Category: සූ විසි මහා ගුණ

04 සං‍යුක්ත තැටියඅසිරිමත් බුදු සසුනමූලික දේශනාසූ විසි මහා ගුණ

බුදු රැස්, නව ගුණ ගාථාව, බුදු සරණ සහ දේව වන්දනාව

මුළ යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්වාකාරයෙන් පරිපූර්ණ දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා නම්, ඒ දහම ඒ විදිහට ම නම් හඬ නැඟුවේ, ඒ විදිහට ම නම් ප්‍රකාශ කළේ, ඒ විදිහට ම නම් පද වෙන් කළේ, ඒ විදිහට ම නම් භාවිතා කළේ, ඒ විදිහෙම ප්‍රතිඵලයක් මතුවෙන්න ඕනෙ.

03 සං‍යුක්ත තැටියඅසිරිමත් බුදු සසුනමූලික දේශනාසූ විසි මහා ගුණ

අසීමිත බුදු ගුණයෙන් නිවැරදිව නවගුණ බල වඩමු

ඉතින් මෙසේ අර්ථ කරන්න ගියොත් එහෙම, අපිට කරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්න පුලුවන්. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වත් විස්තර කරන්න බැරි එකක් අපිට තත්පර ගානෙන් විස්තර කරලා ඉවර කරන්න පුලුවන්ද? ඒ නිසා මේ බුදු ගුණ ගාථාව ගුණ නමය වෙන් වෙන්න, ඔය කියන විදිහට හෙමින් හෝ වේගයෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වඩලා එහෙම හුරු කරගන්න ඕනෙ. මේක උපක්‍රමයෙන් හිත පිරිසිදු කරගන්න එකක්. චතුරාර්ය සත්‍යය පිළිබඳ දහම් අහලා, නිවනට මාර්ගය පාදාගන්න ඕනෙ. ආරක්ෂාවක් වශයෙන් අර බුදු ගුණ සිහි කරගත්තහම ඇති.

උපක්‍රමයෙන් කිළිටි හිත පිරිසිදු කරනවා කිවුව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි කිරි වවුලො 500 ක්, මුවෝ 500 ක්, මෙහෙම බණ අහලා, එතෙනින් මැරිලා ඇවිදිල්ලා මනුස්සයෝ වෙලා උපන්නා කියලා අපේ ධර්මයේ තියෙනව නේ, අන්න ඒ තියෙන්න හේතුව ඒකයි.

“මණ්ඩුක” දිව්‍ය පුත්‍රයා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ, උන්වහන්සේගේ ශබ්දය අහලා, අර ගොපළු කොළුවා ගේ කෝටුවට හිරවෙලා මැරිලා, එවෙලෙම දෙවියෙක් වෙලා ඉපදිලා, ඒ ඉතුරු බණ අහන්න ම දේව අත්බැවයෙන් අහලා, සෝවාන් ඵලයට පත්වෙලා ගියා කියලත් තියෙනවා

03 සං‍යුක්ත තැටියසූ විසි මහා ගුණ

අරිය සඟ ගුණ පූර්ණය කිරීමෙන් සෝතාපන්න වීම

“කෙළෙස් මරුන්ට” හසු නොවෙන්ට යා යුතු මාර්ගය ට “ගුණ” කියනවා. ගුණ 24 ක් තියෙනවා, ඒ ගුණ 24 තුළින් යා යුතු මාර්ගය විග්‍රහ කරලා තේරුම් ගත්තා නම්, අන්න එතන තමයි, මරුගෙ ඇස් වහලා, මාරයාට නොපෙනී, පහසුවෙන්, ලේසියෙන්, ඒ ආර්ය මාර්ගය පූර්ණය කරගන්න තිබෙන උතුම් මාර්ගය.