Tag: සප්ත විශුද්ධිය

10 සංයුක්ත තැටියභාවනාවිදර්ශනාව

කාම ලෝක අනාථයි – කර්මස්ථාන භාවනා විග්‍රහය

අනාථයි කියල දැනගත්තනම්, දුක දැකලත් ඉවරයි. අනාථත්වයේ පැවැත්මක් ඇත්ද, දුකට හේතුවයි කියල දැකලත් ඉවරයි. අනාථත්වයේ අත්හැරීම, දුක නිදහස්වීම කියල දැකලත් ඉවරයි. අනාථත්වය අත්හරින්න මොකද කරන්න ඕනෙ? අනාථයි කියන තත්වයම සිහිකරල බලන්න ඕනෙ. එහෙනම් ඒක මාර්ගයයි. චතුරාර්ය සත්‍යම ඔතන දැකල ඉවරයි. “අරිහත් ඵලයෙන් කෙලවර වෙන භාවනාවක්” 

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

නිවැරදිව දුක්ඛ අරිය සත්‍යය දකිමු – 2 කොටස

“දුකට හේතුව” නිසා කොටු වෙනවා, දුකට පිරිලා බැඳගන්න සිද්ධ වෙනවා. එහෙනම් “දුක” දුක හැටියට දකින්න ඕනෙ, “දුකට හේතුව” දුකට හේතුව හැටියට දකින්න ඕනෙ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කියලා දැක්කෙ නැත්තම් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද, අපි “දුක” දැකලත් නෑ, “දුකට හේතුව” දැකලත් නෑ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නෑ.

වචන කියාගෙන ගිහෑකි, “යායං තණ්හා, පෝණෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා…” කියලා “දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” තේරුවට, තේරුණාද? අන්න නොතේරෙන තැන. තෝරාගන්න නම් ඔය ක්‍රමයට දකින්න ඕනෑ, හරි ආකාරව දුකයි, දුකට හේතුවයි.

03 සං‍යුක්ත තැටියමූලික දේශනා

සදහම් පැන විසඳුම්

මෙම දේශනාවෙහි අරිය කාන්ත සීලය, අපිලාපන හා උපහන්හන ස්මෘති, අෂ්ට සමාපත්ති , බ්‍යාමමත්තේ කලේබරේ, ගිරි භාණ්ඩ, සෘද්ධි, අරිය මෙත, සුවාසූ දහසක්, දෙවුදත් තෙර, උපේක්ෂාතර උපේක්ෂාව, අරි අටඟි මඟ, පබස්සර සිත, ආලෝක කර්මස්ථානයක් යන දහම් කරුණු මූලිකව තවත් බොහෝ දහම් කරුණු සම්බන්ධ පැහැදිලි කිරීම් අන්තර්ගත ය.

02 සංයුක්ත තැටියසිවු අරි සස්

සිවු අරිසස්, ආස්වාද, ආදීනව, නිස්සරණ තුළින් සප්ත විශුද්ධියට පත්වීම

ලස්සන රූපයක් දැක්කහම බලන්නැතුව ඉන්න බෑ, බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්ඩ ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකං ඉන්ඩ බෑ, අරන් ඉඹලා බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්ඩ බෑ, පහසක් මතක් වුනහම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ තත්වෙට පත්වෙලා ඉන්නවා නම්, එයාට කියනවා “කරවටක් කාම මඩේ එරිලා ඉන්න පුද්ගලයා”