Tag: බලාපොරොත්තු වල අසාරත්වය

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

02 සංයුක්ත තැටියමූලික දේශනා

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 1 : බලාපොරොත්තු ඉටු නොවීම

ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? “ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා, අපිට ඉන්න, පවතින්න, සැනසිල්ලේ ඉන්න හරවත් දෙයක් තියෙනවා” කියන මේ නිගමනයට බහිනවා. ඔය නිගමනයට බහින්නේ මොකද, හරයක්, හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම්, අපිට හිතෙනවා නම්, අපි තව “විද්‍යාව” හරියට දැකලා නෑ! අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි කියන මේ ත්‍රිලක්ෂණය වැටහිලා නෑ හරියට.