Tag: ආනාපාන සති

13 සංයුක්ත තැටියමූලික දේශනා

ඉතිහාසය, මනෝමය පූජා, සතිපට්ඨාන වඩන ආනාපානසතිය

“අපදාන පාළිය” නැමැති කොටසෙ තියෙනවා “ථේරාපදාන – ථේරීඅපදාන” කියල කොටසක්. එදා හිටපු මහරහත් බවට පත්වෙච්ච තෙරුණ් වහන්සේලා ඒ ගමන ආරම්භ කරන්න මේ සසරෙදි යොදාගත්ත ක්‍රමය…. “සක්මන් කරන මළුවකට වැලි ටිකක් ගෙනත් දාලා, එල්ලලා තිබිච්චි බුද්ධ චීවරයකට නමස්කාර කරලා ගිහිල්ලත්, ඒ පිනෙන් සසර කෙළවර විමුක්ති ලාභියෙක් වුනා මම” කියලා අපදාන පාළියෙ ඕනෙතරම් කතා තියෙනවා.

13 සංයුක්ත තැටියපිලිසමුපාභාවනා

ස්ත්‍රී පුරුෂ සංඛාර, පටිච්ච සමුප්පාදය, සෝවාන් ලක්ෂණ, ආනාපානසතිය…

ස්ත්‍රී සංඛාරයෙන් ස්ත්‍රීන් උපදිනවා, පුරුෂ සංඛාරයෙන් පුරුෂයො උපදිනවා. මේක පිං – පවු දෙක අනුව වැඩක් කියලා නිගමනය කරන්න පුලුවන් එකක් නෙමෙයි. දැන් දෙවඟනක් වෙන්නෙ පිං කරලා. එතකොට “පවු වලින් ස්ත්‍රීන් වෙනවා” කියල ගත්තහම, පවු කරලා දෙවඟනක් වෙන්න බෑනෙ! පිනක ඵලයක් වශයෙන් උපන්නා නම් එහෙ දෙවඟනන් උපදිනවා. දෙවඟන කියන්නෙ ස්ත්‍රියක්. එහෙනම් මේ පිං – පවු දෙකෙන් හොයන්න ගිහාම මේක ‍තෝරා බේරාගන්න බැරුව යනවා.

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

01 සංයුක්ත තැටියමූලික දේශනාවිදර්ශනාව

අස්සාස දහම්, පස්සාස දහම්, අනන්තර සමනන්තර ප්‍රත්‍යය

“ආනාපානසතිය කියන එක ඕනේම තැනකදි වඩන්න පුලුවන්, යන – එන, කරන – කියන, කතා කරන, කතා නොකරන හැම තැනකදීම පහ කළ යුත්ත දැනගෙන පහ කරනවා, ඇසුරු කළ යුත්ත දැනගෙන ඇසුරු කරනවා.” කුමක් ඇසුරු කළ යුතුද? කුමක් පහ කළ යුතුද? යම්කිසි අවිද්‍යා – තෘෂ්ණා සහගත වැඩපිළිවෙලක් ඇත්ද, පහ කළ යුතුයි!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

ශුද්ධාෂ්ඨක, කරණීය මත්ත සූත්‍රය, ආනාපානසතිය

…මේක ඝනීභවනය වෙනවා, තව අවස්ථාවක්! අන්න ඒකෙන් හටගන්නා ඊලඟ අවස්ථාව ආපෝ ධාතු – තේජෝ ධාතු – වායෝ ධාතු – පඨවි ධාතු කියලා ධාතු බවට ඝනීභවනය වෙනවා. අන්න ඒ ධාතු හතර එක් වීමෙන් තමයි මේ ලෝකේ සත්ත්ව-පුද්ගල-ද්‍රව්‍යය-වස්තු පහල වෙන්නේ!

01 සංයුක්ත තැටියඅභිධර්මයපිලිසමුපාවිදර්ශනාව

චුති, පටිසන්ධි, අන්තරාභව, ගන්ධබ්බ ප්‍රශ්නය

“කතංච භික්ඛවේ ජාති?” මේ සූත්‍ර පිටකයේ විග්‍රහ කරනවා “ජාති!” – “යං තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති, සංජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්දානං පාතුභාවෝ, ආයතනානං පටිලාභෝ – අයං වුච්චති භික්කවේ ජාති!” මහණෙනි, මෙන්න මේකට ජාති කියනවා. දැන් “ජාති” කියන්නේ බුදුරජාණන් වහන්සේ, සංක්ෂිප්ත කරලා මේ ජාති කියලා අපි මේ ලෝක සම්මතයේ කතා කරන වචනය ද?…

01 සංයුක්ත තැටියමූලික දේශනා

ගිහි වතක සිට නිවන් දකින හැටි – 2 කොටස

ඇත යනු එක අන්තයකි, නැත යනු එක අන්තයකි. මේ අන්ත දෙකට නොබැස මාධ්‍යය තුළින් තථාගතයන් වහන්සේ යථාවබෝධය ලැබුවා. “අනාත්ම” නෙමෙයි “අනත්ථ” – අනත්ථ වචනේ! අනත්ථ කියන්නේ?…