Tag: උප්පත්ති භවා

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

01 සංයුක්ත තැටියමූලික දේශනාවිදර්ශනාව

අස්සාස දහම්, පස්සාස දහම්, අනන්තර සමනන්තර ප්‍රත්‍යය

“ආනාපානසතිය කියන එක ඕනේම තැනකදි වඩන්න පුලුවන්, යන – එන, කරන – කියන, කතා කරන, කතා නොකරන හැම තැනකදීම පහ කළ යුත්ත දැනගෙන පහ කරනවා, ඇසුරු කළ යුත්ත දැනගෙන ඇසුරු කරනවා.” කුමක් ඇසුරු කළ යුතුද? කුමක් පහ කළ යුතුද? යම්කිසි අවිද්‍යා – තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක් ඇත්ද, පහ කළ යුතුයි!