Tag: විඤ්ඤාණස්කන්ධය

07 සංයුක්ත තැටියඅනත්ථභාවනා

කර්මස්ථාන වැඩීමට පසුබිම සකස් කරගැනීම

අප්‍රමාණ දුක් වේදනාව, සැප වේදනා මාත්‍රයෙන් වහල ගෙනත් දෙනවා. බලපු නැති නිසා, තේරුම් ගත්තෙ නැති නිසා, ඒ සැප වේදනා මාත්‍රයක් මතුවටත් බලාපොරොත්තුවෙන්, අප්‍රමාණ දුක් වේදනා විඳිනවා. ඒ දුක් වේදනා සියල්ලම සැප වේදනා මාත්‍රයෙන් වහලා. අන්න රැවටිල්ල, වේදනාවේ රැවටිල්ල!

02 සංයුක්ත තැටියමූලික දේශනා

චේතනා, කර්ම, විපාක, සම්පත්ති, විපත්ති, නීවරණ

කර්මයයි, කර්ම පථයයි දෙකක් තියෙනවා. දැන් දස අකුසළ කර්ම තියෙනවා, කර්ම පථය කියලා තියෙනවා. … දැන් මේවායේදි ඇතිවෙන්නාවූ සම්පූර්ණ කර්මයක් බවට පත්වීමක් තියෙනවා, කාරණා සම්පූර්ණ නම්. ඒවට කියනවා, “කර්ම” සහ “කර්ම පථ”. කර්මයයි, කර්ම පථයයි කියන මේ දෙක තෝරාගන්න ඕනෑ.