දේශනාවට සවන් දෙන්න (අහන ගමන් කියවන්න)
කේෂා ලෝමා භාවනාව තුළින් නිවන් දකිමු
{0:00:00} : “කැතයි,ගඳයි” කියා පිළිකුල් කිරීම නිවැරදි භාවනාව නොවේ
“යදනිච්චං තං දුක්ඛං – යං දුක්ඛං තදනත්ථා” සිද්ධාන්තයට බැහැලා බැලුවා. ආං විද්‍යාව, (සුළු කොටසක් පැහැදිලි නැත). ඉතින් වේදනාව “පිරි සිඳ” දැකලා දුකෙන් මිදෙනවා කිවුවෙ ඕකයි. වේදනා “පිරි සිඳ” දකින්න. වේදනාව ප්‍රියයි, ප්‍රියයි කියලා ගන්න එක හිඳින්න ඕනෙ ඕක දකින්න. වේදනාව ප්‍රියයි-මනාපයි කියලා හිතං ඉන්න තාක්කල් අපිට හිඳින්න බෑ. එහෙනම් ඇත්ත දකින්න බෑ හිඳිනකන්. ඉතින් “පිරි සිඳ” දකින්න කිවුවෙ අන්න ඒකයි; දුක පිරිසිඳ දකින්න. දුකට ප්‍රියයි, ආස්වාදයට ප්‍රියයි. ආස්වාදය දුක් ගොඩකට දාන හැටි දකින්න ඕනෙ. ඉතින් ඒ නිසා හොඳ සිහි නුවණ වැඩෙන මඟක් ඒක.
පටිච්ච සමුප්පන්නව දහම් දකින්න පටන් ගන්නකොට, එන්න එන්න “යාව දේව ඥාන මත්ථාය – පටිස්සති මත්ථාය” එහෙම කරනකොටයි ඥානය මුදුන්පත් වෙන්නෙ, සතිය මුදුන්පත් වෙන්නෙ. එතකොටයි ලෝකය නිශ්‍රයෙන් අත්හැරෙන්නෙ, “අනිස්සිතෝච විහරති”, ලෝකෙ ආත්ම දෘෂ්ටිය යන්නෙ එතකොට “නච කිංචි ලෝකේ උපාධියති” භික්ෂූණ් වහන්සේ ගේ බ්‍රහ්මචරිය වාසය වෙන්නෙ ඒකයි, “ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති” කායානුපස්සනාව වැඩෙන්නෙ එහෙමයි. {{ත්‍රිපිටක සූචිය}}
ඉතින් ඒක පැත්තකින් තියලා “වේදනාවක් වේදනාවක්” කිවුවහම කොච්චර පටුද? “රිදෙනවෝ රිදෙනවෝ” කිය කියා ඉන්නකොටත් ඒක මතක්වෙනවනේ, බුදු බණ ඉගෙනගන්න ඕනැයි නිවන් දකින්න, එහෙම පුළුවන් නේ! ඔය අබුද්ධෝත්පාද කාලෙත් මිනිස්සුන්ට කැක්කුමක් හැදුනම කෑගහන්නෙ නැද්ද, “දනවෝ, දනවෝ, පිච්චෙනෝ පිච්චෙනෝ, රිදෙනෝ, රිදෙනෝ” කියලා කෑගහන්නෙ නැද්ද? ඉතින් මාත්‍රය මාත්‍රය හරි වැඩෙන්න එපැයි ඒක මාර්ගයෙන්. එහෙනම් අබුද්ධෝත්පාද කාලෙ නිවන් මඟ වැඩෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ, “වේදනාවක්, වේදනාවක්” කියලා සිහි කරනකොට වේදනාව නැතිවෙනවා නම්, ඔය බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ නෙ ඕකට, ඔයටික කරගන්න.
ඔප්පු කරන්න පුලුවන් නෙව, අපි ඇහුවොත්, අන්‍යාගමිකයෙක් ගෙන් ඇහුවොත් “ඔයාට රිදෙනකොට මොකද හිතෙන්නෙ? රිදෙනවා කියලා එහෙම හැඟෙන්නෙ නැද්ද?” “හැඟෙනවා.” “ඔයා හිතන්නෙ නැද්ද රිදෙනවා, රිදෙනවා කියලා එහෙම නිතරම?” “මොකද නැත්තෙ, මටත් කැක්කුමක් ආවොත් මාත් නිතරම කියවනවා ඕක…” “ඔළුව කැක්කුමයි, ඔළුව කැක්කුමයි, ඔළුව කැක්කුමයි…” එයත් කියනවා. “ඉතින් එහෙනම් ඔයාටත් නිවන් මඟ තියෙනවනේ! බුදුන් පහලවෙන්න ඕනෙ නෑ නෙ නිවන් දකින්න!”
ආර්ය මාර්ගය මාත්‍රයක් වැඩුවොත්, මාත්‍රයට ආර්ය මාර්ගය පරමාර්ථයක් ලැබෙන්න, මාත්‍රය වැඩෙනවා. ආර්ය මාර්ගය මාත්‍රයක් වැඩුවොත්, මාත්‍රයක් වැඩෙනවා. “රිදෙනවා, රිදෙනවා” කියනකොට නිවන් දකින්න පුලුවන් නම් දැන් නිකන් ඉන්න කෙනෙකුටත් “රිදෙනවා රිදෙනවා” කියනකොට නිවන් දකින්න පුලුවන් වෙන්න ඕනෙ. වැඩිහරියක් කම්මැලියො නිවන් දකින්නෙ. මොකද, “රිදෙනවනෙ, ඇඟ රිදෙනවා” “නැගිටින්නෙ නැත්තෙ මොකද?” “ඇඟ රිදෙනවා”. “රිදෙනවා, රිදෙනවා” ඒකෙම ඉන්නවා. වැඩිහරියක් උන්ට තියෙනවා නිවන් මඟ ඔය විදිහට; රිදෙන එක සිහිකරනකොට වෙනවා නම්.
ආසාවන් සිහි කරනකොට ආසාවන් නැතිවෙනවද? වැඩිවෙනවද? යම්කිසි ආශාවක් පුද්ගලයෙකුට ඇති වුනහම ඒ ආශාවම යළි යළි සිහි කළොත් “ආශාවක්, ආශාවක්” කියලා, ඒක වැඩිවෙනවා මිසක් අඩුවෙන්න පුලුවන්ද? (ශ්‍රාවිකාවක් පිළිකුල් භාවනාව ගැන යමක් අසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින්, ඒකත් ඔය ක්‍රමයට. දැන් එදා අපි විස්තර කළේ… ඉතින් “කේසා, ලෝමා, නඛා, දන්තා…” කියලා ඒවයේ රූපය බලන්න කියනවා. මොකද්ද අහක් කරන්න කිවුවෙ?
ආර්යයන්ට සෘද්ධි හතරක් තියෙනවා. ආර්යයන්ගෙ සෘද්ධි හතරෙන් පළවෙනි එක තමයි,
“ලෝකයා යමක් පිළිකුල් කරයිද, ආර්යයෝ පිළිකුල් නොකරයි”, පළවෙනි ආර්ය සෘද්ධිය.
“ලෝකයා පිළිකුල් නොකරන යමක් ඇත්ද, ආර්යයෝ පිළිකුල් කරයි”, මේ දෙවෙනි ආර්ය සෘද්ධිය. {{ත්‍රිපිටක සූචිය}}
දැන් කෙස් ටිකක් අරගෙන ඇඟට දැම්මොත් එහෙම කපලා, ගෙනල්ලා… මඟ තියෙන කෙස් ටිකක් අරං එහෙම කාගෙ හරි ඇඟට විසිකළොත් එහෙම, සාමාන්‍යය ලෝකයාට, එයා ආසාවෙන් වැළඳගනී ද? ආපහු හැරිලා කනට ගහයි, “මගෙ ඇඟට ජරාව දැම්මා” කියලා. කාගෙහරි ලොම් ටිකක් සූරලා තියෙනවා දැකලා එහෙම කාගෙහරි ඇඟේ ඇතිල්ලුවොත් මොකක් කියයිද? කැමති වෙයිද? ප්‍රිය කරයිද? පිළිකුල් කරයිද, නැද්ද? පිළිකුල් කරනවා. කාගෙහරි නියපොතු ටිකක් අරගෙන කාගෙහරි ඔඩොක්කුවට දැම්මොත් එහෙම? අප්‍රිය කරනවා හිතනකොටම.
එහෙනම් අනුන්ගෙ දතක් එහෙම ගලවලා කාගෙහරි ඇඟට දැම්මොත්, ඊටත් වඩා කොච්චර අමාරු වෙනවද? කාගෙහරි හංකඩයක් ගලවලා එහෙම දැම්මොත් එහෙම කාගෙහරි ඇඟට? පිළිකුල් කරනවා. එහෙනම් ඔතන අරගන්න මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, ඉතින් ඔතනින් ගිහාම මල-මුත්‍රා, සෙම්-සොටු, මේ එකක වත් තියෙනවද ලෝකයා පිළිකුල් නොකරන එකක්? ඕවා අරං දැම්මොත් එහෙම ඒගොල්ලො කියනවා, “කැතයි”; ඒගොල්ලොත් කියනවා “ගඳයි”; ඒගොල්ලොත් කියනවා “පිළිකුලයි”. කැතයි කියනකොට, ගඳයි කියනකොට, පිළිකුලයි කියනකොට නිවන් දකිනවා නම්, අබුද්ධෝත්පාද කාලෙ ඕක මිනිස්සු කරලා නැද්ද? හේතු නැද්ද කරන්න? අන්‍යාගමිකයො අතර එහෙම “කැතයි” කියන්නෙ නැද්ද, අනුන්ගෙ ජරාවක් දැම්මොත් එහෙම? “ගඳයි” කියන්නෙ නැද්ද? පිළිකුල් කරන්නෙ නැද්ද?
කෙස්, මල-මුත්‍ර, සෙම්-සොටු අනික් කාගෙහරි දැම්මොත් එහෙම ඇඟට, “කැතයි, ගඳයි, පිළිකුලයි” කියන දෘෂ්ටිය මිසක්, වෙන එකකින් හිතනවද? ඔය කෑල්ලක් “කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා හිතනකොට නිවන් දකිනවා නම්, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහලවෙන්න ඕනෙ නෑ නිවන් දකින්න. හිතලා බලන්න වෙනවද, නැද්ද කියලා; හේතු-ඵල න්‍යාය. අන්‍යාගමිකයෙක් කියලා ප්‍රශ්නයක් නෑ, නිවන් දකී.
ඔය කවුරු නිතරෝම “කැතයි, ගඳයි, පිළිකුලයි…” වැඩිහරියක් ම ලොකූ මාන්නක්කාරයො නිවන් දකිනවා. මොකද, “ඔය කෝප්පෙ බොන්න බෑ…” “ඇයි?” “අරකා බිවුවා…” කැතයි, ගඳයි, පිළිකුලයි, ඕකෙ නෙමෙයිද ඉන්නෙ? කෝප්පෙ වෙනම අරං යන්නැයි? ඒත් ඕකනේ. අනුන් බොන එක කැතයි, ගඳයි, පිළිකුලයි. ඕක වැඩි හරියක් කරන්නෙ මාන්නක්කාරයො නේද? එහෙනම් උන් ඔක්කොටම ඉස්සෙල්ලා නිවන් දකින්න ඕනෙ.
“කැතයි, ගඳයි, පිළිකුලයි” කියලා සිහි කරනකොට ජරාවක්, ලෝක සම්මත ජරාවක් පිළිකුල් කරනකොට නිවන් දකිනවා නම්, මේ ලෝකයා නිරන්තරයෙන් කරන වැඩේ ඕකනෙ, ලෝකයා නිරන්තරයෙන් නිවන් දකිනවා, බුදුවරු පහලවෙන්න ඕනෙ නෑ. මේ ඇඟේ තියෙන කෑලි දැකලා “කැතයි, ගඳයි, පිළිකුලයි” කියනකොට ඒක නිවන් මඟ නම්, එහෙම නිවන් දකින්න පුලුවන් නම්, ඔප්පු කරන්න පුලුවන් වෙනවා අපිට, අනික් අයටත් නිවන් තියෙනවා.
{0:05:50} : කෙස්, ලොම්, නිය වෙනුවට ඒවයේ පටිච්ච සමුප්පාදය බලන්න
එහෙනම් ආර්ය සෘද්ධියට මොකද්ද කියන්නෙ? “ලෝකයා කැතයි කියන, ගඳයි කියන, පිළිකුලයි කියන යමක් ඇත්ද, ආර්යයෝ පිළිකුල් නොකරයි” එහෙනම් ඔය තිස් දෙකම ආර්යයෝ පිළිකුල් කරනවද? හැබැයි, ඔය තිස් දෙක හටගන්න තියෙන හේතුවට ලෝකයා කැමතියි, කෙස් වලට අකමැතියි; කෙස් හටගන්න හේතුවට කැමතියි. ලොම් වලට අකමැතියි, ලොම් හටගන්න හේතුවට කැමතියි.
(ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): දැන් අපේම කටේ දතක් ගැලවුනා කියලා හිතන්න, පැත්තකින් තියලා ආයි සැරයක් කටේ දාගත්තොත් මොකද කියන්න පුලුවන් නම්? කල්පණා කරලා බලන්නකො. එතකොට අපේම ඔළුවෙ තියෙන කෙස් ටික කපලා පැත්තකින් තියලා ඉවරවෙලා, පස්සෙ අපේ ඇඟේ අතුල්ලාගන්න කිවුවොත් එහෙම, අපි මොකද කරන්නෙ? අපේම කෙළ ටිකක් ඉහලා අපිට උරන්න කිවුවොත් අපිට පුලුවන්ද? දැන් ඒත් අපිට බෑ නෙ. අපේම නියපොතු ටිකක් පැත්තක ගලවලා දාලා, “ඕක කාපං අරං” කිවුවොත් එහෙම මොකද කරන්නෙ? “අතට ගනිං” කිවුවොත් ? ඒකත් ගන්න බෑ. ඉතින් අපේම ඇඟේ තියෙන ජරාව. අපේ මල-මුත්‍රා ටිකක් පැත්තකට දාලා “ආ දැන් අතගාපං” කිවුවොත් අතගානවද? අතගාන්න කැමතිත් නෑ නෙ.
දැන් එතකොට ඒක ස්වභාවයෙන් මේ ලෝක සත්වයා කැතයි, ගඳයි, පිළිකුලයි කියලා තමංගෙ ඒවා ගැනත් හිතනවා, අනුන්ගෙ ඒවා ගැනත් හිතනවා. මේ ශරීරයේ තියෙන කොටස් පිළිබඳව ලෝකයා මත දරන්නෙ ඒකයි. “කැතයි, ගඳයි, පිළිකුලයි” කියන තැන ඉන්නෙ. හැබැයි කොච්චර කැත වුනත්, කොච්චර ගඳ වුනත්, කොච්චර පිළිකුල් වුනත්, ආස්වාදයට කැමති නිසා ලෝක සත්වයා මේ කැත, ගඳ, පිළිකුල ශරීරය පරිහරණය කරනවා. හැබැයි මේ ශරීරය කැත නැත්නම්, ගඳ ගහන්නෙ නැත්නම්, පිළිකුල් ස්වභාවයක් නැත්නම්, කැමති නැද්ද? එහෙම නම් ඒකට හරියට කැමතියි.
හැබැයි එහෙනම් මේ, කැත, ගඳ, පිළිකුල් වෙද්දිත් ඇයි මේකට කැමති? රූප කාමය, සද්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ඵොට්ටබ්බ කාමය, කියන පංච කාමය ගන්න මේ කුණ නැතුව බෑ. මේ කුණ ආශ්‍රය කරගෙන, ඒ තුළින් තමයි ඇදලා ගන්නෙ. අර ආස්වාදයට තියෙන බලවත් කැමැත්ත නිසා මේ පිළිකුල ඒකෙන් වහගන්නවා, වහගෙන ඉන්නවා. හැබැයි කැතයි, ගඳයි, පිළිකුලයි කියන එක ලෝක සත්වයා පොදුවේ, කවුරුත් ඕක පරිහරණය කරනවා, භාවිතා කරනවා ලොක ධර්මයක් හැටියට.
එහෙනම් ඔතන මොනවද පෙන්නුවෙ? ඔය හැම එකක් ගැනම කිවුවා, “අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න” කියලා. දැන් අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න කිවුවම බලන්නෙ මොකද්ද? කෙස් වල ඉඳන් මුත්‍රා වලට යනකන් ගණිනවා, මුත්‍රා වල ඉඳලා කෙස් වලට වෙනකන් ආපහු ගණිනවා. අනුලෝම-ප්‍රතිලෝම ක්‍රමේ. “කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ – තතෝ, දන්තා, නඛා, ලෝමා, කේසා” අනුලෝම-ප්‍රතිලෝම දානවා. “කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහරූ, අට්ඨි, අටිඨි මිංජා, වක්ඛං – අට්ඨි මිංජා, වක්ඛං..” ඔය විදිහට ආපහු එනවා, “අට්ඨි මිංජා, අට්ඨි, නහරූ, මංසං, තචෝ දන්තා, නඛා, ලෝමා, කේසා” දැන් අනුලෝම-ප්‍රතිලෝම කියලා ඕක කරනවා.
හැබැයි පටිච්ච සමුප්පාදයෙන් දහම් දකින්න ඕනෑ කියන එක, කර්ම න්‍යාය ඒකයි. පටිච්ච සමුප්පාදය අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්නත් කිවුවා. එහෙනම් කෙස් පිළිබඳ පටිච්ච සමුප්පාදය දැනගෙන ඉන්න ඕනෙ, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනෙනම්. ලොම් පිළිබඳ පටිච්ච සමුප්පාදය දකින්න ඕනෙ, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනෙනම්. නියපොතු පිළිබඳ පටිච්ච සමුප්පාදය දකින්න ඕනෙ, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනෙනම්. දත් පිළිබඳ පටිච්ච සමුප්පාදය දකින්න ඕනෙ, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනෙනම්. හම් පිළිබඳ පටිච්ච සමුප්පාදය දකින්න ඕනෙ, අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය දකින්න ඕනෙ. ඔය විදිහට එකින් එකට දැක්කා නම් අන්න ක්‍රමේ හරියටම, දහම් අවබෝධයක් එනවා, අබුද්ධෝත්පාද කාලයේ නැති ක්‍රමයක්. අන්න, “කායගතාසතිය”.
{0:09:21} : කෙස් ආදී කුණප පටිච්ච සමුප්පන්නව බැලීම කායානුපස්සනාවයි
එහෙනම් කොහොමද දැකගන්නෙ? දැන් අපි “කේසා” කියලා කිවුවා. දැන් “කේසා” කියන්නෙ ජාතියක්. කෙස් ජාති, දැන් බලාගෙන යන්න ඕනෑ මුලට. මුලට යන්න ඉස්සෙල්ලා ඕකෙ අග-මුල දැකලා තියෙන්න ඕනෙ ඉස්සෙල්ලම. අග-මුල දකිනකොට, මේ දැක්කෙ අග; ජාතියෙ අග. මුළ මොකද්ද?
කෙස් හටගත්ත “ජාතියක්” නම්, ජාතියක් හටගන්නෙ “භව” නිසා, භව හටගන්නෙ “උපාදාන” නිසා… සිද්ධාන්තය ඒකයි. උපාදාන හටගන්නෙ “තණ්හා” නිසා, තණ්හා හටගන්නෙ “වේදනා” නිසා, වේදනා හටගන්නෙ “ස්ඵර්ශ” නිසා, ස්ඵර්ශ හටගන්නෙ “සළායතන” නිසා, සළායතන හටගන්නෙ “නාම-රූප” නිසා, නාම-රූප හටගන්නෙ “විඤ්ඤාණ” නිසා, විඤ්ඤාණ හටගන්නෙ “සංඛාර” නිසා, සංඛාර හටගන්නෙ “අවිද්‍යා” නිසා. ඔන්න අවිද්‍යාව මුල් වෙනවා, අග ජාතිය. අගයි-මුළයි දකිනවා.
“කෙස්” නැමැති ජාතියට, “කෙස් හටගන්න අවිද්‍යාව” දකින්න ඕනෙ. කෙස් නිකං හටගන්නෙ නෑ. කෙස් හටගන්නෙ එක්තරා අවිද්‍යාවක් නිසා. අවිද්‍යාව මහා සාගරය වගේ, සංඛාරත් මහා සාගරය වගේ. මේ හැම එකක් ම ඒ වගේ. විඤ්ඤාණත් මහා සාගරය වගේ. මුලු පටිච්ච සමුප්පාදයම මහා සාගරය වගේ. පොදුවේ නම කිවුවට, ඒ ඒ තැනට ඔබින විදිහට දාලා, මේක විග්‍රහ කරලා බලන්න පුරුදුවෙන්න ඕනෙ.
දැන් “ජාති” කිවුවම මහා සාගරය වගේ. නානාප්‍රකාර ජාති තියෙනවා. හැබැයි, හැම ජාතියකට ම වෙන් වෙච්ච පටිච්ච සමුප්පාදයක් තියෙනවා. එහෙනම් “කේසා ජාති” හටගන්නෙ “කේසා භව” නිසා. කේසා භව හටගන්නෙ “කේසා උපාදාන” නිසා. අර සිද්ධාන්තය ඉස්සරහට ගන්නවා. කේසා උපාදාන හටගන්නෙ “කේසා තණ්හා” නිසා. කේසා තණ්හා හටගන්නෙ “කේසා වේදනා” නිසා. කේසා වේදනා හටගන්නෙ “කේසා ස්ඵර්ශ” නිසා. කේසා ස්ඵර්ශ හටගන්නෙ “කේසා සළායතන” නිසා. කේසා සළායතන හටගන්නෙ “කේසා නාම-රූප” නිසයි. කේසා නාම-රූප හටගන්නෙ “කේසා විඤ්ඤාණ” නිසයි. කේසා විඤ්ඤාණ හටගන්නෙ “කේසා සංඛාර” නිසයි. කේසා සංඛාර හටගන්නෙ “කේසා අවිද්‍යා” නිසයි.
එහෙනම් කේසා සංඛාර මොනවද, කේසා අවිද්‍යා මොනවද? අන්න වචනෙ පද නිරුක්තියෙන් ගන්න ඕනෙ, සංඛාරයයි අවිද්‍යාවයි හොයාගන්න. කේසා අවිද්‍යාව මොකද්ද හොයන්නෙ එතනින්. “කේ” කියන වචනයෙන් පෙන්නන්නෙ “ක්ෂය” භාවය. යමක් යමක් නිසා ලෝකයා පහත් බවට පත් කරනවා නම්, අන්න ඒකට ආසා කරන නිසා, “කේ ආසා – කේසා” වෙනවා. පහත්-පහත් ධර්මයන්ට යමෙක් ආසා කරනවද, අන්න ඒක තමයි හේතුව, අවිද්‍යාව නිසයි ඒක ඇතිකරන්නෙ. පහත් ධර්මයෝ හොඳයි කියලා හිතාගෙන, ඒවට ආසා කරනවා.
මොනවද පහත් ධර්ම? කාම ධර්මයෝ ඕරම්භාගියයි, පහත් ධර්ම, පහත තියෙන ඒවා. පහත් වෙන්නාවූ ධර්මයන්ට ආසා කරන එකට ලෝකයා කැමති නැද්ද? කාමයන්ට ආසා නැද්ද? අන්න, ලෝකයාගේ ක්ෂය වෙන දේට ආසා කරන එකක් තියෙනවා, “කේ ආසා – කේසා” මොනවද ක්ෂය බවට පත්කරන්නෙ, කාමයෝ ක්ෂය ධර්ම. ක්ෂය ධර්මයන්ට ආසා කරනවා හෙවත් කාම ධර්මයන්ට ආසා කරනවා. කාම ධර්මයන්ට ආසා කරන නිසා මොකද වෙන්නෙ, ක්ෂය වෙන දේට ආසා කරන බලාපොරොත්තුවක් සත්වයාගෙ හටගත්තා නම්, මෙන්න අවිද්‍යාවෙන් හටගත්ත බලාපොරොත්තුව. මෙන්න අවිද්‍යාව – කේසා අවිද්‍යාව.
ඒ නිසා මොකද කරන්නෙ, කාම ධර්මයන් සඳහා ඒ පුද්ගලයා නානාප්‍රකාරයෙන්, හිතෙන්, කයෙන්, වචනයෙන් සකස් කරන්න පටන්ගන්නවා, සංඛාර ගොඩනඟනවා. අන්න කේසා සංඛාර. කාම ධර්මයන් කරා, පහත් බවට වැටෙන කාම ධර්මයන් ඔහුට හිතක් හටගන්නවා, විඤ්ඤාණයක්, කාම හිතක් හටගන්නවා. අන්න කාම විඤ්ඤාණ. ඒ පහත් ධර්මයන් මේ කාම හිතේ බහිනවා. අන්න කාම නාම-රූප. ඇස, කන, දිව, නාසය, ශරීරය, මන ඒ කාම ධර්මයන්ට ආයතන කරගන්නවා, සළායතන කරගන්නවා. කාම ස්ඵර්ශයන්ට ලබනවා, භුක්ති විඳිනවා, ස්ඵර්ශ ලබනවා, අන්න කේසා ස්ඵර්ශ. ක්ෂය වන්නාවූ පහත් කාම ධර්මයන්ට ආසා කරන ස්ඵර්ශ. “ඵස්ස පච්චයා වේදනා” අන්න ඒවට වින්දනය කරනවා. “වේදනා පච්චයා තණ්හා” එතන ඇලෙනවා. “තණ්හා පච්චයා උපාදානං” එතන බැඳෙනවා, “උපාදාන පච්චයා භවෝ” කියලා එතන කේසා බවට, පහත් ධර්මයන්ට ආසා කරන බවට පත්වෙනවා. පහත් ධර්මයන්ට ආසා කරන බව නිසා, “භව පච්චයා ජාති” කියලා පහත් ධර්මයන්ට ආසා කරන ජාතියෙ උපදිනවා.
පහත් ධර්මයන්ට ආසා කරන ජාතියෙම ඉඳලා, පහත් බවට වැටුනට පස්සෙ මොකද කරන්නෙ, “වය” වුනාට පස්සෙ? කේසා ඉවරයි. ආසා කරනකල් තිබිච්චි එක තමයි කේසා. ආසාවෙ තෘප්තියට ගිහිල්ලා පහත් වුනාට පස්සෙ, කේසා හටගන්න හේතුව ඉවර නිසා තිරිසනෙකුට කෙස් නෑ. එක තිරිසනෙකුට වත් කෙස් තියෙනවද? මේ ලෝකෙ කෙස් තියෙන, මිනිහා ඇරෙන්න කෙස් තියෙන සතෙක් පෙන්නන්න පුලුවන්ද? කොයි සතාටද තියෙන්නෙ? පරිණාමය එහෙම හරි නම් එහෙම වඳුරට එහෙම තියෙන්න එපැයි කෙස්. තියෙනවද? උංගෙ ඇඟේ මවිල් තියෙනවා මිසක්, ඔළුවෙ හිටං තියෙන්නෙ මවිල් මිසක්, කෙස් තියෙනවද? ගෝරිල්ලගෙ, චිංපන්සියගෙ තියෙනවද? එයින් මෙහා ඉන්න මොන සතෙක් ගෙ වත් තියෙනවද කෙස්? බල්ලන්ගෙ-බළල්ලුන්ගෙ තියෙනවද? අලිංගෙ තියෙනවද? හරකුන්ගෙ තියෙනවද? මොකාගෙද තියෙන්නෙ, බූරුවන්ගෙ, ඌරන්ගෙ තියෙනවද? කෙස් තියෙන එකා මනුස්සයා. කල්පණා කරලා බලන්න කාටවත් තියෙනවද කියලා.
පහත් බවට ආසා කර කරා ඉඳලා, පහත් බවට පත්වුනාට පස්සෙ සතර අපායෙ, එහෙනම් කේසා ඉවරයි. උන්ට තියෙන්නෙ ලෝමා. අන්න, ක්ෂය වෙන පහත් ධර්මයන්ට ආසා කරන්නෙ පහත් වෙනකන්. පහත් වුනාට පස්සෙ ආයෙ ඒකෙ පැළපදියම් වෙලා ඉවරයි. පොඩ්ඩක් හරි ඒකෙන් මෙහා හරියක් තියෙනවා මනුස්සයින්ට, විරාගී ධර්ම මාත්‍රයක් තිබිච්ච නිසා තමයි මනුස්ස වෙලා තියෙන්නෙ. ඒ ධර්මයෙන් පහත් බවට පත්වෙලා, කාමයන්ට බැහැගත්තට පස්සෙ අර කියන සතර අපා කොටසට වැටෙනවා, තිරිසන් කොටසට වැටෙනවා. තිරිසනාට කෙස් නෑ. (ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, ඒගොල්ලන් ලෝමා කොටසට වැටෙනවා.
පහත් ධර්මයන්ට ආසා කරපුහම අන්න මොකද වුනේ, අන්න හිතේ කුණක් හටගත්තා. අන්න “ලෝකයා පිළිකුල් කරන එක ආර්යයෝ පිළිකුල් නොකරයි” කේසා කියන කුණ ආර්යයෝ පිළිකුල් කරන්නෙ නෑ. එහෙනම් ආර්යයෝ මොකද්ද පිළිකුල් කරන්නෙ, ලෝකයා පිළිකුල් නොකරන එකක් තියෙනවා, පංච කාමයන්ට තියෙන ආසාව ලෝකයා පිළිකුල් කරන්නෙ නෑ. ආර්යයෝ පංච කාමයන්ට තියෙන ආසාව පිළිකුල් කරනවා. අන්න ආර්ය සෘද්ධිය.
එහෙනම් කේසා වලට හේතුව ලෝකයා පිළිකුල් කරන්නෙ නෑ, ආර්යයෝ පිළිකුල් කරනවා. කේසා වල ඵලය ලෝකයා පිළිකුල් කරනවා, ආර්යයෝ පිළිකුල් කරන්නෙ නෑ. දැන් බලන්න කොයි තරම් වෙනසක් ද වෙලා තියෙන්නෙ කියලා. ආර්යයා ඉන්නෙ කොහෙද, ලෝකයා ඉන්නෙ කොහෙද. දැන් පුලුවන්ද තර්ක කරලා එහෙම බේරන්න, බුදුරජාණන් වහන්සේ නැති කාලෙක මේ භාවනාව තිබුණා කියලා? මේ භාවනාවෙන් නිවන් දකින්න බෑ කියන්නද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ගතේ කුණු නම් කවදාවත් අයින් කරලා ඉවර කරන්න බෑ, සුද්ධ කරන්න බෑ. හිතේ කුණු සුද්ධ කරන්න; පුළුවන් එකක් තියෙනවා. පිළිකුල් කරන්න ඕනෙ හිතේ තියෙන කුණු, අන්න කුණු කොටස් තිස් දෙක තියෙන්නෙ හිතේ; සුද්ධ කරතහැකි…” අන්න ඒකයි දකින්න ඕනෙ. අන්න ඒකයි දකින්න ඕනෙ පිළිකුල් කරනකොට. අපි ඒක පිළිකුල් කරලා පුරුදු වෙලා නෑ. අපි පුරුදු වෙලා තියෙන්නෙ ඒකට ආසා කරලා. ඒක පිළිකුල් කරන්න පුරුදු වෙන්න.
{0:16:48} : කෙස් වගේම ලොම්, නිය, දත්, සම ආදියත් පටිච්ච සමුප්පන්නව…
එහෙනම්, කේසා වලට හේතුව පිළිකුල් කරපුහම, හේතුව නැති තැන ඵලය නෑ. එතනින් පසු කේසා නෑ. එහෙනම් කෙස් වලට, කේසා හෙවත් කාම ධර්මයන්ට ආසා කරනකොට මොකද්ද ඇතිවෙන්නෙ? කාම ධර්මයෝ කොහෙන්ද අපි ලබන්නෙ? ලෝකයෙන්. “මේ ලෝකෙ අමෘතයක්” කියලා හිතාගන්නවා, ලෝකෙ අම ධර්මයක් කියලා, අමා ධර්මයක් කියලා හිතාගන්නවා. ලෝකෙ අමා ධර්මයක් කියලා මනසින් ගත්තත්, අවිද්‍යාවෙන් ගත්ත වැඩක්, නිගමනයක්. හිත කිළිටි වුනා. පිළිකුල් කළයුතු යමක් පිළිකුල් නොකර ගත්තා නම්, ලෝක සත්වයා ගන්නවා. ආර්යයෝ මේ ලෝකෙ අමෘතයක් කියලා හිතාගෙන ඉන්න මුළාව පිළිකුල් කරනවා. අන්න “ලෝ අමා – ලෝමා” ලෝකය අමෘතයක් හැටියට ගත්තහම “ලෝ අමා” කියන එක තමයි “ලෝමා” කියලා පද නිරුක්තිය ආවෙ.
ලෝකය අමෘතයක් කියලා ගන්න එක ලෝකයා ප්‍රිය කරනවා, ඒ නිසා “ලෝමා සංඛාර” වඩනවා. එතකොට ලෝමා විඤ්ඤාණ, ලෝමා නාම-රූප, ලෝමා සළායතන, ලෝමා ස්ඵර්ශ, ලෝමා වේදනා, ලෝමා තණ්හා, ලෝමා උපාදාන, ලෝමා භව, ලෝමා ජාතියට පත්වෙලා, ලොම් තියෙන උන් බවට පත්වෙනවා. අන්න මිනිහාටත් ඒ කොටස ආවා.
අන්න එතකොට මොකද වෙන්නෙ, ලෝකය අමෘතයක් වශයෙන් ගන්න එක වැඩිපුරම තියෙනවා සත්තුන්ගෙ. ඒ නිසා සත්තුන්ට ලොම් වැඩියි, මනුස්සයින්ට ලොම් අඩුයි. දැන් ඇහුවොත් එහෙම “ඇයි සත්තුන්ට ලොම් වැඩි, ඇයි මනුස්සයින්ට ලොම් අඩු?” කිවුවොත් දැන් ඕකට උත්තරයක් දිය හැකිද පටිච්ච සමුප්පාදය අහක් කරලා වෙන එකකින්? පටිච්ච සමුප්පාදය ප්‍රශ්නෙ විසඳලා තියෙනවා, නමුත් ලෝකයාට නම් මුළු ලෝකෙම හෙල්ලෙනකම් කෑ ගැහුවත්, ඇයි සත්තුන්ට ලොම් වැඩි, ඇයි මනුස්සයින්ට ලොම් අඩු? කිවුවොත් පේන්න තියෙන ඇත්තක් පෙන්නන්න විදිහක් නෑ.
ක්ෂය වෙන කාම ධර්මයන්ට ආසා කරපුහම මේ ලෝකය හරිම වටිනා දෙයක් කියලා දෘෂ්ඨියට බහිනවා, ලෝක ආස්වාදයට. ලෝකය අමෘතයක් කියලා ගන්නවා, “ලෝ අම” වෙනවා, අවිද්‍යාවේ දෘෂ්ඨිය “ලෝමා”; ජාතිය, ලොම් ජාතිය. එහෙනම් හේතුවයි ඵලයයි දකින්න ඕනෙ. අන්න අනුලෝම-ප්‍රතිලෝම වශයෙන් බලන්න ඕනෙ ඕක. පටිච්ච සමුප්පාදය බලන්න ඕනෙ. ආං බලනකොට පේන්න පටන්ගන්නවා ඇත්ත.
ඊටපස්සෙ මොකද කරන්නෙ? මොනවද මේ ලෝකෙ “නාක” දේවල්? අපි “නාකයි” කියලා සුචරිත පුද්ගලයෙක් ධර්මානුකූල පුද්ගලයෙක් “නාකයි” කියන යමක් ඇත්නම්, ලෝකයාගෙ පංච කාමයට බැහැලා, අසාධාරණ පංච කාමයටම බහිනවා. අයුතු සහගත දේවල්, “නාකයි” කියන ඒවටම බහිනවා. “නාකයි” කියන එක දරාගත්තා නම්, අවිද්‍යාවේ නිගමනයක්. එහෙනම් “නාක” දේ තමයි, “නාකා – නඛා” ඔන්න “නාක” දේවල්. “නාකා” කියන හේතුවේ ඵලය “නඛා”, නියපොතු.
“පොතු” වලට නියෝ නියෝ ඉන්න නිසා “නියපොතු” කිවුවා. ඔය බාසාවෙන් ගත්තා නම් ඒත් ඔය අර්ථය මයි එන්නෙ. “නාක” දේවල් නිසා “නඛා” කිවුවා. පාලියෙන් ගත්තා නම් ඒත් අර්ථය ඕකමයි. පොතු වැනි හිස් දේවල් වලට නියවන එක නාකයි, ඉතින් නාකයි කිවුවොත් “නඛා”. පොතු වලට නියවනවා කිවුවොත් “නියපොතු”. නියපොතු කියන නම කවුරු දැම්මත් හරි, ඔන්න නිරුක්තියෙන් හේතු-ඵල ධර්මය හැදිලා තියෙන හැටි.
දැන් ඔතන මොකද වෙන්නෙ? ලෝක සත්වයා දුක් විඳලා “සැප” හොයනවා. ඇත කියන තැන ඉඳලා “සැප” හොයනවා, නැත කියන තැන ඉඳලා “සැප” හොයනවා. එහෙනම් අත්ථකිලමතානුයෝගය නැමැති අන්තයට බහිනවා, කාමසුඛල්ලිකානුයෝගය කියන අන්තයට බහිනවා ලෝකය ආස්වාද වශයෙන් වටිනවයි කියලා ගත්ත ගමන්. ලෝකය අමෘතයක් හා සමානව හිතා ඉන්න තාක්කල් මොකද වෙන්නෙ, “ඇත” යන අන්තයේ හෝ “නැත” යන අන්තයේ යන අන්ත දෙකේ තමයි ඉන්නෙ. අන්ත දෙකෙන් අහක් වෙන්න බෑ ඇත්ත දකින්න බැරි තාක්කල්, ලෝකෙ අන්තයට බහිනවා. අන්ත දෙකට බැස්සම කියනවා “ද්ව අන්ත – දන්ත” ; “ද්ව අන්තා – දන්තා” අන්න පදය හැදිච්චි හැටි.
දැන් මොකද වෙන්නෙ? අවිද්‍යාව නිසා අන්ත දෙකට බහිනවා මිසක් විද්‍යාවෙන් මාධ්‍යයට බහිනවා මිසක්, වෙන කොහටද බහින්නෙ? අවිද්‍යාව නිසා ලෝක සත්වයා අන්ත දෙකට ගත් “ද්ව අන්තා” වලට බහිනවා, ද්ව අන්තයට බැස්සම, “ද්ව අන්ත – දන්ත” කිවුවෙ ඒකයි. ඒ නිසා ලෝකය පිළිබඳ අන්තයට බැහැපු සංඛාරය හිතින්, කයින්, වචනයෙන් කරනකොට දන්තා සංඛාර, දන්තා විඤ්ඤාණ, දන්තා නාම-රූප, දන්තා සළායතන, දන්තා ස්ඵර්ශ, දන්තා වේදනා, දන්තා තණ්හා, දන්තා උපාදාන, දන්තා භව, දන්තා ජාති – දත් ජාති. අන්න ජාතිය හටගත්ත හැටි. ජාතිය හටගන්නෙ, “කොහොමද දත් හටගන්නෙ” ඇහුවොත්? අන්ත දෙක නිසා.
හැබැයි අන්ත දෙකේ “සමව” හැසිරිච්ච නිසා බුදුරජාණන් වහන්සේටත් ලෞකිකත්වයේ හිටපු නිසා, “සම දන්තා” හම්බුණා. අන්ත දෙකට ගැටුනෙ නෑ; සමව හැසිරුණා බෝධිසත්ව කාලෙ. ඒ නිසා, අන්ත දෙකේ සමව හැසිරිච්ච නිසා, ද්ව අන්ත සම වුනා. එහෙනම් “සම දන්ත” පිහිටියා බුදුරජාණන් වහන්සේට. අන්න ඇතිවුන වෙනස. “ඇයි සම දන්තා හටගත්තෙ?” කිවුවොත්, පටිච්ච සමුප්පාදයෙන් පෙන්නන්න පුලුවන් ලස්සනට.
එතකොට මොකද වෙන්නෙ? “අච්ඡ” කියන්නෙ, වැරදි සහගත ඉක්ම යෑමට කියනවා අච්ඡ. “අච්ඡයං ඛමමේ භන්තේ…” එහෙම කියන්නෙ. වෙච්ච, අපෙන් ඉක්ම ගිය වැරදි සහගත දේවල් වලට කමා කරන්න කියලා නේ කියන්නෙ. අන්න “අච්ඡ” කියන වචනයෙන් පෙන්නන්නෙ මොකද්ද, අපි ඉක්ම යනවා, යථාර්තය ඉක්ම යනවා. ධර්මය ඉක්මවනවා. “ත අච්ඡ” කියන්නෙ ඉක්මවපු තැන තහවුරු වෙනවා. ධර්මය ඉක්මවපු තැන තහවුරු වුනහම කියනවා, “ත අච්ඡ” වුනා, මොකක් නිසාද? අන්ත දෙකට බැහැගත්ත කෙනාට සිද්ධ වෙනවා ධර්මය ඉක්මවපු ලෝකයේ තහවුරු වෙන්න. ලෝකයේ තහවුරු වුනහම මොකද වෙන්නෙ, “ත අච්ඡ” හෙවත් “තච්ඡ – තඡ”, අන්න තචෝ, ඊලඟට හටගත්ත හැටි. ධර්මය ඉක්මවලා මුළා ලෝකයේ තහවුරු බවට පත්වෙනකොට “ත අච්ඡෝ – තඡෝ” වෙනවා. අන්න හම හටගන්න හේතු.
ඒක කුණු දහමක් නිසා, අවිද්‍යා සහගත දහමක් නිසා, කාමයට වැටෙන දහමක් නිසා, කුණුවෙන හමක් ඇතුව උපන්නා. ජාතිය, සංඛාරයේ කුණු ජාතියක් වුනා. අන්න පිළිකුල් කළයුතු ජාතිය මොකද්ද? යථාර්තය ඉක්මවනවා නම් යම්කිසි කෙනෙක් අන්තයේ පිහිටලා, මෙන්න මේක “පා කිළිටය”, මෙන්න කිළිටය, මෙන්න පාපය, මෙන්න පිළිකුල් කළයුතු එක. මෙන්න මේක පිළිකුල් කරන්න ඕනෙ, හම පිළිකුල් කරලා මොනවා කරන්නද? ඒක හැදිච්චි එක විඳින්න ඕනෙ ඉන්නකම්. ඒක පිළිකුල් කරලා කරන්න දෙයක් තියෙනවැයි, හම නැති කරගත්තැහැකැයි? හම නෙමෙයි පිළිකුල් කරන්නෙ, මුළාවට බැහැලා, අන්තයට බැහැලා, ලෝකයේ බැඳිලා යථාර්තය ඉක්මවපු එකයි පිළිකුල් කරන්න ඕනෙ. අන්න එතකොට අපි ඒකෙන් මිදෙනවා.
ඔය පහ තේරුම් අරං නිවන් දැක්කා එදා. ඒ නිසා කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියන “තච පංචකය” විදර්ශනා කරලා නිවන් අවබෝධ කළා. යම්කිසි පුද්ගලයෙක් ක්ෂය වෙන කාම ධර්මයන්ට ආසා කරන්නෙ නැත්නම්, මේ ලෝකය හරි වටිනා දෙයක්, අමෘතයක් හා සමානව ගන්නෙ නැත්නම්, නාක දේවල් නාක හැටියට තේරුම් අරගෙන අත්හරිනවා නම්, මේ අත්ථකිලමථානුයෝගයයි, කාමසුඛල්ලිකානුයෝගයයි කියන අන්ත දෙක අත්හරිනවා නම්, පැවැත්වීමේ ලෝකය පිළිබඳ ඉක්ම යෑම අත්හැරලා යථාර්තයේ පිහිටියා නම් නිවන් දකිනවා. එහෙනම් කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ හරියට දැනගත්තා නම්, නිවන් මඟ එතන. එහෙනම් එයාට අරිහත්වයට පත්වෙන්න බැරිද, තච පංචකයෙන්? ඔය පහෙන් ම නිවන් දැක්කහැකි.
හැබැයි උදේ ඉඳං රෑ වෙනකන් උඩටයි, පල්ලෙහටයි කෙස්, ලොම්, නිය, දත්, සම් කියලා මැන මැන හිටියට, කාලෙ ගතවෙනවා, අප්පිරියා කරලා, අප්පිරියා කරලා මැරිලා යනවා මිසක්, නිවන් දැක්ක කෙනෙක් නෑ. හේතු පෙන්නන්න පුළුවන් කමකුත් නෑ. මේ මේ වැහිච්ච දහම්.
{0:24:34} : ලැබුණු විපාක කය එක්ක නොගැටී හේතුව දැන නිරෝධ කරමු
ඉතින් මේ ලෝකයේ යථාර්තය ඉක්ම ගියාට පස්සෙ මොකද වෙන්නෙ, “මංස” වෙනවා. මමත්වයේ අංශය ට බහිනවා. දැන් ඉතින් පටන්ගත්තා මමත්වයේ අංශයට. “ම අංශ – මංශ” ඊට පස්සෙ හරයක් නෑ. හරවත් දෙයක් නැති වෙනවා. “න හර – නහර” නහර, “න හාරෝ – නහාරෝ”. එයිට පස්සෙ ඇට්ටර වෙනවා, “අට්ඨි” ඇටයා වුනා, ඇට වුනා, අට්ඨී වුනා. ඒකෙම මිදුනා, “අට්ඨි මිංජා” වුනා. දැන් යන මඟ වක්‍ර වුනා, “වක්කං” වුනා. ඊට පස්සෙ හාද කම් ඇතිකරගත්තා, ලෝකෙට වෙලුනා, “හාදයං” වුනා, “හදයං” වුනා. ඊට පස්සෙ “පිහකං” – මේ ලෝකෙ යහපත් වන්නාවූ දේවල් නැති කරලා, පිස දමලා, කන්න පටංගත්තා. දැන් ලෝකෙ ඔක්කොම හීන වෙලා ගිහිල්ලා, ලෝකෙ ලැබිච්ච සස්‍ය භෝග ඔක්කොම, ස්වයංජාත නෑ දැන්. දැන් හදාගෙන, උයාගෙන කන්න වුනා. හදාගෙන, සකස් කරගෙන ජීවත් වෙන්න වුනා, “පිහකං” වුනා.
ඊටපස්සෙ හැම වෙලේම කවුරුහරි එනකොට කන්න දෙන්න විදිහක් නෑ, පලවා හරිනවා. “පා පා” කියන එක තමා කියන්නෙ, “පප්ප ආසා” ඒ අංසයට වැටුනා, “පප්පාසං” වුනා, එතකොට දැන් අන්තයට ගියා, යථාර්තය ඇත්තෙම නෑ. “අන්තං” වුනා, ඒකම වර්ධනය වුනා, “අන්තගුණං” වුනා, උත්සාහයයි, ධෛර්යයයි යොදන්න සිද්ධ වුනා ජීවත් වෙන්න, හැම දේටම. “උද් ධහිරිය” වුනා, “උදරියං” වුනා. “උද්ධෛර්යං” කියන එක තමා “උදරියං” කියන එකත්. ඊර්ශ්‍යාවයි කෲරත්වයයි හටගත්තා, “කරීසං” – “කරි ඊස – කරීස” උදරියං, කරීසං. ඉතින් “මත්ථ ලූ අංග” – ලූ අංග කියලා කියන්නෙ පහත් වෙච්චි, ඉවත දාපු අංග ටික මුදුනට ගත්තා – “මත්ථලුංගං”.
සැඩ ගතිය නිසා, තද ගතිය නිසා කරපු මේ ටිකට කියනවා, පඨවි ධාතු ගතිය ගත්තෙ කියලා, විස්සකින්. ඕකට කියනවා පඨවි ධාතුවෙ කොටස් විස්සෙ මූල විස්ස ඔහොමයි. ඉතින් දැන් ඊට පස්සෙ මොකද වෙන්නෙ? දැන් හදාගත්ත එක තමයි දැන් පාලනය කරන්න වෙලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ ඒකෙ ඇලෙන එක. හදාගත්තා, දැන් ඝනීභවන එකක් හදාගත්තා, ඇලී-ගැලී වාසය කරනවා ඒ ගතියේ, පහත ගතිය.
ඉතින් පානය කරන අත්‍යක් හදාගත්තා. ලෝකයේ ආස්වාද නැතුව ඉන්න බෑ දැන්. ඇහෙන් රූප බොනවා, කනෙන් සද්ද බොනවා, නාසයෙන් ගන්ධ බොනවා, දිවෙන් රස බොනවා. “පී” කියන්නෙ පානය කරනවා; “අත්ත” කියන්නෙ අත්බැවු. “පී අත්තං” වුනා, “පිත්තං” වුනා. එතකොට තමංගෙ සුවය සොයන්න පටංගත්තා. වැඩියෙන් කනවා, රස එක කනවා, හොඳ එක කනවා, “සේ” කියන්නෙ, “ස්ව” කියන්නෙ තමන්. “ස්ව ඒ අම්හා” කියන්නෙ, “අම්හා” කියන්නෙ තමා. තමාට තමාගේ කියලා කොටසක් වෙන් කරගත්තා. “මේවා මගෙ ඒවා, මට ඕනෙ…” මමයි, මගෙයි කියන එක ආවා. “ස්වේ අම්හා – සෙම්හා”. පහත් කම් ආව “පූ” කියන්නෙ පහත් දේවල්, සැරව වැනි දේවල්. “අබ්බ” කියන්නෙ උරාගන්නවා. පහත් දේවල් උරන්න ගත්ත එකට “පුබ්බා, පුබ්බෝ” පහත් දේවල් උරන්න පටන්ගත්තා. “ලෝහිතං” – මේ ලෝකෙටම හිත බැඳුනා. ඊට පස්සෙ සුවය නැතිවෙලා ගියා. දැන් සුවය අදින්න ඕනෙ. හැම පැත්තෙම සුව දේවල් තමන්ට අදිනවා, “ස්වේ අද්දෝ – සේදෝ”. දැන් මුළාව කරා ඇදෙනවා, “මේ අද්දෝ – මේදෝ”.
ඊට පස්සෙ අල්ලගන්න පටන්ගන්නවා, “අස්සූ” වෙනවා, අසු කරගන්න පටන් ගන්නවා, “අස්සූ”. එතකොට වැහිලා යනවා, ඇත්ත වැහිලම ගියා, “වසා”. ක්ෂය ට ආලය කරනවා, “කේ ආලෝ – කේලෝ”. “සිංගානිකා” – නිකං ඉඳලා හිඟන්න තමයි දැන් වෙන්නෙ, නිකං ඉඳං හිඟාකනවා. සිංගානිකා, සිංගානිකා. ඕක තමයි කරන්නෙ. “ල සිකා” – ලය තුළ, ලයෙහි හිතවත් බවක් තිබුණා නම් දැන් ක්ෂය වෙලා යනවා, “ලසිකා” වුනා. “මු අත්ථ” – මුළා සහගත වන්නාවූ අත්බැවක් ලබාගත්තා, “මුත්ත”. දැන් ඔය ටිකට ගියාට පස්සෙ කුණු කොටස් තිස් දෙකෙන්ම යුක්ත නම් ඔහු අපායේ. හිතේ කුණු කොටස් තිස් දෙක ආවට පස්සෙ ඔහුට ගොඩ එන්න බෑ. මෝහාර්ථයට ම බැහැලා, ඔහු මුළාවට පත්වෙලා සතර අපායට ගියා.
ඉතින් එකින් එකට අත්ඇරගෙන යන්න ඕනෙ. තිස් දෙකම අත්හැරියා නම්, අරිහත්; ඔක්කොම ඉවරයි. ක්ෂය වන්නාවූ පංච කාමයට ආසාවත් එක්ක අත්හැරිලා ගියාට පස්සෙ කෙළවරයි. එහෙනම් එයාට කේසාත් නෑ, ලෝමාත් නෑ, නඛාත් නෑ, දන්තා ත් නෑ, තචෝ ත් නෑ, මංසං, නහරූ, අට්ඨි, අට්ඨි මිංජා… මේ දෙතිස් කුණපයම නැති නිසා මේ අන්තිම කුණපය. මතු කයක් උන්වහන්සේ ට නෑ. හේතු නැති නිසා ඵලය නෑ, එහෙනම් මතු කයෙන් මිදුනා.
ඉතින් කොච්චර දහමක් ද මේ තියෙන්නෙ, කොච්චර වැහිලා තියෙනවද? ඉතින් මේවා එහෙම අද කිවුවොත් කියන්නෙ “සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායට විරුද්ධ වෙන ධර්මයක් ගැන කියනවා, බුදු දහම විකෘති කරනවා” කියලා කියනවා, ඉතින් යථාර්තය ම බලන්න, බුදු දහම විකෘති වුනාද දැන්? එහෙමනම් බුදු දහම ඔප්නැංවිලා, ආර්යයන්ගේ “ආර්ය සෘද්ධිය” මතුවුනාද?
ලෝකයා යමක් පිළිකුල් කරයිද, ආර්යයෝ පිළිකුල් නොකරයි, ලෝකයා යමක් පිළිකුල් නොකරයිද, ආර්යයෝ පිළිකුල් කරයි. ඉතින් හේතු තිස් දෙකට ලෝකයා ආසයි, ආර්යයෝ දකිනවා ඒකෙන් සසර ගමන හැදෙනවා, ලෝකයා එක්ක, ආර්යයෝ පිළිකුල් කරනවා, ලෝකයා පිළිකුල් කරන්නෙ නෑ. එතකොට හදාගත්ත කුණප ලෝකයා පිළිකුල් කරනවා, ආර්යයෝ දකිනවා “ඕක පිළිකුල් කරලා වැඩක් නෑ, පිළිකුල් කළයුත්ත තියෙන්නෙ හිතේ. මේ ගතට පිළිකුල් වෙලා මොනවා කරන්නද? තවත් දූෂ්‍යය වෙනවනේ” අල්ලාගැනීමක් නෑ, ලෝකයා පිළිකුල් කරන එක, ආර්යයෝ පිළිකුල් නොකරයි. ආර්යයෝ පිළිකුල් කරන්නෙ නෑ කියන්නෙ අල්ලාගන්නවා කියන අර්ථය නෙමෙයි. “චික්, ඒයි…!” කියන එකට යන්නෙ නෑ, එහෙම ගිහිල්ලා මොනවා කරන්නද? ඒක ලබාගත්ත ඵලය ඉතින්, ලබාගත්ත ඵලයෙ හැටි එහෙම හේතුවෙන් අයින් කරපුහම මතු ඵලයක් නෑ. කුණු හේතුවෙන් හදාගත්ත ඵලය තියෙනවා ඉතින් බැඳගත්ත බෙරේ ගහනවා වගේ, ඉතින් මොනවා කරන්නද? ඔහෙ ගගහා ඉන්න එකයි තියෙන්නෙ ඉතින් ඉන්නකන්. මතු කයක්, මේ කුණු කයක් මතු හටගන්න තිබිච්චි යම් ක්‍රමයක් තියෙනවා නම් ඒක දුරු කරගන්නවා.
{0:30:52} : බුද්ධ වචනය බොහෝ පිරිස වැරදියට තෝරාගෙන, දහම සැඟවිලා
(ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු ඉතින් හරි, දැන් ආහාර හටගැනීමටත්, අන්ත දෙකට බැහැගත්ත කෙනාට ඒක පරිහරණය කරන්න අවශ්‍යය වෙන කය හටගන්නකොට, ඒකටම තමයි මේ ඔක්කොම හැදිලා එන්නෙ. දැන් අපි හිතමු ආහාර හපාගැනීමට දත් තියෙනවා කිවුවම, සියලුම සත්වයින්ට දත් තියෙනවද? දැන් ආහාර හපලා කනවා කියලා කියනවා, දැන් අපි බත් හපාකන්න අපිට දත් ඒ විදිහට තියෙනවා. තණකොළ හපාකන්න දැන් ඒකම තියෙනවද උන්ට, හරකුන්ට? එක ඇන්දක විතරනෙ තියෙන්නෙ, අනිත් ඇන්දෙ නෑ නෙ. දැන් පණුවන්ට එහෙම? එතකොට බත් කියනකොට දැන් ආහාර හපාකන සත්වයෝ මනුස්සයෝ විතරද? මනුස්සයන්ට වඩා රළු ආහාර ගන්න එවුන් කොච්චර ඉන්නවද?
ඔවු දැන් අපි ඔය විදිහට ගන්න ගියොත් එහෙම දැන් අර නිගණ්ඨයොන්ට එහෙම ලොම් එන්න එපැයි, උන් ඉතින් ඇඳුම් නැතුව ම නේ ඉන්නෙ. දැන් වෙයිද ඔය වැඩේ? දැන් බලන්න කල්පණා කරලා, දැන් මිනිස්සු එතකොට මේ එක එක්කෙනාගෙ අදහස් වල හැටි, ඒවා තමයි දෘෂ්ටි කියන්නෙ. ඉතින් අර භෞතික එක්තරා කාරණයක් ගැන හිතනවා මිසක්, මේ සියුම් ධර්මය දකින්න බෑ, පටිච්ච සමුප්පාදය දකින්න බෑ. පටිච්ච සමුප්පාදයෙන් දහම් දකිනවා මිසක්, වෙන ක්‍රමයකින් දහම් දකින්න ක්‍රමයක් නෑ. යථාර්තය ම දකින්න ඕනෙ නම්, යථාර්තයෙන් වෙච්චි හැටි හරියටම, පටිච්ච සමුප්පාදයෙන් බලන්න ඕනෙ. වෙන ක්‍රමයකින් ඇත්ත බලාගන්න බෑ. ඒ හින්දා හරියටම යමක් දකින හරි ක්‍රමය දුන්නෙ බුදුරජාණන් වහන්සේ. පටිච්ච සමුප්පාදය තව කෙනෙක් දීලා නෑ ලෝකෙ. ඒ මහා ප්‍රඥාවට පහලවෙන්නෙ, ඇත්ත බලන ක්‍රමය. වෙන කෙනෙකුට මේ ක්‍රමය පහලවෙන්නෙ නෑ, ඉතින් එක එක කතා කියනවා.
(ශ්‍රාවක මහතෙක් තවත් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු දැන් කොහොමටවත් ම තුන්ලෝකාග්‍ර ලොවුතුරා බුද්ධ රාජ්‍යය ලබන තුරු, ඒ ලබාගැනීමට මඟ පාදාගන්න මහා පාරමිතා පුරපු බෝසතාණන් වහන්සේලාට ඇරෙන්න, මේ පටිච්ච සමුප්පාදය හරියට ස්වයංභූ ඥානයෙන් තේරුම් ගැනීමේ පළවෙනි ශක්තිය නෑ. ශ්‍රාවකයින්ට තියෙන්නෙ කියලා දුන්නට පස්සෙ තේරුම්ගන්න ශක්තිය. ඒ ශක්තිය බොහොම අඩුයි, ඒකත් පාරමිතා පුරාගෙන එන්න ඕනෙ. අන්න ඒකයි කියන්නෙ, නිතරම කියවන්න ඕනෙ ඕකයි. ඒක තමයි, නිතරම පටිච්ච සමුප්පාදයෙන් දහම් චක්‍රය අරගෙන, අරගෙන ආවම මේ වචන වැල ලස්සනට තේරෙන්න පටන්ගන්නවා. ඉතින් කාලයක් තිස්සෙ මේ භාවිත නොකරපු නිසා තමයි පටිච්ච සමුප්පාදයට මේ බයවෙලා ඉන්නෙ.
(ශ්‍රාවිකාවක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): එකින් එකට දකින්න ඕනෙ, ඒකයි. ඉතින් මේක ඉතින් අපිත් දකින්නෙ නැති දෙයක් බලන්න ගිහිල්ලා කෝ, ලැබූ කෙනෙක් නෑ. ඔප්පු කරන්නත් බෑ. දෙතිස් කුණප කොට්ඨාස භාවනා කරලා නිවන් දැකයි කියලා කිවුවට, පොත්-පත් වල තියෙනවා නම් ඇරෙන්න, බලන හැටි නැති නිසා අද කොච්චර වැඩුවත් නෑ. ඒ කියන්නත් බැරි වෙන්නෙ අපි ප්‍රගුණ කරලා නැති නිසා, යළි-යළි බලන්න ඕනෙ. “ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය” ඇසුරු කරන්න, භාවිතා කරන්න, බොහෝ කොට ඇසුරු කරන්න. අන්න ඒකයි කියන්නෙ, ගන්න බැරි ඒ කාලයක් ඇසුරු කරලා නැති නිසා. ඇසුරු කළා නම් ඒ වචන වැල අගට, මුළට හොඳ ලස්සනට තේරෙනවා හොඳ අනුපිළිවෙලට, ඒකයි.
(ශ්‍රාවක මහතෙක් තවත් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): එහෙමත් තියෙනවා. දැන් ඒ කියන්නෙ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අර්ථය ගන්නකොට, මේ බමුණු මත දරපු අයත් හුඟක් මහණ වෙලා හිටියා. ඒ කට්ටිය අර පැරණි පුරුද්දට වැඩුවා. ඔවු, දැන් කරන විදිහටම එදත් වැඩුවා, ඒ අය හිටියා. දැන් අර බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවකදි කියනවා, “ස්වාමීණි අද නම් මහා වැස්සක් වහිනවා” කියලා භික්ෂූණ් වහන්සේලා මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේගේ වැඩක් නැති කතාවල් නෑ. වහිනවා නේද, පායනවා නේද… ඔය කතාවල් බුදුරජාණන් වහන්සේට ගැලපෙන්නෙ නෑ, උන්වහන්සේ බාරගන්නෙ නෑ; දෙතිස් කතා වලට අයිති ඒවා.
ඉතින් මෙහෙම එකකදි බුදුරජාණන් වහන්සේ වැදගත් තීන්දුවක් දීලා ගියා දහම් කතාවක් කියලා. “ඔවු ඔවු, මේ වැස්ස සතර දිවයිනටම වහිනවා. නිර්වස්ත්‍ර ව නාගන්න, කලාතුරකින් මේ වැස්ස හම්බෙන්නෙ..” කියලා වැඩියා. ලෝකයා ලෝකෙ වැස්ස ගැන කිවුවා, බුදුරජාණන් වහන්සේ සදහම් අමා වැස්ස ගැන කිවුවා.
(ශ්‍රාවක මහතෙක් පටිච්ච සමුප්පාදය ගැන යළි ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): නෑ නෑ නෑ. මූලික වශයෙන් මේ ලෝකෙ හටගන්න හැම දෙයක්ම… ඒ ඇති. දැන් මේකෙ වැඩක් තියෙන්නෙ මෙහෙමයි, ලෝකයා එක එක මතධාරීන් වෙලා ඉන්නවා. “මේක විමුක්ති මාර්ගය, මම දන්නවා, මම දන්නවා..” කියලා. මේ නිසා මොකද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් එදා පෙන්නපු විමුක්ති මාර්ගය තමයි වේදයේ බොහෝ කොටම ලෞකික අර්ථයෙන් ගෙනාවෙ. දැන් බමුණො අතර ඔක්කොම ඕවා තිබුණා, හැබැයි ලෞකික අර්ථයෙන්. ඉතින් මේ අර පද වැල කියනකොට, බමුණො කෑ ගහනවා “අපිත් දන්නවා ඕක…” ඔහොම කියලා බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්නත් එනවා. මොකද, “අපි කියන එක නේ බුදු හාමුදුරුවො කියන්නෙත්…, භවත් ගෞතමයො කියන්නෙත් අපි කියන එකමනේ, කොහොමද එයා විශේෂ කෙනෙක් වෙන්නෙ? අපිත් ඕක ඉගනගෙන තියෙන්නෙ කොයි කාලෙද? භවත් ගෞතමයො ඉපදිලත් නෑ අපි ඕවා ඉගෙනගන්නකොට….” මෙන්න මේ ජාතියෙ මාන්නක්කාර කතා බමුණො කියනවා. ඉතින් ඒ බමුණොත් ඇවිල්ලා මහණ වෙනවා, පොඩි වචනයක් අහලා, හරි කියලා මහණ වුනාට, අර දෘෂ්ටිය අත්හැරලා නෑ. මෙහෙම අය ඔතනත් ඉන්නවා. අන්න ඒ අයගෙ දෘෂ්ටි එකපාර අස් කරන්න බෑ. එහෙම වෙලාවල් වලට විශාල ලැජ්ජාවලට පත් කරන්නත් වෙනවා, නිකම්ම අත්හරින්නෙ නෑ. දැඩිව ඉන්න ඒවයෙ හැටි.
(ශ්‍රාවක මහතෙක් මහණවීම පිළිබඳ යම් ප්‍රශ්නයක් අසයි. ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඔවු, ඒකයි. මොකද ඒ මතධාරීන් මත අත්හැරියෙ නෑ. කොච්චර කිවුවත් ඉගෙනගත්ත තමංගෙ මතයෙ හිටියා. අදත් ඒක තියෙනවා. ඒගොල්ලො කැමති නෑ ඒ මතය අත්හරින්න. ඒකනෙ, මොකද මත සනාථ වෙලා තියෙන්නෙ, මත ස්ථිර වෙලා. ඒකයි වැඩේ, සම්මත බවට පත්වෙලා. රජය පවා දෙවෙනි වෙන්න සිද්ධ වුනා. මොකද මිනිස්සුන්ගෙ සම්මතය ඒ තරම් දැඩියි. දැඩි සම්මත වලට රජය පවා දෙවෙනි වෙනවා, ඒකයි. අදත් ඒක තියෙනවනේ. අදත් දැන් යථාර්තය කොච්චර කිවුවත් සම්මතයට නේ තැන දීලා තියෙන්නෙ.
(ශ්‍රාවක මහතෙක්): අපි මේවා කියන්න ගියොත් අපිට තැනක් ඇත්තෙම නෑ.
(ස්වාමීන් වහන්සේ): යම් දවසක හේතුව හරි නම් ඵලය හරි. ඒ නිසා කවදා හරි ඵලය ලැබෙනවා, හේතුව හරි නම්. වැරදි හේතුවක් හරියි කියලා හිතාගෙන කොච්චර වැඩුවත් ඵලය ලැබෙන්නෙ නෑ. හැබැයි කවදා හරි ලෝකෙ සම්මතයක්, ආයි සැරයක් බිඳිලා තව එකක් ගොඩනැඟෙන්නෙ, යථාර්තයට එන්නෙ, ඵලය ලබපු දාට. කවුරුත් බලාපොරොත්තු වෙනවා හරි ඵලය. “අපේ එක හරි..” යි කිය කියා වඩනවා. නමුත් කාට හරි හරියකට ඵලය ලැබිච්චි දාට තමයි ලෝකයා දැනගන්නෙ, “අන්න බලාපොරොත්තු වෙන ඵලය අහවල් අහවල් තැනින් මතුවෙලා තියෙනවා. ඔය කියන ඒවා ඔක්කොම ලැබිලා තියෙනවා…” ආං එදාට තමයි අරගොල්ලො කම්පා වෙලා, තැන්පත් වෙලා, “එහෙනම් අපිත් ඒක ගමු” කියන නිගමනයට බහින්නෙ. එතකන් බහින්නෙ නෑ.
{0:38:12} : අර්ථ නිවැරදිව නොදැන වදන් කටපාඩම් කළ බමුණු ගතිය
(දේශනාවේ සුළු කොටසක් පටිගත වීම මඟහැරී ඇත)…ධාරීව හිටපු අය, බමුණො මහණ වෙච්චි අය, ඔක්කෝම සිවුරු ගලවලා තියලා, එළියට බැහැලා නාන්න පටන්ගත්තා, අර වැස්සට තෙමුනා. ඔය තෙමි තෙමී ඉන්නකොට එදා විශාඛා උපාසිකාවගෙ දානයක් තිබිච්චි දවස. පුණ්ණා කියන දාසියට කිවුවා “ගිහිල්ලා භික්ෂූණ් වහන්සේලාට ආරාධනා කරලා එන්න මම කිවුවා කියලා, දානෙ හදලා ඉවරයි” කියලා. ආරාධනා කරන්න ගිහිල්ලා, ආපහු දිවුවා. දුවලා ඇවිල්ලා කිවුවා, “අනේ ආර්යාවෙනි, කොහෙද හාමුදුරුවරු එක්කෙනෙක් වත්? නිඝණ්ඨයො ගොඩාක් ඉන්නවා” කිවුවා, “ජේතවනාරාමෙ හැමතැනම නිඝණ්ඨයො පිරිලා” කිවුවා. ඒපාර දැන් කල්පණා කළා, එයාට නුවණ තියෙන හින්දා එයා තේරුම් ගත්තා, “මේක වෙන්න බැරි වැඩක්, මොකක් හරි මේකෙ ප්‍රශ්නයක් ඇති, මේක පටලවාගෙනයි ඔය තියෙන්නෙ, දැන් ගිහින් බලන්න හාමුදුරුවරු ඇති” කියලා ආයි සැරයක් යැවුවා. ඒ පාර ඔන්න නාලා ඉවරවෙලා, සිවුරු දරාගෙන ඉන්නවා.
ඒපාර ගිහිල්ලා ආරාධනාවක් කළා. ඊටපස්සෙ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා “ස්වාමීණී, මේ භික්ෂූණ්ට වැසි සළුවක් අනුදැන වදාරන්න” කියලා ඉල්ලීමක් කළා, හෙළුවෙන් නාපු හින්දා. ඊටපස්සෙ බුදුරජාණන් වහන්සේ වැසි සළුවක් අනුදැන වැදෑරුවා. නමුත් අර කතාවෙ සිද්ධිය තෝරාගන්න එදා භික්ෂූණ්ට බැරිවුනා, හතර දිවයිනට වහින වැස්ස මොකද්ද කියලා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල වුනහම ලෝකයේ දහදහසක් සක්වළටත් අමා වැස්ස වහිනවා. සදහම් අමා වැහි විහිදෙනවා හැම තැනකම. මේක තමයි අති දුර්ලභ වැස්ස. අර වැස්ස උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දුන්නෙ ඔය උපමාව. “නිරුවත් ව නාගන්න” කිවුවෙ පාපයන්ට අහුවෙලා හැංගෙන්න, ලැජ්ජා වෙන්න වැඩ කරගන්නෙ නැතුව, පාපයන්ගෙන් නිදහස් වෙලා, විවෘතව ගිහිල්ලා ඔය සදහම් අමා වැස්සෙන් නාලා සුද්ධ වෙන්න, නැත්නම් නිවන් අවබෝධ කරගන්න. ඕකයි පෙන්නුවෙ.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපමාව තේරුම්ගන්න බැරිවෙච්චි අර මෝඩ රැළ ගිහිල්ලා මොකද කරන්නෙ, හෙළුවෙන් නෑවා, ලැජ්ජා වුනා. ඉතින් අන්න ඒ වගේ තැන් දුන්නා, මොකද ඔයවගේ අවස්ථා බුදුරජාණන් වහන්සේ බොහෝ කොට පෙන්නුවා, ලජ්ජා කරලා හිත ගලවන්න තියෙන ඒවට එහෙම ඒවම කළා. මොකද ඒක එහෙම නැත්නම් ගැලවෙන්නෙ නෑ. ඒ කතා අහකට යන්නෙ නෑ. ඊට පස්සෙ, ලැජ්ජා වුනාට පස්සෙ, පස්සෙ මතක් වෙනවා, කිවුව එක හරියට දැනගත්තට පස්සෙ විශාල ලැජ්ජාවක්. බුදුරජාණන් වහන්සේ කිවුවෙ මේකයි කියලා දැනගත්ත දාට “අපි වගේ මෝඩයො ටිකක්, දැන් මූණ බලන්න විදිහක් නෑ….” ඔවු ඔවු, මහණ වෙලා හිටියෙ. මහණ වෙලා හිටියත් ඒ දෘෂ්ටි වල හැටි. ඔයවගේ දෘෂ්ටි බොහෝකොට තිබුණා. ඉතින් ඒවගේ දැනගන්න අවස්ථා තියෙනවා. ඔය ක්‍රමයට දැනගන්න.
දැන් බමුණො ඒ කාලෙ කියන්න පටන්ගන්නවා, කොහොම කළත් බේරෙන්න බෑ, “උඹලා පාදයෙන් උපන් එවුන්…” කියලා මිනිස්සුන්ට නිග්‍රහ කරනවා. එතකොට ඔය “වෛශ්‍යය” කියන කොට්ඨාසය, කොටස ඉන්නවා නම් “උඹලා මේ කළවෙන් උපන් අය, මහා බ්‍රහ්ම ගේ…. රජවරු – බඩෙන් උපන් අය; අපි, අපි තමයි මුඛයෙන් උපන්නෙ…” ඔහොම කිය කියා හැමදාම මේක ඉවරයක් නෑ. හාමුදුරු කෙනෙක් දැක්කහම “ආං අර පයෙන් උපන් එවුන් යනවා. අපිට සම වෙන්නෙ කොහෙද එවුන්?” ඔහොම කිය කියා කියන්න පටන්ගත්තා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා, “ඔය බමුණො තවත් කියනවා නම් උන් උපන්නෙ මහා බ්‍රහ්මයගෙ මුඛයෙන් කියලා, උඹලා කවුරුත් දන්නවා උන් උපන් තැන. එහෙනම් මහා බ්‍රහ්මයා ගෙ මුඛය තියෙන්නෙ උන්ගෙ අම්මලා ලඟ” කිවුවා. ඉතින් වෙන තැනක් නෑ, උඹලා දන්නව නේ උපන් තැන. ඉතින් උන් තවත් කියනවා නම් උන් මහා බ්‍රහ්මයගෙ මුඛයෙන් උපන්නා කියලා, උන් කියන මහා බ්‍රහ්මයගෙ මුඛය තියෙන්නෙ උන්ගෙ අම්මලා ලඟ, කිවුවා. ඊට පස්සෙ කිවුවෙ නෑ අර කතාව, ලැජ්ජා වුනා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන තැන් තියෙනවා, ඔයවගේ බැණලා බැරිනම් ලැජ්ජාවට පත්කරලා ඒ වගේ තැන් වලින් ගලවනවා. ඒවා අසභ්‍යය නෙමෙයි, ඒ අවස්ථාව අනුව ගලවපු හැටි. ඉතින් මෙහෙම ක්‍රම තිබුණා. ලෝකයේ ස්වභාවය ඕකයි.
අන්තිමට පෙන්නුවා බමුණො ලඟ තියෙන කාරණා පහමද බල්ලො ලඟ තියෙන්නෙ කියලා. තව එකක් ඒක. “එදා බමුණන් ලඟ තිබිච්ච, සෘෂිවරු ලඟ තිබිච්ච ගුණ පහ අද බමුණො ලඟ නෑ, ඒක බල්ලො ලඟ තියෙනවා” කිවුවා. ඒ බල්ලො ලඟ තියෙන එකවත් අද බමුණො ලඟ නෑ කියලා එහෙමත් අපහාස කරලා පෙන්නුවා. බල්ලො කන්න දුන්නම කාලා යනවා මිසක් අරං යන්නෙ නෑ. එදා හිටපු සෘෂි වරුත් දානෙ දුන්නම දානෙ වළඳලා ගියා මිසක් අරං ගිහින් කන්න තියාගත්තෙ නෑ. ඒ ගුණය අද බල්ලො ලඟින් දකින්න පුලුවන්, අද බමුණො ලඟ ඒකත් නෑ. ඒ පෙන්නපු කාරණා. බල්ලො කොහෙහරි ලගිනවා මිසක් ඒක ඌ අල්ලගෙන නෑ, ලැබිච්ච තැනක ඉන්නවා. එදා හිටපු සෘෂිවරුත් එහෙම තමයි හිටියෙ, නමුත් අද ඒ ගුණය බල්ලො ලඟ තියෙනවා පේන්න, ඔය බමුණො ලඟ නෑ. උන් පැළපදියම් වෙලා, හදාගෙන කරගෙන, ඒකෙ උන්ගෙ ගෙවල් කියලා හදාගෙන ඉන්නවා. ඔය විදිහට එකින් එක විග්‍රහ කරලා පෙන්නුවා. බල්ලො කවදාවත් බලු පැටික්කියක් දූෂණය කරන්නෙ නෑ; අද ඉන්න බමුණො පැටික්කියොත් දූෂණය කරනවා. එදා තිබිච්චි බමුණන් ගෙ ගුණ අද බල්ලො ලඟ තියෙනවා, බමුණො ලඟ නෑ. ඔයවගේ කාරණා පෙන්නුවා.
ඉතින් ඒ නිසා ඒ වගේ බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථා වල උපමා වලින් පෙන්නලා දුන්නා, අරගොල්ලන්ට නිගරු කළයුතු තැන් නිගරු කළා. හැබැයි සෘෂිවරුන්ට නිගරු කරලා නෑ බුදුරජාණන් වහන්සේ. දැන් ඒ නිසා ඒ සෘෂි වරු පෙන්නපුවත් අද බමුණු මත කියලා කියනවා සමහර අය දන්නෙ නැතුව. නැකැත් ශාස්ත්‍රය, යන්ත්‍ර-මන්ත්‍ර කිරීම, ඒවා බමුණන්ගෙ වැඩ කියලා කියනවා. ඒ මූළික ශාස්ත්‍ර තිබුණා ත්‍රි වේදයේ. බුදුරජාණන් වහන්සේ වේදයට දොස් කිවුවෙ නෑ. හැබැයි වේදය දුන්න බ්‍රාහ්මණයො ගැන කිවුවා, ඔය වේදයේ බ්‍රාහ්මණයො දුන්න දේවල්, උඹලා උඹලගෙ ලාභ-කීර්ති වලට කොටු කරගෙන, උඹලා ඒවා උඹලගෙ අයුතු ප්‍රයෝජනයට අරගෙන, ඒවා කරනවා. ඔය උඹලා වගේද එදා බ්‍රාහ්මණයො ගැයුවෙ? උඹලා වගේ ඔය විදිහට ගාථා-පද ගොතාගත්තද? නැත්නම් තමන්ගෙ නුවණින් ද ඒවා කළේ? එදා ඔය ගොතාගෙන කිවුවෙ නෑ, උඹලා වගේ. ඒ අය ඥානයෙන් කියපුවා කොපි කරගෙන, ඒවා කටපාඩම් කරගෙන, උඹලා ඔය විදිහට අරං එනවා “අධ්‍යාපනය”කියලා. “අපිට හොඳ අධ්‍යාපනයක් තියෙනවා” කියලා උඹලා ලොකුවට කියනවා.
“අධ්‍යාපනය” කියන්නෙ මොකද්ද? ඒක උඹලා දන්නෙ නෑ, උඹලා ලොකුවෙලා ඉන්නෙ කාගෙන් ගත්ත හින්දද? “අධ්‍යාපනය” කියන වචනෙ හැදිච්ච හැටිත් උඹලා අද දන්නෙ නෑ කියලා පෙන්නුවා. අන්න අර පද නිරුක්ති වලට හොඳම උදාහරණයක්, බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ. “ධ්‍යායී පුද්ගලයා” කියන්නෙ දැහැන් ලාභියා. දැහැන් ලාභී සෘෂිවරුන්ට කියනවා “ධ්‍යායී”. ඒ ධ්‍යායී අයට මහා ඥානයක් පහලවෙනවා. ඒගොල්ලො තමන්ගෙ නුවණින් දැනගත්ත දේවල්, ඒවා තේරුම්ගන්න බැරි අතවැසියන් වන අධ්‍යායී පුද්ගලයන්ට අපනයනය කළා. “අධ්‍යායීන්ට අපනයනය කරපු” අර්ථයෙන් ඒකට “අධ්‍යාපනය” කිවුවා. උඹලා ඒක ලොකුවට අරං ඉන්නෙ, දැහැන් ලාභී, ධ්‍යායී පුද්ගලයින්ට උඹලා නිගරු කරනවා. දැහැන් ලාභීන් කාලයකට ඉස්සෙල්ලා දුන්න දේවල් අධ්‍යායී උඹලගෙ පිරිස අපනයනය කරවගෙන, නැත්නම් උඹලගෙ අතට අරගෙන, ඉල්ලගෙන, උඹලා ඒක දරාගෙන ඉඳලා උඹලා ලොකුවෙන්න හදනවා. උඹලා කොහොමද ධ්‍යායී පුද්ගලයට සම වෙන්නෙ? අධ්‍යාපනය – අධ්‍යාපනය කියලා ලොකුවට හිතාගෙන ඉන්නෙ, ඔන්න ඔහොමයි අධ්‍යාපනය හැදුනෙ. අධ්‍යායී පුද්ගලයට අපනයනය කරපු නිසා අධ්‍යාපනය කියන වචනය ආවා.
{0:45:33} : අදටත් බුද්ධ දේශනාවෙ සැබෑ අරුත නොපිළිගන්න අය ඉන්නවා
(දේශනාවේ සුළු කොටසක් පටිගත වී නොමැත) …. ගහනවා. “ඌ මම කියාපු එක නෙ ගත්තෙ, ඌ ගත්තෙ ඒක තමයි! ඔය මම කියපු එක තමයි ඌත් අරගත්තෙ.” “ආ… ඌ ගත්තද?” “ඌ ගත්තා – උ ගත්තා” ඒක තමයි “උගතා”, අර ධ්‍යායී පුද්ගලයින් ගෙ වහල්ලු, සේවකයො. සේවය කරලා, වහල්කම් කරලා, ඔක්කොම කරලා ඉවරවෙලා, “ආ ගනිං, මේක ලියාගනිං, ඕවා මතක තියාගනිං, උඹලට ඕනෙ ඒවා කරන්න යන්න එපා, මෙන්න මේ වගේ වෙන්නෙ-කෙරෙන්නෙ…” ඔයවගේ දෙන දේවල් තමයි උන් ගන්නෙ. ඉතින් “ඌ ගත්තා”, ඒක තමයි ඌ දන්නෙ. ඉතින් උගත්තා වුනේ ඒක.
ඉතින් අද උගත්තු කියන කට්ටිය හරීයට ඉහළින් ඉන්න හදනවා, ධර්මය තෝරන්න යනවා. මොනවයින් තෝරන්නද? කෝ ඥානය? ඉතින් ඕක තමයි අදත් වැරදිලා තියෙන්නෙ. එතන අපි අර ස්වදේශීය සේවයට දීපු දේශනාව දාන්න විදිහක් නැතුව දැන් ඉතින් කොටු වෙවී දඟලනවා. මොකද, වැඩි හරියක් දුන්නෙ නෑ, මල් පූජා කරන හැටියි, හඳුන්කූරු පූජා කරපු හැටියි, එදා කරපු එකෙයි, අද කරපු එකෙයි වෙනස පෙන්නලා දේශනාවක් කළේ. දැන් මේ දේශනාව විද්වත් මණ්ඩලයට දැම්මට පස්සෙ දැන් මේක හරි ප්‍රශ්නයක් වෙනවා, ඒ දැම්මට පස්සෙ “අපි මේවා මේ ආමිස පූජා, වැඩකට නැති මෝඩයින්ගෙ වැඩ, ගස්-ගල් අදහපු අයගෙ වැඩ” කිය කියා නෙ හිටියෙ. දැන් මේක දැම්මට පස්සෙ මිනිස්සු මොකද කියන්නෙ?
දැන් මේක බොරුයි කියන්න විදිහකුත් නෑ, මේවා විවේචනය කරන්න විදිහකුත් නෑ. “කෝ මේ දේශනාවෙ නෑ නොවැ, මේ දේවතාරාධනය කරලා නෑ නෙ…., සමන්තා චක්කවාලේසු… කියන ගාථාව කියලා නෑ; ධම්මස්සවන කාලෝ අයං භදංතා කියන එකත් කියලා නෑ. ඉතින් සම්ප්‍රදායට විරුද්ධයි නේ, කොහොමද මේක දාන්නෙ?” ඕං දැං ඉදිරිපත් කරලා තියෙන කාරණය, ධර්ම දේශනාව දාන්න බැරිවෙන්න කාරණය.
“අනික තමයි, උගත් ශෛලිය අඩු තැන් තියෙනවා, හඳුන්කූර මෙහෙම කිවුවා, හඳුන්කූර මෙහෙම අහනවා… ඒවා උගත් ශෛලියට ගලපන්න බෑ” කිවුවා. මං කිවුවා “නූගත් ශෛලිය ඉගෙනගෙන, උගත් අයට ඒ දහම ඉගෙනගන්න කියන්න, වෙන කියන්න දෙයක් මට නෑ…” කිවුවා. “ඒ උගතුන්ට කියන්න ඉස්සෙල්ලා නූගතුන්ගෙ ශෛලිය ඉගෙනගන්න කියලා. ඉගෙනගෙන ඔය දහම තෝරාගන්න කියන්න. එතකොට නිවන් දකින්න මඟක් පෑදෙයි. ඒක නිසා දහම වෙනස් කරලා, උගත්තුන්ට ඕනෑ හැටියට මම දහම හදන්නෙ නෑ. එහෙම ක්‍රමයක් මං ලඟ නෑ” කිවුවා. “හැබැයි ඔය උගත්තුන්ට ආපුහම කිවුවෙ මොකද්ද කියලා තේරුම්ගන්න බැරිවෙන්න ඔය කියපු කියමන ම මම කියන ක්‍රමයක් තියෙනවා” කිවුවා. “ඕන්නම් ඒගොල්ලන්ට ඒක අහලා මොකද්ද කිවුවෙ කියලා උගත් භාශාව අනුව දාලා බලන්න, එළි සම, එළි වැට, ඒවගේම අක්ෂර, ගණ, සියල්ල සම්පූර්ණ වෙන්න මම කවියෙන්ම දෙන්නම් ඔක්කොම ටික, ඔය උගත්තුන්ට කරගන්න බැරි ජාතියෙ එකකින් දෙන්නම්, ඒ උගත් බස බලාපොරොත්තු වෙලා ඉන්න අයට එතකොට ඒක තේරුම්ගන්න කියන්න. ඕන්නම් ඒගොල්ලන්ට ඇවිදින් අහගන්න කියන්න. ධර්මය දෙවෙනි කරන්නෙ නෑ කියන එක මතක තියාගන්න” කියලා මං පිළිතුරක් දුන්නා.
දැන් තව තියාගෙන ඉන්නවා, “කොහොමහරි දානවා” කිය කියා ඒක අධ්‍යක්ෂක තුමා. “කොහොමහරි මේක දානවා, විද්වත් මණ්ඩලය මොනවා කිවුවත් මේක දානවා…” කියලා ඉන්නවා බලාපොරොත්තුවෙන්. ඉතින් ලොකූ විප්ලවයක් වෙනවා ඔය විදිහට. කරන්න දෙයක් නෑ ඉතින්, කොහොමෙන් හරි ධර්මය දෙවෙනි කරන්නෙ නෑ කොහොමත්.
(ශ්‍රාවයකයෙක් යමක් අසයි, අසන දේ පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): නෑ එහෙම වෙන්න බෑ. සත්‍යය තුළ, දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙ හැට නමක් යැවුවෙ එක මඟ දෙන්නෙක් යවන්න එපා, එක මඟ එක්කෙනා ගානෙ යන්න කියලා, හැට දෙකක් මිත්‍යාවාදීන් යටතෙ නෙ යැවුවෙ. කාටද, මොකද වුනේ? ඒ තටමන්න පුලුවන්, තැටමුවට වැඩක් නෑ, අදින්න බැහැනෙ, ඉතින් කරන්න දෙයක් නෑ. අපිට අවශ්‍යය දේ විතරක් අපි ගන්න ඕනෙ, නිවන් දකින්න අවශ්‍යය කරන දේ. ඉතුරු ටික ඊටපස්සෙ කට්ටිය බලාගන්න ඕනෙ.
මොකද, ඔය තුළින් ඒ ඥානවන්තයින් බිහි වුනාට පස්සෙ, සිවුපිළිසිඹියා පත් මහරහතන් වහන්සේලා පහලවුනාට පස්සෙ, උන්වහන්සේලාට පෙනෙයි හදාපු තැන, අල ගිය, මුළ ගිය තැන් ඔක්කොම. කවුද ලිවුවෙ, කොහෙද ලිවුවෙ, මොන තැනද ලිවුවෙ, මොන පොතේද ලිවුවෙ, එයාගෙ නම මොකද්ද, මොකද්ද පෑන, කොහෙද ඒක තියෙන්නෙ, තැන්පත් කරලා තියෙනවා නම් කොහෙද තියෙන්නෙ? ඒවත් ඔක්කොම දකින පිරිසක් මතු බිහිවෙයි. එදාට බොරු කරන්න බැහැ, ඒකෙ කෑල්ලෙන් කෑල්ල හොයන්න දෙයක් නෑ. සම්පූර්ණ ම මහා ඥානයට ගෝචර වෙලා, දෙදාස් පන්සීයක් ගිහිල්ලා අද වෙනකල් දවසෙන් දවස වෙච්චත් දකින්න පුලුවන් අවස්ථාවෙ පිරිසක් බිහිවෙයි. ආං එදාට පුලුවන් ඕකෙ ඇත්ත-නැත්ත හොයාගන්න. අර සාක්ෂියයි, මේ සාක්ෂියයි හොයන්න දෙයක් නෑ එතකොට. (ශ්‍රාවකයෙක්): කවදාහරි එනවද ඉස්සරහට? (ස්වාමීන් වහන්සේ): එනවා ඉස්සරහට, ඒගොල්ලන්ගෙ ස්වභාවය ඒක.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “උඹලා අද ඔය ගාථාව අරන් එනවා, උඹල ඔය ගාථාව කොයින්ද කියලා උඹලා දන්නවද? අහවල් සෙල්ලිපියෙ තියෙනවා කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දැක්කෙ, බුද්ධඥානයෙන් පෙන්නුවෙ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ මෙන්න මේ විදිහට. ඒකෙ අර්ථය වැහිලා, ලෞකික අර්ථයකින් උඹලා අද අරං එනවා. අද උඹලගෙ වේදයේ තියෙන ගාථාවක් කියලා හිතං ඉන්නවා. ඔය වේදයට ඔය ගාථාව ආවෙ මෙන්න මෙහෙම…” පෙන්නපු තැන් තියෙනවා.
{0:50:27} : සත්ධර්මයට ලෞකික අරුත් දෙමින් වරදාගත් තවත් තැන්
ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං
අට්ඨංගිකේන මග්ගෝච – ඛේමං අමතගාමිනං ති {{ ත්‍රිපිටක සූචිය }}
කියලා මේ ගාථාව කියනකොට බමුණෙක් බොහොම ප්‍රශංසා කළා බුදුරජාණන් වහන්සේව. “ස්වාමීණි, ඔබවහන්සේට අපිත් බොහොම ප්‍රශංසා කරනවා. අපේ වේදයේ තියෙන්නෙ, අපිත් ඕකෙන් බණ කියනවා…” එහෙම කිය කියා මහා පණ්ඩිත කමට කිවුවා. ඒ වෙලාවෙ ඉතින් ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ මොකක් කියලද තෝරලා තියෙන්නෙ? ඕවා තෝරන්නෙ කොහොමද?
“නිරෝගිකම පරම ලාභයක් නේ. මේ මගෙ අත-පය බලන්න, නිරෝගියි නේ…” එතන ඉඳලා විස්තර කරන්න කිවුවහම කියනවා, “මං කොච්චර නිරෝගී ද, මට කොච්චර ලාභයක් ද නිරෝගී බව?” දැන් අද මෙච්චර මේ ධර්මය බබලන පැත්තෙ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා ආරෝග්‍යශාලාවෙ ගැහුවෙත් ඕක නෙ. ලේ දන් දෙන තැන ගහලා ඇත්තෙත් ඕකටනෙ. නිරෝගිකම පරම ලාභයයි කියලා, මේ කයේ නිරෝගිකම පරම ලාභයයි කියන එකනෙ අදත් අදහස් කරලා තියෙන්නෙ, ඔයිට එහා අදහසක් අදත් නෑ නෙ. එහෙනම් ඉතින් බමුණා බුදුරජාණන් වහන්සේට දුන්නෙත් ඔය පිළිතුර ම නේ. ලෙඩක්-දුකක් නැතුව ඉන්න එක කොච්චර නිරෝගි කමක්ද, කොච්චර ලාභයක්ද!
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “බමුණ, මට මතක් වෙනවා උපමාවක්, ඒ උපමාව ඔබට කොහොමද වැටහෙන්නෙ?” එක අන්ධ මනුස්සයෙක් ඉන්නවා. එයාගෙ හිතවතෙක් වශයෙන් ඉන්න කෙනෙක් එයාට කළු ගොමස්කඩ රෙද්දක් ගෙනත් දීලා කියනවා මේක ඉතාම සුදු රෙද්දක්, මේක ඇඳගත්තහම හරි හැඩයි, ලස්සනයි. මේක ඇඳගන්න. අර අන්ධ මනුස්සයට දෙනවා. අර අන්ධ මනුස්සයා ඒ කියමන විශ්වාස කරලා ඇඳගෙන, “හරිම සුදුයි, හරිම චාම්, හරිම හැඩයි…” ඔහොම කිය කියා අර ඇඳුමත් එක්කලා කියනවා නම්, ඔබට මොකද ඒ අන්ධයා ගැන හිතෙන්නෙ?” “ස්වාමීණි, අන්ධකම මිසක්, මෝඩකම මිසක්, වෙන මොකද්ද? මට නම් හිතෙන්නෙ එහෙම තමයි…” ඒ අන්ධයගෙ තියෙන මෝඩකමයි, අන්ධකමයි මිසක්, නැත්නම් එහෙම කතාවක් කියනවද? ඔය උත්තරේ දුන්නා.
“බමුණ, ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ මොකද්ද අහපුහම මේ කයේ නිරෝගිකම පරම ලාභයයි කියලා ඔබ ඒ කියපු කියමනට, මට ඔබ ගැන හිතෙන්නෙත් අන්න අර අන්ධ මනුස්සයා වගේ. මෝඩකම මිසක්, නොපෙනෙනකම මිසක්, වෙන මොකද්ද කියන එක තමයි මටත් කියන්න තියෙන්නෙ” කියලා ඔය උත්තරේ දුන්නා බුදුරජාණන් වහන්සේ අර බමුණට. දැන් බමුණාට හරි ලැජ්ජයි. ඇයි, බමුණු ධර්මය තුළ ඒකට වෙන පිළිතුරක් නෑ, නිරෝගිකම පරම ලාභයයි කියනවට වඩා. වෙන මොනවා කියන්නද? වෙන එකක් එයාට තේරෙන්නෙත් නෑ.
දැන් අද ඇහුවොත් එහෙම? ඕකෙ වෙන අර්ථයක් නැද්ද තෝරන්නෙ කියලා හිතලා බලන්නකො. හැබැයි බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා, “බමුණ, ඕකට අනුව මම කියලා දෙන්නම් යථාර්තය. එතකොට උඹට ඕක තේරෙයි අර්ථය මොකද්ද කියලා. මට පෙර ලොවුතුරා බුදුවරයන් වහන්සේ නමක් ලෝකයේ පහලවෙලා හිටියා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන ඒ කියන්නෙ. උන්වහන්සේ ලෝකයට ඔය ගාථාවෙන් ධර්මයක් දේශනා කළා නිවන් අවබෝධ කරන්න. ධර්මාවබෝධය ලබන ගාථාවක්. ඔය ගාථාවෙ අර්ථය පහු කාලයකට යනකොට, ඒකෙ තිබෙන සාසනික අර්ථය වැහිලා, ලෞකික අර්ථයක් පටබැඳගෙන, ඔය වේදයට ඔය ගාථාව ඇතුළත් කරගෙන අද වෙනකන් ගේනවා. ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගාථාවක්. ඒක තමයි අද වෙනකන් අරං එන්නෙ. ඕකට ගොතාගත්ත ලෞකික අර්ථය තමයි උඹලා ඔය කියවන්නෙ. ඕක නෙමෙයි ඕකෙ අර්ථය. ඕක විග්‍රහ කරලා දෙන්නම්.
පංච උපාදානස්කන්ධය නැමැති යම්කිසි පැවැත්මක් ඇත්ද, මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි මහා රෝගය. සක්වළත් තියෙන ලොකුම රෝගය ඕක තමයි. මේ පංච උපාදානස්කන්ධය රෝගයක් මෙන්, උලක් මෙන්, ගෙඩියක් මෙන්, මඩක් මෙන්, මේ විදිහට දකින ඒ ආර්ය ශ්‍රාවකයා, යථාර්තය දැනගත්ත කෙනා, මේ පිළිබඳ යම්කිසි ආකාරයක ඡන්ද රාගයක් තිබුණා නම්, අන්න ඒ ඡන්ද රාගය දුරුකරගන්නවා. පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාර්තය දකිනකොට, රෝගයක් සේ දකිනකොට, උලක් සේ දකිනකොට, මඩක් සේ දකිනකොට, ගෙඩියක් සේ දකිනකොට, මේකෙ අසාරත්වය දකිනකොට, ඒ පිළිබඳ ඡන්ද රාගය දුරුවෙලා ගිහාම කියනවා, රෝගය නිවාරණයි. රෝගයෙන් සුවපත් වුනා.
මෙන්න මේ රෝගය නැතිවෙනකොට, පංච උපාදානස්කන්ධය පිළිබඳ ඡන්ද රාගය දුරුවෙනකොට, උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි. භව නිරෝධ නම් ජාති නිරෝධයි. ජාති නිරෝධ නම් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස සියල්ලෙන් නිරෝධයි. සියල්ලේ දුකෙන් නිදහස්, මෙන්න නිරෝගිත්වය. ඕකෙන් මිදෙන්නෙ නැති තාක්කල් උපාදානයෙන්, පංච උපාදානස්කන්ධය පිළිබඳ බැඳුනු උපාදානය නිසා, “උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති” කියන මෙන්න මේ රෝගයට වැටෙනවා. ඔන්න රෝගය යි රෝගයේ දුකයි. ඔන්න රෝගය; ඔන්න නිරෝගීත්වය. පංචස්කන්ධය පිළිබඳ රෝගයෙන් නිදහස් වෙලා ලබන්නාවූ නිරෝගිත්වයක් ඇත්නම්, මෙන්න මේකයි පරම ලාභය. මෙන්න මෙකයි “ආරෝග්‍යා පරමා ලාභා” කියන්නෙ.
බමුණ, අන්ධයයි කියලා කියන්නෙ කවුද? මේ පංචස්කන්ධය ප්‍රියයි, මනාපයි, යහපතයි, වටිනවා කියලා මේ පෘතග්ජන මනුස්සයො ඉන්නවා. ඔන්න ඔවුන්ටයි අන්ධයො කියන්නෙ. ඔය අන්ධයාට හිතවතා කවුද? තමාගෙම පෘතග්ජන මානසිකත්වය. ඒ මානසිකත්වය අදහසක් දෙනවා, “මේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියන මේවා, නැත්තම් මේ මුලු ලෝකෙ හරිම වටිනවා” යි කියලා, හරිම ශුද්ධයි; හොඳ දෙයක්. කියලා අදහසක් දෙනවා. මෙන්න මේක තමයි අර පෘතග්ජන අන්ධයාට තමාගේ මනස නැමැති හිතවතා දෙන දේ.
යම් දවසක ඔහු දහම් අහලා යථාර්තයෙන් ගත්තට පස්සෙ, දහම් ඇහැ පහලවෙලා ඇහැ ඇරෙනවා. අන්න ඇස් පෙනිච්චි දාට ඔහු දකිනවා, “කළු ගොමස්කඩයක් නෙ දීලා තියෙන්නෙ මේ සුදු ඇඳුම කියලා මගෙ හිතට. පෘතග්ජන මානසිකත්වය මට ගොඩනඟලා තියෙන්නෙ කලු ගොමස්කඩයක් වැනි මුළාවක් තමයි මේ වටිනා දෙයක් කියලා මං මෙච්චර කල් රැවැට්ටුවෙ. පංච උපාදානස්කන්ධය නැමැති කලු ගොමස්කඩය මම අහකට දානවා. ඒ තමග හිතවත් හැටියට පෙන්නපු මානසිකත්වයත් පැත්තකට දානවා.
එහෙනම්, බොරු යාලුවයි, බොරු යාලුවගේ බොරුවට රැවටෙන එකයි දෙකම අහක් කරපු එක්කෙනාට, උපාදානස්කන්ධය බිඳිච්චි එක්කෙනාට භවයක් නෑ. භවයක් නැති කෙනාට ජාතියක් නෑ, ජාතියක් නැති කෙනාට ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස එකක්වත් නෑ, මෙන්න මෙහෙම නිරෝගීත්වයකට පත්වෙනවා. මෙන්න අන්ධයා, මෙන්න අන්ධයාගෙ හිතවතා, ඔන්න ගොමස්කඩය, ඔන්න ගොමස්කඩය දකින ඇහැ, ඔන්න දැක්කට පස්සෙ ගලවලා දාලා මිදෙනවා. මෙන්න මේකට කියනවා “ආරෝග්‍යා පරමා ලාභා – නිබ්බානං පරමං සුඛං” කියලා.
අදත් ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය අර්ථයෙන්ද? නැත්නම් අර බමුණගෙ අර ගොමස්කඩයක් ගත්ත අන්ධ අර්ථයෙන්ද? කළු ගොමස්කඩයක්, වටිනා සුදු රෙද්දක් කිවුව අන්ධයගෙ ගතිලක්ෂණයෙන් තමයි අදත් “ආරෝග්‍යා පරමා ලාභා” කියලා තෝරන්නෙ, නිරෝගිකම පරම ලාභයයි කියලා. දැන් ඔය කතාවක් දැම්මොත් එහෙම ටී.වී. එකේ, කොහොම කරන්නද? ඔය ස්වදේශීය සේවය හරි වගේ සේවයක කිවුවොත් එහෙම, වැඩේ විනාසයි නේ. නෑ කියන්නද? තැනත් එක්කලා ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් නේ, මජ්ඣිම නිකායෙ අහවල් ස්ථානයේ බලන්න. අහවල් සූත්‍රයේ මේක තියෙනවා. ඊට පස්සෙ ත්‍රිපිටකය කපන්න යෑ! ඔය මිනිස්සු නඟන ප්‍රශ්නෙ ඊලඟට, “එතකොට අපිට මෙච්චර හාමුදුරුවරු, දක්ෂ කථිකයො හිටියා, මෙච්චර හාමුදුරුවරු ත්‍රිපිටකය බලලා නෙමෙයිද බණ කිවුවෙ?” එක්කෝ ත්‍රිපිටකයේ නෑ කියන්න ඕනෙ. තියෙනවා කිවුවොත්, “ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තෙ?” දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. “ඇයි මෙච්චර කල් අපි රැවැට්ටුවෙ?” දැන් ප්‍රශ්නයක් වෙනවා ඕක.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): ඇත්තවශයෙන් දහම් විමර්ශනයක් නෑ. පොත් ටික ගෙනිහිල්ලා අල්මාරියෙ තියන එක නෙ කරන්නෙ. ඒකට වැඳ වැඳ ඉන්න එක නෙ කරන්නෙ, දුම් අල්ල අල්ලා. තේරුම්ගන්න බෑ ඔතන, පනිනවා; උත්සාහගන්න බෑ, සීමාව ඉක්ම යනවා. (නැවතත් ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, පැහැදිලි නැත. ස්වාමීන් වහන්සේ): එහෙම තමයි ඉතින් කියන්නෙ, අන්න ඒකයි වැඩේ. ඒක දකින්න ඕනෙ, ඒකමයි ගන්නෙ.
ඕක දැකලා නෙමෙයි අපි කර්මස්ථාන හැදුවෙ, සංසාර රෝගය, සංසාර භය… ආදී වශයෙන්. හැබැයි නිරෝගී කම කියලා කියන්නෙ නිවන බව අපි ඉස්සරත් කිවුවා. හැබැයි ඔය පොතකින් දැකලා නෙමෙයි අදහස මේකයි කියලා. ඒකම ඔප්පු වෙලා මේ ඉතා මෑතකදි තමයි, මේ පොත් ටිකක් ගෙනාවට පස්සෙ තමයි ආරෝග්‍යා පරමා ලාභා කියන එක තෝරපු විස්තරය හම්බුණේ බුදුරජාණන් වහන්සේ ගෙ දේශනාවෙ. (ශ්‍රාවක මහතෙක් යමක් පවසයි, එය පැහැදිලි නැත. ස්වාමීන්වහන්සේ): ඒකනෙ කාරණේ.
{0:59:08} : පරම අස්වැසුම ලබන්න කළ හැකි උතුම් භාවනාවක්
උදයංගම, අත්තංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ කියන එක, අත්තගම කියන වචනයේ අර්ථය තමයි අත්තංගම කියන එකට දීලා තියෙන්නෙ. හටහැනීම, වැනසීම, ආස්වාදය, ආදීනවය, නිස්සරණය; ඔහොමයි පෙන්නන්නෙ. උදයංගම කියන්නෙ උදා වෙනවා. අත්ථ අංගම – කියන්නෙ අස්තයට ගියෙ නෑ කියන එකයි තව. ඒක තව අස්තයට ගියෙ නෑ කියන එකයි. උදා වුනා, අස්තයට ගියෙ නෑ. තව මෝරන්න පටන්ගත්තෙ නෑ. ආස්වාදයෙන් ඉන්න කාලෙ කියන්නෙ අන්න ඒ කාලෙ, තරුණ කාලෙ. අන්න, මෝරන්න පටන්ගන්නෙ ආදීනව කාලෙ. එතකොට තමයි වයසට යන්නෙ. නිස්සරණ කියන්නෙ නැගිටගන්නවත් බැරි කාලෙ, ඉවරයි, මරණය. මේ ලෝකෙ හැම දෙයක්ම ඔය කියන කාරණා පහෙන් යුක්තයි. උදාවෙනවා, අස්තයට යන්න ඉස්සෙල්ලා අවස්ථාවට …(59:59)… ඉන්නවා, ආස්වාදව ඉන්නවා, ඊටපස්සෙ වැහැරිලා යනවා, මැරිලා යනවා. ඕක තමයි ලෝක ධර්මතාවය.
ඔන්න ඕක හරියට දැක්කා නම්, එයාට “ආස්වාස පූර්ණයි” කියලා දේශනා කළා. “ආස්වාස සූත්‍රය” {{ත්‍රිපිටක සූචිය}} සහ “පරමාස්වාස සූත්‍රය” {{ත්‍රිපිටක සූචිය}} කියන සූත්‍ර දෙකේම දේශනා කරලා තියෙනවා. දැන් උදයංගමය, “අස්තංගමය” කියලා අර වචනය පටලවලා අර්ථගන්නවා. හටගැනීම, විනාසය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියලා. හටගැනීම ලඟට විනාසය ආවා නම්, ආස්වාදය ගැන කතාකරන්න තැනක් නෑ. හටගත්තා-මළා, ආස්වාදය ගැන කතාකරන්නෙ ඊටපස්සෙ කොහොමද? මැරිච්චි එක්කෙනාද? අනුපිළිවෙල, අනුපූර්ව ක්‍රමයක් තියෙන්න ඕනෙ, හැමදේටම.
මනුස්සයෙක් හටගන්නවා ළමා වෙලා, ළමා වයස උදාවෙන කාලෙ, “උදයංගම” කාලෙ. තරුණ වයසට ආවා “අත්ථංගම” කාලෙ. තරුණ කාලෙ ආස්වාද විඳිනවා, ආස්වාස කරනවා, ආස්වාද කාලෙ. ඊටපස්සෙ වයසට යනවා, අතපය අමාරුයි, කොර වෙලා අමාරුයි, ඔක්කොම වාත වේදනා ඔක්කොම එනවා, අන්න ආදීනව කාලෙ. නැගිටගන්නත් බෑ, සරන්න බෑ නිස්සරණ කාලෙ, මරණය.
කොස් ගහක් හිටවනවා, කොස් ඇටේ හිටවලා වැඩෙන කාලෙ උදයංගම. අන්න වැඩිලා මල්-ඵල දරන්න කිට්ටුවෙන මෝරපු කාලෙ අත්ථංගම. මල්-ඵල දරණවා ආස්වාද කාලෙ, හොඳට ගෙඩි හැදෙනවා, සරුවට හැදෙනවා, ඊටපස්සෙ ගහ මෝර මෝරා යනවා, කොළත් හීං වෙනවා, ගෙඩිත් හැදෙන්නෙ නෑ, අන්න ආදීනව කාලෙ. එහෙන්-මෙහෙන් ගහ පැළිලා ඉස්ම ගලන්න පටන්ගන්නවා ආදීනව. ගහ මැරෙනවා, නිස්සරණ.
පොල් ගහක් හිටවනවා, ඒත් ඒ වගේ. පැළේ කාලෙ උදාවෙන කාලෙ, උදයංගම. ගෙඩි හැදෙන්න පටන්ගන්න ආරම්භක කාලෙ අත්ථංගම. ගෙඩි හැදෙන කාලෙ ආස්වාද, ඵල දරනවා, හොඳට දෙනවා. කණාටු ගැහිලා යන කාලෙ, වයසට ගිහිල්ලා, ආදීනව. ගහ මැරිලා යනවා, නිස්සරණ. මේ ලෝකෙ හටගත්ත සියළුම දේවල් ඒ වගේ. ගේ ගොඩනඟනවා, උදයංගම. ගොඩනඟලා ඉවරයි, අත්ථංගම. ඊටපස්සෙ හොඳට පදිංචි වෙලා ඉතින් බොහොම සන්තෝසෙන් ජීවත් වෙන කාලයක් තියෙනවා හොඳ ගෙයි, ආස්වාද කාලෙ. ඊටපස්සෙ ගේ අබලන් වෙන කාලයක් එනවා පරණ වෙලා, ආදීනව. ගේ කඩාවැටෙනවා – නිස්සරණ. සියලුම සත්තුන්ටත්, සියලුම ද්‍රව්‍ය-වස්තු වලටත් ඔන්න ඔය ධර්මතාව අනුවයි මේ සිද්ධවෙන්නෙ හැම සිද්ධියක්ම.
එහෙනම් උදයංගම වශයෙන් හටගෙන එසේ පවතින ලෝකයක් නෑ. අත්ථංගමයට පත්වෙලා, තරුණ බවට පත්වෙලා නවතින ලෝකයක් නෑ. ආස්වාදයට පත්වෙලා, ආස්වාද මට්ටමේ පිහිටලම තියෙන ලෝකයක් නෑ. ආදීනවයට පත් නොවන ලෝකයක් නෑ. නොමැරිලා වැනසෙන්නෙ නැති ලෝකයක් නෑ. එහෙනම් අනුපිළිවෙලින් යනවා ඔය රටාව. ඉතින් අපිට බලන්න කියලා පෙන්නනවා චක්ඛු සම්ඵස්ස ආයතන, සෝත සම්ඵස්ස ආයතන, ඝාන සම්ඵස්ස ආයතන, ජිව්හා සම්ඵස්ස ආයතන, කාය සම්ඵස්ස ආයතන, මනෝ සම්ඵස්ස ආයතන කියන මෙන්න මේ ස්ඵර්ශ ආයතන හය කෙරෙහි ඔන්න ඔය උදයංගම, අත්ථංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ ක්‍රියාවලිය තතු සේ දකින දවසක් ඇත්ද, එදාට “ආස්වාස” කරලා ඉවරයි ධර්මය. ඊටවඩා බණ අහන්න දෙයක් නෑ, ධර්මාස්වාසය ලබලා ඉවරයි, එහෙනම් ආර්ය ඵලයට පත්වෙලා, අරිහත්වයට පත්වෙලා ඉවරයි.
ඔන්න මේ ආර්ය විනයෙහි පූර්ණ කරගතයුතු ආස්වාසයක්. ඔන්න ඕක පූර්ණය වෙනකන් ඔය ධර්මය වඩන්න කිවුවා. ඉතින් ඕක අපිට නිතරම පුහුණු කරගන්න පුලුවන් දෙයක්. පුංචි ළමයෙක් පේනවා, “ආ උදයංගම වයසෙ නේ…” ගැටවර වයස ඉක්මවලා එනවා, “ආ අත්ථංගම වයසෙ එක්කෙනෙක් ඉන්නෙ…” තරුණ වයසෙ එක්කෙනෙක් ඉන්නවා, ඉතින් ජෝඩුවෙලා ගෙදර යනවා, ඉතින් විවාහ වෙලා, ඉතින් ළමයෙක් එහෙම ඉන්නවා, “ආස්වාද වයස නේ…” ඊටපස්සෙ යනවා ටිකක් ඔය හැට පිරිච්චි එක්කෙනෙක්. “ආ ආදීනවයට ආපු එක්කෙනෙක් නේ…” ආං මළ මිණියක් දකිනවා, “ආ නිස්සරණයට පත්වෙනව…” ඉතින් ගිහින් බලනවා ඕක.
සීයක් යයි, අවුරුදු අසූවයි, අසූවෙන් නිස්සරණ වෙනවනේ, දැන් දකිනවා. අවුරුදු හැට විතර කාලෙ, “ආදීනව කාලෙනෙ ඉඳලා තියෙන්නෙ” ඊට ඉස්සෙල්ලා? “ආස්වාද කාලෙ, දරුමල්ලන් හදාගෙන සුන්දර ලෝකෙ හිටපු කාලෙ නේ” ඊට ඉස්සෙල්ලා ? “අත්ථංගම කාලෙ නේ, ඒ තත්වෙට පත්වෙලා වැඩිලා ඉන්න කාලෙ” ඊට ඉස්සෙල්ලා? “ළමා කාලෙ, උදයංගම කාලෙ නේ, ඔය කාලෙන් එහා හිටියෙ නෑ නෙ මෙයා…” එහෙනම් මෙයා ඉඳලා තියෙන්නෙත් උදයංගම, අත්ථංගම, ආස්වාද, ආදීනව, නිස්සරණ. ධර්මානුකූල විදිහට සිද්ධ වෙන එක මේ මෙතනදිත් සිද්ධවෙලා නෙ පේන්න. දැන් ඒවා අවසන්. ඔන්න කෙනෙක් ඉපදුනහම ගෙවිලා යන හැටි.
දැන් ඔයටික දකින්න පටන්ගත්තට පස්සෙ තරුණ මදයක් තිබුණා නම් තරුණ මදය ඉවරයි. මැදි වයස් මදයක් තිබුණා නම් ඒකත් ඉවරයි. අපි හැම කෙනෙක්ම උදා වෙනවා, වැඩෙනවා, ආස්වාද විඳිනවා, ආදීනව පැත්තට පත්වෙනවා, මැරිලා යනවා. ඕකම බලාගෙන, බලාගෙන යන්න පටන්ගත්තට පස්සෙ “ඒකද ලෝකය කියන්නෙ? මෙහෙම ලෝකෙක මං මොනවා හරි තියාගන්න හැදුවොත් ඒ ධර්මතාවය ඒක නම්, මම කියපු විදිහට පවතීද? තරුණ බව තියාගන්න හැදුවට පුලුවන්ද? මැදි වයසෙ ඉන්න හැදුවට පුලුවන්ද? මහළු වෙන්නෙ නැතුව ඉන්න හැදුවට පුලුවන්ද? නොමැරි ඉන්න හැදුවට පුලුවන්ද? ධර්මතාවය ඕක නම්, ඔය ධර්මතාවය දැක්කම ධර්මය දැක්කා. අන්න ලෝක ධර්ම.
{1:05:03} : ලෝකය තුළින් දහම් දකිමින් පටිච්ච සමුප්පාද භාවනා වඩමු
පොතේ තියෙන ධර්මය ඕනෙ කෙනෙකුට වෙනස් කළහැකියි, මොන මොනවා හරි කරන්න පුලුවන්. හැබැයි ලෝක ධර්මයේ එක ඇලපිල්ලක් වෙනස් කරන්න තැනක් නෑ. මොකද හැමදාම ඒ ලෝක ධර්මය තියෙනවා. එහෙනම් ධර්මය වෙනස් කරන්න බෑ, පොත්වල ලියලා තියෙන සංකේත වෙනස් කළහැකියි. අකුරු කියන්නෙ සංකේත, ධර්මය පෙන්නන්න ගත්තු සංකේත. ධර්මය දකින්න ඕනෑ ලෝකය තුළින්. ලෝකය තුළින් දැනගැනීමේ චක්‍රය පෙන්නලා තියෙනවා, ඔය පොත්වලින් පෙන්වලා තියෙනවා මුලදිම. පහුකාලයක් යනකොට ඒවා වෙනස් කරගෙන, සංකේත වලට එක එක අර්ථ දීලා ඒවා වෙනස් කරගන්නවා. අද වෙනකොට හුඟාක් දුරට පටලවා ගන්නවා. එදා ධර්මය දැක්කෙ ලෝකය තුළින්, පොත් වලින් නෙමෙයි. පොත් වලට ගත්තෙ කොච්චර පස්සෙද? ධර්මය දැක්කෙ ලෝකයෙන්.
කර කොළ අස්සෙන් ධර්මය දැක්කා, අසූචි පිඬෙන් ධර්මය දැක්කා, වක්කඩක් ලඟ ගලන දිය බුබුළු වලින් ධර්මය දැක්කා, ඔහොම තමයි ඉස්සර භික්ෂූණ් වහන්සේලා අරිහත්වයට පත්වුනේ. පොඩ්ඩක් වත් ඒ ධර්මය වෙනස් කරන්න බෑ, එදත් බෑ, අදත් බෑ. චක්‍රය හරියට දැනගත්තා නම්, ධර්මය දැක්කහැකි චක්‍රය තුළින්. චක්‍රානුසාරයෙන් ධර්මය දකිනවා. ඒ ධර්මය වහන්න කෙනෙකුත් නෑ, උගන්නන්න කෙනෙක් ඕනෙත් නෑ. චක්‍රය විතරයි දැනගන්න ඕනෙ, ඒ තුළින් ධර්මය බලන්න “දහම් ඇස” ඇරෙනවා. ආං එයාට කියනවා “ධර්ම චක්ෂුසය” පහලවුනා, සෝතාපන්නයෙක් වුනා. සෝතාපන්නයට බණ කියන්න ඕනෙ නෑ කවුරුවත්, එයා ක්‍රමය දැනගෙන ඉවරයි. එයා බණ දකිනවා, ධර්මය දකිනවා. හැම දෙයක් තුළින්ම දකින්න පුළුවන්. ඔය කතාවට තමයි ධර්මය දකින්නෙ.
නිතර සිහිකරන කර්මස්ථාන අපි නිතරම දීලා තියෙනවා, එතකොට ඉතින් අර “වැහැරී වැනසෙන දෙයක් දකින හැටි” ආදී වශයෙන් ගන්න පුලුවන්. දැන් යනකොට කෙනෙක් දකිනවා, නට නටා යනවා. “වැහැරී වැනසෙන කයක් නටවන හැටි…” අන්න සිහිකරන ක්‍රමයක්. “වැහැරී වැනසෙන” කියන එක දාලා අර්ථය දකිනවා. “වැහැරී වැනසෙන කෙනෙක් උද්දාම වෙන හැටි..” දැක්කහම, එහෙම අවස්ථාවක් දැක්කහම එහෙම සිහිකරලා යනවා. අපිට හිතුනොත් සින්දුවක් කියන්න, මොනවාහරි එහෙම දෙයක් ආස්වාදයක් විඳින්න, “වැහැරී වැනසෙන කයකින් ආස්වාද විඳින හැටි…” අපි අපිටම හිතාගන්නවා.
දැන් මේක දහම් දකින ක්‍රමයක්. වැඩිකල් යන්න ඉස්සෙල්ලා කරපු ඔක්කෝම වැඩපිළිවෙල එපා වෙනවා. වැඩක් නැති, හරයක් නැති වැඩපිළිවෙල ඔක්කෝම වැටහෙනවා. අන්න දහම වැටහීම. “වැහැරී වැනසෙන කෙනෙක් රඟන හැටි…” රැඟුම් රඟන කෙනෙක් දැක්කොත් එහෙම හිතනවා. ඔය ක්‍රමයට යන්න ඕනෙ. දැන් “වැහැරී වැනසෙන කෙනෙක් ජීවිතය ගෙවන හැටි…” අවස්ථාවෙ හැටියට බල බලා හිතන්න පුරුදුවෙන්න ඕනෙ. ලෝභ ජීවිතයක් එහෙම ගතකරනවා දැක්කොත් එහෙම, කාටවත් යමක් දෙන්නෙ නැතුව, “වැහැරී වැනසෙන ජීවිතයක් ගෙවන හැටි…” සිහිකරලා යනවා, එයාට කියන්නෙ නෑ. කියන්න ගියොත් බණිනවනේ. ඒක කාටවත් කියන්නෙ නැ, තමන්ගෙ හිත තුළින් ඕක සිහිකරලා යනවා.
ලෝකෙ හදාගන්න, ගොඩගන්න, සංවිධානය කරගන්න ලෑස්ති වෙනකොට, “වැහැරී වැනසෙන සංවිධානයක් ගොඩනඟන්න හදන හැටි…” එහෙම හිතලා යනවා. ඉස්සරත් ඕවා කළා නෙ, ඒකනෙ අද නැත්තෙ. දැනුත් ඕවා කරනවනේ, ඒකනෙ ඒවා නැතිවෙන්නෙ. මතු හරි මතුවෙන්නෙ ඒකනෙ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලෙට දාලා බලනවා. ඔය ටික දකින්න, දකින්න ආං දහම් නුවණ පහලවෙනවා.
එතකොට දකිනවා, පෙර යම් කෙනෙක් යථාවබෝධය ලැබුවා නම් මේ ක්‍රමය මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි. දැන් යම් කෙනෙක් යථාවබෝධය ලබනවා නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. මතු කවදාහරි කෙනෙක් යථාවබෝධය ලබනවා නම් මේ ක්‍රමය සිහිකරලා මිසක් වෙන ක්‍රමයකින් නෙවෙයි කියන එක තමාගේ නුවණින් දකිනවා. එතකොට කියනවා එක එක කාරණය පිළිබඳව, සංඛාර පිළිබඳ, විඤ්ඤාණ පිළිබඳ, නාම-රූප පිළිබඳ, සළායතන පිළිබඳ, කාරණා දොළහෙන් අවිද්‍යාව සියල්ලටම පොදුයි, අවිද්‍යා සහගත නිසා. ඒ කාරණා එකොළහටම, ඔය විදිහට නුවණ හතක් පහලවෙනවා එකකට, නුවණ හත ගානෙ. නුවණ හැත්තෑ හතක් පහලවෙනවා.
මේ සංඛාරයන්, මේ සංඛාර ගොඩනැඟෙන්නෙ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, අවිද්‍යාව නිරෝධ කරපුදාට මේ සංඛාර නිරෝධයි. අවිද්‍යාව නිරෝධ කරන්න නම් මේ යථාර්තය දකින්න ඕනෙ, මේ විදිහට. පෙර යම් කෙනෙක් සංඛාර නිරෝධ කළා නම් මේ විදිහටම සංඛාර ගැන දැකලයි නිරෝධ කළේ. මතු යම් කෙනෙක් සංඛාර නිරෝධ කරනවා නම් මේ ක්‍රමයට මයි නිරෝධ කරන්නෙ. මේ පිළිබඳව වැටහෙන නුවණක් තිබුණත් උද්දාමයට වටිනා එකක් නෙමෙයි, ඒ නුවණත් ඒ විදිහටම නැතිවෙලා යනවා. එහෙනම් මට ඒ නුවණෙන් වත් මට උද්දාම වෙන්න දෙයක් නෑ. ඔන්න සංඛාර පිළිබඳව ඥාන හත.
යම් හිතක් පහලවෙලා, “මට හිතෙනවා මෙහෙම කරගෙන ඉන්න, මට හිතෙනවා මෙහෙම කරගෙන ඉන්න, අනේ මත හරී බලාපොරොත්තුවක් තියෙනවා මේ ගේ හදාගන්න…” අන්න විඤ්ඤාණයක් පහලවෙනවා. අන්න විඤ්ඤාණයක හැටි දැක්කා. මේ විඤ්ඤාණය හටගත්තෙ කොහොමද? අවිද්‍යාව නිසා සංඛාර ගොඩනඟාගෙන, ගෙයක් හොඳයි කියලා නිගමනයක් කරගෙන, බලාපොරොත්තු වෙනවා. සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ හැදෙනවා. “ඔය සංඛාරය නොතිබුණා නම් ඔය හිත එන්නෙ නෑ නෙ, විඤ්ඤාණ නිරෝධයි නෙ…” ඒක දකිනවා. “ඕක මාර්ගය නම්, මේකෙ යථාර්තය දකින්න එපැයි මේ විදිහට…” ඒකත් දකිනවා. දකිනකොට අත්හැරී, නොඇලී, මිදී යනවා. එතකොට දකිනවා, අතීතයේ යම් කෙනෙක් විඤ්ඤාණ දැකලා මේ විදිහට අවිද්‍යාව නිරෝධ කළා නම් මේ ක්‍රමය මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි. මතු අනාගතයේ යම් කෙනෙක් සංඛාර නිරෝධ කරනවා නම් මේ ක්‍රමයට දැකලා නිරෝධ කරනවා මිසක් වෙන ක්‍රමයකින් නෙමෙයි, දැං මේ වර්තමානයේ එතකොට මෙබඳු වන්නාවූ නුවණක් මට පහලවුනා නම්, ඒකත් ගෙවිලා යනවා, ඒකෙත් මට අල්ලන්න දෙයක් නෑ. සංඛාර පිළිබඳ ඥාන හතක් පහලවෙනවා.
ඔය විදිහට විඤ්ඤාණ, නාම-රූප ආදී එකොළහක් යනකන් පහලවෙනවා හත-හත, ඥාන හැත්තෑ හතක් පහලවෙනවා. ඔය “හැත්තෑ හතක් ඥාන දර්ශනය” පටිච්ච සමුප්පාදයේ යම් කෙනෙක් දකීද, ඔහුට ගුරුවරයෙක් ඕනෙ නෑ නිවන් දකින්න, ඔහු සෝතාපන්නයි. දේශනාවෙ පැහැදිලිව පෙන්වලා තියෙනවා. එයා සෝතාපන්නයි, දහම් ඇස පහලවෙලා තියෙන්නෙ, එයාට තව ගුරුවරයෙක් අවශ්‍යය නෑ දහම් කියාදෙන්න. එයාට තනිව ජීවත්වෙලා නිවන් දකින්න පුලුවන්. ඊටපස්සෙ බණ අහන්න දේකුත් නෑ.
ඔච්චර පැහැදිලිව පෙන්වලා තියෙනවා දහම් බලන න්‍යාය. (ශ්‍රාවකයෙක් ප්‍රශ්නයක් අසයි, ප්‍රශ්නය පැහැදිලිව නොඇසේ. ස්වාමීන් වහන්සේ): ඔවු ඔවු, වැඩෙන තරම් ධර්මය දකින්න ඕනෙ. ධර්මය දකින්න පටිච්ච සමුප්පාදය වැඩෙන තරම්. පටිච්ච සමුප්පාදය තමයි නිතරම භාවනා කරන්න ඕනෙ. ඒක තමයි ධර්ම භාවනාව. “ධම්මානුස්සතිය” කිවුවෙ ඒකයි, ධර්මයට වැඳ වැඳ ඉන්න එක නෙමෙයි, ධර්මය සිහිකරන එක. ධර්මය සිහිකරනවා කියන්නෙ පටිච්ච සමුප්පාදය සිහිකරනවා. පටිච්ච සමුප්පාදය සිහිකළොත් ධර්මය සිහිවෙනවා, ධර්මාවබෝධය ලැබෙනවා. ධර්මාවබෝධය ලැබුණහම දහම් ඇස පහලවෙනවා, දහම් දකින නුවණ පහලවෙනවා.
ඉතින් පටිච්ච සමුප්පාදය නිතරෝම භාවිතාවට ගන්න ඕනෙ. ඒ වුනත් දැන් තියෙන්නෙ අවිද්‍යා, සංඛාර වෙන භවයක, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ස්ඵර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති මේ භවයට, ජරා-මරණ මතු භවයකට. භව තුනකට දාලා තියෙන්නෙ. පෙර භවයෙ එකක් කළා, මේ භවයෙ උපන්නා, මතු භවයෙ මළා. දැන් ඒකෙ පටිච්ච සමුප්පාදයක් තියෙනවද? පටිච්ච සමුප්පාදය මොහොතක් පාසා ක්‍රියාත්මක වෙනවා, සැම සම්මතයකටම ක්‍රියාත්මකයි. සම්මත තියෙනවා, බොහෝ කල් පවතින, විසාල කාල සීමාවක සම්මත තියෙනවා, ඇහි පිය ගහන මොහොතක් නොපවතින සම්මත තියෙනවා, සම්මත වල නම් ස්වභාව තියෙනවා. යම් නමකින් යම් සම්මතයක් විද්‍යාමාන කළා නම්, ඒ සම්මතය පටිච්ච සමුප්පන්නයි. ඒක පටිච්ච සමුප්පාදයෙන් විග්‍රහ කළ හැකියි.
(ශ්‍රාවක මහතෙක් ප්‍රශ්නයක් අසයි. ප්‍රශ්නය පැහැදිලිව නොඇසේ. ස්වාමීන් වහන්සේ): ඒකම තමයි බලන්නෙ, ඒ ටිකමයි. අපි දැන් ඔහොම පාලිය ගත්තත් ඉතින් ඒ ඔය ටිකම තමයි. සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ඔය තියෙන්නෙ. (ශ්‍රාවකයෙක් එකඟ වෙමින් යමක් පවසයි, ස්වාමීන් වහන්සේ): අන්න ඒ වගේ, ඔක්කොම ලැබෙනවා. එකක් කරනකොට සතර සතිපට්ඨානයක් පූර්ණය වෙනවා, සතර සම්‍යක් ප්‍රධාන ලැබෙනවා, සතර සෘද්ධි පාදත් ලැබෙනවා, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත් තිස් බෝධිපාක්ෂික ධර්ම ඔතන වැඩෙනවා. ඔය තුළින් නිවන් දකිනවා මිසක්, ඔය ටික අයින් කරලා නිවන් දකින්න ක්‍රමයක් නෑ. සෘද්ධි බල මාර්ගයත් ඕකයි, අභිඥා මාර්ගයත් ඕකයි, චතුරාර්ය සත්‍යය අවබෝධ කරන අරිහත් මාර්ගයත් ඕකයි, තව මාර්ගයක් නෑ. ඔක්කොටම මාර්ගය ඔච්චරයි.
සතර සතිපට්ඨානය වැඩුවා නම් ඒත් ඔය ටික ලැබෙනවා. එකින් එකට කොහොම කළත් එහෙමයි. තුනක් වැඩීමෙන් හතරක් වැඩෙනවා. හතරක් වැඩීමෙන් අටක් වැඩෙනවා, අටක් වැඩීමෙන් හතක් වැඩෙනවා, හතක් වැඩීමෙන් පූර්ණ වෙනවා, විද්‍යා විමුක්තියට පත්වෙනවා. “ඉන්ද්‍රිය සංවරය” නැමැති එකක් වැඩීමෙන් “සීල සුචරිතය” නැමැති තුනක් වැඩෙනවා. සීල සුචරිතය නැමැති තුනක් වැඩීමෙන් “සතර සතිපට්ඨානය” නැමැති හතර වැඩෙනවා. සතර සතිපට්ඨානය යන හතර වැඩීමෙන් “ආර්ය අෂ්ටාංගික මාර්ගය” නැමැති අට වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති අට වැඩීමෙන් “සප්ත බොජ්ඣංග” නැමැති හත වැඩෙනවා. සප්ත බොජ්ඣංග නැමැති හත වැඩීමෙන් “විද්‍යා-විමුක්ති” පූර්ණය කිරීමේදි අරිහත්වය ලැබෙනවා. ඔහොමත් විසඳනවා…
~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මාහිමිපාණන් වහන්සේ ~
දේශනාව උපුටා ගන්නා ලද්දේ : https://www.waharaka.com/listen/CD004-04