අනිච්ඡ භාවනාව, අධිගම අන්තර්ධානය, භික්‍ෂුණී පැවිද්ද
දැන් ඔය “අනිත්‍ය භාවනාව” කියන එකයි “අනිච්ඡ භාවනාව” කියන එකයි තෝරගන්න ඕනෙ. ස්ථිර නැති අර්ථයෙන් අපි “අනිත්‍යයි” කියල භාවිතා කරනවා. එතකොට “අනිත්‍ය” කියන වචනෙයි, “අනිච්ඡ” කියන වචනෙයි අදහස් දෙක බලාගන්න ඕනෙ. දැන් මම ඒකයි කිවුවෙ භාෂාව ලියනකොට, භාෂාව අර්ථය කියනකොට පස්සෙ ගත්ත ක්‍රමය අනුව, ආර්ය අර්ථය වැහෙන්න පුලුවන් යම් තැනකදි. ඒක වැහුනද නැද්ද කියල බලාගන්නෙ නුවණින් විමසල මිසක්, අර ගෙනාපු පරම්පරානුගත ක්‍රමයෙ චාරිත්‍රය අනුව නෙමෙයි.