සම්බුද්ධ ශාසනයක් කෙතරම් දුර්ලභ ද?

අසිරිමත් බුදු සසුන

බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලයේ විතරක් නෙමෙයි, මේ කාලයේ විතරක් නෙමෙයි, තව අවුරුදු දහස් ගාණක්, ලක්ෂ – කෝටි ගාණක් ගිහිල්ලත්, තව එහාට බැලුවත්, අනාගාමී පුද්ගලයෝ ශුද්ධාවාස බඹ ලොව ඉන්නවා.

ලක්ෂ කෝටි ගාණක් නෙමෙයි, අපේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී නූපන්න, නොගිය ස්ථාන පහක් තිබුණායි කියලා පෙන්වනවා. පාරමිතා පුරන, සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු කාලේ වත් ගියේ නැති, උපන්නේ නැති ලෝක පහක් තිබුණා, මේ එක් තිස් තලය තුළ.

නැත්නම්, මේ සක්වළකට අයිති එක්තිස් තලයක් තුළ ලෝක පහක ඉපදිලා නෑ! සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු මහ බෝසතාණන් වහන්සේ ඉපදිලා නෑ, ඒ කාලේ. අනිත් කාලේ කොහොමත් ඉපදිලා නෑ, ඒකාලෙත් නෑ!

ලොවුතුරා බුද්ධත්වයට පත් වෙලා, නූපන්, නොගිය ඒ ලෝක පහට වැඩියා සෘද්ධියෙන්. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අඛණිට්ඨ කියන්නේ පංච ශුද්ධාවාස. ඔය අනාගාමී වෙච්චි අය, අනාගාමී ඵලය ලැබූ අය මෙහෙන් චුත වෙලා, ඔය ශ්‍රද්ධාධික, වීර්යාධික, සති අධික, සමාධි අධික, ප්‍රඥා අධික කියන මේ ඉන්ද්‍රිය නානත්වය අනුව, තමන්ට ගැලපෙන ඉන්ද්‍රිය, මෝරපු ඉන්ද්‍රිය මට්ටමෙන් ඊට ගැලපෙන, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අඛණිට්ඨ කියන මෙන්න මේ ලෝක පහෙන් කෝකේ හරි උපදිනවා. ඒක අයිති වෙන්නේ ශුද්ධ සත්ත්වයින්ට හෙවත්, ඒ අනාගාමී වෙච්ච ඒ අයට විතරයි! අනික් අයට ඒකේ උපදින්ට බෑ, අනික් අයට යන්ඩත් බෑ! එහි තියෙන විශේෂත්වයක්.

ඒකට යන්න පුළුවන්, අනාගාමී වෙච්ච, මනෝමය සෘද්ධි තියෙන අයට, එහෙම නැත්තම් අරිහතුන් වහන්සේලාට, සෘද්ධි බල තියෙන. එහෙම අයට ගිහෑකි, සෘද්ධියෙන්.

මෙවෙලෙදි බුදු පියාණන් වහන්සේ, ඔය අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, ඔය ලෝකයෙන් ලෝකයට ගිහිල්ලා, ඒ බ්‍රහ්මයෝ මුණගැහිලා, ඒ බ්‍රහ්මයෝ සමඟ කතා බහ කරලා, අකණිටා බඹ ලොවට ගිය වෙලාවේ ඒ අය කියනවා, “ස්වාමීනි, අපි හත් වෙනි වතාවටත් බුදු පියාණන් වහන්සේ නමක් දැක්කා! අද මේ දැක්කේ ඔබ වහන්සේ හත් වෙනි වතාවට. මීට ඉස්සෙල්ලත් අපි හය නමක් දැකලා තියෙනවා. ඔබවහන්සේට ඉස්සෙල්ලත් කාශ්‍යප කියලා බුදු පියාණන් වහන්සේ නමක් ට අපි නමස්කාර කළා. උන්වහන්සේටත් ඉස්සෙල්ලා හිටියා කෝණාගමන කියලා බුදු පියාණන් වහන්සේ නමක්, උන්වහන්සේත් වැඩියා. උන්වහන්සේටත් අපි නමස්කාර කළා, ගරු කළා. ඊටස් ඉස්සර හිටියා කකුසඳ කියලා බුදු පියාණන් වහන්සේ නමක්. උන්වහන්සේත් වැඩලා තියෙනවා. අපි උන්වහන්සේත් දැක්කා, නමස්කාර කළා, ගරු කළා. ස්වාමීනි, මීට කල්ප තිස් ගාණකට ඉස්සර වෙස්සභූ කියලා බුදුන් වහන්සේ නමක් වැඩියා. අපි උන්වහන්සේත් දැකලා තියෙනවා, ගරු කරලා, නමස්කාර කරලා තියෙනවා. ඊටත් ඉස්සර සිඛී කියලා බුදුන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේටත් ගරු කරලා, නමස්කාර කරලා තියෙනවා. ඊටත් පෙර විපස්සී කියලා බුදුන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේටත් අපි ගරු කරලා, නමස්කාර කරලා තියෙනවාකියලා. සත්බුදු පියාණන් වහන්සේලා ගැන විස්තරයක් පෙන්වනවා.

එහෙනම්, විපස්සී නැමැති බුදු පියාණන් වහන්සේ දැනට බුද්ධාන්තර හතකට ඉස්සෙල්ලා, බුද්ධාන්තර නෙමෙයි, බුදු වරයන් වහන්සේලා මීට හත් වෙනි බුදු පියාණන් වහන්සේ මීට මුලදී, යනකන් දැකපු බ්‍රහ්මයෝ අදත් ඉන්නවා. මේ අවුරුදු සීයක්, දෙසීයක නෙමෙයි!

ඒ ලෝක වල ස්වභාවය එහෙමයි. අවුරුදු මහා කල්ප වලින් බැලුවොත් එහෙම කල්ප දහස් ගණන් ආයුෂයි. එච්චර ම ආයුෂ තියෙන ලෝක.

ඉතින්, ඒකේදී දකින්න තියෙන වැදගත් දෙයක් තියෙනවා. අර අපි ඉස්සෙල්ලා මුලදී කිවුවා බුද්ධාන්තරයක දුර්ලභ බව කොච්චරද කියලා. ඉතින්, ඔච්චර කල්ප දහස් ගාණක් ඉන්න ලෝකෙක වත්, උන්වහන්සේලා දැකලා තියෙන්නේ බුදු වරු හත් නමයි!

ඒ හිටපු අනාගාමී බ්‍රහ්ම දේවතාවෝ, ඒගොල්ලෝ උපන් කාලෙක වත් තව බුදු වරයෙක් පහල වෙලා නෑ නේ, මොන තරම් දුර්ලභ ද?

~ අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ~

Source : https://www.facebook.com/waharakatemple/videos/296098071183833/