Tag: අරූප ධ්‍යාන

13 සංයුක්ත තැටියපිලිසමුපා

ධ්‍යාන, රාග ද්වේෂ මෝහ අනුසය, කර්ම විපාක, නිරෝධ සමාපත්තිය

“නිරෝධ” කරනවයි කියන්නෙ, “නිර් + උදා” කරන එකයි නිරෝධ කරනවයි කියන්නෙ – උදා කරන්නෙ නෑ. නැතිකරනවා කියන එක නෙමෙයි. නැතිකරනවා කියන කතාව ගත්තොත් යථාර්තය එන්නෙ නෑ. දැන් මොනවද නැතිකරන්නෙ? නැත්නම් මොනවද උදාකරන්නෙ නැත්තෙ? රාගය, ද්වේෂය, මෝහය කියන තුන.

13 සංයුක්ත තැටියමූලික දේශනා

ලෝක විග්‍රහය, සතර සතිපට්ඨානය, සසර ණය

එතකොට “සියළු ලෝක සියළු සත්ත්වයෝ” කියනකොට අපි ගොඩනඟාගෙන තියෙන ඒ සියළුම ලෝක අවිද්‍යාවේ – තෘෂ්ණාවේ නිගමනයෙන් ගොඩනඟාගත්ත ඒවා. “සියළු සත්ත්වයෝ” කිවුවහම ඡන්ද රාගයෙන් ඇලි ඇලී මේකෙ ඉන්නකන් සත්ත්වයා. එහෙනම් ඡන්ද රාගයෙන් ඇලි ඇලී ඉන්න දෘෂ්ඨියත්, ඒ දෘෂ්ඨිය මත ගොඩනඟාගත්තාවූ යමක් ඇත්නම් එයත්, අපිට දුක දෙන්න හේතුවෙනවා. එතකොට ඒකෙන් මිදුනොත් තමයි සත්ත්වත්වයෙන් මිදෙන්නෙ, ලෝකයෙන් මිදෙන්නෙ.