Tag: අනත්ථානුපස්සනාව

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – තෙවන කොටස

“මේ ධර්මය ඔබලාට මම කියා දුන්නේ න්‍යාය ධර්මයක්. ඥාණ ගෝචර ධර්මයක්….ඕගොල්ලා මේක තේරුම් ගත්තාට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා ද?” “නෑ ස්වාමීනි, ඒක ඇත්ත බව දැන් වැටහිච්චි හිංදා” “දැන් මෙයින් එහාට…..

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – දෙවන කොටස

මෙන්න මේ “මම”, නිච්චෝ – කවදාවත් පෙළන්න බෑ! නිච්චෝ කිවුවේ පෙලන්න බෑ කියන එක. අනිච්චෝ කිවුවේ පෙලනවා. නිච්චෝ කියන්නේ පෙලන්න බෑ! භගවත් ගීතාවලියේ ඔය පෙලන්න බැරි කතාව පෙන්වන්නේ, “එම්බා ආත්මය, කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා සේ තොප කයක් හැර කයක් තනන්නේ ය!”

අනත්ථතිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම අනත්ථ විග්‍රහය – පළමු කොටස

අනිච්චානුපස්සනාවත් දුක්ඛානුපස්සනාවත් අනත්ථානුපස්සනාවත් කියන මේ කාරණා තුනට ම අනුපස්සනා කරනවා කියන වචනයත් ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. අනුපස්සනා කරනවා කියන්නේ, අනිච්ච, දුක්ඛ, අනත්ථ, අසුබ කියන ටිකෙන් බලනවා. නිච්ච, සුඛ, අත්ථ, සුබ කියන මේ ටිකෙන් බලන්න ගියොත් එහෙම අනුපස්සනාව වෙන්නේ නෑ!

තිලකුණතිලකුණ දැනගමුමූලික දේශනාවිදර්ශනාව

තථාගත දේශනාවට අනුව ම දුක්ඛ විග්‍රහය – දෙවන කොටස

දුක්ඛානුපස්සනාව කියන්නේ මොකද්ද? එතන පෙන්වපු දුක මොකද්ද? අන්න එතන විග්‍රහ කරනවා සැරියුත් මහ රහතන් වහන්සේ දුක, “අනිච්චං ඛයට්ඨේන, දුක්ඛං භයට්ඨේන” කියලා. “භය අර්ථයෙන් දුක” කියනවා. එතකොට, මොකද්ද ඒ භය අර්ථය කියලා කිවුවේ? යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය මේ විදිහට අහනකොට, “අනේ, මේ ප්‍රියයි – මනාපයි – යහපතයි!” කියන කර්ම බීජය ගොඩනඟන මේ ආස්වාද මායාවට ඡන්ද රාගයෙන් බැඳුනොත්, මේ එකොලොස් ගින්නක් ගොඩ නැඟි – නැඟී අනන්ත දුක් විඳිනවා වාගේ, ඔය කාමච්ඡන්දාදී නීවරණත් ගොඩනැඟෙනවා මත් වෙලා ඒ කාමයන් ගෙන්. එතකොට, දස අකුසල් කෙරුණහම අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් ගෙවලා ඉවර කරන්න බැරි, සතර අපායේ උපදින්න කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරගත්ත ලෝක සත්ත්වයා නිරයේ උපන්නොත්, අනන්ත ගිණි වලින් දැවෙනවා – පිච්චෙනවා අප්‍රමානව! කොයි කාලයක්, අවුරුදු කෝටි – ප්‍රකෝටි ගණන් දැවෙන්න වෙනවා, බලවත් පාප කර්ම කරගත්තොත්.

උපමාවක් අරන් බැලුවොත්, යම් කිසි මනුස්සයෙක් මාලු අල්ලන්න යනවා, මාලු අල්ලන මනුස්සයෙක්. එයා මොකද කරන්නේ? මාලු අල්ලන්න අවශ්‍යය කරන – බිලී බාන්න යනවා නම්, බිලී පිත්තක්, ඒකේ ගැට ගහන රැහැනක්, ඒකේ අග ගහන බිලී කොක්කක්….