Tag: රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ

07 සංයුක්ත තැටියඅනත්ථභාවනා

කර්මස්ථාන වැඩීමට පසුබිම සකස් කරගැනීම

අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහලා. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල!

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රියභාවනාමූලික දේශනා

ධ්‍යාන, සමාධි, මඟ​ ඵල, පෙරහැරේ දහම් අරුත

ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් ඇත්නම්, ඒ ධර්මය අඩු-වැඩි කරන්න යන එක වටින්නෙ නෑ. අපේ බාසාවෙන් අපිට වැටහෙන දේ විග්‍රහ කරන්න පුලුවන්, හැබයි ඒ ධර්මයට අනුකූලව අපි කියනවා මිසක්, ඒ ධර්මයේ “මේක මෙහෙම දාන්න එපා, මෙහෙම කරන්න” කිවුවොත් ඒක හරියන්නෙ නෑ. …. ඕවගේ ඒවා අපිට කරන්න අයිතියක් නෑ. ඒ මහා අපරාධයක් වෙනවා, එහෙම කරන්න ගියොත් ඒක වැරදෙනවා; ධර්මානුකූල නෑ….. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේ තියෙන දේවල්, ඒ ධර්මය විකෘති කරනවා නම්, කොතනින් කෙළවරක් වෙයිද කියන්න බෑ. හැබැයි අපි කියන කොයි දෙයක් හරි ඒ ධර්මයට එකඟ වෙන්න ඕනෙ. ධර්මයෙන් පෙන්නන්න ඕනෙ සාක්ෂි.