Category: 79 සං‍යුක්ත තැටිය

79 සං‍යුක්ත තැටිය

79 සං‍යුක්ත තැටියමූලික දේශනා

දෙවියන් ඇදහිය යුත්තේ කුමන ආකාරයටද?

දේවාලෙට ගිහිල්ලා, දේවාලෙට පූජා වට්ටියක් තියලා, “ලොවට යහපතක්, ශාන්තියක්, මොනවා හරි කරලා දෙනවා නම් උදවුවක්, උපකාරයක්, යම් දේවතාවෙක්, ඒ දේවතාවන් උදෙසා මගේ මේ කෙරෙන්නාවූ පූජාවෝ පූජා වේවා!” කියලා පූජා කරලා එන්න. ඒක කෙරුවට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි, තමන් දැනගන්න, මේ ලෞකික වශයෙන් කරන උදවුවක්, උපකාරයකට යම් සම්බන්ධතාවයක් දෙනවද, එක්කෝ එහෙම කරපු එකකට ගුණයක් සළකනවද, ඒකයි මේ කරන්නේ.

ඉතින් ඒ නිසා, ඒවා බුදු දහමෙ තහනම් නෑ. යම්කිසි දෙවි කෙනෙක්ගෙන් පිළිසරණක්, පිහිටක් අරගෙන ඒ ආදී වශයෙන් තමන්ගෙ වැඩ කටයුතු කරගන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒවා දැනගන්න ඕනෑ නිවන් දකින්න නම් නෙමෙයි.