Tag: පිළිකුල් භාවනාව

13 සංයුක්ත තැටියභාවනාමූලික දේශනා

අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද

දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.

04 සං‍යුක්ත තැටියපටිභාන කවිභාවනා

කේෂා ලෝමා භාවනාව – පටිභාන කවි

“තමන්ගෙන් වදින්නාවූ හුළං පොදක් වේවා කිසිවෙකුට කරදරයක්, හිංසාවක් පිණිස නොවේවා!” කියන්නාවූ අධිෂ්ඨානයන් තබාගෙන, “අද මේ දරන්නාවූ උත්සාහය, වීර්යය ඒකාන්තයෙන්ම නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙත්වා! අනන්ත ලෝක සත්වයින්ටත් මේ ශාන්තිය, අමා ශාන්තිය එසේම ලැබෙත්වා!” කියන්නාවූ අධිෂ්ඨානයෙන් සාධුකාරයක් දෙන්ට! නිහඬව, දෑත් පහසු විදිහට තියාගෙන, නෙත් අඩවන් කරගෙන භාවනා කරන්න.

04 සං‍යුක්ත තැටියපිලිසමුපාභාවනාවිදර්ශනාව

නිවන් මඟ හෙළි කරන නිවැරදි කේෂා ලෝමා භාවනාව

“කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා සිහි කරනකොට ජරාවක්, ලෝක සම්මත ජරාවක් පිළිකුල් කරනකොට නිවන් දකිනවා නම්, මේ ලෝකයා නිරන්තරයෙන් කරන වැඩේ ඕකනෙ, ලෝකයා නිරන්තරයෙන් නිවන් දකිනවා, බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ. මේ ඇඟේ තියෙන කෑලි දැකලා “කැතයි, ගඳයි, පිළිකුලයි” කියනකොට ඒක නිවන් මඟ නම්, එහෙම නිවන් දකින්න පුලුවන් නම්, ඔප්පු කරන්න පුලුවන් වෙනවා අපිට, අනික් අයටත් නිවන් තියෙනවා.

කොච්චර කැත වුනත්, කොච්චර ගඳ වුනත්, කොච්චර පිළිකුල් වුනත්, ආස්වාදයට කැමති නිසා ලෝක සත්වයා මේ කැත, ගඳ, පිළිකුල ශරීරය පරිහරණය කරනවා….. ආසාවන් සිහි කරනකොට ආසාවන් නැතිවෙනවද? වැඩිවෙනවද? යම්කිසි ආශාවක් පුද්ගලයෙකුට ඇති වුනහම ඒ ආශාවම යළි යළි සිහි කළොත් “ආශාවක්, ආශාවක්” කියලා, ඒක වැඩිවෙනවා මිසක් අඩුවෙන්න පුලුවන්ද?