Category: 14 සංයුක්ත තැටිය

14 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්පටිභාන කවි

රතන සූත්‍රයේ බල මහිමය සමාධිමය පටිභාන කවියෙන්…

යහපත පතා මුනි රජිඳුන් එම දානේ
සදහම් ගුණය දෙවමින් යහපත මානේ
යම් දා විසාලා යන පුර එම තානේ
රෝ බිය දුරු කරපු හැටි සිහිවනු ඕනේ

දෙවු බඹ පිරිස් සහ සැම ලොව තුළ ඉන්නා
සැම මහ පිරිස ඒවා ගුණ දකිමින්නා
පවතින දුක් ද දුරුකර සෙත ගෙන දෙන්නා
මහ මුණි රජානන් අනුහස පවසන්නා