Category: 68 සංයුක්ත තැටිය

68 සංයුක්ත තැටියඅනත්ථඅනිච්ච

මූලික අටුවා වල අනිච්ච විග්‍රහ වී ඇති අන්දම

“පෙටෙකොපදෙසය” කියන්නේ බොහොම පැරණි අටුවා ග්‍රන්ථයක්. අතීතයේ “හෙළ අටුවා” කාලේ තිබිච්ච, පරිවර්තනය කරනකොට අහුවෙලා නැති ඒවා. අර කුරුන්දි අට්ටකතා, මහා අට්ටකතා ආදී ඒවා තමයි පරිවර්තනය කරලා, ඒ පොතක් ඇහැටවත් දකින්න නැත්තේ. නමුත් මේ පොත් තුනක් තවම ඉතිරි වෙලා තියෙනවා කොහොමහරි, පටිසම්භිධාමග්ගප්‍රකරණයයි, නෙත්තිප්‍රකරණයයි, පෙටෙකොපදෙසේයයි. එතකොට ඒ ටිකේ තියෙනවා විවිධාකාර අර්ථ විග්‍රහ කරලා. මේ ත්‍රිලක්ෂණයට අර්ථ විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඒවාගෙන් අපිට හුගක් බලාගන්න ආධාර වෙනවා.