Tag: ගතියට අනුව උප්පත්තිය

13 සංයුක්ත තැටිය

මරණය, චුතිය, ගතිය හා උප්පත්තිය විග්‍රහය

මරණාසන්න මොහොතෙදි මතුවෙන්නෙ ගතිය. අන්න ඒ ගතිය තමයි අන්තිමට චුතිය ලඟදි පටිසන්ධියට ආධාර වෙන්නෙ. ගතිලක්ෂණය මතුවුනහම, ගතිය හැමවෙලේම ගතියට අනුකූල වන්නාවූ ස්වභාවය මතුකරලා දෙනවා කර්ම ශක්තිය. පටිසන්ධිය ලබාදෙන්නෙ හිත නෙමෙයි, පටිසන්ධිය ලබාදෙන්නෙ කර්ම ශක්තිය කර්ම ශක්තිය. කර්ම ශක්තියෙ උපකරණ වෙන එකක්, සිතිවිලි කියන්නෙ තව එකක්.

01 සංයුක්ත තැටියඅරි අටඟි මඟමූලික දේශනා

සංඛාරයට අනුව ජාතිය, ධ්‍යාන – සමාපත්ති, අරි අටඟි මඟ

ඵල සමාපත්තියෙන් ඉඳගෙන, මේ ලෝකේ හැම දෙයක්ම ඇසින්-කනින්-දිවෙන්-නාසයෙන්-ශරීරයෙන් ඇසුරු කරන්න පුලුවන්. මොනවායින් ඇසුරු කළත්, මොන රූප, මොන ශබ්ද, මොන ගන්ධ ඇසුරු කළත්, ඒ තුළින් යම්කිසි ප්‍රමාණයේ එකක් ගෙවිලා ගියාද, ඒක නැඟෙන්නේ නෑ! ඉතුරුටිකයි නැඟෙන්නේ. අන්න ඒක තමයි ඒ සමාපත්තියේ ස්වභාවය.