Tag: පටිසන්ධිය

13 සංයුක්ත තැටිය

මරණය, චුතිය, ගතිය හා උප්පත්තිය විග්‍රහය

මරණාසන්න මොහොතෙදි මතුවෙන්නෙ ගතිය. අන්න ඒ ගතිය තමයි අන්තිමට චුතිය ලඟදි පටිසන්ධියට ආධාර වෙන්නෙ. ගතිලක්ෂණය මතුවුනහම, ගතිය හැමවෙලේම ගතියට අනුකූල වන්නාවූ ස්වභාවය මතුකරලා දෙනවා කර්ම ශක්තිය. පටිසන්ධිය ලබාදෙන්නෙ හිත නෙමෙයි, පටිසන්ධිය ලබාදෙන්නෙ කර්ම ශක්තිය කර්ම ශක්තිය. කර්ම ශක්තියෙ උපකරණ වෙන එකක්, සිතිවිලි කියන්නෙ තව එකක්.

02 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපා

බුදු දහමේ හේතු-ඵල දැකීම – 1 කොටස

අපිට තව කෙනෙකුට සිතක් පහල කරන්න බැරිවුනාට, සිතක් පහල කරන්න අරමුණු කරන්න ඕනෑ කරන සටහන දුන්නහැකි. රූප කළාපයක් සකස් කරලා, සෙත් කරලා දෙන්න පුලුවන්. අන්න “සෙත වදිනවා” කියන්නේ ඕකයි. සිත දෙන්න බෑ, මගේ හිත මං ලඟ. ඒක ආවා, උප්පාද – තිඨි – භංග වුනා, ඉවරයි!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…