Category: ගාථා / සූත්‍ර විග්‍රහයන්

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

14 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්පටිභාන කවි

රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කවියෙන්…

යහපත පතා මුනි රජිඳුන් එම දානේ
සදහම් ගුණය දෙවමින් යහපත මානේ
යම් දා විසාලා යන පුර එම තානේ
රෝ බිය දුරු කරපු හැටි සිහිවනු ඕනේ

දෙවු බඹ පිරිස් සහ සැම ලොව තුළ ඉන්නා
සැම මහ පිරිස ඒවා ගුණ දකිමින්නා
පවතින දුක් ද දුරුකර සෙත ගෙන දෙන්නා
මහ මුණි රජානන් අනුහස පවසන්නා

17 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

මහා මංගල සූත්‍ර විග්‍රහය

මංගල කියලා හිතා හිටියාට ඒක මංගල වෙලා නෑ! එහෙනම්, බුදුරජාණන් වහන්සේ මංගල්‍යයක් හැටියට පෙන්නුවා නම්, හැබෑ මංගල්‍යය මොකද්ද, කවදා හරි විමුක්තිය ලබා ගත්තා නම්, අන්න හැබෑ මංගල්‍යය ඔහුට සිද්ධ වුනා. නැවත ඔහු දුකට වැටෙන්නේ නෑ! සසර දුකෙනුත් සදහටම නිදහස්! අන්න ඒටික සිද්ධ වුනා නම්, ඔහු ඇසුරු කරලා තියෙන්නේ වැදගත්ම කාරණයකට ඔහුගේ මාර්ගයේ යහපතක්ම සිද්ධ කළා වෙනවා.