Tag: ආකාර රූප

අභිධර්මයසදහම් සාකච්චා 1

භෞතික ලෝකය, නාම ලෝකය, නාම-ගෝත්‍ර හා නිවන

දැන් අපි හීනයක් දැක්කා, මොකක්ද දැක්කෙ? මේ ලෝකෙ මං මෙහෙම එකක් දැක්කා. ඒ දැකපු හීනේ, අපි දැක්ක බව හොදටම දන්නවා, දර්ශනය කරපු බවත් දන්නවා. ඉතින් ඔච්චර පැහැදිලි එක කොහෙද තියෙන්නේ, කොයි පැත්තෙද? ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න බැහැනේ. මොකද, මේ දිසා සහිතව අල්ලාගත්තේ භෞතික ලෝක සිද්ධාන්තයකටයි මේ දිසාවක්, තැනක් අපි නිගමනය කරගෙන ඉන්නේ, භෞතික වස්තු දැකපු අත්දැකීම. භෞතික වස්තුවක් නම්, කොතන හරි තියෙනවා කිව්වොත්, තියෙන තැනක් ඕනේ. දිශාවක් ඕනේ. ඒ භෞතික “රූප වස්තු” මනින මිම්ම. “නාම වස්තු” මනින්න ඔය මිම්මෙන් බෑ. අන්න ඒකයි වෙනස…