Category: 83 සං‍යුක්ත තැටිය

83 සං‍යුක්ත තැටිය

83 සං‍යුක්ත තැටියමූලික දේශනා

කප්රුක් පූජාව නිවනට උපනිශ්‍රය වන ආකාරය

කල්ප වෘක්ෂය සංකේතයක්. කල්ප වෘක්ෂය කියන එක මේ දෙවුලොව තියෙන, පුන්‍ය සෘද්ධියෙන් පහලවෙච්චි දෙයක්. ඒ දේවතාවෙකුට මොනවා හරි අවශ්‍යයතාවයක් තියෙනවා නම්, ඒ වෘක්ෂය වෙතට ගිහිල්ලා බලාපොරොත්තු වෙනකොට, මැවිලා එනවා.

ඒ පූජා කරපුහාම, අපි සංකේතවත් කළේ “කිසි දෙයක් අඩුපාඩුවක් නැතුව, සර්ව සම්පූර්ණ මහා පූජාවක් දෙනවා” කියලා. ඉතින් අන්න ඒ සංකේතවත් කරලා පූජා කරපුහාම ඒකෙදි ඇතිවෙන්නෙ, අපිට කිසි දවසක අඩුපාඩුවක් නොවෙන, සියලු දෙයින් පූර්ණ වන්නාවූ පරිසරයක්, සියලු දෙයින් පූර්ණ වන්නාවූ කායික-මානසික පරිසරයකට ඒ හේතුවෙන පුන්‍ය සෘද්ධියක් ලැබෙනවා. අන්න ඒ පුන්‍ය සෘද්ධිය නිවනට හේතුවෙන්න අපි හිතාගත්තොත්, නිවන් මඟට හේතුවෙන විදිහට සියලු කටයුතු සම්පූර්ණ වෙන්න ක්‍රමයක් හැදෙනවා.