Tag: හේතු – ඵල

13 සංයුක්ත තැටියභාවනාමූලික දේශනා

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

04 සං‍යුක්ත තැටියආර්ය මෛත්‍රිය

කරණීයමත්ත සූත්‍රය ඇසුරින් ආර්ය මෛත්‍රිය

බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මෛත්‍රී භාවනාව ප්‍රධාන කර්මස්ථානය හැටියට…. ලෞකික මෛත්‍රී භාවනාවකුයි ආර්ය විනයේ මෛත්‍රී භාවනාවකුයි වෙනම තියන බව තමයි පැහැදිළිව පෙන්නල තියෙන්නෙ. “විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමී” මෛත්‍රී සහගත සප්ත බොජ්ඣංග වඩන්න කියලයි පෙන්නල තියෙන්නේ…. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව….

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 1 කොටස

අපිට තව කෙනෙකුට සිතක් පහල කරන්න බැරිවුනාට, සිතක් පහල කරන්න අරමුණු කරන්න ඕනෑ කරන සටහන දුන්නහැකි. රූප කළාපයක් සකස් කරලා, සෙත් කරලා දෙන්න පුලුවන්. අන්න “සෙත වදිනවා” කියන්නේ ඕකයි. සිත දෙන්න බෑ, මගේ හිත මං ලඟ. ඒක ආවා, උප්පාද – තිඨි – භංග වුනා, ඉවරයි!

අභිධර්මයසදහම් සාකච්චා 1

භෞතික ලෝකය, නාම ලෝකය, නාම-ගෝත්‍ර හා නිවන

දැන් අපි හීනයක් දැක්කා, මොකක්ද දැක්කෙ? මේ ලෝකෙ මං මෙහෙම එකක් දැක්කා. ඒ දැකපු හීනේ, අපි දැක්ක බව හොදටම දන්නවා, දර්ශනය කරපු බවත් දන්නවා. ඉතින් ඔච්චර පැහැදිලි එක කොහෙද තියෙන්නේ, කොයි පැත්තෙද? ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න බැහැනේ. මොකද, මේ දිසා සහිතව අල්ලාගත්තේ භෞතික ලෝක සිද්ධාන්තයකටයි මේ දිසාවක්, තැනක් අපි නිගමනය කරගෙන ඉන්නේ, භෞතික වස්තු දැකපු අත්දැකීම. භෞතික වස්තුවක් නම්, කොතන හරි තියෙනවා කිව්වොත්, තියෙන තැනක් ඕනේ. දිශාවක් ඕනේ. ඒ භෞතික “රූප වස්තු” මනින මිම්ම. “නාම වස්තු” මනින්න ඔය මිම්මෙන් බෑ. අන්න ඒකයි වෙනස…

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”