Tag: විශුද්ධි මාර්ගය – බුද්ධඝෝෂ හිමි

68 සංයුක්ත තැටියඅනත්ථඅනිච්ච

මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම

“පෙටෙකොපදෙසය” කියන්නේ බොහොම පැරණි අටුවා ග්‍රන්ථයක්. අතීතයේ “හෙළ අටුවා” කාලේ තිබිච්ච, පරිවර්තනය කරනකොට අහුවෙලා නැති ඒවා. අර කුරුන්දි අට්ටකතා, මහා අට්ටකතා ආදී ඒවා තමයි පරිවර්තනය කරලා, ඒ පොතක් ඇහැටවත් දකින්න නැත්තේ. නමුත් මේ පොත් තුනක් තවම ඉතිරි වෙලා තියෙනවා කොහොමහරි, පටිසම්භිධාමග්ගප්‍රකරණයයි, නෙත්තිප්‍රකරණයයි, පෙටෙකොපදෙසේයයි. එතකොට ඒ ටිකේ තියෙනවා විවිධාකාර අර්ථ විග්‍රහ කරලා. මේ ත්‍රිලක්ෂණයට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඒවාගෙන් අපිට හුගක් බලාගන්න ආධාර වෙනවා.

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…

01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 2 කොටස

ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. මේ අන්ත දෙකට නොබැස මාධ්‍යය තුළින් තථාගතයන් වහන්සේ යථාවබෝධය ලැබුවා. “අනාත්ම” නෙමෙයි “අනත්ථ” – අනත්ථ වචනේ! අනත්ථ කියන්නේ?…