Tag: අරිය පරියේෂණය

07 සංයුක්ත තැටියඅනත්ථභාවනා

කර්මස්ථාන වැඩීමට පසුබිම සකස් කරගැනීම

අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහලා. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල!

02 සංයුක්ත තැටියමූලික දේශනා

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවා” කියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව “විද්‍යාව” හරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට.