Category: අසිරිමත් බුදු සසුන

04 සං‍යුක්ත තැටියඅසිරිමත් බුදු සසුනමූලික දේශනාසූ විසි මහා ගුණ

බුදු රැස්, නව ගුණ ගාථාව, බුදු සරණ සහ දේව වන්දනාව

මුළ යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්වාකාරයෙන් පරිපූර්ණ දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා නම්, ඒ දහම ඒ විදිහට ම නම් හඬ නැඟුවේ, ඒ විදිහට ම නම් ප්‍රකාශ කළේ, ඒ විදිහට ම නම් පද වෙන් කළේ, ඒ විදිහට ම නම් භාවිතා කළේ, ඒ විදිහෙම ප්‍රතිඵලයක් මතුවෙන්න ඕනෙ.

03 සං‍යුක්ත තැටියඅසිරිමත් බුදු සසුනමූලික දේශනාසූ විසි මහා ගුණ

අසීමිත බුදු ගුණයෙන් නිවැරදිව නවගුණ බල වඩමු

ඉතින් මෙසේ අර්ථ කරන්න ගියොත් එහෙම, අපිට කරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්න පුලුවන්. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වත් විස්තර කරන්න බැරි එකක් අපිට තත්පර ගානෙන් විස්තර කරලා ඉවර කරන්න පුලුවන්ද? ඒ නිසා මේ බුදු ගුණ ගාථාව ගුණ නමය වෙන් වෙන්න, ඔය කියන විදිහට හෙමින් හෝ වේගයෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වඩලා එහෙම හුරු කරගන්න ඕනෙ. මේක උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගන්න එකක්. චතුරාර්ය සත්‍යය පිළිබඳ දහම් අහලා, නිවනට මාර්ගය පාදාගන්න ඕනෙ. ආරක්ෂාවක් වශයෙන් අර බුදු ගුණ සිහි කරගත්තහම ඇති.

උපක්‍රමයෙන් කිළිටි හිත පිරිසිදු කරනවා කිවුව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි කිරි වවුලො 500 ක්, මුවෝ 500 ක්, මෙහෙම බණ අහලා, එතෙනින් මැරිලා ඇවිදිල්ලා මනුස්සයෝ වෙලා උපන්නා කියලා අපේ ධර්මයේ තියෙනව නේ, අන්න ඒ තියෙන්න හේතුව ඒකයි.

“මණ්ඩුක” දිව්‍ය පුත්‍රයා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ, උන්වහන්සේගේ ශබ්දය අහලා, අර ගොපළු කොළුවා ගේ කෝටුවට හිරවෙලා මැරිලා, එවෙලෙම දෙවියෙක් වෙලා ඉපදිලා, ඒ ඉතුරු බණ අහන්න ම දේව අත්බැවයෙන් අහලා, සෝවාන් ඵලයට පත්වෙලා ගියා කියලත් තියෙනවා

අසිරිමත් බුදු සසුනසදහම් සාකච්චා 1

අරිහතුන් වහන්සේ පිරිනිවීම හා අන්තරා පරිනිබ්භායී අවස්ථා

දැන් උප්පත්ති පටිලාභී සංයෝජනත් ඉවරයි. භව පටිලාභී සංයෝජන ඉතුරු යන්න තියෙන භවේ යනවා අවසාන වෙනකල්. තව භවයක් හටගන්නේ උප්පත්ති තිබුනොත්නේ. නව භවයක් ඇති කරන්නේ නෑ. ඒ භවයේ අවසානයට ගියා, නමුත් අන්තිම තිත තව ඉතුරු වුනේ, අවිද්‍යා මාත්‍රය. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රයට සසර පවත්වන්න බෑ. අන්න ඒ නිසා අසංඛාර නෑ. සසංඛාර පරිනිබ්බායී වෙනවා, සංඛාර සහිතව පිරිනිවීම.

සසංඛාර පරිනිබ්බායී කියන්නේ ඒකයි. ඒ කියන්නේ ප්‍රඥාව පුර්ණම වෙලා නෑ. අරිහත් ඵලය ලබලා නෑ. ඒ යන්න විදිහක් නෑනේ ඉන් එහාට භවයේ. කොහොම යන්නද? දැන් මේ ගෙනිච්ච එකත් ඉවරයි. හැබැයි ඉවර කලාට අවිද්‍යාවේ මාත්‍රයක් තියෙනවා. හැබැයි ඒ අවිද්‍යා මාත්‍රය තිබුණත්, ගෙනාපු එක එහාට ගෙනියන්න තව ඇත්තෙත් නෑ, ඉඩ. එතකොට එහෙනම් භවය උප්පත්ති පටිලාභී වුනොත් තමයි පුනර්භවයක් එන්නේ. පුනර්භවයක් එන්න ඉඩක් නෑ, තිබුණු භවයත් ඉවරයි. දැන් අවසාන මොහොත එනකොට අවසාන මොහොතේ අවිද්‍යාව ඉවරවෙලත් නෑ. දැන් මොකද කරන්නේ? එතනින් එහාට එයාට යන්න විදිහක් නෑ, සසංඛාර පරිනිබ්බායී! සංඛාර මාත්‍රය තියෙනවා, අන්තිම චුති චිත්තයට යනකොටත්. හැබැයි පටිසන්ධියක් ගන්න තරම් චිත්තයක් හටගන්නා තරමට බලය නෑ. එහෙනම් චුති චිත්තයෙන් ඉවරයි. එත් ගමන ඉවරයි. අන්න ඒක තමයි සසංඛාර පරිනිබ්බායී.

අසිරිමත් බුදු සසුන

සම්බුද්ධ ශාසනයක් කෙතරම් දුර්ලභ ද?

මෙවෙලෙදි බුදු පියාණන් වහන්සේ, ඔය අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, ඔය ලෝකයෙන් ලෝකයට ගිහිල්ලා, ඒ බ්‍රහ්මයෝ මුණගැහිලා, ඒ බ්‍රහ්මයෝ සමඟ කතා බහ කරලා, අකණිටා බඹ ලොවට ගිය වෙලාවේ ඒ අය කියනවා, “ස්වාමීනි, අපි හත් වෙනි වතාවටත් බුදු පියාණන් වහන්සේ නමක් දැක්කා! අද මේ දැක්කේ ඔබ වහන්සේ හත් වෙනි වතාවට. මීට ඉස්සෙල්ලත් අපි හය නමක් දැකලා තියෙනවා. ඔබවහන්සේට ඉස්සෙල්ලත් කාශ්‍යප කියලා බුදු පියාණන් වහන්සේ නමක් ට අපි නමස්කාර කළා. උන්වහන්සේටත් ඉස්සෙල්ලා හිටියා කෝණාගමන කියලා බුදු පියාණන් වහන්සේ නමක්, උන්වහන්සේත් වැඩියා. උන්වහන්සේටත් අපි නමස්කාර කළා, ගරු කළා. ඊටස් ඉස්සර හිටියා කකුසඳ කියලා බුදු පියාණන් වහන්සේ නමක්. උන්වහන්සේත් වැඩලා තියෙනවා. අපි උන්වහන්සේත් දැක්කා, නමස්කාර කළා, ගරු කළා. ස්වාමීනි, මීට කල්ප තිස් ගාණකට ඉස්සර වෙස්සභූ කියලා බුදුන් වහන්සේ නමක් වැඩියා. අපි උන්වහන්සේත් දැකලා තියෙනවා, ගරු කරලා, නමස්කාර කරලා තියෙනවා. ඊටත් ඉස්සර සිඛී…