Category: සිවු අරි සස්

චතුරාර්යය සත්‍යය – සිවු අරි සස්

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

නිවැරදිව දුක්ඛ අරිය සත්‍යය දකිමු – 2 කොටස

“දුකට හේතුව” නිසා කොටු වෙනවා, දුකට පිරිලා බැඳගන්න සිද්ධ වෙනවා. එහෙනම් “දුක” දුක හැටියට දකින්න ඕනෙ, “දුකට හේතුව” දුකට හේතුව හැටියට දකින්න ඕනෙ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය, මධුර ස්වභාවය කියලා දැක්කෙ නැත්තම් අපිට සිද්ධ වෙන්නෙ මොකද්ද, අපි “දුක” දැකලත් නෑ, “දුකට හේතුව” දැකලත් නෑ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නෑ.

වචන කියාගෙන ගිහෑකි, “යායං තණ්හා, පෝණෝභවිකා, නන්දිරාග සහගතා, තත්‍ර තත්‍රාභිනන්දනී, සෙය්‍යතීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා…” කියලා “දුක්ඛ සමුදය ආර්ය සත්‍යය” තේරුවට, තේරුණාද? අන්න නොතේරෙන තැන. තෝරාගන්න නම් ඔය ක්‍රමයට දකින්න ඕනෑ, හරි ආකාරව දුකයි, දුකට හේතුවයි.

03 සං‍යුක්ත තැටියමූලික දේශනාසිවු අරි සස්

කර්මස්ථාන වැඩීමට නිවැරදි දුක්ඛ අරිය සත්‍යය දකින අයුරු

“පංච කාම සම්පත්තිය සැපයි” කියලා දකිනවා මිසක්, ඒක දුකයි කියලා දකින මාර්ගයක් තියෙනවා ආර්‍යයන්ට. හැබෑයි උඩින් මත්තෙන් බැලුවට කාටවත් හිතෙන්නේ නෑ කොහොමද පංච කාම සම්පත් දුක වෙන්නේ? එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නෑ. අන්න, දහම් අහලා, යථාර්තය වැටහිලා තිබුණා නම්, අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නෙ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කළත් නිවන් දකින්න බෑ මෙන්න මේ මූලධර්මය දැනගන්නකන්.

02 සංයුක්ත තැටියසිවු අරි සස්

සිවු අරිසස්, ආස්වාද, ආදීනව, නිස්සරණ තුළින් සප්ත විශුද්ධියට පත්වීම

ලස්සන රූපයක් දැක්කහම බලන්නැතුව ඉන්න බෑ, බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්ඩ ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කහම නිකං ඉන්ඩ බෑ, අරන් ඉඹලා බලන්න ආසයි. රසයක් දැක්කහම ඉන්ඩ බෑ, පහසක් මතක් වුනහම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ තත්වෙට පත්වෙලා ඉන්නවා නම්, එයාට කියනවා “කරවටක් කාම මඩේ එරිලා ඉන්න පුද්ගලයා”

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

ඛය ධම්ම, වය ධම්ම, සත්ව මාත්‍රය තුළින් දුක්ඛ අරිය සත්‍යය දැකීම

එක බල්ලෙකුට වෙඩි තිබ්බොත්, අනිත් බල්ලො පළාතෙත් නෑ, දුවලා, මරණ බය නැද්ද? ඉතිං “භයට්ටෙන දුක්ඛා” කියන එක මරණ බය ගත්තොත් එහෙම, බල්ලාටත් චතුරාර්ය සත්‍යය කරන්න පුළුවන්නේ ඔය විදිහට කියනකොට. ඌටත් බය තේරෙනවනෙ. ඒ බය වෙන එකක්. ඒක මේ ලෝක සත්වයන්ට පිහිටපු, මොලයක් ඕන්නැහැ ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ ඕක තෝර ගන්න. කපුටෙකුට වෙඩි තිබ්බොත් පැත්ත පළාතක නැහැ අනිත් කපුටෝ එකෙක්වත්. උන්ටත් ඒකට බයයිනේ. උන්ටත් තේරෙනවනේ මරණ බය කියන එක.

දුක්ඛසදහම් සාකච්චා 1සිවු අරි සස්

දුක් දොම්නස් දැකීම දුක්ඛ ආර්ය සත්‍යය දැකීමද?

එතකොට “දුක” කියන්නේ, ලෝක සම්මත දුක එකක්. ඒ දුක කවුරුත් දකිනවා, බෞද්ධ වෙන්න ඕනේ නෑ. එහෙනම් අපි දකින්න ඕනේ චතුරාර්ය සත්‍යයේ පෙන්වන දුක. දුක්ඛං භයට්ඨේන කියල පෙන්නනවා. එහෙනම් දුක දකිනවා කිව්වහම දුක, දුක්ඛ සත්‍යය වේද? දුක්ඛ සත්‍යය දුක්ඛ වේද?, යමකප්‍රකරණයේ ප්‍රශ්නයක් අහල විසදනවා. “දුක්ඛ දුක්ඛ වේ, දුක්ඛ සත්‍යය නොවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සත්‍යය වේ, දුක්ඛ නොවේ”.