Tag: බුදු සරණ හා බුදු පිළිසරණ

13 සංයුක්ත තැටියගාථා / සූත්‍ර විග්‍රහයන්

තාලපුට සූත්‍රය සහ පැන විසඳුම්

ලෝකයා රාගයට ද්වේෂයට, කැමතියි. ඒ නිසා ලෝක සත්වයා ඒකට පෙළඹෙනවා. ඒකට හේතු කාරක ලෝකෙ නිෂ්පාදනය කරල දුන්නොත්, ඒ හේතුවෙන් ඒ ලෝක සත්වයට රාගය, ද්වේෂය හටගන්නවා නම්, ලෝකයා රාගයට දමන, ද්වේෂයට දමන වැඩපිළිවෙලක් යමෙක් කරනවා නම්, ඒක ලෝකෙට අවැඩක්. කොච්චර සුන්දර විදිහට ලෝකයා පිළිගත්තත් ඒක පවක්. ඒකෙ පව වැඩිවෙන්න හේතුවක් වෙනවා “ඒක පවක් නෙමෙයි පිනක්” කියලා යම්කිසි දෘෂ්ටියක් දැම්මනම්, අන්න ඒ මිත්‍යාදෘෂ්ටිය ඊට වඩා බලවත්. ඒ නිසා ඒ මිත්‍යාදෘෂ්ටිගතයාට නිරය හෝ තිරිසන් යෝනිය යන දෙකෙන් එකක් පණවනවා…

හැබැයි එයා ඒකාන්තයෙන්ම ඒකෙන් නිරයට යනවා, තිරිසන් යෝනියට යනවා කියල කිවුවොත්, එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නෑ. නිරයට යෑමට හේතුවෙන පාපකර්මයක් ඔහු කරනවා.
අපි සිංහ හමක් පොරවගන්නවා වගේ තමයි උතුමන්ගෙ චරිතයක් රඟපාන්න අපි එතන ගියොත්. උතුමන්ගේ චරිතයක් වෙස්වළාගෙන රඟපාලා ඒ වෙනුවෙන් පෙනීසිටියොත්, තමන්ට නොගැලපෙනවා නම් ඒකෙදි දෝෂයක් එනවා.

04 සං‍යුක්ත තැටියඅසිරිමත් බුදු සසුනමූලික දේශනාසූ විසි මහා ගුණ

බුදු රැස්, නව ගුණ ගාථාව, බුදු සරණ සහ දේව වන්දනාව

මුළ යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, සර්වාකාරයෙන් පරිපූර්ණ දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා නම්, ඒ දහම ඒ විදිහට ම නම් හඬ නැඟුවේ, ඒ විදිහට ම නම් ප්‍රකාශ කළේ, ඒ විදිහට ම නම් පද වෙන් කළේ, ඒ විදිහට ම නම් භාවිතා කළේ, ඒ විදිහෙම ප්‍රතිඵලයක් මතුවෙන්න ඕනෙ.

01 සංයුක්ත තැටියමූලික දේශනා

නිවනේ නිරෝධ ස්වභාවය, ආර්ය කාන්ත සීලය, අරිය ධ්‍යාන

“ස්වාමීනි, දැනටමත් ඔබවහන්සේ දේශනා නොකරපු දහම් කොටස් දේශනා කළ හැටියට මේ භික්ෂූන් අතර නොයෙක් කථා යනවා, කියවෙනවා. දැනටමත් මෙහෙම විපරීත කරගන්නවා නම්, මතු මේ පශ්චිම ජනතාව ඔබවහන්සේ දේශනා කරපු එක කොහොම සුද්ධ කරලා ගනීද?”
“ගෝතමිය, ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි! යමක් ඇසුරු කරනකොට, යමක් ක්‍රියාත්මක කරනකොට, යමක් කථා කරනකොට, ක්‍රියා කරනකොට, රාගක්ෂය වෙන බව, ද්වේෂ ක්ෂය වෙන බව, මෝහ ක්ෂය වෙන බව, ඒකට හේතු තියෙන බව පේනවා නම්, ඒවා බුද්ධ දේශනා. යමක් ක්‍රියාත්මක කරනකොට රාගක්ෂය වෙන්නේ නැත්නම්, ද්වේෂක්ෂය වෙන්නේ නැත්නම්, මෝහක්ෂය වෙන්නේ නැත්නම්, ඒවා බුද්ධ දේශනා නෙමෙයි! මේකෙන් තෝරාගන්න.”