Tag: නිරෝධ සමාපත්තිය

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. …. ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ….. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි.

03 සං‍යුක්ත තැටියමූලික දේශනා

සදහම් පැන විසඳුම්

මෙම දේශනාවෙහි අරිය කාන්ත සීලය, අපිලාපන හා උපහන්හන ස්මෘති, අෂ්ට සමාපත්ති , බ්‍යාමමත්තේ කලේබරේ, ගිරි භාණ්ඩ, සෘද්ධි, අරිය මෙත, සුවාසූ දහසක්, දෙවුදත් තෙර, උපේක්ෂාතර උපේක්ෂාව, අරි අටඟි මඟ, පබස්සර සිත, ආලෝක කර්මස්ථානයක් යන දහම් කරුණු මූලිකව තවත් බොහෝ දහම් කරුණු සම්බන්ධ පැහැදිලි කිරීම් අන්තර්ගත ය.