Tag: අනන්තර සමනන්තර ප්‍රත්‍යය

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 2 කොටස

හැම වෙලේම ජාතියක් පහලවෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජාතියක් පහල වෙන්නේ සංස්කාරයෙන්, සංස්කාරයක් පහල වෙන්නේ අවිද්‍යාවෙන්. මෙලොව ජාතියක් පහලවෙන්න නම්, ඔය කියන අවිද්‍යාව බලපාන අවස්ථාවකුත් තියෙනවා. ඒ එක පැත්තක්. රහතන් වහන්සේගෙත් මෙලොව ජාතියක් තියෙනවා. “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං…” ආදී වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඒ ටික යනවා. ඉතින් පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙන රටාව එහෙම දැනගන්න ඕනේ.

02 සංයුක්ත තැටියඅනිච්චමූලික දේශනාවිදර්ශනාව

මුලාව නිසා සසර හැදෙන හැටි ඉතා සරළව – 2 : සෝතාපන්න වීම, අරිය ධ්‍යාන, දන්දීම සහ පවු පලදීම

එහෙනම්, මං ලඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තියෙනවා. එහෙනම්, “සෝත” යනු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයට නමක්, ඒකට පත්වෙලා ඉන්නවා නම් සෝතාපන්නයි!

01 සංයුක්ත තැටියමූලික දේශනාවිදර්ශනාව

අස්සාස දහම්, පස්සාස දහම්, අනන්තර සමනන්තර ප්‍රත්‍යය

“ආනාපානසතිය කියන එක ඕනේම තැනකදි වඩන්න පුලුවන්, යන – එන, කරන – කියන, කතා කරන, කතා නොකරන හැම තැනකදීම පහ කළ යුත්ත දැනගෙන පහ කරනවා, ඇසුරු කළ යුත්ත දැනගෙන ඇසුරු කරනවා.” කුමක් ඇසුරු කළ යුතුද? කුමක් පහ කළ යුතුද? යම්කිසි අවිද්‍යා – තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක් ඇත්ද, පහ කළ යුතුයි!