Tag: කර්ම – කර්ම පථ

02 සංයුක්ත තැටියමූලික දේශනා

චේතනා, කර්ම, විපාක, සම්පත්ති, විපත්ති, නීවරණ

කර්මයයි, කර්ම පථයයි දෙකක් තියෙනවා. දැන් දස අකුසළ කර්ම තියෙනවා, කර්ම පථය කියලා තියෙනවා. … දැන් මේවායේදි ඇතිවෙන්නාවූ සම්පූර්ණ කර්මයක් බවට පත්වීමක් තියෙනවා, කාරණා සම්පූර්ණ නම්. ඒවට කියනවා, “කර්ම” සහ “කර්ම පථ”. කර්මයයි, කර්ම පථයයි කියන මේ දෙක තෝරාගන්න ඕනෑ.

සදහම් සාකච්චා 1

සංඛාර වලින් කර්ම පථයක් හැදෙන හැටි

දන් දෙන්නෙත් නැතුව, බණ අහන්නෙත් නැතුව, හිත පහදවා ගත් පමණින් දෙවි වෙන්න පුලුවන්ද? කියලා මට්ටකුණ්ඩලී ගේ සිද්ධිය ගැන ඇහුවනේ අදින්නපුබ්බක, බුදුරජාණන් වහන්සේගෙන්. දැන් ඒ වෙලාවෙදි, අත් එකතු කරගන්නවත් පණ නෑ. හිතෙන් සාදුකාරයක් දුන්නා. වචී සංඛාර නිපදවුණානේ. ඒකෙන් දෙවි වුණා. අන්න ඒ වගේ. බොහොම සියුම් තැන්…

01 සංයුක්ත තැටියමූලික දේශනා

නිවනේ නිරෝධ ස්වභාවය, ආර්ය කාන්ත සීලය, අරිය ධ්‍යාන

“ස්වාමීනි, දැනටමත් ඔබවහන්සේ දේශනා නොකරපු දහම් කොටස් දේශනා කළ හැටියට මේ භික්ෂූන් අතර නොයෙක් කථා යනවා, කියවෙනවා. දැනටමත් මෙහෙම විපරීත කරගන්නවා නම්, මතු මේ පශ්චිම ජනතාව ඔබවහන්සේ දේශනා කරපු එක කොහොම සුද්ධ කරලා ගනීද?”
“ගෝතමිය, ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි! යමක් ඇසුරු කරනකොට, යමක් ක්‍රියාත්මක කරනකොට, යමක් කථා කරනකොට, ක්‍රියා කරනකොට, රාගක්ෂය වෙන බව, ද්වේෂ ක්ෂය වෙන බව, මෝහ ක්ෂය වෙන බව, ඒකට හේතු තියෙන බව පේනවා නම්, ඒවා බුද්ධ දේශනා. යමක් ක්‍රියාත්මක කරනකොට රාගක්ෂය වෙන්නේ නැත්නම්, ද්වේෂක්ෂය වෙන්නේ නැත්නම්, මෝහක්ෂය වෙන්නේ නැත්නම්, ඒවා බුද්ධ දේශනා නෙමෙයි! මේකෙන් තෝරාගන්න.”