රාවක මහතෙක්): නහය ලොකු වෙනවා විතරයි හාමුදුරුවනේ…
(ශ්‍රාවක මහතෙක්): දැන් එතකොට ස්වාමීන් වහන්ස, දැන් එහෙම වඩලාත්, ධ්‍යාන වලට ඇවිල්ලා, ලොකු ….. වලට එහෙම යන්න පුලුවන් නේ, එහෙම වෙන්නෙ කොහොමද? (ස්වාමීන් වහන්සේ): දැන් මෙහෙමයි වෙන්නේ, දැන් ලෝකය තුළ අපි ඇසුරු කරගෙන හිටපු අනුසය ධර්ම වශයෙන් අපි ඇසුරු කරපු, කාම ලෝකේ සංඛාරයි, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ තුනේම බන්ධනයක් අපේ තියෙනවා, උපාදානයක්. කාම ලෝකත් කාම උපාදානයෙන් යුක්තයි අපේ. රූප ලෝක, අරූප ලෝකත් ,ඒ ඒ උපාදානයෙන් යුක්තයි. උපාදානයෙන් යුක්ත අපිට භවයක් තියෙනවා මයි උපාදානයේ ඉන්නකන්. දැන් එතකොට, අපි යම් තරමක් උපාදානය බිඳ හැරියාද යම් සත්‍යාවබෝධයක් ලබාගෙන, ඉස්සෙල්ලාම සතර අපාගත වෙන උපාදාන බිඳ හැරියා. දැන් ඊලඟට ඇදිලා එන්න තියෙන්නේ මොකද්ද උපාදානය? සුගතියට පත්වෙන්නාවූ කාමාවචර උපාදානයක අපි ඊලඟට බැඳිලා ඉන්නේ. දැන් ඒ උපාදානයේ එකක් ඇදිලා එන්න හේතු තියෙනවා. කරපුවා ඕනේ තරම් තියෙනවා. දැන් ඒකෙන් ඇදිලා ගිහිල්ලා සුගතියක උපදිනවා. අපි කාම උපාදානය බින්දා නම්, රූපාවචර, අරූපාවචර උපාදාන අපිට තව තියෙනවා. රූප රාග, අරූප රාග තියෙනවා නම්.එතකොට, අපිට දැන් තියෙන්නේ, ඒකේ උපදින්න හේතුවෙන්නාවූ උපාදානය නිසා ඒකේ උපදිනවා. “උපාදාන පච්චයා භවෝ” අපිට තියෙන්නේ රූප භවෝ, අරූප භවෝ. ඒකට යනවා. එතකොට, වඩලා යන ඒවා නෙමෙයි මේ තියෙන්නේ, අපි අල්ලාගෙන යන ඒවා. අත්හැරියා නම් යම් තැනක්, අත්හැරපු තැන අපි නෑ. එතකොට, යමක් අත්හරිනකොට යමක එල්ලෙනවා.
ඒ කියන්නේ, අපේ උත්සාහය, වීර්‍යය කොච්චර නැගුවත්, අපිට මේ පැවැත්ම තුළ අපි පුරුදු වෙලා තියෙන, අනන්ත සංසාරයේ පටන්ගෙන යමක එල්ලිලා ඉඳලා. ඒ නිසා අපිට මේ අත්හැරුණු ගමන්ම හරි අමාරුයි. දැන් ඵල සමාපත්තිය නැගෙනකොට, මහා භයානකයි, එකපාර එනකොට. ඵල සමාපත්තියට පුද්ගලයාට දැනෙන්නේ “මට කිසි දෙයක් ආතක් – පාතක් නැතුව ගියා වගේ එකක් වුනා” යි කියලා. මොනවා කරන්නද? ඇසුරු කරන්න තැනකුත් නෑ, මට මනසට නැගෙන්නෙත් නෑ අල්ලාගන්න තැනක්, දැන් අල්ලාගෙන පුරුදු වෙලා තිබිච්චි එක්කෙනාට දැන් බලනකොට, රූප අල්ලන්න හදනකොට රූප අහුවෙන්නේ නෑ, සද්ද අල්ලන්න හදනවා, සද්ද අහුවෙන්නෙත් නෑ, ලෙස්සලා යනවා වගේ. ගන්ධ අල්ලන්න හැදුවාට ඒක අහුවෙන්නෙත් නෑ, රස අල්ලන්නත් බෑ, ස්ඵර්ශ අල්ලන්නත් බෑ, සිතිවිලි අල්ලන්නත් බෑ. අන්තිමට හිතන්නත් බැරිවුනා වගේ එකක් වෙනවා. වෙච්ච ගමන්ම මේ පුද්ගලයා නිකන් කිසි තැනක අල්ලන්නේ නැතුව නිදහස් කළා වෙනවා. දැන් මේ අල්ලාගෙනම ඉඳලා පුරුදු එක්කෙනාට එකපාර වෙන්නේ මොකද? අර ඒදන්ඩේ යනකොට එකපාර අත්වැලක් කැඩුනොත් එහෙම, ඉවරයි නේ වැඩේ! අන්න ඒකයි.
{01:16:37} : ලෞකික ප්‍රභාස්වරත්වය ආලෝකයයි, ලෝකෝත්තර ප්‍රභාස්වරත්වය නිවනයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, මේ පටිච්ච සමුප්පන්න බව ගස් වලටත් තියෙනවාද? ඒ කොහොමද ඒ? (ස්වාමීන් වහන්සේ) : දැන් ගස් වලටත් තියෙනවා ඒ වගේ. ඇයි කර්ම ඵල බලපාන්නේ, දැන් මේ ලෝකය සංඛතයි, පටිච්ච සමුප්පන්නයි. ඇහැ සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, රූප සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, කන සංඛතයි, පටිච්ච සමුප්පන්නයි, ශබ්ද සංඛතයි, පටිච්ච සමුප්පන්නයි… මේ ආදී වශයෙන් ඇස, කන, දිව, නාසය, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ටබ්බ, ධම්ම මේ සියල්ලම සංඛතයි, පටිච්ච සමුප්පන්නයි. සංඛත නොවන, පටිච්ච සමුප්පන්න නොවන කිසිම දෙයක් ලෝකයේ විද්‍යාමාන වෙන්නේ නෑ. එහෙනම්, මේ මුලු ලෝකේ ආධ්‍යාත්මික, බාහිර කියන සියල්ලම සංඛතයි, පටිච්ච සමුප්පන්නයි.
පටිච්ච සමුප්පන්න නම්, පටිච්ච සමුප්පන්න රටාව තියෙන්න ඕනේ. ඉතින් මොනවායින්ද ගන්නේ? (ශ්‍රාවක මහතෙක්) : අවිද්‍යා පච්චයා සංඛාරා. (ස්වාමීන් වහන්සේ): ආ, ඒකෙන් පටන් ගන්නවා. දැන් ශුද්ධ හිතක් ඉස්සෙල්ලාම තිබුණා. ශුද්ධ හිතක් කියන්නේ, ඉස්සෙල්ලාම ආවේ, බ්‍රහ්මයින්ට හිටියේ, බ්‍රහ්ම කායික මනුස්සයෝ, බ්‍රහ්ම කල්පිකයි. ඒගොල්ලෝ ප්‍රීතිය භුක්ති විඳගෙන, ප්‍රීතිය ආහාර කරගෙන තමයි මුලින්ම ජීවත් වුනේ. ඊට පස්සේ තමයි මේ ලෝකයේ ක්‍රම ක්‍රමයෙන් කාම සංකල්පණා ගොඩනැඟිලා, ඒ අනුව හටගත්ත ලෝකෙට බැස්සේ. ඔය බැහැලා ඉන්න කාලේ දස අකුසල් තිබුණේ නෑ මුලින්ම.
(ශ්‍රාවක මහතෙක්): එහෙනම්, ඔය ප්‍රභාස්වර චිත්තය කියන්නේ ස්වාමීන් වහන්ස, ළමයෙක් ඉපදිච්චහම, ඒ ළමයාගේ… (ස්වාමීන් වහන්සේ): නෑ, ළමයාගේ තියෙන්නේ, “ප්‍රභාස්වර” කියන්නේ “ප්‍රභා” කියන්නේ “නැවත වාරයක් භවයට” කියන එකයි. “අස්සර” කියන්නේ “සරන්නේ නෑ”. භවයට සරන බලාපොරොත්තුවක් නැති චිත්තයට කියනවා “ප්‍රභාස්වර චිත්තය”. දැන් ප්‍රභාස්වර චිත්තය කියලා අද ගන්නේ මොකද්ද? “ආලෝකය” කියන වචනය ගන්නවා. ඒ ලෝකයේ ප්‍රභාස්වරත්වය එකක්, ආර්‍ය ප්‍රභාස්වරත්වය එකක්. ආර්‍ය ප්‍රභාස්වරත්වයයි ලෝකේ ප්‍රභාස්වරත්වයයි කියන්නේ අර්ථ දෙකක්. “ප්‍රභා” + “අස්සර” – ප්‍රභාස්වර. ප්‍රභා කියන්නේ නැවත පහල කරනවා. “භා” කියන්නේ භවය. “සර” කියන්නේ සරනවා, “අස්සර” කියන්නේ සරන්නේ නෑ. නැවතත් භවයට සරන්නේ නැත්තේ ප්‍රභාස්වරයි. අන්න ඒකයි නියම ප්‍රභාස්වර චිත්තය. ඒක තමයි, ආර්‍ය ප්‍රභාස්වරත්වය කියන්නේ ඒක. ඒක ලැබෙන්නේ අරිහතුන් වහන්සේට. අරිහත්වයේදී ලැබෙන්නේ නැවත භවයේ සරන චිත්තයක් නෑ, ප්‍රභාස්වර චිත්තයේ. ඒ තමයි ආර්‍ය ප්‍රභාස්වරත්වය.
ලෝක සම්මත තත්වයේ ප්‍රභාස්වරයි කියන්නේ, ලෝකයේ සැරිසරාගෙන ගිහිල්ලා චතුර්ථ ධ්‍යානයට යනවා, ආපහු මෙහාට එනවා. ආයි චතුර්ථ ධ්‍යානයට යනවා, ආපහු මෙහාට එනවා, මේ ලෝකේ චක්‍රයේ. ලෝකේ විනාස වෙන්න චතුර්ථ ධ්‍යාන ලාභීන් වශයෙන් ඒ ලෝකෙට යනවා. එහෙන් ආයිත්, ආපහු පල්ලම් බැහැලා බැහැලා ඇවිල්ලා මෙහාට එනවා. ඉතින් එතකොට, ආපු ලෝකේ, මෙහාට ආවේ කොහේ ඉඳලාද? ආපු ලෝකය – ආලෝකය. ආපු දුර, ආ දුර – අඳුර. ආපු ලෝකේ ඉඳලා, ආපු දුරට, ආ ලෝකය සහ ආ දුර, ආලෝක – අඳුර කියලා වචන දෙකක් හැදුනා. ඉතින් ආපු දුර – ලෝභ, ද්වේෂ, මෝහ දුර. ආපු ලෝකේ – අලෝභ, අද්වේෂ, අමෝහ ලෝකේ. අලෝභ, අද්වේෂ, අමෝහ ලෝකෙට ආපු ලෝකේ යම් ගති ලක්ෂණයක් ඇත්ද, ඒක ආලෝකය. ඒක තමයි ලෞකික ප්‍රභාස්වරත්වය. ඒක තමයි ප්‍රභාස්වරත්වය ආලෝකයි කිවුවේ. ආපු ලෝකේ හැටි, ආලෝකේ හැටි. ආපු දුරේ හැටි – ආ දුරේ හැටි – අඳුරේ හැටි.
ආභ + අස්සර – ආභස්සර. “ආභ” කියලා කියන්නේ? මේ භවය සඳහා එන්නාවූ ගමන. ඒකේ සරන බලාපොරොත්තුවක් නෑ, මොකද මෙහේ ඔක්කෝම විනාස වෙලා. ඉතින් අහසට, “ආභ අස්සරයට ගියා” කියන්නේ ආභස්සරයට ගියා.
{01:19:17} : ලංකාවේ ඉතිහාසය ඓතිහාසික සාධක තුළින් ඔප්පු කළ යුතුයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, ගොඩාක් චිත්‍ර අඳින්න හැකියාව තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් එයා සත්තුන්ගේ රූප ඇතුලේ චිත්‍රයක් අඳිනවා. සතාගේ රූපේ හැඩය වෙනස් කරන්නේ නැතුව ඇතුලේ වචන ටිකක් එයාට නිර්මාණය කරන්න පුලුවන්. අර කිඹුල්වත්පුරය කියන්නේ, ඒක පොඩ්ඩක් ඇඳලා බලන්නද? දැකලා නෑ නේ…
(ස්වාමීන් වහන්සේ): බලන්න, කමක් නෑ. කිඹුලා ගේ වත වැනි පුරය හැදුන හැටි, කිඹුලා ඇඳලා, ක්‍රම ක්‍රමයෙන්, දැන් කිඹුලාගේ වත අරගන්නවා. කිඹුලාගේ වත කියන්නේ “කිඹුල්වත”. ඉතින් කිඹුල් වත වැනි පුරයක් ඇත්ද, කිඹුල්වත් පුරයයි. මේ ලෝකේ කිඹුල්වත් පුරයක් හැදෙන හැටි බලන්න ඕනේ නම් මෙහෙමයි ගන්නේ කියලා ඉතින් කිඹුලා අඳිනවා. කිඹුලා අවුව තපින්න එනවා ගොඩට. කකුල් දෙක දික් කරගන්නවා, අත් දෙක දික් කරගන්නවා, බාව අරගෙන බෙල්ල ලඟට තියාගන්නවා, බෙල්ල පැත්තට හරවාගන්නවා. හරවා ගත්තහම හිටපු ආකාරය තමයි ලංකාවේ සිතියම. ඉතින්, අර කිඹුලාගේ කොඳුඇට පෙළ තමයි කඳුරට. හොඳ ලස්සනට, පැහැදිලිව කිඹුලාගේ වත වැනි පුරයක් තියෙන්නේ ඔච්චරයි, මුලු ලෝකෙටම කිඹුල්වත් පුරයක්. ඔය වචනයේ නිරුක්තියෙන්ම කිඹුල්වත් පුරය පෙන්වන්න පුලුවන් ඕකෙන්.
ඔය ඇරෙන්න ඉතිහාස කතාවේ නම් ඉතින් එක එක රජ්ජුරුවන්ගේ අහවල් කෙනාගේ පුරය, ඕවා කියන්න පුලුවන්. හැබැයි, ඒවාට කිසිම නිරුක්තියක් දෙන්න බෑ, හේතුඵල ඇති නිරුක්තියක්. කිඹුලාගේ වත වැනි පුරය කිඹුල්වත් පුරයයි. ඒකට ආයි කාටවත් නෑ කියන්න බෑ. ඉතින්, කිඹුලාගේ වත වැනි පුරය අපි ඔප්පු කරන්න ඕනෑ කිඹුල්වත් පුරයට, කිඹුලාගේ වත වැනි පුරය කියන්නේ මොකද්ද කියන එක, ලංකාවට ඔප්පු කරන්න ඕනේ. යාපනය හැදිලා තියෙන්නේ බෙල්ල හැරෙවුවා වාගේ, ලස්සනට හිටිනවා. එතකොට, එක පැත්තකින් අර පැත්තේ වරාය තියෙනවා, මන්නාරම වරාය තියෙනවා එක පැත්තක, අත දික් කරලා තියාගත්තා වාගේ. අනික් පැත්තේ වරාය තියෙන්නේ ත්‍රිකුණාමල වරාය. අනික් පැත්තේ තියෙනවා කොළඹ වරාය, කකුල දික් කරගත්තහම, කකුල පොඩ්ඩක් නැවිලා හිටලා තියෙන්නේ. ඒ වගේමයි, අර අඬු – පඬු දික් වෙලා තියෙන්නේ ඒ ක්‍රමයටමයි. දෙපැත්තේ තියෙන හැටි. ඉතින්, කිඹුලා අවුව තපින්න බුදියාගත්තහම කොහොමද ඉන්නේ, අන්න ඒ විදිහට තමයි කිඹුල්වත් පුරය. කිඹුලාගේ වත වැනි පුරයක් ඇත්ද, කිඹුල්වත් පුරයයි.
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, ඕවාට ඉතිහාස සාධක මතුකරගන්න බැරිද? (ස්වාමීන් වහන්සේ): ඉතින් අද වෙනකොට, දැන් ඕවාට ඉතින්, කිඹුල්වත් පුරය කියන එකට ඉතිහාස සාධක වශයෙන් මතුකරගන්නවා නම් ඉතින් දැන් තියෙන්නේ කැණීම් ආදී කටයුතු වලින් උදවු ගන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක්): සාමාන්‍යයෙන් දැන් ඔබවහන්සේ යොමු කරලා එහෙම බලලා නැද්ද එහෙම? (ස්වාමීන් වහන්සේ): මං ඒකයි කිවුවේ, තව අපිට ඒකට ආවෙ නෑ තව කියලා. ඕක සම්පූර්ණ විග්‍රහ කරන්න ඒවා ඔක්කෝම දැනගන්න ඕනේ. නමුත් දැනට දැනෙන හැටියටයි මං ඔය විග්‍රහ කරලා තියෙන්නේ. (ශ්‍රාවක මහතෙක්): දැනට ඔබවහන්සේ කියලා තියෙන සාධක ටිකත් එක්ක හාමුදුරුවනේ, 100%ක් ම ගැලපෙනවා. (ස්වාමීන් වහන්සේ): හොඳටම ගැලපෙනවා ඉතින්, ඒවා ඔක්කොම.
(ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ, ගිජ්ජකූට පර්වතය, දැන් ඉන්දියාවේ තියෙන ගිජ්ජකූට පර්වතයේ රහතන් වහන්සේලා හත් අට දහක් විතර වැඩ ඉන්න බෑ නේ. නමුත්, ලංකාවේ තියෙන ගිජ්ජකූට පර්වතය, ඒ අවට තියෙන පර්වත සියල්ලගෙම වැඩ ඉන්න පුලුවන් නේ, දැනටත් ඒ ගල් ලෙන් පවා තියෙනවා නේ, (ස්වාමීන් වහන්සේ): පුලුවන්, හොඳට පැහැදිලිවම පේනවා, පුලුවන්, ඔවු. (ශ්‍රාවක මහතෙක්) : අවසර ස්වාමීන් වහන්ස, අර….. (ප්‍රශ්නය පැහැදිලිව පටිගත වී නැත)….. (ස්වාමීන් වහන්සේ): උරුවෙල් දනවුව කියන්නේ, ඔවු, ඒ ගහලා තියෙන ඒවා ඔක්කෝම පස්සේ හදාගත්ත ඒවා නේ, ගහලා, අකුරු කොටපුවා නේ තියෙන්නේ. ස්වභාවික ලෙන් නෙමෙයි ඔය. (ශ්‍රාවක මහතෙක්): ඒ හැම ලෙනක්ම හාමුදුරුවනේ, මෙහෙම නිකන් පොඩි ගල් කෑලි එකතු කරලා වගේ හදලා තියෙන ඒවා…
{01:21:57} : ලියවිලා තිබුණු පලියට ඉතිහාසයේ හැමදේම ඇත්ත නෙමෙයි…
(ස්වාමීන් වහන්සේ): දැන් බලන්නකෝ මෙහෙම කරලා, අවංක පුද්ගලයෙක් ඉන්නවා පරම්පරාවේ. මිනිහා ඉතින් මට අපේ ආතා ඉන්න කාලේ, තාත්තා ඉන්න කාලේ මේකේ ඉන්න කියලා දුන්නා, මට ප්‍රශ්නයක් නෑ, මං අනික් ඒවගේ ඇඟිලි ගහන්න යන්නේ නෑ, මගේ ඉඩමේ ඉන්නවා. එයා ඕකේ ඉන්නවා. ඔතෙන ඉන්නවා කපටියෙක්, ඌ මොකද කරන්නේ, ඔප්පු-තිරප්පු, හොර ඔප්පු ලියලා, ඔක්කොම කියලා, මායිම් දාලා, ඔක්කොම කරලා, ගල් හිටවලා, ඔක්කොම කරලා, ඌ හදාගන්නවා ඔප්පුවයි, විස්තරේ කවදා හරි ඔප්පු කරන්න එකක්. ඊට පස්සේ, නඩුවක් ගියාට පස්සේ බලනකොට සාධාරණව හිටපු මිනිහාට ඔප්පු කරන්න එකක් නෑ. නමුත් බලනකොට, කපටියා මොකද කරන්නේ? ඔප්පු-තිරප්පු හදාගෙන, මායිම් ගහගෙන, ඔක්කොම කරගෙන, ඒවා පෙන්නනවා සාක්ෂි වශයෙන්. පෙන්වලා මිනිහා ජය ගන්නවා.
(ශ්‍රාවක මහතෙක්): ඔබවහන්සේගේ ඔය දේශනාවත් එක්ක හාමුදුරුවනේ, එකම තැනක් මට තියෙනවා පොඩි …. අර අවුරුදු 700ක පරතරයක, මේ හිඩස ආවේ කොහොමද කියලා, හාමුදුරුවනේ. අපේ ඉතිහාසේ අවුරුදු 700ක පරතරයක් හිඩැස් වෙන්න, ඔය අවුරුදු 700 පරතරයේ හිඩැසින් නේ හාමුදුරුවනේ ඕක දැන් ඕක දැන් නිර්මාණය කරන්න හැකියාව තියෙන්නේ….
(ස්වාමීන් වහන්සේ): ඉතින් දැන් මුලදී තිබුණේ, බෞද්ධයින්ගේ හැම දහමක් ම තිබුණේ වාචනා මාර්ගයෙන්. වචන මාර්ගයෙන් ගෙනාවා මිසක් පොත් පත් මාර්ගයෙන් ගෙනාවෙ නෑ. වාචනා මාර්ගයෙන් ගෙනෙන ක්‍රමය තිබිච්ච නිසා, හැම වෙලාවෙම භාෂා කතාවෙන් ගෙනාපු දේ තිබුණා මිසක්, ඒකාලේ මේ ලිඛිත භාවයක් තිබුණේ නෑ. ලිඛිත භාෂාවට තැන ආවේ යෝගීන් ගේ වේද ග්‍රන්ථ නිසා. වේද ග්‍රන්ථ වල තමයි ලිඛිත භාෂාවට තැනක් තිබුණේ. ඒගොල්ලෝ තමයි සටහන් කළේ ඔක්කෝම. සටහන් කිරීම නිසා තමයි යම් යම් ආදි කරුණු සටහන් වලින් ගෙනාවේ. ඉතිහාස කතා ඔක්කෝම සටහන් කළා. “ඉතිහාසය කෙළවර කර ඇති ත්‍රිවේදය” කියලා පෙන්වන්නේ. එතකොට, ලක්ෂණ ශාස්ත්‍රය, ඉතිහාස, කෙටුම්භ ශාස්ත්‍රය කියලා පෙන්වන්නේ අකුරු කොටන ඒවා. ඔය ශාස්ත්‍ර පිළිබඳ දැනීම තිබුණේ ත්‍රිවේදයේ. ඉතින් ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයා ඔය ඉතිහාසය ගැන දන්නවා. ඒගොල්ලන්ට තමයි ඉතිහාසයේ වටිනාකමක් තිබුණේ. ඒ නිසයි ඉතිහාසය ලිවුවේ.
බෞද්ධයින්ට ඉතිහාසයක වටිනාකමක් තිබුණේ නෑ, ධර්මයේ වටිනාකම තිබුණේ. ධර්මය කියන්නේ ඉතිහාසයක් නෙමෙයි. කවදත් තිබිච්ච යථා ධර්මය. (ශ්‍රාවක මහතෙක්): හාමුදුරුවනේ, එතකොට දැන් ….(පැහැදිලි නැත)…. වේදය කියන එකත් තිබිලා තියෙනවාද ලංකාවේ? (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් ලංකාව, ඉන්දියාව දෙකටම වේදය සම්බන්ධයි. එකම රටට හිටපු කොටස් දෙක ඔය. යෝගීන් ගේ සම්බන්ධයත්, ඒවගේම අන්‍ය වේද සම්බන්ධයත්, ඔක්කෝම තිබුණේ ඉන්දියාවත් එක්කලා සම්බන්ධව. මේකේ මූලස්ථානය තමයි මෙහේ. නමුත්, මෙහෙත් තිබුණා, ඔය ඔක්කෝම තිබුණා, සම්බන්ධය තිබුණා. ඔය සම්බන්ධය අත්හැරිච්ච තැනක් නෙමෙයි ලංකාව කියන්නේ.
දැන් “ලංකා” කියන වචනය ගත්තහමත්, “ලංකා” කියන වචනය ආවේ මේ මෑතකදී නේ. දැන් මහාවංශය ලියලා, අන්තිමට කියලා තියෙනවා “ලංකාව” ආරක්ෂා කරන්න කියලා, “ලංකාව” කියන වචනයෙන්ම දාලා තියෙනවා විෂ්ණු දෙවියන්ට බාර දුන්නා කියලා. ඉතින් “ලංකාව” පාලනය කරන්න කියලා විෂ්ණු දෙවියන්ට භාර දුන්නා කියලා ස්ලෝකයෙන් තියෙන්නෙත් “ලංකාව” කියන වචනය. මේ “ලංකාව” කියන වචනය ඉතා මෑතකදී හැදිච්ච වචනයක්. එහෙනම්, ඔය පොතට ඔය ගාථාව ඇතුළත් කරලා තියෙන්නේ, “ලංකාව” කියලා දාන්න බෑ නේ, එහෙනම් ඒකාලේ තිබුණ හැටියට දාන්න එපැයි “හෙළදිව” කියලා වත්. එහෙම වචනයක් දාලා නෑ නේ. ඔවු ඉතින් හොඳට පැහැදිලිම තැනක්, “ලංකාව” රකින්න, “ලංකාවේ බොහෝ කාලයක් බුදු දහම පවතිනවා” කියලා බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ට කිවුවා, විෂ්ණු දෙවියෝ ඇවිදිල්ලා මේ ලංකාව රකින්න භාරගත්තා. කියලා ඒ කතාවක් ඒ ශ්ලෝකයකින් විග්‍රහ කරපු එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ “ලංකාව රකින්න”, “ලංකාවේ පවතිනවා” කියලා කිවුව හැටියට, “ලංකාව” කියන වචනේ මයි. “ලංකාව” කියන වචනා මේ ඉතා මෑත කාලීනව බිහිවෙච්චි වචනයක්. ඕක ඉස්සෙල්ලා ඉඳන් තිබුණේ නෑ. හෙළදිව, එහෙම කියලා තිබුණා මිසක්, මේකට “ලංකාව” කියලා වචනයක් තිබුණෙ නෑ. “තාම්බලපන්ණි” ඔය වචන භාවිතා කළා.
{01:24:44} : බෞද්ධ ඉතිහාසය විමර්ශනාත්මකව ඔප්පු කළ හැකියි
(ශ්‍රාවක මහතෙක්): “තම්බපන්ණි” කියන වචනයේ තේරුම මොකද්ද හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): “තම්බපන්ණි” කියලා කියන්නේ “තඹ වන් අත” කියන එක නේ ඔය පෙන්නන්නේ. “ස්ථාම්බ්‍ර” කියන ඔය වචනයෙන් පෙන්වන්නේ, … (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත) … ඔවු, දැන් එතන ඒ කතාවටත් පෙන්වන්න, ඔය කතාවෙත් යොදලා තියෙන්නෙත් ඒක, “තම්බපන්ණි” කියන වචනය. “ස්ථම්භය” කියලා කියන්නේ, දැන් “යතින්දඛීලෝ පඨවිං සිතෝසියා – චතුම්බි වාතේහි අසම්ප කම්පියෝ” – පොළවේ හිටවන ලද යම් කණුවක්, ස්ථම්භයක් ඇත්නම්, සතර වාතයෙන් කම්පා කරන්න බෑ. එබඳු වන්නාවූ පර්ණයක් හෙවත් ප්‍රදේශයක් යම් තැනක තියෙනවා නම්, ඒ ප්‍රදේශය එබඳු ඒ පිරිස ඉන්න පැත්ත. ඒක හොඳටම “තාම්බපන්ණි” ගැලපෙනවා. තම්බපන්ණි කියන්නේ ඒකයි. බලන්න, මහා පුදුම දෙයක්, නිරුක්තිය ලස්සනට එනවා, මේ “තම්බ” කියන්නේ මොකද්ද? “ස්ථම්භ”. “පර්ණය” කියලා කියන්නේ පිහිටුවනවා. ස්ථම්භයක් පිහිටුවලා වාගේ. ඉතින්, නොසැලෙන චිත්ත ස්වභාවය යම් තැනක පිහිටවන්න පුලුවන් වෙන්නේ යම් තැනක් ද, ඒක තාම්බ්‍රපන්නි – තම්බපන්ණි.
ඉතින් ඔතන “ජම්බුදීප”, ඉතින් ඒත් ගන්නේ ඕකටයි. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පැහැදිලි නැත)…. (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් ඒකෙත් කියලා තියෙනවා “සිංහලයින් ගේ නිජබිම” හැටියට එහෙන් ආපු එක පිළිගන්න විදිහක් නැති වෙන විදිහට තමයි ඒගොල්ලොත් කරුණු පෙන්වලා තියෙන්නේ. “මෙයිටත් ඉස්සර ඉඳන් මේකේ සිංහල පිරිස හිටියා, යක්ෂ, නාග කියලා කොටසක් නෙමෙයි හිටියේ, මේකේ සිහළ ප්‍රජාවක් හිටියා” කියන එකයි ඒ කරුණු පෙන්වලා තිබුණේ. ඉතින්, ඒකත් අපේ කතාවට හොඳටම සාක්ෂි වෙනවා, ඒ අනුව බැලුවත්. (ශ්‍රාවක මහතෙක්): අර සෝම හාමුදුරුවොත් ඒ පැත්තෙන් පොඩ්ඩක් ඔය ලොකු පිබිදීමක් කළා නේද, (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, කළා. එයා ඇත්ත වශයෙන්ම විජය රජ්ජුරුවන්ගේ කීම ගැන එයාත් පිළිගත්තේ නැහැ. (ශ්‍රාවක මහතෙක්): විමර්ශනය කරන්න කියලා කිවුවානේ ඔක්කෝම, මේකේ වැරදි තියෙනවා කියලා. ඒ ක්‍රමය වැරදී නේද හාමුදුරුවනේ (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, ඒ කියන්නේ ඒ කට්ටිය පෙන්නපු දේවල් හුඟාක් වෙනස් ඒවා.
(ශ්‍රාවක මහතෙක්): අරකත් එක්ක හාමුදුරුවනේ තම්බපන්ණි කියලා තියෙනවා නම් හරියටම ගන්න තිබුණා, (තවත් ශ්‍රාවක මහතෙක්): අනිත් එක අර සෙනරත් පරණවිතාන මහත්මයාත් ඔප්පු කරන්න හැදුවා නේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ නැහැයි කියන එක. (තවත් ශ්‍රාවක මහතෙක්): මේක නම් හාමුදුරුවනේ ඉස්මතු කරන්න ම ඕනේ, මහා අපරාධයක් මේක! (ස්වාමීන් වහන්සේ): ඉතින් ඕක ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම්, බෞද්ධත්වය මේ ලංකාවේ බිහි වුනේ කියන එක හරියටම, හොඳටම ඔප්පු වෙන කාරණා, සාධක හැම පැත්තෙන්ම තියෙනවා. 2,500ක ඉඳන් ආපු බෞද්ධ නටබුන්, පූජනීය ස්ථාන ඔක්කෝගේම තිබෙන්නාවූ නටබුන් තියෙන්නේ ලංකාවේ. දැන් ඔය ඉන්දියාවේ පලාතක වත් නෑ. කැනීම් ඕනෑ තරම් කරලා තියෙන්නේ. තව වෙනකන් එක කැනීමක් වත් හම්බ වෙලා නෑ අඩි 6 කින් යට තියෙන එකක්. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, පටිගත කිරීම පැහැදිලි නැත)….
{01:27:05} : ඉතිහාසයට කලින් වැදගත් දහම් ප්‍රශ්න ටික විසඳාගන්න ඕනේ
ඔවු, ඉතින් ඒක නිසා, සාක්ෂි නෑ. එහෙම තැනක ඔප්පු කරන්න සාක්ෂි නෑ. ලංකාවේ හොඳටම සාක්කි තියෙනවා. අවුරුදු 2000 කට වඩා පැරණි ඒවා පෙන්වන්න ලංකාවේ ලෝවාමහා ප්‍රාසාදයේ ගල් කණු. අශෝක සෙල්ලිපි වල තිබෙන ඒවා අවුරුදු 1000 යි පැරණි. ඉතින්, හොඳට පැහැදිලිව පෙනෙන දෙයක්. (ශ්‍රාවක මහතෙක්): දැන් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්ස මේ උගත් කියන සම්මත පොඩි පිරිසක් මේ ඔක්කෝම යට ගහනවා නේ, දැන් අපි ඕක මතු කරන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන් හෙලා දකිනවානේ, මේක මතුකරන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන් අපවාද කරගන්නවා ඒගොල්ලොත්… (ස්වාමීන් වහන්සේ): මං ඒකයි කිවුවේ දැන්ම ඕක අපි, ඒ පහු – පස්සේ වෙනකොට ඕක ගන්නවා මිසක්, ඉදිරියට ගන්න බෑ.
ඉදිරියට ඊට වඩා වැදගත් දහම් ප්‍රශ්න ටික තියෙනවා. සමාජ සම්ප්‍රදායන් නොබිඳෙන දහම් ප්‍රශ්න ටික. (ශ්‍රාවක මහතෙක්): ඉස්සෙල්ලාම අනිච්ච, දුක්ඛ, අනත්ථ ටික, (ස්වාමීන් වහන්සේ) : ඔවු, ඒ පැත්තට යන්න ඕනේ.. සාදුකාරයෙන් පටන්ගෙන යන්න ඕනේ.. සාදුකාරය, නමස්කාරය, තිසරණය… ඒවා යන්න ඕනේ එහෙමයි. ඉස්සෙල්ලා පටන්ගෙන ම යන්න ඕනේ. අපි සාදුකාර දෙන්නේ මොකටද කියලා දැනගත්ත ගමන්ම ඔය ඔක්කෝම දෘෂ්ඨි බිඳෙනවා. “මෙච්චර කල් යකෝ සාදුකාරය වත් දැනගෙන හිටියේ නෑ නේ” කියන එක අවංකව දැනෙනවා නේ, හේතු ඇතුව පෙන්විය හැකි නේ. ඒ වැඩිය අපි ඒ දෘෂ්ඨිය බිඳින්නේ නෑ. දැනට තියෙන එක බිඳින්නේ නෑ, සම්මතය බිඳින්නේ නෑ. සම්මත අර්ථයත් තියෙනවා. ලෝකෝත්තර අර්ථය මෙන්න මේකයි.
{01:28:09} : ධර්මයේ ශක්තිය ලබන්න හැම කෙනෙක්ම ධර්මය තුළට එන්න
(ශ්‍රාවක මහතෙක්): දැන් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේලා ධර්මය ප්‍රචාරය කරන්න සමහර අවස්ථා වල ප්‍රාතිහාර්‍යත් පෑවා නේ, දැන් ඒ වගේ මේ අවස්ථාවේ (ස්වාමීන් වහන්සේ): දැන් මේ අවස්ථාවේ වුනත් අපි ඒකයි කිවුවේ මේ අපේ අවස්ථාවකදී අත්‍යාවශ්‍යය දෙයක් ප්‍රාතිහාර්‍යය. ඒ ශක්තිය අවශ්‍යයි! මොකද, එදා යම්කිසි කෙනෙක් ගේ එබඳු ගුණයක් ඇති කෙනෙක් යම් බලයකට පත්වුනා කිවුවා නම්, අපි ඒක පෙන්නුවොත් තමයි මිනිස්සු පිලිගන්නේ “එහෙනම්, ඒ කට්ටිය අද මතුවෙලා” කියලා. ඒකයි කාරණය. අපිට දැනට තියෙන්නේ දේශනා ප්‍රාතිහාර්‍යය විතරයි. නමුත්, ආදේශනා ප්‍රාතිහාර්‍යය, අනුශාසනා ප්‍රාතිහාර්‍යය, සෘද්ධි ප්‍රාතිහාර්‍යය කියලා තුනකින් යුක්තයි මේ බුද්ධ ශාසනය, භික්ෂූන් වහන්සේ නමක් වුනහම තියෙන්න ඕනේ. ඉතින් ඒ ටික අපි මතුකරන්න ඕනේ. මතුකළාට පස්සේ අපිට පෙන්නන්න පුලුවන්, “මෙන්න ඒ ශක්තිය” ඉතින් ලෝකයා සිහි කරන්නේ, මානසික පර්යේෂණ කරන ලෝකයා හුඟාක් දුරට කැමතියි ඒ පැත්තට. ඒකෙන් තමයි අල්ලන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ, ඒක හැටියක් මයි. (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ දැන් අර තියෙන දෘෂ්ඨි කඩන්න නම් අනිවාර්‍යයෙන් ප්‍රාතිහාර්‍යය පෑමක්… (ස්වාමීන් වහන්සේ): ඒ තත්වය තියෙන්නම ඕනේ, ඒකයි කියන්නේ.
ඉතින් ඇත්ත වශයෙන් ඒක එක පැත්තක්, අනික් කාරණය අපි දැන් මේ දේශනාව දැන් අර ඥාණවන්තයින්ට, නැත්නම් ඒ ප්‍රගුණ කරන විද්‍යාලාභීන්ට මේක වැදගත් දෙයක්. දැන් අපි මේ දේශනා කරන කවි රටාවල්, මේවා වෙන්නේ කොහොමද? ඒක මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන්ද? ඒක ඥාණයක් නැතුව වෙන මේ “ආවේශය” කියන ඒවා ගණං ගන්නේ නෑ නේ ඒගොල්ලෝ කොහොමත්. මිනිස් මනස දෙවෙනි කරපු කෙනෙක් ඉන්නවා නම්, මහා අපරාධයක් ඒකත්. දැන් අද වෙලා තියෙන්නේ, අපේ මේ බෞද්ධ පිරිසත් සමහර වෙලාවට, “මේක ආවේශයකින් කරනවාද, අරක මේකද…” කියලා මේ මිනිස් මනස දෙවෙනි කරලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මිනිස් මනස පළවෙනි කරලා දේශනා කරපු මේ දේශනාවල් පැත්තකට දාලා, (ශ්‍රාවක මහතෙක් යමක් කියයි, පැහැදිලි නැත)... ආ, ඒක වත් පැත්තකට දාලා මේ වෙන එකක් ලොකු කරන්න හදනවා නේ මේ මිනිස්සු තවමත් මේ ඉඳගෙන… ඉතින් කොයි තරම් වැරදිද?
අනික් කාරණේ, අපි හොඳට පැහැදිලිව පෙන්වනවා ඒ ජාතියේ එකක් නෙමෙයි කියලා. (ශ්‍රාවක මහතෙක්): තව තවත් මේ පුද්ගලයෝ අකුසල් කරගන්නවා නේ… (ස්වාමීන් වහන්සේ): ඒකනේ කියන්නේ… ඔවු ඉතින්, යථාර්තයෙන් බැලුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ…. (ශ්‍රාවක මහතෙක්): ක්‍රමානුකූලව මතුවෙයි නේද ? (ස්වාමීන් වහන්සේ): වෙනවා වෙනවා! ඉතින් ඒක අපි නෑ කියන්නේ නෑ. ඉතින් මොකද ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝක පරිවර්තනයක් කරන්න තියෙන වෙලාවක් තියෙන්නේ. ලෝකයේ අපිට නොපෙනෙන බලවේගයක් තියෙනවා, මොකද මේක එකතරා, “කිරණ” කියන්නේ කාන්දම් ශක්තියක්. මේ නරක කාන්දම් ශක්තියක් තියෙනවා නම් මේ දුශ්චරිතයට පහල වෙච්ච, ඒක අපේ පැත්තට විරුද්ධයි. ඒක හැමවෙලේම ප්‍රතිචාර දක්වන්නේ අපිට විරුද්ධව, ධර්මයට විරුද්ධව, අධර්මයේ කාන්දම.
“ධර්මයේ කාන්දම” බලවත් කරලා ඕනේ “අධර්මයේ කාන්දම” පසුබාන්න. ඉතින්, අධර්මයේ කාන්දම පසුබෑම පළවෙනියෙන්ම කරන කෙනාටයි අමාරුව. ඊට පස්සේ අනික් අයට ලේසියි. මොකද, විශ්වයම අපිට විරුද්ධව නැගීහිටිනවා. එක්කෙනෙක් නෙමෙයි, පෙනෙන ලෝකයේ විතරක් නෙමෙයි, නොපෙනෙන ලෝකයේත් නැගීහිටිනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින්, ඒ හැම කෙනාගෙන්ම විහිදුවන චිත්ත බලවේග ඔක්කොම මේ විෂ කාන්දමක්, විරුද්ධ කාන්දමක්. ඒක අපි ආපහු හරවන්න අපි මහා බලවත් වෙන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක්): ඕකට ස්වාමීන් වහන්ස, මම නම් දකින හොඳම දෙයක් තමයි දැන් මේ ධර්මය අහලා මාර්ග ඵල වලට යන්න පුලුවන් අය ඉන්නවා නේ, ඒගොල්ලෝ ඉක්මණින් ඉක්මණින් ඒ මාර්ග ඵල වලට යන්න ඕනේ.. (ස්වාමීන් වහන්සේ): ඒකයි කිවුවේ, හැම කෙනෙක්ම අනික් වැඩ ඔක්කෝම පැත්තකින් තියලා පුලුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ධ්‍යාන ලාභී වෙන්න….
(පටිගත වී ඇති පරිදි දේශනාවේ සුළු කොටසක් මඟහැරී ගොස් ඇත)….
{01:31:04} : සිවුපිළිසිඹියාවේ පුංචිම තැන දස කුසල්, අකුසල් හඳුනාගත හැකි වීමයි
(ශ්‍රාවක මහතෙක්): …. (ප්‍රශ්නයක් අසයි)….. ඥාණ …. කියලා දැන් අපි අදහස් කරන දේවල් හාමුදුරුවනේ, දැන් තමන්ගේ මට්ටමෙන් දැන් කෙනෙකුට ලැබෙනවයි කියමුකෝ, ලැබෙන අවස්ථාවේ හාමුදුරුවනේ, දැන් අපි හිතමුකෝ නිරුක්ති පටිසම්භිදා ඥාණය කියලා, ඒක හාමුදුරුවනේ එක යම්කිසි කොටසක් ද ලැබෙන්නේ, ලැබෙනවා නම් …. නැත්තම් සියල්ලම ලැබෙනවාද?
(ස්වාමීන් වහන්සේ): නෑ නෑ නෑ, ඔක්කොම ලැබෙන්නේ නෑ. ඔක්කෝම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට. සිවු පිළිසිඹියාවෙන් සර්ව සම්පූර්ණ බුදුරජාණන් වහන්සේයි. රහතුන් වහන්සේලාට තියෙන්නේ ශ්‍රාවක මට්ටමෙන්. ශ්‍රාවක මට්ටමේ ඥාණය. එතකොට, ශ්‍රාවක මට්ටමේ ඥාණයෙනුත් පල්ලෙහාට පල්ලෙහාට ඉන්න අයට ඒ ඒ මට්ටම්. ඔක්කෝටම සමාන නෑ.
සිවු පිළිසිඹියාව, අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන, (ශ්‍රාවක මහතෙක්): එතකොට ඒ අයට පුලුවන් ඇති අනාගතය කියන්න? (ස්වාමීන් වහන්සේ): නෑ, අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන තමයි පුංචි ඥාණයේ ඉඳලාම තියෙන්නේ. ඉස්සෙල්ලාම පුංචිම අර්ථ-ධර්ම දෙක මොකද්ද? දස අකුසලය අකුසලය හැටියට දැනගන්න පුලුවන්, දස කුසලය කුසලය හැටියට දැනගන්න පුලුවන්. මේ දෙක තමයි ඉස්සෙල්ලාම තියෙන අර්ථ-ධර්ම දෙක. අර්ථයයි, ධර්මයයි, අනර්ථයයි, අධර්මයයි. දස අකුසලය අනර්ථයක්, අධර්මයක්. දස කුසළය අර්ථයක්, ධර්මයක්. දැන් ඕක දැනගන්න පුලුවන් කෙනාටත් තියෙනවා අර්ථ පටිසම්භිදා ඥාණයයි, ධර්ම පටිසම්භිදා ඥාණයයි. පුංචිම අවස්ථාව. දැන් ඕක සාමාන්‍ය මනුස්සයාටත් ඔය ඥාණ දෙක ලබාගන්න පුලුවන් මොළයක් තියෙනවා නම්, නුවණක් තියෙනවා නම්.
ඉතින් එතකොට, ඒ ඒ කාරණය මතුවෙච්චි වෙලාවෙදී, මේක මේ මේ ආකාරයෙන් අකුසලයක්, “මේක ප්‍රාණ ඝාත අකුසලයක්, මේක අදත්තාදාන අකුසලයක්, මේක කාම මිත්‍යාචාර අකුසලයක්”, මෙහෙම විග්‍රහ කරගන්න පුලුවන් නම්, ඒකත් එක නිරුක්ති ඥාණයක්. ඉතින්, ඒක කියන්න පුලුවන් නම් විග්‍රහ කරලා, පටිසම්භිදා ඥාණයක්. එයාටත් සිවු පිළිසිඹියාවක් තියෙනවා. ඒ සිවු පිළිසිඹියාවේ ඉතාම පල්ලෙහා තැන තමයි ඔතන. ඔවු, ප්‍රාථමික අවස්ථාව ඒකයි. දස අකුසල් පිළිබඳව, දස කුසල් පිළිබඳව දැකගන්න සහ විග්‍රහ කරන්න පුලුවන් නුවණ. ඒකෙම වැඩිවුනු අවස්ථාව තමයි මුලු ලෝකයම දැනගන්න පුලුවන් වුනු බුදුරජාණන් වහන්සේ, සර්වඥ ඥාණය.
(ශ්‍රාවක මහතෙක්): මහරහතන් වහන්සේට බැරිද අනාගතය දකින්න එහෙම? (ස්වාමීන් වහන්සේ): එහෙම බෑ, දැන් ශුෂ්ක විදර්ශක, ප්‍රඥා විමුක්ත කෙනා ඉන්නවා, එතකොට ඒගොල්ලන්ගේ අභිඥාලාභී නැති අයට ඒ ඥාණය නෑ.
{01:33:07} : පශ්චිම භවික චිත්තයෙන් සසර කෙළවර කරන හැටි…
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, දැන් අර සෝවාන් …. (පැහැදිලි නැත) … කතාවේදී තියෙනවානේ භවාග්‍රයේදී පිරිනිවන් පාන්නේ නෑ කියලා කතාවක්. එතනදී කොහොමද භවය අවසන් වෙන්නේ? (ස්වාමීන් වහන්සේ): භවය අවසන් වෙන්නේ අන්තිම චිත්තය පහල වෙලා. අන්තිම චිත්තය කියන එක, මේ “පිරි නිවන්” කියන්නේ අංග සම්පූර්ණයෙන්ම කෙළෙසුන්ගෙන් ඉවර වෙලා නෑ. කෙළෙස් තියෙනවා. හැබැයි, කෙළෙස් තිබුණාට එයින් එහාට යන්න අවශ්‍යය කරන සංඛාර නෑ. “උප්පත්ති පටිලාභී සංඛාර” සහ “භව පටිලාභී සංඛාර” දෙකක්. උප්පත්ති පටිලාභී කියන්නේ උපතක් ගෙනත් දෙන්න පුලුවන් ඒවා.
දැන් උප්පත්ති පටිලාභී සංඛාර කෙළවර යි නේවසංඥානාසංඥායතනයේදී “පශ්චිම භවික” පුදගලයාට. භව පටිලාභයේ කෙළවර නෑ. හැබැයි භව පටිලාභයේ යන්න පුලුවන් අන්තිම හරියට ගියා, භවාග්‍රයට ගියා, ගිහිල්ලා ඉවරයි. එයින් එහාට භවයේ ජීවත් වෙන්න තැනක් නෑ. එයින් එහාට පවත්වන්න උප්පත්තියක් ගෙනදෙන්න ඕනේ එහෙමනම් ආයි ගෙන්නලා. උප්පත්ති පටිලාභය ඉවරයි. භව පටිලාභයේ කෙළවරට ගියා. ඉතින් භවයේ, එතකොට භව පටිලාභය ඉතුරු වෙලා තියෙද්දී තමයි අන්තිම චිත්තය පහල වෙන්නේ, ඕකට කියනවා “පශ්චිම භවික චිත්තය”. ඒක සම්පූර්ණම භව පටිලාභය තියෙනකන්ම එයා තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් ඉවත් නෑ. අරූප තණ්හාවේ කොටසක් තියෙනවා ඉතුරු වෙලා. නමුත් ඒකට එන්න විදිහක් නෑ, ප්‍රත්‍යය නෑ. ඒ නිසා එයා එතනින් කෙළවර කරනවා, ගමන කෙළවර කරනවා. එයාට කියනවා “පශ්චිම භවික චිත්තයෙන් සසර ගමන කෙළවර කරන කෙනා”.
එතකොට භව පටිලාභී සංයෝජනයි, උප්පත්ති පටිලාභී සංයෝජනයි දෙකම ඉවර කරපු කෙනා පිරිනිවන්පානවා. ඒ වෙනස, පිරිනිවන්පාපු කෙනාට අන්තිම ප්‍රතිඵලය, භව ගමන ඉවරයි. එතකොට ඒ වගේම පශ්චිම භවිකයාගේ අන්තිම ප්‍රතිඵලයත්, භව ගමන ඉවරයි. ප්‍රතිඵල දෙක හරි. හැබැයි, අන්තිම චිත්තයේ වෙනසක් තියෙනවා. අරිහතුන් වහන්සේ පිරිනිවන් පාන අන්තිම චිත්තයේ කෙළෙස් මාත්‍රයක් වත් නෑ. (ශ්‍රාවක මහතෙක්): ඕක ස්වාමීන් වහන්ස, කොහේ හරි ධර්මයේ සඳහන් වෙනවාද? (ස්වාමීන් වහන්සේ): ධර්මයේ තියෙනවා ඉතින්, ධර්මයේ තියෙන ඒවා හැඟවිලා තියෙන්නේ.
{01:34:47} : නිවන් සැප යනු විඳීමේ සැපයක් නොවේ, විඳීමෙන් මිදීමේ සැපයයි
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන් වහන්ස, දැන් නිවනේ සැප විඳීමේදී ඒක පොඩ්ඩක් විස්තර කරොත් එහෙම… (ස්වාමීන් වහන්සේ): දැන් “නිවනේ සැප” කියලා කියන්නේ අත්හැරීමෙන් ලබන්නාවූ විවේකය. ඒ කිවුවේ විඳින සැප නෙමෙයි. විඳින සැප චේතනා සම්බන්ධයි. ඒ වගේම වේදනා චෛතසිකය සම්බන්ධයි. වේදනා චෛතසිකයත් එක්ක සම්බන්ධ එකක් නෙමෙයි නිවන් සුවය කියන්නේ. “විඳීමෙන් මිදීම” ඒකෙන් ලබන නිදහස් සුවය. නිදහස් සුවයට චේතනා සම්බන්ධයක් නෑ. දැන් නිවන් සුවයට චේතනා සම්බන්ධයක් නෑ. භව සුවයට චේතනා සම්බන්ධයක් තියෙනවා, භවයේ ප්‍රිය මනාප දේට.
(ශ්‍රාවක මහතෙක්): එතකොට දැන් ලෞකික ධ්‍යාන වඩපු එක්කෙනා ඔය විදිහටම තලයෙන් තලයට ගිහිලලා, අන්තිමට භවාග්‍රයට ගිහිල්ලා ආපහු එන්න පුලුවන්ද? (ස්වාමීන් වහන්සේ): එයාට එන්න පුලුවන්. එහෙම යනවා, මොකද එයා උප්පත්ති පටිලාභය සංයෝජනය කෙළවර කරලා නෑ නේ, ඒවා එහෙම්මම නේ.
{01:35:30} : මිනිසත්ව දහම් ප්‍රගුණ කළොත්, තිරිසන් වුනත් වැඩි දුර යන්නේ නෑ
(ශ්‍රාවක මහතෙක්): ස්වාමීන්වහන්ස, දැන් ඔය තිරිසන් ආත්මභාව වලදී පිං ගැනීම කිසිසේත්ම කරගන්න බැරි අවස්ථාවල් තියෙනවාද? (ස්වාමීන් වහන්සේ): ඉතින් ඒකත් යන්නේ අර ක්‍රමයටමයි. මනුස්සයෙක් වෙලා ප්‍රගුණ කරගත්ත දෙයක් තිබුණොත් ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට දඬු වැල් බෑ මීයක් පූජා කරලත් දෙවු ලොවට ගියා එයා (ධර්මයේ සඳහන් වඳුරෙක් දන් පූජා කිරීමක් අරමුණු කරමින්) මැරිලා. පාරිලෙය්‍ය ඇතා ඇප උපස්ථන කරලත් මැරිලා දෙවියෙක් වුනා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා වුනෙත් බණ අහ අහා ඉන්න අවස්ථාවේ මැරිලා දෙවියෙක් වුනා. එතකොට, ඒ බණ අහලා ගත්ත කුසලය නේ එතන නැගිලා ආවේ.
එතකොට, නමුත් ඒ සියලු මැඩියන්ට බණ අහන්නත් බෑ. සියලු කිරි වවුලන්ට බණ අහන්නත් බෑ, සියලු මුවන්ට බණ අහන්නත් බෑ, සසර පුරුදු කරගෙන ආවා නම් මනුස්සයෙක් වෙලා ඉඳගෙන ධර්මශ්‍රවණය කිරීමේ පුරුද්ද, ආවා නම්, එතකොට යම්කිසි ප්‍රමාද දෝෂයක් නිසා ලැබූ සංසාරයේ කරනලද පාපයකින් එයා තිරිසනෙක් වෙලා උපදින්න පුලුවන්. පෘතග්ජන පුද්ගලයාගේ උප්පත්තිය විශ්වාස කරන්න බෑ කොතන යයිද කියලා. නමුත්, එතෙන්ට ගියත්, අර සසරෙදී ගෙනාපු පුරුදු එතනින් ක්‍රියාත්මක වෙනවා.
(ශ්‍රාවක මහතෙක්): එතකොට, අපි වුනත් බයවෙන්න ඕනේ නෑ, සතෙක් වුනත්… (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, සතෙක් වුනත් වැඩිදුර යන්නේ නෑ, ආපහු එනවා, ඒකයි. ඔවු ප්‍රගුණතාවය, දහම් ප්‍රගුණතාවය ඒකට වැදගත් දෙයක්. ධර්මශ්‍රවණය කරන, සාසනය ඇතුල් කරන අයට, තිරිසනෙක් වුනත් වැඩි දුර යන්නේ නෑ, අත් බැවයි, දෙකයි, ආපහු එනවා. මිත්‍යා දෘෂ්ඨිකයෙක් ගියොත් තමයි බේරන්න බැරි. එයා කෙළවර, අන්තිම සූක්ෂමයට ගිහිල්ලා, කල්ප විනාශය වෙනකන් වත් එයාට ආයි එන්න බෑ, මගක් පෑදෙන්නේ නෑ. (ශ්‍රාවක මහතෙක්) : දැන් බෞද්ධයෙක් මේ විදිහට යනකොටත්, එයා යන්නේ නෑ නේ මිත්‍යාදෘෂ්ඨික වෙලා. (ස්වාමීන් වහන්සේ): ඔවු, අන්න ඒකයි කියන්නේ.
{01:36:52} : පිං අනුමෝදන් වීමේ හැකියාව ඥාති සම්බන්ධය මත බලපානවා
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත, ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, ඔවු ඉතින් ඒකත් ඒ වගේ සම්බන්ධතාවයක්. මොකද, යම්කිසි අයට පුලුවන් උපක්‍රමශීලීව, ඒ කියන්නේ, ඒකට කියන්නේ “ප්‍රයෝග සම්මත්තිය” ක්‍රියාත්මක කරන්න පුලුවන්. දැන් තාත්තා පුතාලට කන්න දීලා තියෙනවා නම්, පුතාලගෙන් තාත්තාට යමක් ලබන්න අයිතියක් තියෙනවා. පුතා දෙන පින තාත්තාට ලබන්නා අයිතියක් තියෙනවා. ඒකනේ ඥාතියෙක් මැරුණහම ඥාතියෙක් පිං දෙන්න කියන්නේ.
දැන් අර බිම්බිසාර රජ්ජුරුවෝ ඒ කාලේ ඥාතියෙක් වෙලා කන්න බොන්න දීපු උදවුව තිබිච්ච නිසා තමයි බිම්බිසාර රජ්ජුරුවෝ දෙන පින ලබන්න පුලුවන්කම තිබුණේ අර ප්‍රේත රැලට. ඒකයි ඒ. (ශ්‍රාවක මහතෙක්): ඒ වුනාට ඒ කතාව පොඩ්ඩක් කියනවාද ස්වාමීන් වහන්ස…. (ස්වාමීන් වහන්සේ): කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේදී, උන්වහන්සේට දානේ ගෙනියන පිරිසට, “ඔවුන්ට දන් දෙන්න එපා, ඕක අපිට දියල්ලා!” කියලා බලෙන් උදුරාගෙන කෑවා, අතරමග පිරිසක්. ඒ කියන්නේ, “ඔවුන්ට දන් දෙන්න ඕනේ නෑ බොරුවට, ඔය මුඩු මහණන්ට දන් දෙන්න එපා!” කියලා ඒවා බලෙන් උදුරාගෙන කෑවා. ඉතින් ඒ කාපු විපාකයට තමයි ඒ කාලේ ප්‍රේතයෝ වුනේ. ඉතින්, ප්‍රේතයෝ වුනාට පස්සේ තමයි දන්නේ, “අපි මේකේ වැටුනානේ, මේ මහා විනාසයට වැටුනා නේ, අපි දැන් දුක්ඛිත බවට පත්වුනා නේ” කියලා. ඊට පස්සේ පිළිසරණ හොයාගෙන උනවහන්සේ ලඟට ගියා.
කර්ම ශක්තිය බලවත් වැඩියි, දෙන එක ලබන්න බෑ. ඒ නිසා කිවුවා, “මතු කෝණාගමන කියලා බුදුවරයෙක් පහල වෙනවා, ඒ කාලෙට පෙනී සිටින්න” කියලා. ඒ කාලෙ වුනත් අර කර්මය බලවත් වැඩියි. ඉතින්, “මතු කාශ්‍යප නමින් බුදුවරයෙක් පහල වෙනවා, ඒ කාලෙදී පෙනී සිටින්න” ඉතින් ඒත් පෙනී සිටියා, එතෙනදී කියනවා, “මතු ගෞතම නමින් බුදුවරයෙක් පහල වෙනවා, අන්න ඒ කාලේ පෙනී සිටින්න” “අනේ ස්වාමීනි, කකුසඳ බුදුන්ගේ කාලෙත් අපි මෙහෙම කිවුවා, අපිට ඔය ටිකමයි කිවුවේ, කෝණාගමන කියලා බුදුවරයෙක් පහල වුනා, උන්වහන්සෙට කිවුවහමත් කිවුවා, මතු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හම්බවෙන්න කියලා. දැන් ඔබවහන්සේත් කියනවා මතු ගෞතම බුදුන් වහන්සේ කියලා, අපි කවද්ද මිදෙන්නේ අපි?” ඒ වෙලාවේ ස්ථිර කරලම පෙන්නුවා, “අන්න ඒ කාලෙට උඹලාගෙම නෑදෑයෙක් ඒ කාලෙට බිම්බිසාර නමින් උපදිනවා රජ වෙලා. අන්න ඒ රජ්ජුරුවන්ට ගිහින් පෙනීහිටපල්ලා. ඒ රජ්ජුරුවෝ මගින් දෙන දානයේ ආනිසංසය උඹලාට ගන්න පුලුවන්” මොකද හේතුව? එදා නෑදෑකමින් තමන්ට තිබිච්ච සම්බන්ධය. ඉතින් ඥාති සම්බන්ධයක් ඕනේ කිවුවේ ඒකයි.
මොකද, අපි ගණුදෙනුවක් කරලා තියෙනවා. දරුවන්ට කන්න බොන්න දීලා තියෙනවා. එහෙනම්, දරුවා දෙන දේ ලබන්න ඒ පියා කොච්චර අසත්පුරුෂයෙක් වුනත් හිමිකමක් ලබලා ඉන්නවා. ඒ නිසා, එයා අතරමං වෙච්චි වෙලාවක දරුවාට පුලුවන්, දෙන පින එයා වෙනුවෙන් යොමුකරන්න, හිමිකම් තියෙනවා. (ශ්‍රාවක මහතෙක්): ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්ස, මේ සංසාරෙ ඉන්න ඔක්කොටම එහෙම හිමිකමක් තියෙන්න ඕනේ, නේද? (ස්වාමීන් වහන්සේ): ඇයි ඉතින්, අපි ගණුදෙනුවෙන් ගෙවලා ඉවරවුනාට පස්සේ ? කල්ප 61ක් ඇතුළත, අපි කරපු මෙච්චර කල් ඈත ගණුදෙනු ඔක්කොම කවදා හරි පියවලා ඉවරයි. (ශ්‍රාවක මහතෙක්): 91ක් ද 61ක් ද? (ස්වාමීන් වහන්සේ) : 61ක්, ඔවු, කල්ප 61ක් මට මතක හැටියට, 91 කල්පයක් කියලා තියෙන තැනකුත් තියෙනවා, 61 කල්පයක් තමයි ඒකේ තිබුණේ විස්තර කරලා. කොයි ක්‍රමෙන් හරි, ඒ කාලේ යනකොට, එයින් එහා ඒවා කවදා හරි අපි මේ සසරේ හමුවෙලා, ගණු දෙනු කරලා, ඒවා පියවලා ඉවරයි. ඒ ඥාති හිතෛශිකම තිබුණට, ගණුදෙනුව ඉතුරු වෙලා තියෙන්නේ එයින් මෙහා හරියේ. (ශ්‍රාවක මහතෙක්): කර්ම භවයේ කල්ප 61ක ශක්තියක් ඉතුරු වෙලා තියෙනවා, පින හෝ පව? (ස්වාමීන් වහන්සේ): ඔවු, පොඩි දුරක් නෙමෙයිනේ.
{01:39:32} : තමන්ගෙ අය ගැන තියෙන ඇල්ම ඇත්තම දයානුකම්පාවද?
(ශ්‍රාවක මහතෙක්): දැන් හාමුදුරුවනේ, උප්පත්තියෙන් දෙමවුපියෝ පවා එච්චර සම්බන්ධයක් නැතුව තියෙන්නේ, මේ ගණුදෙනු හුඟාක් දුරට අඩු කරපු අයගෙන්ද? (ස්වාමීන් වහන්සේ): නෑ, ගණුදෙනුව අනුවම තමයි පුද්ගලයෙකුට මේ ලෝක සම්මත කරුණාව හැදෙන්නේ. ලෝක සම්මත මෛත්‍රියක්, කරුණාවක් කියලා එකක් එනවා, “අනුකම්පාවක්” කියලා එකක්. ඒක අනුකම්පාවක් නෙමෙයි, අනුකම්පාවක වේශයෙන් එන්නාවූ තමාගේ හිමිකමක්. දැන් අපි යමෙකුට යමක් දෙන්න තියෙනවා නම්, දීලා ඉවරවෙනකන්ම ඔහුට ඔහු කෙරෙහි උණුවීම ඇරෙන්නේ නෑ. කොච්චර වැරදි වැඩ කළත් ඔහුට දෙන්න හිතෙනවා. එහෙම දීලා ඉවරනම්, කොච්චර කළත් අර උණුවීම එන්නේ නෑ, දෙන්න හිතෙන්නේ නෑ.
දැන් සමහර පවුල් වල ඉන්නවා, එකෙක් උපදිනවා අරන් යන්න ඇවිදිල්ලා, ණය ගන්න ආපු එකා. ඒකා බාලයා. ඌගේ තියෙන දහ වැඩ ඔක්කෝම කරලා, ගහලා මරන්න හදලා හරි කමක් නෑ, තියෙන ඒවා ඔක්කෝම අරන් යනවා, ඌ විනාස කරනවා, ඌ මහා කාලකන්නියෙක් වෙලා. හැබැයි අම්මා තාත්තලට කොච්චර කිවුවා වුනත් පෙන්නන්නේ, “පොඩි එකානේ, ඒකාට දෙන්නම ඕනෑ, කවුද කරන්න ඉන්නේ අපි නැත්තම්?” කොච්චර බැන්නත්, අන්න ඔක්කෝම ඇඟෑලුම් කරලා ගෙනත් දෙන එක්කෙනෙක් නැහැ, දෙන්න ආපු එක්කෙනාට. එයා කොච්චර දුන්නත්, “ඕකාට බැලුවහැකි, මොකෝ හන්දි කැඩිලා යෑ, ඌට බැරුවැයි ඕක දෙන්න?” එයාගේ ලෙඩ වුනත් බලන්නේ නෑ, මොනවා වුනත් බලන්නේ නෑ, බලන්න හිතෙන්නේ නෑ. දැන් මේක “අනුකම්පාව” නෙමෙයි.
දැන් සතුන්ට තියෙනවා, තමන්ගේ පැටියා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන ආදරයක්. හැබැයි ඒක “දයානුකම්පාව” නෙමෙයි. ඕක තමයි කර්ම ශක්තියේ සම්බන්ධය, හිමිකම. ඔය හිමිකමට නෙමෙයි දයානුකම්පාව කියන්නේ. දයානුකම්පාව ඔයිට හාත්පසින් වෙනස් එකක්. කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් උදෙසා නෙමෙයි, මමත්වයක් උදෙසා නෙමෙයි දයානුකම්පාව. (ශ්‍රාවක මහතෙක්): මගේ කියලා, ඒ මගේ කරගත්තොත් ගණුදෙනුවක් වෙනවා? (ස්වාමීන් වහන්සේ): ආන්න, ඒ “මගේ” කියන්නේ ගණුදෙනුවත් එක්ක තියෙන සම්බන්ධය. ගණුදෙනු සම්බන්ධයෙන් තියෙන ඇලුම් කිරීම, දැන් භාර්යාව ස්වාමි පුරුෂයාට තියෙන ඇලුම් කිරීම, ස්වාමි පුරුෂයා භාර්යාවට තියෙන ඇලුම් කිරීම, දරුවන්ට දෙමවුපියෝ විදිහට ඇලුම් කිරීම, දෙමවුපියන්ට දරුවන් තියෙන ඇලුම් කිරීම කියන ඒවා ඔක්කොම සසර සම්බන්ධයක්, ගණුදෙනුව. ඒවා අනුකම්පාව, දයානුකම්පාව නෙමෙයි, ඒකයි කාරණය. දයානුකම්පාව කියන එක පොදුයි. ඒකෙදී කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලන්නේ නැති, ලෝක සත්වයාගේ දුක දැකලා ඇතිවෙන්නාවූ මෛත්‍රී, කරුණා ගැඟීම.
{01:41:26} : තමන්ගේ අයට දීමයි, පිනට දන් දීමයි පටලවාගන්නත් එපා
(ශ්‍රාවක මහතෙක්): ඒකියන්නේ ස්වාමීන් වහන්ස, දැන් මෙහෙම කිවුවොත් හරියයිද? දැන් අපිට කියලා ගෙයක් හදාගන්නවට වැඩිය හැමෝටම කියලා බස් හෝල්ට් එකක් හදන එකේ පින වැඩි වෙන්න ඕනේ. (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් අපිට කියලා හදාගන්න එකේ, අපේ මමත්වයෙන් කරගන්න එකක්. පරෝපකාරයට කරන එක, ඒක පින. දැන් අපි හිතමුකෝ, දැන් මෙහෙම දෙයක් තියෙනවා. අර, එක අවස්ථාවක, එක මනුස්සයෙක් පෙරේතයෙක් වුනා. පෙරේතයෙක් වුනාට පස්සේ, පෙරේතයා වෙලා කන්න දෙයක් නෑ, ඔහුට එක දෙයක් මතු වුනා, උක් වනාන්තරයක්. පිටිපස්සට පේනවා උක් පුරුක් වනාන්තරයක්. වෙන මොකුත් කන්න දෙයක් පේන්නේ නෑ, පෙරේත ආත්මෙට ලබලා හිටපු හැටි. ඒ පැත්තට දුවගෙන යනකොට, ඒක අනික් පැත්තේ පේනවා, පිටිපස්සෙන්. දැන් මෙයා දෙපැත්තට දුවලා දුවලා බලනකොට, මෙයාට අත්දැකීමක් හම්බවුනා. දැන් පිටිපස්සෙන් පේන එකට, ඒ පැත්ත බැලුවහම අනික් පැත්තෙන් පේන්නේ. පිටිපස්සටම ගිහින් අල්ලාගත්තම අහු වෙනවා උක් ගහ. කඩලා අරගෙන ගන්නවා ඉස්සරහට, අරන් කනවා.
ඒ ඒකත් කර්ම ශක්තියෙන්ම නිපදවෙච්චි කර්ම උක් වනාන්තරයක්. ඒකයි පහල වුනේ. මෙන්න මේ වෙලාවෙදී මොකද කරන්නේ? අර කියන කර්මජ උක් වනාන්තරය මෙයාට පහලවුන ක්‍රමයක් තිබුණා. මොකද, මෙයා ජීවිතේටවත් දානයක් දුන්න කෙනෙක් නෙමෙයි ඉන්නකන්. මෙයා උක් පුරුක් අරගෙන, හකුරු හදලා ජීවත් වෙච්ච මනුස්සයෙක්. උක් පුරුක් මිටියක් අරගෙන යනකොට, ළමයෙක් පස්සෙන් පන්න පන්නා, අඬ අඬා උක් පුරුක් කෑල්ලක් ඉල්ලාගෙන එනවාලු. “මේකාගෙ කරදරෙන් බේරෙන්න බෑ” කියලා උක් පුරුක් කෑල්ලක් අර මිටියෙන් ඇදලා අරන්, පිටිපස්සට වීසි කරලා යන්න ගියාලු. ඔන්න ඔච්චරයි එයා දානයක් දුන්න එකකට එයාට පිනක් තිබුණේ. ඒ පිනට තමයි, පෙරේතයා වෙලා, පිටිපස්සට පේන උක් වනාන්තරයක් මැවුනේ.
දැන් එතකොට මේකේ වැදගත් දෙයක් තියෙනවා. එයා ඉතින්, ඒ පවුලේ ජීවත් වෙච්ච දරුවන්ට කන්න දුන්නේ නැද්ද? ඉතින් කෝ ඒවාට පිං හම්බවුනා? “ඒ මගේ උන්ටනේ” මමත්වයට කන්න දුන්න එකට පිං නෑ. (ශ්‍රාවක මහතෙක්): අතන මමත්වය නෑ නේ. (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි, ගණුදෙනුව තියෙනවා, අන්න ඒකයි කියන්නේ වෙනස. එහෙනම්, අපි කරපු පිනට විපාකයක් එන්න බලවත් වුනේ මොකද්ද? තමන්ගේ නොවන අදහසින් දීපු එක, පිටිපස්සට වීසි කරපු එකට පිටිපස්සට කන්න හරි හම්බවුනා. මගේ හින්දා කරන එකට පිනට නෙමෙයි කරන්නේ. එතෙනදී ඒ දීම, දීමක් තමයි, දීමට ලැබීමක් තියෙනවා ඔවුන්ගෙන්, හැබැයි ඒක අර පින කියන එක අර උසස්වෙන්න, ලැබීමට බලපාන්නේ නෑ.
{01:43:17} : දන් දෙන විදිහ අනුව ලැබීම වෙනස් වෙන හැටි…
(ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ හාමුදුරුවනේ දැන්, දානය කියන එකත් අත්හැරීමට දානේ දෙන එක වෙනයි, පිං බලාපොරොත්තුවෙන් දෙනවා නම් වෙනයි. (ස්වාමීන් වහන්සේ): ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. දැන් පිං බලාපොරොත්තුවෙන් නමුත් තියෙන එක දීමක් තියෙනවා නම්, ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. හැබැයි ඒවා ලෞකිකයි, හීනයි. ඒ හීන ඒවායේ ස්වභාවය මොකද්ද, ඒකට අනුව ඒ දේ ලැබීම හීන වුනත් ඒකේ ස්වභාවය. දුන්න දේ ලැබෙනවා. ඒක ලැබීම තියෙනවා. නමුත් ඒක “මහත්” බවට පත්වෙන්නේ පුද්ගල ගුණ මහත්වය සළකලා දීමෙන්. ඒක අප්‍රමාණයි, ඒක සීමා කරන්න බෑ. ඒ පින් ඵලය ඉවරවෙන්නේ නෑ. ඒක තමයි “සාසනික පිං” කියන්නේ. ඒක වෙනයි.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, දැන් යම් දෙයක් උපේක්ෂාවෙන් දුන්නොත් එහෙම, දැන් කාටහරි උදවුවක් කලොත් එහෙම, ආපහු ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව? (ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැතුව දෙන්නත් පුලුවන් කෙනෙකුට. එතකොට ඒ පුද්ගලයා දුන්නේ, එතකොට එයාගේ දෘෂ්ඨිගත තත්වය බලන්න ඕනේ. එයා පින් ඵල දැනගෙන දුන්නද? පින් ඵලයක් නැතුව දුන්නද? අන්න ඒකයි, ඒකට හේතුවක් තියෙන්න ඕනේ. එතකොට, යම්කිසි කෙනෙකුට පුලුවන් නිකමට දෙන්න. “ඉතින් මං ඔය දෙන හින්දා දෙනවා” එහෙමත් දෙන්න පුලුවන්. ඒකත් දීමක් තමයි, හැබැයි ඥාණ සම්ප්‍රයුක්ත නෑ. (ශ්‍රාවක මහතෙක්): එහෙම දෙද්දී ස්වාමීන් වහන්ස, දැන් මේ දෙන එකෙන් ආපහු ගණු දෙනුවක් ඇතිවෙනවා නේ, එතකොට ඊට වඩා උපේක්ෂාව හොඳයිනේ කියලා වගේ දුන්නොත්?
(ස්වාමීන් වහන්සේ): නෑ මෙහෙමයි, දෙන දෙයින් ගණු දෙනුවක් ඇතිවීම ගැන අපිට දකින්න තියෙන්නේ මෙහෙමයි. දෙන දෙයකින් පුද්ගලයා කෙරෙහි බැඳීම ලෝබ, ද්වේශ, මෝහයන්ට සම්බන්ධයි, රාග – ද්වේශ – මෝහයන්ට. දෙන දෙයක් නිසා ලැබීම කියන එක පින් ඵලයක් වශයෙන් සම්බන්ධයි. පින් ඵලය කියන එක කවදාවත් ආර්ය මාර්ගයට බාදකයක් නෙමෙයි. දැන් යම් කෙනෙක් හිතනවා නම් පින් ඵලය ආර්ය මාර්ගයට බාදකයක් කියලා, ඒකත් දෘෂ්ඨියක්. “මා භික්කවේ පුඤ්ඤත්තං භාවිත්ත” – මහණෙනි, පිනට බිය වෙන්න එපා. “සුඛං සේතං භික්ඛවේ අධිවචනං පුඤ්ඤංති” – මේ සුඛයට කියන තව නමක් මේ පින කියන්නේ. “සුඛං ගබ්බං ගණ්හන්තං, ත්‍රිවිධං සමාධිං පරිපූරෙන්ති” – මේ සුඛය ගැබ් ගත් කල්හි ත්‍රිවිධ සමාධිය පූර්ණ වෙනවා. ඒ නිසා, යම්කිසි කෙනෙකුට දානය නියම විදිහට ලැබෙනවා නම්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය හාමුදුරුවන්ට හරි ලැබෙනවා නම්, උන්වහන්සේට ඒ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය හතරම උපනිශ්‍රය වෙනවා ඵල සමාපත්තිය වෙලාවට. ධ්‍යාන සමාපත්තිය වෙලාවට. ඒ සමාපත්තියට උපනිශ්‍රයයි. එහෙනම්, ලැබෙන දේ, පුන්‍ය සම්පත්තිය කවදාවත් සමාපත්තියට බාදකයක් නෙමෙයි. ඔවු, සීවලී හාමුදුරුවන්ට කොච්චර ලැබුණාද? සමාපත්තියට බාදාවකුත් නෑ, අරිහත් ඵලයට බාදාවකුත් නෑ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ලැබෙන දෙයක් ලැබුණාවේ කියලා දුන්නොත්? (ස්වාමීන් වහන්සේ): දැන් ලැබෙන දෙයක් ලැබුණාවේ කියලා දුන්නොත් උපේක්ෂා සහගතයි. එතකොට ඒ පින සෝමනස්ස සහගත, ඥාණ සම්ප්‍රයුක්ත එකක් වෙන්නේ නෑ. උපේක්ෂා සහගත, ඥාණ විප්පයුත්තයි. එතකොට උපේක්ෂා සහගත, ඥාණ විප්පයුත්ත විපාකයක්. දැන් එතකොට, “කනවා නං කාපං” හම්බවෙන්නේ, දෙන්නෙත් එහෙමයි. “ඕන්නං කාපං, එපා නං නිකා හිටපං” – ගරු කරලා එහෙම, දැන් අම්මා තාත්තාට දරුවා ගෙනත් දෙන්න පුලුවන්, “ඕං, කනවා නං කාපං” – දැන් ඉතින් අපිට දැනෙන්න ඕනෑ ඒක කොයි ජාතියේ එකක්ද? (ශ්‍රාවක මහතෙක්): හරියටම ඥාණ සම්ප්‍රයුක්තයෙන්ම දෙනවා නං? (ස්වාමීන් වහන්සේ) : දැන් ඥාණ සම්ප්‍රයුක්තව දෙනවා නං අම්මාගෙ ගුණ දකිනවා දරුවා. එතකොට, “අම්මට කන්න බොන්න දීලා ඉන්න ඕනේ මං කන්න” ආං, ගුණ දැකලා එයා දෙනවා. ඒ වගේම ගෙනල්ලා ගරු කරලා දෙනවා. එතකොට, අම්මාට ගරු කරලා කන්න හම්බවෙනවා ඒකෙන්. දැන් අම්මා “ආ, කන කෙනෙක් කාපල්ලා” එහෙම දුන්නා නම්, ඒ ජාතියෙන්, උපේක්ෂා සහගතව, ඥාණයකින් තොරව, ඒකේ පිනක්, ගුණයක් දකින්නේ නැතුව නම් දුන්නේ, එයාට හම්බවෙන්නෙත් ඒ ජාතියෙන්. දරුවාගෙන් හම්බවෙන්නෙත් “ඕං, කනවා නං කාපං” ඒ ජාතියෙන් තමයි හම්බවෙන්නේ, “ඕන්නං කාපං, එපා නං නිකා ඉඳපං”
(ශ්‍රාවක මහතෙක්): දැන් මෙහෙම දුන්නොත්, “පවුනේ” කියන හැඟීමකින් දුන්නොත්? අනුකම්පාවක හැඟීමකින් දුන්නොත් එහෙම? (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, අනුකම්පා සහගත හැඟීමකින් දුන්නා නම්, අපිටත් අනුකම්පා සහගත හැඟීමකින් දෙයි. එතකොට ගරු හැඟීමෙන් නෙමෙයි අපිටත් දෙන්නේ. ගරු කළ යුතු තැනට ගරු කළ යුතු විදිහට දුන්නොත් ගරු කරලා හම්බ වෙනවා. අනුකම්පා කරලා දුන්නොත් අපිටත් අනුකම්පා කරලා හම්බවෙනවා. දැන් හිඟන්නාට අපි දෙන්නේ අනුකම්පා කරලා. අපි හිඟන්නෙකුට වුනත් අනුකම්පා කරලා සත පනහක් හරි දෙයි, රුපියලක් හරි දෙයි, කීයක් හරි, රුපියල් දහයක්, විස්සක් හරි දෙයි, අනුකම්පා කරලා. එතකොට අනුකම්පා බුද්ධියෙන් දෙනකොට, වැඳලා පුදලා, ගෞරවයෙන්, මේ එහෙම දෙන එකක් නෙමෙයි. “ආ ආ, අරන් යනවකෝ, පවු නේ, මේ මනුස්සයාට කන්න නෑ නේ” එහෙම දෙන්න පුලුවන්.
{01:46:46} : අත පය හොඳට තියන් හිඟා කන අයට දන් දෙන්න වටිනවද?
(ශ්‍රාවක මහතෙක්): මෙහෙමත් වෙනවනේ, දැන් අපි හිඟන්නෙකුට වගේ දෙද්දී, අපිට තේරෙනවා මේ මිනිහා මේ බොරුවක් කරන්නේ කියලා. ඒත් අපි ඒ …… වංචාව කරන එක ඒ මනුස්සයාට නේ, කියලා හිතලා දෙනවා. එතන මොකද්ද හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, එතකොට අපි අපේ ඥාණයෙන් දැකලා තියෙනවා නේ ඒ පුද්ගලයා, ඒ පුද්ගලයා ගැනම නෙමෙයි, “යාචකයෙකුට දුන්නා”, අත්හැරීම ප්‍රගුණ කළා. ඒකේ විපාකයත් ඒ විදිහට එනවා. (ශ්‍රාවක මහතෙක්): එතකොට දැන් මෙහෙම මතයක් තියෙනවානේ සමාජය තුළ, සාමාන්‍යයෙන් එහෙම අයට දුන්නහම, අපි ඒ අය ඇතිවෙන්න උදවු කරනවා කියලා එකකුත් කියනවානේ, ඒ කියන්නේ දැන් වැඩ කරන්න පුලුවන් මනුස්සයෙක් කවි කොලයක් තියාගෙන ආධාර ඉල්ලනවා. අපි දැන් එයාට ආධාරයක් දෙනවා. එතකොට දකින කෙනෙක් කියනවා, “මේ …. හොඳට තියෙද්දිත් අපි ඒ මිනිහාට ආධාරයක් කරලා, සමාජයට ඒවගේ අය වැඩිපුර එකතු කරනවා” කියලා. එතකොට තවත් එනවානේ ඒ වගේ අය…
(ස්වාමීන් වහන්සේ): ඔවු, ඒක අපි දකින පැත්තක් තියෙනවා. දැන් අපි හිතමුකො මෙහෙම දෙයක්, යම් කෙනෙක් කවි කොලයක් ගහලා, කවි කොලේ කියලා කීයක් හරි එකතු කරනවා. ඇත්තවශයෙන්ම ඔය මිනිහාට ඔය කියන සමාජයේ අපහාස මැද්දෙනේ එයා ඒක කරන්නේ. දැන් එයාට ඇත්තවශයෙන්ම කී දෙනෙක් බණිනවද? දැන් එයාගෙන් ඇහුවොත් එහෙම, “ඔයා කැමති නැද්ද ඔහොම බැණුම් අහන්නේ නැතිව සුඛෝපභෝගීව ඉන්න එයාට මැණික් ගලක් එහෙම හම්බුනොත්” කිවුවොත් එහෙම? “ඔයා කවි කොල විකුණනවද?” කිවුවොත් ඔවු කියයිද? “නෑ, එහෙම හම්බ වෙනවානම් මං මේ කවි කොල විකුණ විකුණා දුක් විඳිනවැයි? කාලා බීලා ඉන්නවනේ ජොලියේ” එයා එහෙම කියන්න පුලුවන්. එතකොට එතන අපිට වෙනසක් තියෙනවා. අපි, ඒ පුද්ගලයා යම්කිසි තැනකට වැටිලා ඉන්නෙත් ඒ මිනිහට එයින් එහා කරගන්න දෙයක් නැති නිසා. දැන් අපි ඇහුවොත්, “දැන් උඹේ අත පය කැඩිලාද? උඹට හම්බ කරගෙන කන්න බැරිද?” ඇත්තවශයෙන්, ඒ මනුස්සයත් ඕක දන්නවා. “මගේ අත පය කැඩිලත් නෑ, මට හම්බ කරගෙන කන්න ක්‍රමයක් නෑ නේ, මොනවා කරන්න හැදුවත් මං පිරිහෙනවා” දැන් එයා එහෙම එකක් දකිනවා. කුලියක් හම්බ වෙන්නෙත් නෑ, ඉතින් එයාට අන්තිමට බලනකොට, එයා දීල තිබිච්ච හැටියටයි එයාට හම්බවෙන්නේ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට මේ බොරුවට තුවාල වගේ ඒවා හදාගෙන, …… අර මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහත්මයා පරීක්ෂණයක් කරලා තිබ්බානේ. ඒකේ ඔය ඔක්කොම විස්තරේ තියෙනවා. දැන් ඒකේදී බොරුවට වණයක් වගේ හදාගෙන, ඒ වණය පෙන්නලා ඉවරවෙලා හිඟමන් යැදලා. එතකොට දකින කෙනා එයාට ආධාරයක් කරනවා. එතකොට අර වණය පෙන්වීමෙන් එයාට අනිවාර්‍යයෙන්ම ආත්ම ගාණක් ඒ විදිහට වණ වෙන්න වෙනවා නේද? (ස්වාමීන් වහන්සේ): එහෙම වෙනවා. ඒ එයා ඉතින්, යම්කිසි වංචාවක් කළා නම් යම් කෙනෙක්, ඒක ඔහු සතුයි. ඔහු ඒක කරගන්නවා.
{01:48:48} : තමන් ලඟට පිහිටක් ඉල්ලන් ආපු කෙනා කවුරු වුනත් හැකි පමණින් පිහිට වෙන්න
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, චේතනාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? (ස්වාමීන් වහන්සේ): චේතනාව කියලා කියන්නේ, යම්කිසි පුද්ගලයෙක් විසින්, තමා විසින් හිතුවේ මොකද්ද ? ඒ හිතපු දේට අනුව හිත ගොඩනැගුනේ චේතනාවෙන්. (ශ්‍රාවක මහතෙක්): දැන් මේ නන්දසේන රත්නපාල මහත්මයා කරන්නේ පර්‍යේෂණයක් නේ. දැන් එතකොට එහෙම ආකාරයක් හටගන්න විදිහක් නෑ නේ? (ස්වාමීන් වහන්සේ): නෑ, දැන් එතන එයා පරීක්ෂණයක් කරනවා නම්, ඒ පරීක්ෂණය තුළින් තමන් කරන වැඩේ තුළින් යම්කිසි කෙනෙක් ගේ ආහාර වේලට පහරක් වදිනවා නම්, ඔහු අනුන්ට පහරක් ගැහුවා. ඒ යම්කිසි චේතනාවෙන් ගොඩනගන හිත යහපත් ද අයහපත් ද කියලා බලන්න ඕනේ ඒකේ තියෙන පසුතලයෙන්. ඒක හොඳද නරකද බලන්නේ එහෙමයි. දැන් චේතනාව කියන්නේ හිතක් ගොඩනගනවා කියන එකයි. මොන පැත්තකට හරි. අපි හිතන්නේ, කියන්නේ, කරන්නේ චේතනා මුල්කරගෙන. ඒ ගොඩනගන හිතිවිල්ල, ක්‍රියාව හරි කතාව හරි යහපත් ද, අයහපත් ද, කොච්චර දුරට ඒක යහපත්ද අයහපත් ද බලන්න ඒකේ බාහිරෙන් තියෙන පසුතලය බලන්න ඕනේ. ඒ අනුවයි ඒක හොඳද නරකද තේරුම් ගන්නේ. ඒ චේතනාව යහපත් ද අයහපත් ද බලන්නේ එතනින්. (ශ්‍රාවක මහතෙක්): ඒ කියන්නේ ඒකේ එහෙනම් එයා නිගමනය එහෙම කියලා තියෙනවා, ළමා කට්ටියට මෙහෙම ආධාර කරන්න එපා, දෙන්න එපා, ඒ වගේ කියලා නිගමන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකේ, ඒවගේ තැනක් ගත්තොත්…?
(ස්වාමීන් වහන්සේ): ඔවු, දැන් අපි මෙහෙම හිතමුකෝ, දැන් ඒ මහත්මයාම කියන්නකෝ, ඔය මහත්මයට අම්මත් නැතිවුනා, තාත්තත් නැතිවුනා හෝ කමක් නෑ, මොකක් හරි වුනා කියන්නකෝ, එක්කෝ අම්මා අනාචාරයේ ඇවිදිනවා, දරුවෝ ගැන බලන්නේ නෑ, තාත්තා බිබී ඇවිදිනවා, සූදු කෙළ කෙළ ඇවිදිනවා, දරුවෝ ගැන බලන්නේ නෑ, එහෙම අවස්ථාවක් වුනා කියමුකෝ, දැන් මේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයකුත් නෑ, ඉගෙනගන්න ක්‍රමයකුත් නෑ, දැන් පාපකර්මයක් නිසා, ඒ ජාතියේ දෙමවුපියන්ට දරුවෙක් වෙලා ඉපදිලා, දැන් එයාට එහෙම වෙලා තියෙනවා. දැන් හොඳයි, ඒ මහත්‍තයටම ඕක වුනා කියන්නකෝ, දැන් ඔය මහත්තයට අන්තිමට ගන්න තියෙන තීරණය මොකද්ද? ගෙදරකට ගිහාම, “ඔවුන් හොරු, ඔවුන්ගේ පරම්පරාවම හොරු, එන්න දෙන්න එපා පැත්ත පලාත හරියට, පන්නපල්ලා!” පන්නාගන්නවා, ගෙදෙට්ට එන්න දෙන්නේ නෑ, වත්ත පිටිය යන්න දෙන්නෙත් නෑ. දැන් අඳුරන ගෙවලුත් නෑ. “ඔවුන්ගෙ පරම්පරාවම හොරු, ඔවුන්ගේ මහ එකා අපේ කෙහෙල් කැණ කපාගෙන ගියා, පැටියත් එහෙම තමයි, පන්නාපියවු, එන්න දෙන්න එපා!” දැන් බලනකොට පැටියත් පන්නනවා, ගෙදෙට්ට එන්න දෙන්නේ නෑ. දැන් පැටියට කන්න දෙන්නෙත් නෑ අර මහ එකා. දැන් මොකද කරන්නේ පැටියා?
අන්තිමට සිද්ද වෙනවා, “මං දැන් ජීවත් වෙන්නේ කොහොමද?” ජීවත් වෙන්න කරන්න, දැන් මිනිහා දන්නෙත් නෑ කරන්න දෙයක්. ඒකත් පාපකර්මයක් නේ ඒ පුද්ගලයාගේ. සංසාරේ කරපු යම්කිසි කපටි කමක් කළා නම්, ඒ කපටි කමේ පාපයත් එයාට ඵලදීලා. දැන් පුරුද්දට ඇවිදිල්ලා කපටිකමත්, දැන් එයාටත් සිද්දවෙලා තියෙනවා, ඒ ජාතියේ ඒවා කරලාම ජීවත් වෙන්න මගක් හදාගන්න. දැන් වෙන එයාට කරන්න ක්‍රමයක් නෑ. තමන් ගෙනාපු කර්ම විපාකයට අනුකූලයි දායාදය. එයා ඒ දායාදයේ පරිදි ඒ වැඩේට යනවා. දැන් අපි ඔතනින් දැනගන්න ඕනේ, මේ පුද්ගලයා විසින් කරන ලද පාපයේ විපාකයයි මොහුට මේ සිද්ධ වෙන්නේ. මොහු දැන් වංචාවක් කරනවා නම්, මේක මොහුට මතු වංචාවේ විනාසයට, ඔහුට හේතුවෙනවා. නමුත්, මොහු යම්කිසි ආකාරයෙන් මා ලඟට ආවා නම් යම්කිසි දෙයක් ඉල්ලාගෙන, මේක මොහුට මගෙන් තියෙන යුතුකමක් විදිහට පොඩ්ඩක් දෙන්න පුලුවන්.
{01:51:05} : තමන්ගේ දේපොළ වල අනුන්ටත් අයිතියක් තියෙනවා ?
එතකොට, අනික් කාරණය අපි මෙහෙම දැනගන්න ඕනේ. දැන් අපි, අනුන් ගැන අපි දකිනවා මෙහෙම දෙයක්. “මේ අනුන්ට මම දෙන්න ඕනේ, මේක නොදෙන්න ඕනේ” ඔය මම දෙන්න ඕනේ, නොදෙන්න ඕනේ කියන්නේ සර්ව සම්පූර්ණ ශුද්ධ ධනයක්ද මං ලඟ තියෙන්නේ? තමන් ඒක බලලා ඉන්න ඕනේ. (ශ්‍රාවක මහතෙක්): කල්ප 61කට සත්‍යයක් වෙන්න ඕනේ… (ස්වාමීන් වහ්න්සේ): ඒ ඒක එක පැත්තකින්, අනික් කාරණය මෙහෙමයි. තමා, දැන් මේ ලෝකෙට වැට ගැහුවේ කවුද? දැන් ඉස්සෙල්ලාම බලමු, මේ ලෝකෙට වැට ගහලා, “මේ කොටුව උඹේ, මේ කොටුව උඹේ” කියලා කම්බි වැටවල් ගහලා, වෙන් කරලා, කොටු කරලා දුන්නා. දැන් මේ කොටුව ඇතුලේ තියෙන ගහ, කොල, ගෙඩිය, අපි කියනවා “මේක මගේ ඉඩම, මේකට උඹලා එන්න එපා කවුරුවත්” එයා ඒකේ වගා කරගන්නවා දාඩිය මහන්සියෙන්. හරි හම්බ කරගෙන, එයා දැන් ඒ කෙහෙල් කැණක් හදලා ඒක විකුණාගන්න යනවා. එයා කියනවා, “මගේ දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත මේක සර්ව සම්පූර්ණ මගේ අයිතිය, මේක සර්ව සාධාරණයි” කියලා එයා කියනවා.
දැන් එතකොට අහනවා, “හොඳයි, අනික් මිනිහෙක් ඔය වත්තේ කෙහෙල් කැණක් හිටවන්න හැදුවොත් එහෙම, අල්ලපු වත්තේ අනික් එක්කෙනෙක් වළක් කපලා, උඹ දෙනවද ඉඩ?” “යකෝ, මගේ ඉඩමට එහෙම දෙනවද? ඒක මගේ ඉඩමනේ” එයා ඒ වචනය කියනවානේ. හොඳයි, එයාගේ ඉඩම වුනේ කොහොමද? කවුද මේ පොදු ලෝකෙට වැට ගහලා දුන්නේ සර්ව සාධාරණව? පොදුවේ මනුස්ස ලෝකයක ජීවත් වෙන මනුස්සයින්ට, සත්තුන්ට පොදු ලෝකයක් මේ ලෝකේ. මෙබඳු ලෝකයට කවුද වැට ගහලා දුන්නේ, “උඹට මේක, උඹේ කෑල්ල” කියලා? සියලු සත්වයෝම එකතුවෙලා එහෙනම් තීරණය කළාද? එහෙනම්, මං මේ සාධාරණයි කියපු තැනින් මම කරලා තියෙන ලොකූ අසාධාරණයක් මම දන්නේ නැතුව තියෙනවා. සියල්ලන්ටම පොදු ලෝකේ කොටසක් මට කියලා මම වෙන් කරගෙන, ආත්ම දෘෂ්ඨියකින් මම බැඳගෙන, මං ඒක මගේ එක කියනවා. දැන් ලොකු හොරා කවුද? පොදු ලෝකේ කොටු කරගෙන තනියෙන් කන එකාද ලොකු හොරා? කවුද? ආං එතන, ආං බලන්න සාධාරණ කවුද කියලා.
දැන් පොදු ලෝකේ, දැන් මේක අපි කරපු දෙයක් නෙමෙයි. පරම්පරානුගතව, අප්‍රමාණ ඈතක ඉඳලා, අපේ පරම්පරාව කරපු වැඩක් ඕක, ඔය පරම්පරාවේ දුකට, වේදනාව විඳින්න, ඒ විපාකය විඳින්න උරුම කාරයෝ වෙලා අපිත් ඇවිදින් ඉන්නවා. අපිටත් දැන් ඒ දුකට, අපිට පණින්න බෑ. එහෙනම්, මම එකක් දකින්න ඕනේ. මම සාධාරණව දකිනවා නම්, මේ මම හම්බකරගත්ත මුදලින්, දැන් මේ මං වෙන් කරගත්ත ඉඩමක්. දැන් මේ හම්බ කරගත්ත මේ මුදල, මං කොච්චර මහංසි වුනත්, මේකේ මගේ එක විතරක් නෙමෙයි තියෙන්නේ. අනික් අයගේ කොටසත් මේකේ තියෙනවා. ඒ හිමිකම අත්හරවලා නෙමෙයි මම ඒක හැදුවේ. මට අහම්බෙන් පහල වුනෙත් නෑ. පිනට පහල වුනත් නෙමෙයි. මං කොටු කරගත්ත, අසාධාරණ එකක හදාගත්ත එකයි මේ තියෙන්නේ. එහෙනම්, මේකෙන් අයිතිය නැද්ද අනික් අයට? දැන් මේකේ මම දන්නේ නැතුවට, යම්කිසි ලෝකයේ උත්තමයෙක් ඇත්තම්, උත්තම පිරිසක් ඇත්නම්, ඒ අග්‍ර ශක්තිය ඒ අයට හිමියි. ඒකත් මේකේ තියෙනවා. ඒ වගේම ලෝකේ හිඟන්නෙක් ඇත්තම්, ඒ හිඟන්නාගෙ කොටසත් මේකේ තියෙනවා. ලෝකේ යම් තිරිසනෙක් ඇත්නම්, උගේ කොටසකුත් මේකේ තියෙනවා. ලෝකේ යම් භූතයෙක්, පෙරේතයෙක් ඇත්නම්, උගේ කොටසත් මේකේ තියෙනවා. මේ ලෝකේ දෙවියෙක් ඇත්නම් යම්කිසි, මේ අපිට හදලා දෙන්න මූලාරම්භ කරලා දුන්න, පසුතලයක් ගොඩනගලා දෙන්න, ඒ දෙවියන්ගේ කොටසත් මේකේ තියෙනවා.
එහෙනම්, මම දැනගන්න ඕනේ, මගේ කොටස තියෙන්නේ මේකෙන් එකයි, අනික්වා අනුන්ගේ. එහෙනම්, මම මේ මගේ කිවුවේ අනුන්ගේ ඒවාට. එහෙනම්, හිඟන්නන්ගේ කොටස මේකේ තියෙනවා. දුගී-මගී යාචකාදීන්ගේ කොටස මේකේ තියෙනවා. එයා කකුලේ වණේ බැඳගෙන ආවා හරි, කොහොම හරි, දුගී-මගී යාචකාදීන්. එහෙනම්, දුගී-මගී යාචකාදීන්ගේ කොටස මම තියාගෙන ඉන්න එහෙනම් මම අසාධාරණයක් කරන්න වටින්නේ නෑ, දුගී-මගී යාචකාදීන්ට දුන්නා. එයා කකුලේ තුවාලේ බැඳගෙන හිටියත් එකයි, නැතත් එකයි, මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මම කොතෙනටද දුන්නේ? “දුගී-මගී යාචකාදීන්ට දෙන යම් කොටසක් මගේ මුදලේ තියෙනවා නම්, දුගී-මගී යාචකාදී වශයෙන් සම්මත ලෝකේ යමෙක් ඇත්ද, ඒකාට වෙන් කළා” මං නිදහස් වුනා. (ශ්‍රාවක මහතෙක්): තියාගෙන ඉන්න, තියාගෙන ඉන්න ඒක නිදහස් වෙන්නේ නෑ? (ස්වාමීන් වහන්සේ): ඒක නිදහස් වෙන්නේ නෑ. අන්න දැනීම කියන්නේ ඒකයි. ඒක දුගී-මගී යාචකාදීන්ට දුන්නට පස්සේ එයා ඒක බලාගනී. ඒක එයාගෙ සතු වැඩක්.
{01:54:17} : බේබද්දෙකුට දන් දීම බොන්න අනුබල දීමක් ද ?
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන්වහන්ස, දැන් අපිට හොඳටම පේනවා නේ අපෙන් සල්ලි හිඟාකාලා අරක්කු බොන එක්කෙනෙක් ඉන්නවා නම්, අපි එයාට සල්ලි දෙනවා කියන්නකෝ, එතකොට එයා ඒකෙන් අරක්කු බිවුවානේ, එතකොට අපිත් එයාට ඒ පාපය කරන්න අනුබල දීමක් වෙන්නේ නැද්ද? (ස්වාමීන් වහන්සේ): දැන් අනුබල වෙන්නේ, “දැන් උඹ මේකෙන් කසිප්පු බීපං” කියලා දුන්නොත් අනුබල වුනා. ඒකෙදී මගේ එල්ල කිරීමක් තියෙනවා. මොකද, මං ඒ චේතනාවේ පිහිටලා කරපු ක්‍රියාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා ඔහුට අහවල් වැඩේට මං මේක දුන්නා කියලා. දැන් එතකොට එතෙනදී යන්නේ එහෙමයි. ඒ ක්‍රියාව පස්සේ පිං-පවු යන්නේ නෑ. (ශ්‍රාවක මහතෙක්): අර සච්චකගේ කතාව… (ස්වාමීන් වහන්සේ): අන්න, සච්චකගේ කතාව හොඳ පැහැදිලිවම පෙන්වන දෙයක් නේ.
“රාග සහිතවූ, ද්වේෂ සහිතවූ, මෝහ සහිතවූ පෘතග්ජනයෙකුට දෙන දානයක පිනක් ඇත්නම්, ඒකේ ඒ මිනිස්සුන්ට තියෙයි. රාගක්ෂය වූ, ද්වේෂක්ෂය වූ, මෝහක්ෂය වූ තථාගතයන් වහන්සේට දුන් දානයක පිනක් ඇත්නම් ඒක ඔබට තියෙයි” හොඳට පැහැදිලිම තැනක්. (ශ්‍රාවක මහතෙක්): බුදුරජාණන් වහන්සේට දෙනවා කියලා තමයි දානය ඉල්ලාගන්නේ… (ස්වාමීන් වහන්සේ): ඔවු, එහෙමයි ඉල්ලාගන්නේ. හැබැයි, ඒ ඉල්ලගත්තත් මොකද කරන්නේ, දුන්නේ සච්චකට. බුදුරජාණන් වහන්සේට නෙමෙයිනේ. එතකොට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් නෙමෙයි ඒක දුන්නේ, සච්චකට. දැන් වෙන මිනිහෙක් ගිහින් ඉල්ලුවා නම් එහෙම ඒ මිනිස්සුන්ගෙන්? “මාත් බුදුරජාණන් වහන්සේ තමයි” කියලා, “මටත් දෙන්න” කිවුවා නම්? දෙන්නේ නෑ, සච්චකට දෙන්නේ. දැන් එහෙනම් කවුරුත් ඉල්ලුවොත් දෙන්න එපැයි.. එයා එහෙම බලාපොරොත්තුවකින් නෙමෙයි, “බුදුරජාණන් වහන්සේට දෙනවා නම් මං උඹට දෙන්නම්” කිවුවා නම් අන්න සම්බන්ධයි. එහෙම සම්බන්ධයක් නෑ සච්චකට දෙන කට්ටියට. “ඒක සච්චකගේ කැමැත්තක් නේ. සච්චක පණ්ඩිතයෙක්, අපි පිළිඅරන් ඉන්නේ ඒකයි. සච්චක කැමැත්තක් කරයි. එයා පණ්ඩිත වදන් දන්න කෙනෙක්, පණ්ඩිත ඥාණය තියෙන කෙනෙක්, එයාට අපි ඒ පණ්ඩිත කම නිසායි, අපි මේ දන් දෙන්නේ” කියලා සච්චකට දන් දෙනවා. “සච්චකට දුන්න ඒවා අපිට ඇඟිලි ගහන්න දෙයක් නෑ, සච්චක මහා පණ්ඩිතයෙක්” ඒගොල්ලෝ, මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක.
(ශ්‍රාවක මහතෙක්): ආනිසංස කියන ඒවත්, පවු කියන ඒවත්, පිං කියන ඒවත්, ඒ විදිහට ගමන් කරන්නේ නෑ අපේ හාමුදුරුවනේ? (ස්වාමීන් වහන්සේ): නෑ, අන්න ඒකයි කියන්නේ. පිං-පවු දෙක ගමන් කරන්නේ ක්‍රියාවාදයක් වශයෙන් නෙමෙයි. ක්‍රියාවාදයක් වශයෙන් නම්, අද “බාහිර පාටවික” යයි, බැහැර කළ පවු ඇත්තෙක් ලෝකේ පහලවෙන්න විදිහක් නෑ. (ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි… ) ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ධර්මය අධර්මය කරනවා, වෙන්නේ ඒකයි. අපිට පේන්නේ, මේ අපේ පේන මාත්‍රය බලලයි අපි නිගමනය කරන්නේ. ඒකයි මේ තර්ක-වාද හැදෙන්නේ. යථාර්තය දකින්න බෑ. ඒකයි කාරණය. දැන් අපි යම්කිසි කෙනෙකුට දුන්නොත්, ඒ මිනිස්සු ඒ විදිහටම ඒ වැඩේ ගෙනියයි, අපි නිගමනය කරන්නේ ඒකයි. අපි දුන්නොත් එහෙම, “උන්ට අනුබල දුන්නා වෙනවා, එතකොට ඒ මිනිස්සු ඒක කරනවා”.
හොඳයි, දැන් අපි මෙහෙම හිතමුකෝ, අපි නොදන්න කාලෙක අපිත් මොනවාහරි, කාටහරි මොනවාහරි කරලා අපි ඉල්ලාගෙන නැද්ද? අපේ මුලු ජීවිතේට එක දවසක වත් අපි කාටවත් වංචා සහගත දෙයක් කියලා, මට අත්‍යාවශ්‍යය කමක් තියෙනවා යන්න, දැන් මං යන්න යන ගමන කිවුවොත් එහෙම මට සල්ලි දෙන්නේ නෑ. දැන් මම බොරුවක් කියන්නේ නැද්ද, බොරුවට හරි? කියලා එහෙනං ඉල්ලන් එන්නේ නැද්ද අපේ අම්මාගෙන්, තාත්තාගෙන් හරි, කාගෙන් හරි? ඇත්තවශයෙන් කියලා තියෙනවා. එතකොට ඒ කියලා තියෙන බොරු, ඒ මිනිස්සු කිවුවොත් එහෙම, ඒ මිනිස්සු දුන්නට පස්සේ, “මූ මේ අසත්ධර්මය කරන්න තමයි මූ මේක දුන්නේ” ?
{01:56:43} : මිනිස්සු යහපත් කරන්න නම් නීති නෙමෙයි, ධර්මයයි සත්‍යයයි ලෝකයට දෙන්න
හොඳයි, අපි දැන් අද ඉන්නේ කොතැනද? ඒ ජාතියේ ඉල්ලන තැනකද? අපි ඒ ජාතියේ වංචාවක් කරලා යම් දවසක සත පහක්, කීයක් හරි ඉල්ලාගත්තා නම් කෙනෙක් ගෙන්, අපි අද යම් තැනකට පත්වෙලා, ඒ තත්වයන් නැතිකරලා දැම්මා. එතකොට, අපි අර මිනිහා දුන්න නිසා අපි එතෙන්ට ගියාද? එහෙනම්, අපි වෙන තැනකින් මිදුනා. මිදෙන මගක් තිබුණා. ඒක තමයි සත්‍ය ධර්මය. සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණා නම්, නුවණක් මොළයක් තියෙන කෙනා ඒ සත්‍ය ධර්මය තුළින් එතෙක් කරපු අවැඩ – අසාධාරණ අත්හරිනවා. එහෙනම්, අවැඩ – අසාධාරණ අත්හරින්න සිද්ද වුනේ හෝ කරන්න සිද්ද වුනේ, සත්‍ය ධර්මය නොදැකීම නිසා කරනවා. සත්‍ය ධර්මය දැක්ක නිසා අත්හරිනවා, අවැඩ – අසාධාරණ.
එහෙනම්, අපි අවැඩ – අසාධාරණ අත්හරින්නේ අපි විසින් කරන ක්‍රියා පටිපාටියකින් වත්, දෙන නොදෙන දේකින් නෙමෙයි. අපි විසින් ධර්මය තුළ තිබෙන්නාවූ දැනුවත් හෝ නොදැනුවත් කම අතින්. ඒ අනුව එතැනයි ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ. එහෙනම්, අපිට ඕනෑකම තියෙන්නේ ලෝකයා දැනුවත් කරන්න. සියල්ලෝ දැනුවත් කරන්න බෑ. යම් ප්‍රමාණයක් නුවණැත්තෝ දැනුවත් වෙයි. දැනුවත් වෙච්ච පුද්ගලයෝ, දැන් අපිට සතෙක් මරන්න ගියත්, “ලක්ෂයක් දෙනවා” කියලා කුකුලෙක් ගෙනත් දුන්නොත් මරන්න, අපි මරනවද? අපි මරන්නේ නෑ! එතකොට අපි කිවුවොත් එහෙම, “සල්ලි දෙන හින්දා සත්තු මරනවා, ඒක හින්දා සල්ලි දෙන්න එපා” කිවුවොත් එහෙම ඒක ඇත්ත වෙලා තියෙනවද? එහෙනම් ලාභයට සත්තු මරනවා කිවුවොත්, අපිට ලාභයට රුපියල් ලක්ෂයකුයි, “මෙන්න කුකුලා මරලා දියං, රුපියල් ලක්ෂයක් දෙනවා කුකුලා මැරුවොත්” කියලා, අපි මරනවද? එහෙනම්, අර කිවුව කතාව බොරු වෙලානේ, “සල්ලි වලට සත්තු මරනවා” කියන එක.
එහෙනම්, සත්තු නොමරන්නේ නීතියටද? නෑ! සත්‍යයනේ, සත්‍යයේ පිහිටියා නම් ලක්ෂයක් දුන්නත් සතා මරන්නේ නෑ. සත්‍යයේ පිහිටියේ නැත්නම් “කෝ මෙහාට දියං ඕකා” කියලා විහිලුවට, විනෝදෙටත් සතාගේ බෙල්ල කපලා විසිකරලා දෙනවා. දැන් කොච්චර වෙනසක් තියෙනවද? එහෙනම්, අපිට යම්කිසි හොඳ පැහැදිලි මාර්ගයක් තියෙනවා, යම්කිසි අවැඩක් – අසාධාරණයක් කරනවා නම්, මිදෙන්න. ඒ තමයි, ඇත්ත ඇති ආකාරයෙන් පෙන්වාදෙන සත්‍ය ධර්මය. ඒ වාගෙම අපි විනාස වෙන මගක් තියෙනවා. මුලාවට රවට්ටලා ගෙනත්දෙන මුසා ධර්මය, අසත්ධර්මය. අසත්ධර්මය ලෝකේ රජ කරන තාක්කල් මොන නීති පැනෙවුවත්, මොන ජාතියේ ක්‍රියා, තහංචි පැනෙවුවත් අසත්ධර්මයෙන් මිනිහා මුදවන්න බෑ. සත්ධර්මය ක්‍රියාත්මක වුනාම එක නීතියක් වත්, එක නීති මාලාවක් වත් ඕනේ නෑ, මොනවා කරලා කරන්න හැදුවත් සත්ධර්මය තුළින් මිනිහා මිදෙනවා.
මේ හොඳ පැහැදිලි මාර්ගය ඔතැනයි තියෙන්නේ. එහෙනම්, අපි ඕක තියෙද්දී, ඔය අසත්ධර්මය ක්‍රියාත්මක වෙන ලෝකෙකට සත්ධර්මය විද්‍යාමාන කරනවා මිසක්, ප්‍රතිකර්මය හැටියට, අපි ඕක තියාගෙන අසත්ධර්ම ලෝකෙට නීති පණවලා පුලුවන්ද කරන්න? තර්ක-වාද ඉදිරිපත් කරලා පුලුවන්ද ලෝකයා මුදවන්න? මෙන්න, යථාර්තය ඔතැනයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අසත්ධර්ම ලෝකයට නීති පණවන්න ගියේ නෑ, සත්ධර්මය ඉදිරිපත් කළා. සත්ධර්මය අනුගමනය කරපු ලෝකයා ජීවිත හේතුවකට වත් කුරා කූඹියෙක් නොමරන තත්වයට, අංශු මාත්‍රයක් හොරකම් නොකරන තත්වයට, සුරාවක් – සූදුවක් – දුරාචාරයක් නොකරන තත්වෙට, බොරුවෙන් අනුන් රවට්ටන්නේ නැති තත්වයට, කේලමෙන් අනුන් බිඳවන්නේ නැති තත්වයට, ඵරුෂ වචනයෙන් සැඩ බවට පත් නොකරන තත්වයට, ප්‍රලාපයෙන් අනුන් මුලා නොකරන තත්වයට, ලෝභ නොකරන, තරහා නොවෙන, මෝඩ නොවෙන තත්වයට පත්වුනා. දස අකුසලයෙන්ම වෙන් වෙන පැත්තට පත්වුනා. සත පහක් වත් වියදම් කළේ නෑ. උන්වහන්සෙට ඇප උපස්ථාන කරන්න පටන් ගත්තා මිනිස්සු ඇවිදිල්ලා. අන්න, සත්‍යයේ ස්වභාවය!
එහෙනම්, ලෝකයට යමක් දෙන්න අපිට හොඳ අත්දැකීම් ඇතිව පුලුවන් නම්, එක වැඩක් තිබිලා තියෙනවා. ඒක තමයි ධර්මයයි, සත්‍යයයි ලෝකෙට දෙන එක. ඒ තුළින් මිදිලා තියෙන බවට ඔප්පු කරන්න සාධක තියෙනවා. අධර්මයේ ඉඳලා, අසත්‍යයේ ඉඳලා, නීති මාලා කොච්චර පැනෙවුවත් කරන්න බැරිවෙච්ච බවට ඔප්පු වෙන සාක්කිත් ලෝකෙම තියෙනවා. ඉතින් වෙන මුකුත් කියන්න දෙයක් නෑ. (පටිගත වී ඇති ආකාරයට දේශනාවේ සුලු කොටසක් මගහැරී ගොස් ඇත)
{02:00:03} : පාපකර්මයක් සිදු වෙන්නේ චේතනාවෙන්, ඒකේ බරපතලකම තීරණය වෙන්නේ ගුණ මහත්වය අදී කරුණු වලින්
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නයේ මුල කොටස පටිගත වී නැත, සාකච්ඡාවට අනුව, පියා සමඟ තරහින්, පියාට පහරදිය නොහැකිව, ඒ වෙනුවට බල්ලෙකුට පහරදී, බල්ලා මැරී ගිය විට, පියා මැරූ ආනන්තරිය පාපය සිදු වේද යන්න ප්‍රශ්නය විය හැකිය ): එතකොට ඒ තාත්තා මරපු පාපය සිද්ධ වෙනවද? (ස්වාමීන් වහන්සේ): නෑ, කොහොමත් වෙන්නේ නෑ. ප්‍රාණඝාත පාපයක් සිද්ධ වෙනවා. කිසිම දවසක ඒක වෙන්න බෑ, පියා මැරූ, පියාගේ ජීවිතය ක්ෂය වුනොත්, ප්‍රාණඝාතයක් එයා කිරීමේදී ඒක සිද්ධ වුනා නම්, ඒකෙන් පියා මැරූ පාපකර්මය සිද්ධ වෙනවා. (ශ්‍රාවක මහතෙක්): එතන නමුත් තාත්තට ගහන්න බැරි කේන්තියට නේ බල්ලට ගැහුවේ. (ස්වාමීන් වහන්සේ): එතන සිද්ධ වෙන්නේ, ද්වේෂය උපනිශ්‍රය කරගෙන ඔහු ප්‍රාණඝාතයක් කළා. පියාට ගහන්න බැරි නිසා හටගත්ත ද්වේෂය උපනිශ්‍රය කරගෙන ඔහු විසින් වෙනත් ප්‍රාණඝාතයක් කරගත්තා. (ශ්‍රාවක මහතෙක්): එතකොට එන්නේ බල්ලා මැරූ පාපය පමණයි? (ස්වාමීන් වහන්සේ): බල්ලා මැරූ පාපය.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස දැන් මෙහෙම එකක් තියෙනවා නේද? අපේ දෙමවුපියෝ දෙන්නාගෙන් එක්කෙනෙක්, දැන් මවු හෝ පියා මැරුවොත් ආනන්තර්‍ය පාපකර්මයක් නේ. තාත්තා ඉන්දැද්දී තවත් වෙන කෙනෙක් එතන ඉන්නවා කියමුකෝ, ඒ වෙන කෙනා එල්ල කරගෙන, එයාට පාරක් දෙනවා මැරෙන්න. ගහනවා මැරෙන්න. මැරෙන්න ගහන්නේ තාත්තට නෙමෙයි, තාත්තා කියලා දන්නෙවත් නෑ කියමුකෝ ස්වාමීන් වහන්ස, තාත්තා කියලා දන්නෙත් නෑ, පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. නමුත් ඇත්තටම මගේ තාත්තා ඒ ඉඳලා තියෙන්නේ. මම ගහනවා වෙන කෙනෙකුට, වදින්නේ තාත්තාට. මම දන්නේ නෑ හැබැයි තාත්තා කියලා. ඒ අවස්ථාවේ ආනන්තර්‍ය පාපකර්මයක් සිද්ධ වෙනවද?
(ස්වාමීන් වහන්සේ): නෑ, මෙන්න මෙහෙමයි වෙන්නේ. තාත්තා පිළිබඳ දැනුවත් වෙන්න අවශ්‍යය නෑ ආනන්තර්‍ය පාපකර්මයට. ඒක “ගුණ මහත්වය”, ගුණ මහත්වය උඩයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වෙන කෙනෙකුට ගැහුවා, තාත්තාට වැදුනා. දැන් ඒ වැදුනා නම්, ඒක වැදීමේ පාපය අහු වෙන්නේ නෑ මිනී මැරීමේ පාපයට වත්. ගැහුව කෙනා මැරුණා නම් තමයි මිනී මැරීමේ පාපයට එයා අහුවෙන්නේ. ගහනකොට වැදුනා නම්, වැදීමෙන් සිද්ධ වුනේ, පුද්ගලයාට සම්බන්ධ කළේ නෑ. දැන් තාත්තාට වැදිලා මැරුණා නම්, දැන් ගහපු එක්කෙනා තාත්තා ම නම්, එයා දන්නේ නැත්නම් තාත්තා කියලා, එයාට වැදිලා මැරුණා නම්, එයාට ආනන්තර්‍ය පාපකර්මයක් සිද්ධ වෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි… (ශ්‍රාවක මහතෙක්): එයා තාත්තා කියලා දන්නවා නම්? (ස්වාමීන් වහන්සේ): නෑ නෑ, දැනීම නෙමෙයි. දැන් අරිහතුන් වහන්සේ කවුද කියලා දකින්නේ නෑ නේ. දැන් දැනගත්තා කියන්නේ මේකයි. දැනගැනීම කියන එක වෙනම අංශයක්. නොදැනීම අවිද්‍යාව. අවිද්‍යාව තමයි පවු වලට මුල් වෙන්නේ. අවිද්‍යාව නිසා එයා තාත්තා, තාත්තා බව දන්නේ නෑ. (ශ්‍රාවක මහතෙක්): තාත්තා කියන ගුණ දන්නේ නෑ (ස්වමීන් වහන්සේ): අන්න ඒකයි, ඒ දන්නෙත් නෑ, අනික් කාරණය, එයාගේ තිබිච්ච ගුණය හැඟවුන පැත්තේ තියෙන්නේ. ඒක අපි දකින්නේ නෑ.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, මෙහෙම එකක් කියනවා, තාත්තා කියලා අපි දන්න එක්කෙනා අපේ තාත්තා නෙමෙයි වෙන්න පුලුවන් නේ. එතකොට ඒ වගේ තැනක් යෙදුනොත් එහෙම? (ස්වාමීන් වහන්සේ): ඔවු, එහෙම වුනොත් ඉතින් තාත්තා මැරිච්ච පාපය සිද්ධවෙන්නේ නෑ, ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා. (ශ්‍රාවක මහතෙක්): දැන් තාත්තා කියලා හිතාගෙන ඉන්න එක්කෙනා නැතුව වෙන එක්කෙනෙක් මරණවා. එතකොට ඒ මැරිච්ච එක්කෙනා ඇත්තටම තාත්තා නම්? (ස්වාමීන් වහන්සේ): එහෙනම් ඒ ආනන්තර්‍ය පාපකර්මය සිද්ධ වෙනවා. ඔවු, ඒ කියන්නේ මිත්‍යාදෘෂ්ඨික වෙන්න හේතුව ඒකයි.
ඒ කියන්නේ මේකයි, දැනගෙන නෙමෙයි පවු සිද්ධවෙන්නේ, ගුණ මහත්වයෙන්, ගුණ හීනත්වයෙන්. ඔය දෙකයි බලපාන්නේ පාපයේ බරපතල කමට. ප්‍රාණඝාත පාපය සිද්ධ වෙනවා කූඹියෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත්. දෙකම ප්‍රාණඝාත චේතනාවෙන්. චේතනාවෙන් නෙමෙයි පුද්ගලයාගේ පවේ බලය අඩු වැඩි වෙන්නේ. ඒකට ගුණ මහත්වය, ප්‍රමාණ මහත්වය, ඒ ආදී වශයෙන් බාහිර කරුණු හේතු වෙනවා. (ශ්‍රාවක මහතෙක්): දැන් සෝතාපන්න පුද්ගලයෙක් මැරුවොත් එහෙම? පවු වල ප්‍රභේද තියෙන්නේ ඒකනේ හාමුදුරුවනේ… (ස්වාමීන් වහන්සේ): ප්‍රභේද තියෙන්නේ ඒකයි. දැන් සෝතාපන්න කෙනෙක් හොයන්න බෑ කාටවත්. මිනිහෙක් මැරුවා කියලා මරන්න පුලුවන්. එතකොට එහෙම වෙනවා.
දැන් ප්‍රාණඝාත චේතනාවක් ගොඩනැගුනා නම්, ඒ ප්‍රාණඝාත චේතනාවෙන් එල්ල කරපු යම් සත්වයා තමන්ගේ තාත්තා වෙන්න පුලුවන්, තමන් දන්නෙම නෑ. දැන් ඒකට උපමාවක් වශයෙන් කියනවා මෙන්න මෙහෙම. දැන් ඌරෝ වෙඩි තියන්න මිනිහෙක් යනවා. මිනිහෙක් ගිහිල්ලා බලා ඉන්නවා කොහේ හරි දිය කඩිත්තක් ලඟට ඌරෙක් එහෙම වතුර බොන්න එහෙම එනවා බව මිනිහා දන්නවා නම්, ඔහොම වෙලාවක බලාගෙන ඉන්නවා. ඔය වෙලාවක දන්නේ නෑ, එයාගේ තාත්තා, වයසට ගිහිල්ලා මනුස්සයා, ඔය මනුස්සයා ගිහිල්ලා, වැසිකිලියට ගිහිල්ලා, හෝදන්න යනවා ඔතෙන්ට. දැන් එයා හෝද හෝදා ඉන්නකොට, අර මිනිහා ඈත ඉඳන් බලනකොට පේනවා ඌරෙක් වගේ. මිනිහා වෙඩි තියනවා, ඌරාට කියලා. වැදුනා තාත්තාට, තාත්තා මළා! දැන් ඌරාට වෙඩි තිබ්බා කියලා එකක් නෑ, ප්‍රාණඝාතය සිද්ධ වුනා. ඒ තාත්තා නම් අහු වුනේ ආනන්තර්‍ය පාපකර්මයක් සිද්ධ වෙනවා. අන්න සිද්ධ වෙන හැටි.
{02:03:56} :
(ශ්‍රාවක මහතෙක්): දැන් ඔතැනදි හාමුදුරුවනේ අර ඒ ඌරා කියන, ඒ සතා පෙර භවයක තමන්ගේ තාත්තා එහෙම නම්? (ස්වාමීන් වහන්සේ): මේකයි, පෙර භවයේ සම්බන්ධය මේ ගුණ මහත්වයේ පිය සම්බන්ධයට වැටෙන්නේ නෑ. පිය සම්බන්ධයට වැටෙන්නේ මේ අත්බැව ලබාගත්ත මේ ශරීරයට මවු – පිය වෙච්ච දෙන්නාට. (ශ්‍රාවක මහතෙක්): එහෙනම්, අර පියාව සම්බන්ධයක් නෑ..? (ස්වාමීන් වහන්සේ): අන්න ඒකයි. (ශ්‍රාවක මහතෙක්): එතකොට අර ඒ වගේ සිද්ධියක් වෙන තැනක, ඒ ඝාතනය කරපු එක්කෙනා ලොකු කර්ම ශක්තියක් පෙර ආත්මෙකත් තියෙන්න ඕනේ, නේද? (ස්වාමීන් වහන්සේ): නැතුව බෑ ඉතින්, එහෙම වෙන්නත් ඉතින්. ඒකයි කාරණය.
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, දැන් ආනන්තර්‍ය පාපකර්මයට අර “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියන බලපාන්නේ? (ස්වාමීන් වහන්සේ): නෑ, චේතනාව කර්මයයි. කර්මය පාපකර්මයක් නම්, පාපකර්මයක් කියන එක විතරයි ඒකෙන් පෙන්වන්නේ. ඒ චේතනාව කර්මයයි කියන්නේ, චේතනාව තුළින් සිද්ධ කරපු දේ පාපකර්මයක් ද, පුන්‍ය කර්මයක්ද? ඔය තීන්දුව පමණයි ඔතනින් දෙන්නේ. ඒ පාපකර්මය බලවත් එකක්ද, මහා සාවද්‍යද, අල්ප සාවද්‍යද කියන එක චේතනාවෙන් කරන එකක් නෙමෙයි. ගුණ මහත්වය හෝ ගුණ හීනත්වය උඩ ආදී වන්නාවූ බාහිර දෙයක් තුළින් තමයි ඒක අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වෙන්නේ. එතකොට, චේතනාව පාපකර්මයක් ද, චේතනාව පුන්‍යකර්මයක්ද කියන එක විතරයි නිගමනය කරන්නේ අර කියන්නාවූ චේතනා කියන මට්ටමෙන්.
(ශ්‍රාවක මහතෙක්): දැන් මෙතන චේතනාවක් නැති නිසා එතන කර්මයක් සිද්ධ වෙනවාද? ආනන්තර්‍ය පාපකර්මයක්? (ස්වාමීන් වහන්සේ): නෑ නෑ, චේතනාව කර්මයක් සිද්ධ කරනවා. (ශ්‍රාවක මහතෙක්): එතන චේතනාවක් නෑ නේ… එයාට (ස්වාමීන් වහන්සේ): නෑ, දැන් ප්‍රාණඝාත චේතනාවයි චේතනාව කියන්නේ. චේතනා 10යි අකුසල් පැත්තට. චේතනා 10යි කුසල් පැත්තට. (ශ්‍රාවක මහතෙක්) : ඔය කියන්නේ, තාත්තා මරන්න හිතාගෙන නෙමෙයි … (ස්වාමීන් වහන්සේ): නෑ, තාත්තා නෙමෙයි, ප්‍රාණඝාතයක් කිරීම.
(ශ්‍රාවක මහතෙක්): දැන් ප්‍රාණඝාතයක් කරන්නත් හිතාගෙන නෙමෙයි ගහන්නේ, තුවාල කරන්න. නමුත් මැරෙනවා. (ස්වාමීන් වහන්සේ): දැන් එහෙම සිද්ධ කළොත් එහෙම එතනදී සූක්ෂම දෙයක් වෙනවා. මොකද, දැන් ඇත්ත වශයෙන්ම ඒ ගහන, තුවාල කරන්නේ නැතුව නිකං ගැහුවහම, ඒ ගහනකොට අපි සත්ව හිංසාවක් කරන්න, ප්‍රාණඝාතය කියලා කියන්නේ සතා මැරීම පමණක් නෙමෙයි. නිය පිටින් ගැහීමත් ප්‍රාණඝාතයට අයිතියි. “ප්‍රාණඝාත පාපකර්මය” – ප්‍රාණඝාත පාපකර්මයේදී සිද්ධ වෙන්නාවූ යම් බල අඩු වැඩි වීම කියන එක දෙවෙනි කතාවක්. දැන් මැරීමේ චේතනාව කියලා එකක් නෑ, ප්‍රාණඝාත චේතනාව. ප්‍රාණඝාත චේතනාවේ එක අවස්ථාවක් තමයි ප්‍රාණියාගේ මරණය. රිදවන එකත් එක අවස්ථාවක්.
{02:06:09} : පාප චේතනාවක් ගුණ මහත්වය නිසා බරපතල වුන කතාවක්…
(ශ්‍රාවක මහතෙක්): අර සිද්ධිය ගත්තහම ඕක හොඳටම පැහැදිලි වෙනවා හාමුදුරුවනේ, අර රහතන් වහන්සේ නමක් ස්නානය කරන අවස්ථාවේ අර සිටුවරයා… (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, අන්න ඒකයි දැන්, අර එතන රහතන් වහන්සේ, පිළින්දවච්ච රහතන් වහන්සේ, ශරීරය හොඳ මෘදු, යම්කිසි මටසිලුටු ශරීරයක් තිබුණු කෙනෙක්. මෙයා ඒ සිවුරු අහක් කරලා, ස්නානය කරන වෙලාවක එක්තරා සිටුවරයෙකුට “මේ තැනැත්තා මට ගෑණියක් වුනා නම්” කියලා හැඟීමක් ඇතිවුනා. රහතන් වහන්සේ නමක් බව දන්නේ නෑ. ඒ මොහොතෙම ලිංග විපර්‍යාසයක් වුනා. එතන ඇතිවුන වෙනසක්, ඒක.
(ශ්‍රාවක මහතෙක්): ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන කරුණක්, ඒක (ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු ඔවු! ඊට පස්සේ එයා මොකද කරන්නේ, එතැනින් ගිහිල්ලා ඉවරවෙලා, වෙන ඈත පැත්තක, තමන්ගේ යහළු සිටුවරයෙක් ගේ ගෙදරකට ගිහිල්ලා, මේ සිද්ධිය කියලා හිටියා. ඒ සිටුවරයා තමන්ගේ භාර්‍යාව වශයෙන් තියාගත්තා. එයාට දරුවෝ දෙන්නෙක් එහෙත් හම්බ වුනා. මෙහෙත් දරුවෝ දෙන්නෙක් හිටියා. ඊටපස්සේ පිළින්දවච්ච රහතන් වහන්සේ ඒ ගමට වැඩි අවස්ථාවක, “මට මෙහෙම දෙයක් සිද්ධ වුනා, දැනුයි ඒක තේරෙන්නේ” කියලා උන්වහන්සේ කමා කළා ගිහින්. කමා කරගත්තහම ආයි සැරයක් පිරිමි බවට පත්වුනා. ඊට පස්සේ, එකම අත්බැව තුළ ස්ත්‍රී අත්බැවට පත්වෙලා දරුවෝ දෙන්නෙකුයි, පුරුෂ අත්බැවේ දරුවෝ දෙන්නෙකුයි කියලා දරුවෝ හතර දෙනෙක් ඒ සිටුවරයාට හිටියාලු.
(ශ්‍රාවක මහතෙක්): ඒක කරගත්තේ චේතනාව හින්දා නෙමෙයි.. ? (ස්වාමීන් වහන්සේ): අන්න, ඒ චේතනාව කියලා කියන දේ, චේතනාවක් තිබුණා. මොකද්ද? කාම මිත්‍යාචාරයට ගැලපෙන චේතනාවක් ගත්තා. ඒකයි එතන චේතනාව වුනේ. අන්න ඒකයි ඒ ගුණ මහත්වය අනුව ඒකේ තියෙන විරුද්ධ වෙලා ආපු හැටි. ඒ බාහිර හේතූන්ගෙන් තමයි අල්ප සාවද්‍ය , මහා සාවද්‍ය වෙන්නේ. ඒකයි හේතුව.
{02:07:27} : අනන්තර – සමනන්තර ප්‍රත්‍යයට අනුව විපාක ඵලදෙන හැටි…
(ශ්‍රාවක මහතෙක්) : මේ සමනන්තර, අනන්තර අපේ හාමුදුරුවනේ පොඩ්ඩක්… (ස්වාමීන් වහන්සේ): “අන් + අන්තරය” කියන වචනෙයි “අනන්තර” කියන්නේ. “අන්” කියන්නේ ආහාරයට. ආහාරයක් අන්තර්ගත වීමට කියනවා, අනන්තරය. “සම + අන් + අන්තරය” කියලා කියන්නේ “සමනන්තර” කියන එක. සමාන ආහාරයක් අන්තර්ගත වෙන්නේ සමනන්තරයයි.
අපි ආහාරයක් අන්තර්ගත කරනවා, දැන් අපි හිතමු, දැන් වී ඇටයක් අරගත්තහම, ගොයම් ගහක, මතු ගොයම් ගහක් හටගන්න අවශ්‍යය කරන්නාවූ ආහාරයක් වී ඇටය තුළ පෝෂණයක් වශයෙන් අන්තර්ගතයි. “අන් + අන්තරයක්” ඒ වී ඇටයේ තියෙනවා. ඕක තියෙනවා අටුවේ. දැන් ඉතින් ඕක පැළවෙන්න නම් ඒකට සමාන වූ ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ, පැළවීමේ ක්‍රියාවලියට. ඒක තියෙන්නේ මඩේ. එහෙනම්, මඩ හදලා ඉවරවෙලා, වී ඇටය මඩට ඉහිනවා. සම ආහාරය අන්තර්ගත වෙලා අර වී ඇටයේ තිබිච්ච “අන්” කියන ආහාරයේ අන්තරගතයයි දෙක එකතු වෙච්චහම, ඒකෙන් රෝපණය වෙලා එනවා, කොණ්ඩි වෙලා, වී පැළය. එහෙනම්, වී පැළයට අනන්තර – සමනන්තර දෙකක් එකතු වුනා වී පැළය හැදෙන්න. අනන්තරේ අටුවේ තිබිච්ච වී ඇටයේ තිබුණා, සමනන්තරේ කුඹුරේ තිබුණා. අන්න, අනන්තර, සමනන්තර එකතු වීම නිසා යමක් ජනිත වෙනවා, පසුබිම හදලා දෙනවා. ඒකයි අනන්තර – සමනන්තර කියන්නේ.
(ශ්‍රාවක මහතෙක්): ආනන්තරික කියන්නේ? (ස්වාමීන් වහන්සෙ): ” න + අන් + අන්තරික” – ආනන්තරික කියන්නේ. “න + අන්” කියන්නේ, ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නැහැ අර විදිහටම. “න + අන් + අන්තරික” කියනවා “ආනන්තරික”. ඒකියන්නේ සමනන්තරයට අවශ්‍යය කරන ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නෑ, හටගත්ත අර පාපකර්මයේ බලය අර නිපදවාගෙන එන්න බලවත්! ඒ නිසා ඒකෙන්ම නිපදවනවා පසුතලය. ඒ නිසා කියනවා, ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නෑ ඒක ඵලදෙන්න. ඒ නිසා තමයි ඒකෙන් බේරෙන්න බැරි! (ශ්‍රාවක මහතෙක්): පඩිසන් දෙනවා මයි! (ස්වාමීන් වහන්සේ): ඒක දෙනවා මයි! මොකද, අනික්වාට සම ආහාරයක් අන්තර්ගත වෙන පරිසරයක් හැදුනොත් තමයි ඵල දෙන්නේ. ඒක උපක්‍රමයෙන් හරි නැතිකරගන්න පුලුවන්.
(ශ්‍රාවක මහතෙක්): දැන් කර්ම භවයේ අනික් පවු පහු වෙවී යන්නේ ඔය හේතුව හින්දා, අනන්තරය සකස් කළහම තමයි පඩිසන් දෙන්නේ ? (ස්වාමීන් වහන්සේ): ඔවු, ඒකයි වෙන්නේ.
{02:09:18} : ලෝකෙට දුන් වටිනාකම අඩු වෙනකොට අසාධාරණකම් අත්හැරෙනවා
(ශ්‍රාවක මහතෙක්): එතකොට ස්වාමීන් වහන්ස, දැන් මේ සෝවාන් වෙන්න අනිවාර්‍යයෙන්ම ආර්‍ය ධර්මයක් අහන්නම ඕනේ, ඇහිය යුතුමයි නේ, එතකොට දැන් ඔබවහන්සෙගේ දේශනා අපි අහද්දී අපිට අපි ගැන සංසන්දනයක් වෙනවානේ, මේ පිළිතුර අපේ තුළින් නම් එන්නේ නෑ, මෙහෙමයි කියලා… එතකොට, කොහොමද අපි අවබෝධ කරගන්නේ අපි සෝවාන් වෙලාද නැද්ද කියන එක?
(ස්වාමීන් වහන්සේ): දැන් මෙහෙමයි, දැන් අපි පෙන්නුව අනිච්ච, දුක්ඛ, අනත්ථ කියන මේ ත්‍රිලක්ෂණය විග්‍රහ වෙනවානේ, දැන් මේ ත්‍රිලක්ෂණය විග්‍රහ වෙනකොට මේ තුළින් අපි දැනගන්නවා ලෝකයේ යථාර්තය, යථා ධර්මය. ඒ කියන්නේ, ලෝකයේ කොච්චර ප්‍රිය මනාප දේ තිබුණත් ඒවා අපි කැමති සේ නෑ කියලා දකිනවා. දැන් මේක ලෝක ධර්මතාවය බව දකිනවා. ලෝකයේ යමක් අපි ප්‍රිය කරනවා නම්, මනාප නම්, ඒ ප්‍රිය මනාප දේවල් වලට අකමැති ඒවා එනවා, ඒ කැමති ප්‍රියමනාපය යනවා. මේකෙන් තොර වුන ප්‍රියමනාපයක් ලෝකේ හොයන්න බෑ. අප්‍රිය අමනාප දේවල් අපිට එනවා. එනවාට කැමති නෑ, ඒක නැතිවෙනවට කැමතියි. නමුත් ඒක වෙන්නෙත් නෑ අපිට ඕනෑ හැටියට.
එහෙනම්, මේවාට ඒ නිසා කියනවා, දුක හෝ සැප හෝ කියන දෙකම ඉච්ඡ සේ නෑ, අනිච්චයි. දැන් මේක අපි ඉස්සෙල්ලා දකිනවා. අපි දුකට කැමතිම නෑ. නමුත් අපි සැප කියන ප්‍රිය මනාප දේට කැමතියි. ඒ කැමැත්ත නිසා අපි ඒ පසුපස යනවා. නමුත්, ඒ සැප කියන ප්‍රියමනාපය තියෙන්නේ දහසක් දුක් එක්කලා. දහසක් දුක් කරදර වලින් මැදිවෙච්ච එකක තමයි මේ සැප කියන ආස්වාද මාත්‍රය අපිට විද්‍යාමාන වෙන්නේ. එහෙනම්, ඒ ආස්වාද මාත්‍රය විද්‍යාමාන වෙච්චි එක අපි අල්ලන්න බැලුවොත්, කැමති සේ නොපවතින දෙයක්ම තමයි අපිට ඒ සැප කියන එක මාත්‍රයට ආවෙත්. කොහොමත්, අකමැති වන්නාවූ දහස් ගාණක ඒක වටා තියෙන දුක් රාශියට ඒකාන්තයෙන් ගොදුරු වෙන්නත් සිද්ධ වෙනවා. දැන් මේක තමයි ලෝක ධර්මතාවයේ යථා ස්වභාවය.
මෙන්න මේක මෙහෙමයි කියලා දැනගත්තහම අපි ඊට පස්සෙ කල්පණා කරනවා, “එහෙනම් මං මේ ලෝකේ මොනවද පතන්නේ? මේ ලෝකේ මොනවද මං බලාපොරොත්තු වෙන්නේ? මේ ධර්මතාවය ඉක්ම ගිය යමක් මට බලාපොරොත්තු වෙන්න තියෙනවද ලෝකේ?” අන්න එතෙන්දී එයාටම විමර්ශනය වෙනවා “මට එහෙම බලාපොරොත්තු වෙන්න දෙයක් ලෝකේ නෑ” කියලා. මෙන්න මේ බලාපොරොත්තු නැති වෙනකොට, මේ එක්තරා අදහසක් බිඳිලා යනවා. “මේ ලෝකේ වටිනාකමින් මං හිතාගෙන හිටපු තරම් එකක් නෙමෙයි” කියලා. අන්න, වටිනාකම බිඳිලා ගියා නම් යම් මට්ටමකදී, ඔය මට්ටමේදී ඒ පුද්ගලයට, දැන් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා, “මේ ලෝකේ යමක් පිළිබඳව මට බලාපොරොත්තුවක් ඇතිවුනා නම් මේක වටිනවා කියලා, වෙනදා මගේ තිබුණ ඒ වටිනාකමේ අසීමිත බව නිසා, ඒක ලබාගැනීමට මම නොයේක් වැරදි වැඩ කරන්න පුලුවන්. ඒ වැරදි වැඩ සීමාව ඉක්මවා ගිය වැරදි වැඩ. සමහර වැඩ අනුන්ට ගිණි දීලා ගන්නවා, මගේ වැඩේ කරගන්න. මං ඒ අනුන්ට ලැබෙන ගින්න ගැන මම හිතන්නේ නෑ. එහෙනම්, මං ලඟ තියෙනවා ගිණි සංඛාර මම ගොඩනගලා. අන්න, නිරයට යන්න තියෙන සංඛාර ඒවා. නමුත්, අද මම ඒ වගේ ගිණි දීලා කරන්න තරම් අසාධාරණයක් කරලා යමක් අයිති කරගන්න තැනකට, එහෙම වටිනා දෙයක් මේ ලෝකේ මට පේන්නේ නෑ, එච්චර වටිනා දෙයක් තියෙන බවක්.” එයාගේ මනස එතෙන්ට වැටිලා තියෙන්නේ.
{02:12:15} : තමා සෝතාපන්නද කියලා තමාටම බලාගත හැකියි
එහෙනම්, එයා විසින් අනුන්ට ගිණි දෙන, අනුන්ට මහා විනාසයක් කරන වැඩ කරලා තමන්ගේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. දැන් ඒකෙන් නිදහස් නේ. එහෙනම්, එයා දන්නවා, “ගිණි නිෂ්පාදනය කරන යම් වැඩපිළිවෙලක් මගේ හිතෙන්, කයෙන්, වචනයෙන් මෙච්චර කල් සිද්ධ වුනා නම්, දැන් මගේ මානසිකත්වය එතෙන නෑ. එහෙනම්, එබඳු තැනකින් මිදිච්ච මානසිකත්වයක් නේ මට දැන් තියෙන්නේ. එහෙනම්, සතර අපාගත වෙන්නේ යම් විදිහකින් එබඳු සංඛාරයක් ගොඩනැගුවොත්. එබඳු සංඛාරයක් ගොඩනැගුනේ නැත්නම් මට කොහොමද සතර අපා උප්පත්තියට ජාතියක් හටගන්නේ? මෙන්න මං සතර අපායෙන් නිදහස් බව දැනගන්න පළවෙනි හේතුව”
එතකොට, ඒවාගෙම යම්කිසි පුද්ගලයෙකුට තිරිසන් විදිහට පත්කරන, දැන් මගේ ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාගෙන මොනවාට හරි දේකට මම අනිකෙක් නීච බවට පත්කරනවා. අනිකෙක් පහත් බවට පත්කරනවා. යම්කිසි පුද්ගලයෙක් එබඳු වන්නාවූ නීච බවට, පහත් බවට පත්කරලා මගේ භුක්තිය ලබාගන්න ජාතියේ කෙනෙක් ද මම? තව මං එතැනද ඉන්නේ? අවංකව තමා ගැන හිතලා බලන්න. ඉතින්, තමා දන්නවා එතකොට, “මම කවදාවත් කිසීම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් තකා අනිකෙක් නීච බවට පත්කරන්න තරම් මම ඒ තරම් කඩකිළුටු වෙලා නෑ දැන්. එහෙම ගතියක් මට එන්නේ නෑ”. අන්න, තමා තමා පිළිබඳ විමර්ශනයක් කරලා බැලුවම එන්නේ නැත්නම්, එයා දකිනවා “තිරිසන් බවට පත්කරන සංඛාරයක් මට ගොඩනැගෙන් නෑ. එහෙනම්, එබඳු සංඛාරයක් ගොඩනැගෙන්නේ නැත්තම්, මට තිරිසන් ජාතියක උපදින්න සංඛාර කෝ?” දැන් ඒ සංඛාර නිරෝධයි නේ එතන. ආං තමා දන්නවා තමන්ට එබඳු සංඛාර ගොඩනැගෙන්නේ නැත්තම් එබඳු ජාතියක් පහලවෙන්න හේතු නෑ. “එහෙනම්, තිරිසන් ජාතියට මට හේතු නෑ“
ඒවාගෙම මම මට පුලුවන් කම තියෙද්දී අනිකා රවට්ටලා, අනුන්ට අතපාලා ජීවත් වෙන්න, නැත්තම් මම බැගෑපත් අනුන්ගෙන් ඉල්ලාගෙන කන්න, අනික් පුද්ගලයා රවට්ටලා ගන්න, අනික් පුද්ගලයාව හොර-මැර වංචාවෙන් රවට්ටලා, ඒ විදිහට මංකොල්ලා කාගන්න ගතිලක්ෂණ මං ලඟ නෑ. අනිකාගෙන් ලැබෙන සම්පත්තියක්, “ඔහුට නොවේවා, ඒ සම්පත්තිය මට වේවා!” කියන මෙබඳු අධර්ම සහගත සිතිවිලි පහල කරන්න තරම් වටිනා දෙයක් මට මේ ලෝකේ නෑ, එහෙම දෙයක් කරලා ගන්න. මේ හැඟීම තමන්ට ආවා නම්, ප්‍රේත අත්බැවට උපදින්න තියෙන සංඛාර නෑ. ප්‍රේත සංඛාර ගොඩනැඟෙන්නේ නැත්නම්, ප්‍රේත ජාතියට හේතුව නෑ.
ඒවගේම තමාගේ සූර-වීර බව, තමාට කරගන්න පුලුවන්කම තියෙද්දී තමා කම්මැලි කමට පැත්තකට වෙලා ඉඳලා, තමන් අනුන්ව “මොන වැඩ කරත් කමක් නෑ, මරවලා හරි අනිකාගෙන් මම වැඩ ගන්නවා”. එබඳු දෘෂ්ඨියක් නෑ, එබඳු පාප අදහසක් නෑ. තමන්ට කරන්න පුලුවන් වැඩේ අනුන් කැමැත්තෙන් කරලා දුන්නොත් වෙනම දෙයක්. නමුත්, අනුන්ගෙන් වැඩගන්න බලාගෙන, තමා විසින් මහේෂාඛ්‍ය ලීලාවෙන් ඉඳගෙන, ඒ ජාතියේ ගතිලක්ෂණ නෑ. තමංගේ වැඩ තමං කරගන්න බලනවා. නමුත්, අනිකා කරලා දුන්නොත්, “ඔහුට යහපතක් වේවා!” කියලා කෘතෝපකාරයක් සළකනවා. නමුත් ඒක බලාපොරොත්තුවෙන්, “මං උසස්, අනිකා පහත්” කියන මේ අදහස නෑ. ඒ නිසා අසුරයෙක් වෙලා උපදින්න තියෙන හේතු, සංඛාර ගොඩනැඟෙන්නේ නෑ.
එහෙනම්, ඔය තමයි සතර අපා සංඛාර හතර. ඉතින්, ඔය හතර මං ලඟ නැත්තම්, “ක්ෂය කළ නිරය ඇත්තෙම්, ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙම්, ක්ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්ෂය කළ අසුර නිකාය ඇත්තෙම්” තමන්ට කියන්න පුලුවන්. එතකොට ඒ වගේම, මම දැනගත්ත යම් සත්‍යයක් තියෙනවා නම් ඒක අනියත ද නියතද? “මේ ලෝකේ අසාරයි” කියලා මං යම් ධර්මයකින් දැනගත්තා නම්, ඒක ආයි සාරයි කියලා දැනගන්න ධර්මයක් මේ ලෝකේ ගොඩනැගෙයිද? ගොඩනැගෙන්න හේතුවක් නෑ. මොකද, යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනකොට, අකමැති දේවල් ඒකට එනවා, කැමති දේවල් යනවා. මේක ධර්මතාවයක්. මේ ධර්මතාවය ලෝකේ වෙනස් වෙන්න පුලුවන්ද? වෙනස් වෙන්න බෑ! එහෙනම්, මං දැක්කේ අනියත ධර්මයක් ද, නියත ධර්මයක්ද? නියත වශයෙන්ම යථා ධර්මයක්. එහෙනම්, නියතයි. එහෙනම් මේ හේතුකොටගෙන, ඒ යථා ධර්මය අවබෝධය හේතුකොටගෙන, මම අත්හැරී, නොඇලී, මිදී යන පැත්තට යයිද? අල්ලාගෙන ඉන්න පැත්තට වැටෙයිද? කවදා හරි අත්හැරී, නොඇලී, මිදී යන පැත්තට… එහෙනම් “සම්බෝධි පරායනයි”
එහෙනම්, මේකට කියනවා. ආර්‍යයන්ට ගැලපෙන්නාවූ හරි දැකීම මට තියෙනවා. ඊට අනුකූලව කල්පණාවත් මට තියෙනවා. ඊට අනුකූල ක්‍රියාවයි, කථාවයි මට විද්‍යාමානයි. මගේ ජීවත් වීමත් ඊට අනුකූලයි. ඒවගේ මගේ උත්සාහයක් තියෙනවා නම්, ඊට අනුකූල වන්නාවූ උත්සාහය මිසක් ඒක ඉක්මවා ගිය එකක් නෙමෙයි. එතකොට, මගේ යම්කිසි සතියකින් මට මේටික වැටහෙනවා, දැනුම් තේරුම් යුක්තයි. එහෙනම්, මට තියෙන්නේ ඒ සමයට ගතවීමක්. එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි! ඉතින් එහෙනම්, දැන් එයාට කියන්න පුලුවන්, “ක්ෂය කළ නිරය ඇත්තෙම්, ක්ෂය කළ ප්‍රේත විෂය ඇත්තෙම්, ක්ෂය කළ තිරිසන් යෝනි ඇත්තෙම්, ක්ෂය කළ අසුර නිකාය ඇත්තෙම්, නියතයෙන්, සම්බෝධි පරායණයෙන්, සෝතාපන්න වෙමි” යි හෙතෙම කැමති නම් ප්‍රකාශ කරන්නේය. කැමති නම් කරන්න පුලුවන්. නමුත් කාට කියන්නද? කාටවත් කියලා වැඩක් තියෙනවද? කැමති නම් කීහැකි, කවුද අහන්නේ?
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD002-02