Tag: කායානුපස්සනාව

04 සං‍යුක්ත තැටියපිලිසමුපාභාවනාවිදර්ශනාව

නිවන් මඟ හෙළි කරන නිවැරදි කේෂා ලෝමා භාවනාව

“කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා සිහි කරනකොට ජරාවක්, ලෝක සම්මත ජරාවක් පිළිකුල් කරනකොට නිවන් දකිනවා නම්, මේ ලෝකයා නිරන්තරයෙන් කරන වැඩේ ඕකනෙ, ලෝකයා නිරන්තරයෙන් නිවන් දකිනවා, බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ. මේ ඇඟේ තියෙන කෑලි දැකලා “කැතයි, ගඳයි, පිළිකුලයි” කියනකොට ඒක නිවන් මඟ නම්, එහෙම නිවන් දකින්න පුලුවන් නම්, ඔප්පු කරන්න පුලුවන් වෙනවා අපිට, අනික් අයටත් නිවන් තියෙනවා.

කොච්චර කැත වුනත්, කොච්චර ගඳ වුනත්, කොච්චර පිළිකුල් වුනත්, ආස්වාදයට කැමති නිසා ලෝක සත්වයා මේ කැත, ගඳ, පිළිකුල ශරීරය පරිහරණය කරනවා….. ආසාවන් සිහි කරනකොට ආසාවන් නැතිවෙනවද? වැඩිවෙනවද? යම්කිසි ආශාවක් පුද්ගලයෙකුට ඇති වුනහම ඒ ආශාවම යළි යළි සිහි කළොත් “ආශාවක්, ආශාවක්” කියලා, ඒක වැඩිවෙනවා මිසක් අඩුවෙන්න පුලුවන්ද?

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

ශුද්ධාෂ්ඨක, කරණීය මත්ත සූත්‍රය, ආනාපානසතිය

…මේක ඝනීභවනය වෙනවා, තව අවස්ථාවක්! අන්න ඒකෙන් හටගන්නා ඊලඟ අවස්ථාව ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු කියලා ධාතු බවට ඝනීභවනය වෙනවා. අන්න ඒ ධාතු හතර එක් වීමෙන් තමයි මේ ලෝකේ සත්ත්ව-පුද්ගල-ද්‍රව්‍යය-වස්තු පහල වෙන්නේ!